IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


විනිසුරු අසුනේ සිටියදී නඩුකාරතුමාට නින්ද ගිහින්

ළමා අපචාර සිද්ධියක් පිළිබඳ ඉතා සංවේදී නඩුවක් එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී විභාග කරමින් සිටියදී විනිශ්චයකාරතුමා විනිසුරු අසුනේ නින්දට වැටුණි. ඉන්පසු නඩුවේ සිදුවෙන කිසිදු සාක්ෂියක් අසා දැන ගැනීමට විනිසුරුතුමාට නොහැකිවූ බැවින් නීතිඥ මහතුන්ගේ ඉල්ලීම පරිදි නඩු විභාගය අතරමග නතරකොට නැවතත් නඩුව ආරම්භයේ සිට වෙනත් විනිසුරුතුමෙක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලීමක් කෙරුණි. එකී ඉල්ලීමට ඉඩ ලැබුණි. එකී නඩු විභාගය පිළිබඳ මහත් ආන්දෝලනයක් බි‍්‍රතාන්‍ය තුළ පමණක් නොව වෙනත් රටවල් තුළද ඇතිවිය. සෑම රටකම යුක්තිය පසඳාලීමේ ඉතා වැදගත් කාර්ය භාරයක යෙදී සිටින විනිසුරුතුමන්ලාට වැදගත් මංපෙත් පෙන්වූ මේ නඩු විභාගය සවිස්තරව මෙසේය.

 

 

12-P-4-BB

එංගලන්තය තුළ පමණක් නොව වෙනත් යුරෝපීය රටවලද ළමා අපචාර සිද්ධි ඉතා සංවේදී වෙනවා පමණක් නොව බහුලව අසන්නට සිදුවන ඒවා වේ. එබැවින් මෙවන් කටයුතු අධිකරණය මගින් මර්ධනය කිරීමට රජය විසින් මහත් ආයාසයක් දරනු ලබයි. විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුනක කාලය තුළ බි‍්‍රතාන්‍ය තුළ සිදුව ඇති ළමා අපචාර සිද්ධි බෙහෙවින් වර්ධනය වී ඇති බැවින් බි‍්‍රතාන්‍ය වැසියෝ ඒ පිළිබඳව මහත් අවධානයෙන් පසුවෙති. විශේෂයෙන්ම බී.බී.සී. ආයතනයේ සුප‍්‍රසිද්ධ වැඩසටහන් සම්පාදකයෙකුගේ මරණින් පසු ළමා අපචාර සිද්ධින් පිළිබඳව මහජනයා තුළ විශාල වශයෙන් කටකතා පැතිර යාමට සිදුවිය.


එකී වැඩසටහන් ඉදිරිපත් කරන්නා ළමා අපචාර සිද්ධීන් වලට සම්බන්ධ බවට රට තුළ විවිධ කටකතා පැතිරයාම ආරම්භ වීමත් සමග මහජනයාද ඒ පිළිබඳව දැඩිලෙස අවධානය යොමු කළ හේතුවෙන් ඉහත සඳහන් කළ පරිදි බී.බී.සී. ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නා වටා ගෙතී පැවතුනු විවිධ ළමා අපචාර කටයුතු පිළිබඳ විස්තර කලක් වැසී පැවැති මුත් ඔහුගේ මරණින් පසු එකී විස්තර මතු පිටට පැමිණි අතර ඒ අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකොට අදාළ තැනැත්තාට විරුද්ධව නඩු පවරන ලදී. මේ අනුව ළමා අපචාර කටයුතු මර්ධනය කිරීම පිණිස පොලිසියේ සහ අධිකරණයේ සහාය බෙහෙවින් අවශ්‍ය විය.


