සමෘද්ධි සහනාධාර ලබාදීම ආරම්භවී වසර 15ක් ගතවී ඇතත් සමෘද්ධි සහනාධාර ලබාගෙන හොඳ ආර්ථික මට්ටමකට පැමිණ සමෘද්ධිය අතහැර දැමූ පිරිස කොපමණදැයි ගණන් බලා නැතැයි ද එය එසේවී ඇත්තේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුතු පසෙක තබා දේශපාලනය කිරීම නිසා යැයි ද ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළ බව සඳහන් ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
රටේ සංවර්ධන ක්‍රියාදාමයේ විද්‍යාත්මක ස්වරූපය සම්බන්ධයෙන් හා එහි ප්‍රායෝගික බව සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් අනාවරණය වේ.
ඉකුත් සතියේ දිනක නව සමෘද්ධිලාභීන් ලක්ෂ පහකට සමෘද්ධි සහනාධාරය ප්‍රදානය කිරීමේ ජාතික මහෝත්සවයක් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහෙත් සමෘද්ධි වැඩසටහන විද්‍යාත්මක හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් වූයේ නම් ජාතික මහෝත්සවය පැවැත්විය යුතුව තිබුණේ සමෘද්ධිලාභීන් ලක්ෂ පහකින් අඩුවීම සම්බන්ධයෙනි. එහෙත් අප රට තුළ එවැන්නක් සිදු නොවන අතර ඒ වෙනුවට සිදුවන්නේ සමෘද්ධිලාභීන් ගණන ලක්ෂ ගණනින් ඉහළ යාමය.
සමෘද්ධි දීමනාවේ අරමුණ විය යුත්තේ නැති බැරි ජනයාට මාසයක් ජීවත්වීමට කිසියම් දීමනාවක් දීම නොවේ. එම ජනයාට තමන්ට අදාළ ආර්ථික මාර්ගයක් සකස් කර ගැනීමට රුකුල් දීමය. සමෘද්ධිලාභී ජනයා ඒ වෙනුවෙන් දිරිමත් කළ යුතුය. ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්විය යුතුය. සමෘද්ධි සංවර්ධන නිලධාරීන් යනුවෙන් විශේෂිත නිලධාරීන් පිරිසක් පත්කර තිබෙන්නේ ද ඒ වෙනුවෙනි. එහෙත් දයා ගමගේ ඇමැතිවරයා පවසන්නේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම රාජකාරිය ඉටු නොකර දේශපාලනය කරන බව ය.
සමෘද්ධි ව්‍යාපාරය වත්මනෙහි බාර ඇමැතිවරයා සමෘද්ධි ව්‍යාපාරයෙහි ඇති තතු ඇති ආකාරයෙන් තේරුම් ගැනීම වැදගත් ය. එසේ තේරුම් ගත් බව ප්‍රකාශ කිරීමෙන් පැහැදිලි වන්නේ වත්මන් පාලනාධිකාරිය තුළ පෙර වැරැදි සිදු නොවනු ඇති බවය. එය එසේ වන්නේ නම් ඉතා වැදගත් ය. එහෙත් අප රටේ දේශපාලනය ‘කතාව දෝලාවෙන් ගමන පයින්’ ලෙස ය. රටට හිමිවිය යුතු ජයග්‍රහණ අහිමි වන්නේ එහෙයිනි.
දයා ගමගේ ඇමැතිවරයා තවත් වැදගත් ප්‍රකාශයක් කර තිබිණි. එම ප්‍රකාශය නම් ඡන්දය නොදුන්නොත් සමෘද්ධිය කපාහරින බවට සමෘද්ධි නිලධාරීන් තර්ජනය කළ අවස්ථා ඇතැයි යන්න ය. මෙරට ඇතැම් දේශපාලනඥයන්ට ‘ඡන්ද මැෂිම’ ආදී නම් පටබැඳුණේ ද මෙම සමෘද්ධි ව්‍යාපාරය නිසා බව සිහිකටයුතු ය. ඡන්දය දී හෝ සමෘද්ධි සහනාධාරය ලබාගත යුතු යැයි දිළිඳුකම නිසා ම අභිමානය අහිමි කරගත් ඇතැම් ජනයාට සිතෙන්නට ඉඩ තිබේ.
මෙම පරාධීනත්වයේ අඝාත අඳුරට සමෘද්ධිලාභියා පත් කළෝ කවරහු ද? දයා ගමගේ ඇමැතිවරයා නම් ප්‍රකාශ කරනුයේ ඒ සමෘද්ධි නිලධාරීන් ම බව ය. දේශපාලන අධිකාරියේ බලයට යටත් වී එම නිලධාරීන් එසේ කටයුතු කර ඇත. එය එක් අතකින් රාජ්‍ය සේවයේ ව්‍යස්ථාපිත නීති උල්ලංඝනය කිරීමකි.
