අද මාර්තු 9 වැනිදාය. පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැතිව කල් දමනු ලැබ තිබේ.
එම පළාත් පාලන මැතිවරණ කල් දමන ලෙසට නියෝග කරන ලෙසත්, එසේ කල් දැමීම නීති විරෝධී බවට තීන්දු කරන ලෙසත් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක්ම විභාග වෙමින් තිබේ. එම නඩු විභාගද කල් යමින් තිබේ. ඒ නිසා එම මැතිවරණ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් දැන් උනන්දු වන බවක්ද නොපෙනේ.
එයින් එක් නඩුවක් පෙරේදා විභාගයට ගනු ලැබීය. එහෙත් ඒ ගැන බොහෝ දෙනකුගේ උනන්දුවක් තිබූ බව නොපෙනුණි.
ආණ්ඩුව මෙම මැතිවරණ කල් දැමීමට කටයුතු කළේ මැතිවරණ පැවැත්වුවහොත් ආණ්ඩු පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය පරාජය වන බව පෙනුණු නිසාය. ආණ්ඩුව මැතිවරණ දින නියමයක් නැතිව කල් දමන තැනට මැතිවරණ කොමිසම පත් කළේ මැතිවරණයට අවශ්‍ය මුදල් එම කොමිසමට නොදීමෙනි.
දෙන්නට මුදල් නැතැයි යන්න ආණ්ඩුවේ තීරණය විය. එහෙත් 2023 අයවැයෙන් මෙම මැතිවරණ සඳහා වෙන් කළ මුදල රඳවා නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් වසරේ මාර්තු 3 වැනිදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළේය. එහෙත් ඔහු මුදල් නිකුත් කළේ නැත. ඉන් පසු එසේ මුදල් නිකුත් නොකිරීම මඟින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාස කළ බවට චෝදනා නැඟිණි. එවිට තමන්ට පනවන ලද නියෝගය තමන් තම ප්‍රධානියා වන මුදල් ඇමැතිවරයාට යොමුකළ බව අමාත්‍යංශ ලේකම්වරයා අධිකරණයට දැන්වීය.
මුදල් ඇමැතිවරයා වන්නේ විධායක ජනාධිපතිවරයාය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීතිපතිවරයාට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමකින් විනා ජනාධිපතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකිය. මුදල් ඇමැතිවරයා මැතිවරණයට මුදල් නිකුත් නොකිරීම සම්බන්ධයෙන් කිසිවෙක් එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේද නැත. එහෙයින් මැතිවරණයට මුදල් නිකුත් නොකිරීම පිළිබඳ ප්‍රශ්නය එතැනින්ම හමාර වූ බවක් පෙනේ. ඒ කාරණයේදී ජයග්‍රාහකයා විධායකයයි.
එම පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක්ද මැතිවරණ පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා විශ්‍රාමික හමුදා නිලධාරියකු ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක්ද තවදුරටත් විභාග වෙමින් තිබේ. මෙම පෙත්සම් 2018 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් මෙන් හදිසි කටයුතු සේ අධිකරණය නොසලකන බව පෙනේ. කෙසේ වෙතත් විරුද්ධ පක්ෂ පවා පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් දැන් උනන්දුවක් නොදක්වන හෙයින් ආණ්ඩු පක්ෂ දෙකේ අරමුණ ඉටු වී තිබේ.
පවතින නීතිය උපයෝගී කරගෙනම ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයට මුදල් නිකුත් කිරීම පිළිබඳ අධිකරණ නියෝග නොතකා හැරියා වැනි තත්වයක් මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත සම්බන්ධයෙන්ද ඇති වී තිබෙන බව පෙනේ. එම පනත කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඊට එරෙහිව පෙත්සම් 45ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.
ඒ සියලු පෙත්සම්වලින් කියවුණේ මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමෙන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හා ප්‍රකාශන නිදහසට බරපතළ බාධා ඇති වේය යන්නයි. ආසියානු අන්තර්ජාල සංසදය, ඇපල්, ෆෙස්බුක්, ගූගල්, යාහු හා ඇමසන් වැනි තොරතුරු තාක්ෂණයට අදාළ ජාත්‍යන්තර සංවිධානද එම මතයම ප්‍රකාශ කොට තිබිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් පිළිබඳ විභාගය ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා අවසන් කළේය. එම තීන්දුව කතානායකවරයාට යැවීමෙන් පසු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නොවැම්බර් 7 වැනිදා එය පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එම පනත් කෙටුම්පතේ වගන්ති 31ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයිද ඒ නිසා එය විශේෂ බහුතරයකින් (තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන්) සම්මත කළ යුතු යැයිද එම වගන්ති අවශ්‍ය පරිදි සංශෝධනය කරන්නේ නම් එය සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි යැයිද අධිකරණය තම තීන්දුවෙන් කියා තිබිණි.
