IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සමාජයේ පිළිකුලට ලක්වූ බන්ධනාගාර

වෙළේ සුදා, කංජිපානි, ඉම්රාන් ඇතුළු පාතාලයේ මුදල්වලින් තම දරුවන් පෝෂණය නොකරන ලෙසට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බන්ධනාගාරයේ දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා අනුව නිල ඇඳුම තමන්ට ඇඳීමට සුදුසුද නැද්ද කියා හෘද සාක්ෂියෙන් විමසිය යුතු බව ද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළ බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අප රටෙහි බොහෝ ආයතන දූෂිත බවට විවාදයක් නැත. සමාජයම දූෂිත වූ කල්හි සමාජයේ පවතින එක් එක් ආයතනයක් තුළින් පමණක් පාරිශුද්ධභාවය අපේක්ෂා කිරීම එක් අතකින් යුක්ති සහගත නැත. එහෙත් බන්ධනාගාරය එම කෝවටම දමා මැනීම ද යුක්ති සහගත නැත. මන්ද එයට පැවරී ඇති රාජකාරී සුවිශේෂී වීමය.

‘‘බැඳ තබන තැන’’ බන්ධනාගාරය ලෙස එක් අතකින් විවරණය කර ගත හැකිය. වැරැදි කළ බවට තහවුරු නොවූ පුද්ගලයන් එසේ බැඳ නොතබයි. එසේනම් බන්ධනාගාර ගතවන්නෝ වැරැදිකාරයෝ වෙති. විවිධ හේතු නිසා වැරැදි නොකරන්නන්ද බන්ධනාගාර ගතවෙන බවට සමාජයේ මතයක් පවතී. එය නිවැරැදි යයි. කිසිවකුටත් කිව නොහැක. මක්නිසාදයත් අධිකරණය පවතින්නේ අකටයුතුවලින් ජනතාව බේරාගැනීමට වන හෙයිනි. එයින් දෙන තීන්දුව වෙනස්කළ හැක්කේ අධිකරණයටම පමණක් වන හෙයිනි.

යමකු බන්ධනාගාර ගත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ඔහු කළ වරදට දඬුවම් දීමය. එමෙන්ම තමන් කළ වැරැද්ද සම්බන්ධයෙන් තැවීමක්  ඔහු තුළ ඇති කිරීමය. යළි වැරැදි නොකරන පුද්ගලයකු ලෙස ඔහු පුනරුත්ථාපනය කිරීම අවසන් ඉලක්කය වේ. මෙම ඉලක්ක සපුරා මුදුන් පමුණුවා ගැනීමට නම් නිවැරැදි යාන්ත්‍රණයක් තිබිය යුතුය. චෝදනාවක් වශයෙන් එල්ල වන්නේ බන්ධනාගාරය තුළ එබඳු දියුණු යාන්ත්‍රණයක් නොමැති බවට ය. ඒ වෙනුවට චෞර කප්පිත්තන්ගේ, මංපහරන්නන්ගේ, කුඩු මාෆියාකරුවන්ගේ, පාතාල කෙරුමන්ගේ හා විවිධාකාර අපරාධකරුවන්ගේ සුවච කීකරු සුරතලුන් බවට පත්වූ බන්ධනාගාර නිලධාරීන් සිටින බවය.

වැරැදි කරන බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව අතළොස්සක් විය හැකි වුව ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම නින්දා සහගත කැළලකි. ආරක්ෂක ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ අගාධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගොඩ ගැනීමට සම්මාදන්වන ලෙසය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් අමතා ප්‍රකාශ කළේ සංවිධානාත්මක අපරාධ සැලසුම් කෙරෙන්නේ බන්ධනාගාර තුළම බවය. පාතාල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන්නේත් කුඩු ජාවාරම් මෙහෙයැවෙන්නේත් බන්ධනාගාර තුළම බවය. මේවා රහස් නොවේ. දරුණු ගණයේ අපරාධකරුවන්ගේ සිරකුටි තුළ තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන, සිම් කාඩ්පත් ආදී බොහෝ උපකරණ සොයා ගන්නා බව එකක් පසුපස එකක් වශයෙන් ප්‍රවෘත්ති වාර්තා පළවෙයි.

සංවිධානාත්මක අපරාධකරුවන් බන්ධනාගාර ගත වන්නේද ඔවුන්ගේ අපරාධ මෙහෙයුමේම එක් අංගයක් ලෙසය.

‘‘එළියේ’’ සිටීම ප්‍රතිවාදීන්ගේ ඉලක්කයක් විය හැකි යැයි අනතුරක සේයාවක් දැනුණවිට උපක්‍රම භාවිත කර පොලිස් අත්අඩංගුවට පත්ව එතැනින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගතවීම එක් මාදිලියකි. එම ජාවාරම්කරුවා එසේ බන්ධනාගාර ගතවන විට බන්ධනාගාරය තුළ සැපවත්ව සිටීමට අවශ්‍ය පරිසරය ද සකස් කර ගනී. දූෂිත නිලධාරීන් හසුවන්නේ එම දැලටය. එම දැලට තමන් කොටුවී ඇති බව බන්ධනාගාර නිලධාරියා ඇතැම්විට දැනගන්නේ කෙටි කලක් ගිය පසුවය. එතැන් සිට ක්‍රියාත්මක වන්නේ ‘‘ළිඳට වැටුණ මිනිසා ළිං කටෙන්ම ගොඩ ආ යුතුය’’ යන න්‍යාය වේ. ඇතුළ නොපෙනෙන මහා තාප්පයකින් වටවී ඇති බන්ධනාගාරය දූෂිත ගුහාවක් බවට පත්වන්නේ එම පරිසරය තුළය.

