හම්බන්තොට ගල්වල පදිංචි අලි මවුලානා හා ආයිදා මවුලානා යුවළගේ එකම දියණිය සරීපා අෂ්රා මවුලානාය. තිදෙනකුගෙන් යුත් පුංචි පවුලේ ආලෝකය බවට පත්ව සිටියේ කුඩා දියණිය නිසා මාපියන් විසින් ඇය ඇස්දෙක මෙන් රැකබලා ගන්නා ලදී.
එහෙත් 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දින මුළු ලොවම කම්පාවට ලක් කළ රුදුරු සුනාමි ව්‍යසනය බොහෝ දෙනෙකුට ඉතිරි කළ කදුළු මේ පවුල වෙතද රැගෙන ආවේය. ඒ වන විට පුංචි සරීපාගේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වූවාය. සුරතල් වයසේ පසුවූ ඇය සිය පියා සමග හම්බන්තොට ලුණු ලේවාය ආශ්‍රිත වෙරළ තීරය ආසන්නයේ සිටියදී මේ මහා ව්‍යසනයට හසුවිය.
අලි මවුලානා මහතා දෑත් තද කරගෙන තම පුංචි දියණිය අල්ලා ගැනීමට උත්සාහ කළද ප්‍රචණ්ඩ රළ පහර සිත් පිත් නැති රකුසෙකු මෙන් ඔවුන් වෙන් කළේ කිසිවෙකුටත් සිතා ගත නොහැකි ආකාරයටය. හම්බන්තොට පමණක් නොව මුළු රටම එකම මළ ගෙයක් බවට පත් වූ එදින කිසිවෙකුටත් පහසුවෙන් අමතක කළ නොහැකි වනු ඇත.
ජීවිත කාලය පුරාවට උපයා ගත් සියලුම දේ පවුල් පිටින් රුදුරු සුනාමිය ගිල ගත්තේය. මාපියන්ට තම දරුවන් මෙන්ම දරුවන්ට සිය මාපියන්ද අහිමි කළේය. ඒ බිහිසුණු සුනාමි ව්‍යසනයේ කදුළු සමග ජීවත් වන අය අදටත් මේ සමාජයේ සිටිති.
කෙසේ නමුදු අලි මවුලානා මහතා හා දියණිය සුනාමි රළ පහරට කිලෝමීටරයකටත් වැඩි දුරක් ගසාගෙන ගොස් තිබුණි. තම ජීවිතය බේරා ගැනීමෙන් පසු අලි මවුලානා මහතා තම දියණිය සොයා ගැනීමට වෙහෙසුනේය. විසාලා මහනුවර මෙන් තැන තැන විසිරී තිබුණු මළ සිරුරු පරීක්ෂා කළද ඔහුට ඇය සොයා ගැනීමට නොහැකිවිය.
අවට රෝහල් වෙතද ගොස් තුවාලකරුවන් අතරේවත් තම දියණිය සිටීද යන්න ඔහු සොයා බලන ලදී. අලි මවුලානා මහතාගේ බිරිඳ ද සුනාමි ව්‍යසනයෙන් දිවි බේරාගෙන තිබූ අතර ඇයද පිස්සියක මෙන් හිස හැරුණු අත දිව යමින් තම වස්තුව සොයා ගැනීමට වෙහෙසුණාය.
කුසට අහරක් නොගෙන දියණිය සොයමින් යන අතරතුරදී 2005 වසරේ ජනවාරි මස 01 වැනි දින ඔවුන්ට ආරංචියක් ලැබී තිබුණේ මාපියන් කවුරුත් නැති තම දියණියට සමාන රූපයක් සහිත දැරියක් දෙබරවැව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියමිනි.
එම ආරංචියද ඔවුන්ට සතුටක් ගෙනා අතර අලි මවුලානා සිය බිරිඳ සමග ඉක්මනින් එම රෝහල වෙත පිටත්ව ගියේ දහසකුත් බලාපොරොත්තු පෙරදැරි කර ගෙනය. එහෙත් අවාසනාවකට මෙන් එවැනි දැරියක් රෝහලට පැමිණ සිටියත් ඒ මොහොත වනවිටත් ඇය කිසිවකුත් සමග පිටත්ව ගොස් තිබුණි.
