IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


වස්ගමුව වන උයනේ අසිරිය

 

 

1994 වසරේ නියඟය දැඩි වූ අගෝස්තු මාසයේ පොළොන්නරුව මගේ කාර්යාලයේ රාජකාරිවල නිරතව සිටි දිනක පෙ.ව 9.30ට පමණ මේසය මත වු දුරකථනය නාදවන්නට විය.

විශ‍්‍රාමික වනජීවි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ වනජීවි සංරක්ක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මහවැලි කලාපයේ හිටපු සහකාර අධ්‍යක්‍ෂ
එඞ්මන්ඞ් විල්සන්

‘‘රූපෙ ඔය කෝල් එක අරන් කවුද බලන්න...’’ මගේ සහායට සිටි වනසත්ව අඩවි ආරක්‍ෂක නිලධාරී රූපසිංහ මහතාට මම කීවෙමි. රිසිවරය අතටගත් රූපසිංහ මහතා.

‘‘හලෝ...............පොළොන්නරුව සහකාර වනජීවි අධ්‍යක්‍ෂ කාර්යාලය... ’’ යනුවෙන් ඇමතීය. මම මගේ වැඩයේ නිරතව සිටියත් ඔහුගේ සංවාදයටද කන්දීගෙන සිටියෙමි. එකෙනෙහිම රූපසිංහ ‘‘ඔව් ඉන්නවා... ගැටලූවක්ද....? කියමින් ඔහු රිසීවරය මා වෙත යොමු කළේ ඉවෙන් මෙන් ‘‘ප‍්‍රශ්නයක් වගේ x විල්ගමුවේ ප‍්‍රාදේශීය ලේකම්ගෙන්......’’ යයි මට කියමිනි.

රිසීවරය අතට ගත් මම ‘‘ශුභ උදෑසනක්.. මහවැලි කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්‍ෂ විල්සන්..... කියන්න’’ මම මුල පිරුවෙමි.
‘‘මේ කථා කරන්නෙ විල්ගමුවේ ප‍්‍රාදේශීය ලේකම් අඹගස්පිටිය. අද උදේ 9.00 ඉඳන්.... ගෑනු පිරිමි (800) අටසීයක් පමණ සෙනග හඳුන්ගමුව මහා මාර්ගයේ ඉඳන් කෑගසනවා... පිරිමි ගොඩ දෙනෙක් මහපාරේ බිම දිගාවෙලා... කිසිම වාහනයකට යන්න එන්න බැහැ. ...ඊයේ රාත‍්‍රී හඳුන්ගමුව ගමේ ගෙදරක තාත්තයි.... පුතයි අලියෙක් පහරදීලා මරාදමලා.. අම්මගේ තුනටිය කැඩිලා.. මහියංගණ රෝහලේ... වයස අවුරුදු තුන හමාරක ගෑනු දරුවා විතරයි බේරුනේ....,, විල්සන් මහත්තයයි.. මොන්ටි ගොපල්ලව උප ඇමතිතුමයි එනකම් පාරෙන් ඉවත්වෙන්න බැහැ කියල මේ අය කියනවා... විල්සන් මහත්තයා ප‍්‍රමාද නොවී ඉක්මනටම මෙතැන්ට එන්න... කියමින් පෙරළා මට කථා කිරීමට ඉඩ නොදෙමින්ම ඔහු ‘‘මම තියන්නම්’’ කියමින් කතාව අවසන් කළේය.
හඳුන්ගමුව ගම්මානය පිහිටා තිබෙන්නේ වස්ගමුව ජාතික උද්‍යානයට යාබදවය. ප‍්‍රාදේශීය ලේකම් අඹගස්පිටිය මහතා කම්පනයට පත්ව සිටි බව මට පසක් වූයෙන් මම නැවත ඔහුට කතා නොකළෙමි.

