IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සුභාවිත ගීත කලාව ඉව​රෙටම ඉවරයි

• මෙම ‘ගාන්ධර්ව අපද‌ාන’ පොත් පෙළ ලිවීමේ මූලික අරමුණ වුණේ කුමක්ද?
මුලින්ම කියන්න ඕනෑ අපට සංගීත සාහිත්‍යයක් නෑ. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම සංගීත ශාස්ත්‍රය දන්න පිරිසක් අපේ රටේ ඉන්නව. සංගීත ඉතිහාසය දන්න යම් පිරිසකුත් ඉන්නව. ඒත් ඒ කිසි කෙනෙක් ඒ තොරතුරු ලියා තබන්නට උත්සාහ ගත්බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා තමයි අපට සංගීත සාහිත්‍යයක හිඟය දැනෙමින් තිබෙන්නෙ.

මට මතක ඇති කාලෙ කෙටියෙන් හෝ විධිමත් සංගීත ඉතිහාසයක් ලියා තැබුවෙ විමල් අභයසුන්දර මහතා. ඒ ඇරෙන්න යම් යම් පැරැණි අය කෙටි ලිපි ලියා තිබුණත් එය ප්‍රමාණවත් නෑ. අපේ පැරණි සංගීත ඉතිහාසය සී. ද එස්. කුලතිලක සූරීන් විධිමත් ලෙස වාර්තාකර තැබුවා. ඒත් නූතන සංගීතය හා සංගීතඥයන් ගැන ලියැවිලා නැහැ. තිබුණත් ඒ සමහර පොත්වල සාකච්ඡා කරල තියෙන්නෙ ඔහු මොනවද ඇන්දෙ, පැළැන්දෙ, ඔහු බැඳල තියන ඔරලෝසුව මොන වගේ වටිනා එකක්ද? ඔහු ගමන් බිමන් ගියේ කොහොමද, ඔහු විහිළු තහළු කතා කිව්වෙ කොහොමද? ඔහු මදුවිත පානය කළ හැටි වගේ දේවල්

ඒත් මේ සංගීතඥයන් සිංහල සංගීතයට කරල තියෙන මහා මෙහෙය අති විශාලයි. ඒ නිසා මේ සංගීතඥයන් ගැන විස්තරයක් ලියනවා කියන්නෙ අපේ සංගීත සාහිත්‍යය ගොඩනැගෙනවා කියන එකයි. ඒ නිසා තමයි මම ගාන්ධර්ව අපද‌ාන පොත් පෙළ ලියන්න පටන්ගත්තෙ. ඒ අනුව මේ රචනාවෙන්නෙ නූතන සංගීත ඉතිහාසයයි.

• අපද‌ාන සාහිත්‍යය ලෝක සාහිත්‍යය තුළ ජනප්‍රිය ක්ෂේත්‍රයක්. බොහෝවිට ඒවා රචනා වන්නේ ශ්‍රේෂ්ඨ චරිත වටා. අපද‌ාන සාහිත්‍යයෙන් ගාන්ධර්ව අපද‌ාන වෙනස් වෙන්නෙ කොහොමද?
අපද‌ාන කියන සාහිත්‍යාංගය බොහෝ විට උද‌ාර, වීර, පරමාදර්ශී චරිත වටා ගෙතිල තියෙන්නෙ. දරුවන්ට බොහෝ වෙලාවට කියන්නෙත් ඒ අපද‌ාන කෘති කියවන්න කියල. තමන්ගෙ ජීවිත හැඩගස්වාගන්න එය ප්‍රයෝජනවත් වන නිසා ඇත්තෙන්ම ඒ කියන ප්‍රධාන පෙළේ අපද‌ාන සාහිත්‍යයට මේ කෘති වැටෙන්නෙ නෑ. මේ සංගීතඥයන් පරමාදර්ශී චරිතම කියල කියන්න අමාරුයි. ඒ අය විවිධ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙමින් සංගීතය කරපු අය. මේ අපද‌ාන මම ලියන්නෙ ඔවුන් පිළිබඳ එක වාක්‍යයක්වත් ග්‍රන්ථාරූඨ වෙලා නැති නිසා.

