ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් පිරිසක් තමිල්නාඩු වෙරළ තීරයට පැමිණීමත් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවෙන් සරණාගතයන් විශාල වශයෙන් තමිල්නාඩුව වෙත පැමිණීම වැළැක්වීම සඳහා එම වෙරළේ ආරක්ෂක දැලක් එළීමට කටයුතු කිරිමත් පසුගිය දිනවල ඉන්දියාවේ මාධ්‍යවලට ප්‍රධාන පුවතක් වී තිබිණි. එම පුවත මෙරට මාධ්‍ය මගින්ද හෙළිකරනු ලැබීය.
මීට පෙරද ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලා සරණාගතයන් පිටව ගිය කාලයක්ද තිබිණි. එය යුද්ධය පැවැති තිස් වසරකට ආසන්න කාලය තුළදී සිදුවිය. යුද්ධයට මැදි වී අමාරුවේ වැටීමට අකමැති වූ පිරිස්ද එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිදුකෙරුණු මරණීය තර්ජන සහ බලහත්කාරයෙන් බඳවා ගැනීම්වලින් බේරී සිටීම සඳහාද ඒ කාලයේ උතුරින් තමිල්නාඩුවට බොහෝ දෙනෙක් පලා ගියහ.
ඔවුන් වෙනුවෙන් සරණාගත කඳවුරු පවා ඒ කාලයේදී ඉදිකෙරිණි. යුද්ධය සමඟ බැඳුණු භූ දේශපාලනික කාරණා හේතුවෙන් එදා ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලාගිය සරණාගතයන්ට ඉන්දියාවේ රැකවරණය හිමිවූ අතර අපේ එම සරණාගතයන් විඳින දුක්ගැහැටවලට ඉන්දීය මාධ්‍ය හරහා ලොකු ප්‍රචාරයක්ද ලැබිණි. එහෙත් මෙවර තත්ත්වය ඊට මුළුමනින්ම වෙනස් ය.
ඉන්දියානු වාර්තාවලින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් මෙසේ තමිල්නාඩුවට සරණාගතයන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ රටේ පවතින ආහාර හිඟය හේතුවෙන් බවය. මේ හේතූ පදනම් කර ගනිමින් ඉදිරි කාලයේදී ශ්‍රී ලංකා සරණාගතයන් විශාල වශයෙන් තමිල්නාඩුවට පැමිණිය හැකි බවට ඔවුහු බිය පළකරති. ඉදිරියේදී ඇතිවිය හැකි ශ්‍රී ලාංකික සරණාගත අර්බුදය සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය මධ්‍යම රජය දැනුවත් කරනු ලැබීමෙන් ඒ බව පැහැදිලි වෙයි.
මෙය රටක් වශයෙන් අප ලජ්ජාවට පත්විය යුතු අවස්ථාවකි. මීට පෙර අතීතයේ දී (යුද කාලයේ දී හැර) ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය සරණාගතයන් ගැන අප අසා නොතිබූ නමුත් ඉන්දියාවේ ජීවත් වීමට තිබෙන අසීරුකම් හේතුවෙන් කෑම සහ රැකියා සොයා ගැනීමට ඉන්දියාවෙන් මෙරටට මිනිස්සු පැමිණියහ. ඔවුන් පොදුවේ හඳුන්වනු ලැබුවේ කල්ලතෝනින් වශයෙනි. ඔවුන්ගෙන් පිරිසක් කඳුකරයේ තේ වතුවලට පංගාර්තු වී සෙසු ඉන්දීය සම්භවයකින් යුත් මෙරට වතු කම්කරු ජනතාවට පුරවැසිභාවය ලබාදීමේ දී පුරවැසිකම් පවා ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූහ.
පසු කාලයේ දී ද උතුරු සහ නැගෙනහිර පළාත්වල අස්වනු කැපෙන කාලයට ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරට වෙරළ තීරයට පැමිණෙන තමිල්නාඩු කම්කරු පිරිස් මාස කිහිපයක් මෙරට සිට එම අස්වනු කැපීමෙන් ලැබෙන මිල මුදල්ද අතැතිව ආපසු තමිල්නාඩුව බලා යන බවද ප්‍රසිද්ධ රහසකි. කොවිඩ් වසංගතයට පෙර කොළඹ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් වැඩපොළවලද ඉන්දීය කම්කරුවෝ සේවය කළහ. ඔවුන් සරණාගතයන් නොවුණද මෙරට පැමිණියේ රැකියා සහ කෑම බීම සොයාගෙන බව යථාර්ථයයි. දැන් තත්ත්වය කණපිට හැරී තිබේ.