එසේ පවරන ලද එක් නඩුවක් විභාග වෙමින් පවතින අතරතුර අපචාරයට ලක්වූ වයස අවුරුදු 13ක් වූ ළමයා සාක්ෂි දෙමින් සිටියදී විනිසුරුතුමා විනිසුරු අසුනේ නින්දට වැටීමේ හේතුවෙන් නඩුව තවදුරටත් විභාග කිරීම අතර මග නතරකොට එකී නඩුව ආරම්භයේ සිට වෙනත් විනිසුරුතුමෙක් ඉදිරිපිට අසා නිම කිරීමට නියම විය. නඩු විභාගයට සහභාගිවූ නීතිඥ මහතුන්ගේ චෝදනාව වූයේ නඩුවේ වැදගත්ම සාක්ෂිකරු වූ අපචාරයට ලක්වූ ළමයාගේ සාක්ෂිය විනිසුරුතුමාට විනිසුරු අසුනේම නින්දයාම හේතුවෙන් සාක්ෂිකරු දුන් සාක්ෂි අසා සාක්ෂිකරු සාක්ෂි දෙන අවස්ථාවේ සාක්ෂි කූඩුව තුළ හැසිරෙන ආකාරය දැක බලා ඒ සියල්ල පසක් කොටගෙන ඔහුට නඩුවේ නියම තීන්දුවක් දීමට අපොහොසත් විය හැකි බවය.


එකී නඩුවේ බලාපොරොත්තු රහිත නොසිතූ විරූ අයුරුන් නඩුව අතර මග කඩා වැටීම පිළිබඳ ප‍්‍රවෘත්තිය එංගලන්තය තුළ පමණක් නොව වෙනත් රටවලටද පුවත්පත් මගින් සහ ටෙලි මාධ්‍ය මගින් මහත් ප‍්‍රචාරයකට භාජන කෙරුණි. එකී පුවත්පත් වල සිරස්තලය වූයේ මෙසේය.

RASAWITHA_04.qxd
”එක්සත් රාජධානියේ ළමා අපචාර නඩුවක් විභාග කරමින් සිටියදී විනිසුරුතුමා නින්දට වැටීමෙන් නඩුව අතර මග කඩා වැටේ. නඩුව වෙනත් විනිසුරුතුමෙකු ඉදිරියට ආරම්භයේ සිට විභාග කිරීමට නියම වේ.”


මේ නඩුව පවරන ලද්දේ ක්විග්ලි නැමැති තැනැත්තෙකු විසින් වයස අවුරුදු දහතුනක් වූ ළමයෙක් අපචාරයේ යොදා ගනිමින් ඔහු සමග කාමුකව හැසිරෙමින් ¥ෂණය කිරීමේ චෝදනාව මත සහ වෙනත් චෝදනා කිහිපයක් මතය. නඩුව පවරන ලද්දේ එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර රජයේ අධිකරණයේදීය. නඩුව විභාග කළ විනිසුරුතුමා පිලිප් කැට්ලන් විය.


මේ නඩුවේ වැදගත් සාක්ෂි ලබාගත හැකි වන්නේ අපචාරයට ලක්වූ බාල වයස්කාර ළමයා ගෙනි. ඔහුගේ සාක්ෂිය පැමිණිල්ලේ නීතිඥ මහතා මගින් නඩුවට ඉදිරිපත්කොට බාල වයස්කාර ළමයාගෙන් හරස් ප‍්‍රශ්න විමසීම විත්තිකාර චූදිතයා වෙනුවෙන් පෙනී සිටි බැරිස්ටර් (අධිනීතිඥ) මහතා විසින් ආරම්භ කරන ලදී.


මෙසේ හරස් ප‍්‍රශ්න විමසමින් සිටි කාල පරාසය තුළ පිලිප් කැට්ලන් විනිසුරුතුමා නිදි කිරමින් නිදා වැටෙමින් සිට තදින්ම නින්දට වැටුණි. එකී ඉරියව්වේ කිසිදු වෙනසක් නොවීය. මේ අයුරින් නඩුවේ වැදගත්ම සාක්ෂිකරුගේ සාක්ෂිය නිශ්ඵල වෙමින් පවතින ස්වරූපයක් පැහැදිලිව පෙන්නුම් කෙරුණි. 