මේ ගාන්ධර්ව අපදාන පොත් පෙළේ නිශ්චිත ක්‍රමයක් තියනවා. පළමු කොටසින් සාකච්ඡා වෙන්නෙ ඔවුන්ගේ චරිත සටහන. දෙවැනි කොටස ඔවුන් සිංහල සංගීතයෙහි වැදගත් වන්නේ කවර හේතුවක් මතද කියන එක.

• ඔබේ කෘති නාමාවලිය අරගෙන බැලුවොත් ඉන් වැඩි ඉඩක් වෙන් වී තිබෙන්නේ ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා. සාහිත්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයට ශාස්ත්‍රීය පර් යේෂණවල වැදගත්කම කෙබඳුද?
මම උත්තර භාරතීය රාගධාරී සංගීතය විශාරද උපාධිය දක්වා හැදෑරුවා. ඒ හැදෑරීමේ ප්‍රතිඵල තමයි සංගීතය පිළිබඳ මම මේ ලියන පොත පත. මා සංගීත ශාස්ත්‍රය හද‌ාළ කෙනෙක් නොවන්නට මට මේ කියන සංගීතඥයන්ගේ වටිනාකම නොතේරෙන්න ඉඩ තිබුණා.

ඒ ශාස්ත්‍රය හද‌ාරපු නිසා තමයි මට ‘බයිලා කපිරිඤ්ඤා’ විමර්ශනයක් වගේ පොතක් ලියන්න පුළුවන් වෙන්නෙ. ඒක ගර්හිත කලාවක් කියල විද්වතුන් පයින් පාගා පොඩිකර දමා බැහැර කරල තිබුණෙ. බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක් පොත ලිව්වාම මේ රටේ ඇතැම් මහා සංගීතඥයන් මට හිනාවුණා. වෙන කරන්න සංගීත පර් යේෂණයක් ඇත්තෙම නැතුවද මේ බයිල ගැන ලියන්නෙ කියල. ඒත් අද ඒ පොත ලියපු එකේ ප්‍රයෝජන මේ රටේ සංගීත ක්ෂේත්‍රයට ලැබිල තියනවා.

ඒ වගේම සිංහල සංගීතයේ ප්‍රථම වතාවට ග්‍රැමෆෝන් ගී යුගය කියල යුගයක් මම හඳුනාගත්තා. මම කියන්නෙ තවත් බොහෝ දෙනෙකුට ලියන්න බොහෝ දේ තියනව මේ සංගීත ක්ෂේත්‍රයේ. කනගාටුව ඒවා නොලියවෙන එකයි. එබඳු නව පර්යේෂණ, අධ්‍යයන සිදු නොවන එකයි.

• හැබැයි මීට දශක කීපයකට කලින් මේ කියන නව පර්යේෂණ සහ විචාර ක්ෂේත්‍රය බැබළුණේ විශ්වවිද්‍යාලවල මූලිකත්වයෙන්. දැන් චෝදනාවක් තියනව මේ නව පර්යේෂණ සහ විචාර අධ්‍යයන වැඩිපුර සිදුවෙන්නෙ විශ්වවිද්‍යාලවලින් නොව බාහිර උගතුන් අතින් කියල. මේ ගැන ඔබ මොකද කියන්නෙ?

ඒකෙ ඇත්තක් තියෙනව. මේකට හේතුව බොහෝ විශ්වවිද්‍යාලවල තරුණ කථිකාචාර්යවරුන්ගේ රැකියාව ස්ථිර වෙනව මුල් පශ්චාත් උපාධියක් කළාට පස්සෙ. ඒක නිසා බොහෝ දෙනාගේ පර් යේෂණ ලේඛන පශ්චාත් උපාධියත් එක්ක නවත්තනවා. ඊළඟ කඩඉම තමයි මහාචාර්ය පදවියක් ලබාගැනීම. ඔහුට ඒක ලැබෙන්නෙ ඔහු කරන පර් යේෂණවල ප්‍රමාණය හැටියට. ලකුණු ලැබෙන්නෙ ඒ පර් යේෂණවල තියන ගුණාත්මක තත්ත්වය මත. මහාචාර්ය පදවි ලබන අයත් ඒක ලැබුවට පස්සෙ පර් යේෂණ නවත්වනවා. ඒ නිසා විශ්වවිද්‍යාලවලින් කෙරෙන පර් යේෂණ ඉලක්කගත පර් යේෂණ පමණක් බවට පත්වෙලා තියනවා. ඒ අතර සුළු පිරිසක් ඉන්නව අඛණ්ඩව පර් යේෂණ යෙදෙන. ඔවුන්ට මහාචාර්ය ඉලක්ක හෝ රැකියා ඉලක්ක නෑ. ඔවුන් ඒ දේ කරන්නෙ ශාස්ත්‍රයට තියන පරම ඇල්ම නිසයි.

