විශාරද නන්දා මාලනිය සහභාගී වූ නන්දාමාලනී ගීතාවලී ප‍්‍රසංග කීපයක් කැනඩාවේ නගර කීපයකදී පසුගියදා පැවැත්විණි. වොයිස් ඔෆ් ලංකා පදනමේ අනුග‍්‍රහයෙන් පැවැත්වූ මෙම ප‍්‍රසංග මාලාවට සමගාමීව කැනඩාවේ සංචාරය කිරීමේ අවස්ථාව මා හටද ලැබිණි. කැනඩාව යැයි කියූ විගස බොහෝ දෙනාගේ සිතිවිලි දිව යන්නේ සොඳුරුතම නයගරා ඇල්ල වෙතය. නැතහොත් පංච මහා විල් ගැනය. ඒත් තැන්නම් ටොරොන්ටෝහි ඇති ලොව උසම කුළුණ හෝ මොන්ටි‍්‍රයල් නගරය ගැනය. මෙසේ මහා දේශයක් වූ කැනඩාවේ නැරඹීමට, සැරි සැරීමට ඇති තැන් බොහෝය. ඒ බොහෝ තැන් අතරින් අපට ලැබුණු අවස්ථාව අනුව කැනඩාවේ සුන්දර තැන් කීපයක් නැරඹීමට ගියෙමු. එයින් ප‍්‍රධාන තැනක් වූයේ සුන්දර නයගරාවය. කැනඩා සොඳුරු දේශයේ කළ ඒ සංචාර අතරින් නයගරාවට ගිය සොඳුරු සංචාරය ගැන අද අප මෙලෙස විස්තර ගෙන එන්නෙමු.
![]() |
ඇමෙරිකානු දේශය සිප එන අයුරු.. |
![]() |
ඇමෙරිකාව ස්පර්ශ කිරීම |
![]() |
කුඩා කාලයේ සිටම ඕනෑම කෙනෙකුහට ඇතිවන ආසාව වන්නේ, මේ සුන්දර නයගරා ඇලි දැක ගැනීමට යාම මෙන්ම පංච මහා විල් දැක ගැනීමට ඇත්නම් යන සිතිවිල්ලය. එය විටෙක සිහිනයක් සැබෑ කර ගැනීමක් මෙනි. එලෙසින් වූ ඒ සිහින සිතිවිල අතරේ, ඒවා සැබෑවක් කර ගැනීමට අපට අවකාශය සලසා දෙනු ලැබුවේ කැනඩාවේ වෙසෙන අපේ හිතාදර මිතුරු සුදේශ් මුතු විසිනි. විශාරද නන්දා මාලනිය මේ ගමනට එක් නොවූයේ ඊට පෙර සංචාරයකදී ඇය නයගරා නැරඹීමට ගොස් සිටි නිසාය. ආචාර්ය රෝහණ වීරසිංහ සහ ඔහුගේ බිරිඳද, ධනංජය සෝමසිරි, මහේන්ද්‍ර පැස්කුවල්, සුදේශ් සහ මා මෙම සංචාරයට එක්ව සිටියෙමු. අප ගමන් ඇරඹුවේ ඔන්ටාරියෝ - මේපල්හි පිහිටි සුදේශ්ගේ නිවෙසේ සිටය. මෙම සංචාරය සඳහා සුදේශ් ඔහු සතු හමර් රථ දෙකින් එක්ක යොදාගෙන තිබිණි. ඔන්ටාරියෝහි මේපල් සිට නයගරාව වෙත දුර කිලෝමීටර් 150ක් පමණ තිබේ. රථයේ නියමුවා සුදේශ්ම විය. පැයට කිලෝමීටර් සියය ඉක්මවා රථය ධාවනය කරන අතරවාරයේදී ඔහු මග දෙපස දක්නට ලැබුණු බොහෝ තැන් ගැන විස්තර කරන්නටද විය. ”මේ නැව් යන්නෙ කොහෙටද දන්නවද? මේ මුහුද මොකක්ද කියලා දන්නවාද?” ඔහු ඇසූ අතර, ”ඒ තමයි ඔන්ටාරියෝ ලේක් එකට අයත් කොටසකැයි” කියා ඔහු යළි පැවසීය. සැබැවින්ම එයනම් අපූරු දසුනක්මය. ඔන්ටාරියෝ විල කෙතරම් නම් විශාලද යන්න අමුතුවෙන් විස්තර කළයුතු නොවේ. මහා සාගරයක් බඳුවූ ඔන්ටාරියෝ විලෙහි කොටසක මහා නෞකා ගමන් ගන්නා දසුන්ද, මග දෙපස වූ තවත් සොඳුරු දසුන්ද නරඹමින් අපි ඉදිරිය බලා ගමන් කළෙමු. ඇමෙරිකාව සහ නයගරාව වෙත යන මාවත් ගැන සඳහන් මාර්ග පුවරු එකිනෙක දැකගත හැකිවූ අතර, අප සියල්ලෝම සතුටින් පසුවීමු. ඒ වෙන කිසිවක් නිසා නොව නයගරා පෙදෙස වෙත සමීපව සිටි නිසාය. සිහිනයක් වූ ඒ සොඳුරු මොහොත යථාර්ථයක් වීමට ආසන්නව තිබිණි. සුදේශ් රථය වේගයෙන් පදවාගෙන ගියේ නයගරා උද්‍යානය අවට ඇති වාහන නවතා තබන තැන ඉඩකඩක් ලබා ගැනීමටය. වාහනය නවතා තැබීම මෙන්ම නයගරා දැක බලා ගැනීම වෙනුවෙන් ප‍්‍රවේශපත් ගත යුතුව තිබිණි. මෙම වාහන ගාල් කර තිබූ ස්ථානයේ ඇමෙරිකාවේ විවිධ ප‍්‍රාන්තවලින් මෙන්ම කැනඩාවේ උතුරු කොනේ සිට පැමිණ තිබූ රථ දැකගත හැකිවිය. ඊට අමතරව ලොව නන් දෙසින් පැමිණ සිටි සංචාරකයෝ පැමිණ සිටි සුඛෝපභෝගී බස් රථද දැකගත හැකිවිය.
