IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විරෝධතා මැද ගෙදර ගිය නායකයෝ

ජනතා විරෝධතා හමුවේ, ධුරයෙන් සමුගත් රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකි. එවැනි රාජ්‍ය නායකයන් ගැන කතා කරද්දී පළමුනේ අප කාගේත් සිහියට නැගෙන්නේ පිලිපීනයේ 'ඒකාධිපතියා' ෆර්ඩිනැන්ඩ් ඉමැනුවෙල් මාකෝස් ය.

1965 සිට 1986 දක්වා පිලිපීනයේ 10 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ මාකෝස්ය. 1972 සිට 1981 දක්වා කාලයේ ඔහු රට පාලනය කළේ හමුදා නීතිය පනවමිනි. 1986 වසරේ ධුරය අහිමි වනතුරු ම මාකෝස්, පිලිපීන ජනාධිපති ලෙස ඔහුට හිමි හමුදා බලතල අනුව කටයුතු කළේය. 20 වැනි ශත වර්ෂයේ වඩාත්ම මතභේදාත්මක නායකයා ලෙස සැලකෙන මාකෝස්ගේ පාලනය දූෂණය ඉහවහා ගිය, වියදම් ඉහවහා ගිය, ම්ලේච්ඡත්වය රජ කළ එකක් විය. ජනතා මුදලින් සැප විඳි මාකෝස්ගේ බිරිඳ ඉමෙල්ඩා ද හරි අපූරු තැනැත්තියකි. වසර විස්‌සක්‌ රට පාලනය කළ මාකෝස්‌ ජනතා බලවේගය විසින් 1986 දී බලයෙන් පහ කරනු ලැබුණි. බලයෙන් පහ වන විට මාකෝස්‌ යුවළ සතුව තිබුණු ධනස්‌කන්ධයේ වටිනාකම ඩොලර් බිලියන දහයක්‌ බව පැවැසෙයි. රාජ්‍ය නායකයකු සහ බිරිඳ එක් වී සිදු කළ විශාලතම සොරකම එසේත් නැතිනම් මහජන මුදල් කොල්ලය සම්බන්ධයෙන් ගිනස් ලෝක වාර්තා අතරට එක් වී සිටින්නේ ද මාකෝස් සහ ඉමෙල්ඩා ය.

පාකිස්තානයට යහපාලනයක් ගෙන උත්සාහ ගත්, ඉම්රාන් ඛාන්ට පසුගිය දා සිය ධුරය අහිමි විය. ඒ, පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී විශ්වාසභංගයකින් ද පරාජයට පත් වුණු බැවිනි. විපක්ෂයේ බලපෑම් සහ විපක්ෂ හිතවාදී පාකිස්තාන වැසියන්ගේ බලපෑම් අග්‍රාමාත්‍ය ඉම්රාන් බලයෙන් නෙරපා දැමීමට සමත් විය. රටේ පවතින ආර්ථික අර්බුදයට ඉම්රාන් වගකිව යුතු බවත්, නිසි ආර්ථික ප්‍රතිපත්තියක් ඉම්රාන්ට නොමැති බවත් විපක්ෂය චෝදනා නගා තිබුණි. ඉම්රාන් නියෝජනය කරන්නේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයයි. 'තරීක් ඊ ඉන්සාෆ්' දූෂණ විරෝධී දේශපාලන පක්ෂයක් වන අතර, 2018 දී ඉම්රාන් බලයට පත්වූයේ පාකිස්තානයේ දූෂණ වංචා නැවැත්වීමටත්, යහපාලනය ඇතිකිරීමටත්ය. 'යහපාලනය' කෙසේ වෙතත් සුපිරිසුදු දේශපාලනඥයකු ලෙස ප්‍රකට ඉම්රාන්ගේ හොඳ නම ද කැත වී අවසන්ය. දූෂණ චෝදනාවලට වරදකරු වී සිටින නවාස් ෂරීෆ්ගේ 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයේ නායක, නවාස් ෂරීෆ්ගේ සොයුරා ෂෙහ්බාස් ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවී අවසන්ය.

