IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ස්ත‍්‍රී දූෂකයන් ළමා අපචාරකරුවන් නීතිය හමුවට ගෙන එන විශ්මිත පරීක්ෂණය

01pg21d--TAKSALAWA-pgs  

මානව අනන්‍යතාවේ කාබන් කොපිය ඞීඑන්ඒ ලෙස ලොව විද්‍යාඥවරුන් හඳුන්වති. එම හැඳින්වීම සාක්ෂාත් කරවමින් ඞීඑන්ඒ විද්‍යාත්මක ක‍්‍රමවේද මගින් ලබාදෙන විස්මිත ප‍්‍රතිඵල හමුවේ අපරාධකරුවන්ට නිරුත්තරවීමට සිදුවී ඇත. කාලයෙන් කාලයට ඞීඑන්ඒ ආශි‍්‍රතව ලොව පුරා සිදුකෙරෙන පර්යේෂණයන්ය. ඒවායේ සාර්ථකත්වය හරහා සිදුකෙරෙන පරික්ෂණ අපරාධකරුවන් මට්ටුකිරීමට සමත්වෙති. අව කළ ඞී.එන්.ඒ.


ඩිෆරන්ෂියල් ඞීඑන්ඒ එක්ස්ට‍්‍රැක්ෂන් (Differential DNA Extraction) ක‍්‍රමවේදය ලොව සොයා ගත්තේ කාලයකට ඉහතදීය. සාම්ප‍්‍රදායික ඞීඑන්ඒ තාක්ෂණයෙන් බැහැරවූ මේ ක‍්‍රමවේදය හේතුවෙන් අපරාධකරුවන්ට නීතිය හමුවේ ගැලවී යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

3
සාම්ප‍්‍රදායික ඞීඑන්ඒ තාක්ෂණයෙන් බැහැර වුණ මෙම ක‍්‍රමවේදය ශ්‍රී  ලංකාවට සරිලන්නේද යනුවෙන් සොයා බැලීමේ දීර්ඝ පරික්ෂණයක ජින්ටෙක් ආයතනය නිරත විය. එම පරික්ෂණය සාර්ථක වීමත් සමගම එය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමි විය. එහි සාර්ථක ප‍්‍රතිඵල හමුවේ ස්තී‍්‍ර දූෂකයන්ට ළමා අපචාරකරුවන්ට නීතිය හමුවේ හඳුන්වා දීමේ මේ විස්මිත පරික්ෂණයේ හාස්කම් නුදුරු අනාගතයේදී යුක්තිය පසිඳලීමේ කි‍්‍රයාදාමය හමුවේදී සනාථ වනු ඇත.
ඩිෆරන්ෂියල් ඞීඑන්ඒ එක්ස්ට‍්‍රැක්ෂන් ක‍්‍රමවේදය සම්බන්ධව මෙතැන් සිට දැනුම්වත් කරනුයේ ජින්ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම මහතාය.


පසුගිය වසර දොළහක කාලයේ ශ්‍රී ලංකාවේ සිදුවුණ අපරාධ 3,800 කට අධික සංඛ්‍යාවක් සඳහා ඞීඑන්ඒ තාක්ෂණය සාර්ථකව යොදා ගැණුනි. මිනීමැරුම්, ස්තී‍්‍ර දූෂණ, ලිංගික අපචාර, සොරකම් ඇතුළු විවිධ වර්ගයේ අපරාධවලදී ඒවා සිදුකරන ලද පුද්ගලයන්ගේ අනන්‍යතාව ඉතා නිවැරැුදිව විද්‍යාත්මකව සනාථ කිරීමට ඞීඑන්ඒ පරික්ෂණ ලබා දෙන්නේ අමිල දායකත්වයකි. එම නිසා අපරාධ විමර්ශනයේදී අති සාර්ථක මෙවලමක් ලෙස අප රටේ යොදාගනු ලැබේ. පුද්ගලයෙකුගේ ප‍්‍රවේණිත ද්‍රව්‍ය ඞීඑන්ඒ යන රසායන ද්‍රව්‍ය යොදාගෙන කෙරෙන මේ හඳුනා ගැනීම ඉතා නිවැරැුදිය. ඒ නිසාම නීතිය හමුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට අපරාධකරුවකුගේ අනන්‍යතාවය තහවුරු කළ හැකිය.


