IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සැබෑ නිදහසක අභියෝග


ඒ අභිමානවත් නිදහස අපට උරුම වී 2021 දී සමරනු ලබන්නේ 73 වන නිදහස් දිනයයි. නිදහසේ ආරම්භය පිළිබඳ සලකා බැලීමේදී 1917 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පළමු ප්‍රතිසංස්කරණය ලෙස අපට හැඳින්විය හැකිය. 1945 ජුනි මාසයේදී ලංකාවට නිදහස ලබා නොදිය යුතු බවට සෝල්බරි සාමිවරයා බ්‍රිතාන්‍යයට නිර්දේශ නිකුත් කර තිබුණි. ඒ අනුව ඔහු නිර්දේශ කර තිබුණේ ලංකාවට එකවර නිදහස ලබා නොදී ක්‍රම ක්‍රමයෙන් නිදහස ලබා දිය යුතු බවය. ලංකාවේ එවකට සිටි සමහර නායකයෝ නිදහස එකවර ලබා ගැනීමට අකමැති තත්ත්වයක් පෙන්නුම් කළහ. ඒ කෙසේ වෙතත් 1948 පෙබරවාරි 04 වැනිදා බ්‍රිතාන්‍ය කිරීටයේ ආඥාවක් මගින් ලංකාවට නිදහස හිමිවිය. එසේ නිදහස හිමි වුවත් 1947 නොවැම්බර් 11 වැනිදා ආරක්ෂක හා විදේශ කටයුතු සම්බන්ධව ගිවිසුම් කීපයක් බ්‍රිතාන්‍ය සමඟ අත්සන් කිරීම සිදුවිය.

එවන් බැඳීම් සමඟ හිමිවූ නිදහස ඩොමීනියන් නිදහසක් ලෙස අපි අර්ථ දක්වන්නෙමු. වෙනත් රටක ආධිපත්‍යයෙන් සහ එම සීමා බැඳීම්වලින් නිදහස් වීමක් මෙතනදී සිදුවිය. සරලවම පවසනවා නම් ව්‍යවස්ථාමය හා දේශපාලනික වශයෙන් තිබුණු බැඳීම් ඉවත් වීමෙන් ලැබූ නිදහසක් ලෙස අර්ථ දැක්විය හැකිය. පෙර සඳහන් කළ ආරක්ෂක හා විදේශ කටයුතු ගිවිසුම් මගින් තව දුරටත් අපේ රට මහා බ්‍රිතාන්‍ය සමඟ තිබූ සම්බන්ධතාව දිගටම පවත්වාගෙන පැමිණියේය. 1972 දී පළමු ජන රජ ව්‍යවස්ථාව මගින් සෝල්බරි ව්‍යවස්ථාවේ බැඳීම් ඉවත් කොට ජනතා ආධිපත්‍ය මුල් කරගත් ව්‍යවස්ථාවක් නිර්මාණය විය. ඒ අනුව රාජ්‍ය බලයේ උපත ජනතාව ලෙස සැලකීම 72 ව්‍යවස්ථාවෙන් ආරම්භ විය. මෙහිදී සඳහන් කළේ අපේ රටට නිදහස ලැබීමේ ව්‍යවස්ථාමය පසුබිම පිළිබඳවය. සැබෑ නිදහස යනු ව්‍යවස්ථාමය නෛතිකමය වශයෙන් ලැබෙන නිදහසක් යන්න ගැඹුරින් සාකච්ඡාවට ලක් කළ යුතුය. එය අප ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ. අප නිදහස අර්ථ දක්වාගෙන තිබෙන්නේ පටු කෝණයකින් බව මාගේ හැඟීමයි. එසේ සඳහන් කරන්නේ නිදහස යනු පුළුල් සංකල්පයක් ලෙස විශ්වාස කළ යුතු බැවිනි.

