ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනයේ ජරමරය තවමත් ඉවරයක් නැත. බොහෝ පිරිසක් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී සිටිති. මේ අතර ආණ්ඩුව නීතිපතිවරයා හරහා පනත් කෙටුම්පතට ඇතුළත් කරන සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරද්දී කමිටු අවස්ථාව යනුවෙන් අවස්ථාවක් හිමිවේ. එහිදී අවශ්‍ය සංශෝධන පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ හැකිය. එලෙස ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහි ප්‍රධාන සංශෝධන අතර මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් සශෝධනයක් කර තිබේ. ‘‘ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් මැතිවරණ කොමිසම සමන්විත විය යුතුය. එසේ පත්කරනු ලබන එක් සාමාජිකයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයකු වශයෙන් හෝ ඊට ඉහළ වූ හෝ ධුරයක් දරනු ලැබූ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හෝ මැතිවරණ කොමිෂන් සභාවේ විශ්‍රාමලත් නිලධාරියකු විය යුතුය’’ යනුවෙන් සංශෝධනවල සඳහන් කර තිබේ. මේ අතර ගණපූර්ණය තුනක් ලෙසද එහි සඳහන් වේ.
‘‘මැතිවරණ කොමිෂන් සභාවේ එක් සාමාජිකයකු පළපුරුදු නිලධාරියකු හෙවත් මැතිවරණ රාජකාරියේ නිරතව සිටි කෙනෙකු විය යුතු යැයි මීට ඉහතදී නීතියේ තිබුණා. 17 වැනි 18 වැනි සහ 19 වැනි සංශෝධන සියල්ලේම ඒක තිබුණා. ඒත් 20 වැනි කෙටුම්පතේ එවැන්නක් සඳහන්ව නැත. බොහෝ පිරිස්වල පෙන්වාදීම නිසා සංශෝධනය ඉදිරිපත් කරන්න ආණ්ඩුව කටයුතු කළා’’ යැයි දේශපාලනඥයෙක් කීවේය. මීට අමතරව ජනපතිවරයාට ලබාදෙන බලතලවලට අමතරව තවත් අලුත් බලතලයක් සංශෝධනයක් ලෙස ඉදිරිපත් වී තිබේ.
‘මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම තහවුරු කිරීම සඳහා බලය ඇත්තේය’ යනු එම සංශෝධනයයි. මීට ඉහත එවැනි වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණේ නැත.
යෝජිත සංශෝධන අතර අනෙක් කැපී පෙනෙන සංශෝධනය ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය නොහැකි වීම යන වගන්තියට අලුත් යමක් එකතු වී තිබීමය. විසිවන සංශෝධනය සම්මතවීමට පෙර කිසියම් ජනාධිපතිවරයකුට එරෙහිව නීති කෘත්‍යයක් පවත්වමින් තිබුණේ නම් එය දිගටම සිදුවිය යුතුය යනුවෙන් සංශෝධනයක්ද ඇතුළත්ය. ‘‘ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මුක්තිය හිමිවන්නේ නැත. දැනටමත් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් දෙකක් විභාග වෙනවා. ඒ නිසා එම නඩු කටයුතු දිගටම සිදුවේවි’’ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ ආකාරයෙන් තවත් සංශෝධන කීපයක්ම පාර්ලිමේන්තුවේ කමිටු අවස්ථාවේදී සම්මත කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයාට පැවරෙන ආකාරයේ වගන්තියක් ඇතුළත් කර තිබේ.
