ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.
ඒ අනුව ඉතා ප්‍රබල තත්වයක සිටි එවකට ආණ්ඩු පක්ෂය වූ එජාපය සමග එක්වරම මුහුණට මුහුණ නොගැටී, පළමුව වාමාංශික පක්ෂ හෙළිදරව් කොට රටේ තුන්වැනි බලවේගය වන්නටත්, ඉන්පසු එවකට ප්‍රධාන විරුද්ධ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස විවේචනය කොට දෙවැනි ස්ථානයට පත් වන්නටත් ඉන්පසු එජාපයට සෘජුව මුහුණ දෙන්නටත් සැලසුම් කළහ.
එම සැලසුම අනුව ඉතා සුළු කලෙකින් රටේ ප්‍රධාන වාමාංශික පක්ෂය වූ ජවිපෙ 1979 /80 කාලයේදී ශ්‍රීලනිපයට දැඩිලෙස ප්‍රහාර එල්ල කරන්නට විය. එහි එක් පියවරක් වශයෙන් එම නායකයෝ ‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය’’ යන මැයෙන් රටපුරා දේශන මාලාවක් පැවැත් වූහ.
ශ්‍රීලනිප නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1959 දී ඝාතනය කරනු ලැබීමෙන් පසු ශ්‍රීලනිප ඒ මහතාගේ දේශපාලන ජීවිතය අලලා ‘‘ගමනක අවසානය’’ යන නමින් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කොට රට පුරා ගමක් ගානේ ප්‍රදර්ශනය කළේය. ජවිපෙ සිය දේශන මාලාවට යොදාගත් ශීර්ෂ පාඨයට ‘‘ගමනක අවසානය’’ යන පදය ගත්තේ එම වාර්තා චිත්‍රපටයෙන් විය යුතුය.
කෙසේ වෙතත් ශ්‍රී ලනිප එදා අවසන් ගමන් ගියේ නැත. වෙනත් පක්ෂ සමග සන්ධාන ගත වෙමින් එම පක්ෂය ඉන් පසුද වසර 25ක් පමණ මෙරට පාලනය කළේය. එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ එම පක්ෂය අවසාන වරට ආණ්ඩු පක්ෂයක් වශයෙන් සිටිය ද ඒ වනවිට එහි ඡන්ද පදනමෙන් සියයට 75කටත් වැඩි කොටසක් නායකත්වය අත්හැර ගොස් තිබිණි.
දැන් නම් එම පක්ෂයේ ‘‘ගමනක අවසානය’’ ළඟා වී ඇත්දැයි කෙනකු සිතන තරමට එම පක්ෂය දරණු අර්බුදයකට මුහුණ දී සිටී. මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රීලනිපයේ සභාපති ධුරය හෙබවීමට නීතිමය හා සදාචාරමය අයිතියක් නැතැයි කියමින් එම පක්ෂයේ හිටපු සභාපතිනිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව කොළඹ දිසා අධිකරණය එම පෙත්සම පිළිබඳ විභාගය අවසන් වන තෙක් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ධුරයේ කටයුතු කිරීම වළකමින් ඉකුත් බදාදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඊට පෙර පසුගිය මාසයේදී සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රීලනිප විධායක සභාව ආණ්ඩුව සමග කටයුතු කරන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර යන අය ඔවුන් පක්ෂය තුළ දරන නිලතල වලින් ඉවත් කළේය. ඊට පිළිතුරු වශයෙන් දෝ කුමාරතුංග මහත්මිය මෙම පෙත්සම ඉදිරිපත් කළ අතර ඇයගේ හා ආණ්ඩුවේ ඇමති ධුර හොබවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය අප්‍රේල් 9 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ රැස්වී සිරිසේන මහතාට සභාපති වශයෙන් කටයුතු කරන්නට නොහැකි තත්වය යටතේ වැඩ බලන සභාපති වශයෙන් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පත් කර ගත්තේය.
එය නොපිළිගත් සිරිසේන පාර්ශ්වය පසුගිය අප්‍රේල් 21 වැනිදා පක්ෂයේ විධායක සභාව රැස්කොට අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත්කර ගත්තේය. ඒ අනුව දැන් ශ්‍රීලනිපට වැඩබලන සභාපතිවරු දෙදෙනෙක් සිටිති. ඒ දේශපාලන මණ්ඩලය විසින් පත්කරනු ලැබූ නිමල් සිරිපාල ද සිල්වා මහතා හා විධායක සභාව විසින් පත්කරනු ලැබූ විජයදාස රාජපක්ෂ මහතාය.
