IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සමලිංගිකත්වයට නීතිමය පිළිගැනීමක් ලබාදීම භයානකයි

HOMO-SEX_P14

සමලිංගික සේවනය පිළිබඳ සාකච්ඡාවක් මේ වනවිට මතුව ඇති ආකාරයක් දක්නට ලැබේ. එවැනි කතිකාවක් කෙරෙහි සමාජයේ අවධානය යොමු වීමට බලපෑ ආසන්නතම හේතුවක් වූයේ පසුගිය සතියේ පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළේ යැයි මාධ්‍ය සඳහන් කර තිබූ සම ලිංගික සේවනය වරදක් නොවන බවට වන යෝජනාවකි. මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මෙහි එවැනි යෝජනාවක් ඇතුළත්ව තිබිණි යැයිද ඊට එරෙහිව අමාත්‍යවරුන් රැසක් දැඩි විරෝධය පළ කර සිටියේ යැයිද යනුවෙන් එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් කරුණු සඳහන් වී තිබිණි. මේ සියල්ලත් සමග සමලිංගික සේවනය ගැන රට්ටුන්ගේ අවධානය ගැඹුරු වී ඇති බැවින් මේ ඒ සම්බන්ධව ප්‍රජා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්. ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡාවකි.


සමලිංගිකත්වය යන්නෙන් අදහස් වන්නේ එකම ලිංගිකභාවයක් සහිත පුද්ගලයන් දෙදෙනෙකු හෝ කීපදෙනෙකු අතර පවත්නා ලිංගික සබඳතාය. සමලිංගික සේවනය ලංකාවේ ඈත අතීතයේ පටන්ම තිබූ බව හෙළිවී තිබේ. කෙසේ වෙතත් ලංකාවේ නීතියට අනුව පිරිමි දෙදෙනෙකුට විවාහ විය නොහැකිය. ගැහැනු දෙදෙනකුටද එසේ කළ නොහැකිය. ඒ අනුව සමලිංගික සේවනයෙහි යෙදෙන්නන්ට විවාහය දක්වා වූ දිගුදුරක් යෑමට අපේ රටේ නීතිය අනුව ඉඩක් නොලැබේ. නමුත් ඇතැම් යුරෝපීය රටවල එවැනි විවාහ සඳහා නීතියෙන් අවසර ලැබී තිබේ. නිදසුනක් ලෙස නෝර්වේ රට ගත හැකිය. එරටේ නීතියට අනුව සමලිංගික සේවනයෙහි යෙදෙන ගැහැනු දෙදෙනකුට හෝ පිරිමි දෙදෙනකුට විවාහ විය හැකිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම්  ප්‍රාන්තවලද මේ තත්ත්වය ක්‍රියාත්මක වේ. තාක්ෂණය දියුණු නිසා සමලිංගික සේවනයෙහි යෙදෙන ගැහැනු දෙදෙනකුට දරුවකු වුව හදාගත හැකිය. ශුක්‍රානු සහිත බැංකුවලින් ඒවා ලබාගෙන තැන්පත් කරගැනීම මගින් ඒ සඳහා කටයුතු කළ හැකිය. මෙවැනි තත්ත්ව සමහර යුරෝපීය රටවල සිදුවේ.


SLD_20170122_A014සමලිංගික සේවනයට අදාළව අප කළ සමීක්ෂණවලදී පෙනී ගිය කාරණයක් නම් ලංකාවේ තරුණ ප්‍රජාවෙන් බහුතරය “සමලිංගිකත්වය” යන්න ගැන නිසි අවබෝධයෙන් තොර බවය. අධ්‍යාපනය හදාරන පිරිමි සහ කාන්තා නේවාසිකාගාරවල සිටින තරුණ ප්‍රජාව අතර මේ ආකාරයේ සබඳතා වැඩි වශයෙන් ඇතිවන ආකාරයක්ද හඳුනාගත හැකිය. මෙරට සමලිංගික සේවනය සුලබව දැකිය හැකි තවත් ක්ෂේත්‍රයක් නම් සංචාරක ක්ෂේත්‍රයයි. විශේෂයෙන්ම මෙරටට පැමිණෙන සමලිංගික සේවනයට වැඩි කැමැත්තක් දක්වන සංචාරකයන් නිසා ඒ තත්ත්වය දැකිය හැකිය. සමලිංගික සේවනයේදී සංසර්ගයේ යෙදීමක් සිදුනොවන බැවින් ලිංගාශ්‍රිත ලෙඩ රෝග වැලදීමේ ඉඩකඩ අඩුය. ඒ නිසා ලංකාවට පැමිණෙන ඇතැම් සංචාරකයෝ සමලිංගික සේවනයේ යෙදීමට උත්සාහ කරති. මේ අනුව කිවහැක්කේ යම්තාක් දුරකට ලංකාවේ සමලිංගික සේවනය යන්න ක්‍රියාත්මක වන බවය. එසේ වුවද ඒ ගැන තිබෙන්නේ ඉතා අඩු අවබෝධයකි.


