ඕස්ටේ‍්‍රලියාවේ හෝබාට් හිදී මැල්බන් නගරයේ දී අපේ ජාතික ගීය ගැයුනේ ඒ අන්දමිනි. ඒ ඕස්ටේ‍්‍රලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත් වුණු පළමුවැනි හා දෙවැනි ටෙස්ට් තරගවල දී ය. ඕස්ටේ‍්‍රලියාවේ සිට මේ සිද්ධිය පිළිබඳව එවන ලද වාර්තාව ”ලංකාදීප”යේ පළවූ පසු සිඞ්නිවල පැවැති තුන්වැනි තරගයේ දී නිවැරදිව ගීතය ගයන ලදී.
සෑම රටක්ම තම ජාතික ධජය හා ජාතික ගීය සලකනු ලබන්නේ අතිශුද්ධ වස්තූන් ලෙස ය. ඒ දෙකම ජාතික අභිමානයේ සංකේතයන් වේ.
මේ බරපතළ වරද පිළිබඳ වගකීම බාරගත යුත්තේ කවුද? අතිවිශාල ධනස්කන්ධයකට හිමිකම් කියන ක‍්‍රිකට් පාලක මණ්ඩලය ද? නැත්තම් එහි අනුග‍්‍රහය ලබන යම් කිසි සංවිධානයක් දැයි අපි නොදනිමු. එහෙත් තුන්වැනි වතාවේ දී හෝ නිවැරදිව ජාතික ගීය ගායනය කිරීම ගැන අපි සතුටු වෙමු.
මේ ලිපිය ලියන්නට පටන්ගත්තේ ඕස්ටේ‍්‍රලියාවේ සිදුවූ වැරැුද්ද විස්තර කිරීමට නොවේ. කි‍්‍රකට් ක‍්‍රීඩාව හා දුප්පත් රටවල් අතර ඇති පරතරය පිළිබඳ විමර්ශනයක් කිරීමටයි.
අද අපට නිතර අසන්නට ලැබෙන්නේ ක‍්‍රිකට් ලෝක කුසලාන සහ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග යනාදී ප‍්‍රවෘත්තිය. මේ ක‍්‍රිකට් ලෝකය තියෙන්නේ කොහේදැයි අපි පරීක්‍ෂාකර බලමු.
පළමුවැනි පෙළේ ක‍්‍රිකට් ලෝකයට රටවල් 11ක් ඇතුළත් වෙයි. දකුණු ආසියාවෙන් හතරකි.
ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව. අප‍්‍රිකාවෙන් රටවල් තුනකි. දකුණු අප‍්‍රිකාව, සිම්බාබ්වේ, කෙන්යාව. පැසිපික් කලාපයෙන් දෙකකි. ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තය. යුරෝපයෙන් එක රටකි. එනම් ක‍්‍රිකට් උපන් එංගලන්තයයි. දකුණු ඇමෙරිකානු කලාපයෙන් කුඩා ¥පත් සමූහයක් බටහිර ඉන්දීය කොදෙව් යන නමින් හැඳින්වෙන කණ්ඩායමක් පිහිටුවාගෙන ඇත.
ඉහත කී දත්ත අනුව බලනවිට ක‍්‍රිකට් ක‍්‍රීඩාව බි‍්‍රතාන්‍ය යටත් විජිතවාදයේ ‘‘නෂ්ඨාවශේෂයක්’’ මිස පාපන්දු, හොකී, මළල ක‍්‍රීඩා වැනි ජාත්‍යන්තර ක‍්‍රීඩාවක් නොවේ.