2013 සිට 2017 තෙක් කාලයේ දකුණු කොරියානු ජනාධිපති ධුරය හෙබවූයේ පාක් ග්වෙන් හේ ය. දකුණු කොරියානු ජනාධිපති ධුරයට පත් පළමු කාන්තාව පාක් ග්වෙන් හේ ය. පාක් ග්වෙන් හේ ට ධුරය අහිමි වූයේ දකුණු කොරියානුවන් ලක්ෂ ගණනින්, සති ගණනාවක් තිස්සේ ඉටි පන්දම් දල්වා ගනිමින්, සෝල් අගනුවරට රැස් වී පැවැත්වූ සාමකාමී විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙසය. ජනාධිපතිනී පාක් ග්වෙන් හේ සිය මිතුරිය චෝයි සූන් සිල් ළං කරගෙන සිටියාය. සියලු 'රජයේ ගනුදෙනු' සිදුවූයේ මිතුරිය හරහාය. ජනපතිනියට වැරැදුණේ එයයි. මිතුරිය චෝයි සූන් සිල් ජනපතිනියගේ බලතල අයථා ලෙස භාවිත කළාය. ජනාධිපතිනී පාක් ග්වෙන් හේ ජනාධිපති බලතල අවභාවිතයට ලක් කළ බවටත් දූෂණ සම්බන්ධයෙනුත් චෝදනා එල්ල විය. ජනතා අප්‍රසාදය මැද, වැරදි පිළිගෙන සමාව ඉල්ලීමට ජනාධිපතිනිය කටයුතු කළත්, ජනතාවගෙන් ඇයට කිසිදු සමාවක් නොලැබුණි. අවසානයේ දෝෂාභියෝගයකින් පරාජය වූ පාක් ග්වෙන් හේ ධුරයෙන් ඉවත්වූවා පමණක් නොව, එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකාරිය ද වූවාය. වසර 25 ක සිරදඩුවමක් ඇයට හිමි විය.

වසර 14 කට වැඩි කාලයක් බොලිවියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඊවෝ මොරාලේස් ය. බොලිවියා යනු ලතින් ඇමෙරිකා කලාපයට අයත් රාජ්‍යයකි. මොරාලේස් සමාජවාදී ජනාධිපතිවරයෙකි. ඔහු බොලිවියාවේ ජනපති ධුරයට පත් වුණු පළමු ස්වදේශීය ගෝත්‍රික වැසියා ද වෙයි. මුලදී වීරයකු වුවත්, මොරාලේස්ගේ ජනප්‍රියත්වය කල් ගතවෙද්දී අඩු විය. දූෂණ චෝදනා දිගින් දිගට එල්ල වෙද්දී, ජනතා අප්‍රසාදය වැඩිවිය. විපක්ෂ දේශපාලන කණ්ඩායම් පමණක් නොව හමුදාව ද එක් වී, මොරාලේස්ට දැඩි පීඩනයක් එල්ල කරන්න විය. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේ දී හොර ඡන්ද දමා ජයග්‍රහණය කළේ යැයි මොරාලේස් ට චෝදනා එල්ල වෙද්දී රට ගිනි ගෙන තිබුණි. ලක්ෂ ගණනින් බොලිවියා වැසියෝ වීදි බැස විරෝධය පළ කරන්න වූහ. අවසානයේ මොරාලේස් ධුරයෙන් ඉවත් විය. මෙක්සිකෝව ඔහුට දේශපාලන රැකවරණ ලබා දුන්නේය. කොන්සවර්ටිව් විපක්ෂ සන්ධානයේ නායිකා ජීනී අනේස් නව ජනාධිපති ලෙස පත් කර ගැණුනි.

ලෙබනනය දේශපාලනික වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් අර්බුද රැසකට මුහුණ දී සිටින රාජ්‍යයකි. ලෙබනනයේ ජනාධිපති ලෙස කටයුතු කළ සාද් අල් හරීරි ට එරෙහිව ජනතා නැගී සිටීමක් සිදුවූයේ 2019 ඔක්තෝබරයේය. රජයේ දූෂණ වංචා සම්බන්ධයෙන් සහ රජයේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහා ජනතා පිබිදීමක් සිදුවිය. ලක්ෂ ගණනින් ලෙබනන් වැසියෝ වීදි බැස විරෝධතා පවත්වද්දී, හරීරි ට ධුරය අත්හරින්නැයි ප්‍රංශය ඇතුළු බටහිර රටවලින් ද බලපෑම් එල්ල විය. ධුරය අත්හැරීම හැර ජනතා අප්‍රසාදයෙන් මිදීමට වෙනත් කළ හැකි දෙයක් නොවිණි. ඒ අනුව, හරීරි ධුරයෙන් ඉවත් විය. හරීරි පිහිටුවා තිබුණේ සභාග රජයකි. ඉරානයේ සහාය ලබන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ දේශපාලන අංශය ද එම සභාග රජයට හවුල් වී සිටියේය.

