වසර 62 කට පෙර ලංකා අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‍ඩාරනායක ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සම්මතයේ පවතින කතාව බොහෝ දෙනා දනිති. කෙසේ වුවද කරණුවලට අදාළ සිද්ධස්ථාන හේතු සහ සැබවින්ම එය කළේ කවුද යන කුමන්ත්‍රණයට අදාළ මතවාද සම්බන්ධයෙන් ඒ සැම දෙනා දරන්නේ එකිනෙකාට යම්තමින් වෙනස් වූ මතයකි. එවකට ඉපදී නොසිටි හෝ ලාබාල වියේ පසුවූ අය ද වැඩිහිටියන්ගෙන් තොරතුරු අසාගෙන ඒ ගැන දැනුවත්ව සිටිති. කාලය ගෙවී යද්දී කට කතාවලට සහජයෙන්ම සංවේදීවන ශ්‍රී ලාංකිකයන් එයට තුන පහද එක් කොට රසවත් කොට ඇති බව අප විසින් සිතාගත යුතුවේ.
එවකට ලංකාවේ පොදුවේ පාලනයට අදාළ තත්ත්වයත් සාධු ගුණයත් නීතිමය ක්‍රියා පිළිවෙතක් අදට වඩා හොඳින් පැවැති බව පොදුවේ පිළිගැනේ. මෙකී යුක්ති සහගත විශ්වාසය ශක්තිමත් කරමින් තීන්දු කිරීම කරනු ලැබුවේ ශ්‍රේෂ්‍ඨාධිකරණයෙන් අපරාධ අභියාචනාධිකරණයෙනි. අපරාධ අභියාචනාධිකරණයෙන් තීන්දුව තහවුරු කරනු ලැබුවේය. එම තීන්දුව ලන්ඩනයේ ප්‍රිව් කවුන්සිලයෙන් පිළිගනු ලැබුවේය. එම නිසා යුක්තිය ඉටුකරන ලද්දේ වාස්තවිකව සහ අපක්ෂපාතී ලෙස යන මතය ප්‍රමුඛ ලෙස රැඳී පැවතුණේය.
කෙසේ වුවද බණ්ඩාරනායක නඩුව විමසන කාලයේත් ඉන් පෙරත් පසුවත් විවිධ මතවාද හා ආන්දෝලනයට තුඩු දෙන අර්ථ නිරුපණ පැතිරී ගියේය. නඩු කටයුතු පවත්වාගෙන යෑමට අදාළ ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකී ඝාතන චෝදනාවන්ගේ වරදකාරිත්වයට අදාළව ප්‍රශ්න ගැන නැගිණි. එහි ප්‍රතිඵලයක් ලෙස අනෙක් අයගේ වරදකාරිත්වය සම්බන්ධයෙන්ද ප්‍රශ්න පැන නැගේ.
කලකඩ පෙර සිදුවුණු සිත සසළ කළ සිදුවීම් පිළිබඳව ලිපි එක් එක් කාලවල දී පළකර තිබේ. එහෙත් ඒවායින් පෙර කී මතයම නැවත නැවත පළ වන අතර ඇතැම් විට සම්මත මතයම වඩාත් හැඟීම්බර ලෙස කියා පායි. එහෙත් උද්ගතව තිබුණු ආන්දෝලනාත්මක මත සම්බන්ධ ප්‍රමාණවත් පැහැදිලි කිරීම් මේ දක්වා කර නොමැත.
මෙම ලිපියෙන් විශේෂයෙන් එම ඝාතනය සම්බන්ධයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ ඉදිරිපත් වූ ඇසින් දුටු සාක්ෂි පදනම් කරගෙන සාධාරණ සැකයෙන් තොරව සෝමාරාම එම ඝාතනය සිදු කොට ඇත්තේ ද යන ආන්දෝලනයට තුඩුදුන් වඩාත් බැරෑරුම් කාරණා කෙරෙහි අවධානය යොමු කෙරේ. එහි යම් සැකයක් පවතී නම් විශේෂයෙන් වඩාත් කැළඹිලි සිදු වූ සමයක බණ්ඩාරනායක අගමැති ධුරය දැරූ බැවින් එම සැකය දේශපාලන අභිප්‍රායකින් සිදුවිය හැකිව තිබූ වෙනත් කුමන්ත්‍රණයක තතු සොයන්නට මග විවර කරයි.