සමලිංගික සේවනය නීතිගත කළහොත් ඒ ආකාරයේ ලිංගික කටයුතුවල යෙදෙන පිරිස්වලට විවාහ වීම සඳහා ඉඩ ලබා දිය යුතුය යන ඉල්ලීමද ඉදිරිපත් වේ. එවැන්නකට ඉඩ ලබාදීම සිදුකළ හොත් අපේ සමාජ පද්ධතීන් විෂයෙහි විශාල ගැටලුකාරී තත්ත්වයක් මතු වීමට ඉඩ තිබේ. මීට අදාළව අප කළ පර්යේෂණවලදී දුටු පරිදි ඒ සඳහා බලපාන එක් හේතුවක් තිබේ. එනම් සමලිංගික සේවනයට යොමු වූ තරුණ පිරිස්වලට යහපත් විවාහ ජීවිතයක් ගතකිරීමට ඇති නොහැකියාවයි.  සමලිංගික සේවනයෙහි යෙදෙන පිරිමි අයෙකුට ස්ත්‍රියක සමඟ විවාහ වී දරුවන් බිහිකර හොඳ පවුල් ජීවිතයක් ගතකිරීමට හැකිවන්නේ නැත. නැතහොත් ඒ සඳහා ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා සීමිතය. සමලිංගික සේවනයෙහි යෙදෙන කාන්තාවකටද මේ තත්ත්වය අදාළය. එවැනි අය විවාහ වුවද ඉතා ඉක්මනින් ඒ විවාහ ජීවිතවල ප්‍රශ්න, ගැටුම් ආදිය හටගත හැක්කේ ඔවුන් තමන් පෙර සිදුකළ සමලිංගික ක්‍රියාකාරකම්වලට වැඩි ප්‍රියතාවක් දක්වන නිසාය. සමාජයක පවුල නමැති සංස්ථාව ඉතාම වැදගත්ය. අපි මේ මෑතකදී සමාජ සේවා දෙපාර්තමේන්තුව සමග එක්වී පවුල් ප්‍රතිපත්ති මාලාවක් පිළියෙල කළෙමු. ඒ මගින් පවුල් ආරක්ෂා කිරීමට හා සවිබල ගැන්වීමට අදාළ ප්‍රතිපත්ති රැසක් ඉදිරිපත් කිරීමට හැකිවිය. පවුල ආරක්ෂා වුවහොත් පමණක් රට ඉදිරියට ගෙන යා හැකි අතර පවුල් සබඳතා අභිබවමින් ඒකලිංගික සබඳතා ඉදිරියට පැමිණියහොත් පවුල් සංස්ථා ආරක්ෂා වන්නේ නැත. ගැහැනියක සහ පිරිමියකු විවාහ වී සංසර්ගයේ යෙදී දරුවන් බිහිකර එම දරුවන් පෝෂණය කිරීමේ පවුල් ක්‍රියාවලිය විෂයෙහි දරුණු බලපෑම් එමගින් ඇතිවිය හැකි අතර රටේ සඵලතාව (දරුවන් බිහිකිරීමේ ප්‍රවණතාව) කෙරෙහිද  ගැටලු ඇතිකිරීමට ඒ තත්ත්වය ඉවහල් විය හැකිය. සමලිංගික සේවනය නීතිගත කර තිබෙන ඇතැම් රටවලට මේ තත්ත්වය ගැටලුවක් නොවන්නේ එම රටවලට වෙන රටවල හොඳට ඉගෙනගත් තරුණ තරුණියන් ගෙන්වා ගෙන ළමයින් බිහිකරගන්නා බැවිනි. එම නිසා ජන සංඛ්‍යාවෙහි ප්‍රමාණය සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් නැත. නමුත් ශ්‍රී ලංකාව වැනි රටවලට ඒ ආකාරයට විදේශ රටවලින් තරුණ පිරිස් පැමිණ පදිංචි වීමක් සිදුවන්නේ නැත. එම නිසා සමලිංගික සේවනය නීතිගත කර ඒ ආකාරයේ විවාහවලට ඉඩ ලබා දීමට කටයුතු කළහොත් සිදුවිය හැකි එක දෙයක් නම් රටේ සඵලතාව විෂයෙහි විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකිය. අනෙක් පැත්තෙන් පවුල් සංස්ථාවලද බරපතළ ප්‍රශ්න මතුවීමට ඉඩ තිබේ. සමලිංගිකත්වය ගැන නොදන්නා  මිනිසුන් මේ මගින් ඒ පිළිබඳ ලබන දැනුම්වත්භාවය නිසා ඊට යොමුවීමේ අවධානමක්ද මෙහි පවතී. අපේ රටේ ගණිකා වෘත්තිය සහ සමලිංගික සේවනය නීතිගත කර නැත. නමුත් ඒවා ක්‍රියාත්මක වේ. ඒවාට නීතිමය පිළිගැනීමක් ලබාදීමට පියවර ගතහොත් සිදුවන්නේ ඒ සඳහා යොමුවන පිරිස් වැඩිවීමත් පවුල් සංස්ථා ආරවුල් ඉහළ යෑමත්ය. පවුල් සුරක්ෂිතතාව, ළමා සුරක්ෂිතතාව මේ ආදී ඒවායෙහි බරපතළ ප්‍රශ්න ඇතිවීමට මෙවැනි තත්ත්වයක් හේතු විය හැකි අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ ඊට කිසිදු අනුකූලතාවක් ලැබීමට කිසිසේත්ම ඉඩකඩක් ද නොමැත. වෙනත් සංස්කෘතියක අංගයක් අප වැනි රටක ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ  නම් ඊට පෙර ඒ සම්බන්ධ මනා කතිකාවක් ගොඩනගා එහි සුදුසු නුසුදුසුභාවය පරික්ෂාවට බඳුන් කළ යුතුය.


