නිදහස සිහිගන්වමින් ඉදිකෙරුණු නිදහස් අනුස්මරණ ශාලාව එසේත් නැත්නම් නිදහස් චතුරස්‍රය අද දිනයේ කාගේත් අවධානයට පාත්‍ර වේ. නිදහස සිහිගන්වන අද දිනයටත් වෙනත් විශේෂ උත්සව එහි පැවැත්වෙන දිනවලටත් පමණක් සිහිපත් කරන නිදහස් අනුස්මරණ ශාලාව වසරේ අනෙක් දිනවල ව්‍යායාම කරන්නන්ගෙන්ද විවාහ මංගල්‍ය ඡායාරූප ලබා ගන්නන්ගෙන්ද පමණක් පිරෙනු ඇත. කොයි හැටි වෙතත් 1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු එම නිදහස දිනාගැනීම නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ දීර්ඝ සහ ආකර්ෂණීය ඉතිහාසය සංකේතවත් කෙරෙන අනුස්මරණ ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට එවකට පැවති රජය තීරණය කර ඇත.
අප රටේ පළමු නිදහස් උළෙල පැවැත්වීම සඳහා නිදහස් මන්දිරයක් නොතිබූ අතර, නිදහස් භූමියේම ඉදිකරන ලද තාවකාලික උත්සව ශාලාවක් මේ සඳහා යොදාගෙන තිබේ. විවිධ වර්ණයෙන් යුත් සැරසිලි යොදා ගනිමින් මේ ශාලාව අලංකාර කර තිබී ඇත. එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජු නියෝජනය කරමින්, ලොස්ටර්හි අදිපාදවරයා හා එම මැතිනිය ද නිදහස් උළෙල වෙනුවෙන් සහභාගි වී ඇත. නිදහස් සමරු ගොඩනැඟිල්ලක අවශ්‍යතාව පළමුව ඇතිව තිබෙන්නේ නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී. එස්. සේනානායක මහතා තුළයි.
එතුමා තම අවශ්‍යතාව දැනුම්දෙන ලද්දේ එවකට ප්‍රවාහන හා රජයේ වැඩ අමාත්‍යවරයාව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා හටයි. ඔහු පළමුවෙන්ම සිදු කරන ලද්දේ නිදහස් සමරු ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සුදුසු භූමියක් කොළඹ නගරය තුළින් තෝරා ගැනීමයි.
තවද ඒ භූමිය දහස් ගණන් ජනයාට රැස්වීමට හැකි ඉඩ අවකාශයන්ගෙන්ද සමන්විත විය යුතුව පැවතිණි. ඒ අනුව තුරඟ තරග සමාජයට අයත් වත්මන් නිදහස් චතුරස්‍රය ඉදිකර ඇති භූමි භාගය ඒ සඳහා තෝරා ගැණුනි. 1949 පෙබරවාරි 4 වැනි දින එනම් දෙවැනි නිදහස් සැමරුම් උළෙලේදී නිදහස් මන්දිරය සඳහා මුල්ගල තැබුණි.
එහි මහනුවර මඟුල් මඩුවේ ආකෘතියට සමාන, තේජවන්ත පෙනුමැති ගොඩනැඟිල්ලක් සැලසුම් කරන ලදී. මේ කාර්යය සඳහා සැලසුම් සකසන ලද්දේ එවකට ඉතා ප්‍රසිද්ධියක් උසුලන ලද ගෘහ නිර්මාණ ශිල්පීන් 08 දෙනෙක් විසිනි. එම කණ්ඩායමට රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ටී.එන්. විනේ ජෝන්ස් නායකත්වය සැපයූ අතර එහි සාමාජිකයන් වූයේ නියෝජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පී එෆ්. එච්. බිලිමෝරියා, විශ්වවිද්‍යාල ගෘහ නිර්මාණ ශිල්පී ෂර්ලි ද අල්විස්, කොළඹ නාගරික සැලසුම්කරු ඔලිවර් වීරසිංහ, සහකාර නිර්මාණ ශිල්පීන් වන එච්. ජේ. බිලිමෝරියා, ජේ. සමරසේකර සහ ඇම්. බී. මොරේනා යන අයයි. රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින් ඉදිකිරීමට යෝජිත නිදහස් අනුස්මරණ ශාලාවේ වැඩ කටයුතු සිදුකරන අතරවාරයේ ඩී. එස්. සේනානායක මහතා අශ්වයෙකුගේ පිටින් ඇද වැටී මරණයට පත් විය. මේ නිසා ඉදිකිරීම් කටයුතු නතර වුණි.
