පළාත්පාලන මැතිවරණයට මුදල් ප්‍රතිපාදන සැපයීම පාර්ලිමේන්තු කටයුත්තක් යැයිද ඊට මැදිහත්වීමට අධිකරණයට පවතින හැකියාව ඉතාම අවම යැයිද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවලංගු කරන්නැයිද පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියම කරන්නැයිද ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව සඳහන් විය.
භාණ්ඩාගාරයේ මුදල් නැතැයි යන්න පාර්ලිමේන්තුවට අදාළ කරුණක් බවද විනිශ්චයකාරවරයා එහිදී පෙන්වා දී තිබිණි. එසේම රටේ ජනතාවට එදිනෙදා මූලික කටයුතුවත් සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් අධිකරණය ඇමතූ අවස්ථාවේ තුරෙයිරාජා විනිශ්චයකාරවරයා කළ ප්‍රකාශයේ සඳහන් විය.
රටේ පවතින ආර්ථික අර්බුදය අඬු විදහාගත් බූවල්ලකු සේ රටේ හැම ක්ෂේත්‍රයකටම බලපෑම් කරමින් සිටින බවට මෙය එක් උදාහරණයක් පමණි. ඡන්දයක් පවත්වා ගත නොහැකි තරමට රටේ ආර්ථිකය කඩාවැටී තිබීම උදම්ඇණිය හැකි කාරණාවක් නොවේ.
එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සිනහවට ලක්විය යුතු කාරණාවක්ද නොවේ. සියලු දෙනා එකතු වී ගොඩ යා යුතු තත්ත්වයකි. ඒ බව වටහාගෙන ක්‍රියා කිරීම පාර්ලිමේන්තුවේ සියලු මැති ඇමැතිවරුන්ගේ වගකීමය.
ආර්ථිකය ගොඩනැගීමට මූලිකවම බලපාන රජයේ වියදම් අඩු කිරීමේදී වඩාත් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුය. මෙහිදී පෙන්වා දිය යුත්තේ රටේ පොදු මහජනතාව නම් මේ වනවිට වියදම් අඩු කිරීම අතින් වාර්තා පිහිටුවා තිබෙන බවය. විදුලි බිල සහ උපයන විට බදු ගෙවීම මේ වාර්තා පිහිටුවීමට ජනතාවට මහත්සේ උපකාරී වී තිබේ.
පසුගිය අගෝස්තුවේදී සියයට 76කින් වැඩි වූ විදුලි බිල පසුගිය 15 වැනිදා සිට තවත් සියයට 66කින් ඉහළ දමන ලදී. විදුලිබල අමාත්‍යංශය පවසන මේ ප්‍රතිශතය සත්‍ය නොවන බවත් අඩුවෙන්ම විදුලිය පරිභෝජනය කරන ආර්ථික අතින් පහළ මට්ටමේ සිටින ජනතාවගේ මේ වැඩිවීම සියයට 250කටත් අධික බවත් සඳහන්ය. එවැනි ජන කොටසකට තවදුරටත් පටි තද කර ගනිමින් ආර්ථිකය ගොඩනංවා ගැනීමට සහාය වන්නැයි ඉල්ලීම විහිළුවක් පමණි.
උපයන විට බදු අය කිරීමද රටේ වැඩ කරන ජනතාවට මහත් පීඩනයක් ගෙනදෙමින් ඉතා අධික ලෙස වැඩිකර තිබේ. එම ගෙවීම් මේ වනවිටද පඩිපතෙන් කපා ගැනෙයි. මේ පිළිබඳව රටපුරා ප්‍රබල විරෝධයක්ද පැන නැගෙනමින් තිබේ. මේ විරෝධයට හවුල් වන පිරිස් පවසන්නේ තමන් බදු ගෙවීමට අකැමැති බවක් නොවේ. එහෙත් බදු වැඩිකළ යුත්තේ තමන්ට දැරිය හැකි තරමට බව ඔවුහු කියති. ඔවුන් නගන හඬ ආණ්ඩුවට ඇසෙන බවක් පෙනෙන්නට නැත.
ආණ්ඩුවද තම වියදම් පාලනය කිරීමට පියවර ගණනාවක්ම ගෙන තිබෙන බව ප්‍රකාශිතය. අත්‍යාවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා මුදල් වෙන්කිරීම වළක්වමින් නිකුත් කළ නියෝගය එවැනි එක් පියවරකි. එහෙත් මේ පියවර දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට යොදාගැනීමෙන් වැළකීම අවශ්‍යය. ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් විදෙස් ගමන්වල යෙදෙද්දී ව්‍යාපාරික පන්තියේ හෝ පළමු පන්තියේ හෝ ආසන වෙන්කර නොගත යුතු බවටද සීමාවක් පනවා තිබේ. එයද යහපත් පියවරකි.
එහෙත් එම පියවර සාර්ථක වන්නේ නිලධාරීන්ට ක්‍රියාත්මක කෙරෙන මේ නීතිය දේශපාලන බලධාරීන්ටද බලපාන සේ ක්‍රියාත්මක වීමෙන් පමණි. එපමණක් නොව සමස්තයක් වශයෙන් දේශපාලනඥයන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් විදෙස් ගමන් පොදුවේ සීමා කිරීමද වැදගත් වනු ඇත. බංකොළොත් වී ඇති රටක් ගොඩගැනීමට නම් මෙවැනි සීමා කිරීම් සියලුදෙනාටම බලපාන සේ ක්‍රියාත්මක කිරීම අවශ්‍යමය.
එසේම අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කරන සුපිරි වාහනද සීමා කිරීමත් අඩු වියදම් වාහනවලට මාරුවීමත් සිදුවිය යුතුය. එක් එක් අමාත්‍යවරයකුට වෙන්කරන වාහන සංඛ්‍යාව අනුව ඉන්ධන ලබාදීම ද රටේ මුදල් මකර කටට යවන මාර්ගයකි. මේ සුවපහසු ජීවිතවල රැඳී සිටිමින් රටේ ජනතාව කැප කිරීම් කළ යුතු යැයි කීම පළක් නැත.
මැති ඇමැතින් ගත කරන අධික වියදම් සහිත ජීවන රටාව කැප කිරීමට නොහැකි නම් සෞඛ්‍ය වැනි අත්‍යාවශ්‍ය සේවා කාර්ය මණ්ඩලවල දීමනා සියයට 15කින් කපා දැමීමෙන් පළක් නැත. අවවාද, නියෝගවලට වඩා ආණ්ඩුවේ බලධාරීන්ගේ ආදර්ශය වඩාත් වැදගත් බැවිනි.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වියදම් කැපීමේ ආදර්ශය ඉහළින් පෙන්වීමත් ඕනෑ