කතාවේ සාරාංශය
1959 සැප්තැම්බර් 25 වැනිදා පෙ.ව. 10.00 පමණ රොස්මිඩ් පෙදෙසේ අංක 65 දරන ඔහු පදිංචිව සිටි ටින්ටැගල් නම් නිවසේ දී අගමැතිවරයාට රිවෝල්වරයකින් වෙඩි පහර කිහිපයක් එල්ල විය. ඉන් පසු එදින සවස සැත්කමකට භාජන වීමෙන් අනතුරුව රෝහලේ සිට ජාතිය අමතා පණිවිඩයක් නිකුත් කිරීමෙන් ද පසුව පසුදා උදයේ ඔහු මිය ගියේය. තුවක්කුකරුවාගේ අනන්‍යතාව ගැන බණ්ඩාරනායක පැවසූ එකම දේ නම් භික්ෂුවකගේ සිවුරු පොරවාගත් මෝඩ මනුස්සයෙක් යන්න පමණි. මෙය නිදහසින් පසු ලංකාව තුළ සිදු වූ දේශපාලනය ඉලක්කකර ගත් පළමුවැනි ඝාතනයයි. එයින් ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මග ද වෙනස් වූයේය.
බෞද්ධ භික්ෂුවක වූ තල්දූවේ සෝමාරාම අතෙහි පිස්තෝලයක් තිබිය දී එසැනින්ම එම නිවෙස තුළ දී ඝාතනය සිදු කළ බවට සැක කොට ඔහු අත්අඩංගුවවට ගැනිණි. ඔහු රාජගිරියේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ අක්ෂි විශේෂඥයකු ලෙස කටයුතු කළ ඒ දක්වා අප්‍රසිද්ධියේ පසු වූ බෞද්ධ භික්ෂුවකි.
දින කිහිපයකට පසුව දේශපාලන ප්‍රබලයකු වූ මාපිටිගම බුද්ධරක්ඛිත නම් තවත් බෞද්ධ භික්ෂුවක් අත්අඩංගුවට ගන්නා ලදී. ඊට අමතව ඝාතකයා ලෙස සෝමාරාමව යොදාගෙන වසරක කාලයක් තිස්සේ බණ්‍ඩාරනායක මරා දමන්නට බුද්ධරක්ඛිත හට සහාය වූයේ ද යන චෝදනාව මත තවත් පුද්ගලයන් කිහිප දෙනකු ද අත්අඩංගුවට ගැනිණි.
එවකට බුද්ධ රක්ඛිත වයස තිස් අටේ පසු වුව ද කැලණි විහාරයේ ප්‍රධාන භික්ෂුව වූයේය. ඔහු එක්සත් භික්ෂු පෙරමුණේ ප්‍රධානියා වූයෙන් එවකට රටේ දේශපාලන අතින් වඩාත් බලවත්ව භික්ෂුව වූයේය. නාහෙට නාහන ආවේගශීලි වූ ගැටුමට බර මෙම හිමිනම ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් නොවූයේය. එක්සත් භික්ෂු පෙරමුණ 1956 බණ්ඩාරනායකට බලයට ගෙන එන්නට මහත් වැඩ කොටසක් කළ ද අගමැතිවරයා ප්‍රචණ්ඩ සිංහල බෞද්ධ න්‍යාය පත්‍රය ඉදිරියට ගැනීමේ දී වඩාත් මෘදුව කටයුතු කිරීම නිසා බුද්ධරක්ඛිත ඔහුට විරෝධය පෑවේය. බුද්ධරක්ඛිත ආණ්‍ඩුවේ දක්ෂිණාංශය සමග පෙළ ගැසෙමින් රජයේ වාමාංශිකයන්ට විරුද්ධ කම් පෑ බව ප්‍රසිද්ධියේ පෙනෙන්නට තිබිණි.
