(වසන්ප්‍රිය රාමනායක)
1972 ජනරජ ව්‍යවස්ථාවට කීවේ මැතිනියගේ ව්‍යවස්ථාව කියලාය. එසේම 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හැඳින්වූයේ ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව ලෙසිනි. මේ දෙකම රට පුරා පළල් මහජන කතිකාවක් තුළින් නිර්මාණය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නොවේ. මේවා 1970 වේ සමඟි පෙරමුණු හා 1977 එක්සක් ජාතික පක්ෂ යන ආණ්ඩුවල තුනෙන් දෙකේ ඡන්ද පදනමේ ශක්තියෙන් එම දේශපාලන පක්ෂවල හා සන්ධානවල නායක නායිකාවන්ගේ සිතැඟි පරිදි සකස් වූ එ්වාය. නැතිනම් අන් මතවාද ”චප්ප” කරමින් බිහි කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාය.
මේ නිසාම ඒවායේ උපන්ගෙයි දෝෂ පැවැතින. එසේම ශී‍්‍ර ලංකාවේ සුළු ජන නියෝජනය එම ව්‍යවස්ථාව සැකසීමේ කාර්යට නොලැබුණි. වඩාත් නිවැරදි වන්නේ එසේ නොලැබීමට වඩා අදාළ සහාය ලබා ගැනීමට අපොහොසත් වීමයි. මේ නිසා ඒවා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කළ පක්ෂවල දායකත්වයෙන් තොරව සැකසි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාය.
එසේ නම් මේ වනතුරු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල වැඩිම දායකත්වය සහිතව නිර්මාණය වී ඇත්තේ 1947 සුද්දාගේ ව්‍යවස්ථාව නැති නම් සෝල්බරි ව්‍යවස්ථාව පමණි. 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වූයේ මේ රටේ සුළු ජන කොටස්වලට යම් ආරක්ෂාවක් සැලසූ සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය ද ඉවත් කරමිනි.
මේ නිසා ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාවත්, මැතිනියගේ ජනරජ ව්‍යවස්ථාවටත් විකල්ප ලෙසින් ඉදිරිපත් විය යුතු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව අප රටට දැනෙන්නට පටන්ගෙන තිබුණේ අද ඊයේ නොවේ. 30 අවුරුදු සිවිල් යුද්ධයට ද පෙරාතුවය. දකුණේ කැරලි දෙකක් හා උතුරේ බෙදුම්වාදී යුද්ධය වූ කලී පවතින හා පැවැති මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවල අතුරු ප‍්‍රතිඵලයකි.
‘ඒකීය’ භාවය යන වචනය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අයත් වන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙනි. එය එම ව්‍යවස්ථාවට ඇතුළු වන්නේ එහි නිර්මාතෘ මේ රටේ කීර්තිමත් වාමාංශික නායකයකු වූ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ඍජු මැදිහත් වීමෙනි. එහෙත් මේ රටේ 30 අවුරුදු බෙදුම්වාදී සිවිල් යුද්ධය ඇරඹෙන්නේම එවැන්නක් ව්‍යවස්ථාව තුළ තිබියදීමය.
මේ නිසා ව්‍යවස්ථාවක ‘ඒකීය’ භාවය වචනයක් ලෙසින් තිබූ පමණින්ම රටේ ‘ඒකීය’ බව සුරැකෙන්නේ නැත. මේ නිසා රටේ ‘ඒකීය’ භාවය රැකගැනීම වෙනුවෙන් වුවද වසර 30ක් යුද්ධ කිරීමට අපට සිදු විය. එසේ නම් ඊට බලපෑ දේශපාලන කාරණා අරබයා පවතින ව්‍යවස්ථාවෙන් විසඳුම ලැබී නැත. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයකදී මේ කාරණා සොයා බැලීම වැදගත්ය. නොඑසේ නම් තවත් පරපුරකට නැවතත් ‘ඒකීය’ භාවය වෙනුවෙන් යුද්ධයක් කිරීමට සිදු වේ දැයි කියන්න දන්නේ නැත.
