ශ්රී ලංකාවේ අමාත්‍ය මණ්‍ඩලය විවිධ මට්ටමේ වාර්තා තැබීම් අතින් කැපීපෙනෙයි. එහෙත් මේ ඇතැම් වාර්තා හොඳ මට්ටමේ නොව නරක මට්ටමේ ඒවා වීම ඛේදවාචකයකි. එයින් එකක් වූයේ වරක් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාවට කිසිසේත් නොගැළපෙන අමාත්‍යවරුන් විශාල සංඛ්‍යාවකින් සමන්විත වූ අමාත්‍ය මණ්ඩලයක් තිබීමය. එසේම අති සුඛෝපභෝගී යානවාහන භාවිතය අතින් අමාත්‍යවරුන් කප් ගසා සිටීමය.
විවිධ වංචා සහ දූෂණ ද අපරාධද සම්බන්ධ චෝදනා ලබා අධිකරණය ඉදිරියේ නඩු විභාගවලට පෙනී සිටි ඇතැමුන්ටද අමාත්‍ය ධුර හිමිවී තිබීමත් තවත් එක් වාර්තාවකි.
මේ අතරට අලුතින්ම එක්වී තිබෙන වාර්තාවක් ද පසුගිය දිනක ප්‍රසිද්ධයට පත් විය. එයින් අනාවරණය වූයේ 2010 සහ 2023 අතර කාලය තුළදී මේ රටේ අමාත්‍යාංශ සංයුතිය ගැසට් පත්‍ර 111 කින් නැවත වෙනස් කරනු ලැබ තිබෙන බවය. අදාළ කාරණය සම්බන්ධ අධ්‍යයනය සිදු කර තිබුණේ වෙරිටේ රිසර්ච් ආයතනය මගිනි. අමාත්‍යවරුන්ට අයත් ආයතන අමාත්‍යාංශ සංයුතියට අදාළව පවරා ඇති අණපනත් ඇතුළු සියල්ල මේ ගැසට් නිවේදන හරහා වෙනස් කරනු ලැබ තිබේ. අවුරුදු 13 ක කාලසීමාවක් තුළ 111 වතාවක් අමාත්‍යාංශ සංයුතිය වෙනස් කිරීමෙන් පෙනී යන්නේ මේ සමස්ත ක්‍රියාවලිය තුළ කොතැනක හෝ බරපතළ වරදක් තිබෙන බවය. එම තත්වය මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම වඩාත් අකර්මණ්‍ය කිරීමට මිස කාර්යක්ෂම කිරීමට හේතුවී නැති බව පැහැදිලිය.
විධායක ජනාධිපති ධුරයකින් පාලනය කෙරෙන රටක් වුවද ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යමණ්‍ඩලයටද රටේ පාලනය සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී තිබේ. විශේෂයෙන් මූල්‍ය බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම පවරා ඇත්තේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය රටේ ප්‍රධාන මෙහෙයුම් යාන්ත්‍රණය වෙයි. එවැනි ඉතාම කාර්යක්ෂම ලෙස පවත්වා ගත යුතු මෙහෙයුම් යාන්ත්‍රණයක් වසර 13 කදී 111 වැනි වතාවක් වෙනස් කිරීම් වලට භාජනවීම පෙන්වා දෙන්නේ පාලන බලය පවත්වාගෙන යාම සඳහා රටේ ජනතාවගේ පරමාධිපත්‍යය පරදුවට තබා ඇති බවය. එම අවදානම්සහගත පාලන ක්‍රමය රට තුළ නිර්මාණය වූ අරගලකාරී තත්වයක් උද්ගතවීමට ඍජු බලපෑමක් එල්ල කළ බවට සැකයක් නැත. එසේම අරගලයට පදනම වූ රටේ ආර්ථික අර්බුදයටද අමාත්‍ය මණ්ඩලවල ඒකාග්‍රතාව බිඳහෙළන ආකාරයට සංයුතිය වෙනස් කිරීම හේතුවූ බවද නිසැකය.
මෙහිදී වඩාත්ම සැලකිල්ලට ගතයුතු සාධකය වන්නේ අමාත්‍යාංශ සංයුතිය මේ ආකාරයට වෙනස් කරනු ලබන්නේ රටේ අවශ්‍යතා පිළිබඳ ප්‍රමුඛත්වය ලබාදීමට නොව දේශපාලන අවශ්‍යතා සපුරාගැනීම සඳහා වීමය. එවැනි පියවර ගැනීමකින් සිදුවන්නේ රටේ අභිවෘද්ධිය සැලසීම නොව විවිධ හේතූ මත ආණ්ඩුවේ අමාත්‍ය ධුර වලින් පිදුම් ලබන දේශපාලනඥයන්ගේ අභිවෘද්ධිය සැලසීමය. රට ගැන සැලකිලිමත් වන කිසිම ආණ්ඩුවක් එකිනෙකට නොගැළපෙන විෂයයන් එකතු කර අමාත්‍යාංශ සංයුතිය සකස් කරන්නේ නැත. වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වාදී ඇති පරිදි කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් සහ පොහොර වැනි ගැළපෙන විෂයයන් බෙදා වෙන්කර තිබෙන අවස්ථාවද එකිනෙකට නොගැළපෙන සංචාරක, වනජීවී, ක්‍රිස්තියානු කටයුතු වැනි විෂයයන් එකතු කර තිබෙන අවස්ථාද උද්ගතව ඇත්තේ ඒ ඒ ආණ්ඩු මගින් තමන්ගේ බලය රැකගැනීමේ අරමුණින් අවිද්‍යානුකූලව හා අවිචාරාත්මකව සකස් කරන ලද අමාත්‍යාංශ හේතුවෙනි. එම වැරැද්ද ඉදිරියේදී හෝ නිවැරදි කරගත යුතුය.
අපේ රටේ පවතින ක්‍රමවේදය අනුව මැතිවරණයක් ජයග්‍රහණය කිරීමෙන් පසුව ආණ්‍ඩුවේ බලය වැඩිකර ගැනීම සඳහා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් දොළපිදේනි ලබාදෙමින් ගෙඩිපිටින් බිලීබා ගැනීම සිදුවෙයි. මේ දොළපිදේනි අතර කැබිනට් අමාත්‍ය ධුර අනිවාර්ය සාධකයකි. ඒ ආකාරයට අමාත්‍ය ධුර බෙදා දෙන විට ගැසට් නිවේදන හරහා අමාත්‍යාංශ සංයුතිය වෙනස් වීම නියතයකි. සියලුම වරප්‍රසාද සහිතව ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන්, කාර්ය භාරයක් නොමැති කැබිනට් අමාත්‍යවරුන් පමණක් නොව ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ද අමාත්‍යවරුන් බවට පත්වීම් ලබන්නේ මේ ගැසට් නිවේදන සංස්කෘතියේ මහිමයෙනි. එයට දැන්වත් තිත නොතැබුවහොත් රටේ අනාගතය අඳුරු විම වැළැක්විය නොහැකි වනු ඇත.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
වරප්‍රසාද ආශාවට කෙරෙන ගැසට් සංස්කෘතියට තිත තබමු