ඉක්බිතිව මගේ කාර්යාලයේ සිට සියලූ නිලධාරින් කැඳවා සිද්ධිය සැලකළෙමි. මම ඔවුනට කතා කරමින් ‘‘ඔබලාගේ පස් (05* දෙනෙක් මා එක්ක යන්න ලැහැස්තිවෙන්න.  තුවක්කු දෙකක් පතරොම් දහයක් ගන්න. තව අලි වෙඩි සීයක් ජීප් එකට දමන්න.. රයිෆලයයි උණ්ඩ පහක් මට භාර දෙන්න.... රාත‍්‍රී ඉන්න ඇඳුම් ගන්න. තව විනාඩි දහයකින් අපි පිටත්වෙනවා.. රියදුරු ඇන්ඞ්රූ ජීප් රථය අරන් එන්න ඉක්මනට...’’ මම උපදෙස් දුනිමි.

මෙවන් අවස්ථාවක ආපස්සට මට කිසිවක් කීමට තැත් කිරීම මා නොරුස්සන බව ඔවුහු දැන සිටියහ.

එහෙත් මෙතෙක් වේලා නිසොල්මනේ සිටි රූපසිංහ මහතා ‘‘සර්.. ඔය තැනට දැන්මම යන එක හොඳද....? ඔය කිපිලා ඉන්න මිනිස්සුන්ගෙන් අපේ අයට කරදරයක් වෙන්න බැරි නෑ...’’ යයි කීවේ පෙර සිදුවීම් ඔහු හොඳින් දැනසිටි බැවිනි.

‘‘රූපෙ.. එහෙම කියල බෑනේ.. එතැන පොලීසියත් ඇති..... රූපෙ කාර්යාලය බලාගන්න.. අවශ්‍ය වුණොත් ඔයාට මම කතාකරන්නම්.’’ යයි කියමින් මම ජීප් රථයේ වාඩිවුනෙමි.

‘‘ඇන්ඞ්රූ.... පුලූවන් ඉක්මනට වස්ගමුවට යමු’’ මම රියැදුරුට කීවෙමි. මහියංගන සිට හසලක, විල්ගමුව හරහා හඳුන්ගමුව ගම්මානය පසුකොට ඉදිරියට යාමේදී හමුවන්නේ අතිශය ජෛව විවිධත්වයෙන් යුත් වස්ගමුව ජාතික උද්‍යානයයි.

මා එම ස්ථානයට ළඟාවීමට විනාඩි 10 කට පෙර නියෝජ්‍ය අමාත්‍ය මොන්ටි ගොපල්ලව මහතා එහි පැමිණ සිටි අතර බිම දිගාවී සිටි අය ඇතුළු සියලූදෙනා එතුමා වටකරගෙන සිටියහ. එතුමා නියෝජනය කළේ ලග්ගල ආසනයයි. මා දුටු නියෝජ්‍ය ඇමතිතුමා ‘‘හා.. අන්න මේ පළාත බලන විල්සන්.. වනජීවි සහකාර අධ්‍යක්‍ෂතුමා ආවා... මම එතුමාට කියනවා... මේ මිනීමරණ ගෙවල් කඩන අලි අල්ලලා... ගෙනියන්න කියලා... කැඞී බිදී ඇති විදුලිවැට හදන්න හෙට ඉඳන් පටන් ගන්න කියලා..’’

පසුව හඳුන්ගමුව රජයේ පාසලට ගිය නියෝජ්‍ය ඇමතිතුමා විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම්, පොලිස් ස්ථානාධිපති, වස්ගමුව උද්‍යානයේ භාරකරු ීගෘගෘ ලක්‍ෂමන් සහ මා සමග දීර්ඝ සාකච්ඡුාවක් පැවැත්වීය.

 

නියෝජ්‍ය ඇමතිතුමා මට කතාකරමින් ‘‘විල්සන් මේ ප‍්‍රශ්නයට විසඳුමක් ඇත්තේම නැද්ද....? විමසීය.

