දින කීපයකට පස්සේ පොලිස් ස්ථානාධිපතිවරයා ධීවරයන් සහ ගම්වාසීන් ගෙන්නලා අවවාද කරලා තිබුණා. උද්‍යාන භාරකාරතුමන් ධීවරයින්ට තරයේම අවවාද කරමින් කිව්වේ මින් ඉදිරියට ජාතික වනෝද්‍යානයට හානි සිදුවෙන විදිහට වැඩ කළොත් උසාවියට දමා දඬුවම් කරන බවයි. ඔය විදිහට ඒ ගැටුම නිමාවට පත්වුණා. වලසුන්ගෙන් සහ කුළු හරකුන්ගෙන් දිවි ගලවාගත් චන්දරේ අයියා ඇතුළු පිරිස එතැන් පටන් කැලෑවේ ඇවිද්දේ පෙරටත් වඩා හොඳ අවධානයකිනි. මේ නිසා ගල්ඔය වන උයනේ කොස්සාපොළ, කැබැල්ල බොක්ක වැනි ප‍්‍රදේශවලදී හමුවූ වලසුන් පලවා හැරීමට ඔවුන්ට හැකි විය. එක් දිනෙක කොස්සාපොළ ප‍්‍රදේශයේ ඇවිද යන විට මීටර් පනහක් හැටක් ඈතින් වලසකු ඇවිද යනු චන්දරේ අයියා ඇතුළු පිරිස දුටහ. කෑ ගසා වලසා එළවීමට කතිකා කරගත් පිරිස මහා හඬින් කැ ගැසූහ. වලසා පසු නොබලාම වනයට වැදී අතුරුදන් විය. මෙලෙස කිසියම් කටයුත්තක් සඳහා වනමං ඔස්සේ යන අවස්ථාවලදී පාර හරහා යමින් සිට නතර වී තමන් දෙස බලා සිටින වලසුන්ව කෑ ගසා එළවා දැමීමට හැකිවූ බව චන්දරේ අයියා පැවසීය. බොහෝ අවස්ථාවලදී කෑ ගසා වලසා පසුපස දිව යද්දී ඌ වනය තුළට පැන අතුරුදන් වෙයි. නමුත් පැටව් සිටින වැලහින්නක් නම් එලෙස එළවා දැමීමට යාම අනතුරුදායක බවත් එවැනි අවස්ථාවල තමන් ආරක්ෂිත ක‍්‍රියාමාර්ග අනුගමනය කරන බවත් හෙතෙම සඳහන් කළේය. කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා යද්දී ඊට බාධාවක් ලෙස වන මං පෙතේ සිටින විටෙක මිස නිකම් නිස්කාරනේ වනසතුන් එළවීම නොකළ යුත්තක් බව චන්දරේ අයියා තවදුරටත් පෙන්වා දුන්නේය. වලහට බදන්නට බැරි ගසක නැගි විට ගහ පාමුල සිට ගස සූරමින් උඩබලා මහ හඬින් ගොරවමින් ටික වේලාවක් සිටීම වලසුන්ගේ සිරිතයි. එසේ සිටින විට ගස උඩ සිටින පුද්ගලයා මහත් භීතියට පත්වෙන අවස්ථාද ඇත. චන්දරේ අයියා පවසන ආකාරයට 1985 වර්ෂයේ දවසක ගල්ඔය ජාතික වනෝද්‍යානයට අයත් බදුලූවෙල අඩවියේදී එක් ගැමියකුට මෙවැනි සිද්ධියක් සිදුවි ඇත. කීප දෙනෙකු සමග මී කඩන්නට කැලේට ගිය මේ පුද්ගලයා වලසකු දැක වහ වහා අසල තිබූ කුඩා ගසකට නැංගේය. ඔහු සමග පැමිණි අනිත් පිරිස වෙනත් ස්ථානයක වූ නිසා ඔවුන් සිදුවෙන