IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


විශ්වාසභංගය කොහෙන් කෙළවර වෙයිද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට යන්තම් දින තුනක් ඉතිරිව තිබිය දී ජනපති මෛත්‍රීපාල සිරිසේන ද ඔහුටම අනන්‍ය ආකාරයකින් එයට එක්ව සිටිනු පෙනෙන්නට තිබේ. අගමැතිවරයා සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස වික්‍රමසිංහ භුක්ති විදිමින් සිටි බලතල කිහිපයක්ම ඔහුගෙන් ඉවත් කිරීමට ජනපතිවරයා පියවර ගත්තේ පසුගිය සතියේය.ඒ හරහා රටේ ආර්ථිකයේ සියලු ප්‍රධාන අංගවලින් අගමැතිවරයා ඉවත් කිරීමට ඔහු කටයුතු කළේ ය.

සියල්ලේ ආරම්භය සනිටුහන් වූයේ පසුගිය අගහරවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේදීය. එදිනට නියමිත න්‍යාය පත්‍රයේ පළමු අංගය වූයේ මාර්තු මස 20 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේ වාර්තාව අනුමත කිරීමය. ඒ වාර්තාව ප්‍රකාරව,

අ. ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව සහ එය යටතෙහි වන සියලුම කමිටු, ඒකක සහ ක්‍රියාමාර්ග අවලංගු කිරීමට සහ,

ආ. අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වන කැබිනට් උප කමිටුවකට, කැබිනට් මණ්ඩලයට යොමු කැරෙන කැබිනට් පත්‍රිකාවලින් තෝරාගත් කැබිනට් පත්‍රිකා යොමු කිරීමටත් එම කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් උප කමිටුවේ තීරණය කැබිනට් මණ්ඩලය වෙත දැනුම්දෙන ක්‍රමවේදයක් ඇති කිරීමට,  කැබිනට් අමාත්‍යවරු තීරණය කර තිබුණහ.

මෙම කරුණු අවධානයට ගැනුනු පසුගිය සතියේ කැබිනට් මණ්ඩල හමුවේ දී සංවර්ධන ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළදාම් පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ජනපති සිරිසේනගෙන් දැඩි ඉල්ලීමක් සිදුකරමින්, ආර්ථික කළමණාකරණය පිළිබද කැබිනට් කමිටුවට යම් බලතලයක් ඇතිව ක්‍රියාත්මක විය හැකි ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සදහා තවත් සති දෙකක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.එය ජනපති සිරිසේන කෝපයට පත්කිරීමට සමත්විය.

“මම තීරණයක් එක දවසකින් හරි කල්දාන්න ලෑස්ති නැහැ. රටේ ආර්ථිකය තැන් දෙකකින් දුවවන්න බැහැ. “යැයි පැවසූ ජනපතිවරයා, කමිටුව අහෝසි කිරීම හරහා විෂය භාර අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කැබිනට් පත්‍රිකා සෘජුවම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නැවතත් මාර්ගය විවෘත වන බව කීවේ ය.තම විෂය පථයන්ට අයත්වන ප්‍රතිපත්තිමය කාරණා තමන් ද නොදැන ආර්ථික කළමණාකරනය පිළිබද කැබිනට් කමිටුවට යොමුව තිබුණු බවට අතීතයේ ඇතැම් අමාත්‍යවරුන් පැමිණිලි ඉදිරිපත් කර තිබින.

පෙබරවාරි මස 10 වැනිදා මැතිවරණ ප්‍රතිඵලයෙන් ජනතාව ප්‍රබල පණිවුඩයක් ලබා දී තිබෙන බවත්, එනිසාවෙන්ම මෙවන් පියවරක් ගැනීම තමාගේ පක්ෂයට මෙන්ම අගමැතිවරයාගේ  පක්ෂයට ද යහපත් බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.ඒ කෙසේවුව ද, ආර්ථිකය හැසිරවීමේ සම්පූර්ණ වගකීම ජනපතිවරයා ඔහු අතට ගැනීමට යන බව මේ සියල්ලෙන් ප්‍රත්‍යක්ෂ විය.

මාර්තු මස 20 වැනිදා කැබිනට් රැස්වීම් වාර්තාවේ ආර්ථික කටයුතු පිළිබද කැබිනට් කමිටුව අහෝසි කැරෙන බව සදහන් වුව ද, එදිනම සන්ධ්‍යාවේ එම කමිටුවේ රැස්වීමක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තුවේ දී පැවැත්වින.කැබිනට් තීරණය තවමත් සහතික කැර නොමැති නිසා එසේ රැස්වීම පැවැත්වෙන බව සදහන් විය.සමරවික්‍රමගේ ඉල්ලීමට ජනපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි පුරෝකථනය කර පසුගිය අගහරුවාදා දිනයේ ද කමිටු රැස්වීමක් පැවැත්වීමට සැළසුම් කර තිබින. පසුව එය අහෝසි කැරින.යටගිය දවස සමරවික්‍රම ඉදිරිපත් කළ යෝජනා බොහෝමයකට ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුවේ අනුමැතිය හිමි වූ බව කිසිවෙකුට රහසක් නොවේ.