කෙසේ වුවද ඉංග‍්‍රීසින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව හැඳින්වූයේ ‘‘මහත්වරුන්ගේ ක‍්‍රීඩාවක්’’ ලෙසිනි. එහි එක්තරා සත්‍යයක් තිබුණි. ඉවසීම, පරෙස්සම, ඇස හුරුකර ගැනීම, ජය පරාජය එකසේ පිළිගැනීම හා විනය ගරුකවීම ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අත්‍යාවශ්‍ය අංග ලෙස සලකනු ලැබීය.එහෙත්, එක්තරා අයිරිශ් ජාතික පඬිවරයෙක් වරක් පැවසූයේ සමච්චලයෙන් ”ඉංග‍්‍රීසිකාරයාගේ තකතීරුකම ඔවුන්ගේ ජාතික ක‍්‍රීඩාවෙන්ම ඔප්පුවේ. හොඳ ශක්තිමත් මිනිසුන් 22 දෙනෙක් දවස් පහක් පුරා බෝලයක් පිටුපස දුවයි”
පසුගියදා පාර්ලිමේන්තුවේදී කි‍්‍රකට් පිළිබඳ ඇතිවූ විවාදයකට අපි සවන් දුන්නෙමු. එහිදී එක ”සතුටුදායක” ප‍්‍රවණතාවයක් දකින්නට ලැබුණි. එනම් සෑම ප‍්‍රශ්නයකදීම (ශ්‍රී ලංකාවට එල්ලවී ඇති ජාත්‍යන්තර තර්ජනවලදී පවා) දෙපසට වී වාග් සංග‍්‍රාමයේ යෙදෙන ආණ්ඩු හා විපක්‍ෂ කණ්ඩායම් ”ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උත්තරීතරභාවය ගැන” එක හඬින් එකඟවීමය.
දැන් ආන්දෝලනාත්මක වී ඇත්තේ අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ගෙවන ”සොච්චම්” වැටුප පිළිබඳවය. ඒ මුදල ගෙවන්නේ රුපියල්වලින් නොව ඇමෙරිකානු ඩොලර්වලිනි. 1977 දී රුපියල් 15ක් වූ ඇමෙරිකානු ඩොලරය එදා පටන් ක‍්‍රමක‍්‍රමයෙන් ”පාවී” අද රුපියල් 125 සීමාව ද ඉක්මවා තිබේ. එමනිසා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ වැටුප රුපියල් මිලියන ගණනක්වීම ගැන ඔවුන් වගකිවයුතු නැත.
ශ්‍රී ලංකාව තරම් ක‍්‍රිකට් කී‍්‍රඩාවට කැපවූ රටක් ”ක‍්‍රිකට් ලෝකයේ” නැතැයි කිවහොත් වැරදිද? මම පහළොස් වසරක් පමණ ඉන්දියාවේ ජීවත් වුණෙමි. දැනට විසි එක් වසරක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටිමි. වරින් වර එංගලන්තයට ද ගිය අතර එංගලන්තයේ පුවත්පත් ද නිතරම කියවමි. මේ එකම රටකවත් පාසල් ළමුන්ගේ ක‍්‍රිකට් පිළිබඳව මාධ්‍ය වාර්තා දකින්නට නොලැබේ. ඉඳහිට ප‍්‍රාදේශීය පත‍්‍රයක අන්තර් පාසල් තරගයක් පිළිබඳ තීරු භාගයක පමණ කෙටි විස්තරයක් දකින්නට ලැබේ. පාසල් ළමයින්ගේ ක‍්‍රිකට් ක‍්‍රීඩා පිළිබඳ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්ගෙන් ”දැවැන්ත ප‍්‍රචාරයක්” ලබාදෙන එකම රට ශ්‍රී ලංකාවයි. නගරයක් නගරයක් පාසා පැවැත්වෙන ”බිග් මැච්” මේ වනවිට නව සංස්කෘතියක් බවට පත්ව තිබේ.
සෑම ආනන්දxනාලන්ද ක‍්‍රිකට් තරගයටම සමරු කලාපයක් නිකුත් වේ. එහි කණ්ඩායම් විස්තර, අතීත වාර්තා පමණක් නොව කවි හා විරිඳු ද පළවේ. මීට දශක පහකට පෙර එබඳු කලාපයක පළවූ සාගර පලන්සූරිය කවියාගේ කවි පන්තියෙන් සමහර පද මට දැනුත් මතකය.
