IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


වෙළෙඳපොළ: හොරගල් අහුලන්නෝ

මෙවර කිවිඳා දැක්මෙන් මා ලියන්නට යන්නේ එක්තරා ආකාරයක මූලධාර්මික ප්‍රශ්නයක් පිළිබඳවය. අපේ රටේ දේශපාලන සංවාදයට අදාළ වූ මාතෘකාවක් පිළිබඳවය. එනම් වෙළෙඳ පොළේ මේ දිනවල සිදු වෙමින් පවතින මිල උස් පහත් වීම් පසුපස තිබෙන සැබෑ තත්ත්වය ගැනය. මේ දිනවල සිදුවෙමින් පවතින සමහර මිල ඉහළ යාම් හේතුවෙන් ජනතාව සිටින්නේ අමනාපයෙන්ය. විශේෂයෙන් පසුගිය මාස 02 පමණ කාලයේ සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක් මුල් කරගෙන මේ තත්ත්වය උද්ගත වී ඇත.

එය ආරම්භ වූයේ සීනි වලින්ය. ඊට පසුව හාල්ය. දැන් එය ගෑස්වලට ද ගමන් කර ඇත. වෙළෙඳ පොළේ මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන කාරණය හැමෝම පාහේ කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත.

මේ වෙළෙඳ පොළේ සිදුවෙමින් පවතින මිල ඉහළ යාම් ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල තෙරපුමක් ඇති කරන බව සැබෑවක්ය. සාමාන්‍යයෙන් ආදායම් මාර්ග වැඩි වෙන්නේ නැතිව වියදම වැඩි වීම කියන්නේම විශාල ප්‍රශ්නයක්ය. විශේෂයෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකයේ ඇති කරන සීමා කම් මැද අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම් බරපතළ ගැටලුවක් වන්නේ ඒ නිසාය.

වෙළෙඳ පොළේ ඇතිවෙමින් පවතින මේ තත්ත්වය පාලනය කළ යුතු බව සැබෑවක්ය. ඒ සඳහා රජය පැත්තෙන් ගත යුතු පියවර ගැනීමට රජය ද විවිධ උපක්‍රම පාවිච්චි කළ බව පැහැදිලිය. රජයේ මැදිහත්වීම පැති කීපයකින්ම පෙනී ගියේය. එක පැත්තකින් රජය කළේ සහ සමහර භාණ්ඩ සම්බන්ධයෙන් කරමින් සිටින්නේ ඒවායේ මිල සාමාන්‍ය තත්ත්වයක පවත්වා ගෙන යාම සඳහා රාජ්‍යයේ මුදලක් එකතු කරමින් ජනතාවට ගෙවන්නට තිබෙන මුදලින් යම් කොටසක් ගෙවා දැමීමය. දැනටත් විදුලි බලය සහ තෙල් වැනි සේවා වර්තමානයේ පවතින මිලට ලබා දෙන්නේ ඒවාට වැය කරන මුදලින් කොටසක් රජය පැත්තෙන් දැරීමෙන්ය. විදුලි බල ඒකකයක් නිෂ්පාදනය කරන්නට වැය වෙන මුළු මුදලින් හරි අඩක්ම ගෙවන්නේ රජය විසින් බවත්, ජනතාවට විදුලිය ලබා දෙන්නේ නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් බවත් මෙහි ඇති සත්‍යයයි. මේ ආකාරයට වියදමෙන් කොටසක් රජය දැරීම යන උපක්‍රමය කළ හැක්කේ සීමා සහිතව බව සැබෑවක්ය. රාජ්‍ය මූල්‍යය යනු පෙරළා ජනතාව වෙතින් ලබා ගන්නා මුදලක් වන බැවින් රජය වැඩියෙන් වියදම් දැරීම යනු ඒ මුදල් ජනතාව වෙතින් වෙනත් ආකාරයකින් ලබා ගැනීමක් බවට පත්වීම ස්වභාවිකය. ඒ නිසා ඒ උපක්‍රමය පාවිච්චි කළ හැක්කේ විවිධ සීමාකම්වලට යටත් වෙමින්ය.

දෙවනුව වෙළෙඳ පොළ මිල ගණන් පාලනය කරන්නට රජයට තිබෙන උපකරණයක් වන්නේ නීති මගින් මිල පාලනයක් ඇති කිරීම්ය. ඒ කියන්නේ යම් භාණ්ඩයක් විකිණිය හැකි උපරිම මිලක් නියම කර ඒ මිලට වැඩියෙන් අලෙවි කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීම්ය. MRP (Maxium Retail Price) එකක් දමනවා කියන්නේ ඒ කාරණයටය. රජය ඒ උත්සාහය ද ගත් බව පසුගිය සති කීපයේ පෙනී ගිය කාරණක්ය.