සිය නිල ඇඳුමේ ගෞරවය කෙලෙසා නොගෙන සිටීමේ කශේරුකාවක් බන්ධනාගාර නිලධාරියා සතුව තිබිය යුතුය. තමාගේ වගකීම එයට හිමි නිසි අර්ථයෙන්ම හඳුනා ගනිමින් එම වගකීමට සාධාරණය ඉටු කිරීමට බන්ධනාගාර නිලධාරියා සමත් විය යුතුය. තම හෘදය සාක්ෂියෙන් නැගෙන හඬට ඔහු සවන් දිය යුතුය. වැරැදි කරන්නන් දහසක් අතරේ තමන් වැරැදි නොකරන මිනිසකු වන බවට ගරුසරු අධිෂ්ඨානයක් තිරසරව පවත්වාගන යා යුතුය.

බන්ධනාගාරය ද දූෂිත හොර ගුහාවක් බවට පත්වන්නේ නම් එය සමාජයට මාරාන්තිකය. සමාජය යහපත් බවට පත් කිරීමේ ප්‍රාථමිකය  බවට බන්ධනාගාරය පත්විය යුතුය. ඒ සම්බන්ධයෙන් නොසන්සිඳුණ පිපාසයෙන් කටයුතු කිරීමට බලධාරීන් වග බලාගත යුතුය. නො එසේනම් මේ සමාජය පතුල නොපෙනෙන මහා අන්ධකාරයකට ඇද වැටීම කිසිලෙසකින් හෝ වැළැක්විය නොහැකි වනු ඇත.

 



අදහස් (2)

සමාජයේ පිළිකුලට ලක්වූ බන්ධනාගාර

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 07:13 AM

අධිකරණ ක්ෂේත්‍රය හා සම්බන්ධ අත්දැකීම් මට තියෙනවා. බන්ධනාගාර නිලධාරීන් නිතර දැකීමද නිතර සිදුවෙන්නක්.. මා කාලයක්ම නිතර දැක තිබෙන දෙයක් තමයි.. සමහර නිලධාරීන් හා අපරාධ කරුවන්ගේ නෑ හිතවතුන් සමඟ ඇති දැඩි හිතවත්කම්.. ඒත්, මේ රටේ නීතිය හෝ එය ක්‍රියාවේ යොදවන අය එදා මේවා ගැන නිසොල්මනේ සිටියා ගොළු, බිහිරි අන්ධයන් සේ.. ප්‍රමාදවී හෝ මේ ගැන ක්‍රියා කිරීම ප්‍රශංසා කළයුතු දෙයක්. නමුත්, අපරාධ මර්ධනයට කළයුතු තවත් දෙයක් තමයි සමහර නීති අංශවල තිබෙන දුර්වල තැන්.. ඒවාට පිළියම් නොයොදා කිසිදාක සම්පූර්ණයෙන්ම අපරාධ මර්ධනය කළ නොහැකියි. බොහෝ අපරාධකරුවන් පුහුණුව ගන්නේ හමුදා වලින්.. ඒ කියන්නේ හමුදාවෙන් ඒ අය පැන්නත්, ඔවුන් ලබපු පුහුණුව ඉවත්වන්නේ නැහැ. ඒ ගැන හමුදා බලධාරීන් මීට වඩා සිතාබලා හමුදාවෙන් පැන ගොස් සිටින අය යුදහමුදා පොලීසිය මාර්ගයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකළ යුතුයි. පොලිසිවල සිටින ඇතැම් දූෂිත නිලධාරීන් ගැනද රහස් පොලිසියේ අවධානය යොමුවීම අත්‍යවශ්‍යයි. අලගිය මුලගිය සියලු තැන් ගැන නිසි ක්‍රමවේදයක් ඔස්සේ කටයුතු කරන්නේ නම්, අපරාධයක් ගැන අපරාධකරු සිතා ක්‍රියාත්මක වෙනවිටම ඔවුන් අල්ලාගත හැකිය.

:       0       53

mahee Tuesday, 23 June 2020 12:09 PM

හිරේ ඇතුලෙ ෆෝන් යූස් කරනවා කියන්නේ බොහොම සාමාන්‍ය දෙයක් වෙලා. ඕව ජේලර්ලා, ගාඩ්ලා නොදකිනවා නෙවෙයි. ගනුදෙනු යන්නේ ඊෂි කෑෂ් හරහා. ජේලර්ලා ගාඩ්ලගේ ඉඳලා ඉහළින්ම ඉන්න කෙනා දක්වා ඔක්කොම එකයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 185 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 189 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1225 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 207 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 487 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1126 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 564 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2153 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site