”අප ආනන්දය අප නාලන්දය වෙනදා එක පිල අද දෙපිලයි”
”හෙල බොදු පාසල්
දෙක වෙන පාසල්
වගේ නොවෙයි
ඉහළයි ඉහළයි”
”කවුරුන් දිනුවත්
අප දිණුවාමයි
ඒකයි අපි ජය පැන් බොන්නේ”
දෙසතියකට පෙර පැවති ”සුලෝහිත සංග‍්‍රාමයෙන්” පසු ඇතිවූ ”සංග‍්‍රාමය” දුටුවේ නම් සාගර කොතෙක් කම්පාවෙනු ඇත්ද?
සෑම ”බිග් මැච්” එකකදීම මෙබඳු සිද්ධීන් අඩු වැඩි වශයෙන් දකින්නට ලැබේ. අද කි‍්‍රකට් ක‍්‍රීඩාව ඕවර් 50 සහ ඕවර් 20 යනාදී වශයෙන් ”අවප‍්‍රමාණ” වී ඇත. බෝලයට පහරදීමට ”ඇස හුරුකරගැනීම” තවදුරටත් වලංගු නැත. පරෙස්සම සහ ඉවසීම පිටියෙන් ඉවතට විසිවී තිබේ.
බුකිකාරයන් විස්සෙන් විස්ස ක‍්‍රිකට් තරග තුළ ”හොල්මන්” කිරීම රහසක් නොවේ. අති දක්‍ෂ ප‍්‍රකට ක‍්‍රීඩකයන් රාශියක් මුදලට තරග පාවාදීමේ වරදට දඬුවම් ලබා ඇත.
ක‍්‍රීඩකයන්ට කොතරම් දඬුවම් කළත් බුකී හිමියන්ට දඬුවම් දීමේ යාන්ත‍්‍රණයක් ”ක‍්‍රිකට් ලෝකයේ” රටවල් 11 තුළම නැත.
කෙසේ වුවද දකුණු ආසියාවේ රටවල් හතර හැරුණුවිට අනෙක් රටවල් හතේම ”ක‍්‍රිකට් වියරුවෙන්” අනෙකුත් ක‍්‍රීඩා විනාශ කරගත් බවට වාර්තාවක් නැත. ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, අපි‍්‍රකානු රටවල් පමණක් නොව බටහිර ඉන්දියානු කොදෙව් ද ඔලිම්පික් තරගවලදී විශිෂ්ට වාර්තා පිහිටුවති.
අති දීර්ඝ කාලයක් ඔලිම්පික් තරගවල දී හොකී රන් පදක්කම දිනාගනු ලැබුවේ ඉන්දියාවයි. 1948න් පසු ඉන්දියානු උපමහද්වීපය දෙකට බෙදුණු ඉක්බිති 1972 දක්වා ඉන්දියාව හා පාකිස්ථානය මාරුවෙන් මාරුවට රන් පදක්කම දිනාගත්හ. එහෙත් 1976න් පසු හොකී රන් පදක්කම බටහිර රටවල් ඩැහැගන්නා ලදී.
ශ්‍රී ලංකාව කාලයක් මළල ක‍්‍රීඩා අතින් විස්කම් පෑ රටකි. 1948 නිදහස ලැබෙනවාත් සමග ඩන්කන් වයිට් කඩුළු පැනීමේ ඔලිම්පික් රිදී පදක්කම හිමිකර ගත්තේය. ඉන්පසු වර්ෂ 2000දී සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් රිදී පදක්කමක් දිනාගන්නීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ටම ක‍්‍රීඩා වාර්තාව පිහිටුවන ලද්දේ බණ්ඩාරවෙලින් බිහිවුණු රෝසා නමැති ක‍්‍රීඩකයා විසිනි. බැංකොක් නුවර පැවති ආසියානු මළල ක‍්‍රීඩා උළෙලේ දී (මුළු ආසියාවේම රටවල් නියෝජනය කළ) රෝසා මීටර් 5000 තරගය ජයගත්තේ (පාවහන් නොපැළඳ) පේ‍්‍රක්ෂකයන් මවිත කරමිනි. ඊට දින දෙකකට පසු ඔහු මීටර් 10,000 තරගයේ ද ධාවනය කළේ ද පාවහන් නොමැතිවය.