මේ තත්ත්වය තවදුරටත් ඉවසා දරාගත නොහැකිවූ රජයේ නීතිඥතුමා අධිකරණයේදී ප‍්‍රකාශයක් කරමින් මෙතෙක් නඩුව පවත්වාගෙන ගිය ස්වරූපයෙන් තවදුරටත් නඩුව පවත්වාගෙන යාම අපහසු බැවින් නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් නඩුව නැවතත් ආරම්භයේ සිට වෙනත් විනිසුරු තුමෙක් ඉදිරියේ අලූතෙන් ලැයිස්තුගත කරන ලෙසත් කැඳවා ඇති ජූරි සභාවද විසුරුවා හරින ලෙසත් ප‍්‍රකාශයට පත් කළේය. ඒ අවස්ථාව දක්වා නඩු විභාගය සඳහා වූ පවුම් 10,000ක මුදල් වැය කිරීමට රජයට සිදුවූ බවද, රජයේ නීතිඥවරයා විසින් පෙන්වා දෙන ලදී. තවදුරටත් කරුණු පැහැදිලි කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥවරයා රජය විසින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන අනුව 2014 මාර්තු මාසය අවසානය දක්වා වන දොළොස් මාසයක කාලය තුළ මහා බි‍්‍රතාන්‍යයේ එංගලන්තයේ හා වේල්ස් ප‍්‍රාන්තවල පමණක් ලිංගික අපරාධවල සියයට විස්සක පමණ වර්ධනයක් ඇතිවී ඇති බව පොලිස් වාර්තා අනුව පෙන්නුම් කොට ඇති බව පෙන්නුම් කර දුන්නේය.

 

RASAWITHA_04.qxd

 


බි‍්‍රතාන්‍යයේ බී.බී.සී. සේවයේ වැඩසටහන් ඉදිරිපත් කළ තැනැත්තා ළමා අපචාර සහ ලිංගික අපරාධ සිද්ධීන් පිළිබඳව වරදකරුවකු බව මේ නඩුව බිඳ වැටීම සම්බන්ධ පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් විශාල වශයෙන් ප‍්‍රචාරයක් මහා බි‍්‍රතාන්‍යය තුළ පමණක් නොව වෙනත් රටවලද විශාල වශයෙන් ප‍්‍රචාරයන් ලැබුණි. එසේ වුවද, මේ නඩුවේදී එළිදැක්වීමට ප‍්‍රධාන වශයෙන් අදහස් කළේ නඩුවේ ස්වභාවය කුමක් වුවත් නඩුව විභාග කරන විනිශ්චයකාරතුමා එසේ විභාග කරන අවස්ථාවේ විනිශ්චය ආසනයේ හැසිරී ඇති ආකාරය පිළිබඳවය.


මෙවන් වැදගත් නඩුවක් විසඳීමට ඉදිරිපත්වන විනිසුරුතුමා මේ අයුරින් හැසිරීම පැහැදිලිවම යුක්තිය පසඳලීම සම්බන්ධයෙන් කෙරෙන මහත් අවතක්සේරුවක් බව පුවත්පත්වල පළකරන ලද ලිපි මගින් පෙන්වා දී ඇත. මෙහිදී නිදාවැටුන විනිසුරුතුමා ප‍්‍රදර්ශනය කරන ලද්දේ ඔහුට අවශ්‍ය වූ ස්වභාවික අවශ්‍යතාවයක් ඉෂ්ඨ කිරීමය. එය කිසිදු නඩුවක සිදු නොවිය යුතුය. එහෙත් මේ අවස්ථාවේ විනිසුරුතුමා නිදා ගනිමින් පෙන්වා දුන් හැසිරීම රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් ආශ‍්‍රිතව විසඳීමට යෙදුන නඩුවකදී සිදුවීම මහත් ශෝචනීය වේ. මේ සිද්ධියෙන් වඩාත් ඇවිස්සී ගියේ විනිසුරුතුමා නඩු විභාග කරමින් සිටියදී විනිසුරු ආසනය මත නිදා ගැනීමට වඩා බි‍්‍රතාන්‍ය තුළ ලැව් ගින්නක් සේ ඇවිලී යන ළමා අපචාර ක‍්‍රියා ලිංගික හිංසනයන් පිළිබඳ විස්තරයි. එය එසේ වූයේ බෙහෙවින්ම ජනමාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය මගිනි.