යළි ඉදිකිරීම් සඳහා අවධානය යොමු කරන ලද්දේ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙරට අගමැති පුටුවට පත් වීමත් සමගයි. එහි ඉතිරි වැඩ නිමකර, 1957 පෙබරවාරි 4 වැනි දින පැවත්වූ නිදහස් උළෙලේදී මෙය විවෘත කළේය. එම නිදහස් උත්සවයට චීන අගමැති චෞ එන් ලායිද සහභාගී විය.
මේ ගොඩනැඟිල්ලේ ආසන 400කට අධික සංඛ්‍යාවක් පැනවීමේ හැකියාව සහ විවෘත භූමියේ 25000 ක් පමණ වූ ජනතාවට රැස්ව සිටීමේ ඉඩකඩ ද සහිතව ඉදිකර ඇත. සෘජුකෝණාස්‍ර හැඩයකින් යුක්ත නිදහස් මන්දිරයට පිවිසීමට දෙපසින් ප්‍රවේශ දෙකක් තිබේ.
ගොඩනැඟිල්ලට අවතීර්ණවීමට කොරවක්ගල්වලින් යුක්ත පියගැට පේළි යුගලයක් තනා ඇත. මන්දිරය වටා ඇති සතර දිශාව වෙත නෙත් යොමු වූ සිංහ රූප තුළින් ශ්‍රී ලාංකික ජනයාගේ අභිමානය සංකේතවත් කරයි.
නිදහස් මන්දිරයේ ඇති කැටයම් කළු ගලෙන් නිමවා ඇති අතර විජයාවතරණයේ සිට ඇරඹි සිංහලයාගේ ඉතිහාසය විදහා දක්වන විවිධ සිද්ධීන් පිළිබඳ චිත්‍ර මෙහි ඇතුළත බිත්ති නිරූපණය කරයි. ජාතික අභිමානයේ නිදහස ලබා ගැනීම සඳහා දිවි හිමියෙන් කැපවූ වීරයන්ගේ ජීවමාන රූප එහි ප්‍රදර්ශනය කර ඇත. රට, ජාතිය වෙනුවෙන් හඬ නැඟූ ඒ අභීත රාජ්‍ය නායකයාණන් වන ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවද නිදහස් මන්දිරය ආසන්නයේම ඉදිකර ඇත්තේ, ලබා දුන් නිදහසට ගෞරව පුද කිරීමක් වශයෙනි.
1983 අප්‍රේල් මස 20 වන දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයකට අනුව නිදහස් මන්දිර ගොඩනැඟිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පවරාදී ඇත. නිදහස් සමරු ගොඩනැඟිල්ලේ ගෞරවය ආරක්ෂා වන අයුරින් අවට පරිසරය වැඩිදියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත. නිදහස් මන්දිර ගොඩනැඟිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පැවරූ දින සිට මේ දක්වා නිදහස් මන්දිරයේ හා ඒ අවට භූමියේ සියලු නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසිනි.
නිදහස් චතුරස්‍රය වෙන්ව පවතින්නේ නිදහස් අනුස්මරණයට පමණක් නොවේ. වෙනත් රාජ්‍ය කාර්යයන් සඳහාද මෙය ප්‍රයෝජනයට ගැනේ. නිදහස් අනුස්මරණ කෞතුකාගාරයද කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ නිදහස් මන්දිර බිම් මහලේ පිහිටා ඇත. එය විවෘත කරන ලද්දේ 2008.02.03 දිනයේය.
ශ්‍රී ලාංකිකයන් ලැබූ නිදහසේ අභිමානය ලොවට කියාපාන මේ අපූර්ව මන්දිරය, වරින්වර ශ්‍රී ලංකාවට පැමිණි විවිධ රාජ්‍ය නායකයන්ගේද පැසසුමට ලක්වී ඇත. මුළු මහත් ලෝකයේම ගෞරවාදයට පාත්‍රවන ජාතික ස්මාරකයක් වන නිදහස් මන්දිරය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් දිනපතා මෙම ස්ථානයට ඇදී එයි.
(*** හෂිනි ඉරේෂා ගුණවර්ධන)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්රී ලංකාවේ ජාතික ස්මාරකයක් වූ නිදහස් අනුස්මරණ ශාලාව