මේ නිසා අපරාධ පරික්ෂණයේදී ඊට අදාළව එකතු කරනු ලබන ඞීඑන්ඒ ජෛව සාක්ෂිවලින් ලබාදෙන නිගමන සඳහා අධිකරණයේදී ලැබෙනුයේ ඉතා ඉහළ වටිනාකමකි. මෑත කාලයේ මෙරට සිදුවුන අපරාධවල සුලභත්වය මෙන්ම ප‍්‍රචණ්ඩත්වයද ඉහළ අගයක් ගනී. මෑතදී සිදුවුන මිනීමැරුම් සහ ස්තී‍්‍ර දූෂණවලදී මෙම තත්ත්වය වඩාත් ඉස්මතුව පෙනුණි. සාමාන්‍ය ස්තී‍්‍ර දූෂණයකදී හෝ ලිංගික අපචාරයකදී අපරාධය සිදුවූ ආකාරය පිළිබඳව සෘජු සාක්ෂි (Direct evidence) එනම් ඇස දුටු හෝ සීසීටීවී කැමරා සාක්ෂි නොමැති නම් අපරාධය කළ අය කවුරුන්දැයි හඳුනාගැනීම සඳහා එම අපරාධ වින්දිතයා විසින් ඉදිරිපත් කරන වාචික සාක්ෂි නඩු විභාගයට යොදා ගැනීමට හැකිවෙයි.


නමුත් නීතිය හමුවේ එසේ ඉදිරිපත් කරන වාචික සාක්ෂිවල සත්‍ය හෝ අසත්‍ය බවට සිද්ධියට අදාළ පරිවේෂණය සාක්ෂි ලෙස පවතින විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු කිරීම ඉතා වැදගත්ය. එවැනි අපරාධයක සැකකරු විසින් තමන් අපරාධය කළා යැයි පිළිගත්තද නොපිළිගත්තද එම සිදුවීමට ඔහු නිසැකවම සම්බන්ධ වූ බවට විද්‍යාත්මකව ඔප්පු කිරීමේදී ඞීඑන්ඒ ජෛව සාක්ෂිවලට ලැබෙන්නේ ඉහළ වටිනාකමකි.

33
සාමාන්‍යයෙන් ස්තී‍්‍ර දූෂණයකදී මෙවැනි ඞීඑන්ඒ ජෛව සාක්ෂි ගණනාවක් පරික්ෂණ කටයුතු සඳහා යොදාගත හැකිය. මේ අතරින් වින්දිතයාගේ ශරීරය මගින් ලබාගන්නා ජෛව තරල සහිත සාම්පල තුළ සැකකරුගේ ඞීඑන්ඒ ඇති බවට ඔප්පු කළ හැකි නම් එය සැකකරු නියම අපරාධකරු බවට සනාථ කළ හැකි සාක්ෂියකි. එසේ සාර්ථකව යොදාගත හැකි එම සාම්පලය පිළිබඳව උදාහරණයක් දැක්වුවහොත් යෝනි මාර්ගයෙන් ලබා ගන්නා තරල සාම්පලයයි. කාන්තාවක් ස්තී‍්‍ර දූෂණයට ලක්වීමෙන් පසු ඇය අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා යොමු කෙරෙයි. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් වින්දිත තැනැත්තියගේ යෝනි මාර්ගය තුළින් අදාළ ජෛව සාම්පලය විද්‍යාත්මක ක‍්‍රමවේදය අනුගමනය කරමින් ලබා ගෙන ඞීඑන්ඒ සාක්ෂියක් ලෙසට ඉදිරිපත් කරනු ලබයි. මෙසේ ලබාගන්නා සාම්පලය තුළ සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙකුගේ ඞීඑන්ඒ සහිත ජෛව ෙසෙල අඩංගු වෙයි. (එක් අයකු අපරාධයට ගොදුරු වූ වින්දිතයාය. සෙසු පුද්ගලයා අපරාධය කළ තැනැත්තාය) ඞීඑන්ඒ විද්‍යාගාරයකදී පුද්ගලයන් දෙදෙනකුගේ මෙවැනි ජෛව ද්‍රව්‍යය මිශ‍්‍රණය සහිත සාම්පලයක් සාමාන්‍ය සාම්ප‍්‍රදායික ඞීඑන්ඒ තාක්ෂණ ක‍්‍රමවේදය අනුගමනය කිරීම  මගින් පරික්ෂණයකට භාජනය කළහොත් ඉන් ලැබෙන්නේ පුද්ගලයන් දෙදෙනකුට අයත් ඞීඑන්ඒ රටාවල මිශ‍්‍රණයකි. මෙම ඞීඑන්ඒ රටාව පුද්ගලයන් දෙදෙනෙකුගේ ඞීඑන්ඒ වල මිශ‍්‍රණයක් බැවින් එය භාවිත කර කෙළින්ම අපරාධකරුවාගේ අනන්‍යතාව ඔප්පු කිරීම විද්‍යාත්මකව තරමක අභියෝගයයි.


