IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව දුප්පත් රටක්ද?

ලංකාවේ දුප්පත්කම පිළිබඳ ගැටලු‍ව දකුණු ආසියාවේ වෙනත් රටවල් හා සසඳමින් විවිධ මත හා සංවාද ඉදිරිපත් කරන්නට බොහෝ දෙනා මෑත කාලයේ උනන්දු වූ බව පෙනේ. එහෙත් සංවර්ධනය යනු ඒක පුද්ගල ආදායම පමණක් තීරණය නොවන බවට මතයක් පසු කාලීනව ආර්ථික විද්‍යාඥයන් අතර ප්‍රචලිත විය.

සංවර්ධිත ආර්ථික විද්‍යාව විෂය ක්ෂේත්‍රය ජනප්‍රිය වීමත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනෙස්කෝ, යුනිසෙෆ් වැනි ආයතන ආරම්භ වීමත් සමග රටක දුප්පත්කමත් එයින් අත්මිදිය හැක්කේ කෙසේද යන්නත් ගැන වැඩි අවධානයක් යොමු විය. එහිදී ඇතැමුන්ගේ තර්කය වූයේ රටක කාර්මික අංශයෙන්  ලැබෙන දායකත්වය අනුව රටක ආර්ථිකය තීරණය වන බවයි. මේ අතර 70 දශකයේ පමණ ජීවන තත්වය මනින PQLI හෙවත් භෞතික ජීවන තත්ව දර්ශකය ලෝක බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබිණ. ඊට දර්ශක අගයක් ලබා දුන් විට ඒ ඒ රටවල ආර්ථික තත්වය මැනගැනීමේ හැකියාව ලැබිණ. එහෙත් මෙම ක්‍රමය ඒතරම් සාර්ථක නොවූවකැයි කියමින් පාකිස්ථානයේ ආර්ථික විද්‍යාඥයෙක් 90 දශකයේ දී පමණ මානව සංවර්ධන දර්ශකය (HDI) හඳුන්වා දුන්නේය. ලෝක බැංකුව ඇතුළු බොහෝ ආයතනවල මේ ක්‍රමය පිළිගැනීමට ලක් වූයේ එහි වූ තාර්කික බව නිසාය. අදත් බහුලව භාවිත කෙරෙන්නේ මානව සංවර්ධන දර්ශකයයි. ඊටත් පසුව සමෘද්ධිමත් භාවය පිළිබඳ දර්ශක අංකයද (Prosperity Index) සංවර්ධනය මැනීමට යොදා ගැණින.

මානව සංවර්ධන දර්ශකය අනුව සංවර්ධනය මැනීමට මූලික වශයෙන් සලකා බැලෙන්නේ අංශ තුනකි. එනම් පුද්ගල ආදායම, සෞඛ්‍යය සහ අධ්‍යාපනයයි. සමෘද්ධිමත්භාවය පිළිබඳ දර්ශකයේදීද ප්‍රධාන වශයෙන් අංශ තුනක් කෙරෙහි අවධානය යොමු කළත් ඒවා පුළුල් ක්ෂේත්‍ර නියෝජනය කරයි. පුද්ගල ආරක්ෂාව, නිදහස, සමාජ ප්‍රාග්ධනය, ව්‍යාපාර, ආදායම් බෙදී යාමේ මට්ටම, ජීවන තත්වය, සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී බොහෝ අංශ ඒ පුළුල් ක්ෂේත්‍ර තුළ වෙයි. මෑත කාලයේ ලංකාවේ ආර්ථික අර්බුදයක් මතු වූ අවස්ථාවේ බොහෝ දෙනා කියා සිටියේ අප රට ඇෆ්ගනිස්ථානයටත් වඩා ආර්ථික මට්ටමින් පහළට ඇද වැටී ඇති බවය. එහෙත් බොහෝ දෙනා මෙවන් මත ප්‍රකාශ කරන්නේ එක් අගයක් මත පමණක් පදනම්වය. එයින් පමණක් රටක සංවර්ධනය  හෝ දුප්පත්කම මැනිය නොහැකිය. මෙවන් වැරැදි දර්ශක පාවිච්චි කරමින් වැරැදි මත පළ කිරීම බහුලව සිදුවන්නකි. ඇත්තටම ඒවා බොරු වළවල්‍් ය.