 

කමිටු රැස්වීම ප්‍රකාරව කමිටු නිළධරයන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර තිබින.ඔවුන් වෙත අගමැති කාර්යාලයෙන් යැවුනු පණිවුඩයේ සදහන්ව තිබූයේ මෙවැන්නකි,

ආර්ථික කළමණාකරන රැස්වීමේ නිළධාරී කමිටු රැස්වීම අංක 119 - න්‍යාය පත්‍රය

“ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශ උපදේශක ආර්.පාස්කාරලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 මාර්තු මස 29 වැනිදා, අංක 58, අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07, යන ලිපිනයෙහි වන අග්‍රාමාත්‍ය කාර්යාලයෙහි දී පස්වරු 3.30 සිට පැවැත්වීමට නියමිත ආර්ථික කළමණාකරන කමිටු නිළධාරී රැස්වීමේ න්‍යාය පත්‍රය පහත අමුණා ඇත. න්‍යාය පත්‍රයෙහි සදහන් ඔබ ආයතනයෙහි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීමට සහභාගී වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.“

“යම් යෙහෙකින් මෙම රැස්වීමට ඔබට සහභාගීවීමට නොහැකි නම් ඔබ වෙනුවෙන්, තීරණ ගැනීමේ මනා හැකියාවෙන් යුත් සුදුසු නිළධරයකු නම් කිරීමට කාරුණික වන ලෙසත්, ඔහුගේ නම, තනතුර සහ සම්බන්ධකරගැනීමේ තොරතුරු, 2018 මාර්තු මස 29 වැනිදා පෙරවරු 10.00 ට පෙර ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.“

බදාදා යැවුනු තවත් ලිපියකින් මෙම රැස්වීම නොවැළැක්විය හැකි හේතූන් නිසා කල්දැමුණු බව සදහන් කැරින.
බදාදා දින ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනපති සිරිසේන ශ්‍රී ලංකා මහබැංකුව සහ විනිමය සුරැකුම්පත් හා විනිමය කොමිසම අගමැතිවරයාගෙන් ඉවත් කැර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කළේ ය.එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යවරයා ලෙස අගමැතිවරයාගේ රාජකාරීන් සහ ක්‍රියාමාර්ගයන් කිහිපයක් ඔහුගෙන් ඉවත් විය.ඒ අතර,

මුල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සහ මහබැංකු සම්බන්ධීකරණය යටතේ කැරෙන මහා පරිමාන ආර්ථික කටයුතු කළමණාකරනය

● ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශ දායකත්වය පහසුකරණය කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සම්බන්ධීකරණය සිදුකිරීම

● ජාතික හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් සම්බන්ධීකරණය කිරීම, මෙහෙයවීම, නියාමනය කිරීම සහ ඇගැයීම

● තරුණ කටයුතු විෂය ප්‍රකාරව ව්‍යාපෘති සහ වැඩසටහන් සකස් කිරීම, නියාමනය කිරීම සහ ඇගැයීම

● තරුණ පරම්පරාව නිවැරදි මග යොමු කිරීම සදහා වන ආකල්පමය සංවර්ධන වැඩසටහන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම

● රැකියා විරහිත තරුණ තරුණියන් කේන්ද්‍රකරගත් කුසලතා සංවර්ධන වැඩසටහන් දියත් කිරීම

● තරුණ සමාජ සදහා වන ස්වේච්ඡා වැඩසටහන් සකස් කිරීම


ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද අමාත්‍යංශයෙන් ඉවත් කැරුනු ආයතන පහත පරිදිය,
ජාතික මෙහෙයුම් කාර්යාලය, ව්‍යාපෘති කළමණාකරන සහ නියාමන දෙපාර්තමෙන්තුව, ආදිය විය
තරුණ කටයුතු සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකම් සියල්ල තරුණ කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා යටතට පත්කැර තිබේ.මේ අතර එක්සත් ජාතික පක්ෂ කැබිනට් තනතුරු සංශෝධනයෙන් පසු එම එක් එක තනතුරුවලට අදාළව විෂය පථයන් වෙන් කිරීම ද බදාදා දිනයේ සිදුවිය.තිරසාර සංවර්ධන අමාත්‍යංශය, කර්මාන්ත සහ වෙළද අමාත්‍යංශය, විශේෂ ඇගයීම් අමාත්‍යංශය, මහජන කර්මාන්ත සහ නුවර සංවර්ධන අමාත්‍යංශය, එසේ වෙන් කැරුනු අමාත්‍යංශ විය.

ආර්ථික කළමණාකරන කමිටුව සතිපතා පැවැත්වූ රැස්වීම්වල මුල් පුටුව හෙබවූ නිසාවෙන්ම, එම කමිටුව අහෝසි කිරීමට ජනපතිවරයා ගත් තීරණය අගමැති රනිල් වික්‍රමසිංහට එල්ල වූ ප්‍රබල පහරකි.ආර්ථික කටයුතු සම්බන්ධයෙන් වන රජයේ වැඩසටහන් බොහෝමයක් පිළිබදව සාකච්ඡා කැරුනේ සහ තීරණ ගැනුනේ මෙම කමිටුවෙනි.මෙම කමිටුව ක්‍රියාත්මක වන්නේ සමාන්තර කැබිනට් මණ්ඩලයක් ලෙසින්යැයි ද, තමන්ට අදාළවන විෂයයන් සම්බන්ධයෙන් තමන්ගෙන් හෝ අදාළ නිළධාරීන්ගෙන් හෝ මෙම කමිටුව කිසිදු අදහසක් විමසන්නේ නැතැයි ද, එදවස සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ චෝදනාව විය.

