සමනොළ සිරස වඳින්නට රෑන් පිටින් යන සමනළුන්ට කෙදිනකවත් ඒ ගමන වෙහෙසකර අත්දැකීමක් නොවූ සෙයකි. සියුමැලි සමනළ තටුවල වාරුවෙන් සමනළුන් සමනොළ අඩවිය තරණය කළත් එසේ සිරිපා කරුණා කරන්නට නොහැකි පිරිසක් වෙනුවෙන් සමනොළ කඳු මුදුන ආශි‍්‍රතව ඇහැළකණුව ප‍්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණයක් ඉදිකිරීමට මේ වන විට සැලසුම් සකස් කෙරෙමින් පවතින බවට රාවයක් පැතිර ගියේය. පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතාගෙන් මේ පිළිබඳව තොරතුරු විමසා සිටි පසුබිමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ සඳහාවන සාකච්ඡාවක් 2013 පෙබරවාරි 20 වැනි දින රත්නපුරදී පැවැත්වූ බවත් හෙළිකොප්ටර් අංගණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව එහිදී සැලසුම් වී ඇති බවත්ය.
එමෙන්ම සමනොළ අඩවිය හරහා කේබල් කාර් ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කිරීමට සූදානම් වන බවටද කරුණු කියැවිණි.
ලංකාවේ නිවර්තන වැසි වනාන්තර අතුරින් සමනොළ අඩවියට සුවිශේෂ තැනක් හිමිවන බව පළමුවෙන්ම සටහන් කර තැබිය යුත්තකි. සමනොළ කඳු මුදුනේ සිට අවට සිසාරා දෙනෙත් යොමද්දී සමනොළ අඩවිය නම් මහා වැසි වනාන්තරය නෙත් මානයට හසුවෙන අතර ඉර සේවයෙන් ඇස් හරින නොයිඳුල් වන කුමරියට රන්වන් සේලයක් දවටන කලක මෙන් රන් පැහැයෙන් දිලෙන්නට පටන් ගනී. පළමුකොටම තුරු මුදුන් සිප ගන්නේ කහ පැහැති ඒ හිරු රැස්ය. පක්ෂීහු හා සමනළු ඒ තුරු අතර සැරිසරති.
නිරිත දිග මෝසමෙන් හා දෙවැනි අන්තර් මෝසමෙන් වර්ෂාව ලබන මෙම ප‍්‍රදේශය මැයි සිට දෙසැම්බර් දක්වා කාලයේදී ඝන මීදුමෙන් හා අධික වැස්සෙන් යුතු වෙයි. අප රටේ වර්ෂා රටාවේ පැවැත්මට මෙම වනාන්තරයෙන් මහඟු මෙහෙයක් ඉටුවෙන අතර ශාක මතට පතිත වන වැසි දිය ක‍්‍රමානුකූලව මහ පොළොව කරා පැමිණ කුඩා දිය උල්පත් නිර්මාණය කරයි.
”මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා”
සැබැවින්ම මේ මහා ගංඟා දළුලන්නේ සමනොළ අඩවියේ ඒ කුඩා දිය උල්පත්වලිනි. දිය කඳුලක්ව ඉපදී වනාන්තරය අභ්‍යන්තරයේදී වැඩෙන මේම දිය කුමරියන් සුන්දරව ඇද හැලෙන දිය ඇලි 10 කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය කරන අතර දෝතලූ, දියනැල්ල, මන්නාකැති ලෙස නම් ලබන්නේ ඒ කුමරියන් කීප දෙනෙකි.
2009 අංක 22 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ස්වභාවික රක්ෂිතයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති සමනොළ අඩවියේ මෙවන් ඉදිකිරීමක් කිරීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවත් ඒ අනුව නීති විරෝධී ලෙස මේ ඉදිකිරීම් කටයුතු කිරීමට සූදානම් වන බව පෙනෙන්නට ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.
