කටුනායක ගුවන් හමුදා ප‍්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගත් ඞී.එම්. ගුණරත්න ඇපපිට නිදහස් විය. දැන් ගුණරත්නට උඩුගම්පොළ පෙතියාගොඩ නිවෙසට යා නොහැකිය. ඔහු කෙළින්ම ගියේ කෑගල්ලේ අලපලාවල උපන්ගම වෙතය. දවසක් දෙකක් එහි සිටිය ද එය ද ජ.වි.පෙ. පූර්ණ කාලිකයකුට සුදුසු තැනක් නොවන බව ඔහුට දැනිණ. ඒ අනුව ගුණරත්න වහාම සගයකු මගින් පක්ෂය දැනුම්වත් කළේය.
”ගුණරත්න ගැන පක්ෂයේ ඉහළ තැන්වල සාකච්ඡා කෙරිණි.”
”ගුණරත්න සහෝදරයා දක්ෂයෙක්. සන්නද්ධ අංශයේ රත්නපුර හිස් තැනක් තියෙනවා. එතනට දාමු...” ඒ උපදෙස ලැබුණේ වික්ටර් ගෙනි. වික්ටර් යනු 1989 මුල භාගයේ රත්නපුර දිස්ත‍්‍රික් සන්නද්ධ අංශ නායකයාය. දැනට ඔහු ඉතාලියේ පදිංචිව සිටින, නමින් සුමිත් පල්ලියගුරු සහෝදරයාය.
”ගුණරත්න සහෝදරයා අසවල් දවසේ අසවල් වෙලාවට කෑගල්ල බස් ස්ටෑන්ඞ් එකට එන්න...”
පණිවුඩක් ලැබුණි. ඒ අනුව තවත් සගයකු සමග ගුණරත්න කෑගල්ලට ගියේය. කෑගල්ල ටවුමේදී ජනතා විමුක්ති පෙරමුණේ තවත් විශේෂ සහෝදරයකු මුණ ගැසිණි. ඔහු පක්ෂයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කළ ”අබේ” සහෝදරයාය.
වචනයක දෙකක කතාවකි. තුන්දෙනා එකට නොව වෙනම තුන්දෙනෙක් ලෙස වෙන්විය. කෑගල්ලෙන් අවිස්සාවේල්ල බසයට නැගී නොදන්නා අය ගානට තැන් තුනක වාඩි විය. බස් එක කැලෑ පාරවල් දිගේ අවිස්සාවේල්ලට ඇදුණි. දහවලට තවත් හෝරා කීපයක් ඇත. එම නිසා අබේ ඉදිරියෙන් ද අනෙක් දෙන්නා ඊට පසු පසින් වෙන වෙනම ද ගොස් රත්නපුර බස් එකකට නැගුණෝය. තුන්දෙනා ගමනාන්තය අවසන් කෙළේ කුරුවිටිනි.
කුරුවිට රත්වෙල ස්ථානයකට ”අබේ” සහෝදරයා ගුණරත්නව කැඳවාගෙන ගියේය. එදා එම නිවසේ ජ.වි.පෙ. දිස්ත‍්‍රික් කමිටුව පැවැත්වෙමින් තිබිණි. එහි ප‍්‍රධාන තැනක් ”වික්ටර්” සහෝදරයාට හිමිවිය. දිස්ත‍්‍රික්කයේ සියලූ සන්නද්ධ කටයුතු බාරව මෙහෙයවමින් සිටියේ වික්ටර්ය.
”වික්ටර්... මේ ගුණරත්න” අබේ සහෝදරයා ගුණරත්නව බාර කළේය.
”ගුණරත්න...” වචනයෙන් පවසා වික්ටර් මොහොතක් ඔහු දෙස බලා උන්නේය. එය ගැඹුරු බැල්මකි. ඉහේ සිට පාදාන්තය දක්වාත්, පාදාන්තයේ සිට හිස් මුදුන දක්වාත් බලාගෙන ගියේය.
දිස්ත‍්‍රික් කමිටු සාකච්ඡුාව අවසන් විය. පැත්තක සිටි ගුණරත්නට වික්ටර් කතා කළේය.
”සහෝදරයා ගැන මම දන්නවා. අද ඉඳන් කළවානxනිවිතිගල තමාට බාරයි...” ඒ අනුව වික්ටර් ගුණරත්නට කළවානේ සන්නද්ධ අංශය එසේ බාර දුන්නේය.