‘‘සර්... මේ විදුලි වැට ඉදිකළේ පසුගිය අවුරුද්දෙ... වැට නඩත්තුව භාර දීලා තිබෙන්නේ ගමේ උදවියට ස්වේච්චාවෙන් කරගන්න... නඩත්තුව හරියාකාරව නොකෙරෙන නිසා.. වැට දිගටම වල් පැලෑටි ගස් වැල් වැවිලා... කරන්ට් කම්බිවල දිගටම ඒවා ගෑවෙනවා.... ඉතින් වැටේ කරන්ට් එක පොළවට බහිනවා... හොඳට කරන්ට් එක තිබුණු කාලේ අලි වැට අසලට යන්න බයයි... දැන් වැට දිගටම අලි කඩා දමලා’’ මම ඉතා සරලම භාෂාවෙන් පැහැදිලි කළෙමි.
‘‘හොඳයි.... මේකට ඔයාගෙ විසඳුම කියන්න.... ඊයේ රාත‍්‍රී සිදු වූ මරණ දෙක ගැන අවසන් කටයුතු කරන්නයි.. මහියංගනය රෝහලේ ඉන්න..... ගෑනු කෙනාගේ සුවදුක් බලන්නයි.. ප‍්‍රාදේශීය ලේකම්තුමාට පවරනවා... අර අසරණ වෙලා ඉන්න දරුවා ගැනත් එතුමා බලන්න  ඕනැ. ඒ වැඩ වලට අවශ්‍ය මුදල් මම දෙන්නම්.’’

අපි එකිනෙකා දෙස බලමින් නියෝජ්‍ය ඇමතිතුමා කීය.

‘‘හා.. දැන් විල්සන් කියන්න..’’

මම කතා කරමින් ‘‘සර්.... මම අවුරුද්දක් පමණ වේලේ ඉඳන් වනජීවි දෙපාර්තමේන්තුවට කියනවා. අපි ඉදිකරන විදුලි වැට නඩත්තුව ගමේ උදවියට භාර දෙන්න එපා... දවස් පඩි ගෙවලා කම්කරුවන් යොදලා අපිම නඩත්තුව කරන්න  ඕනැ කියලා... බලන්න විදුලි බල මණ්ඩලේ, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලයිට් කම්බි ටැලිපෝන් කම්බි වයර් නඩත්තුව ගමේ අයට භාර දීලා නැහැනේ.. මම කියන දෙයක් අහන්නේ නැහැ.... මුදල් නැහැ කියනවා විතරයි... මේක ලංකාවේ මුලූ වියළි කලාපයටම බලපාන වින්නැහියක්.

‘‘හරි... ඔයාගේ යෝජනා ටික කියන්න... මගේ ලේකම් ඒවා ලියා ගනියි.... මම පාර්ලිමේන්තුවේදී සාකච්ඡුාවට.. ගන්නම්’’ යයි කීමෙන් මගේ යෝජනා සාරාංශ ගතකොට පැවසුවෙමි.

‘‘සර් මුලින්ම මෙහෙම මරණයක් සිදු වු වහාම දින දෙකක් ඇතුළත වන්දි මුදලින් 40% වත් ගෙවන්න  ඕනෑ. මරණ අවසන් කටයුතු වියදම් වලට.... වන්දිය වැඩි කරන්නත්  ඕනැ... අසරණ වෙන දරුවන් ගැන බලාගන්න මව්පිය කැපකරු ක‍්‍රමයක් ආරම්භ කරන්න.. මුදල් ලබාගන්න හැටි පසුව කියන්නම්...’’

අලි මිනිස් ගැටුමෙන් මේ වනවිට (වසර 1994) වසරකදි  මිනිස් මරණ හැටක් සහ අලි මරණ 150ක් සිදුවෙනවා... නිවාස දේපල අටසීයට වැඩිගණනක් හානි සිදුවෙනවා....වගා හානිවල නිමක් නැහැ. වනජීවි දෙපාර්තමේන්තුව සාම්ප‍්‍රදායිකව දැනට සිදු කරන අලි එලවීම, හානිදායක අලි අල්ලලා තවත් තැනකට නිදහස් කිරීම, ඉවක් බවක් නැතිව රටපුරා විදුලි වැට ඉදිකිරීමෙන් මේ වින්නැහිය අවසන් වෙන්නේ නැහැ...... ඒ නිසා  විධිමත් විද්‍යාත්මක වැඩ පිළිවෙළකට යන්න  ඕනෑ’’ මම කියාගෙන යද්දී නිියෝජ්‍ය ඇමතිතුමා ‘‘ලේකම් තුමා විල්සන් මහත්තයා කියන ඒවා ලියාගන්නවාද...? විමසීය. එවිට මම ඔබතුමාට මේ කියන එ්වා සියල්ලම ලියලා ගෙනවිත් අතින් භාර දෙන්නම්’’ යයි කීය.

