ලංකාවේ මෑත කාලයේ වෘත්තිකයෝ රැසක් වැඩ වර්ජන සහ විරෝධතා පැවැත්වූහ. හෙද වැඩ වර්ජනය අවසන් වෙද්දී දුම්රිය ගැටලූවක් මතුවිය. විශ්ව විද්‍යාල සිසුන්ගේ පාගමන් පොලිසිය මැඩ පැවැත්වූයේ අවම බලය යොදමින් සිසුන්ගේ ඇස් එළියට පනින තුරු පහර දෙමින් බව උසාවියේ දී ද කියැවිණි. මෑතක දී වූ සිද්ධි කිහිපයක් ගැන ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය නීතීඥ ප‍්‍රතිභා මහානාමහේවා මහතාගෙන් විමසීමු.
ප‍්‍රශ්නය: මෑතක දී ශිෂ්‍ය උද්ඝෝෂණ රැසක් තිබුණා. ඇතැම් උද්ඝෝෂණ උසාවි නියෝග මගිනුත් ඇතැම් උද්ඝෝෂණ බලය යෙදවීම මගිනුත් පාලනය කළා. මෙය උද්ඝෝෂණ මර්දනය කිරීමක් ද?
පිළිතුර: ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14/01 ව්‍යවස්ථාව අනුව සාමකාමී උද්ඝෝෂණ පවත්වන්න, සාමකාමී රැුස්වීම් තියන්න, සාමකාමී පෙළපාළි යන්න අවස්ථාව තියෙනවා. එවැනි සාමකාමී පෙළපාළිවලට පහරදීම නිසා ජනතාවගේ උද්ඝෝෂණ අයිතිය කඩවෙලා තියෙනවා කියා තීරණය කළ
ශේෂ්ඨාධිකරණ තීන්දු රාශියක් තියෙනවා. මං උදාරණ තුනක් පමණක් කියන්නම්.
එකක් ජනඝෝෂා නඩුව. එදා බඩුමිල වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව පදික වේදිකාවට බැහැලා උද්ඝෝෂණය කළා. ඒවාට පහරදුන්නා. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ජයග‍්‍රහණය කළා. විවියන් ගුණවර්ධන කාන්තා දිනය වෙනුවෙන් පාගමනක් ගියා. එය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පහර දුන්නා. විවියන් ගුණවර්ධන මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ඇගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව තීරණය වී ඇය ජයග‍්‍රහණය කළා. තවත් උදාහරණයක් තමයි වික‍්‍රමබාහු කරුණාරත්න මහතාගේ සිද්ධිය. මැයි දිනය තහනම් කළ අවස්ථාවක පෙළපාළියක් ගියා. එය විසුරුවා හැරීම තහනම් කියලා ශේෂ්ඨාධිකරණයට ගිහින් ජයග‍්‍රහණය කළා.
දේශපාලන පක්ෂයක් ද, වෘත්තීය සමිතියක් ද, ශිෂ්‍ය සංවිධානයක් ද කියන එක නෙමේ වැදගත්වෙන්නේ, සාමකාමීව පවත්වාගෙන යෑමයි වැදගත් වෙන්නේ. සාමාකාමීව පවත්වාගෙන යෑමේ දී භාවිත කරන ස්ථාන තියනවා. ලිප්ටන් වටරවුම, කොටුව දුම්රියපොළ ඉදිරිපිට, ටෙලිකොම් වටරවුම ආදිය. මෙහෙම පෙළපාළි පවත්වන්න යද්දි අප දකින දෙයක් තමයි පවත්වන්න කලින් උසාවි නියෝගයක් ගන්නවා පවත්වන්න බෑ කියා. කොතලාවල විද්‍යාලයේ උද්ඝෝෂණ වළක්වන්න ගියාම අධිකරණයෙන් කිව්වා එහෙම තහනම් නියෝග දෙන්න අවශ්‍ය නෑ, ජනතාවට අයිතියක් තිබෙනවා උද්ඝෝෂණ පවත්වන්න කියා.