2019 වසර වෙද්දී ඉරාකයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළේ අබ්දෙල් අබ්දුල් මහ්දී ය. රජයේ දූෂණවලට එරෙහිව සිවිලි වැසියන් විරෝධතා පවත්වද්දී, මහ්දී එම විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යෙදවීය. එහි ප්‍රතිඵලයක් ලෙස විරෝධතාකරුවෝ 450 ක් මියගියහ. තුවාල ලැබූ ගණන 20,000 කි. විරෝධතා උත්සන්න වෙද්දී ධුරයෙන් ඉල්ලා අස්වී බාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස තව දුරටත් රැඳී සිටීමට මහ්දී උත්සහ ගත් නමුත් ඉරාක වැසියන් ඊට කැමැත්තක් දැක්වූයේ නැත. ලෙබනනයේ මෙන් ඉරාක අග්‍රාමාත්‍ය මහ්දී ඇතුළු රජයේ සියලු දෙනා ඉවත් විය යුතු යැයි ජනතාව එක හඩින් කියා සිටියේය. අවසානයේ දී ජනතා හඩට කන් දෙනවා හැර වෙනත් විකල්පයක් නොවිණි. බටහිර ධාරාවේ මාධ්‍ය වලට අනුව එදා ලොව දූෂිත රජයයන් අතරින් අංක 1 ස්ථානයේ පසුවූයේ ඉරාක රජයයි.

අරාබි වසන්තය හරහා අරාබි රටවල පාලකයන්ට එරෙහිව ජනතා පිබිඳීමක් ඇති වූයේ 2010 වසර සිටය. එය ආරම්භ වූයේ ටියුනිසියාවෙනි. ටියුනීසියානු වැසියෝ ආර්ථික අර්බුදයෙන් බැටකමින්, පීඩාවට පත්ව සිටියහ. ජනාධිපති බෙන් අලීගේ රජයට එරෙහි විරෝධතා ආරම්භ වීමට පටන් ගත් අතර ජනාධිපති බෙන් අලී පොලිසිය යොදවා විරෝධතා මර්ධනය කිරීම ඇරැඹුවේය. ඒ අතරේ එක් විරෝධතාකරුවෙක් සිරුරට ගිනි තබා ගනිමින් මියගියේය. විරෝධතා උත්සන්න කිරීමටත්, අවසානයේ මහා ජනතා විරෝධතා හමුවේ බෙන් අලීට ධුරයෙන් ඉවත් වීමටත් සිදුවිය. ටියුනීසියාවෙන් ආරම්භ වූ ජනතා විරෝධය ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය දක්වාත්, ඊජිප්තුවේ ජනාධිපති හොස්නි මුබාරක් ධුරයෙන් නෙරපා දැමීම දක්වාත් යේමනයේ සෞදි හිතවාදී ජනාධිපති අලී අබ්දුල්ලා සාලේ ධුරයෙන් නෙරපා දැමීම දක්වාත් වර්ධනය විය.

(විදෙස් පුවත් ඇසුරිනි)



අදහස් (2)

විරෝධතා මැද ගෙදර ගිය නායකයෝ

Jagath Monday, 18 April 2022 07:44 AM

අපේ රටේ කාලකන්නි ටික කූඩැල්ලන් එල්ලීගෙන ඉන්නවා. මේ පෙරේතයින් ටික දුම්මල ගහලාවත් එළවගන්න බැරුව අපි මේ ඉන්නේ...!

:       5       21

Ranjan Wednesday, 20 April 2022 07:20 AM

ලංකාවේ මිනිස්සුන්ට තේරෙනවා විඳපු දුක.... LTTE ත්‍රස්තයන්ගෙන්. ගෝඨා ගෝ හෝම් කියන්නේ මේවා මතක නැති අය. නැතිනම් අපි තවමත් ගුටි කනවා LTTE කාරයින්ගෙන්. සාම්පූර් ගත්තේ නැති නිසා අපිට දුක්වෙන්න වෙලා විදුලිය නැතිව. රට ආණ්ඩු කරපු හැමෝම වගකියන්න ඕනේ...

:       9       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2656 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 11924 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 538 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 919 1

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 987 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 491 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site