ගුණරත්න කළවානට යනවිට එය කලබල නැති ප‍්‍රදේශයක් විය. ඊටත් වඩා කළවානxනිවිතිගල දී ප‍්‍රශ්නයක් පැමිණියොත් ඊට මුහුණදීමට හයියක් ජ.වි.පෙ. තුළ තිබුණේ නැත. ඒ අනුව ගුණරත්න වහාම පක්ෂයේ දක්ෂයන් තෝරා 15 දෙනෙකුගෙන් පමණ සමන්විත සන්නද්ධ කණ්ඩායමක් නිර්මාණය කළේය. ඒ අයට අවශ්‍ය ආයුධ සොයා ගැනීම ඊළඟ මෙහෙයුම විය. ආයුධ එකතු කරන දවසේ ”වික්ටර්” ආවේය.
”අසවල් ගෙවල්වල තුවක්කු තියෙනවා...” කලින් ලබා ගත් තොරතුරු වලින් තුවක්කු තියන ගෙවල්වල ලැයිස්තුව ”වික්ටර්” අතට පත්විය. ඒ අනුව වික්ටර්ගේ නායකත්වයෙන් සන්නද්ධ පිරිස ගෙවල් වලින් තුවක්කු හා අවි ආයුධ එකතු කළහ. කළවාන-නිවිතිගල දී පොලිසියxහමුදාව එල්ල කරන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ආයුධ දැන් ගුණරත්නලා සතු විය. මේ 1989 මැද භාගයයි. ගුණරත්නගේ නායකත්වයේ සාර්ථක භාවය දුටු ”වික්ටර්” දවසක් තවත් යෝජනාවක් ගෙනාවේය.
”සහෝදරයා බළංගොඩ ප‍්‍රශ්න වැඩියි. හමුදාව ඇවිත් හොල්ලනවා. අපේ සාමාජිකයො මරනවා. අල්ලනවා, බළංගොඩ ටිකක් බලමුද?”
ගුණරත්න ඒ අභියෝගය භාර ගත්තේය. ඒ වනවිට බළංගොඩ ශාඛාවේ සන්නද්ධ නායකත්වය දැරුවේ වීරරත්න, අලූත්වත්ත හෙවත් සමන් මහත්තයාය. අද ඔහුද මා සමග සිටී...
”එදා ආණ්ඩුවේ මර්දනය බළංගොඩ තදින්ම තිබුණා. ගුණරත්න ආවට පස්සෙ අපි දෙන්නම එකතු වෙලයි, බළංගොඩ සන්නද්ධ නායකත්වය දුන්නේ... අපේ එකතුව කොච්චර සාර්ථක වුණාද කියනවා නම්, අන්තිම කාලෙ පොලිසියෙන් තුවක්කුවක් අරන් පාරෙ යන්නැති තැනට පත් වුණා. ”සමන් මහත්තයා” කියයි.
බළංගොඩ ප‍්‍රදේශයම හොල්ලන බරපතළ මෙහෙයුමක් සන්නද්ධ අංශය කළේය. එනම් හමුදාව ”ගෙදරටම” ගෙන්වා ගෙන පහර දීමකි. සාමාන්‍යයෙන් එදා කෙරුණේ සොයා ගිහින් හෝ දුටු තැන පහර දීමක් පමණි. ගෙන්වාගෙන පහර දීම් තිබුණා නම් ඒ ඉතාම අතළොස්සකි.
බළංගොඩ පැත්තෙ ජ.වි.පෙ. මර්දනයට හමුදාව හා පොලිසිය විවිධ මෙහෙයුම් කළහ. මේ හමුදාxපොලිස් ලොකු ලොක්කෝ නිතර පැමිණ කා බී ”ජොලි” කර යන තැනක් තිබිණි. ඒ රාස්සගලට කිට්ටුව තේ වත්තක බංගලාවකි. මේ ස්ථානය සන්නද්ධ අංශය විසින් සෑහෙන දවසක් නිරීක්ෂණය කළේය. ඒ අනුව මෙහෙයුමක් සැලසුම් කෙරිණි.නියමිත දිනයක සන්නද්ධ පිරිස තේ ෆැක්ටරියට කඩා පැන්නෝය. විශාල තේ වත්තක් නිසා බය නැතිව වෙඩි පිට වෙඩි තබාගෙන පැක්ටරිය ආක‍්‍රමණය කළහ.
