වීර මද්දුම බණ්ඩාර ළදරුවා ඇහැලේපොල මහාදිකාරම් නිල මැදුර පුරා දිව ඇවිදිමින් කෙළි දෙළෙන් පසුවූ අයුරු සිහියට නගා ගැනීම ඇහැලේපොල මහාදිකාරම් වලව්වතුළ මොහොතක් සැරිසරන ඕනෑම අයෙකුගේ සිතට නැගෙන සිතුවිල්ලකි.
වීර හෙළ කුලකතක් විසූ ඓතිහාසික කන්ද උඩරට ”ඇහැලේපොල වලව්ව” බොහෝ දෙනකුට සිහිපත් කරනුයේ ශ්‍රී ලංකාවේ විසූ අන්තිම රජු වූ ශ්‍රී වික‍්‍රමරාජසිංහ නරපතිඳුන් සිදු කළ අමානුෂික සමූහ ඝාතනයය.
සිය දයාබර සැමියා වෙනුවෙන් සිය පතිදම් සුරකින්නට තම දරුවන්ගේද ජිවිත පූජා කළ ඇය පසුව බෝගම්බර වැවේ ගිල්වා මරා දමන ලද්දේ කෲර රජතෙමේගේ නොසන්සිඳුන රාගාධික ආශාවන් ඉටු කිරීමට ඇහැලේපොළ කුමාරිහාමි එකඟ නොවූ නිසා බව ඉතිහාසය පිළිබඳ පොත පතෙහි සඳහන් වෙයි.
ඉංග‍්‍රීසි අධිරාජ්‍යවාදීන් මෙම ඓතිහාසික නිල මැදුරේ වටිනාකම පිළිබඳව තැකීමක් නොකරමින් හෙළ ඉතිහාසයට අවමන් කිරීමේ අදහසින් ඇහැලේපොළ වලව්ව ඔවුන්ගේ සිර කඳවුරක් බවට පත් කරමින්, මෙරට නිදහස පතා අධිරාජ්‍යවාදී ඉංග‍්‍රීසි පාලකයන්ගේ දුර්දාන්ත පාලනයට එරෙහිවූ හෙළ විරුවන් වධ බන්ධනයට ලක් කරවන ස්ථානයක් බවට පත්කරවා ගත්හ. වඩිග රජු ප‍්‍රථමයෙන්ම ඇහැලේපොල කුමාරිහාමි හා ඇගේ දරුවන් මෙහි සිර අඩස්සියේ තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
ඉන්පසුව ඉංග‍්‍රීසින්ට එරෙහිව නැගී සිටි වීර කැප්පෙටිපොළ නිළමේ තුමන් ඇතුළු විරුවන් 55 ක් මෙම ස්ථානයේ සිරකර තැබූ ඉංග‍්‍රීසි පාලකයෝ එතැන් පටන් මෙම ඓතිහාසික මැදුර සිපිරි ගෙයක් බවට පත්කළහ.
අදත් මෙම නිල මන්දිරය තුළ එදා මෙරට නිදහස පතා සටන් වැදුණු මේ පොළොවේ පසට යාවුණු විරුවන්ගේ සෝ සුසුම් මෙහි සිසාරා හමා ගොස් ඇතැයි පැවසීම පුදුමය දනවන කරුණක් නොවන බව පසක් කර ගත යුතුය.
කෙතරම් ප‍්‍රතාපවත් අභිමානයක් මෙම වලව්ව තුළ පැවතියේද යත් එහි විසූ ඇහැලේපොල මහාදිකාරම් තුමන්, ඇහැලේපොල කුමාරිහාමි, වීර මද්දුම බණ්ඩාර කුමරු සහ ඔහුගේ සොහොයුරා පිළිබඳව මෙනෙහි කරද්දී හෙළයන්ගේ සිතටද නැගෙන්නේ මහා අභිමානයකි.
වත්මන් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමාද වී හෝ මෙම ඓතිහාසික මැදුර විනාශ වී යාමට ඉඩ නොතබා අනාගත පරපුර කෙරෙහි ඉතිහාසය පිළිබඳව දැනුමක් ලබාගැනීම් වස් රජය වෙත පවරා ගැනීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණක් බව ”මහනුවර” වැසියෝ පවසති. ඇහැලේපොල කුමාරිහාමිගේ සොහොයුරු විරකැප්පෙටිපොල නිළමේතුමන් ඉංග‍්‍රීසි පාලකයන් හා උරණව ඔවුනට එරෙහිව කැරැුල්ල මෙහෙයවීමේ චෝදනාව මත ඉංග‍්‍රීසින් කැප්පෙටිපොල සෙනවිතුමන් අල්ලා ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල මහාදිකාරම් නිල මැදුරේ රඳවා තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි.