එහෙත් ‘ඒකීය’ භාවය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් විය යුතුය යන්න මින් අදහස් නොවේ.
මේ රට විධායක ජනාධිපතිවරයකුගේ පාලනයට නතු වන්නේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. එය යම් ඒකාධිපති ස්වරූපයක් ගෙන තිබූ තනතුරකි. ඊට ගැහැනියක මිනිසකු කිරීම හැරෙන්න අන් සියල්ල කළ හැකි යැයි හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන වරක් උදම් ඇනුවා අපට මතකය.
විධායක ජනාධිපති ධුරය සහිත 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුය යන මතය එය සම්මත වූ දා සිටම පැවැතිණ. 1978 සිටම ඊට එරෙහි බලවේග දක්නට ලැබුණි. දේශපාලන පක්ෂවලට අමතරව ගරුතර මහා සංඝරත්නය එහි පෙරමුණු ගෙන කටයුතු කළ බව රහසක් නොවේ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙනගිය අඛණ්ඩ අරගලය මෙහිදී කැපී පෙනේ. එදා ප‍්‍රශ්නයක්ව පැවැතියේ විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය ඊට එරෙහි වීමයි. එහෙත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය ද තම මතය වෙනස් කර ගැනීමට එකඟව සිටී. දැන් එදා විරුද්ධ වූ අය පවසන්නේ කුමක්ද?
විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් ප‍්‍රවණතා කීපයක් පසුගිය සමයේ මතුවිය. ඉන් එක් ප‍්‍රවණතාවක් වන්නේ එය වෙනස් කිරීමට මහ පාරේ සටන් කළ යූ.ඇන්.පී. විරෝධීන් පසුකලෙක බලය ලබාගෙන එම පොරොන්දුව කඩ කරමින් එම ධුරය පරිභෝජනය කරමින් කිසිදු හිරිකිතයකින් තොරව ආණ්ඩු කිරීමය.
දෙවැන්න රටේ ‘ඒකීය’ භාවය ගැන කියමින් එදා ඊට විරුද්ධ වූ මහසඟරුවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන අනවශ්‍ය යැයි සඳහන් කරමින් වර්තමානයේ අනියමින් එම ධුරය රැකගැනීම වෙනුවෙන් පෙනී සිටීමය. තෙවැන්න එදා විධායක ජනාධිපති ධුරය වෙනුවෙන් පෙනී සිටි එක්සත් ජාතික පක්ෂය කාලයාගේ ඇවෑමෙන් එම ස්ථාවරයෙන් ඉවත් වීමය.
අද රටේ ”ඒකීය” භාවය සුරැකීම වෙනුවෙන් විධායක ජනාධිපති ධුරය තිබිය යුතු යැයි අපේක්‍ෂා කරන්නෝ එය තිබියදීම රටේ සිවිල් යුද්ධයකට හේතු වූ ජන වාර්ගික කාරණා අමතක කරති. ජනවාර්ගික ප‍්‍රශ්න සම්බන්ධයෙන් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව විසඳුම් ඉදිරිපත් කළ නොහැති බව පැහැදිලිය. එසේම යුද්ධයකට බලපෑ ව්‍යවස්ථාමය කාරණා විසඳා ගැනීමෙන් තොරව යළි යුද්ධයක් හෝ බෙදුම්වාදී ප‍්‍රවණතාවක් ඇති නොවේ යැයි අනාවැකි පැවසිය නොහැකිය. එසේ නම් නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ප‍්‍රතික්ෂේප කර ලැබී තිබෙන අනගි අවස්ථාව මඟහැරීමට බල කිරීම වන්නේ කෙසේ ද?
මෙවන් ව්‍යාකූල පසුබිමක එකම සාධනීය කරුණ වන්නේ ජනාධිපති මෛතී‍්‍ර 2015 ජනවාරි 8 ජනතාවට පොරොන්දු වූ පරිදිම 19 වැනි සංශෝධනය මඟින් විධායක ජනාධිපති ධුරයේ ”රකුසු මුහුණුවර” ඉවත් කිරීම පමණි. මේ නිසා කාටත් මැද තැනකම පැමිණීමට හැකි වී තිබේ.