මේ නිසා මුළු තිස්සමහාරාමය පුරාම ඇවිද දින ගණනාවක් දරුවා සොයා යන විට ඔවුනට යළිත් ආරංචියක් ලැබී තිබුණේ එම ප්‍රදේශයේ කපුමහතකුගේ නිවසේ කාත් කවුරුත් නැති දැරියක් සිටින බවයි.
ඒ අනුව අලි මවුලානා මහතා පවුලේ ඥාතීන් සමග තිස්සමහාරාම පොලිසිය වෙත ගොස් ඒ බව දැනුම් දී උදෑසන 5.00ට පමණ කපුවකු පදිංචි බවට ආරංචි වූ නිවසට ගොස් තිබේ.
එවිටම වාගේ එම නිවසේ සිටි කාන්තාවක් පිටුපස දොරෙන් අසල නිවෙසකට දුව ගොස් ඇත. කපු මහතාගේ නිවසේ දැරිය නොසිටි නිසා පොලිසිය හා ඥාතීන් අදාළ කාන්තාව දුවගෙන ගිය නිවසටද ගොස් පරීක්ෂාවට ලක්කර තිබේ.
එම නිවසේද දැරිය නොමැති බව හෙළිවී ඇත. එහෛත් නිවසේ බිම දමා තිබූ පැදුරු කොට්ටවල කිහිප දෙනකු නිදාගෙන සිට ඇති බවට සලකුණු තිබුණත් ඒ අය පෙනෙන්නට නොසිටි නිසා අලි මවුලානා මහතාගේ සිතට සැකයක්ද පහළවී තිබුණි.
දින ගණනාවක් රැඳී සිට තවදුරටත් ඔවුහු දියණිය සෙවීමට වෙහෙසුනහ. සරීපාගේ ඡායාරූපය ඇතුළත් කර ඇය සොයා දෙන්නැයි ඉල්ලා මොනරාගල සිට මාතර දක්වා මග දෙපස පෝස්ටර් ද අලවන ලදී.
එමෙන්ම රට පුරාම පිහිටි දේවාල, කෝවිල් හා සාස්තර පොළවල් ගාණේ ගොස් තම දියණිය සොයා දෙන ලෙස භාර හාර ද සිදු කර තිබේ. ඒ බොහෝ සාත්තරවලින් කියා ඇත්තේ තම දියණිය ජීවතුන් අතර සිටින බවයි.
මේ නිසා තම දියණිය කොහේ හෝ ජීවත්ව සිටින්නට ඇති බවට අලි මවුලානා මහතා හා ඔහුගේ බිරිඳ විශ්වාස කළ නිසා ඔවුහු රජයෙන් ලබාදුන් සුනාමි වන්දි ආධාර ලබා නොගන්නට තීරණය කළහ. තවද දියණියගේ මරණ සහතිකයවත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය.
මේ ආකාරයට වසර පහක් ගත වනතෙක් සරීපා සොයා ගැනීමට වෙහෙසුණද ඇය ගැන කිසිදු සාර්ථක තොරතුරක් හෙළි නොවීය. මේ නිසා අලි මවුලානා මහතා හා බිරිඳ තම එකම දියණිය පිළිබඳ බලාපොරොත්තු 2010 වසරේදී පමණ අතහැර දමන ලදී.
ඔවුන් තම පාළුව තනිකම මගහැර ගැනීම වෙනුවෙන් පවුලට අලුතින් පුතුන් දෙදෙනකු එකතු කර ගත්තේය. ඒ පුතුන් නිසා යම්තාක් දුරකට පුංචි සරීපා නොමැති පාඩුව අඩුකර ගන්නා ලදී.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී අලි මවුලාන මහතාට තමා දන්නා කියන අයකුගෙන් තොරතුරක් ලැබුණි. ඒ සාරීපාට සමාන රුවකින් හා නමකින් සිටින දැරියක් අන්තර්ජාලයේ ෆේස්බුක් වෙබ් අඩවියේ ඡායාරූප පෙළක සිටින බවයි.
ඒ අනුව යළිත් අලි මවුලානා මහතා එම තොරතුරු ඔස්සේ කල්මුණ ප්‍රදේශයට ගොස් තම දියණිය සොයන්නට පටන් ගත්තේය. ඒ වනවිටත් ඔහුට ආරංචිවී තිබුණේ එම දැරිය වෙනුවෙන් පවුල් දෙකක් භාරකාරත්වය ඉල්ලා නඩුවක්ද පවරා ඇති බවය.