මෙරට දේශපාලන සංවාදයේදී පසුගිය කාලයේ වැඩිවශයෙන් කතාබහ වූ දෙයක් නම් අප නිදහස ලබා දශක හතක් ගත වී ඇතත් මේ රටේ කිසිදු සංවර්ධනයක් සිදු වී නැතැයි යන චෝදනාවය. එහිදී බොහෝ විට කියැවුණේ දේශපාලකයන් මේ රට විනාශ කළ බවය. මෙය සම්පූර්ණ වැරැදි මතවාදයකි. ඒ අතර භෞතික දේ පමණක් පෙන්වමින් රටේ සංවර්ධනය ගැන කතා කරන පිරිසක් ද සිටිති. ලංකාවේ බහුලව දැකිය හැකි ලක්ෂණයක් නම් චින්තනයේ පවත්නා දිළිඳුභාවයයි. එක් අගයක් මත පදනම්ව රටේ ආර්ථික තත්වයන් පිළිබඳව ඇතැමුන් මත පළ කරන්නේ මේ චින්තන දිළිඳුභාවය නිසාය. රටක් දුප්පත්ද පොහොසත්ද යන්න තීරණය කිරීමේ දී ආර්ථික දර්ශක අංක වගේම සමාජ දර්ශක අංක ද සලකා බැලිය යුතුය. එය ආර්ථික විද්‍යාවේදී හැදින්වෙන්නේ සමාජ ආර්ථික දර්ශක (Socio - economic Index) නමිනි.

මානව සංවර්ධන දර්ශකය අනුව 2023 වසරේ වාර්තාව බලන කල ලෝකයේ රටවල් 197කින් ලංකාවට ලැබී ඇත්තේ 78 වැනි ස්ථානයයි. දකුණු ආසියාවේ රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින රට ශ්‍රී ලංකාවයි. එය නැගෙනහිර ආසියාවේ රටවල් සමග සසඳා බලන විට අපට වඩා ඉහළ තැනක සිටින්නේ තායිලන්තය පමණි. මානව සංවර්ධන දර්ශකය අනුව බලන විට අපේ රට මැලේසියාව, තායිලන්තය, චීනය වැනි රටවල් සමග සමීප අගයක සිටින්නට සමත්වී ඇත. මේ දර්ශකයට අනුව මාලදිවයින සිටින්නේ 87 වැනි තැනය. භූතානය 125 වැනි තැනය. බංග්ලාදේශය 129 වැනි තැනය. ඉන්දියාව 134 වැනි තැනය. නේපාලය 146 වැනි තැනය. පාකිස්ථානය 164 වැනි තැනය. ඇෆ්ගනිස්ථානය 182 වැනි තැනය. මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාව ඇෆ්ගන්ස්ථානයටත් වඩා දුප්පත් රටකැයි කියන්නේ කොහොමද?

