(සමන්ත යහම්පත්)
ජාතික කලාභවනේ පිහිටි ජාතික කලාගාරයෙන් වසර 93ක් පැරැණි චිත්‍රයක් අලුතින් සොයාගැනීමට හැකිවී ඇත.
එම චිත්‍රය සොයාගෙන ඇත්තේ තවත් චිත්‍රයක් ඇතුළෙන් වීම විශේෂත්වයකි.
ප්‍රවීණ චිත්‍රශිල්පී, චිත්‍ර කලා ගුරු මුදලිඳු ඒ.සී.ජේ.එස්. අමරසේකර මහතා විසින් 1928 දී අඳින ලද කාන්තාවගේ රුවක් සහිත චිත්‍රයක් ඔහු විසින්ම 1964 වසරේ දී ඇඳි ආනන්ද සමරකෝන් මහතාගේ චිත්‍රය ඇතුළෙන් සොයා ගැනීමට මෙලෙස හැකි වී තිබේ.
සොයාගත්තේ ඇමෙරිකානු චිත්‍ර සංරක්ෂික ජෙනිෆර් මයර්ස්
මෙම චිත්‍රය සොයාගනු ලැබුවේ ජාතික කලාභවනේ පිහිටි චිත්‍ර සංරක්‍ෂණය කිරීම සඳහා උපදේශකත්වය ලබාදීමට ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණ සිටින ප්‍රවීණ තෙල්සායම් චිත්‍ර ශිල්පිනියක හා චිත්‍ර සංරක්‍ෂිකාවක වන ජෙනිෆර් මයර්ස් මහත්මිය විසිනි.
ආනන්ද සමරකෝන් මහතාගේ චිත්‍රයට දූවිලි අංශු වැදී තිබෙන ආකාරයේ වෙනසක් දුටු ඇය එහි ඇතුළත තවත් චිත්‍රයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇත. අනතුරුව චිත්‍රයේ කැන්වස් රෙද්ද ගැලවීමේ දී තවත් චිත්‍රයක් එහි තිබෙන බව සොයාගැනීමට හැකි විය. එක් චිත්‍රයක් තිරස් අතටත්, අනෙක් චිත්‍රය සිරස් අතටත් ඇඳ තිබෙනු එහිදී දැකගත හැකි විය.
මෙම කලාගාරයේ චිත්‍ර සංරක්‍ෂණය කිරීමේ කටයුතුවල අධීක්‍ෂණ කටයුතු කරන සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය පැවසුවේ ජෙනිෆර් මහත්මිය නොවන්නට එම චිත්‍රය සදාකාලිකව වැසී තිබෙන්නට ඉඩ තිබූ බවය.
එහි චිත්‍ර 239ක් හා මූර්ති 11ක් සංරක්‍ෂණය කිරීමේ කටයුත්ත කමිටුවක් මගින් සිදුකරන බවත්, මේ සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා විශාල උනන්දුවක් හා සහයෝගයක් ලබාදෙන බවත් ඇය කීවාය. අලුත් චිත්‍රය නිසා චිත්‍ර 240ක් සංරක්‍ෂණය කිරීමට සිදුවී ඇති බව අධ්‍යක්‍ෂවරිය කියා සිටියාය.
අලුතින් සොයාගත් චිත්‍රය බොහෝදුරට ඉන්දියානු කාන්තාවකගේ විය හැකි බවට අනුමාන කෙරේ. මුදලිඳු අමරසේකර මහතා එවකට තානාපතිවරුන් සමඟ ඉතා සුහදව ළඟින් ඇසුරු කර ඇති බවත්, ඔවුන්ගේ භාර්යාවන් සිතුවමට නඟා ඇති නිසා එසේ සිතන්නට හැකි බවත් ජාතික කලාගාරයේ අභිරක්‍ෂක හිරන්ති මධුෂානි ප්‍රනාන්දු මහත්මිය මේ පිළිබඳව කළ විමසීමේ දී පැවසුවාය.
මෙම චිත්‍ර සංරක්‍ෂණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරන අතර, ඒ සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජාතික කලාභවන එක්ව කටයුතු කරයි.
මෙහි චිත්‍ර සංරක්‍ෂණය කිරීමේ කටයුත්ත භාරව සිටින ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු, විශ්වවිද්‍යාල චිත්‍ර කලා අංශ ප්‍රධානියකු වන මහාචාර්ය ජගත් වීරසිංහ මහතා පැවසුවේ ජෙනිෆර් මහත්මිය ඉතා ඕනෑකමින් මේ කටයුත්තට අවශ්‍ය සැලසුම් ඉදිරිපත් කරන බවය.
අවුරුදු 40ක් තිස්සේ චිත්‍ර ශිල්පීන් කළ ඉල්ලීම් ඉටුකරන්නට හැකිවීම විශාල භාග්‍යයක් බවත්, ඇය මෙරටට නොඑන්නට අලුත් චිත්‍රය සොයාගැනීමට නොහැකි වන වා සේම ප්‍රථම වතාවට චිත්‍ර සංරක්‍ෂණ සැලැස්මක් පවා හැදීමට ඉඩක් නොලැබෙන බවත්, ඔහු කීවේය.
මෙම අලුත් චිත්‍රය සොයාගැනීමේ කටයුත්තට මහාචාර්ය ජගත් වීරසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ, කලාගාරයේ අභිරක්‍ෂක හිරන්ති මධුෂානි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ සංරක්‍ෂණ නිලධාරී ශාන්ත, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ඒ.ටී.එම්. අධිකාරී යන මහත්ම මහත්මීහු ද ජෙනිෆර් මයර්ස් මහත්මියට සහාය වූහ.
(ඡායාරූප- රුෂිරු කොළඹතන්ත්‍රී)
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වසර 93 ක් පැරැණි චිත්‍රයක් ජාතික කලාගාරයෙන් සොයාගැනේ