එහි ප්‍රතිඵලයක් ලෙස දැරිය අධිකරණය අම්පාර ළමා හා පරිවාස කාර්යාලයේ නිලධාරීන් භාරයේ එම ප්‍රදේශයේ ළමා නිවාසයක රඳවා තබා සිටින බවටද තොරතුරු අනාවරණය විය. අලි මවුලානා මහතා තම දියණිය දැයි බැලීමට එම ළමා නිවාසය වෙත ගියද අධිකරණය මගින් යොමු කළ දැරියක් නිසා ඇය බැලීමට ඔහුට අවසර හිමි නොවීය.
ඒ අනුව අලි මවුලානා මහතා කල්මුණ අධිකරණයට මෝසමක් මගින් කරුණු වාර්තා කර අදාළ දැරිය ළමා නිවාසයට ගොස් දැක බලා ගැනීමට අවසර ලබා ගත්තේය.
ඉකුත් ජනවාරි 29 වැනි දින අම්පාර ළමා නිවාසයට ඔහු ගියේ පවුලේ සාමාජිකයන් හා ඥාතීන් ද සමගය. ඒ වන විට පරිවාසභාරයට පත් කර තිබූ දැරියගේ වයස අවුරුදු 14ක් වී තිබුණි. අවුරුදු දෙක හමාරේ දී අවසන් වරට දුටු තම දියනිය අවුරුදු එකොළහක් ගතවූ පසු කුමන ආකාරයකින් සිටින්නට ඇතිද යන්න අලි මවුලානා මහතාට බැලූ බැල්මට සිතා ගත නොහැකි විය.
එහෙත් සිය බිරිඳගේ හා අනෙක් පුතුන් දෙදෙනාගේ මුහුණුවලට යම් සමානතාවයක් තිබෙන බව තේරුම් ගියේය. සරීපා කුඩා කාලයේ හුරතල් කළ නැන්දා කෙනෙකුද සිටියේය. පුංචි සරීපාගේ නිකට ආසන්නයේ උපන් ලපයක් තිබූ බව ඇයට හොඳට මතකය.
එමෙන්ම කුඩා කාලයේ සරීපා බිමවැටුණු අවස්ථාවක නළල තුවාලවී කැළලක් තිබූ බව මවටද මතක් විණි. ඔවුන් එම උපන් ලපයෙන් හා තුවාල කැළැලෙන් ළමා නිවාසයේ සිටින්නේ තම දියණිය බව හඳුනා ගත්තේය.
පරිවාස භාරයට පත්වීමට පෙර සරීපා හදා වඩා ගෙන තිබුණේ කල්මුනේ පදිංචි ඇගේ ලොකු අම්මා යයි කියාගත් කාන්තාවකි. එම නිසා සරීපාට ‘කේෂාණි’ යන නමක් ද තබා තිබුණි.
ඊට අමතරව 2004 සුනාමි ව්‍යසනයේදී එම ප්‍රදේශයේදී දමිළ පවුලක ද කුඩා දැරියක් අතුරුදන්වී තිබුණි. ඔවුන්ද සරීපා ගැන දැනගෙන ඇයට අයිතිවාසිකම් ඉල්ලා නඩුවක් ගොනුකර තිබේ.
පාර්ශ්ව දෙකක් සරීපාගේ අයිතිය ඉල්ලා නඩු පවරා තිබූ අවස්ථාවක අලි මවුලානා මහතා ද ඇයගේ භාරකාරත්වය ලබාදෙන ලෙස ඉල්ලා නඩු පවරා තිබුණි.
පාර්ශ්ව තුනෙන්ම ඉදිරිපත් වූ සාක්ෂි හා කරුණු සැලකිල්ලට ගත් කල්මුණ මහේස්ත්‍රාත් පයාස් රසාක් මහතා අදාළ දැරිය වසර එකොළහමාරකට පසු සිය පියාට නීත්‍යනුකූලව භාරදීමට ක්‍රියා කළේය. විශේෂයෙන්ම අලි මවුලානා මහතා නීතිඥයන් මගින් ඉදිරිපත් කළ දැරියගේ වයස, වර්ණය, පෙනුම, මුහුණේ තුවාල කැළැල හා උපන් ලපය එම අයිතිය තහවුරු කර ගැනීමට බෙහෙවින් ඉවහල් විය.