ඒ අනුව එම අදාළ වගන්ති සංශෝධනය කොට පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතරයකින් සම්මත කිරීම සඳහා ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ නායකයෝ කීහ. ඉන්පසු සංශෝධිත පනත් කෙටුම්පතක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙනු ලැබූ සියලු වගන්ති ඒ තීන්දු අනුව සංශෝධනය කොට නැතැයි යන්න විරුද්ධ පක්ෂවල මතය විය.
කෙසේ වෙතත් පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අනුව සංශෝධනය කොට නැතැයි කී විපක්ෂය ඒ නිසා ඊට අනුමැතිය නොදෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය. එහෙත් කතානායකවරයා පනත් කෙටුම්පත නිසි ලෙස සංශෝධනය කොට තිබුණේ යැයි කියා පෙබරවාරි 1 වැනිදා ඊට සිය අනුමැතිය දුන්නේය.
පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග අනුව සංශෝධනය කරනු ලැබ නැති තත්වය යටතේ සම්මත වූ එම පනතට කතානායකවරයා එසේ අනුමැතිය දීම නීති විරෝධීයැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පෙබරවාරි 14 වැනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. පෙබරවාරි 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය එම තේසම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඒ පර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලට අතපෙවීමට අධිකරණයට බලයක් නැතැයි යන පදනමිනි.
මීට පෙරද මෙවැනි තත්වයක් ඇති වී තිබේ. ඒ 2017 පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්මත කර වීමෙන් පසුය. එවකට පැවැති එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට අදාළ එක් කරුණකට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබාගෙන වෙනම පනතක් ලෙස අධිකරණයේ අනුමැතිය ලබා ගත යුතු වෙනත් කරුණක් පිළිබඳ වගන්ති රාශීයක් මුල් පනත් සම්මත කරන කාරක සභා අවස්ථාවේදී ඊට ඇතුළත් කොට තමන් සතු බහුතර බලය යොදාගෙන සම්මත කර ගත්තේය.
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් සම්බන්ධයෙන් විභාග කළ නොහැකිය යන පදනමින්ම එම පෙත්සමද ප්‍රතික්ෂේප විය. ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව සිල්වා මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් හා සුමන්දිරන් මහතාගේ පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව නිවැරැදිය.
එහෙත් යම් පනතක හෝ එය සම්මත වූ ආකාරයේ හෝ ඊට කතානායකවරයා අනුමැතිය දීමෙහි හෝ පැහැදිලි වරදක් හෝ නීති විරෝධී බවක් හෝ ඇත්නම් එය නිවැරැදි කිරීමට ක්‍රමයක් අවශ්‍ය නැතිද යන ප්‍රශ්නය මතුවේ. සම්මත වූ මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත යළි සංශෝධනය කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ එය පාර්ලිමේන්තුවේදී සම්මත වුවත් එහි අඩුපාඩු ඇති නිසාය. එහෙත් එය කළ හැක්කේ ආණ්ඩු පක්ෂයට පමණි. ඒ යළි සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙනි. විපක්ෂයේ එවැනි සංශෝධනයක් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේදී පරාජය වනු ඇත.
මේ කාරණයේ දෙපැත්තක් ඇත. එක් පැත්තකින් ආණ්ඩුවට අධිකරණ නියෝග නොතකා ව්‍යවස්ථාවට පටහැනි එකක් වුවද සම්මත කර ගැනීමට හැකි වීමය. අනෙක් කාරණය නම් විපක්ෂයට සම්මත වූ පනත් යළි අධිකරණය මගින් පරීක්ෂාවට ලක් කළ හැකි නම් යම් පනතකට එරෙහිව දිගින් දිගටම එවැනි පරීක්ෂාවන් ඉල්ලා එම පනත ක්‍රියාත්මක කිරීම බොහෝ කාලයකට අඩාල කළ හැකි වීමයි. කෙසේ වෙතත් මෑත කාලීන සිදුවීම් මගින් කියවෙන්නේ අණපනත් පිළිබඳ අධිකරණයේ පසු පරීක්ෂාව සඳහා ද සාධාරණ ක්‍රමවේදයක් තිබීම වැදගත් බවය.
විධායකයේ අත්තනෝමතිකත්වය පාලනය කිරීම සඳහා යැයි 17 වැනි, 19 වැනි හා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මඟින් ව්‍යවස්ථා සභාව ස්ථාපනය කළද එහි බලය පිළිබඳව ගැටලු මතුවී තිබේ. එම සභාව පසුගිය වසරේ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා දිගුව පිළිබඳව ජනාධිපතිවරයාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කළද ජනාධිපතිවරයා එය නොතකා එම සේවා දිගුව සඳහා නියෝග දුන්නේය.