සිදු වූ දේ කාටත් හිතා ගැනීම දුෂ්කර විය.
”මේ එකෙක් වත් මරණ්ඩ එපා” සන්නද්ධ නායකයෝ කෑ ගැසූහ. ඒ අනුව තේ ශාලාවේ කළමනාකරු අල්ලා,
”උඹ තමයි අපි හොයන එකා. තෝ හමුදාවට පොලිසියට කන්න බොන්න දීලා මෙතන බජව් නටවනවා.. අපි උඹව මරන්නේ නෑ.”
”කඹයක් ගෙනෙවු” ඒ අනුව කළමනාකරු ඔහුගේ පුටුවේ බැඳ දැම්මේය.
”දැන් හමුදාවටම කියලා මේක ලිහා ගනු” කියා පිරිස යන්නට ගියහ.
කර්මාන්තශාලාවෙන් බොහෝ ඈතට ගොස් තේ වත්තට වී වතු මාර්ගය නිරීක්ෂණය කරමින් සෑහෙන වේලාවක් උන්හ.
”මැනේජර් ගැට ගැහුවා කියලා ෆැක්ටරියෙන් හමුදාවට කියන එක ස්ථීරයි. දැන් කොයි වෙලේ හරි හමුදාව හරි පොලිසිය හරි එනවා...”
දැවැන්ත ප‍්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සන්නද්ධ අංශය බලා සිටියේය.
පැයක් ගෙවුණේ නැත. විදුලි වේගයෙන් හමුදාව රැුගත් වෑන් දෙකක් පැක්ටරිය දෙසට ඇදිණි. ඒ වේගය ප‍්‍රහාරයක් සඳහා සුදුසු නැත. එබැවින් ආපසු එන විට ප‍්‍රහාරය සූදානම් විය. රාස්සගල-බුලත්ගම අතර බිම් බෝම්බයක් වළ දැමිණි. ඒ අනුව ආපසු එන වෑන් රථ දෙකෙන් එකක් බිම් බෝම්බයට ගොදුරු විය. එයින් එක සෙබළකු මරණයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ.
සැලසුම් සහගතව හමුදාව ගෙන්වා පහරදීමක් නිසා මෙය රටේම කතා බහට ලක් විය. එම සිදුවීමත් සමග බළංගොඩ ජ.වි.පෙ. පිළිබඳ භීතියක් කා තුළත් හට නොගත්තා නොවේ. මේ කාලය වනවිට සමස්ත ලංකාවටම ජ.වි.පෙ. සන්නද්ධ නායකත්වය දැරූ සමන් පියසිරි ප‍්‍රනාන්දු හෙවත් කබ්රාල් හිටියේ ද බළංගොඩය. එකල ගුණරත්නට ඔහු නිතර මුණ ගැසිණි.
ඒ බළංගොඩ රෝහල ඉදිරිපිට ඕලූගංතොට නැමැති ස්ථානයේය.
එතැන සිටින ගුණරත්න ඉදිරියට සමන් එන්නේ කවර දිශාවකින් ද යන්න වත් පැහැදිලි නැත. ඒ තරමට උපක‍්‍රමශීලී හමුවීමකි. අඩුම ගානේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයකු හැටියටත්, පක්ෂයේ සන්නද්ධ නායකයා හැටියටත් සමන් ”බළංගොඩ” පදිංචි තැන ගුණරත්නවත් දැන හිටියේ නැත. පසු කාලයක සමන් පියසිරි ප‍්‍රනාන්දු අත්අඩංගුවට පත් වූ පසු ඔහු බළංගොඩ පදිංචිව සිටි තැන හෙළි විය. ඒ අනුව සමන් පදිංචිව සිට ඇත්තේ රෝහල පිටුපස රයිවත්තේ ස්ථානයකය.
සමන් පියසිරි සමග ගුණරත්න ද 1989 වසරේ දිගු කලක් වැඩ කළේය. එම නිසා සමන්ගේ පුහුණුව ගුණරත්නට ද ලැබිණ.
