සිංහල - හින්දු සැමට සුබ අලූත් අවුරුද්දක් වේවා ! |
සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු ශ‍්‍රී ලාංකිකයන්ගේ ජාතික මහෝත්සවයයි. අතීතයේ සිට පැවැත ගෙන ආ නැකතට මුල් තැන දීමේ සම්ප‍්‍රදාය මත එය සකල සිංහල හා හින්දු ජාතිකත්වයන් විසින් සමරනු ලැබේ. අතීතයේ සිට පැවැති සූර්ය වන්දනා ක‍්‍රමය මුල්කරගෙන මෙම උත්සවය විකාශනය වී ඇත. මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා ආදී වශයෙන් වූ රාශි දොළහ වටා යන්නට සූර්යයාට දින 365 ක් ගතවන බවට පැරැන්නෝ විශ්වාස කළහ. ඒ අනුව එසේ ගමන් කර 365 වැනි දිනය සම්පූර්ණ කරන අපේ‍්‍රල් 13 වැනි දා දිනයේ නව අවුරුද්ද උදාවේ යැයි ඔවුහු විශ්වාස කළහ.
මෙසේ අලූත් අවුරුද්ද උදාවන්නේ සිංහල මාස ක‍්‍රමයට අනුව බක් මාසයේදීය. බක් මාසය යනු භාග්‍යවන්ත මාසය යන්නට පර්යාය පදයකි. එය වසන්ත කාලය යන නමින් ද හැඳින්වේ. පැරැුණි සිංහලයා පොළොව සැලකුවේ මාතාව හැටියට වන අතර සූර්යයා දෙවියකු යැයි විශ්වාස කළේය. එනිසා හිරුගේ අලූත් උදාව සිය ජීවිතවල ද අලූත් උදාවක් සේ සැලකූහ. මේ නිසා අලූත් ජීවිතයේ අලුත් ගමනකට අවශ්‍ය පරිදි සිය ගේ දොර අවට පරිසරය පවා ප‍්‍රතිසංස්කරණය කරගන්නට ඔවුහු කල්පනා කළහ. ඒ අනුව බිත්තිවල හුණු ගෙබිම ගොම පිරියම් කිරීම, වහලට පිදුරු සෙවිලි කිරීම, නෑඹිලිය, ඇතිලිය වළඳ, කොස්ස අලූතෙන් සකස් කරගැනීම හා අලූත් ඇඳුම් පැළඳුම්වලින් සැරසීම සිදු කෙරිණි. වසන්ත සමය උදාවන බව අපට පළමුව කියන්නේ ස්වාභාවික පරිසරයයි. සෑම ගහ කොළකම පාහේ අතු ඉති දළු පලු පල මල්වලින් සැරසෙන්නේ බක් මාසයේ උදාව අපට කියන්නට මෙනි. විශේෂයෙන්ම කජු ගස් පලින් බරවීම මෙම කාලයට ආවේණික හා සුපුරුදු දර්ශනයකි. එසේම මේ පරිසරයේ සොඳුරුතම පරිවර්තනයෙන් ආස්වාදයට පත්වන තවත් විශේෂ සත්වයෙකි. ඒ නම් කොවුලාය. වසන්තශ‍්‍රීයෙන් ඔකඳ වූ සිත් ඇති හෙතෙම තම කූජනයෙන් සියල් පරිසරයේ විචිත‍්‍රත්වය තව තවත් වර්ධනය කරයි.