එම තරගයේ අවසාන වටයට ඔහු එළැඹෙත්ම ඔහු අනෙක් ක‍්‍රීඩකයන්ට වඩා සෑහෙන දුරක් ඉදිරියෙන් සිටියේය. මුළු පේ‍්‍රක්ෂකාගාරයම අසුන් වලින් නැගිට
![]() |
ප‍්‍රවීණ මාධ්‍යවේදී ඇස්. පියසේන |
‘‘රෝසා” ”රෝසා’’ යනුවෙන් ඔල්වරසන් දුන්හ.
ආසියානු තරගවල දී සුගත් තිලකරත්න හා දමයන්ති දර්ශා වැනි කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් දැක්වූ දස්කම් අද බොහෝ දෙනාට අමතකය.
ඔලිම්පික් ක‍්‍රීඩාවක දී පදක්කමක් දිනාගැනීම රටවල් දුසිමක්වත් නැති ක‍්‍රිකට් ලෝකයේ ‘‘ලෝක කුසලානක්’’ දිනාගැනීමට වඩා නොවටී ද?
ශ්‍රී ලංකාව දැන්වත් ක‍්‍රිකට්වලට දෙන සැලකිල්ල තරමින් හෝ සැලකිල්ලක් හා අනුග‍්‍රහයක් අනෙකුත් ක‍්‍රීඩාවලටත් නොදුනහොත් අපේ මතු පරම්පරාවට ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ තැනක් නොලැබෙනු ඇත.
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිදුරුවී හුළං බසින මහත්වරුන්ගේ කී‍්‍රඩාව කි‍්‍රකට්
මාලක Monday, 25 March 2013 10:45 AM
ක්‍රකටි ගහන සුද්දන්ගේ රටවල අංක 1 පාපන්දු. 2 රගර්, 3 හෝ 4 ක්‍රිකටි. හේතුව ක්‍රිකට් වලට යන කාලයයි. අපි වගේ කම්මැලිකමට හුරු වුන රටවල් වලට ක්‍රිකට් හොදයි ඉතින්.(නදී)
දෙවිමිනි-ස්වීඩන් Tuesday, 26 March 2013 03:03 AM
සම්පුර්ණ ඇත්ත. මෙහෙ සුද්දෝ හිනාවෙනවා කාලේ කන ක්‍රීඩාවක් කියලා ක්‍රිකට් වලට. අපේ රටේ නිවාඩු දාලා පැය ගනන් දවස් ගනන් කාලේ කනවා. මෙහෙ එහෙම නැහැ (නි)
සෙනරත් Monday, 25 March 2013 12:50 AM
ස්තුතියි අපේ නැනස පෑදුවට. මේ ක්‍රිකට් මායාව ලංකාව බිලි අරගෙන.(නදී)
පිටිගල Tuesday, 26 March 2013 06:33 PM
ක්‍රිකට් ලංකාවේ තහනම් කර ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය අනෙක් ක්‍රීඩා ජනප්‍රිය කළයුතුයි. (නි)
රීටා Thursday, 28 March 2013 02:27 PM
ජයග්‍රහණ ගැන සළකද්දී නම් ක්‍රිකට් කියන්නේ ලොව ජනප්‍රියතම දෙවන ක්‍රීඩාව. (නි)
යොහාන් Sunday, 24 March 2013 06:32 PM
ක්‍රිකට් වලට හරිම අපලයි (දී)