IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


වාස්ගේ කාලයේ අතුරුදන්වූ ‘මාළු රාජා’ නියම සැකකරුවාද?

    656

මුළු රටම භීෂණයෙන් තැතිගැන්වූ කහවත්ත කොටහේන ප‍්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතන රැල්ලට නිමාවක් ලැබී භීෂණයේ ගිනි නිවීගියද පසුගිය සතියේ නැවත වරක් ඒ ගිනි ඇවිළුණු ආකාරයේ දැක ගත හැකි විය.

 

06_PAGE_14_M
අති දක්ෂ පොලිස් නිලධාරීන් පරීක්ෂණයේ සාර්ථක මෙහෙයුමක් නොවන්නට මුළු රටම භීතියෙන් සෙළවූ එම අපරාධ ගොන්න මෙරට නොවිසඳුණු අපරාධ ගොන්නට එක්වීමට බොහෝ දුරට ඉඩකඩ තිබුණි.


දෙදහස් අට වසරේදී අරැුඹුණු මේ කාන්තා ඝාතන රැල්ල දෙදහස් දොළහ වසරේ ඔක්තෝබර් 31 වන දින අවසන් වන විට කොටකෙතන පදිංචිව සිටි කාන්තාවන් පහළොස්දෙනකු කුරිරු ලෙස ඝාතනය වී තිබුණි. ඝාතනය වූවා පමණක් නොව ඔවුන් තිරිසන් ලෙස ¥ෂණයටද ලක්කර තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය.


මෙසේ ඝාතනය වූ කාන්තාවන් පිරිසකට වයෝවෘද්ධ හා මැදිවයසේ කාන්තාවෝ මෙන්ම යොවුන් වියෙහි පසුවූ තරුණියෝ දෙදෙනකුද ඇතුළත්වූහ.
මෙසේ ඝාතනය වූ කාන්තාවන්ගේ සැකකරුවන් සොයා නඩු පැවරීම සිදුකෙරුණේ 2012/01/31 වනදින ඝාතනයට ලක්වූ පිලාතගොඩ නන්දගේ නයනා නිල්මිණී (52) හා ඇගේ දියණිය වූ 19 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගනී සෙල්ලහේවාගේ මරණය සම්බන්ධයෙන් සහ ඉන්පසුව 2012/07/19 වන දින ඝාතනය වූ ලියන ආරච්චිගේ පේ‍්‍රමාවතී (63) සහ ඇගේ දියණියවූ 32 හැවිරිදි හේවාගමගේ පුෂ්පකුමාරි යන අයගේ මරණය සම්බන්ධයෙන් පමණි.


මෙම සිව් පුද්ගල ඝාතන සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනාගෙන ඔවුන්ට නඩු පැවරීමට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කළේය.


ඒ අනුව ඇරැුඹුණු මෙම අපරාධ දෙකෙහි නඩු විභාගවලින් ලියනආරච්චිගේ පේ‍්‍රමාවතීගේ සහ ඇගේ දියණිය වූ පුෂ්පකුමාරිගේ මරණය සම්බන්ධයෙන් වූ නඩු විභාගයේ අවසන් තීන්දුව පසුගිය සතියේදී ප‍්‍රකාශයට පත් කෙරුණේ මෙරට අපරාධ පසිඳවීමෙහිලා බරපතළ ප‍්‍රශ්නාර්ථයක්ද මතු කරමින්ය.


මේ මවගේ සහ දියණියගේ ඝාතනයේ සැකකරුවන්ව සිටි තුෂාර ලොකුගම්හේවා, එල්.එඞ්. සමිල සහ නාමල් චමින්ද සිල්වා තිදෙනා ඔවුන්ට එල්ල කර තිබූ සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ලිවේරාද තෙන්නකෝන් මහත්මිය තීන්දු කළේ සැකකරුවන්ට එරෙහිව නගා නඩු චෝදනා සනාථ කිරීමට පැමිණිල්ල සමත් නොවීම නිසාය. එසේම පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන ලද සාක්කිද එකිනෙකට පරස්පර වීමත් එවැනි තීන්දුවක් ප‍්‍රකාශයට පත්වීමට ප‍්‍රධාන හේතුවක් වූ බවද විනිසුරුවරිය තම තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් සඳහන් කළාය.