ජනමත විචාරණයකට තුඩු නොදෙන වපසරියක ඒ සඳහා ඔහුට යා හැකි උපරිම දුර යමින් පැවැති එ්කාධිපති විධායක බලය ඉවත් කර ගෙන ඇත. මේ වනවිට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කෙසේ වෙතත් ජනතාවට පොරොන්දු වූ පරිදි එය පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් බවට පත්කර ගෙන තිබේ.
”නව ආණ්ඩුක‍්‍රම ව්‍යුහය අනිවාර්යයෙන්ම පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ධුරය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් වනු ඇත. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව සලකනු ඇත.”
”පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථාව සංශෝධනයේ දී අත නොතබන බවට මම සහතික වෙමි.” (මෛතී‍්‍ර පාලනයක්-ස්ථාවර රටක්එ)
දැනට පෙනෙන්නට තිබෙන මේ ආණ්ඩුව තුළින් සිදු වූ එකම සාධනීය ප‍්‍රධාන දේශපාලන කාර්යය මෙය පමණක් යැයි තර්ක කරන්නෝ ද සිටිති. කෙසේ නමුත් ජනාධිපති හා අගමැති මගින් රට පාලනය කරන පාර්ලිමේන්තුවට වගකියන ධුරයක් බවට විධියක ජනාධිපති ධුරය නම්‍යශීලී කිරීමට 19 වැනි සංශෝධනය මගින් වත්මන් රජය සමත්ව සිටී. එසේම මෙය ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණයක් සේ සැලකේ.
එහෙත් 19 වැනි සංශෝධනයෙන් රටේ වර්තමානයට ගැලපෙන පූර්ණ වෙනසකට භාජනය වන සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබී නැත. මේ නිසා නව ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් හෝ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පැන නැඟේ. අනෙක් පැත්තෙන් සියලූ පක්‍ෂවල එකඟතාව සහිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියකට මුළු පාර්ලිමේන්තුව එකම සභාවක් බවට පත්ව ඇත. ඊට උතුරේ ද්‍රවිඩ පක්ෂ පවා සහාය දක්වති. මෙය දුර්ලභ අවස්ථාවක් සේ පෙනේ. මේ සඳහා එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප‍්‍රකාශනය මඟින් ජනවරමත් ලබාගෙන ඇත.
”නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තැනීම පිණිස මීළඟ පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ සමඟ කටයුතු කරනු ඇත.”
(පංචවිධ කි‍්‍ර‍්‍රයාවලිය - එක්සත් ජාතික පක්ෂය)
මෙවැන්නකට ජනතාවගේ අවසරයක් නැතැයි ද තමන් එවැන්නකට එකඟ වූයේ නැතැයි ද දැන් එම පක්ෂයේම මන්තී‍්‍රවරයකු වන අතුරලියේ රතන හිමියන් සඳහන් කරන්නේ ඇයි දැයි කියන්න දන්නේ නැත.
පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ නමුත් ඡන්ද 58 ලක්ෂයක් මෙන්ම සිංහල බෞද්ධ දිස්ති‍්‍රක්කවලින් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා බලයට පත්වී වසරක් ඇතුළත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජනතාව හමුවේ පොරොන්දු වී ඇත. ඔහුට ඡන්දය දුන් 58 ලක්‍ෂයේ අතිබහුතරය සිංහල බෞද්ධ ප‍්‍රජාව බව අමතක නොකළ යුතු ය.
”එකිනෙකට නොගැළපෙන සංශෝධන පැලැස්තර මගින් පවතින ව්‍යවස්ථාව විකෘති හැඩයක් ගෙන ඇතැයි මම ද පිළිගතිමි. එබැවින් තව තවත් පැලැස්තර එකතු කිරීම වෙනුවට ජනතා පැතුම් පිළිබිඹු කරන නව ව්‍යවස්ථාවක් වසරක් ඇතුළත සම්මත කිරීමට අවශ්‍ය කටයුතු කරමි.”
”නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සඳහා සියලූම දේශපාලන පක්ෂවලට අයත් මහජන නියෝජිතයන්ගෙන් සමන්විත සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වනු ඇත.”
(මහින්ද රාජපක්ෂ - සුරක්‍ෂිත රටක් සුබ අනාගතයක්.)
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කරුණු කාරණා සහිතව වඩා නිරවුල්ව ඉදිරිපත්කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනය මගිනි. ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකේම අදහස හා ජනතාවගේ අනුමැතිය මින් පැහැදිලි වේ. අද වත්මන් රජය නිරතව සිටින්නේ එදා හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදිම සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙසින් කි‍්‍රයාකිරීමේ හිටපු ජනාධිපතිවරයාගේ යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට බව පෙනේ. වර්තමාන රජය පවා එය පිළිගෙන තිබෙන්නේ එහි වැදගත්කමක් තිබෙන නිසාය.
මීට අමතරව මොන ජාතියේ ව්‍යවස්ථාවක් කෙටුම් පත් වුණත් රටේ ”ඒකීය” භාවයට හා බුද්ධාගමට දී තිබෙන තැන (පැරණි ව්‍යවස්ථාවල) නොවෙනස්ව පවතින බවට සහතික වන බව ජනාධිපති මෛතී‍්‍ර දිවුරා පොරොන්දු වේ. මහ නාහිමිවරුන් ඉදිරියේ සහතික වේ. සත්‍ය වශයෙන්ම මෛතී‍්‍ර පාලනයක් යටතේ එවැන්නකට ඉඩක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයේ සිටින ද්‍රවිඩ නායකයන් පවා ඊට පක්ෂපාතීය. එසේ නම් තවමත් කෙටුම්පතකින්වත් ඉදිරිපත් වී නොමැති පසුබිමක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් අනවශ්‍ය යැයි සඳහන් කරන්නේ ඇයි?
වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි පරිච්ජේදය මානව හිමිකම් වෙනුවෙන් වෙන් වී ඇත. එහි මානව හිමිකම් මූලික අයිතිවාසිකම් හැටියට පිළිගෙන තිබේ. එහෙත් ජීවිතයට ඇති අයිතිය පිළිගෙන නැත. ඒ නිසා පසුගිය දශක තුන හතර තිස්සේම මූලික මිනිස් අයිතිවාසිකම්වලට අදාළ ප‍්‍රශ්න රැසක් මතුවෙමින් පවතී.
උදාහරණයක් ලෙසින් 88, 89 යුගයේ ආරක්ෂක අංශවලට මරණ පරීක්ෂණ නොපවත්වා මිනී භූමදානය කිරීමේ හැකියාව ලැබී තිබුණේ ”ජීවිතයට ඇති අයිතියේ” හිඩැස් ඇති නිසාය. ඒ සමඟම එදා පාරේ මිනී කඳුගොඩ ගැසෙන විට ඒවා ගැන උසාවි යෑමේ හැකියාවක් හෝ අයිතියක් පුරවැසියන්ට නොතිබුණි. මේ සඳහා හිමිකම් ලැබෙන වගන්තියක්වත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට එක් කිරීමේ ඉඩක් සොයාගැනීමේ වරදක් තිබේ ද? මේ එක් උදාහරණයක් පමණි.
මේ රටේ ජනතාවගේ ජනජීවිතයට බලපානු ලබන මෙවන් වෙනස්කම් රැසක් අදට ගැළපෙන ලෙස වෙනස් කිරීමට සිදු වී තිබේ. එවැන්නකට ඉඩක් සැලසෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් පමණි. එවැන්නක් අවශ්‍ය නොවේ යැයි සඳහන් කරන්නේ කුමන පදනමකින් දැයි කියන්න දන්නේ නැත.
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යවස්ථාවට ජල්ලි ඇල්ලීම