ශ්රී ලංකාව ඈත අතීතයේ සිටම චෞර කප්පිත්තන්ගේ රජදහනක් ලෙස ප‍්‍රචලිතය. වර්තමානය වනවිට රට තුළ කෙරෙන විවිධ සුක්‍ෂ්ම ජාවාරම් නිසා ඒ තත්ත්වය වඩාත් තහවුරු වී තිබේ. නීතියේ ඇසට වැලිගසමින් විවිධ ජාවාරම්කරුවන් කරන මෙම අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුවද අධිකරණයෙන් ඇප ලබා සිවිල් සමාජයට පිවිසීමෙන් අනතුරුව ඔවුහු යළිත් එම ජාවාරම්වලම නියැලෙති. ඒ තරමටම ඔවුනට මෙම ජාවාරම් මිහිරිය. මෙම ජාවාරම් අතර වාහන සොරකම් කර ‘‘මස්’’ කර අමතර කොටස් ලෙස විශේෂයෙන් පංචිකාවත්තේ පිහිටි අමතර කොටස් වෙළෙඳසැල් වලට අලෙවි කිරීම ප‍්‍රධාන තැනක් ගනියි. අපි මෙම ජාවාරම් කෙරෙන ආකාරය දෙස ගැඹුරින් විමසා බැලිය යුත්තේ හෙට දවසේත් එලෙස සිදුවිය හැකි අපරාධ වළක්වා ගැනීමට පෙරසූදානමක් ලෙසය.
මෙම වාහන ජාවාරම ක‍්‍රම කිහිපයකින් සිදුවෙයි. බොහෝවිට සති අන්ත පුවත්පත්වල වාහන විකිණීම සඳහා පළකෙරෙන පුවත්පත් දැන්වීම්වලට මෙම ජාවාරම්කරුවන් එම වාහන මිලදී ගැනීමට කැමැත්ත පළකර ලබාදෙන දුරකථන ඇමතුම් ලබා දෙන්නේ ව්‍යාජ හැඳුනුම්පත් ඉදිරිපත් කර ජංගම දුරකථන සේවා සපයන සමාගම්වලින් ලබාගත් සිම් කාඞ්පත් යෙදූ ජංගම දුරකථන වලිිනි. එම හැඳුනුම්පත්වල සඳහන් ලිපිනයන් පවා ව්‍යාජ ඒවාය. ඉන් අනතුරුව මෙම ජාවාරම්කරුවෝ වාහනයේ හිමිකරු මුණ ගැසී වාහන ගනුදෙනුව සිදුවන ආකාරය පිළිබඳව ඔහු සමග කතා බස් කරති. වාහනයේ හිමිකරු එහි ‘‘ෆිනෑන්ස්’’ වාරික ගෙවීමට ඇතැයි පැවසුවහොත්, එමවාරික ගෙවීම මෙම ජාවාරම්කරුවෝ බාරගෙන නීතිඥවරයකු හා දෙවනුව පැමිණ ගිවිසුම් අත්සන් කර මුදලින් රුපියල් ලක්‍ෂයක් පමණ දී වාහනය රැගෙන යති. අනතුරුව එම වාහන මරදාන, පංචිකාවත්ත, හොරණ, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, බණ්ඩාරගම, අත්තනගල්ල, නාරාහේන්පිට හෝ උතුරු, නැගෙනහිර වැනි වාහන ‘‘මස්’’ කෙරෙන ප‍්‍රදේශවලට රැගෙන ගොස් කෑල්ලෙන් කෑල්ල ගලවා වාහන අමතර කොටස් අලෙවි සැල්වලට අලෙවි කරති. පසුව වාහන හිමිකරු මිලදීගත් පුද්ගලයා ඇමතුවද එම සිම් කාඞ්පත ක‍්‍රියා විරහිතය. හැඳුනුම්පතේ තොරතුරු අනුව සොයා බැලූවද එහි සඳහන් ලිපිනයේ එවැනි පුද්ගලයකු නොමැත. බස්, ලොරි, වැනි බර වාහන සඳහාද මෙම ක‍්‍රමයම අනුගමනය කරන ජාවාරම්කරුවෝ ඒ සඳහා රුපියල් ලක්‍ෂ 5, 6 සහ 10 වැනි තැන්පතුවක් ලබාදී වාහන ඉහත සඳහන් කළ ක‍්‍රමවේදයටම රැුගෙන යති. මෑත කාලීනව ‘‘ජපනා’’ නමින් මෙම ජාවාරම සඳහා ප‍්‍රචලිත පුද්ගලයකු බස් හා ලොරි දහයක් පමණ මෙලෙස සොරකම් කිරීමෙන් අනතුරුව නීතියේ රැහැනට කොටු විය.