පේ‍්‍රමාවතීගේ සහ පුෂ්පකුමාරිගේ ඝාතන සම්බන්ධයෙන් පැතිර ගිය ආරංචිය වූයේ පෞද්ගලික අමනාපයකට මෙම ඝාතන සිදුකර තිබූ බවය. පුෂ්පකුමාරිගේ ආදරය පැතූ විවාහකයකු එම ආදරය නොලැබීමෙන් කෝපයට පත්වී ඇය සහ මව මෙසේ කුරිරු ලෙස මරාදැමූබව කියැවිණි. එම කාලයේ එවැනි ඝාතන රැුල්ල උපයෝගීකරගෙන එහි එක් ඝාතනයක් ලෙස හැඟවීම සඳහා මෙම ඝාතනයද සිදුකර තිබූබව එකල පරීක්ෂණ පැවැත්වූ පොලිසියේද අදහස විය. ඒ අනුව ඊට සැකපිට මොවුන්ගේ නිවෙස අසලම පදිංචිකරුවන්වූ තුෂාර, මිථිල සහ නාමල් යන තිදෙනා සමඟ සිරිපාල නැමැත්තාද සැකපිට අත්අඩංගුවට ගෙන පසුව ඉහත නඩු විභාගය සඳහා ඉදිරිපත් කෙරිණි. පසුව නීතිපතිවරයාගේ නියමයෙන් සිරිපාල නැමැත්තා රජයේ සාක්කිකරුවකු ලෙස මෙම නඩුවට සාක්කි දුන්නේය. සාක්කි පිළිගත නොහැකි එකිනෙකට පරස්පර විය.

2
නොකඩවා සිදුවෙන මෙම ඝාතනවල සුලමුල සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් රැසක්ම යොදවා තිබුණද බලාපොරොත්තු වූ ප‍්‍රතිඵල අත්නොවීය. ඒ වනවිට සැකකරුවන් කීපදෙනෙකුද අත්අඩංගුවට ගෙන සිටියද ඝාතන රැල්ල නවතින බවක් නොවීය.


තනිපංගලමේ නිවෙස්වල සිටි කතුන් අබිරහස් ආකාරයට කුරිරු ලෙස ඝාතනයට ලක්ව දූෂණය කෙරෙද්දී ඝාතනය කොට නිවෙස තුළදීම පුලූස්සා දමද්දී කහවත්ත පමණක් නොව මුළු රටම බියෙන් ඇලලී ගියේය. මුළු රටම සිතුවේ කලක සිටම රට පුරා හොල්මන් කරන ග‍්‍රීස් යකා ගේ අනාවරණය කරගත නොහැකි අබිරහස් කල්ලියක් මෙම ඝාතන සිදුකරනු ඇති බවය.


දිනෙන් දින වර්ධනය වෙමින් පැවැති කහවත්තේ ඝාතන රැල්ල මැඩලීමට පොලිස් කණ්ඩායම් කීපයක්ම යෙදවුවද එයින් සාර්ථක ප‍්‍රතිඵල අත්නොවූ තැන අවසානයේදී සිදුවූයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා ඒ සඳහා යෙදවීමටය. එතෙක් කිසිවකුට මැඩලීමට නොහැකි වූ කහවත්ත කාන්තා ඝාතන රැල්ලේ අබිරහස විසඳීමේ භාරදූර අභියෝගය වාස් ගුණවර්ධන මහතා වෙත පැවරුණේ 2012 වසරේ නොවැම්බර් මස 13 වැනිදාය.


එම අභියෝගය බාරගත් ගුණවර්ධන මහතා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත්ව කහවත්තට පැමිණියේ තනිවම නොවේ. ඔහු සමග දක්ෂ පොලිස් නිලධාරිහු කණ්ඩායමක් ද වූහ. මේ සුවිශේෂ අපරාධය විමර්ශනය සඳහා  ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි දක්ෂයන් පිරිසක් අවශ්‍ය බව වටහාගෙන සිටි ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගේ අවසරයද ලබාගෙන තම මෙහෙයුමට අවශ්‍ය කණ්ඩායම නිර්මාණය කරගත්තේය.


ගුණවර්ධන මහතා කහවත්තට පැමිණෙන විට කහවත්ත පොලිසිය පිළිබඳව මහජනතාව තුළ වූයේ කලකරීමක් සහ අප‍්‍රසාදයකි. 2008 වසරේ සිට ඇරැුඹුණු කන්තා ඝාතන රැල්ල සාර්ථක විමර්ශනය කිරීමට අපොහොසත් වීමත්, ජනතාවගේ සැකයට බඳුන්වී සිටි ඝාතකයින් දේශපාලන බලය හමුවේ යහතින් කල්ගෙවීමත් ඊට හේතු විය. එබැවින් ජනතාව තුළ පොලීසිය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොවීය.


ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට ඊට පෙර පැමිණ සිටි විවිධ පොලිස් කණ්ඩායම් විවිධ පුද්ගලයන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළද ජනතාවගේ අදහස වූයේ ඔය ඇල්ලූවාට තව ටික දවසක් යනකොට ඇප අරන් නිදහස් වේවි යන්නය.


ගුණවර්ධන මහතා විසින් එක් පැත්තකින් පරීක්ෂණ මෙහෙයවද්දී තවත් පැත්තකින් එම මනුෂ්‍ය ඝාතන සඳහා බලපෑ සමාජමය හේතුන් සොයා බැලීම සඳහා සමාජ විමර්ශනයක්ද ආරම්භ කෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක් සමීක්ෂණයක්ද සමාජ විද්‍යාව අපරාධ විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වන එවකට රත්නපුර මූලස්ථාන පොලිසියේ සංවර්ධන සහකාර නිලධාරි ආරියරත්න මහතා තවත් පරීක්ෂණයක්ද කළහ. එම සමීක්ෂණවලින් හෙළිවූ කරුණුද වාස් ගුණවර්ධන මහතාගේ පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට බෙහෙවින් ඉවහල් වී තිබුණි.


ඔහුට ප‍්‍රදේශවාසීන්ගෙන්ද මෙම ඝාතනවලට අදාළ විශ්වාසදායක තොරතුරු රැසක්ම ලැබෙන්නට ඇත.

566

ගිනිබත්වූ පුෂ්පකුමාරිගේ නිවෙස

 


දේශපාලන බලය මුල්කරගනිමින් කසිප්පු පෙරමින්, ගංජා සහ හෙරොයින් අලෙවිකරමින්, හොර හරක් ජාවාරමෙහි යෙදෙමින් කොටකෙතන ප‍්‍රදේශයේ මැර බලයන් පතුරුවාගෙන සිටි පුද්ගලයන් කීපදෙනකු හෝ එක් පුද්ගලයකු මේ ඝාතන පසුපස සිටින බව මේ සියලූ විමර්ශන පරීක්ෂණවලින් අනාවරණය කරගත හැකිව තිබුණි.


විකෘති හැඟීම් හේතුවෙන් මත්ද්‍රව්‍ය පානයකර තම පහත් කාමුක ආශාවන් සංසිඳවා ගැනීම සඳහා අපරාධකරුවන් මෙම ඝාතන සියල්ල සිදුකර තිබෙන බව එම විමර්ශනවලදී හෙළිකරගත හැකිවිය.

1
තමන්ට පැවරුණු වගකීමට අනුව කහවත්තට පැමිණ ඉතා කෙටි කාලයකින් වැලක් සේ සිදුවුණු ඝාතන රැල්ලට නැවතීමේ තිත තැබීමට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාට හැකිවිය.


ඔහු එම පරීක්ෂණය අලලා පොලිස්පතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක්ද සකස් කළේය. එම වාර්තාවේ පිටපතක් මෙම ලියුම්කරුටද ලැබුණි. එහි සඳහන් වූ කරුණු සහ ගුණවර්ධන මහතා එකල ලබාදුන් ප‍්‍රකාශ අලලා ඉරිදා ලංකාදීපයේ සවිස්තර වාර්තාවන්ද ඒ දිනවල පළකෙරිණි.


සියලූම කාන්තා ඝාතනවල ඡුායාරූප සහිතව සකස් කෙරුණු එම වාර්තාවෙහි 2008/07/21 වැනි දින සිට 2012/10/31 වන දින දක්වා කාලය තුළ කොටකෙතන ප‍්‍රදේශයේදී ඝාතනය වූ සියලූම කාන්තාවන් පිළිබඳව සවිස්තරව කරුණු සටහන් කර තිබුණි. එය එම ඝාතන සම්බන්ධයෙන් වූ සංසන්දනාත්මක වාර්තාවකි.