නිදහස පුළුල් සංකල්පයක් ලෙස හඳුන්වන්නේ ඇයිදැයි විවිධ කාරණා හරහා විමසා බැලිය යුතුය. විශේෂයෙන්ම රටක ආර්ථික නිදහස වැදගත්ම කාරණයකි. ආර්ථික වශයෙන් අප රට කොතරම් නිදහසක් ලබා ඇතිද යන්න විමසීම වැදගත් කාරණාවකි. විශේෂයෙන්ම දේපළ අයිතිය අසාධාරණ හා අසමානව බෙදී යාමේ ස්වාභාවයක් අපට නිරන්තව හඳුනාගත හැකිය. එම අසමානතාව නිදහසට ප්‍රධානම බාධාවකි. එය ඉතාම පැහැදිලිය. එමෙන්ම අපේ රටේ ආදායම හා ධනය බෙදී යාමේ විෂමතාවත් වැඩිවී තිබෙන බව පැහැදිලි කාරණයකි. එමෙන්ම සංවර්ධනය යන පුළුල් කාරණයේදී සිදු කරන දැවැන්ත ව්‍යාපෘති හරහා අවතැන්වූ සහ ජීවන මාර්ග අහිමිවූ සහ සමාජ ආර්ථික ගැටලුවලට මුහුණ පාමින් සිටින පිරිසක් බිහිවීම නිරන්තරයෙන්ම හඳුනාගත හැකි කාරණාවකි. එමෙන්ම බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල හා අර්ධ නාගරික ප්‍රදේශවල ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ණය ලබාදෙන වෙනත් ආයතනවල ව්‍යාප්තිය සිදුවීම අපට ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. මෙමගින් පෙන්වන්නේ දිනෙන් දින පුරවැසියා ණය උගුලක සිරවෙමින් සිටින ආකාරයයි. එය ඉතාම පැහැදිලිය. එසේම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ තිබෙන තරගකාරිත්වය සමඟ මිනිසාගේ සැබෑ අවශ්‍යතාවලට වඩා කෘතිම අවශ්‍යතාවක් නිර්මාණය කර තිබේ. මේ නිසාත් මේ අර්බුදය දිනෙන් දින උග්‍ර වී ඇත. මේ ආකාරයට බලනවිට ආර්ථිකමය වශයෙන් අප ලබා ඇති නිදහස කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබේ.

එමෙන්ම ගෝලීයකරණ සංකල්පය තුළ ආර්ථිකමය වශයෙන් අප රටක් ලෙස ගත් කල නිදහසක් භුක්ති විඳීද යන්න විමසා බැලිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ප්‍රධාන මූල්‍ය ආයතනවල නිර්දේශ පිළිගැනීමට අපේ රටවල්වලට සිදුවී තිබේ. ගෝලීයකරණ ක්‍රියාදාමය තුළ බොහෝ විධි විධාන බලවත් රාජ්‍ය තුළ නිර්මාණය වීමෙන් අනතුරුව අපට පැනවීමක් සිදුවේ. විශේෂයෙන්ම ප්‍රමුඛ මූල්‍ය ආයතන විසින් කුඩා රටවල ජාතික ආර්ථික ප්‍රතිපත්ති වෙත බලපෑම් එල්ල කිරීම නිරන්තරයෙන් සිදුවේ. එහිදී කේන්ද්‍රීය රටවල් පාරිභෝගික භාණ්ඩ අලෙවි කිරීම සඳහා අපේ රටවල් වෙළෙඳ පොළක් බවට පත් කරගෙන තිබේ. මෙවැනි පරිසරයක අප සාකච්ඡා කරන නිදහස යන කාරණය කෙතරම් දුරට ප්‍රායෝගිකව භුක්ති විඳිය හැකිද යන්න ප්‍රශ්න සහගත කාරණයකි.

නිදහස යනු සත්‍ය වශයෙන්ම සීමා බැඳීම් මත සිදුවන තත්ත්වයකි. යම් යම් සීමා පැනවීම නිදහසට බාධාවකි. නිදහස භුක්ති විඳීමට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්ම කාරණාවකි. එහිදී දේශපාලන නිදහස සුවිශේෂීව වැදගත් වන කාරණයකි. මහාචාර්ය හැරල්ඩ් ලැස්කිට අනුව දේශපාලන නිදහස රිසි ලෙස භුක්ති විඳීම සඳහා තිබිය යුතු කොන්දේසි කීපයක් නම් කළ හැකිය. ඒවා නම් සමාන අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා සෑම පුරවැසියකුටම ඉඩ ප්‍රස්ථාව හිමිවීම, සමාජය තුළ එක් සමාජ පංතියකට අනෙක් සමාජ පංතිය ඉක්මවා ගිය විශේෂ වරප්‍රසාද හිමි නොවීම, නිදහස් හා අපක්ෂපාතී ජනමාධ්‍ය සේවයක් පැවතීමයි. මෙහිදී මෙම දේශපාලන නිදහස පුරවැසියන්ට හිමිකරදීමේදී එය සුරක්ෂිත කොට පවත්වා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සතුව ප්‍රබල වගකීමක් ඇති බව පැවැසිය යුතුය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවධානය යොමු කිරීමේදී අධිකරණයේ ස්වාධීනත්වය කියන කාරණාවත් ඉතාම වැදගත් වේ. විශේෂයෙන්ම අනෙකුත් ආයතනවල බලපෑම්වලින් තොරව ස්වාධීන අධිකරණයක පැවැත්ම යම් කිසි රටක පුරවැසියන්ගේ නිදහස තහවුරු කිරීමට හේතුවන ප්‍රබල කාරණයක් ලෙස සඳහන් කළ හැකිය.