අනෙක් පැත්තෙන් පුද්ගල ආයු අපේක්ෂාව සලකා බලන විට 2022 වසරේ ලංකාවේ පිරිමි පුද්ගලයකුගේ එම අගය අවුරුදු 77කි. කාන්තාවකගේ එම අගය අවුරුදු 79කි. මාලදිවයිනේ එම අගය ලංකාවට වඩා වසර දෙකකින් පමණ වැඩි වූවත් අනෙක් ආසියානු රටවල් බොහොමයක ඇත්තේ ලංකාවට වඩා අඩු අගයකි. ඒ අනුව භූතානයේ පුද්ගල ආයු අපේක්ෂාව 2022 වනවිට අවුරුදු 72කි. බග්ලාදේශයේ අවුරුදු 74කි. ඉන්දියාවේ අවුරුදු 68කි. මියන්මාරයේ අවුරුදු 67කි. නේපාලයේ අවුරුදු 70කි. පාකිස්ථානයේ අවුරුදු 68කි. ඇෆ්ගනිස්ථානයේ අවුරුදු 62කි. 1948දී ශ්‍රී ලංකාව නිදහස ලබන කාලය වන විට මෙරට පුද්ගලයකුගේ ආයු අපේක්ෂාව වූයේ අවුරුදු හතළිස් ගණනකි. එදා සිට මේ දක්වා කාලය තුළ අපට වැඩි ආයු අපේක්ෂාවකට යාමට හැකියාව ලැබී තිබේ. එය සංවර්ධනයේ ලක්ෂණයකි.

දරුවකු පාසල් අධ්‍යාපනය ලබන කාලය සලකා බැලු‍වොත් එය අපේ රටේ අවුරදු 11.2ක් වන අතර මාලදිවයිනේ එම අගය 7.8කි. භූතානයේ 5.8කි. බංග්ලාදේශයේ 7.4කි. ඉන්දියාවේ 6.6කි. නේපාලයේ 4.5කි. පාකිස්ථානයේ 4.4කි. ඇෆ්ගනිස්ථානයේ 2.5කි. ඒ අනුව ශ්‍රී ලංකාව පාසල් අධ්‍යාපනය අතින් අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටින බව ඉතා පැහැදිලි වේ. රටක දිළිඳුකම හෝ සංවර්ධනය මැන බැලීමේදී මේ සියලු‍ කාරණා සැලකිල්ලට ගැනීම වැදගත් වේ. අධ්‍යාපන අතින් අද වන විට ශ්‍රී ලංකාව ඉතාම දියුණු මට්ටමකට පැමිණ තිබේ.

ඊළඟට ආදායම සලකා බලමු. ලංකාව යනු ඩොලර් 4000ක් හෝ ඊට අඩු ගණනක ඒක පුද්ගල ආදායමක් ඇති රටකි. එහෙත් මිලදී ගැනීමේ ශක්තිය (PPP) අනුව බලන විට ඩොලර් 12000ක පමණ අගයක් පෙන්වයි. දකුණු ආසියානු කලාපය ගත්තොත් ඒක පුද්ගල ආදායම අපට වඩා ඉහළ අගයක් ගන්නේ මාලදිවයිනෙහි පමණි. මේ අනුව වෙනත් ආසියානු රටවල් බොහොමයක ඩොලර්වල සාපේක්ෂ ක්‍රය ශක්තිය ලංකාවට වඩා අඩු අගයක් ගනී.

සෞභාග්‍ය පිළිබඳ දර්ශක අංකයට අනුව  සලකා බැලීමේදී දකුණු ආසියානු රටවල් අතුරින් වඩාත්ම සෞභාග්‍යවන්ත රට ලෙස සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවයි. ලෝකයේ රටවල් 167ක් අතුරින් ශ්‍රී ලංකාවට 91 වැනි තැන හිමිව තිබේ. ඒත් සෞභාග්‍ය පිළිබඳ දර්ශක අංකය අනුව ඉන්දියාව සිටින්නේ 103 වැනි තැනය. නේපාලය 110 වැනි තැනය. බංග්ලාදේශය 124 වැනි තැනය. පාකිස්ථානය 136 වැනි තැනය. ඇෆ්ගනිස්ථානය 164 වැනි තැනය. එයින් ද ලංකාව ඉදිරියෙන් සිටින රටක් බව පැහැදිලිය. මේ සියල්ලම සංවර්ධන දර්ශක අංක ගණයට වැටේ. රුසියාව වඩාත් සංවර්ධිත රටකැයි අප කල්පනා කළත් සෞභාග්‍ය දර්ශක අංකය අනුව සිටින්නේ 77 වැනි තැනය. අපට වඩා ධනවත් තුර්කිය සිටින්නේ 95 වැනි තැනය. කියුබාවේ සංවර්ධනය ගැන ඇතැම්හු මහ ඉහළින් කතා කරති. එහෙත් කියුබාව සෞභාග්‍ය දර්ශක අංකය අනුව සිටින්නේ අපටත් බොහෝ පහළිනි.