ලෝක උරුම සම්මුතියට අනුව යුනෙස්කෝ ආයතනය මගින් ලංකාවේ දෙවැනි ස්වභාවික ලෝක උරුම ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කළ මධ්‍ය කඳුකරයට අයත් සමනොළ අඩවියේ මෙවන් ඉදිකිරීමක් කිරීමෙන් එම සම්මුතිය උල්ලංඝණය කිරීම පමණක් නොව මුළු ලෝවැසියන්ගේ අවධානයට පාත‍්‍රවූ ප‍්‍රදේශයක් මෙරට වගකිවයුත්තන්ට ආරක්ෂා කරගැනීමට නොහැකි වීමෙන් ජාත්‍යන්තරව අප රටට එල්ල වන අපකීර්තියද සුළුපටු නොවේ යැයිද පරිසරවේදීහු පවසති.
සමනොළ අඩවිය යනු අප රටේ ප‍්‍රාථමික නිවර්තන වැසි වනාන්තර නැතහොත් නොයිඳුල් නිවර්තන වැසි වනාන්තර විශාල ප‍්‍රමාණයක් ඉතිරි වී ඇති එකම වනාන්තර ප‍්‍රදේශය වෙයි. දැනට විද්‍යාත්මකව නම් කර නොමැති සත්ව විශේෂ ගණනාවකගේ වාසස්ථානය වන්නේද සමනළ අඩවියයි. මුළු ලොවින්ම සමනොළ අඩවියේ පමණක් වාර්තා වන උභයජීවි උරග හා මිරිදිය කකුළුවෝ විශේෂ ගණනාවක් වෙති. මීට අමතරව සමනොළ අඩවියේ පමණක් වාර්තා වන සපුෂ්ක ශාක විශේෂ කිහිපයක්ම වෙයි.
ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 ම වාර්තා වන වනාන්තර පද්ධති දෙක අතරින් එකක් වන්නේද සමනොළ අඩවියයි.
වනාන්තර පද්ධතිය ආශි‍්‍රතව නිරන්තරයෙන් හෙළිකොප්ටර් ගමන් කළොත් ඒ හේතුවෙන් ජනනය වන අධික ශබ්දය කරණ කොටගෙන මෙහි ජීවත්වන අලි ඇතුන් හා දිවියන් ඇතුළු සමස්ත ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට ඉතා හානිකර බලපෑම් එල්ල විය හැකිය.
හෙළිකොප්ටර්වල අධික ශබ්දයේ බලපෑම සමනොළ අඩවිය පුරාම ජෛව ප‍්‍රජාවගේ නිදහස් ජීවන පැවැත්මට ඉතාම හානිකර ලෙස බලපෑ හැකි අතරම ප‍්‍රධාන වශයෙන් විශාල ක්ෂීරපායි සතුන්ගේ පැවැත්මට මේ තත්ත්වය දරුණු ලෙස බලපෑ හැකිය.
කොටස් දෙකකින් යුතු ව්‍යාපෘතියක් වන එමෙන්ම කේබල්කාර් ව්‍යාපෘතිය සැලසුම් කර ඇතැයි කියයි. රත්නපුර සිට සිරිපා මළුව දෙසටත් හැටන් සිට සිරිපා මළුව දෙසටත් වශයෙනි. කුළුණු ඉදිකරන්නට සිදුවේ. එමෙන්ම වනාන්තරය පුරාම මාර්ග පද්ධතියක් සකස් කර පිහිටි පොළොව දක්වාම විද ඊට අවශ්‍ය පසුබිම සකස් කළ යුතු වේ. ඉදිකිරීම් ද්‍රව්‍ය ප‍්‍රවාහනයට, කම්කරුවන් ප‍්‍රවාහනයට මාර්ග සකස් කළ යුතුය.මෙසේ වූ විට ජෛව විවිධත්වය සමතුලිතාව සම්පූර්ණයෙන්ම බිඳී යන අතර එයින් වන විනාශය කිසිඳු ලෙසකින් මිණිය නොහැකිය.