අලූත් අවුරුදු සමය යනු කුස්සියට ද විවේකයක් නොදෙන කාලයකි. දුරු මිරිස් තුනපහ ඈ කුළු බඩු අඩුවක් නැතිව පිරෙද්දී අතිරස, අග්ගලා, ආස්මි ආදී රස කැවිලි කල්තියාම සූදානම් කෙරේ. එහිදී තෙල් වළඳක් ලිප නොතිබෙන කොණ්ඩ කැවුමක් නොබැදෙන ගෙයක් සොයාගැනීම උගහටය. මේ අතරේ සිය වත්තෙන්ම බා ගත් කෙසෙල් කැන දුම් ගස්සවන්නේ අලූත් අවුරුද්දේ කලට වේලාවට කෑම මේසයට ගෙන්වාගන්නටය. මේ සියලූ දේ කල්තියා සූදානම් කරගත්ත ද වැදගත්ම ලියවිල්ලක් වෙයි. ඒ නම් අවුරුදු සීට්ටුවයි. නව අවුරුදු සමයේ හා පරණ අවුරුද්දේ වැඩ කළ යුතු නැකැත් අන්තර්ගතවන්නේ එම ලියවිල්ලේය. අවුරුදු සීට්ටුව ගෙයින් ගෙට ගොස් බෙදීම සීට්ටුකරුවාගේ කාර්යභාරය වන අතර එය ලබාගන්නා නිවැසියෝ ඔහුට තෑගි බෝග ආදියෙන් සංග‍්‍රහ කිරීමට පුරුදු වී සිටියහ. ඊට අනුව මුල්ම කාර්යය වූයේ පරණ අවුරුද්ද සඳහා සඳ බැලීමයි. එය කළ යුතු දිනය හා වේලාව අවුරුදු සීට්ටුවේ සඳහන් කර තිබිණි. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම ද ඒ ආකාරයටම සිදු කෙරිණි. අලූත් අවුරුද්ද අවුරුදු කුමාරයාගේ ආගමනය ලෙස පරිකල්පනය කළ නිර්මාණකරුවෝ අවුරුදු සීට්ටුවේ ඉහළ කෙළවරේ අවුරුදු කුමාරයකු සිතුවම් කිරීමෙන් එය සංකේතවත් කළහ. පරණ අවුරුද්දේ සිට අලූත් අවුරුද්දට එළඹෙන කාලය නැකැත් නැති කාලයක් සේය සැලකෙන්නේ. නොනගතය යන නමින් එය හැඳින්වෙන්නේ ද එහෙයිනි. නැකැත් නැති කාලය හෙවත් නොනගතය සැලකෙන්නේ පුණ්‍ය කාලය හැටියටය. එනම් බෞද්ධයන් නම් එම කාලය ඇතුළත තෙරුවන් විෂයෙහි මල් පහන් පූජා කර කුසල් සිත් සම්පාදනය කරගත යුතුය. හින්දුන් නම් සිය ආගමට අනුව එම කටයුතු සිදු කළයුතුය.
ඉන්පසුව තිබෙන්නේ නැකැතට ළිප ගිනි දැල්වීමය. නියමිත දිනයේ නියමිත වේලාවට නියමිත වස්ත‍්‍රාභරණයෙන් සැරසුණු ගෘහණිය නියමිත දිශාව බලා ළිප ගිනි දල්වා කිරි උතුරවන්නී උදාවන අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන්නැයි යන සුබ පැතුම හදෙහි දල්වාගෙනය. අවුරුදු සීට්ටුවේ මීළ`ග අංගය වන්නේ නැකැතට ආහාර අනුභවයයි. සාමාන්‍යයෙන් නිවෙසේ ප‍්‍රධානියා වන පියා අතින් දරුවන්ට කිරිබත් කටක් කැවීමෙන් මෙය අර්ථවත් කෙරේ. ඒ සඳහා ද නියමිත දිශාවක් තිබෙන අතර කෑම මේසයට වාඩි වී හෝ පැදුරු එලා බිම වාඩි වී නිවැසියෝ ඊට සම්බන්ධ වෙති. මෙහිදී ආහාර අනුභවයට පෙර මේසයේ පොල් තෙල් පහනක් දැල්වීම ද සම්ප‍්‍රදායයි. සතුටින් සොම්නසින් උත්කර්ෂවත්ව එම අවස්ථාව සැමැරීම මෙහි අරමුණයි. ගනුදෙනු කිරීම සංකේතවත් වන්නේ බුලත් කොළයක් දැවැටූ කාසි හා මුදල් නෝට්ටු හෙවත් ප`ඩුරු හුවමාරු කිරීමෙන්ය. එය සිදුවන්නේ ද නැකතටය. යහපත් හෙවත් සුබ අයකු සම`ග ගනුදෙනු කිරීම මගින් නව වසරම සාර්ථක වන බවට විශ්වාසයක් වේ.