දෙය දැන සිටියේ නැත. මිනිසා නැගි ගස යටට පැමිණි වලහා ගසට නගින්නට නොහැකි වූ තැන ගසේ කඳ සූරන්නටත් මහ හඬින් ගොරවන්නටත් පටන් ගත්තේය. ගහ උඩ සිටි පුද්ගලයා බියෙන්, වෙව්ලමින් පැය දෙකක පමණ කාලයක් මහත් ආයාසයෙන් ගහේ අත්ත උඩට වී සිටියේය. මෙසේ සිටින අතර ඔහු සමග ගිය අනිත් කණ්ඩායම පැමිණි අතර වලසාගේ බිරුම් හඬත් උදව් ඉල්ලා කෑ ගසන හඬත් ඇසීමෙන් පසුව ඈත සිටම නොයෙකුත් උප්පරවැට්ටි දමා වලසා එලවා දමා මිතුරා බේරා ගත්තේය. ගල්ඔය ජාතික වනෝද්‍යානයේ සිරි නරඹන්නට පැමිණි විදෙස් ජාතික යුවළකට සිදුවූ ඇබැද්දියක් පිළිබඳව චන්දරේ අයියා කරුණු දැක්වූයේ සිනහසෙමිනි. ”මේ සිද්ධිය වුණේ 1978 දවසක. මේ සුදු ජාතික (ජර්මන්) තරුණ යුවළට ඕනෑවුනේ සේනානායක සමුද්‍රයේ ඈත කෙළවරක පිහිටි ”මකරය” පැත්තට යන්න. (මකරය පිළිබඳව පසුව සාකච්ඡාකෙරේ) ඉතින් අපි උදේ 6.30ට විතර සියලූම අඩුම කුඩුම සමග බෝට්ටුවට නැග්ගා. උදේ 8.30 විතර වෙද්දි මකරය ආසන්නයට ආවා. ජූනි මාසය නිසා වැවේ වතුරත් අඩුවෙලයි තිබුණේ. තැන තැන ගල් පර්වතත් මතුවෙලා. නමුත් සමහර තැන්වල ජලය මතුපිටට වඩා අඟල් තුන හතරක් යටින් ගල් තියෙනවා. ඒ නිසා පරිස්සමින් බෝට්ටුව පදවන්න ඕනෑ. බෝට්ටුව පැදෙව්වෙ වෙන කෙනෙක්. මම බෝට්ටුවේ ඉස්සරහට වෙලා මග පෙන්වමින් සිටියා. නමුත් නොහිතපු විදිහට එක සැරේම බෝට්ටුව දියයට ගලක හැපිලා ගල දිගේ ලිස්සලා ගිහින් ගලඋඩම රැඳුනා. අර විදෙස් ජාතික තරුණයා ඉස්සරහට වීසි වෙලා ගිහිල්ලා බෝට්ටුවේ දාරයක ඔළුව වැදිලා ඔළුවෙන් ලේත් ආවා. අපි පැයක් විතර දඟලලා බෝට්ටුව එහාට මෙහාට හොලවලා ඇදලා ආපහු වතුරට දා ගත්තා. නමුත් බෝට්ටු එන්ජිමේ බඹරේ කැඩිලා තිබුණ නිසා යන්න විදිහක් නෑ. දැන් ඉතින් අර විදෙස් ජාතික යුවළ ඉංග‍්‍රීසියෙන් බනිනවා බනිනවා ඉවරයක් නෑ, අව්වත් සැරවෙනවා. එන්ජිම හදාගන්න විදිහකුත් නෑ. ඒ නිසා බෝට්ටුවේ තිබුණු හබල් දෙකෙන් හබල් ගාගෙන හවස 1.00 විතර වෙද්දි ආපහු ගොඩබිමට ආවා. පැය ගාණක් හබල් ගාලා අපේ අත් දෙක කැඩෙන තරමට අමාරුවුණා. බෝට්ටුවෙන් බහිනකොට බොහෝම කේන්තියෙන් ගියපු මේ දෙන්නා, ඔවුන් නැවතිලා හිටපු ඉඟිනියාගල සෆාරි-ඉන් හෝටලයේ ප‍්‍රධානීන්ටත් මේ ගැන චෝදනා මුඛයෙන් කියලා තිබුණා. ඔවුන් එතැනින් නතර වුනේ නෑ, කොළඹ වනජීවී මූලස්ථානයටත් ගිහිල්ලා පැමිණිලි කරලා තිබුණා. මේ පිළිබඳව වාර්තාවක් එවන්න කියලා ඉඟිනියාගල කාර්යාලයට දැනුම් දුන්නා. ඒ අනුව එවක උද්‍යාන භාරකරු විදිහට හිටපු ඩෙස්මන් වයිට් මහත්තයා අපෙන් කටඋත්තර අරගෙන කොළඹට වාර්තාවක් යැව්වා. නමුත් අපට ප‍්‍රශ්නයක් වුණේ නෑ.” එක්තරා කාලයකදී ගල්ඔය ජාතික වනෝද්‍යානය දඩයක්කාරයන්ගේ පාරදීසයක් බවට පත්ව තිබිණි. මෙම උද්‍යානයට නිල්ගල, මුල්ලේගම. බදුලූවෙල සහ කොටබෝව නමින් අඩවි (Range) 04ක් ඇත. මීට වසර කීපයකට පෙර කොටබෝව බීට්ටුවක් ලෙස ගණන් ගැණිනි. බිබිල ප‍්‍රදේශයට අයත් මේ කොටබෝව ප‍්‍රදේශයෙන් ගල්ඔය ජාතික වනෝද්‍යානයට ඇතුළු වෙන පිරිසක් සතුන් මරා වියළා රැගෙන යන බවට දිගින් දිගට පැමිණිලි ලැබිණි. ඌරන්, මුවන්, ගෝනුන් නැත්නම් කුළුහරකකු හෝ වෙඩි තබා කපා වියලාගෙන යෑම දඩයක්කරුවන්ගේ සිරිතයි. මේ නිසා කලක් කොටබෝව ප‍්‍රදේශය වේළපු කුළු හරක් මස්වලට ප‍්‍රසිද්ධව තිබිණි. කොතෙක් උත්සාහ කළද වනජීවී නිලධාරීන්ගේ ඇස්වලටත් වැලිගසා කරන මේ සෙල්ලම නවතා දැමීමට නොහැකිව පැවතිණි. දෙපාර්තමේන්තුවටද එය එතරම් හොඳ නොවන බව චන්දරේ අයියා මෙන්ම අනිත් නිලධාරීන්ටද හැඟී ගිය අවස්ථා එමටය. කරුණු සොයා බලද්දී මේ දඩකෙළියේ මහමොළකරු තැන තැන වනජීවී නිලධාරින්ට එරෙහිව කයිවාරු ගසන කෝටබෝවේ ”ශිල්පා” ය. ඒ ප‍්‍රදේශවාසීන් ඔහු හඳුන්වන අන්වර්ථ නාමයකි. ශිල්පා ජාතික වනෝද්‍යානය තුළ කරන ශිල්ප දැක්වීම කෙසේ හෝ නතර කළ යුතු යැයි තීරණය කළ වනජීවී නිලධාරීහු ඔත්තුකරුවන් යොදවා ශිල්පා වන බිමට ඇතුළුවන දින සහ වේලාවන් සහ වනමංපෙත් සොයා ගත්හ. නොඑසේ නම් මේ මහා සාගරයක් බඳු ඝන වනාන්තරය තුළ තවත් සෑහෙන කාලයක් මේ ශිල්ප දැක්වීම පවතිනු ඇත.”එතකොට ගල්ඔය ජාතික වනෝද්‍යාන භාරකරු විදිහට හිටියේ වීරසිංහ කියලා මහත්තයෙක්. ඒ 1994-1995 යන අවුරුදුවල. කතා කරගත්ත විදිහට අපි සවස 2ට විතර බෝට්ටුවට නැග්ගා. අඩවි සහකාර එල්. ජයවර්ධන, නියාමකවරුන් වන ගුණසේන, කරුණාපාල, ජෝශප්, ජිනදාස, අධිකාරි, ස්ථීර කම්කරුවකු වූ කරුණාරත්න සහ මම