නිදහස පිළිබඳව කතා කිරීමේදී අප සමාජයේ අභ්‍යන්තරික වශයෙන් ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමෙන් සැබෑවටම පුරවැසියන් නිදහස භුක්ති විඳීද යන කාරණය අවබෝධ කරගත හැකිය. එහිදී විශේෂයෙන්ම අපේ සමාජ අභ්‍යන්තරයේ ආගමික වශයෙන් වාර්ගික වශයෙන් කුල වශයෙන් ප්‍රාදේශීය වශයෙන් යන විවිධ ආකාරයට බෙදීම් පවතින බව පැහැදිලි කාරණාවකි. මෙම බෙදීම් සමාජ පීඩනයට හේතුවන බව අප වටහා ගත යුතුය. තාක්ෂණය සමඟ ඉදිරියට ගියත් මෙවන් පටු සාධක මත සිදුවන බෙදීම් සමාජයේ මුල්බැසගෙන තිබෙන බව පැහැදිලිය. ඒ බෙදීම් යන සාධකය මත නිරන්තරයෙන් ගැටුම් ඇතිවීමත් වැළැක්විය හැකි කාරණාවක් නොවේ. ගැටුම් ඇතිවීම් වලින් යම්කිසි සමාජයක මොහොතින් මොහොත අහිමි වන්නේ පුරවැසියන්ගේ නිදහසයි. විශේෂයෙන්ම අපේ රටේ දශක තුනකට අධික කාලයක් පැවැති ජනවාර්ගික ගැටුම නිසා සිදුවූ සමාජ අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳ හඳුනා ගැනීමේදී ඒ බව අපට මනාව පැහැදිලිවේ. තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි රටක් ලෙස අපේ රටේ පුරවැසියන්ට ඉතාම වැදගත් කාරණාව වන්නේ සියලු දෙනාගේ එකඟතාව හා අවබෝධයයි.

බෙදීම් පසෙකලා ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටිය හැකි මානසික තත්ත්වයක් ගොඩනැගිය යුතුමය. විශේෂයෙන්ම මෙහිදී ජනවර්ග ගණනාවකින් සමන්විත සමාජයක් ලෙස දේශපාලන නිදහස සම්පූර්ණවීමට තමන් බහුතර ආධිපත්‍යයේ බලයට යටත් නැති බව සියලු ජනකොටස් අතර පිළිගැනීමක් සිදුවිය යුතුය. එහෙත් අපේ රටේ මෙම තත්ත්වය ඉතාම සංකීර්ණ ගැටලුකාරී තත්ත්වයක් බව පැහැදිලිය. විශේෂයෙන්ම සංවර්ධන ක්‍රියාදාමය තුළ එහි ප්‍රතිලාභ ගලා යන්නේ සීමිත කොටසකට නම් ඇතැම් කොටස් මෙම ප්‍රවාහයෙන් ඉවතට විසිවී යාම වැළැක්විය නොහැකිය. මේ තත්ත්වය සමාජ අභ්‍යන්තරයේ ගැටුම් ඇතිවීමටත් නිදහස සීමා වීමටත් හේතුවේ. එමෙන්ම ජනවර්ග අතර සුහදත්වය අහිමිවන සිදුවීම් ලෙස බුද්ධිමත්ව ක්‍රියා කිරීම පාලකයා මෙන්ම පුරවැසියන්ගේ වගකීමක් බව සියලු දෙනාම සිහි තබාගත යුතුය. එමෙන්ම නිදහස පිළිබඳ කතා කිරීමේදී මානව හිමිකම්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ මානව අයිතිවාසිකම් සම්බන්ධව පරිච්ඡේදයක් ඇතුළත් නොවීය. එහෙත් 1972 පළමු ජන රජ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අන්තර්ගත කිරීමෙන් පළමු වරට සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් විය. 1978 මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් එම ව්‍යවස්ථාවට අන්තර්ගත විය. එහෙත් ව්‍යවස්ථාවක විධි විධාන මේ ආකාරයට තිබුණත් ඒවා භාවිතයට නොගන්නා විට මානව අයිතිවාසිකම් භුක්ති විඳීමට පුරවැසියන්ට තිබෙන නිදහස කොතරම් පුළුල් වී තිබේද යන්න ඉතාම ප්‍රශ්නකාරී මාතෘකාවක් බවට පත්ව තිබේ.