• තව චෝදනාවක් තියනව වර්තමාන පරම්පරාව සම්ප්‍රද‌ාය, අතීතය අධ්‍යයනය නොකරන බවට. නව නිර්මාණ රචකයන් මෙබඳු පර් යේෂණ, අධ්‍යයන අනවශ්‍යයැයි බැහැර කරන මට්ටමක් අද තිබෙන බවයි සමහරු කියන්නේ.
මා ලියූ ගාන්ධර්ව අපද‌ාන පොත් පෙළට තරුණ පරම්පරාවෙන් ලැබෙන ප්‍රතිචාර අපමණයි. ඔවුන් අතර ඉන්නෙ විද්‍යාර්ථයින් පමණක් නොවෙයි. ඒ බොහෝ දෙනා සංගීත ලෝලියෝ. හැබැයි සංගීත ලෝකයේ  සිටින ගායක ගායිකාවන්ට, ගීත රචකයන්ට, සංගීතඥයන්ට අතීතයට සවන් නොදෙන, අතීතයට ගරු නොකරන අයට මේ පොත් තිබුණත් නැතත් වැඩක් නෑ මයෙ හිතේ. ඔවුන්ට මේ පොත්වලින් තඹ දොයිතුවක ප්‍රයෝජනයක් නෑ. මේ පොත් කියවන්නවත් ඒ අතීතය හොයා බලන්නවත් ඔවුන්ට වුවමනාවක් නෑ. ඔවුන් පය ගහල ඉන්නෙ වර්තමානයේ පමණයි. එහෙම පරම්පරාවක් තමයි මේ රටේ බිහිවෙලා ඉන්නෙ. ඒක කනගාටුද‌ායක දෙයක්.

සුභාවිත ගීත කලාව අද නැත්තටම නැතිවෙලා තියෙන්නෙ. ඒක ඉව​ෙරටම ඉවරයි. ඒ කනගාටුව තියෙන්නෙ මට. තවමත් සුභාවිත සංගීතයට ප්‍රියකරන තරුණ ගායකයන්, සංගීතඥයන්, ගීත රචකයන් පිරිසක් නැතුවා නොවෙයි. ඒත් ඔවුන්ට උඩට මතුවෙලා තමන්ගෙ දක්ෂතා පෙන්වන්න විදියක් නෑ. මොකද අද සියලු නාළිකා අරක්ගෙන තියෙන්නෙ ප්‍රාථමික මට්ටමේ සංගීතය නිසා.

• මෙබඳු රසික සමාජයකට නැවත ඔබ ගීත නොලියන බවට මීට වසර කීපයකට පෙර ස්ථිර තීරණයට පැමිණ සිටියා. ඒ තීරණයේ තවමත් වෙනසක් නැද්ද?
නෑ. ඒ තීරණය එහෙමමයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න
(*** සංවාද සටහන - ගාමිණි කන්දේපොළ)

 

 



අදහස් (13)