මේ කණ්ඩායමට ඇතුළත් වුණා. අප ළඟ තුවක්කු තුනකුත් ගමනට අවශ්‍ය දේවලූත් තිබුණා. පැයකට එකහමාරකට විතර පස්සේ වනෝද්‍යානයට උතුරුපැත්තේ මුල්ලේගම අඩවිය පැත්තට වෙන්න තිබුණු ”දෙගලවල” කන්ද ආසන්නයෙන් අපි වැව් ඉවුරට ගොඩවුණා. ඊට පස්සේ බෝට් ඩ‍්‍රයිවර් ජෝශප්ට කිව්වා බෝට්ටුවත් අරන් නැවත බන්ට් එකට යන්න කියලා. බෝට්ටුව දැක්ක ගමන් ඕනම කෙනෙක් දන්නවා වයිල්ඞ් ලයිෆ් මහත්තුරු ඇවිල්ලා කියලා. මොකද සේනානායක සමුද්‍රයේ ධීවර ඔරු ඇරුනහම මේ විදිහේ බෝට්ටුවක් තියෙන්නේ වයිල්ඞ් ලයිෆ් එකට විතරයි. ඒ නිසයි ඒක ආපහු යැව්වේ. අපි එතැනින් බැහැලා කැලේ ඇතුළට රිංගලා රාත‍්‍රී අඳුර වැටෙනකොට ”මකරෙ” වැල්ලට ආවා. ඇවිත් රෑට උයලා කාලා ගිනි මැලයක් ගහගෙන නිදාගත්තා. කීප දෙනෙක් ඇහැරිලා ඉන්නකොට තවත් කීප දෙනෙක් නිදාගන්නවා. පහුවදා උදේ අඩවි සහකාර ජයවර්ධන මහත්තයයි, කරුණාපාලයි ”මකරෙ” නවත්තලා අපි ගමන් ආරම්භ කළේ කොහොන ඔය පැත්තට යන්න. පැය භාගයක් විතර ගියහම කොහොන ඔය වැවට වැටෙන ස්ථානයට අප ළංවුණා. ඈතදීම අපි දැක්කා තුන් දෙනෙක් විසි දැලකින් මාළු අල්ලනවා. වැව් ඉවුර දිගේ ගියොත් අපව පේන නිසා ආපහු කැලේ ඇතුළට රිංගලා කිලෝමීටර් තුන හතරක වට රවුමක් ගහලා මේ තුන්දෙනාට දුවන්න බැරි වෙන විදිහට වටකරලා අල්ලා ගත්තා. වැඩි විස්තර ඇහුවම ”ශිල්පා”ත් එක්ක දඩයමේ ආව බවත් ශිල්පා ඊට තරමක් ඈතින් ගලක් ළඟ මරපු ඌරෙක්ගේ මස් වේළනවා කිව්වා. තව කුළුහරකෙකුත් මරාගන්න තමයි ඉන්නේ කියලත් කිව්වා. මේ තුන් දෙනා ළඟ තිබුණු විසි දැලයි මාළු ටිකයි අපේ භාරයට අරන් තුන් දෙනාගෙම අත් පිටුපස්සට තියලා බැඳලා එතන අපේ තුන් දෙනෙක් එක්ක නතර කරලා, අපි දෙන්නෙක් ”ශිල්පා” ඉන්නවා කියපු ඉසව්වට ගියා. දැන් මගේ අතේ තුවක්කුව විතරයි තියෙන්නේ. අපි යනකොට ”ශිල්පා” ඉන්නවා කියපු ඉසව්වේ තිබුණු වැව් පිටියේ කුළු හරක් රංචුවක් හිටියා. තවත් සෝදිසියෙන් බලද්දි කැලේ පැත්තෙන් පුද්ගලයෙක් මතුවුණා. එහෙම ආව පුද්ගලයා කුළු හරක් ඉන්න පැත්තට තුවක්කුව ඉලක්ක කළා. ලබන සතියට
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරකයන් පැමිණි බොට්ටුව සේනානායක සමුද්‍රය මැද කැඩෙයි