බිබිල-අම්පාර මාර්ගය, විල්ගල ඖෂධ වනාන්තරය මැදින් විහිදී ඇත්තේය. කිලෝ මීටර් 35 ක් ගිය තැන, රතුගල හමුවෙයි. වියනේගල, හේලංගල සති දානිගල, රතුගල පාමුල සිට සිව්රැුස දෙස බලනකළ මනාව දිස්වෙයි. ‘‘රතුගල’’ වෙසෙසින්ම කතා බහට ලක්වන්නේ, එයද වැදි ජනාවාසයක් බැවිනි. සුදු ජාතික වෛද්‍යවරයකු වූ ආර්.එල්. ස්පිට්ල් වැදි ජනයා ඉතා ළඟින් ඇසුරුකළ කෙනෙකි. ඔහු සඳහන් කර ඇති පරිදි වසර 70 කට පමණ පෙර දානිගල, නුවරගල, රතුගල, හීනවන්නිය, වාලිබේ යන ප‍්‍රදේශවලද මේ ගෝති‍්‍රක ජනයා විශාල සංඛ්‍යාවක් ජීවත්වී තිබේ. දානිගල පුරා පිහිටි සිය ගණනක් වූ ගල්ගුහා අදටත් ඒ ඉතිහාසයේ නටබුන් ලෙස තිබේ. එවකට ගල්ගුහාවල ජීවත් වූ රැහේ ඇත්තෝ වන සතුන් දඩයමෙන්ද, මී පැණි හා වන පලතුරු ද ආහාරයට ගෙන ජීවත් වී තිබේ. රතුගල වත්මන් වැදි නායකයා දානිගල මහ බණ්ඩාරලාගේ සුදු වන්නියා (46) ගේ මව වන දානිගල මහ බණ්ඩාරලාගේ හීන් මැණිකේ (60) සුදු ශරීර වර්ණයක් ඇති පියකරු කාන්තාවකි. ඇය පවසන අන්දමට ‘‘දානිගල’’ ගල්ගුහාවේ ජීවිතය කුසට ගින්දරක් නොමැති කාලයකි. වෛද්‍ය ස්පිට්ල් තම දෙමව්පියන් ඇසුරුකළ බවත්, ඔහුගේ ඉල්ලීම මත තම මව්පියන්, දානිගල හැරදා රතුගලට පැමිණ පදිංචි වූ බවත් ඇය පවසන්නීය. දානිගල ගල්ගුහාවල ජීවත්වූ පවුල් සංඛ්‍යාව 25 පමණ බව ඇයට මතකය. වසංගත රෝග නිසා එම පවුල්වල සාමාජිකයන් මියැදෙන්නට පටන්ගත්තේය. වෛද්‍ය ‘‘ස්පිට්ල්’’ මහතා ඉතිරි පිරිසට පෙන්වා දී ඇත්තේ පහත්බිමක තිබෙන ‘රතුගල’ පදිංචියට ගියහොත්, වෛද්‍ය ප‍්‍රතිකාර පහසුවෙන් ලබාගත හැකිබවය. ඔහුගේ උදව් ඇතිව රතුගලට පැමිණි තම දෙමව්පියන් ඇතුළු පවුල් කීපයක් මුල්වරට රතුගල පැල්පත් හදාගෙන පදිංචි වූ බවද ඇය පැවසුවේ වයස 10 ක් පමණ තරම් වූ කැකුලියක කාලයේ ඇසූ කතාවල මතකය අවදි කරමිනි. ඇගේ පාරම්පරික පැල්පත ඉදිරියේ අද තම පුත‍්‍රයා වන වැදිනායක සුදුවන්නියාගේ නිවස සිමෙන්ති ගඩොලින් නිමවෙමින් පවතී. එම නායකයා අපේ කතාවට ඇතුවෙයි. ‘‘මම නායකයා උනේ කලින් හිටපු නායක මගේ අප්පිල ඇත්තෝ වන රන්දුනු වන්නියා මිය යාමෙන් පසුවයි. දානිගල ගල්ගුහාවල ඉන්දෙද්දී කෙනෙක් මැරුණම මළකඳ ගල්ගුහාවේ තියෙද්දී වෙනත් ගල් ගුහාවක පදිංචියට ගිහින් තියෙනවා. ඊට පස්සේ හික්ගහේ පොත්තෙන් මිනීපෙට්ටි හඳල මළ සිරුරු ඒ පෙට්ටිවල දා වළදා තියෙනවා. දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් සමහර අය ඒ සිරිත් වෙනස්කරගෙන යනවා. අපේ සාම්ප‍්‍රදායක සිරිත් රැකගැනීම අද නායකයා හැටියට මට තියෙන විශාල අභියෝගයයි. කැලේ ගිහින් දඩයමක් කරගන්න, වන පලතුරු කඩාගන්න, මී පැණි එකතු කරන්න, අරලූ, බුළු, නෙල්ලි හා ඖෂධ පැළෑටි එකතුකරන්න මුලදී තිබූ නිදහස මුළු මනින්ම නැතිවීගෙන යනකොට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය මුණගැහිලා, අපේ ප‍්‍රශ්න ඉදිරිපත් කළාට පස්සේ තරමක සහනයක් ලැබිල තියෙනවා. එතුමාගේ නිල නිවෙසට දෙපාරක් විතර යන්න වාසනාව ලැබුණා. තවත් තුන්පාරක් විතර රැස්වීම්වලට ආපු අවස්ථාවල මුණ ගැහිලා කතා කරලා තියෙනවා. දැන් නම් දඩයම් හැර අනෙක් කටයුතුවලට වන සංරක්‍ෂණ නිලධාරීන්ගෙන් බාධා නැහැ. කොහොම නමුත් අපි වගේම අවට සිංහල ගම්මාන වල අයත් අරළු, බුළු, නෙල්ලි අහුලන්න මී පැණි එකතු කරන්න, බාධාවකින් තොරව මේ වන බිමට යනවා. ඒ නිසා අවසර ඇතත් රැහේ අයට එකතු කරන්න තරම් මී පැණි හා ඖෂධ වර්ග ඉතිරිවෙන්නේ නැහැ. අපේ පවුල් 110 ක් රතුගල ඉන්නවා. හුඟාක් අයට සමෘද්ධි ලැබෙනවා. හැබැයි සමෘද්ධි ගන්න යන බස් ගාස්තු බැලූවම ඒකේ ඉතිරියක් නැහැ. සමහරු කුලී වැඩට යනවා. වගාබිම් අහිමිවීම ලොකුම ප‍්‍රශ්නයක්. වන සංරක්‍ෂණ නිලධාරීන් කැලෑ බිම් ලකුණු කරලා, සීමා දැම්මට පස්සේ හේනක්වත් කරගන්න ඉඩක් නැහැ. වගාවට ඉඩම් ලබාදුන්නොත් ලොකු සහනයක්. හේනක් කරලා, කුරහන් තලපයක් කන්න ඉරිඟු කරලක් කන්න පුළුවන් වෙයි. පානීය ජල ප‍්‍රශ්නය අපේ අයට තියෙනවා. නියඟ කාලෙට බොන්න වතුර ටිකක් ගේන්න බොහොම දුර යන්න ඕනෑ. ඒ වගේම අපේ අයට ලෙඩ රෝග වැඩියි. අපේ කතාබහ අතරේ රුවැති කැකුලියක් අප අතරට ආවාය. ‘‘මේ මගේ බාල දුව සෙනෙහෙලතා.’’ වැදිනායකයා ඇය අපට හඳුන්වා දුන්නේය. මම සෙනෙහලතා දෙසට හැරුණෙමි. ඇය තොරතුරු කීවාය. මගේ වයස 17 යි. 10 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ. ටී.වී. එකේ ටෙලිනාට්‍ය බලන්න හරි ආසයි. රැකියාවක් කරන්න ආස නැද්දැයි මා විමසද්දී ඇය... ආසයි කියා සිනා සී බිම බලාගත්තාය. රතුගල නායකයා යළි කටහඬ අවදි කළේය. ‘‘මගේ ලොකු දුව බැඳලා ඉන්නේ හිටපු හමුදා සෙබළෙක්. ඒ දවස්වල මේ පැත්තේ කොටි කලබල නිසා ආරක්‍ෂක මුරපොළ, මුර සංචාර කි‍්‍රයාත්මක වුණා. දුව යාළු වුණේ එහි සෙබළෙක් සමඟ. දැන් ඒ ගොල්ල මහනුවර පදිංචි වෙලා ඉන්නවා. තවත් තරුණියන් කීපදෙනෙක්ම රැහෙන් පිට පුද්ගලයන් සමඟ දීග කන බවත් වර්තමානයේ ඒවාට තහංචි දැමීමට නොහැකි බවත් ඔහු අවධාරණය කළේය. කැකුලෝ පස් හය දෙනෙක් පිරිවරාගෙන රතුගල නියෝජ්‍ය වැදිනායක දානිගල මහබණ්ඩාරලාගේ විජේ වන්නියා (37) අප සිටි තැනට ආවේය. එම කැකුළන්ගේ නම් වූයේ, කරුණාරත්න, ධර්මසේන, කරුණාපාල සහ නිලන්තය. ඔවුන් සිව්දෙනෙකු පැවසුවේ පාසලේ වේලාවෙන් පසු කැලේට ගොස් මොර, හිඹුටු, පලූ, වීර වැනි වන පලතුරු කෑමට පුරුදු වී සිටින බවය. හිටගෙන ගස්නැගීමට මේ කැකුළෝ දක්වන අපූරු හපන්කම ගසකට නැගී ප‍්‍රදර්ශනය කිරීමටද කටයුතු කළහ. පාසලේදී වැදි භාෂාව මෙන්ම ඉංගී‍්‍රසි භාෂාවද ඉගෙන ගන්න බවද ඔවුහු පැවසූහ. හතරෙන් තුනක් වැඩ තිබූ තම නිවෙස ගැන කතාකළ වැදිනායකයා සැමගේ ආධාරයෙන් නිවස තනාගෙන ගියත් මුදල් අවසන් වීම නිසා වැඩ නතරවී ඇතැයි කීවේය. නිවාස දශලක්‍ෂයේ ජන සෙවන නිවාස වැඩ පිළිවෙළ යටතේ ආදිවාසී නිවාස 30 ක් ඉදිකෙරෙන