එහෙත් වෙළෙඳ පොළ නිදහස් වූ රටක උපරිම සිල්ලර මිලක් නිති මගින් තියා ගැනීම පහසු දෙයක් නොවේ. වෙළෙඳාම නිදහස් වූ රටක් ලෙසින් 1977 පසුව අපේ රටේ වෙළෙඳ පොළ පවතින, තත්ත්වයක මෙය අපහසු එකකි. නීති මගින් රාජ්‍යයේ මැදිහත් වීම පිළිගැනීමට එකඟ නොවන තැනක් පැමිණි විගසම වෙළෙන්දන් කරන්නේ ඒ ක්ෂේත්‍රයේ නිෂ්පාදනයෙන් හෝ ආනයනයෙන් ඉවත් වීමය. පසුගිය මාසයේ සීනි සහ සහල් සම්බන්ධයෙන් රජය සහ පෞද්ගලික වෙළෙඳ අංශය අතර සිදු වූ ගැටුම මගින් පෙනී ගියේද ඒ කාරණයමය. සීනිවලට උපරිම සිල්ලර මිලක් නියම කරන විට ඒ වෙළඳාමෙන් ඉවත් වෙන්නට සීනි ආනයනකරුවන් පෙළෙඹුණේ ඒ නිසාය. සහල් සම්බන්ධයෙන් තත්ත්වය ද එයටම සාමාන්‍යය. සහල් මිල පාලනයක් එන විටම සහල් නිෂ්පාදකයන් කරන්නේ වී කොටන එක නැවැත්වීමය.

නිදහස් වෙළෙඳාමක් ඇති රටක වෙළෙඳ පොළ තුළ රජයේ භූමිකාව රඟ දක්වන්නට නම් එක්කෝ රජය ද ඒ ඒ භාණ්ඩ නිෂ්පාදනයට (සහල් වැනි භාණ්ඩ) සම්බන්ධ විය යුතුය. නැතහොත් භාණ්ඩ රජය විසින් ආනයනය කළ යුතුය. යන තැනට මේ ප්‍රශ්නය වර්ධනය වී තිබෙන්නේ මේ හේතුව නිසාය. ගෑස් සහ තෙල් සම්බන්ධ තත්ත්වය මෙයට වඩා තරමක් වෙනස්ය. ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරන්නට තබා මෙහිදී කිවයුතු තවත් කරුණක් තිබේ. මා ඉහතින් සඳහන් කළ වෙළෙඳ පොළේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් (1977 පසුව මතු වී ඇති තත්ත්වය) තේරුම් ගැනීම පැත්තෙන් අපේ රටේ තිබෙන්නේ ඉතාමත් ඌනතිවාදී අදහස් බවද පෙනී යන කරුණකි.  

වෙළෙඳ පොළේ ඇති මේ තත්ත්වය සමහරුන් තේරුම් ගන්නේ ඉතාමත් හැඟීම් බර ආකාරයෙන් වන අතර තවත් සමහරුන් තේරුම් ගන්නේ ඉතාමත් දෝෂ සහිතවය. තවත් සමහරුන් මෙය තේරුම් ගන්නා නමුත් හැසිරෙන්නේ නොතේරෙන ගානටය. මා මිතුරු ධම්ම දිසානායකගේ පසුගිය සතියේ කිවිදා දැක්ම මගින් පෙන්නුම් කළේ මේ තත්ත්වයන් කීපයම එකට තිබෙන අයත් සිටින බවය. ධම්ම වෙළෙඳ පොළ ධනවාදය විවේචනය කරන්නේ ඉතාමත් හැඟීම්බර ආකාරයෙන්ය. දෝෂ සහිතව තේරෙන දේවල් ද නොතේරෙන ගානටය.