ඇතැම් ජාවාරම්කරුවෙක් උතුරු, නැගෙනහිර පසුගිය යුද සමයේදී පිළිස්සුනුු වාහන අංගනවලට ගොස් එලෙස පිළිස්සුනු වාහනවල අංක සටහන් කරගෙන පැමිණ මෝටර් රථවාහන ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම වාහනවල හිමිකරු සොයාගෙන ව්‍යාජ දිවුරුම් ප‍්‍රකාශ යොදා මියගිය පුද්ගලයකුගේ නමට පැවරුම් ලේඛණ සකසයි. ඉන්පසුව මංකොල්ලකන ලද වාහනවලට එම ලේඛන භාවිතයෙන් ලියාපදිංචිය සිදුකරන අවස්ථාද බහුලය.
සාමාන්‍යයෙන් රාත‍්‍රි කාලයේ මාර්ගවල නවතා ඇති වාහන මෙම ජාවාරම්කරුවන් සතු ව්‍යාජ යතුරු යොදා පනගන්වා පැහැරගෙන යාම සිදු කෙරෙනුයේ කොළඹ නගරය හා තදාසන්න ප‍්‍රදේශවලය. එලෙස පැහැරගෙන යන වාහනය දෙදිනක් පමණ සඟවා තබාගෙන උතුරු ප‍්‍රදේශවලදී කෑල්ලෙන් කෑල්ල ගලවා මොවුහු ‘‘මස්’’ කරති. ඊට සූදානම් වූ කණ්ඩායම් මරදාන, පංචිකාවත්ත ප‍්‍රදේශවල බහුලය. ඔවුහු නිරන්තරයෙන් ඒ සඳහා සූදානමින් සිටිති. පැයක පමණ කාලයකදී සම්පූර්ණයෙන්ම කෑල්ලෙන් කෑල්ල ගැලවීමට මෙම කණ්ඩායම් අතිදක්‍ෂය. බොහෝ විට මෙලෙස පැහැරගනු ලබන්නේ, මරුටි, ඇල්ටෝ, සහ ඩොල්පින් වෑන් රථ වැනි වෙළඳපොළේ වැඩි ඉල්ලූමක් සහිත වාහනයි. සමහර අවස්ථාවල මෙම කණ්ඩායම්වල සිටින ඇතැමෙක් ඔහු ළඟ එක් වාහන වර්ගයක ලියාපදිංචි ලේඛන තිබෙන බව පැවසූ විට එම වර්ගයේම වාහනයක් සොරකම් කිරීමට ජාවාරම්කරුවන්ට අනුබල දෙන අවස්ථාද බහුලයි.
සාමාන්‍යයෙන් නැව් මගින් විශාල ‘‘කන්ටේනර්’’ තුළ නිරන්තරයෙන් විදේශ රටවලින් මෙම වාහන අමතර කොටස් රැුගෙන එන නිසා එම අමතර කොටස් අලෙවිසැල් තුළ මෙම ජාවාරම්කරුවන්ගේ අමතර කොටස් තිබුණද ගැනුම්කරුවන්ට ඒවා පිළිබඳව එතරම් තැකීමක් නැත. එම ජාවාරම්කරුවන්ගේ අමතර කොටස් රහසිගතව අලෙවිකර දෙන තැරැුව්කරුවෝද පංචිකාවත්තේ බහුලව සිටිති. අනෙක් අතට එම අලෙවි සැල්වල හිමිකරුවන් ඒවා මිලදී ගන්නේද කුණු කොල්ලයටය.
