මිලියන 1.7ක් වැනි ජනගහනයකට වාර්ෂිකව නරඹන්නට ලැබෙන ”දෙහිවල සතුත් වත්ත” ගැන විටින් විටි නරඹන්නන්ගේ පමණක් නොව සියලූ ජනතාවගේ සිත් කම්පාවන ”සිද්ධි” වාර්තා වේ. ඒ හැම සිද්ධියකින්ම කියැවෙනුයේ විදේශීය රට වලින් ගෙනෙන ලද හෝ පරිත්‍යාග ලෙස ලද දුර්ලභ වටිනා සතුන් මිය යන බවකි. මේ ලෙස මිය ගිය සතුන් බොහෝ දෙනෙක් අකාලයේ මිය යෑම නිසා සත්ත්ව හුමාමරු වැඩසටහන් සිදු කරන ඇතැම් රටවල් මෙරටට සතුන් ලබාදීම ගැනත් දෙවරක් කල්පනා කරනු ඇත. ලංකාවේ ජාතික සත්වෝද්‍යානයට ලැබෙන සතුන් රැක බලා ගැනීමට තරම් පුහුණුවක් හෝ වුවමනාවක් එහි සේවය කරන්නන්ට නැද්දැයි ඇතමකුට ප‍්‍රශ්න කළ හැකිය. සිතිය හැකිය. රටින් ලැබෙන බොහෝ සතුන් ”මරා ගැනීම” හෝ ”මැරීම” අද විලාසිතාවක් වී ඇතැයි ඇතැම් සත්වවේදීහූ පෙන්වා දෙති. ඔවුන්ට අනුව පසුගිය වසර පහක හයක කාලයේදී මේ ලෙස විදේශවලින් ලැබුණු දුර්වල සතුන් පැටවුන් බිහි කරද්දී හෝ බිහි වූ පැටවුන් හෝ හොඳින් වැඞී සිටින සතුන් ”මිය යෑම” වැඩි වී ඇත. මේ සතුන් ”ඉබේ මිය ගියා” නොව ”මිය යෑමට ඉඩ හැරියා” එසේත් නැතිනම් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හා වැරදි තීරණ නිසා මිය ගිය බවට නැගෙන චෝදනා බොහෝය. පසුගිය කාලයේදී එලෙස මරණයට පත් වූ සතුන් සංඛ්‍යාව පනහකට අධිකය. එයට දුර්ලභ ගණයේ ව්‍යාඝ‍්‍ර හා දිවි පැටව් 23ක් ඔරන් ඔටන් හා කළු රයිනෝසිරස් දෙදෙනෙක්, හිපපොටේමස් 02 ආදී ලෙස සතුන් පනහක් පමණ අකල් මරණයට පත්ව ඇත. එලෙස මරණයට පත් වූ ව්‍යාඝ‍්‍ර හා දිවි පැටුව් 23 දෙනෙගෙන් දෙදෙනෙක් තබ්බෝව රක්‍ෂිතයෙන් හමු වූ පැටවුන් තිදෙනාගෙන් දෙදෙනෙකි. පසුගිය ජූලි 15 දින උපන් බෙංගාල ව්‍යාඝ‍්‍ර උප විශේෂයකට අයත් සුදු ව්‍යාඝ‍්‍ර පැටුව් තිදෙනෛක්ද එලෙස මෑතක මරණයට පත් වූ ව්‍යාඝ‍්‍ර පැටවුන්ය. එම ව්‍යාඝ‍්‍ර පැටවුන් ඉපදුණු මොහොතේ සිට මිය යෑම දක්වා සිදුවීම් ගෙන බැලූවහොත් එක් අතෙකින් හාස්‍ය ජනකයැයි ඇතැම්හූ පෙන්වා දෙති. එම මිය ගිය සුදු ව්‍යාඝ‍්‍ර පැටවුන්ගේ මව්පියන් මෙරටට ගෙන්වා ඇත්තේ චීනයේ චියෑන් ජියෑන් සෆාරි උද්‍යානයේ සිට 2010 වර්ෂයේ පෙබරවාරි 28 වැනි දිනය. සත්ත්ව හුවමාරු වැඩසටහනකින් එලෙස ගෙනා ආ සුදු ව්‍යාඝ‍්‍ර ධේනුව ඉකුත් ජූලි මස 15 වැනි දින පැටුවුන් තුන් දෙනෙකු බිහි කළාය. ඒ එතරම් ඉඩකඩ ඇති කුටියදී නම් නොවේ. ඒ බැව් දුටු සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු තිදෙනෙක් හා සත්ත්ව භාරකරුගේ තීරණය වූයේ වඩා ඉඩ කඩ ඇති තැනකට ව්‍යාඝ‍්‍ර ධේනුවත් පැටවුනුත් ගෙනයෑම සුදුසු බවය. එහෙත් එයට ඉහළ බලධාරීන්ගේ විරෝධයක් එල්ල වීම නිසා එය ඉටු නොවීය. ප‍්‍රතිඵලය වූයේ ජූලි 17 වැනි දින විට මව් ධේනුවට යටවීමෙන් සුදු ව්‍යාඝ‍්‍ර පැටවකු මිය යෑමය. සතුන් වත්්තේදී මෙලොව එළිය දුටු පළමු සුදු ව්‍යාඝ‍්‍ර පැටවුන් වූ නිසාම එම පැටවුන්ව සුරතල් කරන්නට අතපත ගාන්නට සතුන්වත්තේ ඇතැම් බලධාරීන් කළ උත්සාහයේ ප‍්‍රතිඵලය වූයේ පැටවුන්ට කිරිදීම මව් ධේනුව ප‍්‍රතික්‍ෂේප කිරීමය. මව් ධේනුවගේ ප‍්‍රතික්ෂේප කිරීම් හමුවේ අසරණ වූ ව්‍යාඝ‍්‍ර පැටවුන්ට කිරි දීමට පැටව් නවයක් සිටින ඊරියක් ගෙන්වන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය. එහෙත් සත්වෝද්‍යාන ගබඩාවල එංගලන්තයෙන් ආනයනය කරන ලද ව්‍යාඝ‍්‍ර පැටවුන් සඳහාම නිෂ්පාදනය කළ ටයිගර් මිල්ක් නම් මිල අධික කිරි පිටි පැකට් ගබඩා කර තිබියදී මේ ලෙස ඊරියකගේ කිරි බොන්නට ඒ ව්‍යාඝු පැටවුන්ට සිදු විය. එහෙත් ඒ ඊරිගේ පැටවුන් නවදෙනා සමග කරට කර තරග කරමිනි. එහෙත් තම පැටවුන් නව දෙනාට අමතරව ආගන්තුක ව්‍යාඝ‍්‍ර පැටව් දෙන්නෙක් තම කිරි බීමට පැමිණීම ඊරිය එතරම් රිස්සුවේ නැත. ඒ නිසාම ඊරිය තම අත් පා වලින් පහර දී ඒ කුඩා සතුන්ව පන්නා දැමුවාය. ඔවුන්ට ආහාර අහේනිය දැනුණ නිසාදෝ ඒ කුඩා පැටව් දෙදෙනා මෙලොවින් සමු ගත්තේය. ව්‍යාඝ‍්‍ර උප විශේෂ පහකට අයත් ව්‍යාඝ‍්‍රයන් ලොව සිටිනුයේ පන්දහසකටත් අඩුවෙනි. ඔවුන්ගෙනුත් මෙම සුදු ව්‍යාඝ‍්‍රයන් සුවිශේෂී වේ. ඇතැම් අය මේ සතුන් ඇලි හෙවත් නිලීන ජීවින් ලෙස හැඳින්වූවද ඇතැම් සත්ත්වවේදීන් පවසනුයේ මෙම සුදු ව්‍යාඝ‍්‍රයන් දුර්ලභ ගණයකට අයත් බවය. සමහර අය දෙමුහුන් ව්‍යාඝ‍්‍රයන්ගෙන් ජනනය කරගන්නා ලද කොටස් ලෙසද මෙම සතුන් හඳුන්වයි. කෙසේ වෙතත් අන්තිමේදී උපත ලද ඒ සුදු ව්‍යාඝ‍්‍ර පැටවුන් රැකගන්නට සත්වෝද්‍යාන බලධාරීන්ට නොහැකි වීය. එක්කෝ නොසැලකිල්ල හෝ නොදැනුවත්කම නිසා එම සතුන් අපට අහිමි විය. මෑතකදීම මිය ගිය කළු රයිනෝසිරස් පැටියාගේ මරණයද එවන් අතපසු වීම් හෝ නොසැලකිල්ලක් නිසා මිය ගිය බවට සත්ත්වවේදීහූ පෙන්වා දෙති. එම රයිනෝ පැටවා උපත ලබනතුරු රයිනෝ දෙනට අවැසි ප‍්‍රතිකාර දෙන්නට හෝ සත්ත්වෝද්‍යාන බලධාරීන්ට නොහැකි විය. එහි ඇතැම් සේවකයන් පවසනුයේ රයිනෝ දෙන ගැබ්ගත් බවවත් එහි කිසිවකුත් නොදැන සිටි බවය. මාස 15ක් තිස්සේ රයිනෝ දෙන පැටවා කුස දරා සිටි බැව් අවබෝධ කරගන්නට කිසිවකුට හැකි නොවීම නම් විමතියකි. මෙයට පස් වසරකට පෙර කෝසල හා අනුලා යන අලි පැටවුන් වෙනුවට අප රටට ජපන් රටෙන් ලැබුණු තිළිණය වූයේ කලූ රයිනෝ යුවළය. එම යුවළට දාව උපන් පැටවා බිහිවද්දීම උපන් බර