අදත් ඉතා මනරම් සහ ප‍්‍රතාපවත් අයුරින් පවතින මෙම ගොඩනැගිල්ල සංස්කෘතිකමය අතින්ද, පුරා විද්‍යාත්මක අගයෙන්ද ඉන් උසස් අගයක් හිමිකර ගනියි.
ශ්‍රී වික‍්‍රම රාජසිංහ සිංහලේ අවසන් රජුගේ මාළිගයට ආසන්නව රජ වීදිය හා කල්‍යාණ වීදිය නමින් හඳුන්වන වීදියේ පිහිටි ඇහැලේපොල මහාදිකාරම් වලව්ව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන කාලය තුළ ඉදිවූවක් විය හැකි බව මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක (එජාප) ශ්‍රී දළදා මාළිගාවේ හිටලූ දියවඩන නිලමේ තැන්පත් නෙරංජන් ප‍්‍රියදර්ශන දුල්ලෑව විජේරත්න මහතා පවසයි.
ඇහැලේපොල වලව්වේ අයිතිය බන්ධනාගාර ඇමති චන්ද්‍රසිරි ගජධීර මහතා විසින් සන්නසක් මගින් ජනපතිට භාරදීම |
මෙරට පාලනය කළ වඩිග රජුවන ශ්‍රී වික‍්‍රම රාජසිංහ රජුට තම ආත්මය පාවා නොදුන් දයාබර සැමියා වෙනුවෙන් දරුවන්ගේ ජීවිතය හා තම ජීවිතය පරිත්‍යාග කළ ඇහැලේපොල කුමාරිහාමි ලංකාවේ කතුන්ට ගෞරවයක් හා ආදර්ශයක් දුන් කාන්තාවක් ලෙසින් එදා සිට මේ දක්වා හඳුන්වති.
කෲර රජු විසින් රාජ අණින් ඇහැලේපොල කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත්කිරීමෙන් පසු මහනුවර පුරවරයේ. නිවාසවල විසූ කුල කතුන් තම නිවසෙහි සතියක් පමණ කාලයක් ලිප් ගිනි දල්වා නැතැයි ඉතිහාසයේ සඳහන් වෙයි. ඉංග‍්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ ඇහැලේපොල කුමාරිහාමිගේ දයාබර සැමියා වූ ඇහැලේපොල මහාදිකාරම්තුමා මුරිසි දිවයිනට පිටමං කරන තෙක්ම නිවාස අඩස්සියේ රඳවා තබාගනු ලැබුවේද ඔහුසතු මෙම වලව්වේය.
ශ්‍රී වික‍්‍රම රාජසිංහ මහ රජතුමා හා ඇහැලේපොල කුමාරිහාමි සම්බන්ධ කරමින් විවිධ ජනප‍්‍රවාද පැවතියද එදා වඩුග රජුගේ අදහසකට එකඟත්වය පළනොකිරීම හේතුවෙන්, තම දරුවා වංගෙඩියේ දමා කොටා මරා දමන්නට රජ අණ නිකුත් කරද්දී එම කාර්ය ඉටු කිරීමට නොහැකිව ඇහැලේපොල කුමාරිහාමි සිහිසුන්ව ඇද වැටුණු පුවත හා ඇයට බෝගම්බර වැවේ ගිලී මියයන්නට සිදුවූ පුවත තුළින්ම වටහා ගත හැකි වන්නේ ඇහැලේපොල කුමාරිහාමි මෙරට විසූ ශ්‍රේෂ්ඨ තුළ කාන්තාවක් බවය.
එවන් ශ්‍රේෂ්ඨ කුල කතක් විසූ නිල මැදුර යම් තරමකට හෝ රාජ්‍ය නායකයාගේ අවධානයට ලක්ව, ඔහුගේ මුවින්ම ප‍්‍රකාශ කළ පරිදි ”මෙවන්වූ පෞඪ ඉතිහාසයක් තිබෙන ඉපැරණි ශ්‍රේෂ්ඨ ස්ථානයක් අනාගත පරපුරට, මෙරට පෞඪ ඉතිහාසය පිළිබඳව දැණුම ලබාගත හැකි පරිදි සුරක්‍ෂිත කළ යුතුය” යන්න බොහෝ දෙනෙකුගේ ප‍්‍රසංසාවට ලක්විය යුතු කරුණකි.
