පූජනීය ආදරය සීමා මායිම්, වැටකඩොලූ දමා නැවැත්විය හෝ වෙන්කළ නොහැකිය. දෙහදක ජනිතවන අවංක ආදරයට උස් පහත් හෝ ජාති භේද, ආගම් භේද කිසිවක් හරස් නොවේ... නමුදු සමාජ සම්මතයේ පනවා ඇති සීමා බාධක හමුවේ සිය පූජනීය ආදරය ජය ගනිමින් එම ආදරවන්තයන්ට සිය පේ‍්‍රමයේ විපුල පල නෙළා ගන්න එක්වන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එය සිය වාසනාව මතම සිදුවිය යුතුමය. එලෙස සමාජ සම්මතය සීමා මායිම්, වැටකඩොලූ බිඳ දමමින් උතුර දකුණ යාකොට ආදරණීය දෙහදක් එක්වීමේ සුන්දර පුවතක් පසුගියදා අපට කිලිනොච්චි භාරතීපුරම් මලයාලපුරම් ප‍්‍රදේශයේදී අසන්නට ලැබුණි. මෙම මංගල කතාවේ මනමාලිය වූයේ කිලිනොච්චියේ චන්ද්‍රසේකරන් ශර්මිලා 18 හැවිරිදි තරුණියකි. මනමාලයා කිලිනොච්චි 25 වැනි ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කරන කුරුණෑගල ගල්ගමුවේ පදිංචි ඊ.එම්.ඞී. සඳරුවන් (23) නමැති රණවිරුවාය. තමාගේ අනාගත සිහින මන්දිරය කිලිනොච්චියේ ද්‍රවිඩ තරුණියක් සමඟ එක්ව කරන්නට සඳරුවන් කිසිදු දිනක සිහිනෙන්වත් නොසිතන්නට ඇත. තමාගේ අනාගත සහකරු දකුණේ රණවිරුවකු වන බව ශර්මිලා ද සිහිනෙන්වත් නොසිතන්නට ඇත. සිත ගිය තැන මාලිගාව වශයෙන් පවසන්නේ මෙවැනි අහඹු සිද්ධීන්ය. වසර 1 1/2 ක් පුරා පැවැති මොවුන් දෙදෙනාගේ පේ‍්‍රමය උතුරේත් දකුණේත් ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 26 දින ශර්මිලාගේ නිවසේදී හින්දු ආගමික චාරිත‍්‍රානුකූලව සිදු විය. ඉඩකඩ ඇති සෑම බිම් අඟලක් පුරාම දශක තුනක් පුරා යුද්ධය නමැති ශාපලත් බීජයෙන් වැපිරී තිබුණු වකවානුවේ සියල්ල අහිමි වූවන් අතර ශර්මිලා ද විය. සෙසු අයට මෙන් ඔවුනටද අවසානයේ හිමි වූයේ වවුනියාවේ අවතැන් කඳවුර පමණි. මාපියන් සහ සිය වැඩිමහල් සොහොයුරන් දෙදෙනා සමඟ ඇය එහි වූවාය. ශර්මිලාගේ පියා මලයාලපුරම් ග‍්‍රාමසංවර්ධන සමිතියේ සභාපතිවරයා ද විය. සමාජයේ පිළිගැනීමට ලක්ව තිබූ පවුලක එකම දියණිය වූ ශර්මිලාගේ අනාගතය පිළිබඳව ඔව්හු සිහින මැවූහ. සඳරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. ශර්මිලාගේ සිත සඳරුවන් වෙත ඇදී ගියේ ඔවුන් වවුනියාව අවතැන් කඳවුරේ සිටියදීය. නමුදු කඳවුරු ජීවිතය ඔවුන්ගේ හිතවත්කමට බාධාවක්ව තිබුණි. රජය මගින් කළ නැවත පදිංචිකිරීමේ වැඩසටහන යටතේ ශර්මිලාලාටත් ඔවුන්ගේ ගම් ප‍්‍රදේශය වෙත යාමට හැකියාව ලැබුණි. ඒ අනුව ඔවුහු සිය ගම් ප‍්‍රදේශය වෙත ගොස් නැවත පදිංචි වූහ. සඳරුවන් කිලිනොච්චියේ කඳවුරක සේවය කිරීම හේතුවෙන් ඔවුන්ගේ පේ‍්‍රමය දිනෙන් දින දළුළමින් වසර 1 1/2ක්ම ගෙවුණි. තමා හමුදා සෙබළකු බැවින් මෙම ප‍්‍රදේශයේ ද්‍රවිඩ තරුණයන් සමග සම්බන්ධයක් පවත්වා ඇය විවාහකර ගන්න තමාට කිසිදු දිනයක අවසර නොදෙන බවට