කි‍්‍ර. වර්ෂ 476 සිට 498 දක්වා රජ කළ කාශ්‍යප රජතුමා ගොඩ නැගූ සීගිරි බලකොටුව සිංහල රාජවංශයේ අමරණීය නිර්මාණයකි. එය ලංකා ඉතිහාසයට පමණක් සීමා වූවක් නොවේ. විදේශිකයන්ද සීගිරිය පිළිබඳව දක්වන්නේ අසීමිත ආදරයකි. මෙම බලකොටුව ගොඩ නගා ඇති ආකාරය අපේ පැරණි සිංහලයන් තුළ පැවති ශිල්පීය ඥාණය ලොවටම කියා පාන සංකේතයක් බඳුය. සීගිරියේ උද්‍යාන අලංකාරය, බලකොටුවේ ආරක්ෂාව, ජල නළ පද්ධතිය ඇතුළු සෑම ඉදිකිරීමක්ම ලෝකයා ඉදිරියේ තබන්නේ ප‍්‍රශ්නාර්තයකි. සීගිරියට පැමිණෙන දස දහස් සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් වශීකරන සීගිරි බිතු සිතුවම් ලෝක ඉතිහාසයේද ලාංකීය ඉතිහාසයේද අමරණීයත්වයට පත්ව තිබේ. මෙවන් නිර්මාණ ලෝක උරුමයන් බවට පත්ව තිබෙන්නේ එහි ගැබ්වී ඇති සුන්දරත්වය හා ආකර්ශණීයත්වය නිසාමය.
සීගිරි ලඳුන්ගේ රූපශ‍්‍රියාවට වෛර බැඳගත් පිරිස්ද නැත්තේ නොවේ. එවැනි පිරිසක් සිදුකළ අමානුෂික ක‍්‍රියාවක් නිසා අපේ ඉතිහාසය ඉරිතලා ගියේය. කලාකාමී හදවත් ශෝකයෙන් මුසපත් කළ සීගිරි බලකොටුවේ ශෝක ජනක සිදුවීම 1967 ඔක්තෝබර් මාසයේ 13 වෙනි දින සවස් යාමයේදී සිදුවිය. එය නූතන ඉතිහාසයේ සඳහන් වන කඳුළු කතාවකි. ශත වර්ෂ ගණනාවක් ස්වභාව ධර්මයේ උවදුරකට පවා පත් නොවූ සීගිරි ළඳුන් මිනිස් උවදුරකට ගොදුරු වූ බව ලක්වැසියන්ට දැනගන්නට ලැබුණේ 14 වෙනි දින හිරු උදාවීමත් සමගය.
හොර රහසේම සීගිරි බලකොටුවට ඇතුළු වූ කිහිප දෙනෙකු ශත වර්ෂ ගණනාවක් ලෝකයේ කලාකාමී රසවතුන්ගේ දෑස් පිනවූ බිතු සිතුවම් දහ අටක තාර වැනි ඝණ තීන්ත වර්ගයක් අතුල්ලා එම සිතුවම් විනාශයට පත් කළ අතර උල් ආයුධයකින් ඇන සිතුවම් දෙකක ළැම ප‍්‍රදේශයට තුවාල සිදු කර තිබුණි. මෙම ශෝකජනක සිදුවීම 14 වන දින පෙරවරු කාලයේදී දුරකථන පණිවුඩයක් මගින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනගන්නට ලැබුණේය. අදහාගත නොහැකි එම පණිවුඩය ලද වහාම ක‍්‍රියාත්මක වූ පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසඥ ආචාර්ය රාජා ද සිල්වා යන මහතුන් සීගිරියට ගොස් සිදුවී තිබෙන තත්ත්වය එවකට අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාට දන්වා සිටි අතර අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම් කටයුතු පොලිසියට භාර කරන ලදී. ඔක්තෝබර් 14 වන දින සිට සීගිරිය නැරඹීමට පැමිණීමද ජනතාවට තහනම් විය. රජයේ උපදෙස් පරිදි සීගිරි ළඳුන් ප‍්‍රකෘති ස්වභාවයට පත් කිරීම සඳහා කඩිනම් පියවර ගනු ලැබීය. සීගිරි බිතු සිතුවම්වලට සිදුවී ඇති විනාශය සම්බන්ධයෙන් ආචාර්ය සී.ඊ. ගොඩකුඹුරේ මහතා එවකට ඇමරිකානු තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ඩබ්ලිව්.ඒ. සයිමන් මහතා සමගද සාකච්ඡුා පවත්වා තිබේ. ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය බී.බී. ලාල් මහතාගෙන් උපදෙස් ලබා ගැනීමටත් ඉතාලියේ සිටින අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා ලංකාවට ගෙන්වා ගැනීමටත් රජය තීරණය කළේය. ඉතාලි විශේෂඥවරයා ගෙන්වා ගැනීම සඳහා එවකට ඉතාලියේ ලංකා තානාපතිව සිටි එච්.ඩබ්ලිව්. විජේකෝන් මහතා දැනුම්වත් කරමින් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් 19 වෙනි දින ඉතාලියේ ලංකා තානාපති කාර්යාලයට විදුලි පුවත්පතක් යවන ලදී. එහි ප‍්‍රතිඵලය වූයේ ඉතාලියේ අතිදක්ෂ පුරාවිද්‍යා රසායන විශේෂඥයා වූ ආචාර්ය ලූසියානෝ මරාන්සි මහතා ලංකාවට පැමිණීමයි. මේ වන විටත් රසායන විශේෂඥ රාජා ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සීගිරි ළඳුන්ගේ පැවැත්ම වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින් සිටියහ. විදේශීය විශේෂඥ පිරිස් පැමිණෙන තෙක් විනාශයට පත් කළ සීගිරි සිතුවම් මත රසායනික ද්‍රව්‍ය ආලේප නොකරන ලෙසටත් තීන්ත පාරවල් ඉවත් නොකරන ලෙසටත් සේවයේ යෙදී සිටි පිරිසගෙන් අගමැති ඩඞ්ලි සේනානායක මහතා ඉල්ලීමක් කරන ලද්දේ එතුමාද සීගිරියේ බිතු සිතුවම් කෙරෙහි දැක්වූ ආදරය නිසාමය. සිදුවූ විනාශයෙන් සීගිරි ලඳුන් සාර්ථකව මුදවා ගැනීමට අගමැති තුමා ඇතුළු සියළුම පිරිස්වලට තිබූ අවශ්‍යතාවය එදා පැහැදිලිව දකින්නට ලැබුණේය. අධ්‍යාපන, සංස්කෘතික අමාත්‍ය අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා සීගිරියේ සිද්ධිය සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේ 21 වෙනි දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක්ද කළේය.