බව දැනුම්දෙන මහා ප‍්‍රදර්ශන පුවරුවක් වැදි නායකයාගේ නිවස ඉදිරියේම සවිකර ඇත. දේශපාලනඥයන් කීපදෙනෙකුගේ රූප සහිතව එය සවිකළේ එම නිවාසවලට මුල්ගල් තැබූ දවසේ බව දැනගන්න ලැබිණ. ඒ යටතේ මුල්වරට ඉදිවන්නේ නිවාස 20 කි. ඒ සඳහා ‘මැට්ල්’ කඩා ගන්නැයි උපදෙස් දී ඇති බව නියෝජ්‍ය නායකයා කීවේය. මුල්ගල තැබීමේ උත්සවයට රජයේ නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනක් පැමිණියහ. ඔවුන් වෙනුවෙන් ලොකු උත්සවයක්ද සංවිධානය කර තිබිණ. ඒ සඳහා වැදි සම්ප‍්‍රදායට අනුව තුරු සෙවණේ කෝටු ගැටගසා ඉදිකළ පුටුවල වාඩිවුනෙමු. රැුහේ නැටුම් දැක්වූ කටු හා සැරසිලි පෙන්වමින් රතුගල නායකයා යළි කතා කළේය. කොලමඩුව, කම්බකණුව, කිරි අම්මා යාදිනි වැනි පාරම්පරික සංස්කෘතික අංගයන් පවත්වාගෙන එනවා. ‘කිරිකොරහ’ නැටීම මෙහේ සිදුවන්නේ නැහැ. නිවාස වැඩ පිළිවෙළ හොඳයි. ඒත් කණු හිටවල වහළ විතරයි හදල දෙන්නේ. රැහේ සමහරු ඊට මනාපයක් නැතැයි ඔහු කීවේය. කෙසේ නමුත් දඹානේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ මෙම නිවාස වැඩපිළිවෙලේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් ඉල්ලා සිටියේ ආදිවාසී රැහේ අනන්‍යතාවය රැකෙන අයුරින් මේ නිවාස ඉදිකළ යුතු බවය. ‘‘හිරුබල’’ විදුලිපද්ධතියේ බලයෙන්, වැදිනායකයාගේ නිවස හා මිදුල ආලෝකමත් වෙද්දී තවත් ප‍්‍රශ්නයක් මතුවිය. කොහොමද මේ විදුලිය... මේක රැහේ හුඟාක් ගෙවල්වලට ලැබුණා. ඒක ඉන්දියානු රජයේ ආධාරයෙන් ලැබුණු බව දැනගන්න ලැබුණා යැයි ඔහු පිළිතුරු දුන්නේය.‘‘දෙවියන් හා නෑයකුන් අදහන නමුදු පාසල් යාමත් බුදුන් වැඳීමත් කාලාන්තරයක් තිස්සේ සිදුවන බවද පැවසූ වැදිනායකයා මෑතක සිට රැහේ අය සීඝ‍්‍රයෙන් අන්‍යාගමික සංවිධානයකට ගොඳුරු වන බවද දුක්මුසු ස්වරයෙන් පවසා සිටියේය. එම සංවිධානයේ දේවස්ථානයක් පිහිටෙව්වා. ඌරුකොටුවකුත් ඇතිකළා. අපේ අය ගොඩාක් ඒකේ වැඩකරනවා. මේ ඌරුකොටුව පරිසරයටත් මහා හානියක්. මේව බලන්න කවුරුවත් නැහැ. අහිංසක දුප්පත් රැහේ අය සල්ලි පස්සේ ගිහින් යැයිද ඔහු කීවේය. මහපාරට ආවෙමු. පාර අයිනේ හමුදා බංකරයෙකි. එය පාළුවට ගොස් ඇත. ඊට නුදුරින් තාවකාලික වෙළෙඳ සලකි. හිමිකාරිය (කැකුළියකි) තරුණියකි. කමලා නම් වූ 20 හැවිරිදි තරුණිය නොපැකිල කතා කළාය. මම 10 වැනි ශ්‍රේණියට ඉගෙන ගෙන තියෙනවා. අපි කැමති විදියට ජීවත්වෙන්න අපිට නිදහස තියෙන්න ඕන. වැදි කියලා හැමදාම එක තැන දාන්න බැහැ. ‘‘අපේ පවුලේ අය කාලයක සිට පන්සල් යන්නේ නැහැ. දේව සභාවට යනවා. අපේ 70 දෙනෙක් විතර ඕකට යනවා. පූජාවන්ටත් සහභාගිවෙනවා යැයිද ඇය කීවාය. නියම මී පැණිය. රසය රතුගල වැදි ගෝති‍්‍රකයන් ගැන තවත් කොතරම් කලක් කතා කළ හැකිදැයි ලිවියහැකි දැයි නොදනිමි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වඳ වීගෙන යන රතුගල වැදි පරපුර