කෙසේ වෙතත් සුනාමිය නිසා කඳුලින් ගත කළ පවුලකට වසර එකොළහ හමාරකට පසු යළිත් සතුට ළඟා විය. මේ ආකාරයට සුනාමියෙන් අතුරුදන් වූ පවුල්වල අතුරුදන්වූ තම සාමාජිකයන් අදට ද සොයන අය සමාජය තුළ සිටින බව කිව යුතුය.
කුහක මිනිසුන් ඒ බව සඟවා ගෙන තම දරුවන් ලෙස හදා ගත්තද කුමන හෝ මොහොතක සත්‍ය හෙළිවන බව මතක තබාගත යුතුය.
ශරීර අංග ලක්ෂණවලින් පමණක් නොව ක්‍රියාකාරකම්වලින්ද තමන්ගේ සමීපතමයන් හඳුනා ගැනීමට පුළුවනි. එදා සුනාමියට පෙර පුංචි සරීපා මුහුදු වෙරළට ගොස් වැලිවලින් සාදන වැලි මාලිගය අලි මවුලානා මහතාටත් ඔහුගේ බිරිඳටත් හොඳට මතකය.
අධිකරණය මගින් භාරකාරත්වය ලබා ගත් සරීපා ඉන් පසුව අලි මවුලානා මහතාගේ මහ ගෙදර වූ වැලිගම වැලිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස වෙත කැඳවා ගෙන එනු ලැබීය.
ඉන් අනතුරුව ඔවුහු හම්බන්තොට ගල්වල පදිංචි සුපුරුදු පුංචි කැදැල්ල වෙත පිටත්ව ගියහ.
14 හැවිරිදි සරීපා එදා මෙන් මව, පියා හා සහෝදරයන් දෙදෙනා සමග හම්බන්තොට සුන්දර මුහුදු වෙරළට ගියාය. බාල සහෝදරයන් දෙදෙනා සමග ඇය ද වැලි සෙල්ලම් කළාය.
සරීපා වැලිවලින් මාලිගාවක් තැනුවේය. හරියට එය 2014 සුනාමි ව්‍යසනයට පෙර ඇය අතින් ඉදිවූ නිර්මාණයම විය. එය දුටු මව හා පියාගේ හදවත උණුවන්නට පටන් ගත්තේය. ඔවුන් සරීපා වැලඳ ගෙන සිප ගත්තේ මේ වගේ දුකක් නැවත කාටවත් නොදැනේවායි කියාපාමිනි.
විශේෂ ස්තුතිය මාධ්‍යවේදී වැලිගම බී.කේ. ලලිත් පත්මසිරි මහතාට
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුනාමියෙන් දොළොස් වසරකට පසු යළි හමුවූ දියණිය
අජිත් Thursday, 18 August 2016 12:40 PM
බොහොම අගෙයි. තෙරුවන් සරණයි. (ර)
විිද්‍යා Sunday, 21 August 2016 05:17 AM
මනුශ්‍යත්වය ඇති මිනිසුන්ට සොබාදහම පිටුපාන්නේ නැත. මටත් දැනුනේ ඉතාම සතුටක්.(රේ)
අකිල Monday, 15 August 2016 06:38 AM
ඉතා හොඳ ලිපියක්. (බ)
රූපවතී Tuesday, 16 August 2016 05:26 AM
අනේ දෙවියනේ මගේ අැස්දෙකින් ගලාගෙන ගිය කදුළු මේ ලිපිය බලලා ..ඒ මව වසර 12 ක් මොන කදුළු සාගරයක් ඇදහැලෙන්න ඇතිද ඒ වැදු මවගේ අැස්දෙකින් ..වනේ වන සතුරෙකුට මෙවන් දුක් නොවේවා සෑම මවකට පියෙකුටම තම දරුවන් කෙරෙහි ආදරය කරුණාව රැකවරණය සැලසීම ඔවුන් දිවිහිමියෙන් ආරක්ෂා කිරීමේ චේතනාවන් හදවත් තුළ පහල වේවා (බ)