මෙහිදී වඩාත් සැලකිල්ලට භාජන වූයේ යුක්තිය පසඳලීමට ඉදිරිපත්ව සිටින අභීත මුර සෙබළුන් ස්වකීය උදාර කර්තව්‍යය ඉටු කිරීමේදී මෙසේ විනිසුරු අසුන්වල නිදා වැටෙමින් නිදා ගනිමින් එය ඉෂ්ඨ කිරීමට උත්සහ කළහොත් යුක්තිය ඉෂ්ඨ කරවා ගැනීමට අධිකරණයේ දෙවොලට පැමිණෙන අහිංසක ජනයාට දෙවියන්ගේ පිහිට මිස අන්කිසි සහනයක් නැත. කෙසේ වෙතත් නඩු විභාග අතරතුර විනිසුරුතුමන්ලා නිදිකිරා වැටීම, නිදා ගැනීම අධිකරණවල නිරන්තරයෙන් සිදුවන දෙයක් නොවේ. 


ඉහත දැක්වූ ක්විග්ලි නඩුවේදී නිදා ගැනීමේ සිද්ධියට මෙතරම් ප‍්‍රචාරයක් අත්වූයේ නඩුවට පාදක වූ සිද්ධිය එංගලන්තයේ ආන්දෝලනයක් ඇතිකළ සිද්ධියක් වූ නිසාය. කෙසේ වෙතත් මෙවන් සිදුවීම් අධිකරණය තුළ නිරන්තරයෙන් දක්නට නොලැබුණත් එවැනි සිදුවීම් ලංකාවේ අධිකරණවල බහුලව දක්නට ලැබෙන්නේ නැත යන නිගමනය සපුරා බැහැර කිරීමට නොහැකිය. යුක්තිය පසඳලීම නිසි අයුරින් සිදු කිරීමට ආරක්ෂා කිරීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත්වන නීති සංගම් ඉදිරිපත් වන ආකාරය පැහැදිලි කෙරෙන ක‍්‍රියා මාර්ගයන් මීළඟට පෙන්වීමට අදහස් කරමි. 


ශ්‍රී ලංකාවේ මහේස්ත‍්‍රාත්තුමන්ලා සහ දිසා විනිසුරුතුමන්ලාගේ සමුළුවක් වාර්ෂිකව කොළඹදී පැවැත්වේ. එය සෑම වසර අවසානයේ පවත්වනු ලබන අතර එදින අලූතෙන් නිලධාරි මඩුල්ලක් පත්කරවා ගැනීම සිදුවේ. මේ සමුළුවට සහභාගිවීම පිණිස විනිසුරුතුමන්ලා දින කිහිපයක් නිවාඩුද ලබා ගනිති. තවද එතුමන්ලාට සියලූ විනිසුරුතුමන්ලා හමුවීටද අවස්ථාව ලැබේ. මේ අවස්ථාවේදී විනිසුරුතුමන්ලාගේ පොදු ප‍්‍රශ්න සාකච්ඡුා කෙරෙන අතර අවසානයේදී රැුස්වීමක්ද පැවැත්වේ. එකී රැුස්වීමේදී විනිසුරුතුමන්ලා දැනුවත්වීම පිණිස ඔවුන් ඔවුන්ට වැදගත් වන පොදු කරුණක් මත දේශන පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමෙක් හෝ අභියාචනා විනිසුරුතුමෙක් නැතහොත් දෙදෙනෙක් සභාව ඇමතීමට කැඳවනු ලබයි.


එක් විනිසුරු සමුළුවක් 2012 දෙසැම්බර් මස 22 වැනි දින කොළඹදී පවත්වන ලදී. එදින ඉහත දැක්වූ පරිදි වාර්ෂික රැුස්වීම පවත්වනු ලැබූ අතර, රැුස්වන විනිසුරුතුමන්ලාට වැදගත් වන කරුණක් හෝ කරුණු මත දේශනද පවත්වනු ලැබීය. එදින සම්මේලනයට ප‍්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබ සිටියේ එවකට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ලෙස කටයුතු කළ දැනට උතුරේ ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මැතිතුමාය. ඔහු දීර්ඝ කාලයක් පහළ අධිකරණවල සේවය කොට ක‍්‍රමයෙන් උසස්වීම් ලැබ මේ අවස්ථාව වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර පදවියට පත්ව සිටියේය. 