නිදහස පිළිබඳ ප්‍රශ්නය තවමත් විසඳී නැති බව එම කාරණය තුළින් පැහැදිලි වේ. අප බුද්ධිමත්ව සිතිය යුත්තේ මේ සීමිත අවකාශය සම්පූර්ණ කළ යුත්තේ කවර ආකාරයටද යන්න පිළිඳවයි. එමෙන්ම සමාජය තුළ කිසියම් ආකාරයකින් සිදුවන ආගම්වාදී අන්තවාදී හිංසා ක්‍රියා ප්‍රචණ්ඩත්වය තවමත් අප රටෙන් සම්පූර්ණයෙන් තුරන් නොවුණු ත්තත්වයක් තුළ අහිමි වෙන්නේද යම්කිසි පුරවැසි කණ්ඩායමකගේ නිදහසයි.
මෙවන් තත්ත්වයක් තුළ අපට සැබෑ නිදහසක් ඇතිකර ගැනීමට නම් එකිනෙකා සමඟ ජීවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. විවිධ අභියෝග හමුවේ අප උරුම කරගත් නිදහස සැබෑ නිදහසක් බවට පත්කර ගැනීමට පාලකයන් පුරවැසියන් යන දෙකොට්ඨාසයටම සුවිශාල වගකීමක් පැවැරී ඇති බව අමතක නොකළ යුතුය. මෙහිදී පාලකයන්ට පමණක් සියල්ල පවරා අත පිසදාගෙන සිටිය නොහැකිය. සක්‍රීය පුරවැසි සහභාගිත්වයක් හරහා සැබෑ නිදහස භුක්ති විඳීමට අපි අදිටන් කර ගත යුත්තෙමු.

රුහුණු විශ්ව විද්‍යාලයේ
දේශපාලන විද්‍යාව පිළිබද කථිකාචාර්ය  
පියුජි රසංජි මෙන්ඩිස්

(*** සටහන-අමිල චින්තක ගමගේ)

 



අදහස් (1)

සැබෑ නිදහසක අභියෝග

Raveendra Thursday, 04 February 2021 12:36 PM

පළමුව අපගේ ලක්අම්මා චිරාත් කාලයක් මෙ ලෝ තලයේ වැජඹේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. දෙවනුව අවුරුදු 73ක් වැනි සුළු කාලයක් තුළ මෙන්ම තාමත් අප දියුණු වෙමින් පවතින ඌන සංවර්ධිත රාජ්‍යයක් වීම පිළිබඳව එදා මෙදා තුර රට පාලනය කළ සහ කරන දේශපාලුවන්ගේ අත්තනෝමතික තීන්දු තීරණ නිසා දිනෙන් දින අපගේ රට අගාධයට යාම පිළිබඳව කිසිඳු දේශපාලුවෙක් තම අසීලාචාර කටවල් නම් ඇරියේම නැත. සෑම දේශපාලුවාම වචනයකින් හෝ කලේ සහ කරන්නේද රට විනාශ වෙන ක්‍රියාවක් වීම කණගාටුවකි. අනේකවිද පාට, පක්ෂවලට පිල් බෙදී බලය වෙනුවෙන්ම එකිනෙකා කා මරාගන්නා 225ට මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා..!!! ලංකා මාතාවට යහපතක්ම වේවා ...!!!

:       1       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1180 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 565 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 180 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4508 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12890 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 744 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38431 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site