වෙනකක් තියා ආර්ථික කළමණාකරනය පිළිබද කැබිනට් කමිටුව අහෝසි කිරීම සදහා ජනපති සිරිසේන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ ද මේ බව සදහන්ව තිබින.2015 සැප්තැම්බර් මස 23 වැනිදා කැබිනට් තීරණයකින්ම ස්ථාපිත කැරුනු ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව හමුවට ඉදිරිපත්ව වූ ගැටලු රාශියකි.උදාහරණයක් ලෙස වරක් එම කමිටුවට, හාර්වර්ඞ් විශ්වවිද්‍යාලයේ මැකෙන්සි ඩිලිවරි අංශය සහ ලෝක බැංකුව එක්ව පිළියෙල කර තිබූ, වසර තුනක් සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ සංවර්ධන න්‍යාය පත්‍රයක් ඉදිරිපත් විය.

එය අධ්‍යනය කර පොදු වාර්තාවක් සකස් කිරීමේ වගකීම කමිටුවෙන් පැවැරූයේ ආචාර්ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, සහ අගමැති උපදේශක ආර්.පාස්කරලිංගම් යන මහත්වරුන්ටය.මෙම විෂය සදහා අදාළ වූ අමාත්‍යංශ නොසලකා හැරින.මේ ආකාරයටම වරක් ආසියා සංවර්ධන බැංකුව කමිටුව හමුවේ ජාතික වරායන් අරබයා වූ විසල් සැලැස්මක ඉදිරිපත් කිරීමක් සිදුකළේ ය.එම ඉදිරිපත් කිරීම වරාය හා නාවික අමාත්‍යවරයා හමුවේ සිදුකරන ලෙසට කමිටුවෙන් උපදෙස් දෙනු ලැබූයේ එයින් පසුවය.

දුක්ගැනවිලි සහ ඒ සදහා විසදුම් ලබාදීම කමිටුවේ ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගන්නා විට අවධානය යොමුවන තවත් කරුණකි.එක්තරා වාහන ආනයනකරුවෙක් භාවිතා කරන ලද වෙළද කටයුතු සදහා වන වාහන තොගයක් මෙරටට ආනයනය කර තිබින.ඔහු එම වාහන තොගය මෙරටට ගෙනවිත් තිබුනේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.එනම් ඊට මසකට පෙර, නොවැම්බර් මාසයේ දී අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවය.පෙර තිබුණු බදු අගයට කැරුනු බදු ගෙවීම භාරගැනීම රේගුව ප්‍රතික්ෂේප කළේ ය.

මේ නිසා අදාළ වාහන ආනයනකරුවාගේ සමාගමට බරපතල අලාභයක් සිදුවිය.කරුණු අධ්‍යයනය කළ ආර්ථික කළමණාකරන කටයුතු පිළිබද කැබිනට් කමිටුව, එම අලාභය පියවන ලෙසට කැබිනට් මණ්ඩලයට නිර්දේශයක් ඉදිරිපත් කිරීමට තීරණය කළේ ය.තවත් අවස්ථාවක ජාතික නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයට, තට්ටු ගොඩනැගිලි සම්බන්ධයෙන් ප්‍රතිපත්ති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට මෙම කමිටුව නියම කළේ ය.

ජනපති සිරිසේන, විශ්වාසභංගයට පෙර අගමැති වික්‍රමසිංහගේ තටු කපාදැමීමට කටයුතු කිරීම එක් දෙයකි.ජනපතිවරයා අනුගමනය කරන පිළිවෙත විශ්වාසභංගයේ ප්‍රතිඵලය තීරණය කැරෙන සාධකය වනු ඇතැයි පළව තිබෙන මතයන්ට, ජනපතිවරයා එසේ කටයුතු කිරීම හමුවේ තටු ලැබී තිබීම තවත් දෙයකි.වර්තමාන තත්ත්වය විමසුමට ලක්කළ හැකි ආකාරයන් දෙකක් වන අතර, ඉන් පළමුවැන්න නම් විශ්වාසභංගය ජයග්‍රහණය කරනු ඇතැයි සිතා කළ හැකි විමසුමයි. එහෙත් මේ දක්වාම විශ්වාසභංගයේ ජයග්‍රහණයට අවශ්‍ය ඉලක්කම් ප්‍රමාණය තහවුරු කරගැනීමට නොහැකිව තිබෙන බව සදහන් කළ යුතුය.

නමුත්, විශ්වාසභංගය ජයග්‍රහණය කළේ වුව ද, අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා වන්නෙකු හෝ පිළිගැනීමට තමන්ගේ විරෝධයක් නොමැති බව ජනපතිවරයා පැහැදිලි ලෙසම පෙන්වා දී ඇත.නමුත් ඔහුට මේ සදහා ආධාර කැරෙන කිසිවක් ඔහු නායකත්වය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන් හෝ ඔහුගේ උපදේශකයන්ගෙන් ලැබී නොමැති බව ද කිව යුතුය.රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නෙමැයි ඒකාබද්ධ විපක්ෂයේ නොනිල නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තරයේම අවධාරණය කර තිබීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුවේ.

දෙවැනි ආකාරය වන්නේ විශ්වාසභංගය පරාජය වනු ඇතිය සිතා කළ හැකි විමසුමයි.එවැන්නක් හමුවේ අගමැතිවරයා ශක්තිමත්වන තරමටම ජනපතිවරයා දුර්වල වනු ඇත. එහෙත් මෙවන් අවස්ථාවක පැන නගින ප්‍රධානම ගැටලුව වන්නේ පාර්ශවයන් ද්විත්වයකින් යුත් සභාග රජයේ එම පාර්ශවයන් අතර සහපැවැත්ම කෙළෙසක පවත්වාගත හැකිවේදැයි යන්නය.තමන්ගේ බලය බිදින්නට වෑයම් කළ ජනපතිවරයකු සමග අගමැතිවරයාට ඉන් ඉදිරියට කටයුතු කිරීමට සිදුවනු ඇත්තේ සම්පූර්ණයෙන්ම වෙනස් වාතාවරණයක සිටය.