සඳරුවන් බිය විය. තමාට හමුදාවෙන් දඬුවම් ලබා දෙතැයිද සඳරුවන් තුළ හට ගත්තේ විශාල බියකි. එසේ වුවද සිය ආදරණීය පෙම්වතියට කිසිදු දිනයක ද්‍රෝහී නොවන බවට හිතට ගත් සඳරුවන් තමා කළ යුතු දේ පිළිබඳව අවසානයේ තීරණය කළේය. අවසානයේ හමුදාවට නොදන්වා විවාහවීමට සඳරුවන් තීරණය කළේය. ඒ වෙනුවෙන් සිය රාජකාරි නිවාඩු අනුමත කරගෙන සඳරුවන් ශර්මිලාව කිලිනොච්චියේ සිට හොර රහසේම සිය ගම් ප‍්‍රදේශය වූ ගල්ගමුව මගුල්වැව ගම වෙත කැඳවාගෙන ආවේය. තම කඳවුරේ සෙබළකු ප‍්‍රදේශයේ ද්‍රවිඩ තරුණියක් සමග හිතවත් වී ඇය හොර රහසේම සිය ගම් ප‍්‍රදේශය වෙත රැගෙන විත් ඇති බවට 25 වැනි ගජබා රෙජිමේන්තු කඳවුරේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල් ආර්.එම්.එච්. ජයතිස්ස මහතා සිය සේනාංකාධිපතිවරයා වූ 57 වැනි සේනාංකයේ සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ආර්.ඩබ්ලිව්.එල්. රොබෙල් මහතාට දැනුම් දුන්නේය. මේ මංගල්‍යය සියලූ ඥාතීන්ගේ ආශිර්වාද මැද කළ යුතු බව ඒ මහතා එහිදී තීරණය කළේය. සෙබළු කණ්ඩායමක් ගල්ගමුව සඳරුවන්ගේ නිවස වෙත පිටත් කර යවා නව යුවළ එම නිවසේ සිටින බවට තහවුරු කරගෙන මෙම මංගල්‍යය සිදු කිරීමට දෙපාර්ශ්වයේම මාපියන් කැඳවා තිබුණි. ඒ ඔවුන්ගේ කැමැත්ත විමසීම සඳහාය. සඳරුවන්ගේ මාපියන් වූ ඊ.එම්. වන්නිනායක සහ එම්.කේ.යූ. මල්කාන්ති යුවළත් ශර්මිලාගේ මාපියන් වූ පෙරුමාල් චන්ද්‍රසේකරන් සහ චන්ද්‍රසේකරන් තයිවානි යුවළත් කැඳවා මෙම මංගල්‍යය පිළිබඳව කථා කිරීමේදී දෙපාර්ශ්වයේ මාපියන් මෙම මංගල්‍යය කිරීමට ඔවුන්ගේ කැමැත්ත හමුදා ප‍්‍රධානීන් හමුවේ ප‍්‍රකාශ කර තිබුණි. ඒ අනුව බි‍්‍රගේඩියර් ආර්.ඩබ්ලිව්.එල්. රොබෙල් සහ ලූතිනන් කර්නල් ආර්.එම්.එච්. ජයතිස්ස යන මහත්වරුන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම සහ ආශිර්වාදය යටතේ ශර්මිලාගේ සහ සඳරුවන්ගේ මංගල්‍යය කිලිනොච්චියේ පැවැත්වීමට සියල්ල සූදානම් කෙරිණි. ඉකුත් 28 දින දෙපාර්ශ්වයේ ඥාතීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ ආශිර්වාද මැද සඳරුවන් සහ ශර්මිලා අතිනත ගත්හ. හමුදා නීතිය අනුව සෙබළකු විවාහ වන්නේ නම් ඒ බව හමුදාවට දන්වා හමුදාවෙන් අවසර ලබා ගත යුතුමය. නමුත් මෙහිදී සඳරුවන් තම විවාහය පිළිබඳව හමුදාවට කල්තියා දන්වා අවසර නොගැනීම හේතුවෙන් විවාහ දිනයේ හමුදා නිල ඇඳුමෙන් සැරසීමට ඔහුට අවසර නොලැබුණි. සඳරුවන් දැන් පදිංචිව සිටින්නේ කිලිනොච්චියේ සිය බිරිඳගේ නිවසේය. සිය බිරිඳගේ නිවසේ සිට ඔහු උදේ හවා කඳවුරේ රාජකාරියට පැමිණේ. තම එකම දියණිය යුද හමුදා සෙබළකු නැතහොත් රණවිරුවකු සමඟ විවාහවීමත් උතුරත්-දකුණත් යා කරමින් කෙරුණු මෙම මංගල්‍යය සම්බන්ධයෙනුත් අදහස් දක්වමින් ශර්මිලාගේ පියා වන