‘‘මම යෝජනා කරන්නෙ ලංකාවේ අලි ගහණය කළමනාකරණය කිරීමට සහ සංරක්‍ෂණය කිරීමට ජාතික ප‍්‍රතිපත්තියක් සම්පාදනය කරලා රට පුරාම ක‍්‍රියාවට නංවන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්න  ඕනැ. ඒ වැඩයට නිර්දේශ ලබා දෙන්න විද්වත් මණ්ඩලයකට පවරලා සමස්ත කි‍්‍රයාවලිය වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හරියාකාරව ඉටුකරනවාද යන්න පසු විපරම්කිරීමට එම විද්වත් මණ්ඩලයටම පවරන්න  ඕනැ.... මේ වැඬේට විශාල මුදලක් දිගටම අවශ්‍යයි... ඒක ලෙහෙසියෙන් සොයා ගන්න පුළුවන්.

මේ වන විට යාල, විල්පත්තු, හෝටන්තැන්න, වස්ගමුව ආදී ජාතික උද්‍යානවලින් රජයට විශාල ආදායම්  මුදලක් ලැබෙනවා. ඒ මුදල් කොටසක් යොදාගෙන නව අලි සංරක්‍ෂණ භාරයක් ස්ථාපිත කරන්න පුලූවන්... ඊට අමතරව ගොවිසෙත, ජයවිරු ලොතරැුයි වලට සමාන වන අලි, වන සත්ව සංරක්‍ෂණ ලොතරැුයියක් ආරම්භ කරන්න පුළුවන්.... සර් මේ කියපු දේවල් දකුණු අප‍්‍රිකාව, බොට්ස්වානා රාජ්‍යය, කෙන්යාව ආදී අප‍්‍රිකානු රටවල් මේ වන විට ක‍්‍රියාත්මක  කරනවා....’’ යයි කියමින් මගේ කථාව අවසන් කළෙමි.

ඉතා සාවධානව මගේ කතාවට සවන් දුන් නියෝජ්‍ය ඇමතිතුමා ‘‘මම එහෙනම් යන්නම්.. සියළුදෙනාට ස්තුතියි.. විල්සන් මහත්මයට මම විශේෂයෙන් ස්තුති කරනවා...’’ යයි කියමින් අපගෙන් සමුගෙන පිටත්ව ගියේය.

මීළගට මගේ ප‍්‍රයත්නය වස්ගමුව ජාතික උද්‍යානය පිළිබඳව තොරතුරු බිඳක් ඔබ හමුවේ තැබීමටය..

අම්පාර සහ බදුල්ල දිස්ත‍්‍රික්කවල කොටසක් පොළොන්නරුව සහ මාතලේ දිස්ත‍්‍රික්ක සහ මුලින් ඒකාබද්ධ වන ප‍්‍රදේශයේ අලිxමිනිස් ගැටුම අවම කිරීම සහ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ප‍්‍රකාශයට පත්කළ වස්ගමුව ඇතුළු වනජීවි රක්‍ෂිත හතක (07) සංරක්‍ෂණ, කළමණකරන හා පරිපාලන කටයුතු සොයා බැලීම ක‍්‍රියාවට නැංවීම එකල මට පැවරී තිබූ ප‍්‍රධාන රාජකාරියයි.

 


වස්ගමුවට ළඟා විය හැකි මාර්ග
කොළඹ - මහනුවර - මහියංගනය මාර්ගයේ හසලක (වීර සෙබළ කුලූන) මංසන්ධියෙන් හැරී විල්ගමුව හරහා වස්ගමුවට ළගා වීමේදී කි.මී. 225 කි. පොලොන්නරුව, ගිරිතලේ ඇලහැර මාර්ගයේ ගොස් ලග්ගල විල්ගමුව හරහා වස්ගමුවට දුර කි.මි. 137කි. මාතලේ සිට ගමන් ආරම්භ කරන ඔබට මනස්කාන්ත රිවස්ටන් කන්ද හරහා ලග්ගලට පැමිණ විල්ගමුව හරහා වස්ගමුවට පැමිණීමේදී දුර කි.මී. (104)කි.

