මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, රසායනාගාර නිලධාරීන් සහ දන්ත කාර්මිකයන් ඇතුළු සෞඛ්‍ය සේවයට අනුබද්ධ වෘත්තීය සමිති දහයක් එක්ව ආරම්භ කළ වැඩවර්ජනය රෝහල් සහ සායන සේවා කටයුතු දින දෙකක් අකර්මණ්‍ය කර තිබිණි. රෝහල් සෞඛ්‍ය කටයුතුවලට එල්ල වූ බාධා හේතුවෙන් රෝගීහු මහත් අමාරුවකට පත්ව සිටියහ. ඇතැම් රෝහල් කටයුතු සම්පූර්ණයෙන් ම ඇනහිට තිබූ බව ද වාර්තා විය.
රෝහල් සේවා මෙසේ අඩාල වූයේ වෛද්‍යවරුන්ට ලබාදෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබාදෙන දීමනා රුපියල් තිස්පන්දාහකින් වැඩි කර දෙන්නැයි ඉල්ලීමක් කරමින් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙනි. පැය 48ක කාලයක් ක්‍රියාත්මක වූ වැඩවර්ජනයෙන් අසරණ රෝගීහු තවත් විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්වූහ. දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානවලට ප්‍රතිකාර සහ වෙනත් අවශ්‍යතා සඳහා පැමිණ සිටි රෝගීන් ඇතුළු පිරිස් මුහුණ දී සිටියේ දැඩි දුෂ්කරතා රැසකටය. සමහර රෝගීන් ආපසු නිවෙස් කරා ගොස් තිබුණේ කිසිදු ප්‍රතිකාරයක් හෝ ඖෂධ හෝ නොලබා හිස් අතින්ම බව ද මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
රජයේ රෝහල්වලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ජනතාව මේ රටේ ඉහළ වරප්‍රසාද භුක්ති විඳින සමාජ කුලකයට අයත් වූවෝ නොවෙති. පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගැනීමට කිසියම් හෝ අවස්ථාවක් ඇති කිසිදු පුද්ගලයකු රජයේ රෝහලකට පැමිණෙන්නේ නැත. මේ නිසා සෞඛ්‍ය සේවයේ වැඩවර්ජනවලින් හැමදාම දුක් විඳින්නේ පීඩාවට පත්වෙන්නෝ සාමාන්‍ය දරු පවුල් නියෝජනය කරන්නෝය. පිටතින් ලබාගැනීමට නියම කරන ඖෂධ මිලදී ගැනීමට හැකියාවක් නැති එම පිරිසට රෝහලෙන් ලැබිය යුතු ප්‍රතිකාර හෝ ඖෂධ හෝ අහිමි වනවිට ඇතිවන තත්ත්වය කොතරම් බරපතළද? මේ බව තේරුම් ගැනීමට සෞඛ්‍ය සේවයේ වෘත්තීය සංගම්වලට හැකියාවක් නැතැයි අපි නොසිතමු. රෝගීන් කෙරෙහි සානුකම්පිතව කටයුතු කිරීම රෝහල් සේවකයන්ගේ වගකීමක් බව අමතක නොකළ යුතුය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවලට තම ඉල්ලීම් දිනාගැනීමට තිබෙන අයිතියට කිසිවකුත් අභියෝග කරන්නේ නැත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ඇතැම් අවස්ථාවල දී වැඩවර්ජන මෙහෙයවයි. ඔවුන්ට වැඩවර්ජනය කිරීමට තිබෙන අයිතිය සෞඛ්‍ය සේවයේ සෙසු වෘත්තීය සමිතිවලට ද තිබෙන බව පිළිගත යුතුය. එතෙක් වෛද්‍යවරුන්ට හා සමාන වෘත්තීය සමිති වලටද තිබෙන බව පිළිගත යුතුය. එහෙත් වෛද්‍යරුන්ට හා සමාන වෘත්තීය අයිතිවාසිකම් සහ දීමනා ඉල්ලා සෙසු සමිති ද රෝගී ජනතාව අමාරුවේ දමන ආකාරයට ක්ෂණිකව වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම සාධාරණ නැත. ඒ ඒ වෘත්තීන්වලට අදාළ සේවා තත්ත්වයන් සහ දීමනා ද වැටුප් ශ්‍රේණි ද තිබෙන බවත් ඊට අදාළ වන පරිදි තමන්ගේ ඉල්ලීම් වඩාත් සාධාරණව ඉදිරිපත් කළ යුතු බවත් මේ වෘත්තීය සමිති දැන සිටිය යුතු ය.