එම නිසා එවැනි පරික්ෂණයක සාර්ථකත්වය රඳා පවතිනුයේ එම සාම්පලයෙන් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ ඞීඑන්ඒ එකිනෙකින් වෙන්කර ඞීඑන්ඒ රටා දෙකක් ලබා ගැනීමට හැකිවුවහොත් පමණි.


යෝනි මාර්ගයෙන් ලබා ගන්නා පිස්නයක අඩංගු වන ඞීඑන්ඒ හි ප‍්‍රභවයන් ලෙස කි‍්‍රයා කරන ජෛව ද්‍රව්‍යයන් බොහෝය. ඉන් එකක් වින්දිතගේ යෝනි මාර්ග අවිච්ඡුද ෙසෙලයි. ඊට අමතරව වින්දිත තැනැත්තාගේ රුධිර ෙසෙල තිබිය හැක. එම ෙසෙල වර්ග දෙකට අමතරව මෙම විස්නයේ අපරාධකරුගේ ශුක‍්‍රාණු ෙසෙල යම් ප‍්‍රමාණයක් අඩංගු විය හැකිය. මෙම ජෛව ද්‍රව්‍ය වලින් ජනිත වන ඞීඑන්ඒ රටාවන් එකිනෙකින් වෙන්කර ගන්නේ කෙසේද ඒ සඳහා භාවිතයට ගන්නා විවිධ ක‍්‍රම කිහිපයක් ඇතත් වඩාත්ම පහසුම සහ ශ්‍රී ලාංකිකයින්ගේ සිරුරේ රසායනික තත්ත්වයන් හා බාහිර පාරිසරික තත්ත්වයන්ට වඩාත් ගැළපෙන සුදුසු ක‍්‍රමය ලෙස අවකල ඞීඑන්ඒ නිස්සාරණය - ඩිෆරන්ෂියල් ඞීඑන්ඒ එක්ස්ට‍්‍රැක්ෂන් (Differential DNA Extraction) - නැමැති රසායනික ක‍්‍රමය හැඳින්විය හැකිය.