කඳුකර ප‍්‍රදේශයේ ඇත්තේ තුනී පස් තට්ටුවකි. කුළුණු ඉදිකරද්දී බිමට අධික කම්පනයක් යොදන්නට සිදුවෙන අතර එහිදී පස්තට්ටු ලිහිල් වෙයි. ඒ හේතුව මත වැස්ස ඇතිවෙද්දී මේ ප‍්‍රදේශය නාය යාමේ තර්ජනයට ලක් වීමේ අවකාශය පවතී.
වාසස්ථාන විනාශ වීමත් මාර්ග පද්ධති සකස් කිරීම නිසා ආක‍්‍රමණික ශාක නොයිඳුල් වනාන්තරය පුරා පැතිර යාම මෙයින් සිදුවිය හැකි තවත් විනාශයකි.
දැනට රත්නපුර පලාබද්දර මාර්ගයේ හා කුරුවිට එරත්ත මාර්ගයේ පැතිර ඇති කටකළු බෝවිටියා නම් ආක‍්‍රමණික ශාකය කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා මාර්ග පද්ධති සකස් කළොත් සමනොළ අඩවියද ගිලගන්නා තවත් මාරයෙක් බවට පත්විය හැකිය. එමෙන්ම තවත් දරුණු ආක‍්‍රමණික ශාකයක් වන ගල්ඉද්ද ශාඛය සමනොළ අඩවිය ගිලගන්නා මාරයෙක් බවට පත්විය හැකිය.
කටකළුබෝවිටියා ශාකයේ ඉතා රසවත් ගෙඩි වර්ගයක් සෑදෙන අතර කුරුල්ලන් ඒවා කෑමට වැඩි රුචිකත්වයක් දැක්වීමෙන් ඉහළ ස්ථරවල ශාක ව්‍යාපෘතිය වැඩිවේ. එසේ වන්නේ කටකළුබෝවිටියා ශාකයේ ගෙඩි කුරුල්ලන් ආහාරයට ගද්දී එහි ඇට වැටීමෙන් එම ශාක ව්‍යාප්තිය තවත් පුළුල්ව සිදුවීමත් අනිත් ඉහළ ශාකවල ඵල අනුභවය අඩුවීමෙන් ඒවා එසේ ව්‍යාප්ත වීම සිදු නොවීමත් යන හේතු මතය. මෙය ජෛව සමතුලිතතාව බිඳ වැටීම කෙරේ සෘජුවම බලපායි.
මුළු ලෝකයේම සමනොළ අඩවියේ පමණක් උභයජීවි හා උරග විශේෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට වාර්තා වෙයි.
අකුලා නොගත්තොත් ජීවිතය පරදුවට තබා විරෝධය පළකරනවා
|
||
ශ්‍රී පාද රක්‍ෂිතයේ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකිරීමට සැකසූ පිඹුරුපත් අකුලා නොගතහොත් ජීවිතය පරදුවට තබා විරෝධය පළකරන බව ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ හා සමනොළගිර සුරැකීමේ සංවිධානයේ සභාපති කොළොන්නේ සිරිශාන්ත විජය හිමියෝ පවසති.
|
සාකච්ඡාවක් තිබ්බෙත් නෑ ඉදිකරන්න අවශ්‍යතාවකුත් නෑ
|
||
ශ්‍රී පාද අඩවියේ හෙලිකොප්ටර් අංගණයක් ඉදිකරන බව සමහරුන් විසින් ප‍්‍රචාරය කරනු ලබන කතාව යක්ෂයන් ගැන සමහරුන් තුළ ඇති සිතුවිල්ලට සමාන බව රත්නපර දිස්ති‍්‍රක් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවැසීය.