වෙළෙඳ පොළ ධනවාදය යනු ආර්ථික ක්‍රියාවලියේ එක් ස්වරූපයක් වන අතර එය ලාබය එල්ල කර ගත් ක්‍රියාදාමයක් බව පැහැදිලි කාරණයකි. ඒ නිසාම වෙළෙඳ පොළ තුළ නිෂ්පාදනය සහ බෙදා හැරීම සිදු වන එක් ප්‍රධානතම අභිප්‍රේරණයක් (Motivation) වන්නේ ලාභයයි. චොකලට් කොම්පැනියක් චොකලට් හදන්නේ පොඩි ළමයින් රස කැවිලිවලට ආසා නිසා නොව ඒ ආසාව පදනම් කරගෙන ලාභයක් උපයා ගත හැකි නිසාය. ඇපල් කොම්පැනිය ටෙලිෆෝනයක් හදන්නේ අපි දුරකථනයෙන් කතා කරන්නට ආසා නිසා නොව ඒ ආසාව, අවශ්‍යතාව ලාභයක් බවට පත් කර ගත හැකි නිසාය. ඒ නිසා වෙළෙඳ පොළ පිළිබඳව මේ යථාර්ථය තේරුම් ගන්නේ නැතිව වෙළෙඳාමට එරෙහිව හුදු හැඟීම්බර ආඩපාලි කියවීම තේරුමක් නැති දෙයක් බව මගේ අදහසයි. ධම්මගේ ලෝකයේ තිබෙන වෙළෙන්දා යනු එපාම කරපු එකෙකි. වැනි අදහස් පදනම් වන්නේ වෙළෙඳ පොළ යාන්ත්‍රණය පිළිබඳව හැඟීමෙන් බලන නිසාය. ඔහුගේ ප්‍රකාශ වලින් නොකියා කියවෙන අදහස වන්නේ චොකලට් කොම්පැනිය චොකලට් හැදිය යුත්තේ ළමයින් ඒවා කන්නට අසා නිසා වැනි එකකි.

දෙවනුව ධම්මත් ඇතුළත් අපේ රටේ සමහර වාමාංශිකයන් රාජ්‍යයේ වපසරිය පිළිබඳව තවමත් සිතන්නේ 1970 දශකයේ සිතූ ආකාරයෙන්ය. පෞද්ගලික අංශය මේ රටේ ජාතික නිෂ්පාදනයේ සහ සේවාවන්වල විශාල වශයෙන් යෙදෙන්නට පටන් ගන්නේ මීට වසර 40 ටත් පෙර සිටය. 1977 ආර්ථික මොඩලය වෙනස් වීම යනු බිම තිබෙන සිදුවීමක් මිස සිතේ තියෙන දෙයක් නොවේ. මේ වෙනස තුළ සිට දේශපානය කරනවා මිස එහෙම වෙනසක් බිම සිදුවී නැතැයි සිතාගෙන දේශපාලනය කිරීම විහිලුවක් මිස වෙනකක් නොවේ. අවාසනාවකට මෙන් දිවංගත බාලා තම්පෝ සහෝදරයා වැනි කීප දෙනකු  හැරුණු විට බොහෝ වාමාංශිකයන් තවමත් සිතින් ඉන්නේ 1970 දශකයේ මිස 1977 පසු තත්ත්වයේ නොවේ. ධම්ම අයිති වෙන්නේත් මේ දෙවැනි කොටසට නිසා වෙළෙඳා පොළ ගැන නෝක්කාඩුවෙන් කතා කරනවා හැරෙන්නට වෙනස් දෙයක් කිය වෙන්නේ නැත. දේශපාලන විද්‍යාවෙන් පටන් ගෙන කවියක් බවට පත් කරන්නට ධම්මට හැකියාවක් ලැබෙන්නේ මේ නිසාය.

මා මුලින් කතා කළ වෙළෙඳා පොළ තුළ ගෑස් සහ තෙල් සම්බන්ධ කාරණයට නැවත පැමිණිය යුතුය. තෙල් යනු සහල් මෙන් අපේ රටේ නිෂ්පාදනය කරන දෙයක් නොවන බව හැමෝම දන්නා කාරණයකි. තෙල් ගෙන්වීමේ ඒකාධිකාරියේ විශාල වපසරියක් තිබෙන්නේ රජය සතුවය. තෙල් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවද සැබෑය. තෙල් ඉල්ලුම හැම විටම තිබෙන්නේ ඉතාමත් ඉහළ තත්ත්වයකය. මේ සියලු තත්ත්වයන් මෙහෙම වූවාට ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ දිනක පාඩුව කෝටි 70 කි. එහෙම වෙන්නේ ඇයි?

රටේ ජනතාව දැන ගත යුතු ප්‍රධානම කාරණයක් වන්නේ තෙල් සංස්ථාව රාජ්‍ය ව්‍යාපාරයක් ලෙසින් පැති කීපයකින්ම සිදු කරන බරපතළ සුබසාධන ක්‍රියාදාමය හේතුවෙන් සහ සමහර වැරදි කළමනාකරණ ක්‍රියාදාම හේතුවෙන් එසේ සිදු වෙන බවයි. ඩොලර් වියදම් කර ගෙනෙන භාණ්ඩයක් වූ තෙල් පාලිත මිලක් යටතේ සුබසාධනමය කෝණයෙන් රට තුළ අලෙවි කරන්නට යාම හේතුවෙන් සෑම තෙල් ලීටරයක් වෙනුවෙන්ම රජය දැරිය යුතු මුදලක් තිබීම මෙහි ආර්ථයයි. අධ්‍යාපනය, සෞඛ්‍යය, ඛනිජ තෙල් සහ විදුලිය යන ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවකම රාජ්‍යයේ පංගුකාරීත්වය විශාල වී තිබීම නිසාත්, ඒ පංගුකාරීත්වය වෙනුවෙන් බරපතළ මුදලක් වැය කරන්නට වී ඇති නිසාත් ඇති වී ඇති තත්ත්වය රටට පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බව මගේ අදහසයි.