ඇහැලේපොල වලව්වේ මැද මිදුල |
වලව්වේ ඇතුළත |
ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයට යන තරප්පු පෙළ |
මුළුතැන්ගෙය පෙදෙස |
අද දක්වාම පවතින ඇහැලේපොල වලව්වේ ඉහළ මාලයේ ලී තරප්පු මන්දිරය ඇතුළත දොර උළු වහු අවට අනෙකුත් ඉපැරණි කාමර සෙවිලි රට උළු වහල, එකල මෙරට පැවැති ගෘහ නිර්මාණ ශිල්පයේ හැකියාවන් විදහා දක්වයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරයේ පැවැති නිසාම මෙම ඓතිහාසික මන්දිරය සුරක්‍ෂිතව යළීත් රජයට බාර ගැනීමට හැකිවීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් එහි නිල ධාරීන්ටත්, අදාළ දෙපාර්තමේන්තුව භාර අමාත්‍ය, චන්ද්‍රසිරි ගජධීර මහතාටත් ස්තුතිය පුද කළේය.
එහෙත් මෙම ඓතිහාසික ගොඩනැගිල්ල සිංහල ජාතියේ පෞඪත්වය ලොවට කියාපාන තත්ත්වයකට එය සුරක්‍ෂිත කිරීමට එදා මෙදා තුර මෙම ගොඩනැගිල්ල භාරව සිටි සැවොම ක‍්‍රියාකර තිබීම මැනවින් දැකගත හැකිවන්නේ පසුගියදා එම ගොඩනැගිල්ලට ගොස් එහි යථා තත්ත්වය දැක බලාගත් අවස්ථාවේදීය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ දැනට ස්ථාපිත කර තිබෙන වීරමද්දුම බණ්ඩාර පිළිරුව දුටුවිට එදා ගහලයාගේ කඩු තුඩට අභීතව ගෙලදුන් මද්දුම බණ්ඩාර දරුවා කෙළිදෙළෙන් දුව පැන ඇවිද්ද මේ මහා මන්දිරය කෙතරම් සුන්දර ස්ථානයක් ලෙස පවතින්නට ඇද්දැයි සිතා බැලිය යුතුය.
මහනුවර පැවැති ඉපැරණි ”වලව්” රැසක් මේ වන විට විවිධ ආයතනවලට හා විවිධ පුද්ගලයන්ට හිමිවී මේ වන විට එම වලව් ඉපැරණි තත්ත්වයෙන් ඉවත්කර නවීකරණයට ලක්කර තිබේ. මහනුවර යුගයේ නායක්කර් යුගය ලෙස සලකනු ලබන ශ්‍රී ලංකාවේ අන්තිම රජවූ ශ්‍රී වික‍්‍රම රාජසිංහ (1815) රජ සමයේ මහනුවර නගරය තුළ වලව් 18 ක් තිබී ඇති බව මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ 1818.03.27 දින සිතියම අනුව අනුමාන කළ හැකිය. එම යුගයේ රජුගේ අමාත්‍ය මණ්ඩලයට අයත් දිසාවේ, අදිකාරම්, මහ අදිකාරම් ආදී නිලධාරීන්ට ලබාදී ඇති රාජ්‍ය නිල නිවාස ඒ වලව් 18 බැව් පැරණි ග‍්‍රන්ථවලින් සනාථ වෙයි.
ඇහැලේපොල වලව්ව, ඇල්ලේපොල වලව්ව, දුනුවිල වලව්ව මොලදණ්ඩ වලව්ව, නුගවෙල වලව්ව. මුල්ලේගම වලව්ව කපුවත්තෙ වලව්ව. වෑගොඩපොල වලව්ව, පිළිමතලාව වලව්ව, එරමුදුලියද්දේ වලව්ව, දෙහිගම වලව්ව, මීගස්තැන්න වලව්ව, මාම්පිටිය වලව්ව, ඇරැව්වාවල වලව්ව, ඇරෑපොල වලව්ව, මොල්ලිගොඩ වලව්ව, දුල්ලෑව වලව්ව, රත්වත්තේ වලව්ව අවසන් රජු යටතේ සේවය කළ ප‍්‍රභූන්ගේ නිල නිවාස බව පැරණි පොත පතෙහි සඳහන්ය.
අද වනවිට මෙම වලව් අතරින් ඉතිරිවී ඇත්තේ මහනුවර ජනාධිපති මන්දිරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල, මහනුවර මහනගර සභාව පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා රජවීදිය රිමාන්ඞ් බන්ධනාගාරය පවත්වාගෙන යන ඇහැලේපොල නිලමේ තුමාගේ පැරණි වලව්වය.