යාපනයේ සහ මන්නාරමෙන් පසුගියදා තමිල්නාඩු බලා ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් පිරිස මේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටින ආර්ථික ඛේදවාචකයේ සැබෑ තත්ත්වයයි. එදා ඉන්දියාවෙන් මෙරට ආ කල්ලතෝනින් වෙනුවට දැන් ලංකාවෙන් ඉන්දියාවට කල්ලතෝනින් හැටියට යන පිරිසක් බිහි වී සිටිති. එහි පළමු කණ්ඩායම 16ක් බවද සඳහන් වෙයි. එහෙත් මේ පිරිස ඉදිරි දිනවලදී අධික වී එය උග්‍ර සරණාගත ප්‍රශ්නයක් බවට පත්වීමට ඉඩ තිබෙන බව ඉන්දීය බලධාරීන්ගේ මතය බව පෙනේ.
තමිල්නාඩු වෙරළේ ආරක්ෂක වැටක් නිර්මාණය කර තමිල්නාඩු මුහුදේ සැකකටයුතු හැසිරීමත් දුටුවොත් වහාම බලධාරීන්ට දැනුම් දෙන්නැයි ඉන්දීය ධීවරයන් දැනුම්වත් කර ඇත්තේද මේ ප්‍රශ්නය ගැටලුවක් බවට පත්වී අර්බුදයක් දක්වා ඇදී යාමට තිබෙන ඉඩකඩ සලකාගෙන විය යුතුය. එය එසේ නොවන බවට වගබලා ගත යුත්තේ ශ්‍රී ලංකාවේ බලධාරීන් බව කිවයුතු නැත.
අද තමිල්නාඩුවට හෝ පැන ගනිමින් ආහාර සොයා යන තත්ත්වයකට මේ රටේ පුරවැසියන් වැටී තිබීම මෙරට බලධාරීන්ගේ ඇස් අරවන්නකි. එහෙත් ඒ සම්බන්ධයෙන් තවමත් ඔවුන්ගේ ඇස් ඇරී තිබෙන බවක් පෙනී යන්නේ නැත. පැය කිහිපයක් විදුලිය නොමැතිව, ඩීසල්, භූමිතෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල සහ පරිප්පු ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය පෝලිම්වල රැඳී සිටින තත්ත්වයක් යටතේ ජනතාවට වෙනත් රටක සරණාගතයන් වශයෙන් හෝ රැඳී සිටීමට තරම් මානසිකත්වයක් ඇතිවීම ගැන පුදුම විය යුතු නැත.
රටේ ආර්ථික තත්ත්වය දිනෙන් දින පිරිහීමට පටන්ගත් අවධියේම මේ රටේ තරුණ තරුණියන් බොහෝ දෙනකු විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දින ගණන් පෝලිම්වල රස්තියාදු වනු දකින්නට ලැබිණි. ඔවුන්ගෙන් කළ විමසීම්වලදී දැනගන්නට ලැබුණේ කෙසේ හෝ වෙනත් රටකට පැන ගැනීමේ චේතනාවෙන් ඔවුන් එසේ රස්තියාදු වන බවය.
අඩුම තරමින් ඒ අවස්ථාවේදී හෝ රජයේ බලධාරීන් ආර්ථිකය සම්බන්ධයෙන් නිවැරැදි තීන්දු ගත යුතුව තිබිණි. එසේ වූවා නම් මෙරටින් තමිල්නාඩුවට සරණාගතයන් යන තරමට තත්ත්වය දරුණු වන්නේ නැත. තමිල්නාඩු වෙරළේ ශ්‍රී ලංකාවට එරෙහිව ආරක්ෂක වැටක් බිහිවන්නේ ද නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්රී ලංකාවෙන් පනින්නන්ට ඉදිකෙරෙන තමිල්නාඩු වැට