ඝාතනය සිදුවූ වේලාව හා ස්ථානය, ඝාතනයේ ස්වභාවය, මරණකාරියන්ගේ තුවාලවල ස්වභාවය සහ මරණය සිදුකළ ක‍්‍රම විධිය එම වාර්තාවට ඇතුළත් විය.
ඝාතනයට ලක්වූ සියලූම කතුන්ට සිදුකර තිබූ මරණීය තුවාල එක හා සමාන බවද, ඒ සියල්ලම වක් පිහියකට සමාන තියුණු කැපුම් සහිත පිහියකින් සිදුකර තිබූ බවද, සියලූම මරණීය තුවාල එම කතුන්ගේ හිස්වලට සිදුකර තිබූ බවද එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණි. එසේම ඝාතනයට ලක්වූ බොහෝ කාන්තාවන්ගේ හිස්වලින් රුධිරය ගලායාම වැළැක්වීමට රෙදිවලින් ඔතා තිබුණා සේම කාන්තාවන් වැඩි දෙනකු ඝාතනයෙන් පසුව දූෂණයට ලක්කර තිබුණේ එකම ඉරියව්වකට වීමද මෙම අපරාධවල සමාන ලක්ෂණ වූ බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.


එමෙන්ම එම ඝාතන සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සසඳා බැලීමේදී එක් ඝාතනයක් හැරෙන්නට අනෙක් සෑම අපරාධයකම ස්වභාවය එක හා සමාන බවද ගුණවර්ධන මහතාගේ වාර්තාවෙහි සඳහන්ය.


වාස් ගුණවර්ධන මහතා කහවත්තට පැමිණ පරීක්ෂණ ආරම්භ කිරීමට පෙර මේ ඝාතන සම්බන්ධයෙන් යම් යම් සැකකරුවන් පිරිසක් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුවද මෙම අපරාධ එකම ආකාරයටම සිදුවීම ගැටලූකාරි තත්ත්වයක් වූ බවද, මෙයින් පෙනී යන්නේ මෙම ඝාතනවලට අදාළවූ නියම සැකකරුවන් නිවැරැදිව හඳුනාගැනීමට තමන්ට පෙර පරීක්ෂණ සිදුකළ විශේෂ පොලිස් කණ්ඩායම් සමත් වී නැති බවද ගුණවර්ධන මහතා එම වාර්තාවෙහි අවසානයට සඳහන් කර ඇත.


නියම සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට කලබල වී බියට පත්ව සිටින කොටකෙතන ජනතාව සංසිඳවීම සඳහා නියම සැකකරුවන් වෙනුවට ඊට කිසිදු සම්බන්ධයක් නොමැති අහිසංක පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට අධිකරණය හමුවට පැමිණවීමෙන් තමන්ට පෙර පරීක්ෂණ සිදුකළ පොලිස් පරීක්ෂණ කණ්ඩායම් සමාජය මෙන්ම නීතියද නොමග යවා ඇති බවටද ගුණවර්ධන මහතා තවත් වාර්තාවකින් ප‍්‍රකාශකර තිබුණි.
ඔහුගේ එදා එම ප‍්‍රකාශ සත්‍ය බව පෙනීයන්නේ අදය. ඒ බව කොළඹ මහාධිකරණ විනිසුරුවරියගේ නඩු තීන්දුවෙන්ද මනාව පැහැදිලිවේ. පේ‍්‍රමාවතීගේ හා පුෂ්පකුමාරිගේ ඝාතකයින් බවට සැකකොට සැකකරුවන් සිවුදෙනා අත්අඩංගුවට ගනු ලැබූ දින කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් රත්නපුර කහවත්ත ප‍්‍රදේශයට ගොස් ඇති බවද ඔවුන් එදින සිට ඇත්තේ කොළඹ හා ඒ අවට ප‍්‍රදේශවල බවද ජංගම දුරකථන කුලූණු වාර්තාවන්ට අනුව අපුරුවට අධිකරණය හමුවේ ඔප්පු විය. මේ අනුව එම පොලිස් නිලධාරින් මෙම පරීක්ෂණ මෙහෙයවූයේ කෙසේදැයි මහාධිකරණ විනිසුරු දේවිකාද ලිවේරා මහත්මිය ප‍්‍රශ්නයක්ද මතු කළාය.


මෙම කරුණුවලට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකළාද යන්න පිළිබඳව සැකයක් මතුවන බවද විනිසුරුවරිය මෙහිදී ප‍්‍රකාශ කළාය. මේ අනුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණයද නොමග යවා ඇතැයි සිතිය හැකිය.


මෙම නඩු තීන්දුවත් සමඟම මතුවන ප‍්‍රබලම ගැටලූව වන්නේ එසේනම් පේ‍්‍රමවතීගේත්, පුෂ්පකුමාරිගේත් නියම ඝාතකයන් කවුරුන්දැයි කියාය. එය ඉක්මණින් පිළිතුරු ලැබිය යුතු ප‍්‍රශ්නයකි.