නයගරා ඇලි ගැන අසා තිබුණද සුන්දර නයගරා උද්‍යානය ගැන එතරම් අසා තිබුණේ නැත. එම උද්‍යානය සැබැවින්ම සුන්දරය. එහි සුන්දරත්වයේ අසිරිය විඳ ගනිමින් අපි නයගරාව වෙත සමීප වීමු. අප ප‍්‍රවේශ වූයේ ගංගාවක් ලෙස එය ගලා එන ස්ථානය වෙතය. ඒ නිල්වන් ජල දහරාව සුපිරිසිදුය.
”මේ ජලය සමහරු පානය කරන්න උත්සාහ ගන්නවා. ඒත් මේ ආරක්‍ෂිත වැට පැන ඔවුනට යන්න ලැබෙන්නෙ නැහැ.” ඉතා අලංකාර නිමැවුමක් වූ නයගරා ආරක්‍ෂිත බැම්ම පෙන්වමින් සුදේශ් අපට කීවේය.
”මම දන්නා විදියට නයගරා ඇල්ල උසින් අඩි 167ක් පමණ වෙනවා. මෙය ඇලි තුනකින් සමන්විතයි. අශ්ව ලාඩම් ඇල්ල, ඇමෙරිකන් ඇල්ල, මනාලි සේලය ලෙස එය නම් කරලා තියෙනවා. ඇමෙරිකාව හා කැනඩාව වෙන් කෙරෙන ජාත්‍යන්තර දේශසීමා රේඛාව වැටී තිබෙන්නේ මෙම අශ්ව ලාඩම් ඇල්ල හරහායි. එය අනෙක් දිය ඇලිවලින් වෙන්ව ඇත්තේ ලූනා දුපතෙන්. නයගරා ගංගාව ගලා එන්නේ ඊරි සහ ඔන්ටාරියෝ විල් වලින්. මේ සියලූම ඇලි එකට ගත් කළ, ලොව ඉහළම ජල දහරා ගලා යාමේ ධාරිතාවයෙන් සමන්විතයි. අශ්වලාඩම් ඇල්ල උතුරු ඇමෙරිකාවේ ඇති වේගවත්ම ජල ගැල්ම සහිත ඇල්ලයි. මෙම නයගරාව බිහිවී ඇත්තේ අවසාන අයිස් යුගයේ වූ විස්කොන්සින් ග්ලැසියරය නිසයි. අද අප දකින මේ නයගරාවේ ජල දහරාව මිනිත්තුවකට කියුබික් මීටර් 1,65,000ක් පහළට ගලා යනවා.”
සුදේශ් තමා දන්නා විස්තර එලෙස ගෙනහැර පෑවේය. අපි කෙමෙන් කෙමෙන් ඇල්ල පහතට වැටෙන ස්ථානය වෙත ළඟාවී සිටියෙමු. පහළට වැටෙන ජල කඳ බිඳිති ලෙස යළි ඉහළට ඇදී එන්නේ වරුෂාවක් ලෙසිනි. ඒ සොඳුරු වැස්සේ තෙමෙන්නට නයගරාවේ අසිරිය නැරඹීමට එන කවුරුත් කැමතිය. අපිද ඒ වැස්සේ තෙමුණෙමු.
”මුතු කුඩ ඉහළන මල් වරුසාවේ...
උඩ ඉගිලෙන විට වැහි ලිහිනී...”