 


පිහිටීම හා වපසරිය
බටහිරින් ඓතිහාසික සුදුකන්ද නැගෙනහිරින් මහවැලි ගඟ උතුරින් අඹන්ඟග දකුණින් දුනුවිලඔයෙන් සීමා වූ වස්ගමුව ජාතික වනෝද්‍යානයේ වපසරිය හෙක්ටයාර් 39322 කි. මෙය ප‍්‍රකාශයට පත්වූයේ 1984 වසරේදීය. දළ වශයෙන්  මහනුවරට කි.මී. 50ක් ඊසාන දිගින් පිහිටා ඇති වස්ගමුව - මධ්‍යම සහ උතුරුමැද පළාත්වල මහනුවර සහ මාතලේ දිස්ත‍්‍රික්ක තුළ පිහිටා ඇත.

 


වස්ගමුවේ ඉතිහාසය
ජන ප‍්‍රවාදය අනුව මෙම ප‍්‍රදේශය ඉතිහාසයේ සිටම වලසුන් (Sloth Bear) බහුලව ජිවත් වූ  බැවින් වලස් - ගමුව හැටියට නම් දැරූ මෙම ප‍්‍රදේශය පසුව ‘වස්ගමුව’ නම් විය.

ශ්‍රී ලංකාවේ වන සත්ව සංරක්‍ෂණය පුද්ගල ග‍්‍රහණයෙන් රජයේ පාලනයට පවරාගනිමින් 1937 ප‍්‍රකාශයට පත්කරන ලද වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පණත (1937 අංක 2 දරණ පණත)  වන සතුන් ආරක්‍ෂා කිරීම සඳහා රක්‍ෂිත භූමි වර්ග (3) තුනක් බිහි කරන ලදී. එනම් වනසතුන් නරඹා විනෝදවීම (Recreation) සඳහා ජාතික උද්‍යානද, විද්‍යාත්මක ගවේෂණ සඳහා පමණක් එනම් සාමාන්‍ය ජනතාව ඇතුලූ වීමට අවසර නොලද දැඩි ස්වභාව රක්‍ෂිතය  (Strict Natural Reserve)   සහ බලපත‍්‍ර මත වනසතුන් දඩයම්කිරීම සඳහා අන්තර් කලාප  (Intermediate Zone) ද වේ. එම අන්තර් කලාප තුළ වනසතුන් වෙඩි තැබීම සඳහා බලපත‍්‍ර නිකුත් කෙරුනේ එම පණතින් ‘‘විවෘත සමය’’ (Open Season) හැටියට අර්ථ කථනය කොට තිබූ වසරේ නොවැම්බර් මස 01 සිට ඊළඟ වසරේ අප‍්‍රියෙල් 29 දක්වා මාස (06) ක කාලයයි. එනම් වියළි කලාපයේ (Dry Zone) වැසි සමයයි. එසේම අප‍්‍රියෙල් (30) සිට ඔක්තෝබර් (31) දක්වා වියළි කාලය සතුන් වෙඩිතැබීම තහනම් වූ ‘‘තහනම් සමයයි’’ (Close Season).  

වස්ගමුව උද්‍යානයේ ඉතිහාසය පරීක්‍ෂාකිරීමේදී කොටවැල්ල නම් වූ ගම්මානයට නුදුරු වපසරිය ව.සැ. 12.7 ප‍්‍රදේශයක් අන්තර් කලාපයක් හැටියට (1945* පැවතී තිබේ. වසර 1955 සහ 1961 වසර සඳහා වනජීවි දෙපාර්තමෙන්තුවේ භාරකරු (වර්තමාන නිල නාමය අධ්‍යක්‍ෂ ජනරාල්) ජේ.ඒ. ද සිල්වා සහ ඒ.එස්.ඒ. පකීර් මහතුන් විසින් ලියා ප‍්‍රසිද්ධ කරන ලද දෙපාර්තමේන්තු පරිපාලන වාර්තා (Annual Administration Reports) වල ඔවුන් අන්තර් කලාප ගැන විවරණයක යෙදෙමින් x වස්ගමුව, වැදිකච්චිය, විල්පත්තු නැගෙනහිර සහ දකුණ, යාල උතුර සහ දකුණ අන්තර් කලාප තුළ, ප‍්‍රභූ පැලැන්තියේ අය එකල බලපත‍්‍ර ලබාගෙන විවෘත සමයේ වෙඩි තබා මරණ ලද වන සතුන් ලැයිස්තුව ලේඛනගත කොට තිබේ.