‘‘අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය යුතු ලේකම්වරයෙක් වන්නේය. අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය භාරව කටයුතු කිරීම සහ අග්‍රාමාත්‍යවරයාගේ විධානයන්ට යටත්ව ස්වකීය ධුරයේ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීම සහ කිරීම කළ යුත්තේය’’ යනු එම වගන්තිය වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉකුත් සඳුදා රත්නපුරය බලා පිටත්ව ගියේය. රත්නපුර ප්‍රදේශයේ උත්සවයකට සහභාගිවීමට ගිය අගමැතිවරයාගේ හෙලිකොප්ටරය ගොඩබස්සන ලද්දේ රත්නපුර, මුද්දුව ක්‍රීඩාංගණයටය. පාසල් දරුවන් රැසක් ක්‍රීඩාංගණය අසලට රොක්ව සිටියේ අගමැතිවරයා දැකබලා ගැනීමටය. දරුවන්ගේ සුවදුක් විමසමින් ඔවුන්ගේ අඩුපාඩු සොයා බැලීමට අගමැතිවරයා පවිත්‍රා වන්නිආරච්චි සහ ජානක වක්කුඹුර රාජ්‍ය ඇමැතිවරයාට උපදෙස් දුන්නේය.
මේ අතර බෙලිඅත්ත ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් පිරිසක් ඉකුත් අඟහරුවාදා කොළඹට පැමිණියේ අරලියගහ මන්දිරය නැරඹීමටය. අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත්ව අරලියගහ මන්දිරයේ ස්ථාන දරුවන්ට පෙන්වීය. බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ සහ බෙලිඅත්ත ධම්මපාල බාලිකා විද්‍යාලයේ සිසුහු ටික වේලාවක් අගමැතිවරයා සමග සතුටුසාමීචියේ යෙදුණාහ.
මේ දිනවල පොල් සම්බන්ධයෙන් සමාජ ජාලා මාධ්‍යවල දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් හරහා පොල්වලට උපරිම සිල්ලර මිලක් නිම කළේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුවය. මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යවල උසුළු විසුළු හා දැඩි විවේචන එල්ල වී ඇත්තේ වට ප්‍රමාණය අනුව පොල් මිල නියම කිරීමටය. සමාජ මාධ්‍යවල විවේචන එල්ලවීම ඉවසිය නොහැකි තැන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊට ප්‍රතිචාර දක්වමින් කීවේ ‘‘වට ප්‍රමාණය මැනිය යුත්තේ පාරිභෝගිකයා නොව වෙළෙඳුන්’’ බවය. එය හාස්‍යයට ලක් නොකරන ලෙස ද පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලීමක් කළේය.
රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර විසිවැනි සංශෝධන පිළිබඳව අදහසක් පළ කළේ පැපිලියාන සුනේත්‍රාදේවි පරිවෙණාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියන් සමගය. රාජ්‍ය ඇමැතිවරයා 13 වැනි සංශෝධනයට එරෙහිව අදහස් දක්වන්නෙකි. එහෙත් අභය තිස්ස හිමියන්ගේ අදහස දහතුන්වැනි සංශෝධනය දැනට තිබෙන ආකාරයෙන්ම පවත්වා ගත යුතු බවය. දෙදෙනා අතර යම් ස්ථානක දී කතාබහක් ඇති වින. ‘‘හාමුදුරුවනේ මම රාජ්‍ය විරෝධියෙක් වෙන්න පුළුවන්. හැබැයි දේශද්‍රෝහියෙක් වෙන්නේ නැහැ’’ යැයි සරත් වීරසේකර කීවේය.
සමගි ජනබලවේගය පක්ෂය විස්සට එරෙහිව විරෝධතාවක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. පිටපළාත්වලින් විශාල සෙනඟක් කොළඹට කැඳවා විසිවැනි සංශෝධනයට එරෙහිව උද්ඝෝෂණයක් කිරීම එම පක්ෂයේ අරමුණ ය. දැනටමත් ඒ සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත්කර තිබෙන අතර අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කර ඇතැයි ද සමගි ජනබලවේගය පක්ෂය සඳහන් කරයි.
ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය සෙනසුරාදා පොලොන්නරුවට ගියේය. ඒ රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය. ප්‍රසන්න රොෂාන්ගේ නිවසට යනවිට දේහය නිවසින් එළියට ගැනීමට ඔන්න මෙන්න කියා තිබිණි. දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ප්‍රසන්න විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන්කර තිබූ කාමරයකට රැගෙන ගියේ හිටපු ජනාධිපති මෛත්‍රීගේ මල්ලී වන ඩඩ්ලිය. ඒ ‘‘යමු යමු... යාළුවෙකුත් ඉන්නවා’’ යැයි කියමිනි. කාමරයේ හිටපු ජනපති මෛත්‍රී ඇතුළු කීප දෙනෙක්ම රැඳී සිටියහ. මෛත්‍රී ප්‍රසන්න පැමිණෙනු දුටුවත් නොදැක්කා සේ සිටියේය. මෛත්‍රී අසලට ගිය ඩඩ්ලි “මේ ප්‍රසන්න ඇමතිතුමා ඇවිල්ලා’’ යැයි කීවේය.“හ්ම්.... දැන්ද ආවේ’’ මෛත්‍රී ඕනෑවට එපාවට මෙන් ඇසුවේය..“ඔව්....’’ ප්‍රසන්න දුන්නේද කෙටි උත්තරයකි.
ප්‍රසන්න කාමරයේ ඉඩ ඇති තැනක අසුන් ගන්නවාත් සමඟම නැඟී සිටි මෛත්‍රී වහා ඉන් පිටව ගියේය. මෙය දුටු අසල සිටියෙකු කීවේ “සාමාන්‍යයෙන් වෙන්නේ ජනාධිපති කෙනෙක් එනකොට එයාට ඉඩදීලා ඇමතිවරු අයින් වෙන එක. මෙතන වුණේ ඒකේ අනිත් පැත්තනේ. ප්‍රසන්න ඇමතිතුමා එනකොට මෛත්‍රී ජනාධිපතිතුමා ඉඩදීලා ගියා..’’ කියාය.
මෙවර ලෝක සංචාරක දින උත්සවය තිබුණේ මහනුවරය. ඉරිදා තිබූ එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගයි. උත්සවය අවසානයේ මධ්‍යම ආණ්ඩුකාර ලලිත් ප්‍රසන්නට තවත් ආරාධනාවක් කළේය. ඒ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් බලන්න යන්නටය. එය තිබුණේ බෝගම්බර සිර කඳවුර ඉදිරිපසය. ප්‍රසන්න, දිලුම් අමුණුගම රාජ්‍ය ඇමතිවරයා සහ ආණ්ඩුකාරවරයා සමග එහි ගියේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මහනුවර නගරයේ ගොඩනැගිලි හා බිත්ති චිත්‍රවලින් සැරසූ තරුණ පිරිසක් එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබීම විශේෂත්වයකි. එතනට ගිය ඇමතිවරයාගෙන් ඔවුන් ඉල්ලුවේ සංචාරක කර්මාන්තය යළි ඇරඹුණු විට මෙවැනි චිත්‍ර හා මූර්ති නිර්මාණකරුවන්ගේ නිර්මාණ අලෙවි කිරීමට නිශ්චිත ස්ථානයක් සකසන ලෙසය. ඔහු කීවේ ඒ සඳහා රජය දැනටමත් අවධානය යොමුකර ඇති බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්ව මේ වනවිට ගතව ඇත්තේ මාස දෙකකට ආසන්න කාලයකි. ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරු හා කොමසාරිස්වරු මේ දිනවල නව රජයේ ඇමතිවරුන් මුණගැසෙන්නේ දෙපාර්ශවය අතර ද්විපාර්ශික සබඳතා පුළුල් කර ගැනීම සඳහාය.
කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් ඇමති ප්‍රසන්න හමුවන්නේද ඒ අනුවය. හමුව සිදුවූයේ සංචාරක අමාත්‍යංශයේදී පහුගිය අඟහරුවාදාය. කැනඩාව ඇතුළු ඇතැම් බටහිර රටවල් පහුගිය රජය සමයේ ගෙන ආ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් දැඩිලෙස පෙනී සිටි බවට දැඩි චෝදනාවක් තිබේ. 19ට එරෙහි ආණ්ඩුවේ ස්ථාවරයේ ප්‍රබලයෙකු වන ප්‍රසන්න සහ කැනඩා මහ කොමසාරිස්වරයා දෙදෙනා අතර සාකච්ඡාවේදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැනද ඇදී ආවේය.