මම රෝහණ වීරසිංහයන්ගේ ගීය මුුහුණන්නට වීමි. ඔහු මා උරහිසට අත් තබාගෙන සිටියා මිසෙක කිසිවක් කතා කළේ නැත. බොහෝ සංචාරකයින්ට කතා කරන්නට සිත් නැති ගාණය. ඔවුහු නිසොල්මනේ නිහඬව සිට නයගරාවේ සුන්දරත්වයට වශී වී සිටියෝය. නයගරා දසුනේ ඇති අසිරිමත් බව එයමය. කිසිවක් හෝ කතා නොකර ඕනෑතරම් වේලාවක් ඒ දෙස බලා සිටිය හැකිය. ජීවිතයේ මොකක්දෝ සැඟවුණු රහසක් කියන්නාක් මෙන් සුන්දර මනාලි ඇල්ල හෙවත් මනාලියගේ වේලය ලෙස හැඳින්වෙන කැනඩාවට අයත් ඇල්ල පහතට වැටී තිබේ. සුදෝ - සුදු පෙණ බිඳිති සේලය අගින් ඉහතට ඇදී යන්නේ වලාකුළු ලෙසිනි. සැබැවින්ම නිල් අහසට සුදු පුළුන් කැටි පා කරන්නේ නයගරාව යැයි කිව හැකිය. සමහර සංචාරකයෝ මෙම සුදු සේලය සිප ගැනීමට බෝට්ටු සංචාරයට එක්වෙති. ඒ සඳහා වෙනම ආරක්‍ෂිත ඇඳුමකින් සැරසිය යුතුය. එලෙසින් යන සංචාරකයින්ට රක්‍ෂණාවරණයක් පවා ඇත. තවත් සමහර සංචාරකයෝ කැනඩාව සහ ඇමෙරිකා දේශ සීමා නැරඹීම පිණිස තනා ඇති කේබල් රථ මාර්ගය ඔස්සේ ගොස් ඒ ආශ්වාදයද විඳ ගන්නේ ඈත සිට නයගරාවේ අසිරිය නරඹමිනි. නයගරාවේ සුන්දරත්වය කෙතරම්ද කිවහොත්, ඡායාරූප ගැනීමේ නිමක් නැති ගාණය. එතරම්ම සුන්දර දසුන් වරින් වර මැවේ. මේ චමත්කාරයේ අසිරියට අප වශීවී සිටියේ ගොළුවූවන් මෙනි.
”මේ නයගරාව නරඹන්න එන සමහර සංචාරකයින් උමතුවෙන් වගේ බලා සිටින්නේ සතුට වැඩිකමටය. 1901 දී ඇනී එඞ්සන් ටයිලර් නමැත්තිය බැරලයකට නැගී මේ නයගරා ඇල්ල තරණය කරලා තියෙනවා. ඇයගෙ ජීවිතයට තනතුරක් නොවුවත්, ලේ ගැලීම් සිදු වුනාලූ.”
සුදේශ් නයගරාවේ සිදුවීම් ගැන මතක් කරන්නට විය. ඇනී මෙන්ම තවත් බොහෝ දෙනා විටින් විට මෙම මනාලි වේලය තරණය කරන්නට උත්සාහ ගෙන තිබේ. 1850 සිට 2011 දක්වා පන්දහසකගේ පමණ ප‍්‍රයන්තයන් වාර්තාවී වී ඇත. එමෙන්ම එලෙසින් නයගරාවට වශී වී කටයුතු කරන්නට යාම නිසා වසරකට හතළිස් දෙනෙකු පමණ මරණයට පත්වන බව වාර්තා පෙන්වා දෙනු ලබයි. සමහරු ඇල්ල වෙත පැන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිද ඒ අතර ඇත. එලෙසින් මිය ගිය අය අතර වැඩි හරියක් අවුරුදු 20ත් 30ත් අතර තරුණ තරුණියෝය. ඒ සියලූ දෙනාම සියදිවි හානිකර ගෙන ඇත්තේ මෙම මනාලි ඇල්ලෙන් වීම තවත් විශේෂිත දෙයකි. කෙසේ වෙතත් දිවි පරදුවට තබා වික‍්‍රමයන් පාන්නට ගොස් ජීවිත බේරාගත් පිරිස සියයට 75ක් පමණ යැයි සඳහන් වේ.
මෙලෙසින් නයගරාව ගැන කීමට ඇති දේ නම් බොහෝමය. ඒ අතරින් වැඩි හරියක්ම ඇත්තේ ත‍්‍රාසය රැගත් සිදුවීම් නම්? අද්භූත සිදුවීම්ද නැතිවා නොවේ. සඳ පායන සමහර රාත‍්‍රියන්හිදී මනාලියක මෙන් සැරසී ඇල්ල වෙතින් ඈතට ඇදී යන දෙව්දුවක මෙන් රූපයක් දැකගත හැකි බවත්, තනිවූ මොහොතක සුදු ඇඳගත් ඉතා සුරූපී තරුණියක ඇවිත් තනිවූ පුද්ගලයා ස්පර්ශ කරන බවටත් සමහරු විවිධාකාර කතා පවසති. පුන්සඳ පෑයූ රාත‍්‍රියක සඳ දේදුනු මැවෙන චමත්කාරයද දැක ගත හැකිලූ.