ඔහු නීති විද්‍යාලයේ මගේ සමකාලිකයෙකු විය. ඒ හැරත් ඔහු නීති ශිෂ්‍ය සංගමයේ සභාපති වශයෙන්ද තේරී පත්ව එවකට නීති ශිෂ්‍යයින් වෙනුවෙන්ද මාහැඟි සේවයක් කළේය. මේ වකාවානුවේ නීති විද්‍යාලයේ සිංහල සංගමයේ සභාපති ලෙස මා තේරී පත්ව එහි කටයුතු කළෙමි. ඔහු සහ මා අතර තද බැඳීමක් තිබුණ අතර මා විසින් ඔහු ඉතා කුලූපගව ඇසුරු කිරීමෙන් ඉතා ආසන්නව දැන හැඳිනීමෙන් ඇසුරු කළෙමි. 


නීති විද්‍යාලය තුළ මෙන්ම එයින් පිටව වෘත්තිකයෙකු වශයෙන් අධිකරණ වලද නීතිඥයෙකු ලෙස කොළඹ අධිකරණවල කටයුතු කරනා අතරතුර පසුකාලීනව විනිසුරුවරයෙකු වශයෙන් අධිකරණ සේවයට බැඳුනි. විග්නේශ්වරන් මැතිතුමා අධිකරණ සේවයට එක්ව ඔහුගේ කැපී පෙනුනු දක්ෂතාවය හේතුවෙන් ක‍්‍රමයෙන් උසස්වීම් ලැබීමේ වකවානුව වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක් ලෙස පත්වීම් ලැබ සිටියේය.


මේ අයුරින් දීර්ඝකාලිනව ඇසුරු කරමින් සිට මා වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කිරීම පිණිස ගාල්ලට පැමිණීමෙන් අනතුරුව අප දෙදෙනාගේ ඇසුර ක‍්‍රමයෙන් අඩුවිය. වෘත්තිකයෙකු ලෙසින්ද විනිසුරුවරයෙක් ලෙසින්ද බෙහෙවින් කුසලතා දැක්වූ කෙනෙක් වූවා පමණක් නොව අභියාචනා අධිකරණයේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේද වැදගත් නඩු තීන්දු රාශියක් සටහන් කළ අයෙක්ද විය.


එදින විනිසුරුතුමන්ලා රැුස්ව සිටියේ යුක්තිය පසඳලීමේදී විනිශ්චයකාරතුමන්ලා සතුවිය යුතු අපක්ෂපාතී බව සහ යුක්තිය පසඳලීමේ දී ඔවුන් සතුවිය යුතු අවංකභාවය, එසේම විනිසුරු තුමෙක් වංක විනිසුරුතුමෙක් වන්නේ කෙසේද යන කරුණ ප‍්‍රධාන වශයෙන් ගෙන තවත්  අනුශංගික කරුණු කිහිපයක් පිළිබඳවය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විග්නේෂ්වරන් මැතිතුමාගේ දේශනය පසුවදී කිරීමට නියමිතව තිබියදී එයට ප‍්‍රථම අභිආයාචනා විනිසුරු ඒ.ඩබ්ලිව්.ඒ. සලාම් මැතිතුමාගේ දේශනය පවත්වන ලදී.


අභිආයාචනා විනිසුරු ඩබ්ලිව්.ඒ. සලාම් මැතිතුමාද විග්නේශ්වරන් මැතිතුමා මෙන් යුක්තිය පසඳලීමේදී ඉතා දීර්ඝකාලීන පළපුරුද්දක් ඇති විනිසුරුතුමෙකි. ඔහු පිළිබඳව මා සතුව ඇත්තේ දීර්ඝකාලීන ඇසුරකි. අධිකරණයේ සේවය ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ සලාම් මැතිතුමා අධිකරණයේ සේවයට ඇතුළත්වීමේදී කටයුතු කරන ලද්දේ ගාල්ලේ අධිකරණ ශාලා මූලිකව ගාලූ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිත වෙනත් අධිකරණ වලය. ඒ කාලසීමාව තුළ ඔහු දක්ෂ නීතිඥවරයෙක් වශයෙන් සේවාදායින්ගේ සිත් දිනා සිටියේය. අධිකරණයේ සේවයට ඇතුළත් වීමෙන් අනතුරුව ඔහු නොබෝ කලකින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාද විය. ඉන් අනතුරුව නොබෝ කලකින් සලාම් මැතිතුමා අභිආයාචනා අධිකරණයේ විනිසුරු තනතුරට පත්විය. 