සුභාවිත ගීත කලාව ඉව​රෙටම ඉවරයි

Champa Tuesday, 08 September 2020 02:02 PM

සම්පූර්ණ ඇත්ත කතාව. ලංකාවේ බහුතර ජනතාව සංගීතය පිළිබඳ උසස් රසාස්වාදයක් තියෙන මිනිස්සු. නමුත් හැමතැනම ප්‍රචාරය වෙන්නේ සුළු පිරිසක් කැමති වර්ගයේ, ප්‍රාථමික මට්ටමේ ගීත නිසා අද රටේ බහුතරයට අහන්න ගීත නැහැ. ප්‍රාථමික ගීත වැහි වැහැලා තියෙන රටක, සමන් ලෙනින් වැනි ගායකයන් රසිකයින්ට උසස් වින්දනයක් දෙන්න කරන විශිෂ්ඨ උත්සාහය ඉහළින්ම අගය කරනවා. නාලිකාවල යන ගීතවලින් සංගීතය පිළිබඳ සමාජ රසිකත්වය මනින එක හරියි කියලා මම හිතන්නේ නැහැ. නාලිකා වල යන ගීතවලින් පෙන්වන්නේ ඒ නාලිකා අයිතිකරුවන් සහ වැඩසටහන් නිෂ්පාදකයින්ගේ බාල මානසිකත්වය. නිතරම ඇහෙන්නේ ප්‍රාථමික මට්ටමේ ගීත නම්, කිසිම සුභාවිත ගීතයක් ඇහෙන්නේ නැත්නම්, මිනිස් සිත ඒ විදිහට අනුගත වෙනවා. මම නම් හිතන්නේ, හරසුන් ප්‍රාථමික ගීත ප්‍රචාරය වීම වෙන්නේ සුභාවිත ගීත වලට කැමති රටේ බහුතර රසිකයන්ගේ පාලනයෙන් බැහැරව නිසා, සුනිල් ආරියරත්න මහත්මයා රසිකයන්ට සුභාවිත ගීත ලියන එක නතර කරපු එක සාධාරණ නැහැ කියලා. ඒ අතර, නූතන සංගීත ඉතිහාසය ගැන සුනිල් ආරියරත්න මහත්මයා ලියන ගාන්ධර්ව අපදාන පොත් පෙළ සුභාවිත සංගීතයට ලැදි බාල තරුණ මහලු සියලු දෙනාට කතරට වට වැහි පොදක් වෙනවා නොඅනුමානයි.

:       2       59

රිද්මWednesday, 09 September 2020 10:16 AM

දැන් මේ අයගෙන් පස්සෙ මුළු ලෝකෙම නවතිනවද ඔය කියන විදියට?

:       110       4

ChampaThursday, 10 September 2020 07:42 PM

රිද්ම - ඔබ අහලා තියෙනවද පුතා, ජෝර්ජ් බර්නාර්ඩ් ෂෝ කියලා තියෙනවලු "කවදාවත් සතුරෙකු එක්ක පොර බදන්න යන්න එපා. ඔබ දෙදෙනාම අපිරිසිදු වෙනවා. හැරත්, සතුරා ඒකට කැමතියි" කියලා? ඔබට උත්තර දෙන්න මගේ අදහසක් නැහැ. මෙතන පල කරලා තියෙන මේ ලිපිය වැඩිහිටියෙකුට කියලා තේරුම් කරවා ගන්න.

:       0       0

Athula Wednesday, 09 September 2020 08:28 AM

මුදල් මත පමණක් සියළු දේ තීරණය වෙන සමාජයකට අද රටම තල්ලුවෙලා තම වෘත්තිය අාත්ම තෘප්තිය කරගත් සංගීතඥයින්, ගායන ශිල්පීන්, පරිණත ගීත රචකයින් අද බිහිවෙයි.. හිතන්නවත් බැරිතරම් එදා අපට අමරදේවයන් වගේ ජාතික වස්තුවක් බිහිවුනේ... ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ව ඔපමට්ටම් කරන පිරිසක් පසුබිමේ තිබුණු අද සියල්ලම මුදලට... මේ අාර්ථික රටාව වෙනස් කරනතුරු සියළු වටිනාකම් ගසාගෙන යාම වළක්වන්න බැහැ..