මෙලෙසින් මේ අපූරු නයගරාව ගැන කීමට ඇති දේ නම් බොහෝමය. සුන්දර නයගරාව ගැන මොන දේ කියුවද, මොන තරම් දේ ලියුවද, එය නගරාව තරමටම ඉමක් නැති කොණක් නැති ලිවීමක්මය... කියවීමක්මය... ඒ කියමන ඒ වියමන කිසිදා කිසිවකු සංසිඳුවන දෙයක් නම් නොවේවි... එතරම්ම නයගරාව නැවුම්ය... සොඳුරුය... චමත්කාරය.
කැනඩාවේ සංචාරයකින් පසු
![]() |
සංචාරකයන් සඳහා වෙන් වූ බස් |
![]() |
ආරක්ෂක නිලධාරිනියක් සමග.. |
![]() |
නයගරා වීරයන් සමග... |
![]() |
මනාලී සේලය පහතට ඇදී යන අයුරු.. |
![]() |
මනාලී සේලය ස්පර්ශ කරන සංචාරකයෝ |
![]() |
ප‍්‍රවේශපත් ලබාගත යුතු කවුලූව |
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුන්දර නයගරාව...
චන්ද්‍රසිරි Wednesday, 24 July 2013 03:05 PM
කියවලා තිබුණට වැඩි විස්තර කියෙව්වේ බැලුවේ අදයි (නි)
අසේල Thursday, 25 July 2013 01:42 PM
නියමයි සුදේශ් ඔබට ස්තූතියි (නි)
නයන Friday, 26 July 2013 02:53 AM
මම නයගරා කිට්ටුව් පදිංචිය. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. දිය ඇල්ලෙන් උපරිම ආදායම ලබාගන්නවා. ලංකාවේ දිය ඇලි මීය වඩා ලස්සනයි. ඒත් ඒවා බලන්න යන්න හරියට පාරවල් නැහැ.(නදී)
ජයී තිසර Wednesday, 24 July 2013 03:24 PM
නයගරා ඇල්ල මෙන්ම සුදේශ් මුතුගේ කොන්ඩයද (හරියටම නොපෙනුනත්) ඉතාමත් ලස්සනයි. දෙකේම අනන්‍යතාවයක් සහ විශේෂත්වයක් ඇත. පළකිරීම ගැන කර්තෘ මණ්ඩලයට ස්තූති කරමි. (නි)
වීර Thursday, 25 July 2013 02:48 PM
හොද වටිනා ලිපියක්.(නදී)
ශානිකා Thursday, 25 July 2013 09:36 AM
ඔබට ස්තුතියි මෙවැනි වටිනා තොරතුරු දුන්නට. මගේ ප්‍රණාමය !!! (නි)
නිස්සංක Thursday, 25 July 2013 03:37 PM
සුදේශ්, අනේ අපිවත් එක්කගෙන ගිහින්ලා පෙන්වන්නකෝ.(ස)
ගුණතිලක Friday, 26 July 2013 11:43 PM
ඉතාමත් වටිනා ලිපියක්. ස්තූතියි ලංකාදීප !! (නි)
සඳුන් Friday, 26 July 2013 09:39 AM
ස්තුතියි හැමෝටම, ස්තුතියි ෆෙර්ණන්දෝ මහතා ඔබට (නි)
නිහාල් Wednesday, 24 July 2013 04:40 PM
ලංකාදීපයට සහ සුදේශ්ට මාගේ ප්‍රණාමය! (නි)
චින්තක Friday, 26 July 2013 10:13 AM
හොද වාර්තාවක් (නි)
සෝමා Saturday, 27 July 2013 02:06 AM
අපිත් ඔතෙන්ට ගියා, හැම එකටම ඕනෑ සල්ලි. කොහෙත් ඔහොම තමා. (නි)
ගාමිණී-සිරි Thursday, 25 July 2013 04:17 PM
කතාවත්, රූ ගත කිරීමත් ඉතාමත් ලක්ෂණයි. ලාංකික සුදේශ් ටත් ,එසැණටත් ,ගොඩාක් පින්.(නදී)
ප්‍රනාන්දු Thursday, 25 July 2013 10:55 PM
සඳුන් ඔබේ ලිපිය අගෙයි. හමුවීමට මුණගැසීමට ලැබීම ගැනත් සතුටුයි. (නි)