අඩුවෙන් තිබූ බව බලධාරීහූ පවසති. එහෙත් සේවකයන් පවසනුයේ රයිනෝ දෙන ගැබ්ගත් බව දැන සිටියා නම් ඒ විපත නොවන බවකි. එමෙන්ම සත්ත්වෝද්‍යානයේ මෑතකදී උපන් ගිබන් පැටවකු ඔවුන්ගේ කුටියේ සෙල්ලම් කිරීමට තිබූ රවුම් බටයක ගෙල සිරවීමෙන් මිය ගියේය. පසුගිය වසරේදී ඔටු දෙනෙකගේ කුසයේ තිබූ කොස් කොළ ගෙඩියක්, ගැබ් ගැනීමකැයි සිතා වැරැුදි පශු වෛද්‍ය තීන්දුවක් හේතුකොට ගෙන දුන් ප‍්‍රතිකාර නිසා ඇයද මිය ගියාය. සත්තු වත්තේ සිටි මුවන්, සුදු මුවන් ආදී සතුන් විශාල පිරිසක් පොලිතන් ආහාරයට ගෙන මිය ගිය සිද්ධිද පසුගිය කලයේ වාර්තා විය. ඒ නරඹන්නන් විසින් සතුනට දෙන ලද ආහාර අඩංගුව තිබූ පොලීතින්ය. කෙසේ වෙතත් සත්ත්වෝද්‍යානයේ බලධාරීන් හෝ සේවක මණ්ඩලය මේ සෑම සිද්ධියකටම ඍජුව හෝ වක‍්‍රව වග කියනු ලැබිය යුතුය. ඒ ඔවුන්ගේ භාරයේ සිටි සතුන් වන නිසාය. එහෙත් කිව යුතු තවත් දෙයක් ඇත. මෙම සතුන් වත්තේ කිරි දී සාදාගත් සත්ත්ව පැටවුන්ද සිටින බවය. ඒ එම සතුන්ගේ මව්වරු යම් යම් හේතු මත ඔවුන් ප‍්‍රතිෂේප කළ නිසාය. සංජු නම් චිම්පංසි පැටවා, ටෝනි නම් ගිබන් පැටවා මෙන්ම ඔරන් ඔටන් පැටවකුද එලෙස පිටි කිරි බී හැදී වැඩුනු සතුන්ය. හබරණ කැලයේදී දුම්රිය අනතුරකින් මියගිය ඇත් පවුලේ ඉතිරි වූ ඇත් පැටවා මෙන්ම තබ්බෝවේ දී හමුවූ දිවි පැටවුන්ගෙන් ඉතිරි දිවි පැටවාද, සත්වෝද්‍යානයේ භාරකරුවන්ගේ හා පශු වෛද්‍යවරුන්ගේ විවිධ පරිත්‍යාග හා ඉවසිලිවන්ත සේවය නිසා අදටද ජීවත්ව සිටී. එහෙත් එලෙස සතුන් රැක බලා ගැනීම ඔවුන්ගේ යුතුකම හා වගකීම වන්නේය. සත්ත්වෝද්‍යානයේ සේවකයන් හා බලධාරීන් කණ්ඩායම් තුනකට පමණ බෙදී සිටින බවද දැනගන්නට ලැබිණි. යම් යම් දේශපාලන පක්‍ෂ වල වූවමනා එපාකම් මත පත්කරන ලද සේවක හා නිලධාරී පැළැන්ති මත එවන් බෙදීම් ඇතිව තිබේ. එමෙන්ම මෙහි සිටින සත්ත්ව භාරකරුවන්ට දෙස් විදෙස් පුහුණුවක් හෝ වැටුප් වර්ධක, උසස් වීම් හෝ නොමැති බව කියති. විදෙස් රටවලින් ගෙන්වන සතුන් රැුක බලා ගැනීම ගැන පුහුණුවක් ලැබීමට ඔවුන්ට ඉඩකඩ ඇත්තේ දෙහිවල සිටින සතුන්ගෙන් ලද හැකි අත්දැකීම් පමණි. ඒ හැර විදෙස් පුහුණුව ලැබූ පශු වෛද්‍යවරුන්ගෙන් යම් තරමකට හෝ උපදෙස් ලබාගත හැකිය. බෙදී සිටින කල්ලි එකමුතු වී එකම කණ්ඩායමක් ලෙස ආයතනයක් ලෙස සතුන් රැුක බලා ගැනීමට යොමු වේ නම් පසුගිය කාලයේ මෙහි අකල් මරණ වලට සතුනට ලක් වීමට සිදු නොවනු ඇත. මේ සමගම මෙරට සමග සත්ත්ව හුවමාරු කිරීමට අපේක්‍ෂාවෙන් සිටින රටවල් හා හුවමාරු කළ රටවල්ද ඉදිරියේදී ලංකාව සමග එවන් ක‍්‍රියා කිරීමට මැළිකමක් දක්වන බවද සැළවිය.