ඔහුගේ දීර්ඝකාලීන සේවය, පළපුරුද්ද හේතුවෙන් සහ සියලූ අධිකරණවල කටයුතු කිරීමෙන් ලබාගත් පළපුරුද්ද හේතුවෙන්ද විශේෂයෙන්ම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් විනිශ්චයකාර තුමන්ලාගේ පාලනයට හා විනය කටයුතු සම්බන්ධයෙන් ලත් පළපුරුද්ද සලකා බැලීමෙන් පහළ අධිකරණ වල සේවය කරන විනිසුරුතුමන්ලා අමතා දේශනයක් පැවැත්වීමට ඔහු ඉතා සුදුස්සෙක් බවට මනාව හැඟිනි. එබැවින් එදින සම්මේලනය ඇමතීමට ඔහු වඩාත් සුදුසු මාතෘකාව වශයෙන් තෝරා ගන්නා ලද්දේ යුක්තිය පසඳලීමේදී ඉදිරිපත්ව කටයුතු කරන විනිසුරුතුමන්ලා එසේ කිරීමේදී අනුගමනය කළ යුතු හැසිරීම් රටාව කෙසේ විය යුතුද යන්න මාතෘකාව කර ගනිමිනි.


විශේෂයෙන්ම එතුමා ප‍්‍රධාන මාතෘකාව කරගනු ලැබුවේ යුක්තිය පසඳලීමට ඉදිරිපත්වන විනිසුරුතුමන්ලාගේ හැසිරීම පිළිබඳවය. විභාගවන නඩුවකට විනිසුරුතුමන්ලා ස්වකීය සම්පූර්ණ අවධානය යොමු කළ යුතු බව ඔහු ස්වකීය දේශනය ආරම්භ කරමින් පැවසුවේය. කිසියම් නඩුවක් විභාග කරනවිට විනිසුරුතුමා කෙරෙහි විනිශ්චය ශාලාවේ රැස්වන ජනයා ඉතා  ඕනෑකමින් බලා සිටින බවත් එසේ බලා සිටින්නේ විනිසුරුතුමන්ලාගේ අවධානය කෙරෙහි කොතෙක් දුරට යොමුව ඇත්ද යන්න බලා දැක ගැනීම පිණිසය. ඔවුන් අධිකරණය වෙත පැමිණ සිටින්නේ තමා බලාපොරොත්තුව පැමිණ යුක්තිය ඔහුට හිමි වන්නේද යන්න ඇසින් බලා දැන ගැනීමටය. සාක්ෂිකරුවකු සාක්ෂි දෙනවිට විනිසුරුතුමා විනිශ්චය ආසනයේ කිරා වැටෙන්නේ නම් එය බොහෝ විට හාස්‍යයට කරුණක් වන්නේය. බොහෝවිට එසේ කිරා වැටෙමින් සිට විනිසුරුතුමා නිදි කිරා ආසනයේ නිදා ගතහොත් එය යුක්තියේ දෙවොල සම්පූර්ණයෙන් කඩා වැටෙන බව ඔහු රැුස්ව සිටි ප‍්‍රබුද්ධ විනිසුරුතුමන්ලාට පසක් කිරීමට වෙහෙස ගත්තේය.