පෙරුමාල් චන්ද්‍රසේකරන් මහතා මෙසේ පැවසීය. ”අප ජීවත් වෙන්නේ කුඩා රටක් තුළ. අපේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හා බර්ගර් ජීවත් වෙනවා. අප සෑම දෙනාම සෑම කෙනකුටම, සෑම ජාතියක්ම අගේ කළ යුතුයි. සෑම ජාතියකටම ගරු කළ යුතුයි. එහෙම වුණොත් තමයි අප අතරේ සමගිය තව තවත් වැඩි වෙන්නේ. මගේ දියණි හමුදාවේ කෙනකු සමඟ විවාහ වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. මේ මංගල්‍යය පවත්වන්න කතා කරගන්න මා සඳරුවන්ගේ ගල්ගමුවේ ගෙදර ගියා. ඔවුන් අපව පිළිගත් අයුරුත් එම ප‍්‍රදේශයේ ජනතාව අපව පිළිගත් අයුරුත් දැකලා අපට හරිම ආඩම්බරයක් ඇති වුණා. ඔවුන් අපට ඔවුනට ආවේණික කෑම වර්ගවලින් සංග‍්‍රහ කළා. ඔවුන් අපව සාදරයෙන් පිළිගෙන අපට දැක්වූ සුහදතාව, ගෞරවය සහ අනුකම්පාව අප හොඳින් අවබෝධ කරගත්තා. අපේ පවුලේ සියලූ දෙනාටම දෙමළ භාෂාවට අමතරව සිංහල භාෂාව හැසිරවීමට හැකිවීම අපට විශාල පහසුවක් වුණා. වසර 30 ට පසුව අප වෙත ළඟා වුණු සාමය අප තවදුරටත් ආරක්‍ෂා කළ යුතුයි. ඒකට ලබාදෙන හොඳම උදාහරණය තමයි මේ විවාහය. අප මේ සාමය තවදුරටත් ඉදිරියට රැකගෙන රැගෙන යා යුතුයි. අපට සමගියෙන් ඉන්න පුළුවන් වෙන්නේ මේ සාමය රැකගත්තොත් විතරයි. මම අපේ තරුණ තරුණියන්ගෙන් ඉල්ලන්නේ වසර 30 ක් පුරා මේ සාමය ලබාගන්න අප ගොඩක් දුක් වින්දා. දැන් ඒ සාමය අපට ලැබුණා. මේ සාමය හැමදාමත් රැකගන්න අපි සියලූ දෙනා මේ අයුරින් එකතු වී සහජීවනයෙන් යුතුව වැඩ කළ යුතුයි කියලා. මෙහිදී සඳරුවන්ගේ මාපියන් ද පැවසුවේ තම වැඩිමහල් පුතාගේ විවාහයට තමන්ගේ පූර්ණ ආශිර්වාදය ලබා දුන් බවයි. යුද්ධය නිමා වීමත් සමඟ උතුර-දකුණ යා කරමින් සිදුවූ මෙම ප‍්‍රථම සිංහල - දෙමළ මංගල්‍යයට නව අරුතක් එක් කරමින් මෙම විවාහ මංගල්‍යයට තවත් පූර්ව ආදර්ශයක් එක් කරමින් කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති නැණ ගුණ වැඩුම සිසු දිරිය ජාතික වැඩසටහනට මෙම නව මනාල යුවළ සහ ඔවුන්ගේ ඥාතීන් කැඳවා තේ පැන් සංග‍්‍රහයක් පවත්වා තිබුණි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙහෙයවන ලද මෙම විශේෂ වැඩමුළුවට දෙපාර්ශ්වයේම ඥාතීහු සිය අත්දැකීම් සහභාගි වූ තරුණ තරුණියන් අතරේ බෙදා දුන්හ. ශාපලත් යුද්ධය හේතුවෙන් 30 වසරක් පුරා අපට අහිමි වූ දේ බොහෝය. වටිනා ජීවිත, දේපළ පමණක් නොවේ, අපේ ජාතීන් අතර තිබූ සමගිය, ශක්තිය, මානව දයාව, සබඳතාව ද ඉකුත් වසර 30 පුරාවට අපට අහිමිව ගියේ හීයකටත් වඩා වේගයෙනි. අහිමි වී ගිය බොහෝ දේ නැවත ලබාගන්නට නම් ඉදිරි අනාගතය දෙස සුබවාදී පහන් දල්වමින් බලන්නට නම් මෙවන් වූ සුබ සිදුවීම් තව තවත් වේවායි ප‍්‍රාර්ථනා කරමු.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීමා මායිම් නැති පේ‍්‍රමයේ මහිමය