එහෙත් රටක සංවර්ධනය මනින සාධක අතරින් ආරක්ෂාව වැනි කාරණාවලදී අපට ලැබෙන්නේ යම් අඩු අගයකි. ඒ සදහා අපට ලැබෙන්නේ 134 වැනි තැනය. ඒත් ආරක්ෂාව සම්බන්ධයෙන් රුසියාව සිටින්නේ අපටත් වඩා අන්ත තැනකය. ඒ 139 වැනි තැනය. සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අංශ සඳහා අපට  ඉහළ අගයක් ලැබේ.

රාජ්‍යකරණය මෑත කාලයේ බොහෝ දෙනා වැඩි වශයෙන් සාකච්ජාවට ගන්නා කාරණයකි. මේ රට විනාශ වූයේ රාජ්‍යකරණයේ පැවැති අක්‍රමිකතා නිසා බවටද පසුගිය කාලයේ බොහෝ දෙනා චෝදනා කළහ. ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවලට විවිධ චෝදනා එල්ල විය. එහෙත් මේ කියන දර්ශක අගයන් අනුව රාජ්‍යකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පසුගිය කාලයේ යහපත් මට්ටමේ අගයක් ලැබී තිබේ. රුසියාව වැනි රටකට පවා රාජ්‍යකරණය සම්බන්ධයෙන් 111 වැනි  ලැබෙද්දී අපට 78 වැනි තැන ලැබී තිබේ. ඒ අනුව අපේ රාජ්‍යකරණයත් ව්‍යවස්ථා භාවිතයත් යහපත් ලක්ෂණ පෙන්වයි. මේ රටේ ඇතැමුන් ලංකාවේ සංවර්ධනය හෝ දිළිඳුභාවය සම්බන්ධයෙන් විවිධ මනස්ගාත මත පළ කරන්නේ මේ කිසිවක් හරි හැටි අධ්‍යයනය කරන්නේ නැතිවය. එබැවින් මේ මාතෘකා සම්බන්ධයෙන් රටේ විද්වත් කතිකාවක් ගොඩ නැගීම අවශ්‍යය. මිථ්‍යා මත පැතිරීම නැවැත්විය යුතුය. ජනයා සබුද්ධිමත් කළ යුතුය.

දුප්පත්කම පිළිබඳව අවධානය යොමු කළහොත් අතීතයේ සියයට 14ක් 15ක් පමණ පැවැති දරිද්‍රතාව සියයට 4ක පමණ මට්ටමක් දක්වා අඩු වී තිබිණ. එහෙත්  පසුගිය කාලයේ මේ රටේ පැවැති ආර්ථික අර්බුදය නිසා 2019 සිට මෑතක් වන තුරුම මේ රටේ දරිද්‍රතාව ක්‍රමයෙන් ඉහළ ගිය බව දැකිය හැකිය. කෙසේ වෙතත් රටක දිළිඳුකම මැන බලන ක්‍රම තුනක් පිළිබඳ සාකච්ඡා කළ හැකිය.