ජේ්‍යෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පවසන ආකාරයට නම්, විශ්වාසභංගය ජයග්‍රහණය කළෙහොත් එය සභාග රජයේ අවසානය සනිටුහන් කරනු ඇති අතර, එවැනි අවස්ථාවක තමන්ට බහුතරය හිමිබව පෙන්වා වෙනම රජයක් පිහිටුවා ගැනීමට අගමැතිවරයාට සිදුවනු ඇත.රජයේ ජේ්‍යෂ්ඨ නිළධරයින් තීරණ ගැනීමට පැකිළෙමින් සිටින, ආර්ථිකය ක්‍රම ක්‍රමයෙන් ආගාධයට යමින් තිබෙන, සතියක් පාසා මිනීමැරුම් සිදුවන - නීතිය හා සාමය විනාශයට යමින් තිබෙන, අවධියක නව රජයක් පිහිටුවීමට උත්සාහ කිරීම තත්ත්වය තවත් බරපතල කරනු ඇත.

විශ්වාසභංගය හමුවේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර කිහිපයකට පෙර අතීතයේ මෙන් දේශපාලනික වශයෙන් දෙපිළ බෙදී සිටිනු හදුනාගත හැකිය.එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කියා සිටියේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය ව්‍යවස්ථානුකූල නොවන හෙයින් එය නීති විරෝධී බවයි.සියල්ලෝම මේ දිනවල කුමන හෝ මතයක පිහිටා තම තමන්ගේ පක්ෂය ආරක්ෂා කිරීමේ නිරතව සිටින හෙයින් ඔහුගේ එම ප්‍රකාශයේ පදනම් සහගත භාවය පරික්ෂා කිරීමට පවා අවශ්‍යතාවක් නොතිබින.

පසුදාම මාරසිංහගේ ප්‍රකාශයට පිළිතුරු දීමෙත්, විශ්වාසභංගය ගෙන ආ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටීමෙත් අරමුණු ඇතිව සරත් අමුණුගම සහ ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරු මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
“මේ රජය පෙරළා දමන්නට අපට වුවමනාවක් නැහැ.වෙනස්කම් සිදුවිය යුතුව තිබෙන බවට පැහැදිලි පණිවුඩයක් පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේ දී අපට ලැබුනා.අප යෝජනා කරන්නේ නව අගමැතිවරයෙක්.විශ්වාසභංගයට දැනටමත් අපේ සාමාජිකයන් හතරදෙනෙක් අත්සන් තබා තිබෙනවා.“ ඔවුහු කීහ.

ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මෙවැනි තවත් මාධ්‍ය හමු කිහිපයක්ම පැවැති අතර, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ඩිලාන් පෙරේරා සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුව ඒ අතරින් ප්‍රධාන විය.විශ්වාසභංගය පරාජයට පත්වේයැයි බියකින් ඔවුහු විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර අගමැතිවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයැයි පවසන බව පෙනෙන්නට තිබිණ.

විශ්වාසභංගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම ඊයේ (02) ජනපති සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව සිටියේ ය.බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයන්ගේ රැස්වීමක් අගමැති වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වින.එක්සත් ජාතික පෙරමුණු සාමාජික පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ නායක පාඨළී චම්පික රණවක මහතා පිළියෙල කර තිබූ පක්ෂයේ සිදුකළ යුතු වෙනස්කම් රැසක් ඇතුළත් යෝජනාවලියක් අගමැතිවරයා පැමිණි සිටියවුන් අතර බෙදා හැරියේ ය.රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරන් වැන්නෝ ඔවුන් අතර වූහ.

රණවකගේ යෝජනාවලිය අධ්‍යනය කිරීම සදහා කමිටුවක් පත්කරගන්නා ලෙස පැමිණ සිටියවුන්ගෙන් අගමැති වික්‍රමසිංහ ඉල්ලා සිටියේ ය.එම අවස්ථාවට එක්ව සිටි රවී කරුණානායක මහතාව ද එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස ඇතුළත් කරගන්නා ලෙසට ද අගමැතිවරයා උපදෙස් දුන්නේ ය.අප්‍රේල් මස 5 වැනිදාට පසු අදාළ වෙනස්කම් සිදුකළ හැකි බව ඔහු පැවසුවේ ය.

රණවක අදහස් දක්වමින්, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරින් ඉවත්ව ඒ වෙනුවට වෙනත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු අගමැති ලෙස පත්කරන්නේ නම් විශ්වාසභංගය නොසලකා හැරීමේ කැමැත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුවන බවට තමන්ට දැනගන්නට ලැබුණි යැයි පැවසුවේ ය. එහෙත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කතා කරමින්, වික්‍රමසිංහ ඉදිරියටත් අගමැතිවරයා ලෙස කටයුතු කළ යුතුව තිබෙන බවට පක්ෂය තීරණය කර ඇති නිසා එවැනි හැකියාවක් නොමැති බව පැවසුවේ ය.

විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දක්වාම අවසන් තීරණයක් ගෙන නොමැති බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කීවේ ය.මෙදිනම උදැෑසන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ මූලස්ථානය වන සිරිකොත දී පැවැති අතර, එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහට විශ්වාසභංගයේ දී සහාය දැක්වීමට තීරණය විය.පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පක්ෂයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ දී විමසා සිටියේ ය.එළැඹෙන 8 හා 9 දෙදින ඒ වෙනුවෙන්ම වෙන් කර තිබෙන බවට ඔහුට දැනුම්දෙනු ලැබින.

දෙමළ ජාතික දේශපාලඥයින් විශ්වාසභංගයට සහාය නොදක්වනු ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබින.එහෙත් ඔවුන් පළකර අදහස් විවිධ විය.පහතින් දැක්වෙනුයේ එම අදහස්ය.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී, ඉලංගයි තමිල් අරසු පක්ෂ නායකය මාවයි සේනාතිරාජා මහතා - 
“අපගේ ස්ථාවරය ගැන මේ වන විට අප දෙමළ ජාතික සන්ධානයේ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන් සදුදා සහ අගහරුවාදා දෙදින කොළඹ දී හමුවීමට නියමිතයි.උද්ගතව තිබෙන තත්ත්වය සහ දේශපාලඥයින් එයට ප්‍රතිචාර දක්වන ආකාරය සාකච්ඡාවට ගත්තායින් පසුව, විශ්වාසභංගයට සහාය දක්වනවා ද, නොදක්වනවා ද යන්න අප තීරණය කරනවා.

“ඊපීආර්එල්එෆ් සාමාජික, දෙමළ ජාතික සන්ධානය යටතේ පාර්ලිමෙන්තුව නියෝජනය කරන්නේ වුව ද, එම සන්ධානයේ දේශපාලන මතය හා එකග නොවන්නකු ලෙස සැලකෙන ශිව ශක්ති ආනන්දන් මහතා -

“පසුගිය වසර තුනක කාලය පුරාවට දෙමළ ජාතික සන්ධානය වර්තමාන රජයට කොන්දේසි විරහිතව සහාය ලබාදුන්නත්, දෙමල ජනතාවගේ අරමුණු ඉටුකරන්නට රජය අපොහොසත්වෙලා තිබෙනවා. අප පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් අපගේ ස්ථාවරය කුමක් ද යන්න තීරණය කරනු ඇති.“

ඊපීඩීපී නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා - 

“ජනපති මෛත්‍රීපාල සිරිසේන සමගත් අගමැති රනිල් වික්‍රමසිංහ සමගත් ඉතා සමීප සම්බන්ධතාවයක් අපට තිබෙනවා.මේ නිසාම ගැටුමකට මැදිවන්නට අපට වුවමනාවක් නැහැ.අතීතයේ සහ වර්තමානයේ මෙම රජය සුලු ජාතිකයන් වෙනුවෙන් කුමක් කර තිබෙන්නේ ද යන්න මත තමයි සියල්ල රදා පවතින්නේ.රජයේ අපට ගැටුම් තිබෙනවා නම්, උතුරු හා නැගෙනහිර ජනතාවගේ අරමුණු ඉෂ්ට කර දෙන්නට අපට හැකියාවක් නැහැ. අප අවසන් තීරණයක් ගෙන නැහැ.“

කොළඹ පිහිටි තම නිවසේ දී තමන් ජනපති සිරිසේන හා අගමැති වික්‍රමසිංහ අතර හමුවක් සංවිධානය කළ බවත් එය ඉතා සුහද වාතාවරණයක් යටතේ පැවැති බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ සමීපතම හිතවතුන් හා පවසා තිබින.ඉතා ඉක්මනින් මෙම පුවත මාධ්‍ය වෙත ගිය අතර, වහාම ඊට පිළිතුරු දුන් ජනපති ලේකම් කාර්යාලමේ ජේ්‍යෂ්ඨ නිලධරයෝ එවැනි හමුවක් නොපැවැති බව අවධාරණය කර සිටියහ.එම පුවත පළව තිබූ වෙබ් අඩවිවලට පවා ඔවුහු ප්‍රකාශයන් ලබාදුන්හ. ඒ හාම ඇතැමුන් එම පුවත ඉවත් කර ගත්තේ ය.

“අපේ පැත්තේ ඉන්න පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් අපි භාරදීලා තිබෙනවා.ඉතිරිය ජනපති සිරිසේනට භාරයි.අපි බලන් ඉන්නවා.“ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

විශ්වාසභංගයට ජනපති සිරිසේන ද මැදිහත් වීම තරගයේ තීන්දුව වෙනස් කරනු ඇතිදැයි හෝ තරගයේ අවසාන විනිශ්චය වනු ඇතිදැයි යන්න සියලුදෙනාගේම දිවග ඇති පැනයයි. පිළිතුරු ලැබීමට ඇත්තේ තවත් දින දෙකකි.

අභිරහස් ක්‍රියාදාම චිත්‍රපටයක් වන වීරතුංග සිද්ධිය

අන්තර්ජාතික පොලිසිය නිකුත් කර තිබූ රතු නිවේදනයක් පවා නොසලකා හරිමින් නීතියෙන් කට්ටි පනිමින් සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පසුගිය සදුදා ඩුබායි හි නිවාස සංකීරණයක වූ තම නිවසට ඇතුල් වූයේ තමන් පිළිගැනීමට පුද්ගලයින් කිහිපදෙනෙක් දැනටමත් එහි රැදී සිටින බව නොදැනය.