ඞීඑන්ඒ පරික්ෂණයක ප‍්‍රථම පියවර වන්නේ ජෛව සාම්පල වලින් ඞීඑන්ඒ වෙන්කර ගැනීමයි. එය ඞීඑන්ඒ නිස්සාරණයයි. අවකල ඞීඑන්ඒ නිස්සාරණයේ යෝනි මාර්ගයෙන් ලබා ගත් පිස්නයකින් ගැහැනු වින්දිතගේ ෙසෙලවලින් පිරිමි අපරාධකරුට අයත් ශුක‍්‍රාණු ෙසෙල රසායනිකව වෙන්කර ගත හැකිය. එලෙස හැකිවී තිබෙන්නේ මිනිස් ශුක‍්‍රාණු ෙසෙලයක පවතින විශේෂ ගුණාංගයක් නිසාය. මනුෂ්‍ය ශුක‍්‍රාණු ෙසෙලයක හිස මනුෂ්‍ය අපිට්ඡුද ෙසෙල හෝ රුධිර ෙසෙලයකට වඩා දැඩි බවින් යුතුය. මෙම ෙසෙල වර්ග දෙකෙහි පවතින මේ වෙනස අවකළ ඞීඑන්ඒ නිස්සාරණය කිරීමේ මූලික පදනමයි. මෙසේ ජෛව ද්‍රව්‍ය මිශ‍්‍රණය සහිත යෝනි මගින් ලබාගත් ඞීඑන්ඒ සාක්ෂියක් මගින් පියවර දෙකකදී රසායනිකව ඞීඑන්ඒ නිස්සාරණය කරනු ලැබේ.


ඉන් පළමු පියවරේදී දැඩි බවින් අඩු ස්තී‍්‍ර වින්දිතට අයත් අපිච්ඡුද ෙසෙල හා රුධිර ෙසෙල වලින් ජනිත වන ඞීඑන්ඒ වෙන්කර ගැනීම සිදුවෙයි.දෙවැනි පියවරේදී දැඩි බැවින් වැඩි පිරිමි අපරාධකරුට අයත් ශුක‍්‍රාණු ෙසෙල තුළින් ඔහුගේ ඞීඑන්ඒ ලබා ගැනීම සිදුවෙයි. මීළඟ පියවර වන්නේ මෙසේ ලබාගත් ඞීඑන්ඒ නිස්සාරණ දෙක ඞීඑන්ඒ පරික්ෂණවලට යොමු කිරීමයි. එවිට එකිනෙකින් වෙන්ව පුද්ගලයන් දෙදෙනකුට අයත් ඞීඑන්ඒ රටා දෙක ලබා ගැනීමට හැකිවෙයි.


සාම්ප‍්‍රදායික ඞීඑන්ඒ ක‍්‍රමවේදයේදී ජෛව සාම්පල වලින් ඞීඑන්ඒ නිස්්සාරණය කරනුයේ තනි පියවරකින්ය. එහිදී ෙසෙල වර්ග අතර ඇති වෙනස්කම රසායනිකව සැලකීමට ලක් කරන්නේ නැත.


එම නිසා වින්දිතයාගේ සහ අපරාධකරුගේ ෙසෙල වර්ග කීපයක් තිබෙන ජෛව සාම්පලයේ ජනිත වන්නේ තනි ඞීඑන්ඒ රටාවක් නොව රටා දෙකක මිශ‍්‍රණයකින්ය. තනි රටාවක් ලබාගත හැකිවන්නේ නම් ඒවා එකිනෙක සැකකරුවන්ගේ ඞීඑන්ඒ රටා සමඟ සන්සන්දනය කරමින් ගැළපීමක් වෙතොත් පුද්ගලයන් හඳුනාගැනීම ඉතා පහසුය.


අවකල ඞීඑන්ඒ තාක්ෂණය මෑතකදී සාර්ථකව යොදාගත් උදාහරණ ඉදිරිපත් කළ හැකිය. ලිංගික අපචාරයක් සිදුවුණ ස්ථානයක තිබී කොට්ට උරයක් හමුවිය. එම කොට්ටඋරය මත වින්දිතගේ ශරීරයෙන් ගලා ගිය රුධිරය සහිත පැල්ලමේ තිබුණ ඞීඑන්ඒ පරික්ෂණය සඳහා යොදා ගන්නා ලදී. මෙම පැල්ලම තුළ අපරාධකරුගේ ශරීරයෙන් නිකුත් වුණ ශුක‍්‍රාණු ෙසෙල ඉතා අල්ප ප‍්‍රමාණයක් අඩංගු විය. අවකල ඞීඑන්ඒ නිස්සාරණය මගින් යෝනි මාර්ගයෙන් ලබාගත් සාම්පලයන් ලෙසටම ඉහළම සාර්ථකත්වයකින් මෙම රුධිර පැල්ලම් තුළින් අපරාධකරුගේ ඞීඑන්ඒ රටාව මතුකර ගත හැකි විය.