ජින්ටෙක් ආයතනයේ සහ ජංගම දුරකථන සමාගමේ වාර්තා නොතිබුණානම් සැකකරුවන් තිදෙනාට ලැබෙන තීන්දුව මීට වඩා බොහෝ වෙනස් වන්නට තිබුණි.


පොලීසිය කොටකෙතන ඝාතන සම්බන්ධයෙන් නියම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකිරීමේ ප‍්‍රතිඵලය වූයේ අධිකරණ තීන්දුවට විරෝධය පළකරමින් ප‍්‍රතිඵලය වූයේ අධිකරණ තීන්දුවට විරෝධය පළකරමින් කොටකෙතන ජනතාව නැවත වීදි බැස කලබල කිරීමය. ඔවුන් සිතන්නට ඇත්තේ නියම අපරාධකරුවන් බවට ප‍්‍රසිද්ධ කොට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා නිකරුනේ මුදා හරින්නට ඇති බවය. ඒ ජනතාව සිතන ආකාරයයි. නමුත් කොටකෙතන ජනතාව එවැනි වැරැුදි නිගමනයකට එළඹුණේ පොලිසියේ වැරැුදි ක‍්‍රියාමාර්ග නිසාය.


කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය එසේ වගකීමෙන් තොරව කටයුතු කර ඇඟ බේරාගන්නට සිතුවද වාස් ගුණවර්ධන මහතා සමීක්ෂණ හා පරීක්ෂණවලින් එක්රැස් කරගත් තොරතුරු ඔස්සේ නියම පාරේ ගියේය. නමුත් ඔහුගේ එම වාර්තාද අධිකරණයට ඉදිරිපත් නොවීම පිළිබඳවද සොයාබැලිය යුතුය.


ඒ අනුව මෙම කාන්තා ඝාතන සියල්ලටම වගකිව යුත්තේ මාළු රාජා අභය ප‍්‍රියන්ත සහ සනත් නන්දන යන තිදෙනා විසින් බව එම පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තිබුණි. මොවුන් එම ඝාතන සියල්ලෙන්ම පසුව ඒවායේ පසු විපරම් සඳහාද පැමිණ සිටි බව එම සිද්ධීන්වලදී පොලිසිය ගෙන තිබූ සේයාරූවලද මනාව සටහන් වී තිබුණි.


ඉන් එක් සේයාරුවක බුලත් විටක් හපමින් සිටින පුද්ගලයකු පැහැදිලිව දැක්වෙන අතර ඔහු බුලත් විටත් මනාව සපමින් සිටින ආකාරයද හොඳින් සටහන් වී තිබේ.


 මේ පුද්ගලයා ‘‘මාළු රාජා’’ යනුවෙන්ද හඳුනාගෙන ඇත. ඒ අනුව ජින්ටෙක් ආයතනයේ ඞී.එන්.ඒ පරීක්ෂාවට ලක්වූ කොස්කොළයක තිබී හමුවූ බුලත් කෙළ පහර ඇතැම්විට මාළු රාජාගේ විය හැකිය. එසේම මාළු විකිණීමෙහි යෙදී සිටි මේ පුද්ගලයා අත නිතරම තිබුණු කැපුම් සහිත වක් පිහියක්ද තබාගෙන සිටි බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. එම පිහියද පසුව පොලීසියට හමුවිය.


මේ නිසා කිසිවෙකුගේ සැකයට භාජනය නොවී මොහුට හෝ ඔහු සම්බන්ධ කණ්ඩායමකට හෝ මෙම ඝාතන සිදු කිරීමට හැකිවුවායැයිද සැකකිරීමට පුළුවන්ය. කෙසේ වුවද මෙම සැකකරුවන් තිදෙනාද මේ වන විට ජීවතුන් අතර නැත. ඔවුනට අත්වූ ඉරණම අද වනතෙක් කිසිවෙකු හෝ නොදනිති. මොවුන් තිදෙනා අතුරුදහන්වීමෙන් පසුව කොටකෙතන ඝාතන රැල්ලද ඉබේම නතර විය. මේ නිසාම මොවුන් තිදෙනා මේ ඝාතනවලට වගකිවයුතු නියම සැකකරුවන් වීමටද පුළුවන.