වෙහෙසකර විමර්ශනයකින් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දිගු කලක් පැවැති නඩු විභාගයකින් පසු විශේෂ ජූරියක් මගින් භික්ෂූන් දෙදෙනාත් බුද්ධරක්ඛිතගේ සමීප සගයකු වූ එච්.පී. ජයවර්ධනත් කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවත් සෝමාරාම මිනී මැරුම සිදු කිරීම සම්බන්ධයෙන් වැරදිකරු බවත් තීන්දු කොට තිදෙනාටම මරණ දඬුවම නියම කරන ලදී. මෙම දඬුවම් අපරාධ අභියාචනාධිකරණයේ අනුමත වුවද ව්‍යවස්ථාව වෙනස් කිරීමේ දී නොසැලකිල්ල හේතුවෙන් සිදු වූ අතපසු වීමක් නිසා බුද්ධරක්ඛිත හා ජයවර්ධන මිනී මැරීම සඳහා කුමන්ත්‍රණය කිරීම උදෙසා ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට නියම වූවෝය. ලන්ඩනයේ ප්‍රිව් කවුන්සිලය වෙත කරනු ලැබූ අභියාචනය පරාජය වීමෙන් පසු සෝමාරාම එල්ලා දැමිණ.
කාලයත් සමගම මෙම නඩුවේ විස්තර බොහෝ දෙනාට අමතකව ගියේය. ඉන්පසු බණ්ඩාරනායකගේ වැන්දඹු බිරිඳ පිහිට වූ රජය බලයෙන් ඉවත් කිරීමට 1962 ජනවාරි 27 වැනිදා සිදුවූ කුමන්ත්‍රණ උත්සාහයට මග පැදුණු අනපේක්ෂිත දේශපාලන සිදුවීම් හට ගැනිණි. 1970 ගණන්වල පටන් දේශපාලනය අරමුණුකරගත් ප්‍රචණ්ඩ සිදුවීම් නිතර සිදුවිය. ඉලක්ක කර ගත් දේශපාලන නායකයන් ඝාතනය ද නිතර සිදු වූයේය.
බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් පොත් 2 ක් ලියවී තිබේ. එකක් දිවංගත විනිසුරු ඒ.සී. අලස් විසින් ලියනු ලැබූ අතර අනෙක සෝමාරාම වෙනුවෙන් නඩුවට පෙනී සිටි නීතිඥ ලූෂන් වීරමන්ත්‍රී ලියනු ලැබුවේය. තවත් බොහෝ පොත් සහ විද්වත් අධ්‍යයනයක් නිදහසින් පසු සිදුවූ වැදගත් සිද්ධියක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රසිද්ධියට පත් නොවීම විමතියට කරුණකි.
විනිසුරු අලස්ගේ පොතේ එහි පසු බිමට අදාළ වැදගත් කරුණු සැපයුවද එම කරුණු කරන ලද ප්‍රකාශ සහ නිගමන අනුව විනිශ්චය කිරීමෙන් දක්වා තිබෙන ඒවාය. එම කුමන්ත්‍රණය බුද්ධරක්ඛිත විසින් කරන ලද්දේය යන අහ්‍යුපගමණය ඔස්සේ ඒවා ලියූ සෙයක් පෙනී යයි. එසේ වුවද යම් ප්‍රශ්නකාරී ගැටලු කිහිපයක් පිළිබඳව ද ඔහු සඳහන් කර තිබේ.
වීරමන්ත්‍රී ශ්‍රේෂ්‍ඨාධිකරණයට ඉදිරිපත් වූ කරුණු පළකිරීමේ හේතුවූ සාක්ෂි හා නඩු කටයුතුවලට සීමාවෙමින් එම තීන්දුව සම්බන්ධයෙන් සාධාරණ සැකයට වඩා දෙයක් ඇතැයි පෙන්වා දෙයි. නඩු පැවරීමේ කටයුතු දේශපාලන බලපෑම් මත සිදුවූ බවත් බලපෑමකින් තොරව සිදු නොවූ බවත් ඔහු තර්ක කරයි.
එය මේ අත වැනුණු පරස්පරතා ද සහිත නඩුවක් විය. මිනීමැරුම් නඩු විභාගයට සම්බන්ධ අසාමාන්‍ය කරුණූ තව දුරටත් හාරා අවුස්සා බලන්නට උනන්දු වන අයෙක් මෙතෙක් ඉහත කී පොත් දෙක විචාරශීලීව කියවා බැලීම වඩාත් යෝග්‍යවේ.
එම කාලයට අදාලව සිදු වූ සමාජ දේශපාලනකරණය ගැඹුරින් වටහා ගැනීම ද ඊට උපකාරි වේ.