කොළඹ දිසා අධිකරණය ඉකුත් බදාදා මෛත්‍රීපාල සිරිසේන මහතාට නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අමතරව විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රීලනිප වැඩබලන සභාපති ලෙස කටයුතු කිරීමට එරෙහිවත් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතා ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කිරීමට එරෙහිවත් වාරණ නියෝග පැනවීය.
රාජපක්ෂ මහතා ශ්‍රීලනිප වැඩ බලන සභාපති ලෙස පත් කෙරුණු විට මෛත්‍රී විරෝධී පිලේ දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන්ට එරෙහි නඩු වලින් බේරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණ ඇමැති ධූරය හොබවන රාජපක්ෂ මහතා වැඩබලන සභාපති ලෙස පත්කොට ඇති බවය. දැන් අධිකරණ ඇමැති ධූරය හොබවන පුද්ගලයාට ද එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කොට ඇත.
දැන් පක්ෂයට ක්‍රියාකාරී සභාපතිවරයෙක් නැත. වැඩබලන සභාපතිවරු දෙදෙෙනකි. පක්ෂය පැහැදිලිව පිල් දෙකකට බෙදී ඇත. පක්ෂයේ ඉරණම දැන් ඇත්තේ අධිකරණය අතේය.
නිදහසින් පසු ගතවූ වසර 76න් වසර 40ක් තනිව හා සන්ධාන තනා රට පාලනය කළ මෙම පක්ෂය මේ තත්වයට පත්වූයේ 2014දී මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ නායකත්වයට අභියෝග කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුවය.
ඔහු 2015 ජනවාරි මාසයේදී ශ්‍රීලනිපයෙන් ඉවත් වන්නේ නැතිව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඔහු ජනාධිපතිවරණයෙන් ජයගත් පසු පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා ස්වේච්ඡාවෙන්ම තමන් හෙබවූ ශ්‍රීලනිප සභාපති ධුරයත් ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ධුරයත් ඔහුටම පැවරීය. තමන්ම ක්‍රියාත්මක කළ විධායක ජනාධිපති බලතල පිළිබඳ රාජපක්ෂ මහතා තුළ වූ අවබෝධය හා බිය ඊට හේතුවන්නට ඇත.
එහෙත් ජනාධිපතිවරණයෙන් පසුද ශ්‍රීලනිප තුළ පැහැදිලි බෙදීමක් තිබිණි. පාක්ෂිකයන් අති බහුතරය රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය ලෙස ගොනු වූ අතර පක්ෂයේ නාමයත් පාක්ෂිකයෝ සුළු පිරිසකුත් සිරිසේන මහතා යටතට පත්වූහ. 2016 දී බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිට වූ විට මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් ශ්‍රීලනිපයේ අති බහුතරය එම පෙරමුණට එක් වූහ. ඉන් පිරිසක් ඇමැතිකම් ගැනීම සඳහා යළි ශ්‍රීලනිප නායකත්වය පිළිගත්හ. කුමාරතුංග මහත්මිය ද සිරිසේන මහතාට සහාය දුන්නාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 340න් 230කට වැඩි සංඛ්‍යාවක් දිනා ගැනීමට රාජපක්ෂවරුන් යළිත් බලයට එමේ පෙර නිමිත්තක් විය. ඒ අනුව සිරිසේන මහතා එම වසරේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කොට මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයට පත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය එය නීති විරෝධි බවට තීන්දු කළද රාජපක්ෂවරුන්ට සමීප වීමේ සිරිසේන මහතාගේ අරමුණ ඉටුවිය. 2020 දී ශ්‍රී ලනිපයට පොදුජන පෙරමුණ යටතේ මහ මැතිවරණයට තරග කිරීමටද හැකිවිය.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සිරිසේන මහතා කොන්වන්නට විය. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම වැනි කටයුතු නිසා කුමාරතුංග මහත්මිය ද ඔහුගෙන් ඈත් වී සිටියාය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නයේදීද ගෝඨාභය ආණ්ඩුව ඔහු තනි කළේය. මේ නිසා සිරිසේන මහතා ආණ්ඩුව සමඟ උරණ විය. ආණ්ඩුවේ සිටින තම පක්ෂයේ ඇමැතිවරුන්ට එම ධූරවලින් ඉවත් වන ලෙසට ඔහු බල කළේය. ඇමැතිධුරවල රස දන්නා එම මන්ත්‍රීවරු එම බලපෑම් ගණන් ගත්තේ නැත.