ආවාට ගියාට පරීක්ෂණ නොකොට ක‍්‍රමාණුකූලව හා සංවිධානාත්මක පරීක්ෂණ සිදුකරන්නේනම්  ඕනෑම දරුණු අපරාධයක සැකකරුවන් නීතියේ  රැුහැනට කොටුකර ගැනීම අපහසු නොවේ. එසේ නොකොට ජනතාව රවටමින් නීතීයද නොමග යවමින් සිදුකෙරෙන පරීක්ෂණවලින් සිදුවන්නේ රටම ගිනි අවුළුවන විපතකි. පේ‍්‍රමාවතීගේ සහ පුෂ්පකුමාරිගේ ඝාතනයේ සැකකරුවන්ට නිදහස ලැබීමෙන්ද සිදුවූයේ එයමය.


එක් අතකට මෙම අපරාධය සම්බන්ධ නඩුව පිළිබඳව කොටකෙතන ජනතාව නිසියාකාරව දැනුම්වත් වී නොතිබීමද මෙම කලබලකාරී වාතාවරණයට ප‍්‍රධානම හේතුවක් වී තිබුනි. එබැවින් ජනතාවද සත්‍යය අවබෝධ කරගත යුතුවාසේම දැනුම්වත් වීමද අවශ්‍යමය.


සැකකරුවන් යැයි සැකසිතූ පිරිසක් නිදහස ලබද්දී ඇතැම්විට මෙම ඝාතන රැල්ලේ නියම සැකකරුවන් පිරිස මේ වන විටත් පරලොව ගොස් ඇතැයිද අනුමාන කළ හැකිය.

m



අදහස් (0)

වාස්ගේ කාලයේ අතුරුදන්වූ ‘මාළු රාජා’ නියම සැකකරුවාද?

දිල්ෂාන් Friday, 12 June 2015 02:53 PM

පොලිස් අපරාධකාරයෙක්ට සුදුහුණුගාන්න ගත් නින්දිත උත්සාහයක් (අ)

:       0       0

දිමුත් Monday, 15 June 2015 09:08 AM

මේ විදියට බැලුවහම පොලීසිය කරලා තියෙන්නේ බරපතල වැරැද්දක්. ඒ විතරක් නෙමෙයි, නියම සැකකරුවෝ තාමත් නිදැල්ලේ නම් ඒක භයානක තත්වයක්!(හේ)

:       0       0

චමින්ද Saturday, 13 June 2015 09:30 AM

පුෂ්ප කුමාර ජයරත්න මහත්තයෝ , කුඩා කිව්වේ මේ මතය ගොඩ නගන්න කියල....හරියට ඉන්වෙස්ටිගේෂන් කළා නම් ඩීඑන්ඒ සාක්කි වලින් මේ ඔක්කොම හොයන්න පුළුවනි. අද තාක්ෂණ දියුණුයි....ජීවත් වෙලා ඉන්න මිනීමරුවෝ බේරා ගෙන කේස් එක වෙන පැත්තක ගෙනියන්න ලේසි....උන් ඔක්කොම මැරිලා කිව්වහම....(බ)

:       0       0

ඉරේෂ් එස් කුමාර Tuesday, 09 June 2015 03:58 AM

මොනවා වුණත් වාස් මහත්තය දක්ෂ නිලධාරියෙක් (ම)

:       0       0

චමිලා Friday, 12 June 2015 09:41 PM

ඒ තුන්දෙනා අතුරුදහන් වුණේ කොහොමද? (නි)

:       0       0

කුලේන්ද්‍ර Wednesday, 10 June 2015 12:59 PM

මම පුෂ්පකුමාර මහතාට ණයගැතියි මෙම සටහනට. (නි)

:       0       0

කුමාරි Tuesday, 09 June 2015 05:36 AM

ගොනා පිටුපස කරත්ත රෝදය කැරකෙන්නා සේ කළ හොඳ නරක හැමෝගෙම පසු පස එනවා. එදාට ප්‍රබලම සාක්ෂිය එන්නේ තමන් තුලම ඉන්න හදවතින්.ජාති ජාතිත් පල දෙන අපරාද. (ම)

:       0       0

තිලක් Saturday, 13 June 2015 03:06 PM

අතුරුදහන් නම් මැරිලා කියල කියන්නේ කොහොමද? අඩු ගානේ මේ අපරාධකාරයන්ගේ මල සිරුරු හමු වුනේ නෑ නේද? මුන් ඡන්දෙට කාටහරි වැඩ කරනවා ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 245 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 869 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1380 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 205 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 431 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 598 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 518 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2054 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site