මේ මරණ වුණේ පස් වසරක් තුළයි |
ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා |
”දුර්ලභ ගණයේ හෝ වටිනාකමින් වැඩි සතුන් එපමණ ප‍්‍රමාණයක් මැරිල නැහැ. පස් වසරක් තුළ සතුන් 27ක් පමණ මිය ගිහින් තියෙන්නේ. ඇරත් කුරුල්ලන්, සමනළුන්, උරගයන් ආදී සතුනුත් වාර්ෂිකව යම් පමණකින් මිය යනවා. විශේෂයෙන් කුරුල්ලන් සීත කාලෙදි මිය යනවා. විදේශවලින් මෙරටට ගෙන්වූ සතුන් මෙරටට අනුවර්තනය වෙන්නේ හෙමින් හෙමින්. ඒ සතුන්ගේත් පැටව් ඉපදුණාම විශේෂයෙන් මේ වගේ පරිසරය දරා ගන්න බැරිව මිය යන අවස්ථා තියෙනවා. සුදු කොටි පැටව් ගැන වෙනම සිද්ධියක් තියෙන්නේ. මොවුන් ඇලි වර්ගයට අයත් සතුන්. ඔවුන්ගේ මව්පියන් නිලීන ජීවින් වූවාම දරුවනුත් නිලීන වෙනවා. පරපුර වැඩි වෙද්දි අලූතින් බිහිවන පැටවුන්ගේ දුර්වලතා හට ගැනීම් වැඩි වෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් බහුතරයක් වැඩි කලක් ජීවත්වන්නේ නැහැ. විවිධ හේතු මත මිය යන අවදානම වැඩියි. කලූ රයිනෝසිරස් පැටියාගේ සිද්ධිය ගත්තාම ඒ පැටියා ඉපදෙන විට බර කිලෝග්‍රෑම් 16යි. සාමාන්‍යයෙන් එවැනි රයිනෝසිරස් පැටවකුගේ උපත් බර කිලෝ 30ක් විය යුතුයි. මේ මිය ගිය පැටියා අඟල් 18ක් වත් උස අයෙක් නොවේ. ගැහැණු රයිනෝ පැටව් බිහිවන්නෙත් හරි අඩුවෙන්. සාමාන්‍යයෙන් රයිනෝසිරස් ගැහැණු සතාගේ ගැබ් කාලය මාස 15ක්. අනික් සතුන්ගේ වගේ ඒ බව පිටතට පේන්නේ නැහැ. ඒ නිසා අපට සොයා ගන්න බැරි වුණා. නමුත් සොයා ගත හැකි පරීක්‍ෂණත් තියෙනවා. අපෙත් වරදක් ඒ සම්බන්ධව තිබෙනවා. ඒ සතා මිය ගිය පසු අපි හෝමාගම ප‍්‍රදේශයේ වෛද්‍යවරියක ලවා පශ්චාත් මරණ පරීක්‍ෂණය කෙරෙව්වා. ඒ සතාගේ ඔළුවට වැදුණ පහරක් තිබුණු බවත් එහිදී අප සොයාගත්තා. මිය ගිය කොටි පැටව් ගැන පරීක්‍ෂණයක් අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස් මත සිදුකර තිබෙනවා. පින්නවලයි, දෙහිවලයි සිදුවූ සිදුවීම් නිසා අපේ කාර්යමණ්ඩලය 90 බැගින් වැඩි කරන්න අනුමැතිය ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් අලියකුට සේවකයන් දෙදෙනෙක් සිටිය යුතුයි. පින්නවල අලි 89 දෙනාටම සේවකයන් 30යි ඉන්නෙ. දෙහිවල සත්තු වත්තේ මේ තාක් කම්කරු