ඉන්පසුව තිබෙන්නේ නව වසරේ තවත් අතිශය වැදගත්ම කටයුත්තකි. එනම් නැකතට වැඩ ඇල්ලීමයි. කොස් ගසක් වැනි කිරි ගසකට පිහියකින් කෙටීමෙන් කිරි ගසට ඇන්නා සේ නව වසර සාර්ථක වේවායි ගෘහ මූලිකයෝ ප‍්‍රාර්ථනා කරති. වැඩ කිරීම සඳහා නැකැතක් හෙවත් වේලාවක් ඇති බවත් අනෙක් අතට වේලාවට වැඩ කිරීමට සිංහලයාට ඇති හුරුවත් මෙම`ගින් අර්ථවත් වේ. සෞඛ්‍යසම්පන්න ජීවිතය වනාහි සිංහලයා අතීතයේ සිට සිය ජීවිතයේ මූලිකාරම්මණය කරගත්තකි. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවේදී මෙම වටිනාකමට ද තැනක් දී ඇත. ඒ නැකතට හිස තෙල් ගෑමේ චාරිත‍්‍රයයි. නව අවුරුදු උදාවේ නැකැත් වේලා අනුව සැකැසූ නානු මේ සඳහා භාවිත කරන අතර සාමාන්‍යයෙන් ගමේ පන්සලේ හාමුදුරුවෝ මෙම කටයුත්ත සිදුකරති. නැතිනම් ගමේ වැඩිහිටි පුරුෂයෙක් විසින් සිදුකරනු ලබයි. හිසට හා පයට නියමිත පත‍්‍ර එල්ලා සිදු කරනු ලබන මෙම`ගින් ලෙඩක් දුකක් නොමැතිව දීර්ඝායු සම්පත් භුක්ති විඳින්නට හැකිවේවායි ප‍්‍රාර්ථනා කිරීම සිදුවේ. අද වනවිට බොහෝ දෙනකුට අමතකව ගියත් හිස් තෙල් ගල්වන අවස්ථාවේදී ගයන සාම්ප‍්‍රදායික කවියක් වේ. එනම්,
‘‘කළු කපුටා සුදු වනතුරු - මෝල් ගහේ දළු ලනතුරු
එකසිය විස්සට දෙසීය විස්සක් - ආවඩා ආයු බෝ වේවා’’......
හිස තෙල් ගැල්වීමෙන් පසුව කෙරෙන්නේ අලුත් අවුරුද්දට දිය ස්නානය කිරීමයි. ඒ සඳහා ද කිසියම් නියමිත වේලාවක් වෙයි. මේ අයුරෙන් නව අවුරුද්දේ සිත මෙන්ම ගත ද පිරිසිදු කරගන්නා සිංහලයෝ නැවතත් සුපුරුදු පරිදි සිය ජීවිකාව සරිකරගැනීම කෙරෙහි අවධානය යොමු කරති. සැලකිය යුතු කාලයක් තිස්සේ අවුරුදු විවේකය ගතකළ මේ පිරිස රැකී රක්ෂා සඳහා පිටව යන්නේ ද නැකැතට අනුවය. නව සඳ බැලීම මෙම නැකැත් සීට්ටුවේ අවසානයේ වෙයි. හෙළ කෘෂිකාර්මික ජීවන පරිසරයෙන් උකහා ගත් සිරිතක් සේ මෙය සැලකිය හැකිය. ස්වාභාවික පරිසරය සමග අත්වැල් අල්ලාගෙන ජීවත් වූ පැරැුණි සිංහලයෝ ඉර හඳ ට සැලකුවේ දෙවියන්ට මෙනි. එනිසා සඳ බැලීම ඔවුන් සැලකුවේ භාග්‍යවන්ත මාසයේ භාග්‍යවන්ත සිරිතක් හැටියටය.
අවුරුදු මාසය යනු සමාජ විද්‍යාත්මකව බැලුවද අතිශය වැදගත් වටිනාකම් හා ඇගයුම් රාශියක් තිළිණ කළ කාල පරිච්ඡේදයකි. විශේෂයෙන්ම අන්තර් පුද්ගල වශයෙන් වූ සමාජ සබඳතා සුරක්ෂිත කිරීමට අදාළ කටයුතු ද මේ කාලයේ සිදුකෙරේ. නෑගම් යෑම හිත මිතුරන්ගේ නිවෙස්වලට යෑම හරහා සිදු කෙරෙන ප‍්‍රිය සම්භාෂණය එම අරමුණ සපුරාලයි. පළුදු වූ හිතවත්කම් නැවත ඇතිකරගන්නටත් ඇති හිතවත්කම් වඩා හොඳින් වර්ධනය කරගන්නටත් සිංහල අවුරුදු සමය එක් සේ වැදගත් වේ. අමනාප වූවන්ට බුලත් දීම මගින් සමාව ඉල්ලීම සිංහලයාගේ නම්‍යශීලී මෘදු බවටත් සමාව දීමේ උතුම් මනුෂ්‍ය ගුණයටත් මනාව දෙස් දෙයි. මේ අතරේ අවුරුදු ක‍්‍රීඩාවලට බාල තරුණ මහළු හෝ ස්ත‍්‍රී පුරුෂ ආදී භේදයකින් තොරව සියල්ලෝ ඒකරාශි වෙති. ඔංචිලි පැදීම එහිලා සුවිශේෂී අංගයකි. පැරැණි කෘෂිකාර්මික ජීවන විලාසයට හුරුව සිටි සිංහලයා ගේ මසැස නිරන්තරයෙන් ගැටුණේ කන්දේ ලන්දේ කැලෑවේ ගැවැසෙන පක්ෂි සමූහයා වඳුරු රංචුව ආදී සත්ව ගණයා කෙරෙහිය. එනිසා ඔහුගේ මනස සකස් වුණේ ද නිදහස අගයන පරිදිය. ඔංචිලි පැදීමේ සිරිත යනු කුරුල්ලන් මෙන් ඉගිල යෑමේ නිදහස ආකස්මිකව විඳින්නට සිංහලයා පුරුදු කරගත් අහිංසක වින්දන ක‍්‍රමයකි. අනෙක් විශේෂීම අංගය නම් රබන් වාදනයයි. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සහභාගී වන රබන් වැයුම් වනාහි මෙරට සමාජ සංස්කෘතික ලක්ෂණ මුහු වූ ජන ගීතය. අද වනවිට මේ අංගවලට අමතරව අලියාට ඇස තැබීම, කිරි කෑම, බැලූන් පිපිරවීම, බනිස් කෑම, අවුරුදු කුමරිය තේරීම, සංගීත පුටු තර`ගය නවීනාංග අවුරුදු ක‍්‍රීඩාවලට එකතු වී තිබේ. අද කොළඹ සිට අවුරුදු සමරන ඇතැම් ගෙවල්වල දර ළිප් නැත. ඒ නිසා දල්වන්නට සිදුවන්නේ ගෑස් ළිපය. බොහෝ නිවෙස්වල ගෙබිම ගොම පිරියම් කරන්නට අවශ්‍යතාවක් නැත.