මේ රටේ බරපතළ ආර්ථික අර්බුදයත් උපයන විට බදු අය කිරීමේ ප්‍රතිශතය ඉහළ දැමීමත් නිසා රටේ වෘත්තිකයෝ බරපතළ ගැටලුවලට මුහුණ දී සිටිති. ඒ හේතුවෙන් වෛද්‍යවරුන්ගේ රට හැර යාමද කිහිප ගුණයකින් ඉහළ ගියේය. එය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රබල කැළඹීමකට ලක්කරනු ලැබීය. රෝහල්වල වෛද්‍යවරුන් හිඟවීම තවදුරටත් උග්‍ර වුවහොත් එය මේ රටේ සෞඛ්‍ය සේවාව දැඩි අර්බුදයකට තල්ලු කිරීමේ අවදානමක්ද තිබිණි. වෛද්‍යවරුන් සඳහා රුපියල් තිස්පන්දාහේ දීමනාව ලබාදීමට රජය පියවර ගත්තේ ඒ හේතුවෙන් බව ද සඳහන් විය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී ප්‍රකාශ කර තිබුණේ මෙම දීමනාව ප්‍රමාණවත් නොවුණත් අවස්ථාවේ හැටියට එය තාවකාලික පිළියමක් වශයෙන් සලකන බවය. එය රෝගීන්ගේ පැත්තෙන් නම්‍යශීලිවීමකි.
වැඩවර්ජනයේ නිරතව සිටි සෞඛ්‍ය සේවයේ සෙසු වෘත්තීය සමිතිවලින් ද අප ඉල්ලා සිටින්නේ තමන්ගේ ගැටලු විසඳාගැනීමේ දී නම්‍යශීලි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන ලෙස ය. රජය ද ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුකළ යුතු යැයි අපි සිතමු. එහෙත් මේ ගැටලුවලට පැලැස්තර විසඳුම්වලින් පලක් නොමැති බවත් තිරසර විසඳුම් සෙවීමට සියලු දෙනා උනන්දු විය යුතු බවත් පෙන්වා දෙමු.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෞඛ්‍ය වර්ජන ගැටලු හැමෝම සිතන්න ඕනෑ
kasun Wednesday, 17 January 2024 12:45 PM
GMOA තමයි මේ රටේ බහුතරයක් ප්‍රශ්නවලට හේතුව.. අනෙකුත් වෘත්තීය සංගම්වලට වැඩ වර්ජන බෝ කලේ මෙයලා තමයි. දැනටමත් රටේ ඉහළම වැටුප් ලබමින් විශාල වරප්‍රසාද ලබමින් තවමත් රටට හෙනගහපු වෙලාවක් වුණත් තමන්ගේ වළ ඉහගන්න, රටේ අනෙකුත් වෘත්තිකයින් අත පල්ලෙන් වැටුණාය කියා සිතාසිටින, වෙන වෘත්තිකයින්ට රට එපා කරවන, කුහකකමේ හිණි පෙත්තේම සිටින, දරුවෙකුට අධ්‍යාපනයක් ලබන්න දෙන්නේ නැති ත්‍රස්තවාදීන්. රට හදනවා නම් ඉස්සෙල්ලාම එළවන්න ඕනෑ GMOA...!