තවත් සමහර අවස්ථාවල මෙම ජාවාරම්කරුවෝ කුලියට වාහන ලබා දෙන ආයතනවලට ගොස් රුපියල් 25000 ක පමණ අත්තිකාරමක් තබා දිනකට දෙකකට යැයි පවසා ඇල්ටෝ, මරුටි වැනි වාහන රැගෙන යති. බොහෝ විට එලෙස රැුගෙන යන්නෝ කැසිනෝ ක‍්‍රීඩාවේ යෙදෙන්නෝය. යම් ආකාරයකින් කැසිනෝ ක‍්‍රීඩාවේ යෙදෙන විට පැරදුණහොත් එම වාහනය උගසට තබා කැසිනෝ ක‍්‍රීඩාව සඳහා ඔවුහු මුදල් ලබා ගනිති. ඒවා උගසට ගැනීම සඳහා ඕනෑ තරම් තැරැව් කරුවන් එම භූමියේම බහුලය.
රටේ සිදුකෙරුනු මහා පරිමාණ සංවර්ධන කටයුතු මේ වනවිට යම් ආකාරයකින් නැවති තිබුණද පසුගිය කාල සීමාවේ ඒ කටයුතු වෙනුවෙන් ‘‘ටිපර්’’ රථ කුලියට දුන් සමහර ආයතන ඒවා කුලී පදනම මත ලබා දීම සඳහා රියැදුරන් අවශ්‍යයැයි පළ කෙරෙන දැන්වීම්වලට සමහර ජාවාරම්කරුවන් එහි යන්නේ ව්‍යාජ හැඳුනුම්පත් ඇතැතිවය. රියැදුරන් ලෙස එහි යන මෙම ජාවාරම්කරුවන් දින දෙකකට කුලී පදනම මත ‘‘ටිපර් රථ’’ රැගෙන යන අතර දෙදිනක් අවසානයේ ‘‘ටිපර් රථයත්, රියැදුරුත් අතුරුදන්ය. ‘‘ටිපර් රථයේ’’ සියලූ කොටස් අවසානයේ නතර වන්නේ පංචිකාවත්තේ හෝ වෙනත් අමතර කොටස් අලෙවිසල් තුළය. සමහර අවස්ථාවල මෙම ජාවාරම්කරුවෝ නීතියේ රැහැනට කොටු වුවද අධිකරණයෙන් ඇප ලබා සිවිල් සමාජයට පැමිණ නැවත නැවතද මෙම ජාවාරම්වලම නිරත වීම සාමාන්‍ය තත්ත්වයකි.
සමහර අවස්ථාවල මෙම ජාවාරම්කරුවෝ ව්‍යාජ නම් යොදා ව්‍යාජ හැඳුනුම්පත් සකසා නව බැංකු ගිණුම් විවෘත කරති. එම ගිණුම් වසරක් දෙකක් පමණ ඉතා හොඳින් ගනුදෙනු වන පරිදි ක‍්‍රියාකාරීවීමට සලසා බැංකුවල විශ්වාසය දිනා ගැනීමට ඔවුහු සුක්‍ෂ්ම වෙති. එම ගිණුම් විවෘත වන්නේ ව්‍යාපාරයක නාමයෙනි. එලෙස බැංකුවල විශ්වාසය දිනා ගැනීමෙන් පසු වාහනයක් මිලදී ගැනීම පිණිස ඔවුහු බැංකු ණයක් ඉල්ලා සිටිති. එය සාමාන්‍යයෙන් රුපියල් ලක්‍ෂ පහක පමණ මුදලකි. එම ණය මුදල ලබාගත් පසු ව්‍යාපාරය වසා දමා පුද්ගලයා අතුරුදන් වෙයි. ඊන් අනතුරුව එම ජාවාරම්කරුවා ගෝලබාලයන් ලවා වාහන සොරකම් කර, අබලන් වූ වාහන සොයාගෙන එම වාහනවලට ව්‍යාජ ලියකියවිලි සකසා සොරකම් කරන ලද වාහනවලට ඒවා ගලපා එම වාහන අලෙවි කිරීමද මෙම ජාවාරම තුළ බහුලව සිදුවේ. එසේම අවි ආයුධ පෙන්වා බිය ගන්වා රථවාහන මංකොල්ලකන අවස්ථාද පසුගිය කාලසීමාව පුරාම අනාවරණය විය. එලෙස මංකොල්ලකන වාහනවල අමතර කොටස් මිලදී ගන්නා ඇතැම් අමතර කොටස් අලෙවිසල් හිමියන් ඒවා මිලදී ගන්නේ මංකොල්ලකෑ වාහනවල ඒවා බව දැනගෙනමය. ඒවා සියයක් අලෙවි කරද්දී සමහරවිට නීතියේ රැුහැනට හසුවන්නේ එකක් හෝ දෙකක් හෝ පමණි. සාමාන්‍ය තත්ත්වය එයයි.