“19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ රටට ආදරයට නෙමෙයි. රාජපක්ෂලාට විරුද්ධව. රාජපක්ෂ රෙජීමය පන්නා දැමීමේ රාජ්‍ය නොවන සංවිධානවලයි සමහර බටහිර රටවලයි උවමනාවට තමයි 19 හරහා සිදුවූයේ’’ ප්‍රසන්න කැනඩා මහ කොමසාරිස්ගේ මූණටම කීවේය.
මහජන දිනය සඳුදාට යොදාගත යුතු යැයි ජනාධිපතිවරයා කීවේ මහජනතාවට පහසුවෙන් සිය අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහාය. ඒ අනුව ජනාධිපතිරයාගේ නියමයෙන් මහජන දිනය බදාදායින් සඳුදාට මාරු වූයේය. ජනාධිපතිවරයා කීවේ මැති ඇමැතිවරුන් අනිවාර්ය අමාත්‍යාශයේ මහජන දිනය දා සිටිය යුතු බවකි. එහෙත් එක්තරා ඇමැතිවරයෙක් මහජන දිනයට සහභාගි වන්නේම නැතැයි චෝදනාවක් තිබේ. ඔහු රාජ්‍ය ඇමැතිවරුන්ට මහජන දිනයේ වගකීම පවරා ඇතැයි ද පැවසේ. මේ අතර තවත් ඇමැතිවරියක් ඉකුත් සඳුදා මහජන දිනයට පැමිණියේ නැත. ඇමැතිවරිය එදින විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට ගොස් සිටියාය. විවාහයකට අත්සන්කර කාබී සතුටු සාමීචියේ යෙදී සිටි ඇමැතිවරියට මහජන දිනය අමතක වී තිබිණි. අමාත්‍යාංශයට වැඩකර ගැනීමට පැමිණි බොහෝ පිරිසක් අපහසුතාවයට පත් වූහ.
(***කස්තුරි)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විස්සේ ජරමර
NM Saturday, 03 October 2020 12:40 PM
17 වැනි සංශෝධනය වෙනස් කොට ජනාධිපතිවරයාට එම තනතුර දැරියහැකි සීමාව උපරිම වසර 12ක් වුවත් 18වැනි සංශෝධනය සම්මත කොට එම වසර 12, 18ක් කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපතිවරයාගේ බලය සහ සීමාවන් දිගුවීමයි. 19වන සංශෝධනයෙන් බලතුලනයක් ඇතිකොට ජනාධිපතිගේ බලය පාර්ලිමේන්තුවට ලබාදුනි. රටේ ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට අවශ්‍ය වන්නේ උපරිම බලයද අවම බලයද? බුද්ධිමත්, උගත් නායකයන් හට රටපලනයට අවශ්‍ය වන්නේ දැනුම සහ පලපුරුද්ද වේ. දැනුමෙන්, බුද්ධියෙන් සහ පළපුරුද්ද ඇත්නම් ඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් වැඩ ගැනීමට ඔහුට හැකියාව ඇත. එසේ නොවන්නේ නම් බලය යොදා රට පාලනය කිරීමට සිදුවේ. ජාතික ආරක්ෂාව ඉදිරියට දමා ජනාධිපතිවරයාගේ බලය වැඩිකරගැනීම යනු රටේ සමස්ත රාජ්‍ය ආයතන සියල්ලක්ම දේශපාලනීකරණය විමවේ. එවිට දේශීය මෙන්ම විදේශය බලපෑම් පවා රටට ඇතිවනු ඇත. විදේශීය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ගෙන්වා කුමන විවේචන කළද, මාධ්‍ය ඉදිරියේ ඇමෙරිකාවට, බ්‍රිතාන්‍යයට, කැනඩාවට ඕස්ට්‍රේලියාව වැනි බලවත් රටවලට දෝෂාරෝපණය කළද, අවසනයේ ලංකාවට විදේශ ආයෝජන ලබාදෙන මෙන් ඉල්ලා ඔවුන් පසුපස යාම රජයේ ඇමතිවරුන් මේ දිනවල ජයටම කරගෙන යනු පෙනේ..