ඉන් එකක් නම් ජාත්‍යන්තර දරිද්‍රතා අගයයි. එම අගය අනුව එක් පුද්ගලයකුට දිනෙක ආදායම  ඩොලර් 2 යි ශත 15කට අඩු අගයක් ගන්නා විට එය දිළිදුභාවය තහවුරු කෙරෙන සාධකයක් ලෙස පිළිගැනීම සිදු වේ. ලංකාවේ මේ තත්වය බැලු‍වොත් 2023 දරිද්‍රතා මට්ටම  ලංකාවේ ජනගහනයෙන් 5.2කි. දිළිඳුකම මැන බැලෙන අනෙක් කාරණය වන්නේ ඩොලර් 3.65ට අඩු දිනපතා ආදායමක් ලබන්නන් ය. එය ලංකා මුදලින් දල වශ‍යෙන් රුපියල් 1000ක් යැයි සිතමු. දිනකට රුපියල් 1000කට අඩු දිනපතා ආදායමක් ලබන සියයට 25.9ක් ලංකාවේ ජීවත් වෙති. දරිද්‍රතාව යැයි බොහෝ දෙනා කතා කරන්නේ මෙන්න මේ කාරණයයි. එහෙත් දිනකට රුපියල් 1000ක් ලබන්නන් ලෝකයේ මධ්‍යම ආදායමක් ලබන්නන් ලෙස සැලකේ.  කෙනකුගේ සාමාන්‍ය මාසික වැටුපද රුපියල් 40000ක් පමණ වේ. එහෙත් දිළිඳුකම මැනෙන ජාත්‍යන්තර සාධකය මෙය නොවේ. පුද්ගලයකුගේ දරිද්‍රතා මට්ටම තීරණය කෙරෙන ජාත්‍යන්තර සාධකය වන්නේ අප මුලින් කී ඩොලර් 2යි ශත 15කට අඩු ආදායමක් ලැබීමය. ඒ අනුව බැලූවිට මෙරට දරිද්‍රතාව සමස්ත ජනගහනයෙන් සියයට 5.2කි. ඊටත් අමතරව ඉහළ මධ්‍යම මට්ටමේ දරිද්‍රතාව මැන බැලෙන අගයක්ද තිබේ. එය මැන බැලෙන්නේ ඩොලර් 6.85කට අඩු දිනෙක ආදායම අනුවය. එය ලංකා මුදලින් රුපියල් 2000ක් පමණ වේ.  දිළිඳුකම පිටු දැකීම වෙනුවෙන් පසුගිය කාලයේ සමෘද්ධිය ජනසවිය ආදී විවිධ වැඩසටහන් ක්‍රියාවට නැඟිණ. ඊට අමතර සුබසාධක අංශ රැසක් ඊටත් පෙර ක්‍රියාත්මක කෙරිණ. 1940 දශකයේ සිටම වර්ධනය වූ මේ තත්වය නිසා සුබ සාධන ආර්ථිකයක් පිළිබද බොහෝ දෙනා කතා කළහ. එහෙත් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම පියවරින් පියවර වර්ධනය කරගැනීමට නොහැකිවූයේ මේ කියන සුබ සාධන ආර්ථිකය නිසාය. එහිදී සිදු කෙරුණේ විශාල මුදල් ප්‍රමාණයක් සුබ සාධනය වෙනුවෙන් කැප කිරීමය. ඒ නිසාම රටේ ආයෝජන සඳහා යෙදවීමට තිබූ මුදල් හිඟ විය. ඒ එක පැත්තකි. මෙහි යහපත් පැත්ත නම් ඒ සුබ සාධන ක්‍රම පැවැති නිසා රටේ ජනගහනයේ බහුතරයකට යම් සමාන ජීවන මට්ටමකට එන්නට හැකි වීමය.

කෙසේ වෙතත් මා පෞද්ගලිකව විශ්වාස කරන පරිදි අප ඉදිරියට ගොඩනගා ගත යුතු මාර්ගයක් තිබේ. එනම් අප ක්‍රමානුකූලව සුබ සාධනයෙන්  ඉවත් වී රැකියා සහ ආදායම් ඉපැයීමේ අවස්ථා ලබා දෙන ආර්ථික ක්‍රමයක් සකස් කරගැනීමය. එවිට ඒක පුද්ගල ආදායම වර්ධනය වනවා පමණක් නොව ජනතාවගේ ආදායම් තත්වයද යහපත් වේ.

(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)



අදහස් (0)

ශ්‍රී ලංකාව දුප්පත් රටක්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 105 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 155 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 50 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 41 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 927 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1083 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 135 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site