මේ අරවුල නිසා සිරිසේන මහතා 2022දීද නිමල් සිරිපාල,මහින්ද අමරවීර ආදීන් පක්ෂ තනතුරුවලින් ඉවත් කළේය. ඔවුහු ඊට එරෙහිව අධිකරණයට ගියහ. 2022 ජුලි මාසයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ පසුද ඔහු ආණ්ඩුවේ සිටි තම පක්ෂයේ ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස කීවේය. කෙසේ වෙතත් පසුගිය වසරේ පැවැති පක්ෂ සංවත්සරයේ දී දෙපාර්ශ්වය යළි එක් වූහ. එහෙත් ප්‍රශ්න යටපත් වූවා පමණි. දැන් යළි ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය අරමුණු කරගෙන කටයුතු කරන බවක් පෙනේ. ඔහු තම විදේශ සංචාරවලට පොදුජන පෙරමුණේ පමණක් නොව විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුද කැඳවා ගෙන යයි. සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදලෙන් මුදල් දෙයි. මේ නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග සෘජු සබඳතා නොපවත්වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට කියා ඇති බව පුවත්පත්වල සඳහන් විය. විමධ්‍යගත අරමුදල් ප්‍රශ්නය නිසා සජබ තුළද ගැටලු මතුවී ඇති බව කියවේ. ඒ අනුව දැනට යළි මතුවී ඇති ශ්‍රීලනිප අර්බුදය පිටුපස ද එජාපය සිටින නිසාදෝ ශ්‍රීලනිපය ජනාධිපතිවරයා යටතට පත් කරන්නට නිමල් සිරිපාල පාර්ශවය උත්සාහ දරන බවට මෛත්‍රී පාර්ශ්වය චෝදනා කරයි.
අනෙක් අතට ආණ්ඩුවේ ඇමැති ධුර බාරගැනීම සම්බන්ධයෙන් තමන්ට චෝදනා කරන මෛත්‍රීපාර්ශවය ඇමතිවරයකුම දැන් වැඩබලන සභාපති වශයෙන් පත් කරගෙන සිටින බව නිමල් සිරිපාල පාර්ශ්වය පවසයි.
පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විජයදාස රාජපක්ෂ මහතා දැන් ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති නිසාද ගැටලු සහගත තත්වයක් උද්ගතවී ඇති බව පෙනේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස ඔහුට ශ්‍රීලනිප වැඩබලන සභාපති ධුරය දැරිය නොහැකි යැයි නිමල් සිරිපාල පාර්ශවය තර්ක කරයි. එසේම ඔහු ශ්‍රීලනිපයේ තනතුරක් දරන්නේ නම් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වශයෙන් තවදුරටත් කටයුතු කළ නොහැකි යැයි එම පෙරමුණේ මන්ත්‍රීවරු පවසති. එහෙත් ශ්‍රීලනිපය අර්බුදයට ලක්වීම දකින්නට පොදුජන පෙරමුණ කැමැතියැයි සිතිය හැකිය. එහෙයින් එම පෙරමුණ විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාමාර්ග නොගන්නට ද ඉඩ තිබේ.
කෙසේ වෙතත් මේ ප්‍රශ්නයට අදාළ කවුරුන් හෝ තනතුරු හා බලය හැර ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගන්නේ ද යන්න සැක සහිතය.
(*** එම්.එස්.එම්. අයුබ්)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සත්‍යය අසත්‍යයට පාවාදීම
Nimal Saturday, 27 April 2024 09:26 PM
ජනතාවගේ පැත්තෙන් නොව ඔවුන්ගේ (දේශපාලකයින්ගේ) තනතුරු ආරක්ෂා කරගැනීමට හා බලය වෙනුවෙන් කරන්නා වූ සටනක්, එක්සත් ජාතික පක්ෂයෙන් SWRD වෙන්ව ගොස් සඟ, ගොවි, වෙද, ගුරු, කම්කරු තියරිය ක්‍රියාත්මක කරමින් ආරම්භ කරන ලද දේශපාලන මතවාදය එදා සිට අද දක්වාම මෙම බෙදීම් (ජාතක ආගමික සහ දේශපාලනික) ගැටලුව නොවෙනස්ව විවිධ ස්වරූපයෙන්, විවිධ මතවලින්, විවිධ පුද්ගලයින් විසින් ඔවුන්ගේ බලය තහවූරු කරගැනීම පිණිස අවස්ථාවාදීව යොදාගනිමින් සිටියි. එමනිසා රටේ පුරවැසියන් වර්තමාන දේශපාලකයින්ගේ අවුරුදු 76ක සිට රාගමින් පවතින මෙම නාටක තවදුරටත් නැරඹීමට සූදානම් නොමැති බව අරගලයකින් පැහැදිලි පණිවිඩයක් ලබාදී ඇත.