වත්මන් පොලිස්පතිවරයාගේ ධුරය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය අනුමත කිරීමේදී කතානායකවරයා තම තීරක ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳ ගැටලුවක්ද දැන් මතුවී තිබේ. ඒ එම නිර්දේශයට පක්ෂව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සිව්දෙනකුද විරුද්ධව දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකුණු දෙනකුද සිටි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයත් සමඟය.
මේ කරුණු මතු වූ බොහෝ අවස්ථාවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් බවය. එය ප්‍රතික්ෂේප කරන පිරිස් ව්‍යවස්ථා සභාව විධායක ජනාධිපතිවරයාගේ කටයුතු පාලනය කිරීම සඳහා හඳුන්වා දෙනු ලැබූ ආයතනයකැයි පවසති. 2015 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ 19 වැනි සංශෝධනයෙන් එම සභාව යළි හඳුන්වා දෙන ලද්දේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය හෙයින් හැකිතාක් දුරට විධායක ජනාධිපතිවරයා පාලනය කිරීම සඳහා යැයිද ඔවුහු සිහිපත් කරති.
සැබෑව එයයි. ව්‍යවස්ථාවේ පරිච්ඡේද අතර ව්‍යවස්ථා සභාව පිළිබඳ පරිච්ඡේදය ජනාධිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලය පිළිබඳ පරිච්ඡේද දෙක අතර තිබුණද ඒ දෙකේ පරිච්ඡේද ශීර්ෂයේ විධායකය යනුවෙන් ද සඳහන් වුවද අතරමැද ඇති ව්‍යවස්ථා සභාව පිළිබඳ පරිච්ඡේදයේ එවැනි සඳහනක් නැත.
කෙසේ වෙතත් කුමක කුමක් සඳහන් වුවද අවසානයේදී විධායකයට අවශ්‍ය පරිදි සියල්ල සිදුවන බව පෙනේ.
(***)
එම්.එස්.එම්. අයුබ්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යවස්ථා සභා බලය යටයන ජනපති බලය
Deepal Nirosh Saturday, 09 March 2024 03:34 PM
ජනමතයක් නැතිව හුදු පාර්ලිමේන්තු බහුතර ඡන්දයෙන් බලයට ඇවිත් මෙහෙම රඟපානවා නම් වැරැදිලා හරි ජනමතයකින් බලයට ආවොත් කොහොමට හිටීද?
SAM Sunday, 10 March 2024 12:48 AM
දේශපාලකයින් නොමැති පළාත් සභාවක් ඇත. සියලු කටයුතු බලපෑම්වලින් තොරව දේශපාලකයින් සිටිනවාට වඩා හොඳින් සිදුවේ. පළාත් පාලන මැතිවරණය පවත්වා කිසියම් පක්ෂය බලය ලබා සම්ප්‍රදායික දේශපාලන ක්‍රමව්දය ඉදිරියට පවත්වාගෙන යාම සුදුසු නොවේ. පළාත් සභා සහ පළාත් පාලන ආයතන එක්ව කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් සහ පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අධීක්ෂණය කිරීමට යොදාගැනීම තුළ අඩු වියදමින් වැඩි සේවයක් ලබාගැනීමට හැකියාව ඇත. රටක ප්‍රමාණය අනුව දේශපාලකයින් පත්කර ගත යුතුවේ.
swene Tuesday, 12 March 2024 05:01 AM
කොතරම් සංශෝෂණ ගෙනාවත් විධායකයේ ඉන්න කෙනා මත සියල්ල රඳා පවතින බව ප්‍රත්‍යක්ෂ වේ. දැනට විධායකයා ඒකාධිපතියෙක් වගේ. ඔහු මෙතෙක් සිටි කිසිම කෙනෙකුටත් වඩා විධායකය භාවිතා කරයි. ජනතා පරමාධිපත්‍යය අපගේ පාර්ලිමේන්තුවෙන් ඉටුකරගත නොහැකි බවක් පෙනේ. වර්තමාන කතානයකද විධායකයට අවශ්‍ය විධියට කටයුතු කරන බවක් ඇතැම් තීරණ ගැනීමේදී දක්වන කඩිමඩිය සහ ඇතැම් තීරණ ගැනීමේදී දක්වන මන්දගාමීත්වය අනුව පෙනේ. ජනතා පරමාධිත්වය යටපත් නොකිරීම ට මහජන කැමැත්ත මතින් වත් වෙනසක් කළ නොහැකිද?
chandima Saturday, 16 March 2024 02:55 AM
කොහොමද අප්පා ඔව්වා කරන්නේ... ?
chandima Tuesday, 19 March 2024 08:33 PM
ඡන්දෙට කළින් මුළු ව්‍යවස්ථාවම ජනාධිපති යටතට ගනියි. පිනාට ගිය කලක් අම්මපා...