සලාම් මැතිතුමා තවදුරටත් කරුණු පවසමින් කියා සිටියේ නඩුවක් විභාගවන අවස්ථාවේ විනිසුරුතුමාගේ අවධානය සම්පූර්ණයෙන්ම නඩුව කෙරෙහි ස්ථානගතව තිබිය යුතු බවය. විනිශ්චය ආසනයේ සිටිමින් විනිසුරුතුමෙක් තමාගේ අවධානය අන් අතකට යොමු කළවිට ඒ ඉරියව්ව පැමිණ සිටින සේවාදායකයින්ගෙන් ඉවතට ගත නොහැකිය. සාක්ෂි කූඩුවේ සාක්ෂි දෙමින් සිටින සාක්ෂිකරු ප‍්‍රශ්නවලට උත්තර සපයන ආකාරය වැදගත් ප‍්‍රශ්නවලට පිළිතුරු නොදී වැළකෙන ආකාරය සියල්ල විනිසුරුතුමන්ලා විසින් තදින්ම නිරීක්ෂණය කළ යුතු බව සලාම් මැතිතුමා තදින්ම අවධාරණය කළේය. කාලයක් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් කටයුතු කළ සලාම් මැතිතුමා විනිසුරුතුමන්ලාට විරුද්ධව නීතිඥ මහතුන් විසින් ද නඩුවල සේවාදායකයින් විසින්ද කරන පැමිණිලි විමසා බැලීමේ තද පළපුරුද්දක් ඇත. එකී පළපුරුද්ද පාදක කර ගනිමින් විනිසුරුතුමා මෙසේද පැවසුවේය. 


බොහෝවිට විනිසුරුතුමන්ලාට විරුද්ධව කෙරෙන පැමිණිල්ලක් වනුයේ නඩු විභාග වෙමින් පසුවනවිට විනිශ්චය ආසනයේ නිදි කිරා වැටීම සහ නිදා ගැනීමේ චෝදනාවය. එකී මාතෘකාව යටතේ කතාව ආරම්භ කරමින් සලාම් මැතිතුමා පවසා සිටියේ කිසිදු විනිසුරු තුමෙක් නඩුවක් විභාග කරමින් සිටියදී උවමනාවෙන් නිදා නොගනියි. එහෙත් විවිධ හේතු නිසා විනිසුරුතුමෙක් සමහර අවස්ථාවලදී නොවැළැක්විය හැකි කරුණක් හේතුවෙන් නින්දට වැටෙයි. මෙවන් අවස්ථාවක් වළක්වා ගැනීම සෑම කෙනෙක්ම සෑම උත්සාහයක්ම ගත යුතුය. චාම් ජීවිතයට හා විහිළු කිරීමට බොහෝසෙයින් බර සලාම් මැතිතුමා ඊළඟට මෙසේ පැවසුවේය.


”ඔය නිදාවැටීම බොහෝසෙයින් නොව ඉඳහිට මටද සිදුවෙනවා. කෙසේ වෙතත් එය නඩුවට යොමු කොට ඇති මගේ අවධානය ඇද ගැනීමට තරම් නොවේ. කවදාවත් මගේ අවධානය කිසිසේත් නඩුවෙන් ඉවත් නොවේ. එසේ නිදිබර ගතියක් දැනුනවිට මම එය මා ඉදිරියේ සිටින කිසිවෙකුට දැන ගැනීමට ඉඩ නොතබමි. මම කරන්නේ මම හොඳට අවදියෙන් නඩුවට අවධානය යොමුව සිටින විට මම මගේ දෙඇස පියා උසාවිය දෙසට මුහුණ හරවා ටික වේලාවක් ගත කරනවා. ඒ සුළු කාල සීමාව තුළ මට බොහොමයක් අවධියෙන් නඩුවේ සියලූ සිදුවීම් අසා දැන සිටි බව පෙන්වීමට සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කිහිපයක් අසනවා. එවිට නඩුව අසමින් සිටින සැමට මම නඩුව උවමනාවෙන් අසා සිටි බව පෙන්නුම් කරනවා. මෙය රැුවටීමේ ක‍්‍රියාවක් නොවේ. සිදුවන දේ පිළිබඳව අවධියෙන් සිටි බව පෙන්වීමට යොදා ගන්නා උපක‍්‍රමයක් වේ.