සාමකාමී උද්ඝෝෂණ පවත්වන්න වෙන රටවල වගේ කුමක් හෝ ස්ථානයක් දීලා තියෙන්න ඕනැ. සාමකාමීව පෙළපාළි යද්දි පහර දෙන්න බෑ. එක අතකින් වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න අද පාරට බහින තත්ත්වයක් තියෙනවා. කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් කොමිටියක් පත් කරලා ඔවුන් සමග සාකච්ඡුා කරන එක. ඉන්දියාවේ මේ ප‍්‍රවණතාව තියෙනවා. දෙපිරිස සමග සාකච්ඡුා කර ගැටලූව විසඳීම ගැන.
ප‍්‍රශ්නය: අද වැඩි දෙනකුට බලපා තිබෙන ගැටලූවක් තමයි දුම්රිය ගැටලූව. දුම්රිය පරක්කු වෙනවා. දුම්රිය පරක්කු වුණාම මගීන් රියදුරුට බණිනවා. ඉන් පස්සේ රියදුරන් එකතු වෙලා පොලිසිය බලන් ඉන්දි මගීන්ට ගහනවා. මොකක්ද මේ තත්ත්වය?
පිළිතුර: මෙහිදී දකින්න තියෙන මූලික දේ තමයි දුම්රිය සම්බන්ධ ප‍්‍රමාදය. වේග සීමා සම්බන්ධව වහාම නීතිය අනුව ක‍්‍රියාත්මක කරන්න යද්දී ප‍්‍රශ්න රාශියක් ආවා ප‍්‍රමාදය වළක්වන්නේ කොහොමද කියලා. මේ ශිතකාමරවල ඉඳලා මෙවැනිි’’තත්ත්වයක් පාලනය කරන්න බෑ. ප‍්‍රමාදයක් තියෙනවා නම් බලධාරීන් එළියට එන්න. ඇවිත් හොඳ සුපරීක්ෂණයක් කරන්න. එහෙම සුපරීක්ෂණයක් කළා ෆවුසි ඇමැතිතුමා. ඔහු දුම්රිය ඇමැති වී සිටිය දී මේ වගේ ප‍්‍රශ්න ආවා. ඔහු දුම්රියපොළට ගිහින් ප‍්‍රමාද වෙන දේ බලලා ඒ වෙනුවෙන් පිළියම් යෙදෙව්වා. අද වෙනකොට සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාරු කරන තරමට ඇවිත්. මේවා එන්න තිබුණේ මීට කලින්. දුම්රිය රියදුරන්ට අඩුම ගානේ රක්ෂණයක්වත් හදුන්වා දෙන්න ඕන. දැන් වෙනකොට පොලිස් ආරක්ෂාව දෙන තරමට ගිහින් තියෙනවා. දුම්රිය රියදුරන්ගේ නොසැලකිලිමත් භාවය නෙමෙයි මේ ගැටලූවට මුල.
මේකට තියෙන විසදුමක් තමයි මේ ශිත කාමරවල ඉන්නේ නැතුව එළියට ගිහින්, දුම්රිය ස්ථානවලට ගිහින් බලන්න ඕනෑ. ගැටලූව මොකක්ද කියා හොයන්න ඕන. ශීඝ‍්‍රගාමී දුම්රියට මූලික තැන දී අනෙක් කාර්යාල දුම්රියවලට දෙවැනි තැන තියෙනවා. ඒවා ගැන ඒ තැන්වලට ගිහින් බලන්න ඕනෑ. මේවා ක‍්‍රමානුකූලව සුපරීක්ෂණය කිරීමේ යාන්ත‍්‍රණයක් හදන්න ඕනෑ. දුම්රිය රියදුරන්ගේ වරදින්ම නෙමෙයි අනතුරු වෙන්නේ. තිරිංග ක‍්‍රියාත්මක වන දුම්රිය ගැනීමේ වැදගත් කමකුත් තියෙනවා. දුම්රිය සංඥා හරියට ක‍්‍රියාත්මක වෙන්නත් ඕනෑ.
දුම්රිය ප‍්‍රමාදයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් වගකීමක් දුම්රිය දොපර්තමේන්තුවට තියෙනවා. මගීන් ගැනත් සොයා බැලිය යුතුයි.
දුම්රිය පරක්කු වුණාම මගීන්ට හාෆ්ඬේ, ෂොර්ට්ලීව් දාන්න වෙනවා. දරුපවුල් රකින පිරිස් හැම දාම මෙහෙම බලා ඉන්නේ නෑ. එහෙම වුණාම තමයි ඔවුන් ප‍්‍රචණ්ඩත්වයට තල්ලූ වෙන්නේ. මේවා ගැන ආයතන ප‍්‍රධානීන්, දුම්රිය බලධාරීන් සාකච්ඡුා කළ යුතුයි.
ප‍්‍රශ්නය: දුම්රිය මගීන්ට අයිතිවාසිකම් නැද්ද?
පිළිතුර: දුම්රිය මගීන්වන අපට තමයි අයිතිවාසිකම් තියෙන්නේ. දුම්රිය හා අනෙකුත් ප‍්‍රවාහනයන් අතර සම්බන්ධයක් නෑ. දුම්රිය ප‍්‍රමාද වෙනවා. අවලංගු වෙනවා. මෙතනදි මගීන්ට වන ගැටලූ සම්බන්ධයෙන් යම් රක්ෂණ ක‍්‍රමයක් තිබිය යුතුයි. ප‍්‍රවාහනය සම්බන්ධ අවදානමක් මගීන්ට තියෙනවා. ඒ අවදානම රැුක දිය යුතුයි. මගීන්ගේ පැත්තෙන් සම්මුතියක් ඇති කරගෙන මේවාට මගීන්ට වන්දි ක‍්‍රමයක් ලබා දිය යුතුයි. දුම්රිය ප‍්‍රමාද වී වැටුප කැපුනොත් එය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අය කළ යුතු ක‍්‍රමවේදයක් සැකසිය යුතුයි.
ප‍්‍රශ්නය: පොලිස් අත්අඩංගුවේ සිටිය දී සැකකරුවන් මිය ගිය අවස්ථා කිහිපයක් පසුගිය වකවානුවේ වාර්තා වුණා. සැකකරුවකු සම්බන්ධ තීරණයක් දිය යුත්තේ අධිකරණයයි. පොලිසිය සැකකරුවන්ගේ ඉරණම තීරණය කරන එක හරිද?
පිළිතුර:ඇත්ත වශයෙන්ම සැකකරුවෙකුට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි ව්‍යවස්ථාව අනුව කිසිම ආකාරයක වධහිංසාවකට, හිරිහැරයකට ලක් කරන්න බෑ. ඔහුගේ අයිතිවාසිකම් රැුක දිය යුතුයි. සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ දී ඔහු පොලිස් භාරයට පත් වෙනවා. 1994 වධහිංසා සම්මුතිය පාර්ලිමේන්තුවෙන් පනතක් ලෙස සම්මත කළා. පොලිසියක දී යම් සැකකරුවකුට පහර දුන්නොත්, අඩත්තේට්ටම් කළොත්, මිය ගියොත් පොලිස් ස්ථානාධිපති වග කිව යුතුයි. ශ‍්‍රියානි ද සිල්වා එදිරිව ස්ථානාධිපති පයාගල නඩුව ඔබට මතක ඇති. සැකකරුවෙක් පොලිසියට ගෙනාවා. අත්තනෝමතිකව අත්අඩංගුවට ගත්තා. පහර දුන්නා. එතැනදි මිය ගියා. පොලිස් අත්අඩංගුවේ දී ඔහුට ජීවත් වීමේ අයිතිය තිබෙන බව ශේෂ්ඨාධිකරණය තීරණය කළා.
මේකේ තියෙන්නේ ක‍්‍රමවේදයේ වරදක්. පොලිසිය කටඋත්තර අරගෙන නඩුව ගෙනියන්න බලනවා. සාක්කි ආඥාපනතේ 27 වැනි වගන්තිය යටතේ අපරාධයට භාවිත කළ භාණ්ඩ හොයන්න යනවා. නඩුව ගෙනියන්න සාක්කියක් විදියට. මෙවැනි අවස්ථාවක දි තමයි විස්සක් හරි පොලිස් නිලධාරීන් සිටිය දී ආයුධය පෙන්වන්න ගිහින් ඇතිවූ ගැටුමකින් මිය ගියා කියන්නේ. මේක ශෝචනීය තත්ත්වයක්. මේක පාලනය කර ගැනීමට ක‍්‍රියාත්මක විය යුතුයි. අත්අඩංගුවට ගත්ත ගමන් සැඟවූ භාණ්ඩ සොයන්නම ඕනේ නෑ. මහේස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා.
ප‍්‍රශ්නය:මෑතකදී කොල්ලකෑම් ආදී අපරාධ වැලක් වාර්තා වුණා. කාගේ වරදින්ද එහෙම වෙන්නේ?
පිළිතුර: මේ සෑම අපරාධයකම වාගේ ආරක්ෂක හමුදාවෙන් පැන ගිය හෝ ආරක්ෂක අංශයකට සම්බන්ධ සැකකරුවකු ඉන්නවා. ලංකාවේ නීතිවිරෝධී අවි කොපමණ තියනවා ද කියා සොයා ගත යුතුයි. සංගණනයක් කර හමුදාව හැර ගිය අය සමාජ ගත කළ යුතුයි. ආයුධ පෙන්වන්න ගිහින් වෙඩි කෑ බොහෝ දෙනෙක් ආරක්ෂක අංශයකට සම්බන්ධ අය හෝ පාතාලකරුවන්. ඔවුන්ට අවි ගියේ කොහෙන්ද කියා සොයා බැලිය යුතුයි. මෙවැනි පිරිස් සමාජ ගත කරන්න පුළුවන්නම් ප‍්‍රශ්නය සියයට පනහකින් විසඳන්න පුළුවන්.
ඒත් තවත් කොටසක් ඉතුරුයි. මරණ දඩුවම හෙට ගෙනාවා කියා අපරාධ අඩු කරන්න බෑ. ඊට වඩා බල අපරාධ අඩු කිරීම සඳහා මහජන සහාය ලබා දිය යුතුයි. සිවිල් සමාජය, සිවිල් සංවිධාන සමග එකතු වී දැනුම්වත් කිරීමේ වැඩසටහන් කළ යුතුයි. අපරාධවලට යොමුවූවන් ගැන තොරතුරු ලබා ගත යුතුයි. රජවරුන්ගේ කාලේ ගමක අපරාධයක් සිදු වුණොත් ගමේ පිරිස සැකකරුවන් අල්ලා දෙනවා.
ලංකාවේ ආගම් රැසක් තියෙනවා. තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා. විවිධ ඇදැහීම් තියෙනවා. එහෙම වෙලත් මෙහෙම වෙන්නේ ආචාර ධර්ම නැති කම නිසා.
අනිත් එක නඩුව ඉක්මනින් විභාග කළ යුතුයි. විශ්වාස වන්ත භාවයකට මේවා ගොඩනැගෙන තත්ත්වයක් ඇති විය යුතුයි.
ප‍්‍රශ්නය: ලංකාවේ අධිකරණවල නඩු විභාග කරන්න දීර්ඝ කාලයක් යනවා. මිනීමරුමක් සම්බන්ධ නඩුවක් නම් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන විභාගය වසරක් පමණ තියෙනවා. ඉන් පසු නීතිපති විසින් මහාධිකරණයේ නඩුව ගොනු කරන්න තවත් වසරක් හෝ දෙකක් යනවා. මාහාධිකරණයේ වසර පහක් හයක් නඩුව විභාග කර තීන්දුව දෙද්දී අපරාධය සිදු වෙලා දීර්ඝ කාලයක් ගිහින්. ඇතැම් විට සැකකාරයා මිය ගිහින්. මේ ක‍්‍රමවේදය වෙනස් වෙන්නේ නැද්ද?
පිළිතුර: මේ කතන්දරේ 1977න් පස්සේ ප‍්‍රබලව එන දෙයක්. මේ වෙනකොට එක මහේස්ත‍්‍රාත් අධිකරණයක නඩු 25000ක් ගොඩ ගැහිලා තියෙනවා. මේකට උසාවි වැඩි කළා කියා පිළියම් එන්නේ නෑ. අධිකරණ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, රජයේ රස පරීක්ෂක, වෛද්‍යවරු හොඳ යාන්ත‍්‍රණයක හදා ගත යුතුයි. පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා කොමිසම, රසපරීක්ෂක දෙපාර්තමේන්තුව, වෛද්‍ය සංගම් ආදිය එක මේසයකට ඇවිත් මේ ගැන සාකච්ඡුා කළ යුතුයි. ඇතැම් වෙලාවට රසපරීක්ෂකවාර්තා පමා වෙනවා. තවත් වෙලාවක වෛද්‍යවාර්තා පමා වෙනවා. එක නඩුවකින් පස්සේ නැවත දින දෙන්නේ තවත් මාස හයකින් පමණ.
ශ‍්‍රී ලංකා නීතීඥ සංගමේ අනිත් හැම දෙයක් ගැනම කතා කරනවා. මේ ගැන කතා කරන්නේ නෑ. නීතීඥවරුන් දින ගන්න එක ගැන කතා කරන්නේ නෑ. ඔවුනුත් මේ සම්බන්ධයෙන් කතා කළ යුතුයි.
මහාධිකරණයට සමහර නඩු කෙලින්ම යැවිය යුතුයි. මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන කාර්ය පටිපාටිය අවුරුදු ගාණක් යනවා. එතැනින් මහාධිකරණයේ නඩු දාන්න අවුරුදු දෙක තුනක් යනවා. අඩුම ගානේ උගත් පාඩම් කොමිසම් වාර්තාව අනුව නීතිපති දෙපාර්තමේන්තුව පළාත් මට්ටමින් හෝ බලය බෙදලා කටයුතු කරන්න ඕනෑ. ස්ත‍්‍රීදුෂණ හා මිනීමරුම් නඩු කිසිම අවස්ථාවක සාමාදාන නොකළ යුතුයි.
ප‍්‍රශ්නය: පොලිසිය කියන්නේ විනයමත පිහිටපු ආයතනයක්. පසුගිය කාලයේ පොලිසියේ උසස්වීම් රැුසක් දුන්නා. මේ අතර චෝදනා ඇති නිලධාරීනුත් සිටින බව කියනවා. ඒ ගැන පැමිණිලිත් ලැබී තියෙනවා. මෙහෙම වෙද්දී පොලිසියේ විනය තියෙයිද?
පිළිතුර: ඇත්තටම මේවයේ විනිවිද භාවයක් තිබිය යුතුයි. හැම තැනම උසස්වීම්, මාරුවීම් සහ පත්කිරීම් තුළ විනිවිද භාවයක් තිබිය යුතුයි. දක්ෂතා, කුසලතා දැනුම හැම එකක්ම බැලිය යුතුයි. එකපාරක් සාජන්ලා තුන්සිය ගානක් ගියා උසස්වීම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට. අන්තිමට 340කටම ශේෂ්ඨාධිකරණ නියෝගය අනුව උසස්වීම් ලැබුණා.
මෙවැනි පද්ධතියක් මත අයිතිවාසිකම් කඩවී හෝ කඩවීමට ආසන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට ගිහින් අසාධාරණය ගැන පැමිණිලි කළ හැකියි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු උසාවි ගිහින් තියෙනවා.
ප‍්‍රශ්නය: පොලිසිය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. ඇයි මේ?
පිළිතුර: ඉතාම වැදගත් ප‍්‍රශ්නයක්. අපි ආයතන විවේචනය කරමින්ම හිටියොත් පද්ධතිය කඩා වැටෙනවා. වැදගත් විවේචනයක් කරන එක වැදගත්. ඒ වැදගත්කම මත පොලිසියට ස්වාධීනතාවක් තියෙනවා. ලංකාවේ විෂ මත්ද්‍රව්‍ය අල්ලා ගත් ගමන් ඒ නිලධාරීන් මාරු කර තියෙනවා. පොලිස් ස්ථානාධිපතිට, නිලධාරීන්ට ස්වාධීනත්වයක් තිබිය යුතුයි. ඔවුනට ආත්ම විශ්වාසය ලබා දිය යුතුයි. නිසි කලට ස්වාධීනව උසස්වීම් දිය යුතුයි. විශ්වාසයකින් වමර්ශනය කරන්න අවස්ථාව තිබිය යුතුයි.
ප‍්‍රශ්නය: තමන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න දොස්තරලා, හෙදියන් වැඩවර්ජන කරනවා. රෝගියකු අතින් වචනයක් හෝ වැරදියට කියවුණොත් ඔවුන් වෘත්තීය ක‍්‍රියාමාර්ග ගන්නවා. ඔවුන්ට විතරද අයිතිවාසිකම් තියෙන්නේ? රෝගීන්ට අයිතිවාසිකම් දැද්ද?
පිළිතුර: ශ‍්‍රී ලංකාවේ තියෙන අභාග්‍ය තමයි මේක. බස් හිමියන්ගේ සංගම් තියනවා, මගීන්ගේ සංගමයක් නෑ. වෛද්‍ය සංගම්, හෙද සංගම් තියෙනවා. වැදගත්ම සංගමය වන රෝගීන්ගේ සංගමයක් නෑ. පාරිභෝගික සංගමයක් නෑ. 2003 පරිභෝගික ආරක්ෂිත පනත මගින් මෙවැනි සංගම් පිහිටුවන්න ව්‍යවස්ථාපිත බලය දී තිබෙනවා.
ඉන්දියාව හරි ප‍්‍රබලයි. මෝඩිගේ ජයග‍්‍රහණය පිටුපස සිටියේ සිවිල් සංගම්.
වෛද්‍ය නොසැලකිල්ල ගැන එක නඩුවයි ගියේ. රෝගීන්ගේ සංගම්, නඩු කියන්නන්ගේ සංගම් ඇති කළ යුතුයි. සෙලින්කෝ එකේ නඩුව වෙලේ ඒ පිරිස සංගමයක් පිහිටුවා ගත්තානේ. එය හොඳට ආවා.
වෛද්‍යවරයාගේ ඒකාධිපතිත්වය නෙමේ අද ලෝකේ යන්නේ. රෝගියාගේ ස්වාධිපත්‍යයි අද ලෝකයේ තියෙන්නේ. මෙවැනි සංවිධාන ආවා නම් ලංකාව ගොඩක් ශක්තිමත් වෙයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාමකාමීව පෙළපාලි යද්දී පහර දෙන්න බෑ
නිසාර් Wednesday, 28 May 2014 08:42 PM
මොනවා උනත් පොලීසිය නම් වැඩ වර්ජනවලට පුහුණු කරන්න යන්න එපා. හොරුන්ට අවස්ථාවක් වෙයි.(නදී)