හජ් වන්දනා සමයේ අවසන් දිනයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට තරුණයන් දෙදෙනකු ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනි තැබීම ලෝකයේම අවධානය දිනාගත් පුවතක් මෙන්ම ශිෂ්ට සම්පන්න සියලු ජනයාගේ බලවත් පිළිකුලට ලක්වූ සිදුවීමක් විය. විශේෂයෙන්ම ලොව මුස්ලිම් රටවල් මෙන්ම අති උත්තම ශුද්ධෝත්තම පාප් වහන්සේද මෙම සිදුවීම හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකු ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනි තබා ඇත්තේ ඒ සඳහා අධිකරණයෙන් ලැබුණ අවසරයක් නිසා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ “භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය බව පවසමින් ශුද්ධ වූ කුරාණයේ පිටපත් පුළුස්සා දැමීමට ස්වීඩන රජය අවසර දීම කිසිසේත් අනුමත කළ නොහැකි” බවය.
ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ අදාළ සිදුවීම හෙළාදකින බවය. එවැනි ක්‍රියා, ආගම් ඇදහීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක් බව ද අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කර ඇත.
නිදහස හා වගකීම යනු සමාන්තරව නොයෙදෙන වචන දෙකකි. වගකීම යන වචනය එක් වූ සැණින් නිදහස යන වචනයේ ඇති පළල් හා පොදු අර්ථය විකෘති වේ. එහෙත් නිදහස හා වගකීම යනු සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද වගකීමෙන් තොර නිදහස බොහෝ අතුරු ආන්ත්‍රාවන් ඇති කරන බව ඒකාන්ත සත්‍යයකි.
භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්ත වේ. ඒවාට තහංචි දැමීම, සීමා මායිම් පැනවීම ගෝත්‍රික යුගයට අයත්ය. එහෙත් එම මූලික සිද්ධාන්ත ක්‍රියාවට නැගිය යුත්තේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා ගිෂ්ට සම්පන්න විලාශයෙනි. එම නිදහස භුක්ති විඳින ආකාරය අනුව එම පුද්ගලයාගේ, එම සමාජයේ අභ්‍යන්තර තත්ත්වය කදිමට නිරූපනය කරනු ලබයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු තමන්ට කැමති දේ කිරීමේ නිදහස යැයි ඇතැමෙක් සිතති. එසේ සිතා එසේ කටයුතු කරති. අප සමාජයෙන්ද ආසන්න මෑත අතීතයෙන් එයට ඕනෑ තරම් නිදසුන් තිබේ. එහෙත් නිදහස සහ අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ සාධාරණත්වයට, යුක්තියට හා සදාචාර බලයට යටත්වය.
කැමැති ආගමක් ඇදහීමේ අයිතිය මූලික මානව හිමිකමකි. ලෝකයේ ප්‍රධාන ආගම් හතරක් ද තවත් ආගම් කිහිපයක් ද වේ. මිනිසාට ආගම යනු මුළුමනින්ම පෞද්ගලික වූවක් මෙන්ම ඔහුගේ විශ්වාසයට යටත්ය. බලහත්කාරයෙන් ආගමෙන් පිටලෑම මෙන්ම බලහත්කාරයෙන් ආගම්වලට එකතු කරගැනීම ශිෂ්ට සමාජ බලවත් පිළිකුලෙන් හෙළාදකින්නේ එහෙයිනි.
කැමැති ආගමක් ඇදහීමේ අයිතිය තිබුණද අන් ආගම්වලට පරිභව කිරීමට කිසිවකුට අයිතියක් නැත. අන් ආගම්වලට නිගරු කිරීමට යාමෙන් සිදුවන්නේ ගැටුම් නිර්මාණය වීමය. එබඳු ඛේදවාචක මගින් මානව සංහතියට සිදුවූ අලාභය ගණනය කළ නොහැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙස” කරනු ලබන ඉල්ලීම ප්‍රායෝගික යථාර්ථය මෙන්ම ඒකාන්ත වශයෙන් සිදුවිය යුතු දේ බවට අවධාරණය විය යුත්තේද එහෙයිනි. ඉහත පන්නයේ සිදුවීම් පූර්වාදර්ශ බවට පත්කර නොගැනීමේ ශික්ෂණය ශිෂ්ට මිනිසා වෙතින් නියත වශයෙන්ම පිළිබිඹු විය යුත්තකි.
(***)
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලුවී ද සොයිසා විජයසේකර ජයතිල
මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්
විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ස්ටොක්හෝම් සිද්ධිය පිළිකුලෙන් හෙළා දකිමු