මිනිත්තු කිහිපයක් ඇතුළත, ඒ වන විටත් දින කිහිපයක් පුරා ඔහුගේ යාම් ඊම් ගැන සොදිසියෙන් සිටි ඩුබායි පොලිස් කණ්ඩායමක් ඔහුගේ දොරටුව අභියස විය.උදයංගව අත්අඩංගුවට ගත් ඔවුහු, ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අඩුඩාබි නුවර බලා රැගෙන ගියහ.එනුවර උදයංගව රුදවූ ඩුබායි බලධරයෝ, ඔහුව අත්අඩංගුවට ගැනීමේ පුවත නිල වශයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප්‍රධානී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට දැනුම් දුන්හ.

පසුව ජනපති සිරිසේනගේ නියමයෙන් මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ සම්බන්ධීකරණය කිරීම සදහා පත්කර සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා හා සම්බන්ධ වූ පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප්‍රධානියා, උදයංග මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කළේ ය.දෙදෙන වහාම කළේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා උදයංගගේ භාරකාරීත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තානාපති කාර්යාලය හා සම්බන්ධ වීමය.එරට ශ්‍රී ලංකා තානාපතිවරයා ද ඒ වන විටත් එවැනිම ඉල්ලීමක් ඉදිරිපත් කර තිබින.

මොස්කව් හි ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබීමට ප්‍රථමයෙන් වීරතුංග සේවය කළේ යුක්රේනයේ කියෙව් නුවර පිහිටි ශ්‍රී ලංකා ආහාරපානවලට නම් දැරූ අවන්හලකය.එය නමින් ක්බ් ලංකා විය.අධ්‍යාපන කටයුතු සදහා යුක්රේනය වෙත පැමිණි සිටි ශ්‍රී ලංකා සිසුන් අතර සහ යුද අවි ගිවිසුම් සදහා පැමිණි ආරක්ෂක දූත කණ්ඩායම් අතර අතිශයින් ජනප්‍රිය අවන්හලක් වූ එය, ශ්‍රී ලංකාවේ ක්‍රමයට බත් සහ ව්‍යංජන සකස් කළ එරට පිහිටි එකම අවන්හල ද වන්නට ඇත.අවන්හලෙහි වැඩකටයුතුවලට අමතරව උදයංග යුක්රේනයට තේ සහ වෙනත් භාණ්ඩ ආනයනයෙහි ද යෙදුණේය.

පෙර අවස්ථාවක ඇගිලි අතරින්ම ලිස්සා ගිය නිසාවෙන් මෙවර උදයංග අත්අඩංගුවට ගැනීම අරබයා දෙවරක් සිතන්නට යමක් ඉතිරි කරන්නට ශ්‍රී ලංකා බලධරයෝ කටයුතු නොකළහ.පසුගිය පෙබරවාරි මස 4 වැනි දින ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය බලා යෑම සදහා ඩුබායි ගුවන්තොටට පැමිණි උදයංග ඩුබායි බලධරයින්ගේ අත්අඩංගුවට පත්විය.ඩුබායි වෙත පිවිසීමට ඔහු භාවිතා කළ අංක ඩී3643585 විදෙස් ගමන් බලපත්‍රය ආගමන විගමන පාලකගේ නියමයෙන් තහනම් කර තිබින.

එම වකවානුයේ අන්තර්ජාතික පොලිසිය ඔහුට එරෙහිව නිකුත් තර තිබූයේ නිල් නිවේදනයකි.පෙබරවාරි මස 12 වැනිදා පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය උදයංග වීරතුංගට එරෙහිව අන්තර්ජාතික පොලිසියේ රතු නිවේදනය ලබාගැනීමට සමත්විය.රටින් පිටුවහල් කිරීම සදහා, චෝදනා ලැබ සිටින පුද්ගලයකු සොයා ගැනීමට සහ ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවසරය රතු නිවේදනයක් යටතේ අන්තර්ජාතික මට්ටමින් ලබා දේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් නොමැත.නමුත් ඔහුව මෙරටට ගෙන ඒම සදහා අවසරය ලබාගැනීමට ඇති හැකියාව එක්සත් ජාතීන්ගේ ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන ප්‍රඥප්තිය යටතේ සළකා බැලෙමින් පවතී.මෙම ප්‍රඥප්තිය යටතේ කිසියම් රටක වරදකරුවකු වන පුද්ගලයකු, අත්අඩංගුවට ගෙන තිබෙන වෙනත් රටක්, එම පුද්ගලයා අයත්වන රටෙහි නියෝජිතයන්ගේ ඉල්ලීම් ප්‍රකාරව එම අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධ ලියකියැවිලි සහ වාර්තා ආදිය එම රට වෙත ලබාදීමට බැදී සිටී.

මෙම ලියකියැවිලි සකස් කිරීම පහසු කටයුත්තක් නොවන තැනට පත්ව තිබෙන අතර, අරාබි බසින් වන ලියවිලි පරිවර්තනය කරගැනීම සදහා භාෂා පරිවර්තකයන්ගේ සහාය ලබාගැනීමට සිදුව තිබීම එයට හේතුවයි.
එමිරේට් නියෝජිතයන් වෙත අදාළ සියලු ලියකියැවිලි ඉදිරිපත් කර උදයංගව නිල වශයෙන් අත්අඩංගුවට ගැනීම සදහා ප්‍රමුඛ පෙලේ ශ්‍රී ලංකා දූත පිරිසක් එළැඹෙන සතියේ ඩුබායි බලා යෑමට නියමිතය.