”සමන් පියසිරි ප‍්‍රනාන්දු කියන්නේ ගොඩක් උස කෙනෙක් නෙවෙයි. එයා මහතයි, මිටියි. උස අඩි 5’ 1’’යි. හැබැයි පෘෂ්ටිමත්. ධෛර්ය සම්පන්න කෙනෙක්. නිතර එහෙ මෙහෙ ගියේ බස් එකේ. වාහන වල නෙවෙයි. දවසක් මම බළංගොඩින් බස් එකට නගිද්දි සමනුත් බස් එකේ ඉන්නවා. එයා යන්නෙ වෙන ගමනක්. මම තවත් ගමනක්, සමන් මට ඇහින් කිව්වා, ළඟට එන්න එපා කියලා. ඉතින් එයා එයාගෙ ගමන ගියා. මම මගෙ ගමන ගියා. අපි අවශ්‍ය විට අවශ්‍ය දේ හමුවෙලා සකච්ඡුා කළා. එහෙමයි අපි වැඩ කළේ. අපි දෙන්නම සන්නද්ධ අංශයේ නිසා හුඟාක් වෙලාවට සමන් පියසිරියි මමයි කැලෑ වල තිබුණු ”ටේ‍්‍රනින් කෑම්ප්” නිරීක්ෂණයට ගියා. හම්බෙගමුවෙත් අපි ගියා. කොටින්ම රජවක තැන්නෙන් ගියාම දිය වින්නෙන් මතු වෙන්නෙ.
ඒ තරම් කැලෑ අස්සෙ අපි ගියේ. සමන් මහත නිසා කළව ඇතිල්ලිලා කකුල් තුවාල වෙලා තිබුණා මට මතකයි. රාස්සගලදී හමුදාවට තියපු බිම් බෝම්බෙන් පස්සෙ හමුදාව-පොලිසිය ටිකක් බය වුණා. ජ.වි.පෙට දාපු පීඩනය සෑහෙන්න අඩු කළා. ඒ නිසාම දවසක් සමන් මා එක්ක කිව්වා.
”සහෝදරයා මට දැන් බළංගොඩ ආරක්ෂාව හොඳයි” කියලා ඒ වගේම දවසක් සමන් මෙහෙම කතාවක් කියනවා.
”සහෝදරයා, මට තේ වත්තක හොඳ ගෙයක් හොයලා දෙන්න කියලා.
මම ගෙයක් හෙව්වා. ඒ බෙලිහුල්ඔයට මෙහා පැපොල් වත්තෙ පරණ බංගලාවක්. ඒකෙ ලයිට් තිබුණෙ නෑ. මම ගේ හොයලා කබ්රාල්ට කිව්වාම එයා කිව්වා. මෙතනට එන සහෝදරයාට එතන හරියන්නේ නෑ කියලා. ඒ අනුව මම දැනගත්තා. ඒ ගේ බැලූවෙ සමන්ට නොවෙයි. සමන්ටත් වඩා ඉහළ ජ.වි.පෙ. නායකයකුට බව. සමන් එදා ගේ හොයලා තිබුණෙ රෝහණ විජේවීර සහෝදරයාටයි.
මේ කතාව අනුව බළංගොඩ යනු ජ.වි.පෙ. සන්නද්ධ නායකව සිටි සමන් පියසිරි හෙවත් කබ්රාල්ගේ රාජධානිය විය. ඔහු හිටි අඩියේ බළංගොඩ නොමැති කාල විය. ආපසු කෙටි කලකින් බලංගොඩින් මතුවේ.
”රෝහණ විජේවීරයි, උපතිස්ස ගමනායකයි ඝාතනය වුණාට පස්සෙ මට සමන්ව මුණ ගැහුණා.”
”ගුණරත්න මට ලීෆ්ලට් ටිකක් ප‍්‍රින්ට් කර ගන්න තියෙනවා. ඒකට තැනක් බලන්න...”
මට ඒ සඳහා පුද්ගලික සබඳතා තිබුණේ නෑ. ඒ වැඬේට සුදුස්සෙක් මම සමන්ට මුණ ගැස්සුවා. ඔහු වත්මන් මන්ත‍්‍රී දීපාල්. ඒ හමුවීම වුණෙත් ඕලූගංතොටදී. නමුත් මේ ලීෆ්ලට් වැඬේ හරි ගියේ නෑ.
කොහොම වුණත් විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පස්සෙ පක්ෂයේ ප‍්‍රධාන ලේකම්ගෙ වැඩ කොටස කළේ සමන් සහෝදරයා. ඒ වගේම පක්ෂ නායකකමට තෝරන් හිටියෙ ශාන්ත බණ්ඩාර. මොකද ජ්‍යෙෂ්ඨත්වය අනුව ශාන්තට ඊට ඉහළ සුදුසුකම් තිබුණා.