වත්මන් වපසරිය හෙක්ටයාර් 39,385න් යුත් වස්ගමුව (1984) ජාතික උද්‍යානයට අයත් භූමිය ඊට කලින් එනම් 1938 වසරේ සිට දැඩි ස්වභාව රක්‍ෂිතයක් හැටියට (වපසරිය හෙක්ටයාර් 28800* ප‍්‍රකාශයට පත් ව තිබිණි. එහෙත් ඒවා සුපරීක්‍ෂා කිරීමට සිටි වනජීවි නිලධාරින් ස්ථානගතව සිටියේ පොළොන්නරුවේය. ඒවායේ හරියාකාර මාර්ග නොතිබිණ. එබැවින් නිලධාරින්ගේ ගමන් ඉතා දුෂ්කර විය. මේ හේතුවෙන් එකල මුලූ වස්ගමුව රක්‍ෂිතයම හොර දඩයක්කරුවන්ගේ දැව ජාවාරම් කරුවන්ගේ රුදුරු ග‍්‍රහණයට ලක් විය. රක්‍ෂිතය අනවසර පදිංචිකරුවන්ට පාරාදීසයක් විය.

1966 වසරේ වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය සඳහා පත් වූ නව අධ්‍යක්‍ෂ ලින් ද අල්විස් මහතා ලියා ප‍්‍රසිද්ධ කරන ලද වාර්ෂික පරිපාලන වාර්තාවේ මෙසේ සඳහන් වේ.


‘‘මම දෙපාර්තමෙන්තුවේ භාරකරු හැටියට මුලින්ම පත්වීමෙන් පසු වස්ගමුවට සිදු වී තිබෙන විනාශය හොඳින් වටහා ගත්තෙමි. ඉක්බිතිව ජ්‍යෙෂ්ඨ වනජීවි නිලධාරි චිල්ඩර්ස්  ජයවර්ධන එහි යවා වත්මන් තත්ත්වය සහ සිදු වී ඇති හානිය පිළිබඳව තක්සේරු කරවා වාර්තාවක් ලබාගතිමි. ඒ අනුව සංදේශයක්  රජයට ඉදිරිපත් කොට තත්ත්වය පාලනය කිරීමට සහ අනවසර පදිංචිකරුවන් සියලූදෙනා ඉවත්කිරීමට පූර්ණ අනුමැතිය ලබා ගතිිමි.’’ වත්මන් ජාතික උද්‍යානය බවට පත් වී ඇත්තේ එලෙස ‘ගොඩගන්නා ලද’ වස්ගමුව රක්‍ෂිතයයි. එම පරිපාලන වාර්තාවේ සඳහන් ව ඇත්තේ ඒ වනවිට වස්ගමුව වාසභූමි කොටගෙන සිටින්නේ 05 දෙනෙකුට අඩු වන අලි සංඛ්‍යාවක් බවය.