මාර්තු මස 18 වැනිදා සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් ආන්දෝලනාත්මක මිග් 27 යානා ගනුදෙනුවේ සම්පූර්ණ තොරතුරු අනාවරණයක් සිදුකැරුනු අතර, රජයන් දෙකක් අතර ඇතිකරගත් ගිවිසුමක් ලෙස සදහන් වුවත් - බි්‍රතාන්‍ය වර්ජින් දූපත් හි ලියාපදිංචි කර ඇතැයි දැක්වුනු බෙලිමිසා හෝල්ඩින්ග්ස් නම් සමාගමක් වෙත මුදල් ගෙවීම් සිදුකර ඇති බවත්, නමුත් විමර්ෂණයේ දී එවැනි සමාගමක් නොමැති බව අනාවරණය වූ බවත්, එහි විශේෂයෙන් සදහන් විය.

ගුවන්යානා මිලයට ගැනීම සම්බන්ධයෙන් වූ 2006 ජූලි 26 ව්‍යාජ ගිවිසුම සකස් කිරීම අරබයා නීතිපති දෙපාර්තමෙන්තුවේ කිසිදු අයෙකුගේ දායකත්වයක් නොමැති බව ඉදුරාම පැහැදිලිය.දැනට කැනඩාවේ වාසය කරන ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ විශ්‍රාමලත් නිලධරයකු මේ පසුපස සිටින බව දැනට සිදුකර තිබෙන විමර්ෂණයන්ගෙන් අනාවරණයව තිබේ.එවක හිටපු බලවත් ප්‍රමුඛ පෙළේ ගුවන් හමුදා නිලධරයකුගේ අත්සන මෙම ගිවිසුමට පළමුවෙන්ම ලබාගෙන තිබෙන අතර, පසුව මොස්කව්හි දී, ගුවන්යානා මෙරටට සැපැයීම සම්බන්ධයෙන් වගකීම් දැරූ යුක්රේන සමාගම වන යුක්රින්මාර්ෂ් හි එවක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ දිමිත්‍රි ඇලේසැන්ඩ්‍රොවිච් පෙරුගොඩොව් ඊට අත්සන් තබා ඇත.

අනතුරුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධරයකු මෙම ව්‍යාජ ගිවිසුම සහතික කර තිබේ.යුදමය උපකරණ සම්බන්ධයෙන් වන ගිවිසුම්වල දී ගිවිසුමෙහි සදහන් පාර්ශවයන් එකවර ඊට අත්සන් තැබීම සාමාන්‍ය සිරිතයි.ගිවිසුමට අත්සන් තැබූ වහාම පෙරුගොඩොව් අතුරුදන් විය.පසුව සිදුකැරුනු විමර්ෂණයකින් පසු පැරිසියේ සැගව සිටි ඔහු අත්අඩංගුවට ගැනින.පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය සිදුකර තිබෙන විමර්ෂණවලින් අනාවරණයව තිබෙන ආකාරයට, උදයංග වීරතුංග ඇතුලු ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ නිලධරන් කණ්ඩායමක් (ඇතැම් අය දැනට විශ්‍රාමිකය) හවුල්ව තිබෙන මෙම ගනුදෙනුවෙන් රටට සිදුව තිබෙන අලාභය ඩොලර් ලක්ෂ 68.3 ඉක්මවයි.

පෙබරවාරි මස අවසන්භාගයේ දී ඩුබායි බලධරයින්ට උදයංග වීරතුංගව මගහැරින.ඔහු තමාගේ දුරකතනය විසන්ධි කර, ඒ දක්වා වාසය කරමින් සිටි ලිපිනයෙන් ඉවත්ව ගොස් තිබීම ඊට හේතුව විය.මේ අනුව ඩුබායි බලධරයෝ උදයංග වීරතුංගගේ හැඩරුව දක්වා, ඔහු අත්අඩංගුවට ගැනීමට සොයන පුද්ගලයකු බව සදහන් කර ජනතාව දැනුම්වත් කළෝ ය.මේ සදහා ඔවුහු වෙනත් අංශවල ද සහාය ලබාගැනීමට පියවර ගත්තෝ ය.

ගුවන්තොට සහ හෝටල විශේෂයෙන් නිරීක්ෂණයට ලක් කැරින.මේ අතර වීරතුංග ගොඩබිම් මාර්ග ඔස්සේ සාජා නුවර බලා ගොස් සිටියේ ය.එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බැහැරවිය හැකි වෙනත් මාර්ග තිබෙන්නේදැයි සොයාගැනීම ඔහුගේ ගමනේ අරමුණ වී තිබින.නමුත් ඔහු අසාර්ථක විය.

ගමනේ දී උදයංග තම විදයම් පියවා ගැනීම සදහා පසුගෙවුම් කාඞ්පතක් භාවිතා කළ බවට ලකුණු පළව තිබූ බව සදහන් වන අතර, ලොව විශිෂ්ටතම පුද්ගල නිරීක්ෂණ පද්දතියක් ඇති බවට සැළකෙන ඩුබායි හි බලධරයෝ එම සාක්ෂියේ පිහිටෙන් නැවත සිය ඩුබායි ලිපිනය වෙන පැමිණි උදංයගව අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය දියත් කර තිබෙන විමර්ෂණයෙන් අවධානය යොමු කර තිබෙනුයේ 2006 වසරේ දී මිලයට ගෙන තිබෙන තුන්වැනි මිග් 27 යානා සමූහය සම්බන්ධයෙන්ය.