පසුබිම -කෙටියෙන්.
බණ්ඩාරනායක 1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නැගුවේය.
ඔහුගේ පක්ෂය 1952 මාර්තු මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබු අතර ඔහුගේ අනාගත දේශපාලන ජීවිතය අභාවයට යන බවක් දිස්වූයේය. ඒ අතර සිංහල බෞද්ධ කණ්ඩායම් ඇතිකරන දේශපාලන පීඩනය තීව්‍ර වූයේ යටත්විජිත සමයේ පටන් ඔවුන්ට සිදුවූ ඓතිහාසික අසාධාරණකම් යළිත් සිදුවේ යැයි තේරුම් ගත් බැවිනි. එජාපය එම බලවේග පිළිබඳව උනන්දුවක් නොදැක්වුව ද බණ්ඩාරනායක ඔවුන් සම්බන්ධකර ගන්නට තීරණය කොට ඔවුන්ට ප්‍රබල ලෙස පංච බලවේග හරහා සහයෝගය දැක් වූයේය.
බෞද්ධ භික්ෂුන්ගෙන්, ගොවින්ගෙන් සහ කම්කරුවන්ගෙන් පංච මහා බලවේගය සමන්විත විය. (සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු) ඉන් පසු ශ්‍රී ලනිපය මහජන එක්සත් පෙරමුණ නම් සභාගය ගොඩ නැගුවේ පිලිප් ගුණවර්ධන නායකත්වය දැරූ වාමාංශික පක්ෂය සහ ඩබ්ලිව් දහනායකත්වය දැරූ කුඩා පක්ෂ ද හවුල් කර ගෙනයි. 1956 අප්‍රේල් මහ මැතිවරණයට තරග කරන්නේ මෙම මහජන එක්සත් පෙරමුණයි. මැතිවරණයේ එම පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය වූයේ ‘‘පැය 24න් සිංහල පමණක්’’ යන්නයි. විවිධ ජනයා විවිධ අයුරින් තේරුම් ගත් එම සටන් පාඨය සෙනග ඒකරාශි කරන විභවතාවයෙන් යුතු උද්‍යෝගී පාඨයක් විය. එය මැතිවරණයේ ජය ලැබීමේ විහවතාවයෙන් යුතු පාඨකැයි වටහාගත් විට එ.ජා.පය ද එම සටන් පාඨයට අනුගත වූ නමුත් ප්‍රමාදය හේතුවෙන් ඒ කෙරෙහි හරි හැටි විශ්වාසය දිනාගත හැකි නොවීය. මහජන එක්සත් පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය.
කෙසේ වුව ද ඊළඟ වසරේ දී බණ්ඩාරනායක ප්‍රාදේශීය සභා පිහිටුවීම සඳහා යම් යම් බලතල විමධ්‍යගත කිරීම උදෙසා දමිල දේශපාලන නායකයන් සමග සාකච්ඡා ඇරඹුවේය. ඒ අනුව බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම 1957 ජුනි මාසයේ දී අත්සන් තැබිණි. එය දෙපාර්ශවයේ එකඟතාව මත සිදු වූවකි. අගමැතිවරයා බෞද්ධ මැද මාවතට පිවිසුණ ද එවකට බොහෝ දේශපාලනඥයන් එහි කෙටි කාලීන ප්‍රතිඵල සැලකිලිමත් වූවා මිස දීර්ඝ කාලීන ස්ථාවරතාවට අදාළ සුගතිය ගැන අවධානය යොමු කළේ නැත. ඊට එරෙහි විරෝධතා විපක්ෂය ඇතුළු දෙපාර්ශ්වයෙන්ම එල්ල විය. මගහැරිය යුතු සිද්ධීන් එම ක්‍රියාමාර්ග තුළ සිදු වූයේය. දැඩි විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස 1958 අප්‍රේල් මාසයේ දී ගිවිසුම අහෝසි කර දැමිනි. එක්සත් භික්ෂු පෙරමුණ එහිදී ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය.