ගුණරත්න කියයි.
ඊළඟ වැදගත්ම දේ තමයි, රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය වීමෙන් පසු තිබුණු පළමු දේශපාලන මණ්ඩල රැුස්වීම් දෙක. විවිධ අය විවිධ කතා කියනවා. ඒ කියන අය හිතන්නෙ ඉතිහාසය දන්න සේරම මැරිලා කියලා. ඒවා වැරදියි. ඒවා එහෙම වුණේ නෑ. බොරු කියද්දි ඒවායේ ඇත්ත හංගන් අපට ඉන්න බෑ. විජේවීර ඝාතනය වුණාට පස්සෙ දේශපාලන මණ්ඩලය දෙවරක් රැුස්වුණා. මෙන්න ඇත්ත....
මේ රැුස්වීම මුලින් තියන්න ලෑස්ති කරගත්ත තැන මම දන්නෙ නෑ. මුලින් තියන්න හැදුවෙ රත්නපුරේ තැනක. ඒත් එම උත්සාහය අසාර්ථක වුණා. ඊට පස්සෙ වික්ටර් (රත්නපුර දිස්ත‍්‍රික් සන්නද්ධ නායක) මට ඇවිත් කිව්වා,
”අපට මෙහෙම රැස්වීමක් තියන්න තියනවා. ඒකට ගූනරත්නගෙ ගෙදර පුළුවන් ද කියලා.” ඒ වෙද්දි මම පදිංචිව හිටියේ රත්නපුරේ හිදැල්ලන හන්දියට කිට්ටු තැනක. පක්ෂයේ ගෙදරක්. ඒ ගෙදර ඉස්සරහ කාමරේ තමයි දේශපාලන මණ්ඩලය රැුස් වුණේ. 1989 නොවැම්බර් 20-30 අතර දවසක. රැුස්වීමට ආවේ දේශපාලන මණ්ඩලේ හිටපු අයගෙන් ලලිත් විජේරත්න, සමන් පියසිරි ප‍්‍රනාන්දු සහ සිරිදාස කියලා කෙනෙක්. සිරිදාස හුඟාක්ම අප‍්‍රකට දේශපාලන මණ්ඩල සභිකයෙක්. ඔහු කෙට්ටුයි උසයි. ඔහු විතරයි වාහනේක ආවේ. 15ශ්‍රී ටොයෝටා එකක්. අනික් අය බස් එකේ ආවේ. වික්ටර් ඇතුළු කීප දෙනකුත් මෙතන හිටියා. මම කළේ සාකච්ඡුා කරන අයට කෑම බීම සපයපු එක.
මේ තමයි විජේවීරගෙ ඝාතනයෙන් පසු පළමු දේශපාලන මණ්ඩල රැුස්වීම. ඒකට ශාන්ත බණ්ඩාර කැඳවා ගැනීමේ ගැටලූවක් තිබුණා. ඔහු දෙවැනි දේශපාලන මණ්ඩල රැුස්වීමට සම්බන්ධ කර ගන්න යෝජනා වුණා. හැබැයි සෝමවංශ අමරසිංහ නම් ඒ පැත්ත පළාතක හිටියේ නෑ. ඔහු කියනවා නම් ඒකෙ හිටියා කියල, අපි වුණත් තවම මැරිලා නෑ. මොකද ඒ රැුස්වීම තිබුණෙ හිදැල්ලන මම හිටපු ගෙදර. ඒ රැුස්වීමෙ හිටපු අය මම දන්නවා. සාකච්ඡුාවේදී යම් යම් තීරණ මට ඇහුණා. ඒවත් දන්නවා. එකම දේ අපි තාම ජීවතුන් අතර. දේශපාලනය නොකළාට අපි බොහෝ දේ දන්නවා.
ගුණරත්න මහතා මට කියයි.
මතු සම්බන්ධයි
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සමන් පියසිරි ප‍්‍රනාන්දුගේ බලංගොඩ රාජධානිය
නුවන් විජේවර්ධන Friday, 18 December 2015 04:31 AM
ජවිපෙ සංවිධාන ශක්තිය ගැන අනෙක් පක්ෂ වලට හිතා ගන්න වත් බෑ.....හීනෙකින් වත් කරන්නත් බෑ....(බ)
රණතුංග Thursday, 17 December 2015 04:38 PM
හොඳ ලිපියක් (නි)