රාජ්‍ය සේවය යනු තම බත් බැලයන්ට රස්සා දීමට ඇති තැනකැයි ඇතැම් බඩගෝස්තරවාදී ඇමැතිවරු සිතති. එසේ සිතා කටයුතු කරති. එසේ රජයේ සේවයට බඳවා ගන්නා බත්බැලයෝ රාජකාරියෙන් ඉවත් කර තමන්ගේ ආවතේව කටයුතු සඳහා යොදා ගනිති. තම නිවෙස්වල මෙහෙකාර සේවයේ යොදවති. නැතහොත් තමන්ගේ දේශපාලන ව්‍යාපාරවල යොදවති. පක්ෂ කාර්යාලයේ කටයුතු සඳහා එක්කර ගනිති. එහෙත් ඔවුන් වැටුප් ලබන්නේ රජයෙනි.
රාජපක්ෂ පාලනයේ බොහෝ මැති ඇමැතිවරුන්ට මෙම චෝදනාව බහුලව නැඟුණි. ඇතැම් චෝදනා සාක්ෂි සාධක සහිතව ද ඉදිරිපත් කෙරිණි. මෙය රාජ්‍ය මුදල් අවභාවිත කිරීමකි. යහපාලනය යන්නෙන් අර්ථ දැක්වුණේ ද මෙබඳු අවකල් ක්‍රියාවලින් තොර පිරිසිදු රාජ්‍ය පාලනයකි. සැබැවින්ම අවශ්‍ය වන්නේ ද එබඳු යහපත් රාජ්‍ය පාලනයකි.
ඇතැම් ව්‍යාපෘති දේශපාලන අරමුණු වෙනුවෙන්ම හඳුන්වා දෙන බව ද නොරහසකි. එම ව්‍යාපෘතිය මෙහෙයවන්නන් මෙන්ම එහි ප්‍රතිලාභීන් ද එම දේශපාලන අරමුණේ පංගුකාරයන් බවට පත්කර ගැනීම එහි එක් ලක්ෂණයකි. සමෘද්ධි ව්‍යාපාරය හැඳින්වෙන්නේ ද එවැනි ව්‍යාපාරයක් ලෙස ය. සමෘද්ධි නිලධාරීන් බඳවා ගනු ලබන්නේ ද දේශපාලන පදනමින් බවට චෝදනාවකි. එවිට ඔහුගේ කාර්යභාරය වනුයේ තම දේශපාලන හාම්පුතාගේ සිතැඟි අනුව එම කටයුතු මෙහෙයවීමයි. අසරණ දිළිඳු ජනයාට එහි පහසු ගොදුරු බවට පත්වීමට සිදුවේ.
සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂිත අරමුණු මුදුන් පමුණුවා ගැනීමට අසමත්වී තිබෙන්නේ එහෙයිනි. දිළිඳු ජනයා නඟා සිටුවීම වෙනුවට ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමේ මෙහෙයුම් යාන්ත්‍රණයක් බවට සමෘද්ධි ව්‍යාපාරය පත්ව තිබේ. එම සැහැසි ග්‍රහණයෙන් සමෘද්ධි ව්‍යාපාරය මුදා ගැනීමේ අනගිතම අවස්ථාවක් දැන් උදාවී තිබේ. එය සිදුවන්නේදැයි ජනතාව අවදියෙන් පසු විය යුතු ය.
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
ශ්රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
සමෘද්ධි චෝදනාවෙන් මතුවන යථාර්ථය
shan Wednesday, 12 June 2019 07:04 AM
ශ්‍රී ලංකාව යනු කෘෂිකර්මාන්තය මත පදනම් වූ හා බෝග වගාවන් හා ධීවර කර්මාන්තය , රටේ ආවේනික හස්ත කර්මාන්ත වැනි දේ තුලින් ජීවිත ගමන සරු කරගත් ජන කොට්ටාශයක් ජීවත් වූ රටකි. නමුත් 1977 පෙර රටේ නිර්මාණය වෙමින් තිබු කෘෂි ආර්ථිකය මෙන්ම සිවිල් වැසියන් තමන්ගේ අවශ්‍යතා සදහා කරගන ආ අදායම් මාර්ග සියල්ල උඩු යටිකුරු කරමින් 1978 නව ආණ්ඩුක්‍රම ගොඩ නැගීම තුලින් රටේ තිබු ආර්ථික පිළිවෙත් වෙනස් කරමින් විවුර්ත ආර්ථික ප්‍රතිපත්තියක් හදුන්වා දීම සිදුවිය එමගින් රටේ නිෂ්පාදන නතරවී ආනයනික භාණ්ඩ වෙළදපොල අරක් ගැනීම සිදු විය එනිසා එදා ගොඩනැගුනු කෘෂි කර්මාන්තය සහ මුලින්ම කඩා වැටී පිටරටින් ආනයනය කරන අහාර වේලට ජනතාව පෙලබ්වීය.