එදිරිවාදී මානසිකත්වය තුරන් වී නොගිය අතර මැයි මාසය අග වනවිට එය සතිය පුරා පැවැති ගැටුම්කාරිත්වයකට පෙරැලී ඊනියා සිංහල-දෙමළ කෝලාහල හට ගත්තේය. කාලයක් පුරා පවතින සමාජ කැලැල්ලක් එම කෝලාහල නිසා ඉතිරිව ගියේය. කෝලහාල පාලනයට නතු කිරීම අතින් අගමැතිවරයාගේ ආණ්ඩුව දුර්වල බවකුත් අවිනිශ්චිත බවකුත් ප්‍රදර්ශනය කළ බැවින් එම කෝලහාල මැඩ පැවැත්වීමේ දී ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය.
මේ සියල්ල සිදුව තිබිය දී අධ්‍යාපනය රාජ්‍ය සේවයට ප්‍රවිෂ්ඨ වීමේ විභාග සහ උතුරු නැගෙනහිර පරිපාලනය යන දමිළ ඉල්ලීම් සම්බන්ධයෙන් යම් ආකාරයේ සම්මුතියකට එළැඹීමක් ලෙස බණ්ඩාරනායක විසින් 1958 අංක 28 දරන ද්‍රවිඩ භාෂා ( විශේෂ නියමයන් සහිත) පනත තුන් මසක් ගත වෙන්නටත් පෙර ආගෝස්තුවේ දී හඳුන්වා දෙන ලදී. මෙයද දෙපාර්ශවයේම අන්තවාදීහු දැඩිලෙස විවේචනයට භාජන කළහ.
1959 වනවිට නිදහස ලැබී දශකයක් ගත වීමෙන් අනතුරුව පවා යොමුවිය යුතු දිශාව තෝරාගත නොහැකිව තිබිය දී ලංකාව දේශපාලන කළබැගෑනිවලින් සරුවට පිරි තිබිණි. උද්ඝෝෂණ සහ වැඩ වර්ජන එකල බහුලව පැවතියේ නිරන්තරයෙන්ම පාහේ ඒ අතරට මතු වූ දේශපාලන බලවේග වලින් හැඟීම් බර වූ නාගරිකයන්ට එරෙහිව ග්‍රාමීය යන්ද බටහිරවාදීන්ට එරෙහිව ජාතික වාදීන් ද ධනවාදීන්ට එරෙහිව සමාජවාදීන් ද, බෞද්ධයන් හා කතෝලිකයන් අතරත්, සිංහලයන් හා දමිළයන් අතරත් එකිනෙකට එරෙහිව අරගල් කරමිනි. මේ හැම බලවේගයක්ම මතුවෙමින් පැවති ජාතිය නැමැති රසමසවුලේ තමන්ගේ කුට්ටිය කඩා ගන්නට වෙර දැරුවේය. පැරණි පිළිවෙළ මිය යමින් තිබු අතර නව ක්‍රමයක් බිහි වෙමින් පැවතිණි.
1959 අප්‍රේල් මස දී පොලිස්පති ඔස්මන්ඩ් ද සිල්වා හා බණ්ඩාරනායක අතර මතභේදයක් හටගෙන ඔහුව ඉවත් කරන්නට තීරණය කෙරිණි. ඊට හේතුව අගමැතිවරයා විවිධ බෞද්ධ නායකයන්ට සහ පාර්ලිමේන්තුවේ මහජන එක්සත් පෙරමුණේ සහාගයේ හවුල්කරුවන්ට, තමාගේ පරිපාලනය කඩා බිඳ දැමීම උදෙසා පොලීසියේ සහ සන්නද්ධ හමුදාවන්ට එකතු කරගෙන දක්ෂිණාංගිකයන්ගේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවට අනතුරු හැඟ වූයේය. ඔස්මන්ඩ් සිල්වා බෞද්ධයකු වුව ද ඔහු ළඟට සිටි සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීහු බෞද්ධයෝ නොවූහ. පොලිසිය තුළින් පැන නැඟුණු විරෝධය නොතකා බණ්ඩාරනායක පොලිස් සේවාවට
පිටතින් සිටි පරිපාලන නිලධාරියකු වූ එම්.ඩබ්.එෆ් ෆොන්සේකා පත් කරන්නට බණ්ඩාරනායක තීරණය කළේය. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් එයින් කෝප වූහ.