මහනුවර ජනාධිපති මන්දිරය පවත්වාගෙන යන ගොඩනැගිල්ල. අතීතයේ පිළිමතලාව වලව්ව වන අතර පසු කලෙක ඉංග‍්‍රිසි පාලනය පැවැති අවදියේ එම ගොඩනැගිල්ල ඉංග‍්‍රීසි පාලකයන් විසින් විවිධ වෙනස් කිරීම් වලට ලක්කර තිබේ.
මහනුවර ක්වින්ස් හෝටල් ගොඩනැගිල්ල රජ සමයේ දුල්ලෑව වලව්ව වශයෙන් පැවැති අතර ඉංග‍්‍රිසින් මහනුවර, අත්පත් කරගත් පසු දුල්ලෑව වලව්ව විවිධ වෙනස් කිරීම් වලට ලක්කොට ඉංග‍්‍රීසින්ගේ නවාතැනක් ලෙසට භාවිත කර පසුව එය ක්වින්ස් හෝටල් ගොඩනැගිල්ල බවට පරිවර්තනය වී තිබේ.
ඉංග‍්‍රීසි පාලකයන් සමයේ දුල්ලෑව වලව්ව ක්වින්ස් හෝටලය බවට පත් කිරීමෙන් පසුව එහි ගොඩනැගිලි මුදුනේ ඉංග‍්‍රිසි හමුදාවේ නිල හිස්වැසුම සහිත දැවැන්ත ලාංඡුනයක් ඉදි කර ඇති ඔවුන් එය ශ්‍රී දළදා මාළිගාවට මුහුණලා මැනවින් දර්ශණය වන ආකාරයෙන් නිර්මාණයකර තිබී ඇත.
මහනුවර ඇහැලේපොල වලව්වේ ඉපැරණි ඉදිකිරීම් සඳහා ඉපැරණි ගඩොල් යොදා ගෙන තිබේ. මෙහි කුලූනු තනා ඇත්තේ මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය ක‍්‍රම උපයෝගී කරගනිමිනි. ආරුක්කු සහිත ඇතුළුවීමේ ද්වාර කීපයක්ද ඇහැලේපොළ වලව්ව ඇතුළත දක්නා ලබේ.
දුනුවිලදිසාවට අයත්ව තිබූ දුනුවිල වලව්ව අද වනවිට මහනුවර මහ නගර සභා ගොඩනැගිල්ල ලෙස පවත්වාගෙන යයි. එම ගොඩනැගිල්ලේ ඉපැරණි ඉදිකිරීම් අදද දක්නා ලැබේ. එදා තිබූ ඉපැරණි දොර උලූවහු අදද ඉතා ශක්තිමත්ය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වීර මද්දුම බණ්ඩාරගේ පිය ගැටුණු මහ වලව්ව
නාථ Friday, 28 March 2014 05:42 PM
ඉතා හොඳ ලිපියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)
සංජු Tuesday, 23 July 2013 12:32 PM
කොහොමද සුද්දන්ගේ වැඩ...? සිංහල ජාතියේ වීරුවන්ගේ මතක සටහන් අපි රැකගත යුතුයි. මේවා අපි තේරුම් ගෙන වැඩ කළ යුතුයි (නි)
චුට්ටා Friday, 26 July 2013 03:58 AM
මේක කාගේ හරි දේශපාලඥයෙකුගේ නමකින් හදපු වලව්වක් වෙන්න ඉඩ තියන්න නම් එපා.(නදී)
රසික Thursday, 25 July 2013 08:08 AM
මුල්ලේරියාව කියනගම ගැන දැන් තියෙන හැගීම ත් මේ ව්දියම තමයි. කරුණාකර ඒ නමටත් ගෞරවය ලබා දෙන්න. මුල්ලේරියාවේ මානසික රෝහල් හැදුවේ ඒවා අමතක වෙන්ඩ තමයි.විමල් වීරවංස ඇමති තුමාගේ අවදානය යොමුවේවා.......(අ)
සුප්‍රා Sunday, 21 July 2013 05:33 PM
ගරු ජනාධිපතිතුමනි , ඔබතුමාට ගොඩක් පින්! (දී)
රොහාන් Tuesday, 23 July 2013 06:42 PM
මේ කතාව ඇත්තම කියලා පිළිගන්න තරම් සාක්කි තියෙනවද අපේ ඉතිහාස පොත්වල? හැබැයි මේ හැම දෙයක්ම වුනේ ඇයි කියලා නම් තේරෙනවා පොත් කියවනකොට (නි)
අචිනි Monday, 22 July 2013 02:30 PM