ගෑස් සම්බන්ධ තත්ත්වයත් මෙසේමය. මෙරට තුළ ගෑස් ආනයනය සහ බෙදා හැරීමේ විශාල වශයෙන් සිදු කරන්නේ රජය යටතේ ඇති ලිට්රෝ ගෑස් සමාගම විසින්ය. පෞද්ගලික අංශයේ ඉතාමත් කුඩා දායකත්වයක් මේ ක්ෂේත්‍රයේ තිබෙන බව සැබෑය. එහෙත් එහි ඇති ප්‍රධානම සංරචකය වන්නේ රජයේ භූමිකාවයි. රජය ගෑස් මිල සඳහා උපරිම විකිණීම් මිලක් නියම කර තිබීම හේතුවෙන් පෞද්ගලික අංශයේ ගෑස් කොම්පැනිය ඉබේම අක්‍රිය වූ අතර රජයේ ලිට්රෝ සමාගම පවත්වා ගෙන ආවේත් ඉතාමත් ගැටලුකාරී තත්ත්වයකය. ගෑස් සමාගමට අවශ්‍ය මුදල් රක්ෂණ සමාගමෙන් ආයෝජනය කරන්නට වෙන තත්ත්වයට මේ අර්බුදය වර්ධනය වී ඇත. එවැනි තත්ත්වයක සිදු කළ හැක්කේ එක්කෝ ගෑස් වෙළෙඳාමෙන් රජය ඉවත් වීමය. නැතහොත් ගෑස් ආනයනය කරන මුදලට සමාන මුදලකට මෙරට තුළ ගෑස් විකිණීමය. මේ ක්‍රියාමාර්ග දෙකින් එකක් තෝරන්නේ නැතිනම් රජයට කරන්නට වෙන්නේ රක්ෂණ සංස්ථාවේ තිබෙන රක්ෂණය සඳහා ලබා ගන්නා මුදල් වියදම් කර රටට ගෑස් සහනාධාර පදනම යටතේ පරණ මිලටම විකිණීමය. මේ කාරණය කලින්ම කතා කරන්නේ නැතිව හොරගල් අහුලන්නට හුරු වී සිටීම නිසා අද වන විට සමහරුන් කල්පනා කරන්නේ ආණ්ඩුව ගෑස් වලින් අධික ලාභයක් ගැනීමට මිල වැඩි කිර තිබෙනවා වැනි හැඟීමක්ය.

රටේ විදේශ මුදල්වල තත්ත්වය ඉතාමත් තීරණාත්මක ආකාරයෙන් අවම වී ඇති බවද මේ සමගම අපේ අවධානයට ලක් විය යුතු කරුණකි. එය එක ආණ්ඩුවක හේතුවක් නිසා සිදු වූවක් නොවන බවද සත්‍යයක්ය. විදේශීය මූල්‍ය ශක්තිය අඩු වෙන තරමට ආනයනය කරන භාණ්ඩවලට ඒ මගින් ඇති කරන බලපෑම ඉතාමත් විශාලය. තෙල්, ගෑස්, සීනි, කිරිපිටි වැනි භාණ්ඩවල මිල කෙරෙහි ඩොලර් නොමැති වීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම බලාපන බව ඉතාමත් පැහැදිලිය.

මේ තත්ත්වය තුළ වෙළෙඳ පොළ මිල සහ රාජ්‍යයේ පංගුකාරීත්වය පිළිබඳව යථාර්ථවත් ආකාරයෙන් බැලීම අත්‍යාවශ්‍යය එසේම මේ තත්ත්වයෙන් මීට වඩා යහපත් තත්ත්වයක් වෙත ගමන් කිරීම යැයි කියන්නේ රටේ ආර්ථික ශක්තිය (දේශීය / විදේශීය මූල්‍ය ශක්තිය) වැඩි කර ගැනීමත් වෙළෙඳ පොළ අවකාශය තුළ මැදිහත් වීමේ ඉඩ වැඩි කිරීමත් වැනි දේවල් මිස රාජ්‍යයේ වපසරියට වෙළෙඳ පොළ යටත් කිරීමට නොවන බව මාගේ අදහසය.

 

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (0)

වෙළෙඳපොළ: හොරගල් අහුලන්නෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 699 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 972 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 210 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 151 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 714 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 148 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 317 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 863 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 806 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site