එහෙත් මා මෙම ලිපිය ආරම්භ කළේ වස්ගමුව යාබද ගම්මාන වල 1994 පැවති උග‍්‍ර අලිxමිනිස් ගැටුම ගැන සඳහන් කරමිනි. මෙවන් පරිවර්තනයකට තුඩු දුන් කරුණු මේ අවස්ථාවේ සොයා බැලීම වටී. වර්තමානයේ වස්ගමුව උද්‍යානයේ අලි 150 පමණ වෙසෙති. වසර 1979 සිට 1988 දක්වා මෙරට ක‍්‍රියාත්මක වූ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ දී මහවැලි සහ අඹන්ගංගා හරහා යෝධ වේලි ඉදිකොට ගංගා ගමන් මග හරහා ජලාශවල වතුර පුරවා අප රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණින් වියළි කලාපයේ උතුරුමැද පළාත සංවර්ධනය ආරම්භ කරන ලදී. එම දැවැන්ත ක‍්‍රියාවලියේදී අලි ඇතුන් ඇතුලූ විවිධ වන සතුන් විසූ මහා ඝණ වනාන්තරය එළි පෙහෙළි වූයෙන් ඔවුන්ගේ විශේෂයෙන්ම වන අලින්ගේ ඉදිරි පැවැත්ම සහ සංරක්‍ෂණය සඳහා මහවැලි කලාපය තුළ ඉතා නැණවත් අන්දමින් රක්‍ෂිත ප‍්‍රදේශ ජාලයක් ස්ථාපිත කරන ලදී. වස්ගමුව ජාතික උද්‍යානය ඉන් එකකි. එම රක්‍ෂිත කලාප ජාලය බිහි කරන ලද්දේ විශාල ධනස්කන්දයක් වැය කරමින් ඉදිකරන ලද මහවැලි ජලාශ සහ ඇළ මාර්ග පද්ධතිය සදහටම ආරක්‍ෂා වන පරිදිය.

ලබන සතියට...

 



අදහස් (0)

වස්ගමුව වන උයනේ අසිරිය

ෆාරි Friday, 07 June 2013 11:12 AM

මහවැලිය නිසා අපට ලැබුණූ දේ බොහොමයි (නි)

:       0       0

කුමාර Monday, 03 June 2013 05:19 PM

ලංකාවේ තරම් ලස්සන පරිසරයක් නැහැ ලෝකේ කොහෙවත් (දී)

:       0       0

කුමාරි Monday, 03 June 2013 05:25 PM

වස්ගමුව ලස්සන ස්ථානයකි (නි)

:       0       0

බන්දුල Tuesday, 04 June 2013 10:24 AM

වස්ගමුව වනෝද්‍යානයේ ලස්සන.(නදී)

:       0       0

අකිල Wednesday, 23 September 2015 03:45 PM

වස්ගමුව බන්ග්ලෝ එකේ ටෙලිෆෝන් නම්බරය දෙන්න (ම)

:       0       0

චන්ද්‍රනාත් සේනාධීර Monday, 03 June 2013 03:16 PM

මෙවැනි විස්තර තව තවත් ලබාදෙන්න. ඔබට පින් (නි)

:       0       0

වරුණ Wednesday, 05 June 2013 03:15 PM

මීමැස්සෝ විතරක් නොවෙයි මිරිස් එක දිගට වගා කලාමත් අලි පාලනය කරන්න පුළුවන් කියලා මම වෙබ් එකේ දැක්කා.(නදී)

:       0       0

කුලේන්ද්‍ර Monday, 03 June 2013 03:49 PM

මම අහල තියෙනවා මීමැස්සෝ මගින් පුළුවන් වන අලි පාලනය කරන්න.ඒ ගැන මීට ටික කලකට කලින් මහත්තයෙක් ලිපියක් පල කරලා තිබුනා. එක දිගට ලී කණු සිටුවා , ඒ කණු කම්බියක් මගින් සම්බන්ධ කරන්න, ඊට පසුව ඒ හැම කණුවකම මීමැසි පෙට්ටි සවිකරන්න. වන අලින් කම්බියේ වැදුනු ගමන් මීමැස්සන් ඇවිස්සී අලියන්ට දෂ්ට කරනවා. ඒක හොඳ ආදායම් මාර්ගයක් සහ අලි පාලන ක්‍රමයක්. මේගැන අවධානය යොමුවේවා! අලි මිනිස් ගැටුම් වලට ස්ථිර විසඳුමක් ලබා දෙන්න. (නි)

:       0       0

සංජීව Thursday, 06 June 2013 03:20 PM

වරුණ කියන දේ හරි. අප්‍රිකාවේ මිනිස්සු කොච්චි වවලා අලි පාලනය කරනවා. අපේ අයට මේක කිව්වොත් වැඩේ නොකෙරෙන්න කතා සීයක් කියයි (නි)

:       0       0

එරංග Monday, 03 June 2013 04:37 PM

www.ceylonshots.com

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 666 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1172 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 150 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 395 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 565 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 931 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site