ඉතාලි ජාතික ලූසියානෝ මරාන්සි, රාජා ද සිල්වා සහ ගොඩකුඹුරේ යන මහතුන් ඇතුළු පිරිසක් ඔක්තෝබර් මස 24 වෙනි දින සීගිරියට ගොස් විකෘති කළ බිතු සිතුවම්වලට නව පණක් ලබා දීමේ ඓතිහාසික මෙහෙයුම ආරම්භ කළෝය. තමන්ට සිදුවූ විපතක් සේ සලකමින් එම මෙහෙයුමට දායක වූ සියල්ලන්ම එකාවන්ව කටයුතු කිරීම ජාතියේ වාසනාවක් විය. මරාන්සි මහතා ඇතුළු පිරිස එසේ කටයුතු කරද්දී සාහිත්‍යධරයකු මෙන්ම කලාකාමියෙකු වූ එවකට මාතලේ දිසාපතිවරයාව සිටි සරත් අමුණුගම මහතා (වර්තමාන අමාත්‍ය* දිනපතාම සීගිරියට පැමිණ සේවයේ යෙදී සිටි පිරිස සමග එක්වී සිටීම සුපුරුදු දසුනක් විය. කැඩපත් පවුරේ සටහන්ව ඇති කුරුටු ගී පිළිබඳව මරාන්සි මහතාට පැහැදිලි කරමින් සරත් අමුණුගම දිසාපති වරයා ඔවුන්ට කුරුටු ගී වල ඇති රසවත් භාවය කියා දෙමින් සේවයේ යෙදී සිටි පිරිසගේ වෙහෙස නිවීමට ගත් උත්සාහය සීගිරියේ කඳුළු කථාවේ අමතක නොවන සිහිවටනයකි. ලූසියානෝ මරාන්සි මහතා ඉතාලියෙන් රැුගෙන ආ ඩෙකා පෙක්ස් නමැති රසායන ද්‍රව්‍යය භාවිතා කරමින් ඔහුගේ අත්දැකීම් ඒ හා මුසු කරමින් සීගිරි ලඳුන් ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ගත් උත්සාහය සාර්ථක වූ අතර ආචාර්ය රාජා ද සිල්වා මහතා ප‍්‍රමුඛ දේශීය සේවක පිරිස දැක්වූ කැපවීම සීගිරි ඉතිහාසයේ නොමැකෙන සටහනක් විය. අපේ ඉතිහාසය විකෘති කිරීමට තැත් කෙරූ සීගිරියේ බිතු සිතුවම් විනාශය පරදවමින් නැවතත් සීගිරි ලඳුන් දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ගේ දෑස් පින් කර තිබූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. රුදුරු ඛේදවාචකයක් නිමා කරමින් නැවතත් සීගිරි ලඳුන් පෙර සේම තම රූප ශෝභාවන් අපේ හදවත් තුළට සමීප කරමින් කියා සිටින්නේ සීගිරි රජ දහනෙන් මෙපිට ආලකමන්දාවක් ලෝකයේ වෙනත් කිසිම තැනක නොමැති බවය. සියලූ වැඩ කටයුතු සාර්ථකව නිමකර ලංකාවෙන් පිටත් වීමට පෙර ලූසියානෝ මරාන්සි මහතා මෙම ප‍්‍රකාශය කළේය. ”මෙතරම් කලාත්මක අගයක් ඇති චිත‍්‍ර මා ලෝකයේ කිසිම රටකදී දැක නැත.”
ගාමිණී පරණයාපා
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සීගිරියේ බිතු සිතුවම් විනාශය
නිත්‍යා Saturday, 12 January 2013 03:56 PM
අපේ ලෝක උරුමයන් වනසන්නට කිසවෙකුටත් ඉඩ දෙන්න එපා. (ස)
වසන්ත නාත් පතිරත්න බිබිලේ. Friday, 23 September 2011 02:00 PM
අතිතයේ ශ්‍රි විභුතිය පමණයි අපිට දැන් ආඩමිබර වෙන්න ඉතිරිව ඇත්තේ.අනේ දෙවියනේ එයවත් රුකගන්න.අපිට කියාදෙන්න.