1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවේ බිද වැටීමත් සමග යුක්රේනයේ තිබූ සොවියට් යුද උපකරණ (මිග් 27 යානා සමූහයක් ද ඇතුලු සියල්ල) 1991 වසරේ අගෝස්තු මස 24 වැනිදා අනුමත කරන ලද පාර්ලිමෙන්තු යෝජනාවක් ප්‍රකාරව නව යුක්රේන ජනරජය යටතට ගැනින.මෙම යානා යල්පැන ගොස් තිබූ බවට සැළකුනු නිසා යුක්රේන ගුවන්හමුදාව එම යානා භාවිතා නොකළහ.වඩා නවීන මිග් 29 යානා තමන් වෙනුවෙන් වෙන්කරගත් ඔවුහු, ගොඩගැසී තිබූ මිග් 27 යානා ඉතා ඉහළ මිල ගණන්වලට දිළිදු රටවලට විකිණීමට ගත්හ.


2000 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ පළමු මිග් යානා මිල දී ගැනීම සිදුවිය.විකිණුම් පාර්ශවය ලෙස කටයුතු කළේ සිංගප්පූරුවේ ඩී.එස්.එලායන්ස් සමාගමයි.එක් යානාවක මිල ඩොලර් ලක්ෂ 15ක් විය.දෙවැනි වරට මිග් යානා මිලයට ගැනීමක් සිදුවූයේ එම වසරේම ඔක්තෝබර් මාසයේදීය.එම අවස්ථාවේ යානා දෙකක් මිලයට ගැනුනු අතර, එක් යානයක මිල ඩොලර් ලක්ෂ 16ක් විය.

එහිදී ද විකිණුම් පාර්ශවය ලෙස කටයුතු කළේ ඩී.එස්.එලායන්ස් සමාගමයි.මිග් 23 වර්ගයේ යූබී පුහුණු යානයන් ද ඩොලර් 900,000ක මුදලකට මිලයට ගැනීම සිදුවූ අතර, එහි අලුත්වැඩියා කටයුතු සදහා වැය ඩොලර් ලක්ෂ 11ක් විය.අව්කෑමෙන්, හිමපතනයෙන්, වර්ෂාවෙන් පීඩාවට පත්වෙමින් තිබූ යල්පැනගිය මිග් 27 යානා සමූහයක් තෙවැනි වතාවට ද, පෙර අවස්ථාවන්ට වඩා වැඩි මිල ගණනකට මිල දී ගෙන තිබීම දැන් තවත් ගැටලු රැසක් මතුකර තිබේ.කොළඹ සිට විදේශයන් බලා දිවෙන මුදල් නෝට්ටු ඉවකර ගැනීමට පමණක් නොව එම මුදල් නෝට්ටු අතදරා ඇති පුද්ගලයින් බහුතරය හදුනාගැනීමට ද පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය සමත්ව ඇත.

1998 වසරේ එක්සත් ජාතීන්ගේ සහ යුරෝපා සංගමයේ සම්බාධක නොසළකා හරිමින් යුක්රින්මාර්ෂ් සමාගම සහ එහි මව් සමාගම වන යුක්රස්පෙට්එක්පොර්ට් සමාගම සර්බියාවේ ස්ලොබොදාස් මිලෙසොවිච්ගේ නියෝජිත රජයට එම් අයි 17 වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර ඇතුලු වෙනත් මිලිටරිමය උපකරණ සපයා ඇති බවට චෝදනා නැගී තිබේ.සමාගම මෙම ගනුදෙනුවල නිරතව ඇත්තේ, එම සමාගම වෙනුවෙන් පෙනී සිටි සමාගම්වල පසුපස සිට බව හෙග් නුවර එක්සත් ජාතීන්ගේ අධිකරණයේ යුගොස්ලාවියාව සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අනාවරණය විය.

එසේවුවත් නවදිල්ලියේ යුක්රේන තානාපති කාර්යාලයේ (ශ්‍රී ලංකාවට ද බලපැවැත්වෙන), ආරක්ෂක, ගුවන් හා නාවික නියෝජිත ඔලෙහ් හුලාක්, සන්ඬේ ටයිම්ස් වෙත විද්‍යුත් ලිපියක් යොමුකරමින් සදහන් කර තිබෙන්නේ 2014 වර්ෂයේ සිට යුක්රින්මාර්ෂ් සමාගම නව විධායක නිලධාරියකු සහ කණ්ඩායමක් යටතේ මෙහෙයැවෙන බවයි.සන්ඬේ ටයිම්ස් අනාවරණයේ සදහන් වන මිල දී ගැනීම්, වෙළද ගනුදෙනු, විශේෂයෙන් පසුගිය සමයන්හි දී සිදුවූ කටයුතු සම්බන්ධයෙන් නව කළමණාකාරීත්වය කිසිදු වගකීමක් හෝ වගවීමක් නොදරන බව ඔහු පවසා තිබේ.

“වර්තමානයේ එස්එෆ් යුක්රින්මාර්ෂ් නිරතව සිටිනුයේ රජයන් අතර සිදුවන වෙළද කටයුතුවල පමණකි. එම කටයුතුවල අතරමැදියන් හෝ නියෝජිතයන් නොමැත.මනා විනිවිදභාවයකින්, වගවීමකින්, ගුණාත්මක භාවකයින්, කටයුතු කරන යුක්රින්මාර්ෂ් සමාගම ඕනෑම විමර්ෂණයක්&



අදහස් (1)

විශ්වාසභංගය කොහෙන් කෙළවර වෙයිද

saman patirage Monday, 02 April 2018 06:56 AM

මේවට උත්තර දෙන්න ඕනෑ උදයංග මේ තැනට පත්කරපු අයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 184 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 125 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 425 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1063 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1545 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 553 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2115 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර