නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිසුදු කිරීමට සීමා නොවී රටේ සමස්ත යාන්ත්‍රණයටම යොමු කිරීමට අවශ්‍ය පියවර ඉදිරියේදී ගන්නා බව ද බලධාරින් විසින් විටින් විට මාධ්‍ය මගින් ප්‍රකාශ කරනු දැකිය හැකිය.
ඕනෑම භෞතික දෙයක් පිරිසුදු කිරීම ඉතා පහසු වන අතර, සමාජගත වී සංස්කෘතිකගත වූ හුරු පුරුදු එසේ පහසුවෙන් පිරිසුදු කිරීම හිතන තරම් පහසු නැති බව පෙනේ. පනහේ හැටේ දශකවලට වඩා මේ වන විට සමාජගත වී ඇති ඇතැම් කාරණා හුරු පුරුදු සංස්කෘතියක් බවට පත්වී බරපතළ ව්‍යසනයක් කරා රූපාන්තරණය වී ඇති බව පෙනේ. දිනපතා සිදු වන අනතුරු, අපරාධ, මිනීමැරීම් ඇතුළු දහසකුත් එකක් අනර්ථකාරි සිදුවීම්වල සුළමුල මේ සමාජය වෙළාගත් වැරැදි හුරු පුරුදුය. වත්මනේදී ඉන්දියාව ආර්ථික වශයෙන් ලෝකයේ ප්‍රබල ස්ථානයකට පත්වීමට ඔන්න මෙන්න තිබුණ ද අඩුම තරමේ තැනින් තැන ප්‍රසිද්ධ ස්ථානවල අමු අමුවේ මුත්‍ර කිරීමවත් නවතා ගැනීමට තවමත් නොහැකි වී ඇත්තේ මුත්‍ර සංස්කෘතිය බලවත් වීම නිසාය. ඒ තරමට සංස්කෘතියක් වූ දෙයක් ගලවා ගැනීම අපහසුය. මේ නිසා සරල වැඩසටහන් මගින් එවැනි කාරණාවලට විසඳුම් නැත. ‘ක්ලින් ශ්‍රී ලංකා’ යටතේ අවධානයට ලක්විය යුතු අංශ කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.
මේ වන විට රටේ ආන්දෝලනාත්මක පිළිලයක් වන්නේ විශ්වවිද්‍යාලවල නවකවදයයි. අද වන විට මෙය විශ්වවිද්‍යාල, තාක්‍ෂණික ආයතන, පෞද්ගලික ආයතන, පාසල් හරහා පිරිවෙන් දක්වාම ව්‍යාප්ත වී ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ද එය නොකටයුත්තක් බව පෙනේ. මේ නවකවදය නිසා දැනට දශක ගණනාවක පටන්ම සිදු වී ඇති හානිය ගණන් බැලිය නොහැකි තරම් පරාසයකට විහිදී පැතිරී ඇත. ඍජුවම අහිමි වූ ජීවිත, සදාකාලිකවම බෙලහීනත්වයට පත්වූවන්, මානසික පීඩාව නිසා විශ්වවිද්‍යාලය හැර දා ගිය පිරිස, මෙන්ම එසේ කර්කශ පීඩා මැද අධ්‍යයනය කරන පිරිස යනාදි විශාල පිරිසක් මේ ව්‍යසනයට ගොදුරු වී සිටිති. ඊට අතිරේකව මේ නිසා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම ඒ නිසා සරසවි අධ්‍යාපනය අඩපණ වූ වාර ගණන් හා එයින් රටට ඇති වූ මූල්‍යමය විනාශය, නිසි කලට අධ්‍යාපනය හමාර නොවීම නිසා රටට වූ අලාභය මෙන්ම නිසි වයස්වලට අධ්‍යාපනය අවසන් නොකර ගැනීම නිසා ජීවිතවලට අත්වූ ඉරණම ද අසීමිතය. එමෙන්ම දඬුවම් ලැබූ සිසුන්ගේ අධ්‍යාපනය බිඳවැටීම් ද අපමණය.
නවකවදය පිටුපස අදෘෂ්‍යමාන දේශපාලන හස්තයන් ද මිශ්‍ර වී ඇති නිසා සමස්ත දේශපාලනයම විශ්වවිද්‍යාලයෙන් ඉවත් කළ යුතු බවට ද එක් තර්කයකි. එය කිසිසේත් සාධාරණ නැත. මිනිසා උත්පත්තියෙන්ම දේශපාලන සත්වයෙක් බව ඇරස්ටෝටල් කීවේ මීට සියවස් ගණනකට පෙරය. එබැවින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ දැනුවත් වීම අත්‍යවශ්‍යය. ඒ සඳහා සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීමට ඕනෑ තරම් ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතුය. දේශපාලනය පදනම් කරගත් ශිෂ්‍ය සංගම් පිහිටුවීම සඳහා විශ්වවිද්‍යාල තුළම නීත්‍යනුකූලව ඉඩ ප්‍රස්ථා ලබා දී ඇත්තේ ඒ නිසාය.
මේ නිසා ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධයෙන් උනන්දු වීමේදී ඉහත කී සිසුන්ගේ ගැටලුවලට අඩු වැඩි වශයෙන් හෝ විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය වේ. ඊට සමගාමීව නවකවදය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට වැඩි බරක් තබා කටයුතු කිරීම කාලෝචිතය. විශ්වවිද්‍යාල සිසුන්, පරිපාලනය, ආචාර්ය මණ්ඩලය, මවුපියන්, රජයේ නිලධාරින් මෙන්ම මේ සඳහා උනන්දු වන බාහිර පිරිස් එක මේසයකට පැමිණ උත්තර සෙවිය යුතුව ඇත. විශ්වවිද්‍යාල පරිපාලනය ශිෂ්‍යයන්ගේ හිත දිනාගත් මෙන්ම විශ්වාසය දිනාගත් තරමට ප්‍රශ්නයට පිළිතුරු සෙවීම පහසු වේ. එවන් විශ්වවිද්‍යාලවල සාමකාමී වටපිටාවක් තුළ කාර්යමණ්ඩලවලට මෙන්ම සිසුන්ට ද ප්‍රසන්න ස්ථානයක් වීමෙන් එහි ඵලදායිතාව ද ඉහළ යාම නොඅනුමානය. ක්ලීන් ශ්‍රී ලංකාවක් තුළ මේ නවකවදය ද ක්ලින් කිරීම සරසවි අපේක්‍ෂාවෙන් සිටින සිසුනට මෙන්ම මවුපියන්ට ද මහත් අස්වැසිල්ලක් වනු ඇත.
අප විසින් ලහි ලහියේ ක්ලීන් කරගත යුතු තවත් අත්‍යවශ්‍ය කාරණයක් නම්, මාර්ගවල විනය සම්බන්ධ කාරණයයි. දිනපතා මාධ්‍යවලින් මේ පිළිබඳව උදාහරණ ඕනෑවටත් වඩා දැකිය හැකිය. මාර්ගවලින් වාර්ෂිකව මියයන සහ අබල දුබල වන සංඛ්‍යාව කොතෙක් ද යත් තිස් අවුරුදු යුද්ධයකදීවත් මෙතරම් හානියක් වී නැති බවක් කියවේ. ඒ තරමට මාර්ගය අතිශයින්ම අනතුරුදායක ස්ථානයක් වී ඇත. මාර්ග අනතුරුවලට විවිධ කාරණා රාශියක් හේතු භූත වුව ද විනයක් නොමැතිව රිය පැදවීම ඉන් ප්‍රධාන ස්ථානයක් ගන්නා බව පෙනේ. මෙය සමනය කිරීමට දෙවිදිහකට ප්‍රවේශ විය හැකිය.
එනම්, මාර්ග නීතිරීති අකුරටම ක්‍රියාත්මක කිරීමත්, පාරේ ගමන් කිරීම පිළිබඳ ආකල්ප දියුණු කිරීමට පාසල් මට්ටමෙන්ම වැඩසටහන් ආරම්භ කිරීමත්ය. මීට කලකට පෙර පොලිසිය විශේෂ අංශයක් මගින් පාසල්වල මාර්ග විනය පිළිබඳ සංදර්ශනාත්මකව ආකර්ෂණීය දැනුවත් කිරීමක් කළ අතර, එවැනි වැඩසටහන් නැවත ආරම්භ කිරීමක් සහ කුඩා පන්ති සඳහා ඒ පිළිබඳව විෂය බද්ධ දැනුමක් ලබා දීම ද වැදගත්ය. මේ වන විටත් යහපත් ආකල්පවලින් තොර ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් දැනටමත් සමාජගත වී හමාරය. උදේ හත වන විට යහපත් ආකල්ප රහිත විනය විරෝධි ත්‍රිරෝදර රථ රියැදුරෝ පමණක් ලක්‍ෂ 20ට ආසන්න සංඛ්‍යාවක් මාර්ගවල ස්ථානගත වී සිටිති. ඊට අමතරව තවත් ලක්‍ෂ සංඛ්‍යාත බස් රියැදුරෝ, ටිපර් රථ රියැදුරෝ, ලොරි, බස් සහ කන්ටේනර් වැනි බර වාහන රියැදුරෝ සියයට හැත්තෑපහක්වත් අතිශයින්ම විනය විරෝධි ධාවනයේ යෙදී සිටිති. අඩුම තරමින් අධි සංඛ්‍යාත ඩෙසිබල් ශබ්ද සහිත නළාවක් නැති බර වාහනයක් සොයා ගැනීමටත් අසීරු වී ඇත. අවාසනාවකට බොහොමයක් රථවාහන සම්බන්ධව පොලිස් නිලධාරින් සොයා බලන්නේ ලියකියැවිලිවල නිරවද්‍යතාව පමණය.
රාත්‍රී කාලයේ වාහන ධාවනය මාරයාට අත වැනීමක් වැනිය. විදුලි පහන් අවපාත කිරීම, නළා හඬ ශබ්ද කිරීම කොතෙක් ද යත්, මංසන්ධිවල විදුලි ලාම්පුවල කොළ පාට දැල්වීම පෙනි පෙනී නළා ශබ්ද කිරීම් සිදු වේ. කිසිදු ඉවසීමක් නැත. බහුතරයක් රියැදුරන්ට අවශ්‍යව ඇත්තේ තමුන්ට ඉදිරියෙන් යන වාහනය පසු කිරීමේ නොතිත් ආශාවය. සමහර නිලධාරින් පවා කිසිදු හිරිකිතයක් නැතිව මාර්ග නීති උල්ලංඝනය කරනු දැකිය හැකිය. අද වන විට ශීලාචාර රියැදුරකුට වාහන පැදවීම අතිශයින්ම දුෂ්කර වී ඇත. ඒ නිසා කාර්යසාධක බළකායක් ස්ථාපිත කර හෝ මාස කිහිපයක්වත් උපදෙස් දී අධීක්‍ෂණ කාලයකට යටත්ව පසුව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළකට යා යුතුව ඇත.
රාජ්‍ය සේවය ද ක්ලීන් කිරීමකට එහා ගිය ඩ්‍රයි ක්ලීන් කළ යුතු තත්වයක පවතී. ජනාධිපතිවරයාට වසර දහයකට පමණ පෙර ප්‍රකාශ කළ පරිදි රජයේ කාර්යාලයකින් සේවාවක් ලබා ගැනීමට පෙර එහි දන්නා හඳුනන කිසිවකු පිළිබඳව සොයා බැලීම ජනතාවගේ සාමාන්‍ය පුරුද්ද වී ඇති බවය. එයින්ම කියැවෙන්නේ රජයේ සේවය පිළිබඳ ජන අප්‍රසාදය වීමෝල් හිමියන්ගේ තත්වයටම පැමිණ ඇති බවය. මේ වන විට ජනාධිපතිවරයා තම බලය යොදා රාජ්‍ය සේවය ක්ලීන් කිරීමට මහඟු අවථාව උදාකරගත හැකිය.
කාර්යාල සේවය ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාව සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයා සලකන්නේ තමාගේ කරදරකාරයකු හැටියටය. අතීතයේදී නම් ලිපියක් යැවූ විට ලැබුණු බවට පිළිතුරු ලිපියක් යැවීම සාමාන්‍ය සිරිත පමණක් නොව ඕනෑම තරාතිරමකම නිලධාරියා ද ලිපියේ අත්සන් කළේ ඔබගේ කීකරු සේවක යන නාමයෙනි. එබැවින් ඕනෑම කාරණයක් දැන්වූ ක්‍ෂණයකින්ම සාධාරණව ඉක්මනින්ම ඉටු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුමය. මේ වන විට එසේ සිතන පතන නිලධාරින් අතරින් පතර සිටීම ද සතුටට කරුණක් වන අතර බහුතරය එම ස්ථාවරයේ නැත. එවැනි යහපත් නිලධාරින්ට ගෞරවය හිමි විය යුතුමය. එබැවින් රාජ්‍ය යාන්ත්‍රණයේ ආකල්ප දියුණු කිරීමටත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යොදාගැනීම යුගයේ අවශ්‍යතාවක් වී ඇත.
අනෙක් අතට එදිනෙදා සමාජයේ ගතිපැවැතුම් අන්තයටම පිරිහී ඇති බව පෙනේ. විදේශ රටකදී හොඳින්ම විනය රකින පිරිස් රටට පය තැබූ විටම නැවත පරණ පුරුදු ඇබ්බැහියටම අවතීර්ණ වෙති. සේවය ලබා ගැනීම සඳහා ආයතනවලට යාමේදී විනයානුකූලව හැසිරීම මදි පුංචිකමක් ලෙස සලකන පිරිස් ඕනෑ තරම් දැකිය හැකිය. තමා අසවලා බැවින් විශේෂයක් කළ යුතු බවට සිතන උගත් නූගත් පිරිස් ඕනෑ තරම් දැකිය හැකිය. විදේශවල නිවෙසින් පිට වූ විට පෞද්ගලික තරාතිරම්වල කිසිදු වලංගුභාවයක් නැත. සියලු දෙනා එක සමානය. සියලු දෙනාට සමානව සැලකීමේ ආකල්ප නීති රීති සහිත යාන්ත්‍රණයකට අවශ්‍ය පියවර ගැනීම වැදගත්ය. මේ ආකල්ප පාසල් මට්ටමෙන්ම ආරම්භ කිරීම වැදගත් වේ. දරුවන්ට වැදගත් සමාජ ආකල්ප අධ්‍යයනය කිරීමට අවකාශයක් නැත්තේ ඉබාගාතේ යන සමාජයක් දශක තුන හතරක පටන්ම බිහි වී ඇති නිසාය. එබැවින් යහපත් ගති සිරිත් පුරුදු පුහුණු කිරීම හිතන තරම් සරල නොවේ. දශක හතරකට පමණ පෙරදී තම නිවෙසත් එක්තරා අධ්‍යාපන ආයතනයකි. සෑම නිවෙසකම ලොකු කුඩා සියලු දෙනාම පොත්පත් පරිහරණය කිරීම සුලබ දෙයකි. අද වන විට එදිනෙදා පුවත්පතක්වත් කියවන්නේ නැති බහුතර සමාජයක ආකල්ප දරුවන්ට දීම හාස්‍යජනකය. මවුපියන් රූපවාහිනිය ඉදිරියේ තුට්ටු දෙකේ විසූක දස්සනවලට සමාධිගත වී සිටින මොහොතක දරුවාට ඇත්තේ ජංගම දුරකතනයේ විසූක දස්සනවල පිහිට පමණි.
අපේ සමාජයේ සියලු දෙනාම නීති රීති දශමයටම ක්‍රියාත්මක කර හෝ විනයානුකූලව රටක් නිර්මාණය කිරීමට අතිශයින්ම කැමැතිය. මේ රජය බලයට පත් කළ අතිබහුතරයකගේ අපේක්‍ෂාව ද එසේමය. එහෙත්, ඒ, තමුන් හැර අනික් අය ලවාය. තමුන්ට නීතිය ක්‍රියාත්මක වූ විට එය නොපිළිගන්නා අතර, ඉන් බේරීමට වංගු දහඅටත් මදිය. එම පදනමෙන් යහපත් රටක් නිර්මාණය කළ නොහැකිය. එබැවින් ක්ලීන් ශ්‍රී ලංකා නිශ්චිත කාලයකට ක්‍රියත්මක වන භෞතික පරිසරය සඳහා පමණක් සීමා නොවී අඛණ්ඩවම ක්‍රියාත්මක වන සමාජයේ චින්තනය ක්ලීන් කිරීමේ වැඩසටහනක් ද විය යුතුමය. නීතියෙන් පමණක් නොව දරුවන්ට අධ්‍යාපනයෙන් ද එය ක්‍රියාත්මක වීම වැදගත්ය. ප්‍රාථමික මට්ටමෙන්ම පාසල් මට්ටමින් ආකල්ප සංවර්ධනය දියුණු කළහොත්, ඉදිරි වසර 10කදී විනයගරුක පිරිසක් නිතැතින්ම සමාජයට දායාද වනු ඇත. යහපත් ආකල්ප වර්ධනයෙන් යුත් විනයගරුක සමාජයක් බිහි නොවන තාක් අප ලබන සංවර්ධනය ඵලදායක වන්නේ නැත.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස
විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො
ශ්රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර
ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සමාජ චින්තනය ක්ලීන් කරමු