”විනිසුරුතුමන්ලා සෑම උත්සාහයක් ගනු ලබන්නේ නඩු විභාගයේදී සිදුවන සියලූ දේ අසා දැන සැමට යුක්තිය ඉෂ්ඨ කිරීමට උත්සහ ගැනීමයි. එය සමහරවිට සුළු වේලාවකට නිදි භරිතවීමෙන් වැළකී නොයෙන ලෙසට සෑම දෙනාම විසින් වගබලා ගත යුතුය.” බව එතුමා පැවසුවේය.


සිරිත්පරිදි මේ සම්මන්ත‍්‍රණයට අග‍්‍රවිනිශ්චයකාරතුමියද ආරාධනය පරිදි පැමිණ සිටියහ. එතුමිය විනිශ්චයකාර මණ්ඩලයේ ප‍්‍රධානියා වන්නීය. මේ අවස්ථාවේ එතුමියට රසවත් කරුණක් මතක් වී සභාවේ මෙසේ ප‍්‍රකාශ කළාය. ”1867 වසරේදී නීති විශාරද වෝල්ටර් බෙජෝ මෙසේ ප‍්‍රකාශ කොට ඇත. වඩාත් නරක විනිසුරුතුමා අන්ධ විනිසුරුතුමා නොව බීරි විනිසුරුතුමා බවය. නඩු විභාගයේදී නිදා වැටී විනිසුරුතුමාට තමා ඉදිරියේ සිදුවන දේ නොපෙනී ගියත් බීරි විනිසුරුතුමාට සිදුවන දේ පෙනී ගියත් දෙන සාක්ෂිය නොඇසී ගියොත් ඉන් කිසිදු පළක් නොවන්නේය. අපේ රටේ නඩු විභාග කරනවිට නිදා ගන්නා විනිසුරුතුමාට තමා ඉදිරියේ සිදුවන දේ නොපෙනී ගියත් බීරි විනිසුරුතුමාට සිදුවන දේ පෙනී ගියත් දෙන සාක්ෂි නොඇසී ගියොත් ඉන් කිසිදු පලක් නොවන්නේය.”


අපේ රටේ නඩු විභාග කරනවිට නිදා ගන්නා විනිසුරුතුමෙක් බීරි විනිසුරුතුමෙක්ව සිටියහොත් එතුමා අතින් යුක්තිය ඉෂ්ඨ කරවා ගැනීමට පැමිණෙන ජනයාට අධිකරණයේ පිහිට නොලැබේ. දෙවියන්ගේ පිහිට වේවායි එතුමිය පැවසුවාය.


විනිශ්චයකාරතුමන්ලාගේ මේ සමුළුවට නීතිඥ සංගමයේ සභාපතිව සිටි දැනට අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය. මේ වාර්ෂික සමුළුව පවත්වන ලද්දේ 2012 දෙසැම්බර් මස 22 වැනි දින දීය. එයට පසුකාලීනව එනම්, 2014 මාර්තු මස 12 වැනි දින පමණදී මහා බි‍්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් ප‍්‍රාන්තයේ බාල අපචාර නඩුවක් විභාග කරමින් සිටි පිලිප් කැටන් විනිසුරුතුමා නඩුවේ වැදගත්ම සාක්ෂිකරු 13 වසර වයසැති අපචාරයට ලක් වූ ළමයා සාක්ෂි දෙමින් සිටියදී සම්පූර්ණයෙන් නින්දට වැටීම හේතුවෙන් එකී නඩු විභාගය අතරමග කඩා වැටුණි. ඒ පිළිබඳව විස්තරයක් මෙම ලිපියේ මුල සඳහන් කරන ලදී. 

 



අදහස් (0)

විනිසුරු අසුනේ සිටියදී නඩුකාරතුමාට නින්ද ගිහින්

පීරිස් Friday, 18 September 2015 05:08 PM

එහාටත් හයිබ්‍රිඩ් උසාවියක් යෝජනා කරන්න කියමු අපි. (නි)

:       0       0

රූපවතී Friday, 18 September 2015 07:30 PM

වටිනා ලිපියක්. (නි)

:       0       0

රාජේශ් Friday, 18 September 2015 09:59 PM

ලංකාවේ සමහර නඩු වගේම කෙළවරක් නැති එකක් වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3390 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site