ඇතැමුන්ට නම් මේ සම්බන්ධයෙන් ඇත්තේ නිශේධනීය අදහස් ය. එහෙත් මගේ මතය නම් සිංහල අලුත් අවුරුද්දේ ස්වභාවයම එය බවය. සංස්කෘතිය වනාහි වෙනස් නොවන ධර්මයක් නොවන බව අප කිසිසේත්ම අමතක කළයුතු නැත. එහි අර්ථය නම් යළි යළි සකස්වීම ය. සාධනීය දේ රැකගැනීමත් නිශේධනීය දේ හලා ඒ වෙනුවට නවීන අංග එකතුවීමත් සංස්කෘතියේ ආවේණික ලක්ෂණයි. අප කලබල විය යුත්තේ එසේ නොවී එය ගල් ගැසී ඇතිනම්ය.
ජනමාධ්‍යට සමාජයීය වශයෙන් ඇත්තේ සුළුපටු බලයක් නොවේ. අවශ්‍ය නම් එයට සමාජය උඩු යටිකුරු කළහැකිය. එහිදී ජනමාධ්‍ය හරහා සිංහල අලූත් අවුරුද්ද සම්බන්ධයෙන් ඇතිකරන පරිකල්පනීය සැමරුම ගැන නම් මට තිබෙන්නේ වෙනස් අදහසකි. නිදසුනකට ගතහොත් විද්‍යුත් මාධ්‍යයේ විශේෂයෙන්ම රූපවාහිනී නාලිකා මගින් රටට පෙන්වන අවුරුද්ද ඇත්තේ කොහිද යන්න නම් අපට සැකයකි. අවුරුද්දේ ආරම්භය හා විකාශනය සම්බන්ධයෙන් මා යට කී විවරණය අද තත් පරිද්දෙන්ම ක‍්‍රියාවේ නොයෙදෙන බව අපි දනිමු. ඒ ඒවා අද වනවිට කාලානුරූපීව වෙනස්ව ඇති බැවිනි. එහෙත් ජනමාධ්‍ය ඉතාම ඕලාරික ආකාරයට නගරයට ගම විකිණීම අවුරුදු කාලයේ ජයටම කරගෙන යයි. ඉතින් නැති ගමක් හෝ අවුරුද්දක් මවා පෙන්වීම යනුම අර්ථ විරහිත ක‍්‍රියාවක් බව මගේ හැගීමය. කළයුත්තේ සර්වකාලීනව වටිනා සමාජ හර පද්ධතිය සුරක්ෂිත කරගැනීම ය. නොඑසේව යාවත්කාලීන නොවන කිසිදු වස්තුවක් ඉතිරි නොවනු ඇත. අනෙක් විශේෂතම කාරණය වන්නේ මේ මොහොතේ ශ‍්‍රී ලංකාව පවතින පරිසරයයි. තිස් වසරක කුරිරු යුද ගිනි දැල් නිවී ගොස් සාමයේ අරුණලූ වැටෙමින් පවතින අවස්ථාවක මෙවන් ජාතික මහෝත්සවයක වටිනාකම තව තවත් වැඩිය. ජාතීන් අතර සුහදතාව හා සංහිඳියාව වර්ධනය වන පරිදි මෙවැනි අවස්ථා යොදාගැනීම අප කාගේත් කාර්යභාරයයි. අනෙක් අතට එය ජාතික වගකීමක් ද වෙයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය හර්සන් ඩයස්
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාමයේ අරුණලූ සමඟ උදාවන නව අවුරුදු
අනුර Saturday, 13 April 2013 10:43 AM
සියලුම ලංකාදීප සේවකයන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
ජයී තිසර Saturday, 13 April 2013 02:03 PM
කොවුල් නදින් වසන්තයයි හඟවන්නේ.. රබන් හඬින් අවුරුදු සිරි පවසන්නේ.. සිරිත් විරිත් අනුවයි සැම සිදුවන්නේ.. මෙවන් සතුටු සිත් වසරම ජය ගන්නේ (නි)