|
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සමනොළ අඩවියේ හෙළිකොප්ටර් අංගණයක් හදන කතාවේ ඇත්ත - නැත්ත
ජයී තිසර Tuesday, 19 March 2013 03:06 PM
අධික වර්ෂාපතනයක් ඇති සමනොළ අඩවියට ඉතාමත් අවශ්‍ය දේ හැකි සෑම අයුරින් ඒ ප්‍රදේශවල තව තවත් වෘක්ෂලතාවන් වර්ධනය කිරීමය. අහසින් වැටෙන වර්ෂා ජලයේ ඇති වේගය ගස් වැල්වල කොළ මතට වැටුන විට විසරිතවී මර්ධනය වේ. කොටසක් මීදුමට හැරේ. පොලවට වැටෙන්නේ සුළු කොටසක් පමණි. මෙලෙසින් සොබාදහමින්ම සෝදාපාළුව වළක්වා ඇත. වෘක්ෂලතාවන් ආරක්ෂා කර ගැනීමෙන් අවසානයේදී අපවද ආරක්ෂා වේ. (නි)
සදුන් Tuesday, 19 March 2013 03:07 PM
අයියෝ සල්ලි
බණ්ඩාර Tuesday, 19 March 2013 03:41 PM
මම හිතන්නේනැහැ මේ කතාව ඇත්ත කියලා (දී)
වික්‍රම Wednesday, 20 March 2013 04:03 PM
මොකද්ද ඒ කතාව (දී)
චමින්ද Monday, 18 March 2013 10:40 PM
හදන්නේ නැහැ කියලා කියලා තියෙන්නේ (දී)
මේනකා Thursday, 21 March 2013 12:05 PM
එහෙම කරනවා නම් මමත් එකට විරුද්ධයි (දී)
සදුන් Wednesday, 20 March 2013 11:33 AM
ඒ කතාව බොරුයි කියලා හැමෝම කියනවා (දී)
පාලිත Friday, 22 March 2013 10:51 AM
මොකද්ද ඒ කරන්න යන වේදේ පරමාර්ථය (දී)
සාරංග Thursday, 21 March 2013 03:47 AM
එහෙම දෙයක් කරන්නේ නැහැ (දී)
ප්‍රේමා Friday, 22 March 2013 10:52 AM
කිසි සේත්ම අනුමත කරන්න බැහැ, ඇත්තටම එහෙම දෙයක් කරනවාද (දී)
ලියනගේ Wednesday, 20 March 2013 05:50 AM
ලොකු ලොකු ඉහළ පැළැන්තිවල අයට ශ්‍රී පාදය කරුණා කරන්න මේචචර දුරක් පයින් ගමන් කරන්න අමාරු ඇති. (නි)
ලියනගේ Wednesday, 20 March 2013 05:55 AM
දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ මේක හැදුවහම රටට සල්ලි ගලාගෙන එයි කියලද? (නි)
සේනානායක Wednesday, 20 March 2013 01:13 PM
ඒ කතාව ඇත්තනම් මහා අපරාධයක් (දී)
හසන්ත Monday, 13 May 2013 11:19 PM
ශ්‍රී පාදය උත්තරීතර බවත්, ඉමහත් ශ්‍රද්ධාවත් අපේ හිත් තුල මතු වෙන්නේ සිරිපා කරුණාවේ තියෙන දුෂ්කර බව නිසාමයි. හෙලිකොප්ටර් අංගන හෝ කේබල් කාර් වලින් හෝ සිරිපා කරුණා කිරීමෙන් ඒ උත්තරීතර බව හෝ ඉමහත් ශ්‍රද්ධාව අත්විදින්න බැහැ. ඊටත් ශ්‍රී පාද අඩවිය තුල පරිසර සංරක්ෂණය කොතරම් ද කියනවා නම් පඩි පෙළ දිගට තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර පවා ක්‍රියාත්මක වෙන්නේ පුදුම විදියට අඩු සද්දෙකින්. (නි)
සුමිත් Thursday, 21 March 2013 07:59 AM
එහාට මොකටද හ්ලිකොප්ටර් අංගන (දී)
දර්ශන Sunday, 17 March 2013 05:58 PM
මම පිලි ගන්නේනැහැ (දී)
කුමාර Tuesday, 19 March 2013 08:36 AM
මේ වැඩසටහන වහාම නැවැත්විය යුතුයි. (නි)
සෙනරත් Wednesday, 20 March 2013 02:54 PM
මේ සියල්ල විනාශ කළ පසු ඔවුන් ඔවුන්ගේ මවත් විකුනයි. (නදී)