අධික මිල ගණන්වලින් යුත් නවීණ මෝටර් බයිසිකල් සොරකම් කිරීමද මෙම ජාවාරමේ තවත් කොටසක්ය. එසේ සොරකම් කරන ලද මෝටර් බයිසිකල් විකිණීම පිණිස ව්‍යාජ ලියකියවිලි සැකසෙන්නේ නවීණ පරිගණක තාක්‍ෂණය උපයෝගී කරගනිමින්ය. ඒවාටම විශේෂිත වූ පුද්ගලයෝ මෙම ජාවාරම තුළ බහුලව සිටිති. සමහර අවස්ථාවල එම මෝටර් බයිසිකල්වල චැසි අංකය ඡුායාපිටපත් කිරීමේදී එක් අංකයක් වෙනස්කර නැවත ඡුායාපිටපත් කර පිට රටවලින් ගෙන්වන ලැයිස්තුවලට යොදා රුපියල් 10,000 ක් දී ලියාපදිංචි කිරීම සිදු කරයි. එම කටයුත්තද මෙම ජාවාරම තුළ මහා පරිමාණයෙන් සිදුවන්නකි. මෙලෙස සොරකම් කෙරෙන වාහන රක්‍ෂණය කර තිබේ නම් වාහන හිමියන්ට රක්‍ෂණාවරණය සැලසෙන අතර රක්‍ෂණය කර නොමැතිනම් පාඩුව දරා ගැනීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයි.
කෙසේ වුවද මෙවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුවීම සිදු වුවද ඇප ලබා පැමිණ නැවත නැවත එම වරදටම පෙලැඹීම නිසා ආරක්‍ෂක අංශවලට සම්පූර්ණයෙන්ම මීට ස්තිරසාර පිළියම් යෙදීමට නොහැකිවීම වාහන හිමියන්ගේ අභාග්‍යයකි. ඒ නිසා වාහන හිමියන් තමන්ගේ වාහන පිළිබඳව නිරන්තරයෙන් දැඩි අවධානයකින් පසුවීම විනා මීට ගත හැකි විකල්පයන් අවමය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාහන ‘‘මස්’’ කෙරෙන්නේ මෙහෙමයි...
නුවරඑළියේ වසන්ත Friday, 11 September 2015 05:11 AM
මෙම ගැටලුව සඳහා තාක්ෂණික විසදුම් තියෙනවා. කැසට්, සී ඩී ප්ලේයෙර් ටීවී සවි කරන්න කලින් ආරක්ෂක පද්ධතියක් ජී පී එස් උපකරණයක් සවි කර ගත්තොත් වාහන සොරකම් අවම කර ගන්න පුළුවන් වෙයි. (නදී)
ලක්මාල් Thursday, 10 September 2015 05:47 AM
ඉතාමත් වටිනා ලිපියක්. දුෂ්‍යන්ත කුමාර මහතාට ස්තුතිවන්ත වෙනවා මෙවන් දේ ප්‍රසිද්ධ කිරීම පිළිබඳව. කරුණාකර නීතියට බලකරන්න අවශ්‍යයි මෙවන් හොරුන්ට දෙන දඬුවම වැඩිකර නැවත මෙවන් දේ සිද්ධවීම වැළැක්වීමට. අපේ නීති පද්ධතියේ ඇති හිඩැස් මේවයි. (නි)
චන්ද්‍රිකා Friday, 11 September 2015 09:23 AM
ඉතාම ප්‍රයෝජනවත් ලිපියක් ස්තුතියි (නදී)
දීපාල් නිරෝෂ් Saturday, 12 September 2015 01:46 PM
මේ ව්‍යාජ ව්‍යාපාරිකයන්ගේ හොර හැඳුනුම්පත් හොයාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න (නි)