:       0       25

නිහාල් Wednesday, 09 September 2020 10:15 AM

කුහකකම ඉහවහ ගියාම කොහොමද වෙන අය කරන නිර්මාණයක හොඳක් පේන්නේ? අපි තමයි පොරවල්.. අපෙන් පස්සේ ඔක්කොම ඉවරයි කියලා කයිවාරු ගහන මේ මහත්වරු නවක පරපුරක් තනන්නටවත් ඔවුන්ට අත හිත දෙන්නවත් කළ කී දෙයක් නැත. පෑන් ඉරකින් වචනයකින් හෝ දුටු තැන කපා දමා තමන්ගේ වරිගයේ කුලකයේ අය විතරක් පුම්බන්නටම වෙහෙසෙති.. ඇස් කන් ඇර බැලුවොතින් ඕනතරම් පද රචනා සහ ගායක ගායිකාවන්, තනු නිර්මාණ සොයා ගන්නට ඇත. හැම දෙයකටම කල් ඉකුත් වන දිනයක් ඇති සේම මොවුන්ටත් ඒ ධර්මතාවය පොදුබව වටහා ගත යුතුමයි. මේ කමෙන්ට් එකට ගොඩක් අය අන්ලයික් කරයි. එහෙත් ඇත්ත වෙනස් කළ නොහැකි බව තේරුම් ගත යුතුයි...

:       120       100

Gayan BandaraThursday, 10 September 2020 09:51 AM

ඔබතුමන් කියන කතාව ඇත්ත. අද ඕනතරම් හොඳ ලියන දක්ෂයින් රැසක් ඉන්නවා.. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න ඒ අයව අගේ කරන්න මානසිකත්වයක් ඔය කියන ප්‍රවීණයින්ට නෑ. එකම කුලකයකට විතරයි මේ අය උදව් කරන්නේ. ඇත්තම මේ ප්‍රවීණ අයගෙන් බහුතරයක් අති කුහකයි. ඒ වගේම ඕනේතරම් සුභාවිත ගීත අද බිහිවෙනවා, නමුත් ඒ ගීතවලට කිසිම චැනල් එකකින් උදව්වක් ලැබෙන්නේ නෑ. මුදල් ගෙවා තමයි ගීත ප්‍රචාරය කරවාගන්න ඕනේ... මේ මාධ්‍යය හසුරුවන අය දන්නවා හරසුන් නිර්මාණ කරන බොහෝදෙනෙක් ලඟ මුදල් ගැවසෙනවා කියලා. ඉතිං ඔවුන්ගේ ගීත සමාජගත කරනවා. හොඳ නිර්මාණ බලන්න පුලුවන් යූටියුබ් එකෙන්. මොකද ඕනෙම කෙනෙකුට යූටියුබ් එකෙ ඕනදෙයක් දාන්න පහසුකම තියෙනවා. මා දන්නා නිසයි කියන්නේ ඔය ප්‍රවීණ අය මාධ්‍යයට ඇවිත් මොනවා කිව්වත් ඒ අය අනාගතයට පරපුරක් බිහි නොකර තමන්ගේ මමත්වය ගැන පමණක් පන්පෝරි ගහනවා. මාධ්‍ය ඉදිරියේ දිගහරින මුහුණ සැබෑ ලොවේදී නෑ.

:       0       0

ChampaThursday, 10 September 2020 10:03 PM

නිහාල් - ඔබේ කොමෙන්ට් එක බලපුවහම, අර කතාවක් තියෙනවනේ "පැහැදිලි තර්කයක් ගොඩ නගා ගන්න බැරි වුණාම, දුර්වලයන් ආයුධය විදිහට යොදා ගන්නේ අපහාසය" කියන එක මතක් වුණා. ඔබ දන්නවද, සුනිල් ආරියරත්න මහත්මයා මුලින්ම නාට්‍යයක් ලියලා තියෙන්නේ අවුරුදු 11දී. මුලින්ම සම්මානයක් හම්බ වෙලා තියෙන්නේ අවුරුදු 15 දී "සකුරා මල් පිපිලා" කියන සිංදුවට. මම දන්නා විදිහට එතුමාට කවුරුවත් අතහිත දුන්නේ නැහැ. එතුමා සංගීතය තමන්ගේ ජීවිතය කරගෙන, බොහෝ සාහිත්‍ය ග්‍රන්ථ, සිනමා පට, ගීත, පර්යේෂණ කෘති ආදී වශයෙන් ලංකාවේ සාහිත්‍ය කලාව වෙනුවෙන් අනුපමේය සේවයක් කරලා තියෙනවා. සම්ප්‍රදාය සහ පිළිවෙලට එරෙහිව සමාජ යථාර්තය පෙන්වා දෙමින් ඔහු රචනා කළ ගීතවලින් පෝෂණය වුණු තව සංගීත පරම්පරාවල් ඔහු පසුපසින් තිබුණා. නමුත් ඊට පස්සේ ආපු අලුත් පරම්පරාවල් ගීතය වාණිජකරණය කරපු එකට සුනිල් ආරියරත්න මහත්මයා ඇතුළු ප්‍රවීණයන් පලි නැහැ. සෑම දෙයකටම කල් ඉකුත් වීමක් තියෙනවා කියලා ඔබ කියලා තියෙන දේට මට හිනායනවා. ඔබ කියනවා වගේ, ඇස් කන් ඇර බැලුවොත්, හැම තැනම බිම් මල් පිපිලා තියෙනව පේනවා. නමුත් බිම්මල් වලට ඉතා කෙටි, කල් ඉකුත් වෙන දිනයක් තියෙන හින්දා පැවැත්මක් නැහැ...

:       0       0

සුනිල් Sunday, 13 September 2020 07:23 AM

සහතික ඇත්ත. චරිත වගේ අළුත් කලාකරුවෝ වෙනස් විදිහේ දේවල් කරනවා.. උඩඟුකමෙන් ඉහවහා ගිය ඇත්තන්ට පේන්නේ නෑ...

:       0       0

kamal Thursday, 10 September 2020 07:32 AM

බෙංගාලි සිංදුවලට සිංහල වචන දාලා අද අද තරුණ පරපුර රවටන්න බැහැ. මේ සුභාවිත කට්ටිය තමයි ඉන්නේ. 70දශකයේ ඒවා අදත් ලියනවා. මෙහෙම යනකොට රූපසිංහ මාස්ටර් අද නැවත ආවොත් නූර්ති ගී කලාව ඉවරයි කියලා දෙස් දෙවොල් තියයි. අද තියෙන සමාජයට අනුව නුවණක්කාර විදිහට සිංදුවක් ලියාගන්න බැරි වුණාම ඔහොම තමයි.

:       0       0

Kamal Koyrala Thursday, 10 September 2020 10:22 AM

සුනිල් සර්, සුභාවිත ගීතය පුද්ගලික බස්වල අහන්න කියලා කීවේ... සංස්කෘතිය කඩා වැටෙනවා කියපු අයට එසේ කරන්න තනතුරුවලට පත් කරලා තියෙන්නේ... දැන් තියෙන්නේ 6/8 යි.

:       0       0

Wca Friday, 11 September 2020 06:26 PM

සංගීතය අද ඊයේ ඇති වුණු එකක් නොවෙයි. ගොඩක් ඉතිහාසයක් මේකට තියෙනවා ඒකට ඒ කාලෙ මාධ්‍ය තිබුණේ නෑ. මාධ්‍යය ආවේ ළඟදී අද කොච්චර දේවල් තියෙනවද මිනිස්සු අතරට සංගීතය ගෙනියන්න තියෙන්නේ හොඳ කලාකරුවන් බිහිවෙන්නැති එකයි ඔතන ප්‍රශ්නය. ඒක හින්දා ඔය අන්තිමට ලියපු ටිකට එකඟ වෙන්න බෑ. මේ අයම තමයි මීඩියා වලට ඇවිල්ලා ඔයාලා හොඳයි කියලා කියන්නේ...

:       0       0

kamal Saturday, 12 September 2020 05:21 AM

තමන්ට සිංදු ලියන්න අවස්ථාව නැති වුණාම දෙස් දෙවොල් තියන තවත් අය ඉන්නවා.

:       0       0

Baddrani Sunday, 13 September 2020 08:21 AM

අපි නැතිනම් සිංදුත් නැහැ.. උතුමාණෙනි.. අපි නම් සිංදු අහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 155 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 155 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1096 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 474 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1123 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site