නීතිය හමුවේ ඉදිරියේදී ගෙනහැර දැක්වෙන ඞීඑන්ඒ සාක්ෂි බොහොමයක් මෙම අවකල ඞීඑන්ඒ තාක්ෂණය යොදාගැනීම හේතුවෙන් සාර්ථකව අපරාධකරුවන් හඳුනා ගැනීමට හැකිවූ අවස්ථාවක් සඳහා උදාහරණ වනු ඇත.


ශ්‍රී ලංකාවේ අපරාධ පරික්ෂණ සඳහා ඞීඑන්ඒ තාක්ෂණය යොදාගැනීමට අදාළ තොරතුරු සඳහා www.ruwanilleperuma.info වෙබ් අඩවියට පිවිසීමට හැකිය.


M



අදහස් (0)

ස්ත‍්‍රී දූෂකයන් ළමා අපචාරකරුවන් නීතිය හමුවට ගෙන එන විශ්මිත පරීක්ෂණය

චාමික Wednesday, 12 November 2014 02:32 AM

ජාතික ජෛවතාක්ෂණ ප්‍රතිපත්තිය සම්මතවෙලා අවරුදු දෙකක් ගතවෙලත් අධිකරණ කටයුතු සඳහා ලබාගන්න ඩී.එන්.ඒ. වාර්තාවන් පරීක්ෂණ හා ක්‍රමාංකන විද්‍යාගාර සදහා වන අයි.එස්.ඕ 17025 ප්‍රමිතිය වත් පවත්වාගෙන නොයන භාහිර ආයතයක් හරහා ලබාගැනීමට සිදු වීම කණගාටුවක්.(දිල්)

:       0       0

ජයලත් Tuesday, 11 November 2014 04:05 PM

මේ වගේ අලුත් තාක්ෂණයක් අපේ රටට ගෙන ඒම ගැන ඔබට ස්තුතියි ! (බ)

:       0       0

බක්ති Thursday, 13 November 2014 06:24 AM

ස්ත්‍රී/ළමා දුෂණ අපරාද කරුවන්ව හඳුනා ගැනීම පහසු වෙනවා මේ මගින් .අනික අපරාද කරුවන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි.(හේ)

:       0       0

ලක්ෂිත - පැරිසිය Thursday, 13 November 2014 07:51 PM

භක්ති, ඔයාට පිස්සුද? අපේ රටේ බහුතරයක් ඉවරයි ඔය කියන දේවල් කළොත් (නි)

:       0       0

නිමන්ත Saturday, 15 November 2014 11:32 AM

ඇත්තටම හොද පරික්ෂණයක්.සුභ පැතුම්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 66 0

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 56 0

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 25 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


අනුරපුර සිට මහනුවරට දළදා වහන්සේ වැඩි ගමන් මග
2025 අප්‍රේල් මස 22 61 0

මහනුවර දළදා මැදුරේ තැන්පත් කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ යටි හනුවේ වම් දන්ත ධාතුන් වහන්සේය. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු ගෙන ආ කුඩා කරඬුව මැදිකර මේ වන ව


ජාත්‍යන්තර සබඳතා කෙසේ විය යුතුද?
2025 අප්‍රේල් මස 22 36 0

ජනතා විමුක්ති පෙරමුණ කේඩරවාදී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය බිහි වෙන්නේ කිසියම් දුරට චීන කොමියුනිස්ට්වාදය නැතිනම් මාඕවාදය පදනම් කරගෙනය. මේ සන්දර්භයේ ඉන්


පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 551 1

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 580 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site