IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සෞඛ්‍ය වැඩ වර්ජනයේදී ජනතාව පැත්තත් බලන්න

වෛද්‍යවරුන් නොවෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු අංශවල සේවකයන් විසින් දියත් කරන ලද වැඩවර්ජන සහ උද්ඝෝෂණ හේතුවෙන් මෙරට රජයේ රෝහල් පද්ධතිය ඊයේත් සෑහෙන දුරකට අකර්මණ්‍යව තිබිණි. මීට දින ගණනාවකට පෙරදීද මේ ආකාරයටම සෞඛ්‍ය වෘත්තීය සමිති කීපයක් වැඩවර්ජනයක නිරත විය. වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් හමුදාවේ නිලධාරීන්ගේද සහාය ඇතිව රාජකාරි ඉටුකිරීම නිසා යම්තාක් දුරකට රෝහල් සේවා කටයුතු පවත්වාගෙන යා හැකි වුවද රජයේ රෝහල් කරා පැමිණි රෝගීහු මහත් පීඩාවකට මුහුණ දුන්හ. එම සටනේ ගිනිපුපුරු එසේම තිබියදී වෛද්‍යවරුන්ද වැඩවර්ජනයකට තීන්දුවක් ගත් බව ඉකුත්දා නිවේදනය කෙරිණි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් එම වර්ජනයට මගපෑදූ පියවර ආපසු හැරවීම නිසා එම වර්ජනය ක්‍රියාත්මක වූයේ නැත.

වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන තීරණය අත්හිටුවීම රෝගීන්ගේ වාසනාවක් වුවද වෛද්‍යවරුන් නොවන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු සේවකයන් දියත් කර ඇති වැඩවර්ජනයෙන් රෝගීහු අතරමංව සිටිති.   අධික විය හියදම් සහ ඖෂධ වර්ග හිඟයෙන් බැටකමින් සිටින රෝගීන්ට වැඩවර්ජනයක් යනු මරණයට අතවැනීමකි. ඔවුන්ගේ සමීපතමයන්ගේ සිත් සතන් භීතියට පත් කරවන තත්වයකි. සෞඛ්‍ය සේවකයන්ගේ වැඩවර්ජනයකදී රෝගීන්ට සිදුවිය හැකි අනතුරුවල සීමා මායිමක් නැත. ඇතැම් විට එය රෝගියාගේ මරණය විය හැකිය. එය වැළඳගන්නවා හැර රෝගීන්ට වෙනත් විකල්පයක්ද ඉතිරිව නැත.

පසුගිය දිනවලදී රෝහල්වල ක්‍රියාත්මක වූ වැඩවර්ජන දිනවලදී ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් විඳි දුක් ගැහැට මාධ්‍ය හරහා සියලු‍දෙනාම දැක බලාගත හැකි විය. රජයේ බලධාරීන් කොතරම් උත්සාහ දැරුවත් එම තත්වයට මුහුණදීම පහසු කටයුත්තක් නොවීය. වෛද්‍යවරුන් සිටියත් බොහෝ රෝගීන්ට සිදුවූයේ ආපසු හැරී යාමටය. සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනය කිරීම හරහා සිදුවන්නේ මුළු රජයේ රෝහල් පද්ධතියේම ක්‍රියාකාරීත්වය ඇනහිටීමය. එවැනි තත්වයකදී රෝගීන්ගේ ජීවිතය දෙවියන්ට බාරකරනු හැර වෙනත් යමක් සිදුකළ නොහැක. වෛද්‍යවරුන්, හෙද හෙදියන් වැඩවර්ජනයට එක් නොවූවද සෞඛ්‍ය සේවයේ සෙසු සියලු නිලධාරීන් සහ සේවකයන් රාජකාරියට වාර්තා නොකිරීමෙන් රෝහල් පද්ධතියම අඩපණ වූ බව පැහැදිලිය. වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාව අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ටද ලබාදිය යුතු බවට කරන ඉල්ලීමේ සාධාරණ අසාධාරණ බවද තුලනාත්මකව විමසා බැලිය යුතුය.

මෙම ගැටලු‍වට ස්ථීර විසඳුමක් සෙවීමේ වගකීම රජයේ බලධාරීන් සතුය. එසේම මෙම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් බලධාරීන්ට මුහුණ දී සිටින්නේ අන්තෝ ජටා - බහි ජටා තත්වයකට බවද පැහැදිලිය. වෛද්‍යවරුන්ට පමණක් මේ දීමනාව ලබාදීමට පියවර ගැනීම සෞඛ්‍ය සේවයේ සෙසු නිලධාරීන් සහ සේවකයන් වැඩවර්ජනයකට උසිගැන්වීමක් වී තිබේ.

වෛද්‍යවරුන් රට හැර යාම රටේ බරපතළ සෞඛ්‍ය සේවා ගැටලු‍වක් ඇතිකර තිබෙන බවද මෙහිදී සිහිපත් කළ යුතුය. සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන් 250ක්ද ඇතුළත් වෛද්‍යවරුන් 1000ක පමණ පිරිසක් පසුගිය දෙවසර තුළ විදේශගත වී ඇති බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ තත්වය වළක්වා ගැනීමේ එක් පියවරක් වශයෙන් හොඳ වැටුප් සහ දීමනා ලබාදීමට කටයුතු කළයුතු බවය.

තම වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඇති අයිතිය භාවිත නොකරන්නැයි වෛද්‍යවරුන්ගෙන් මෙන්ම සෞඛ්‍ය සේවයේ සෙසු නිලධාරීන්ගෙන් සහ සේවකයන්ගෙන් අපට ඉල්ලා සිටිය නොහැක. එහෙත් වැඩවර්ජන තීන්දු ගතහොත් රජයේ රෝහල් කරා ප්‍රතිකාර පිණිස එන රෝගීන් මුහුණ දෙන දුක්ඛිත තත්වය දෙස සානුකම්පිතව බලන්නැයි අපි මේ සියලු‍ පාර්ශ්වවලින්ම ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

(***)



අදහස් (1)

සෞඛ්‍ය වැඩ වර්ජනයේදී ජනතාව පැත්තත් බලන්න

Ilanganthilaka Wednesday, 07 February 2024 03:21 PM

වෛද්‍යවරුන් වැඩ වර්ජනයට නොයන හේතුව වෙනම කාරණාවක්... වැටුප් සහ දීමනා මෙම වැඩවර්ජනයේ එක කොටසකි. වෛද්‍යවරුන් හට දීමනා රුපියල් 70,000.00 පමණ වැඩි වනවිට අනෙකුත් සේවකයින් හට එය රුපියල් 5,000.00 ක් පමණ අඩු ප්‍රමාණයකි. රෝහල්වල සේවය කරන සේවකයින්ගෙන් වෛද්‍යවරු යනු සේවයක් සපයන එක කොටසක් පමණකි. අනෙක් සේවකයින්ද විටෙක වෛද්‍යවරුට වඩා සේවයක් සපයයි. එමනිසා ඔවුන්ටද සාධාරණ ලෙස දීමනා බෙදී යා යුතු නොවේද?

:       5       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 460 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 472 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 104 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 373 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 543 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 909 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 489 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1988 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site