හෙට අනිද්දා වෙනකොට මේ වලව්වේ තත්ත්වය මීට වෙනස් වෙන්නත් බැරි නැහැ. දන්නවනේ අපේ බලලෝභී දේශපාලකයන්ගේ හැටි? (නි)
සමන් Tuesday, 23 July 2013 08:57 AM
බොහොම හොඳ වැඩක් (නි)
දර්ශන් Monday, 22 July 2013 07:00 AM
ජනපතිතුමනි, ඔබට තුති! ඇහැළේපොළ කුමාරිහාමිගේ ජීවිත කතාව අළලා මෙම පරිශ්‍රය උපයෝගී කරගෙන හොඳ සිනමා සිත්තමක් අනාගත දරුවන්ට දායාද කළහැකි නම් කොපමණ අගනේද? (නි)
කමල් Sunday, 18 August 2013 02:17 PM
මේ වලව්ව තව ටික කාලෙකින් රටේ ලොකු කෙනෙකුගේ පුත්‍ර රත්නයකගේ නිල නිවස වෙයිද කියලා තමයි බය (නි)
දිනේෂ් Tuesday, 23 July 2013 02:54 PM
ගොඩාක් හොද දෙයක් , ජනාධිපතිතුමනි ඔබට ගොඩාක් පින් . අපේ දේ අපි රැකගනිමු (දී)
දිනේෂ් Tuesday, 23 July 2013 02:55 PM
ගොඩක් හොද දෙයක්. ජනාධිපති තුමනි ඔබට ගොඩක් පින්. අපේ දේ රැකගනිමු.(නදී)
ආචාර්ය කුමාර ඒකනායක Thursday, 25 July 2013 09:21 PM
මෙය ඉතාමත් අනර්ඝ ක්‍රියාවක්.මෙම ස්ථානය කටුගෙයක් බවට පත්කළ යුතුයි .ඇහැලේපොල කතාව එහි රූප රාමු වශයෙන් ප්‍රද ර්ශනය කල හැක.නිවට රජකු හා ඉංග්‍රීසි පාලකයන් විසින් මේ රටට කල අපරාධ අනාගත පරපුරට දැනුවත් කල යුතුයි. අප දීන ජාතියක් නොවන බව පෙන්විය යුතුයි.මෙම ලිපියට ඉතාමත් ස්තුතියි. (අ)
චානක Wednesday, 24 July 2013 10:31 AM
මඩුගල්ලේ දිසාවේ සිටි මෙවැනිම වලව්වක් උඩදුම්බර මඩුගල්ලේ පිහිටා ඇත. ඒ පිළිබදව වගකිව යුත්තන්ගේ අවධානය යොමුවිය යුතුය.(නදී)
නාමල් Tuesday, 23 July 2013 04:01 PM
ගොඩක් ඉස්සර කරන්න තිබුන දෙයක්.(නදී)
උඩුරාවන Sunday, 21 July 2013 09:48 PM
මෙට වසර ගණනකට පෙර කරන්න තිබුන වැඩක් ජාතියේ හදවත සිහිකිරිම යුග අවශ්‍යතාවක් (අ)
දම්සර Monday, 22 July 2013 11:37 AM
ඔබතුමාට බොහෝ පින් සිද්ධ වෙනවා. ස්තුතියි! (නි)
තිලකා රන්දෙනි Friday, 07 July 2017 07:16 PM
ඇහැලේපොල කුමාරිහාමිගේ ඝාතනය සැලසුම් කළේ ඇහැලේපොල අදිකාරම්මයි. ඔහුට ඕන කලේ ලංකාවේ රජ වෙන්න විතරයි. රජතුමා බොහොම හොඳ කෙනෙක්. කුමාරිහාමි හා රජතුමා අතර තිබුනේ ආත්මීය ගත ආදරයක් විතරයි. ඔවුන් දෙදෙනා කතා කලේ ඇස්වලින් විතරයි. රජු කලේ සිංහලේ නීතිය ක්‍රියාත්මක කිරීම පමණයි. රජුට සිංහලේ නීතිය කියා දුන්නේ පුස්සැල්ලේ නිලමෙයි. දන්නවාද ඔය තරම් ඛේදවාචකයක් වුනාට පස්සේ මේ පුද්ගලයා අවුරුද්දක් යන්නටත් ඉස්සෙල්ලා යාළුවෙලා හිටිය මීගස්තැන්නගේ වැන්දඹු බිරිඳව කරකාර බැඳ ගත් බව? ඒ සඳහා ලොකුවට මගුලක් කන්නයි ලැස්ති වුණේ.... කුමාරිහාමිගේ භූතාත්මය තමයි ඒ ඔක්කොම වැළැක්කුවේ.... ඒහෙම තමයි මම නම් දන්නේ...