එපමණක් නොව, බටහිර දිවි පැවැත්මට වඩා නැඹුරු වූත් දේශපාලන හා ආර්ථික වශයෙන් වැඩෙන්නට බලා සිටියා වූත්, භාෂා භාවිතය අතින් පවා පොදු ජනයාට වඩා තරමක් දුරස්ථර වූත් නාගරික බමුණු කුලයේ උදවිය තමන්ගේ ප්‍රියතම දේශපාලන පක්ෂය වූ එජාපයේ පරාජයෙන් අනතුරුව සිදුවෙමින් පැවති වෙනස ගැන වඩාත් අවධියෙන් පසු වූවෝය. වඩාත් ප්‍රචණ්ඩකාරීහු සිංහල බෞද්ධ කණ්ඩායම්වල බලපෑම වඩාත් වර්ධනය වෙමින් පැවති අතර එයින් ස්ථාපිත සංවිධාන හා සමාජ සමූහයා අතර මහත් කනස්සල්ලක් හට ගැණිනි.
අන්තර ජාතික වශයෙන් ද පැවතියේ ගැටලුකාරී තත්ත්වයකි. සීතල යුද්ධය තීව්‍ර වෙමින් පැවතිය ද බණ්ඩාරනායක රජය 1956 දෙසැම්බර්යේ දී සෝවියට් සමූහාණ්ඩුව සමග තානාපති සබඳතා ගොඩ නගා ගෙන, 1958 දී ආර්ථික හා තාක්ෂණික සහයෝගි ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේය. ඊට පෙර පැවති එජාප රජය 1950 දී චීන ජනරජය පිළිගෙන, චීනයට එ.ජාතීන්ගේ සංවිධානයට පිවිසෙන්නට සහයෝගය දී 1952 දී ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට එළඹුණේය. බණ්ඩාරනායක රජය 1957 දී චීනය සමඟ පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගත්තේය.
රාජ්‍ය සහයෝගීතාව යටතේ පවත්වාගෙන ගිය පෞද්ගලික පාසල් සහ තෙල් සමාගම් වැනි විදේශීය ව්‍යපාර ජාතිකරණය කිරීමේ රජයේ සැලසුම් සහ 1958දී බ්‍රිතාන්‍ය සමග තිබූ ආරක්ෂක ගිවිසුම අහෝසි කොට ත්‍රිකුණාමලයේ වරායේ සහ කටුනායක රාජකීය ගුවන් හමුදා කඳවුරේ පාලනය නැවත අත්සන් කරගැනීමේ රජයේ තීරණය ආදිය ද ගැටලුකාරි තත්ත්වයක් පිළිබඳ අනතුරු අඟවන සංඥා වූයේය.
1950 අග භාගය වනවිට අගමැතිවරයා තව පස් අවුරුදු නිල කාලයේ සිව්වැනි වසර ගෙවමින් සිටි අතර ඒ වනවිටත් සභාගය දෙදරා යමින් තිබිණි. පිලිප් ගුණවර්ධන නායකත්වය දුන් වාමාංශික කොටස් 1959 අගෝස්තු මාසයේ දී රජයෙන් ඉල්ලා අස්වූයේය. ඉඩම් ප්‍රතිශංස්කරණය ඇතුළු කුඹුරු පනත වැනි සමාජවාදි පියවර ගැනීම සම්බන්ධයෙන් රජය තුළ දක්ෂිණාංශයේ ජීවනය එල්ල වෙමින් පැවතීම ඊට හේතු විය. නිරන්තරයෙන්ම පාහේ වැඩ වර්ජන සිදුවීම ද වැඩි වූයේය.
මෙම වාතාවරණය තුළ බණ්ඩාරනායක ඉවත් කරන්නට බොහෝ වෙනස් මත දරන කණ්ඩායම්වලට අවශ්‍ය වූයේය. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජනව ගෙන සියලු දොස් බුද්ධ රක්ඛිත පිට පවරා, එක්සත් භික්ෂු පෙරමුණ වැනි බලවත් විරෝධතා කල්ප දරන කණ්ඩායම් ආක්‍රියකරවන්නටත් වැඩිවෙමින් පැවති භික්ෂුන් දේශපාලනයට සංජුව මැදිහත්වීම නවතා දමන්නටත් සමහර කණ්ඩායම්වලට අවශ්‍යව තිබිණි.
(තව කොටසක් මීළගට)
පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ
සංජීව සේනානායක විසිනි
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාධාරණ සැකයෙන් ඔබ්බට