තනතුරක් තිබුණෙ නැහැ. උද්‍යාන කම්කරු සත්ව භාරකරු වගේ තනතුරු තමයි දැනට මෙහි තියෙන්නේ. දැනට අපේ මුළු කාර්යමණ්ඩලය පන්සීයක් පමණ වෙනවා. අපි සතුන් හිතා මතා මැරුවෙත් නැහැ. සතුන් මාරගන්න කැමැතිත් නැහැ. අපට අවශ්‍ය අලූතින් බිහිවන සතුන් හදා ගැනීමයි. කවුරුත් හිතාමතා කරන්නෙ නැහැ. දුර්වලව ඉපදෙන ඕනෑම සතෙක් මැරෙන්න පුළුවන්. විවිධ වෛරස් රෝග, මව පැටියාව ප‍්‍රතික්‍ෂේප කිරීම, ආදිය නිසා පැටව් අපට අහිමි වෙලා තිබෙනවා. අපි දැනටමත් මව මිය ගිය හෝ මව ප‍්‍රතික්‍ෂේප කරපු චිම්පංසි, ගිබන් හා ඔරන් ඔටන් ආදී සතුන් රැසක්ම සාර්ථකව හදාගෙන තියෙනවා. සතුන් වත්තේ දැනට තිබෙන කුටි ලොකු කරල, වැඩිපුර ඉන්න සතුන් පින්නවල ඉදිරියේ හදන සෆාරිපාක් එකට යවලා ප‍්‍රතිසංවිධානය කරන්න අප අපේක්‍ෂාවෙන් ඉන්නෙ. අපෙත් අඩු පාඩු රැසක් තියෙනවා. ටිකට් නිකුත් කිරීමේ සිට සියලූ දෑ නුදුරේදීම අලූත් විදියකට ක‍්‍රියාත්මක කරන්නයි ඉන්නෙ” |
නිලධාරීන්ගේ වරදක් නෑ |
පරිසරවේදී පුබුදු වීරරත්න |
”සුදු ව්‍යාඝ‍්‍රයන්ගේ සිද්ධියේදී ඊරියක ගෙන්වීම අසාධාරණ හෝ ඔල මොට්ටල දෙයක් නොවේ. ව්‍යාඝ‍්‍ර පැටවුන්ට සුදුසුම හා අපට සොයා ගත හැකි වූ ගැලපෙන කිරි තමා ඌරු කිරි. පිටිකිරි දෙනවා වෙනුවට ස්වභාවික මව් කිරි පමණක් ලබාදීමයි බලධාරීන්ගේ අදහස වුණේ. එහෙම නැතිව වෙනත් සිද්ධියක් නිසා නොවෙයි. හිපපොටේමස් දෙනගේ හෝ පැටවාගේ මරණයට සත්ත්වද්‍යෝනයේ නිලධාරීන්ගේ වරදක් නෑ. ඔවුන්ට සිසේරියන් සැත්කමක් කරන්නත් බැහැ. මේද තත්ත්වය ස්වභාවයෙන්ම වැඩි නිසා. ස්වභාවික ප‍්‍රසූතියක් තමා අපේක්‍ෂා කළ හැක්කේ. මුලින් හිතන් හිටියෙ බඬේ ගෙඩියක් කියලයි. පැටවා මිය ගියේ දින දෙකක් පමණ කාලයක් කුස තුළ භාගයකුයි එළියෙ භාගයකුයි පැටවාගේ තිබූ නිසයි. ඇයව නිර්වින්දනය කිරීමක් කළ නොහැක්කේ මේදය වැඩි නිසයි. |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සතුන් වත්තේ සත්ව මරණ වැඩි ඇයි...?
දුලංජි Monday, 24 September 2012 11:16 AM
අපිට අහන්න ලැබෙන සිදුවීම් හරිම ශෝකජනකයිත කරුණාකර මේ පිළිබදව ඉක්මන් තීරණයක් ගන්න. (නි)
ගුණරත්න Monday, 24 September 2012 05:47 PM
දේශපාලන ඇගිලි ගැසීම් සහ කල්ලිවාදය... (නි)