 සමලිංගික සේවනය ගැන තවදුරටත් කතා කරන විට එහි ඇති තවත් එක් ප්‍රභේදයක් ගැනද අපේ අවධානය යොමු කළ හැකිය. එනම් ගැහැනියක සහ පිරිමියකු පවුල් ජීවිතයක් ගත කරන අතරවාරයේ එම  ස්වාමි පුරුෂයා වෙනත් පිරිමියකු සමඟ සබඳතා පවත්වන තත්ත්වයකි. එවැනි සබඳතා නිසා ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ වැඩි ඉඩකඩක් ද තිබේ. මන්ද එකී ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර පවතින ලිංගික සබඳතාවට අමතරව පුරුෂයා තවත් පිරිමියකු සමග ලිංගික සබඳතා පවත්වන නිසාය. මගේ පෞද්ගලික අදහස අනුව නම් සෞඛ්‍ය, පවුල් සබඳතා හා ආර්ථික ආදී අංශවලට අදාළව ගත් විට සමලිංගික   සේවනයෙන් පැතිකඩ ශ්‍රී ලංකාව වැනි රටකට එතරම් යෝග්‍ය වන්නේ නැත. අපේ සමාජයේ මේ සඳහා “වැබූ” (එය සිදුවන බව දන්නා නමුත් ඒ ගැන කතා නොකරන) යන නාමය ව්‍යවහාර වන්නේද ඒ නිසාය. මේ සඳහා නීතිමය පිළිගැනීමක් ලබාදීම මගින් ඉහත අප සාකච්ඡා කළ වැබූ ප්‍රවණතාව තවත් වර්ධනය වීමට ඉඩ ඇත. ඒ වර්ධනයෙහි එක් අවස්ථාවක් ලෙස සමලිංගික සේවනය ලබා දෙන සේවා ස්ථාන ඇති වීමටද පුළුවන. ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර නැති නිසා ගණිකා සේවය සපයන ස්ථාන ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන්නේ නැත. ගණිකා වෘත්තිය නීතිගත කර ඇති තායිලන්තය වැනි රටක එම සේවා සපයන ස්ථාන ලියාපදිංචි කර ක්‍රියාත්මක වන ආකාරයක් දැකිය හැකිය. එවැනි පසුබිමක සමලිංගික සේවනය නීතිගත කිරීමට කටයුතු කළ හොත් අද වන විට අඩියක් පාසා දක්නට ලැබෙන සම්බාහන (ස්පා) සේවා සපයන ස්ථාන මෙන් සමලිංගික සේවා සපයන ස්ථාන ඇතිවීමටද ඉඩ තිබේ. අනෙක් අතට මේවා පිළිබඳ “ෆේස්බුක්” වැනි සමාජජාල වෙබ් අඩවි මගින් තොරතුරු සන්නිවේදනය කිරීමටද හැකියාව ලැබෙනු ඇත. ගබ්සා කිරීම ගතහොත් එය ලංකාවේ  නීතිගත කර නැති බැවින් කිසිවකුට ඒ පිළිබඳ තොරතුරු සමාජජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කළ නොහැකිය. එය නීතිවිරෝධී කටයුත්තක් නිසා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක්ද තිබේ. එබැවින් සමලිංගික සේවනය නීතිගත කිරීම මගින් ඒ සඳහා සුවිශාල ප්‍රචාරණයක් ලැබීම සේම තරුණ ප්‍රජාව බහුල ලෙස ඊට  යොමුවීමක්ද සිදුවිය හැකියි.


මෙහි දැකිය හැකි තවත් පැතිකඩක් තිබේ. එනම් තරුණියන්ට වඩා තරුණයන් බහුල ලෙස සමලිංගික සේවනයට යොමුවීමය. ඊට බලපාන එක් හේතුවක් නම් පවුල් සංස්ථාවේදි තරුණියට (දුවට) ලැබෙන ආරක්ෂාව සහ උපදෙස්  තරුණයාට (පුතාට) නොලැබීමය. විශේෂයෙන්ම වැඩිවියට පත්වන දියණියට ආරක්ෂාවිය යුතු අන්දම පිළිබඳ  මව් පාර්ශවයෙන් නීති උපදෙස් හා ආරක්ෂාව ලැබෙන නමුත් පවුලක පිරිමි දරුවකු සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ. ඒ පසුබිමේ වැඩිහිටි පිරිමියෝ පිරිමි දරුවන් සමලිංගික සේවනය සඳහා යොමු කරවා ගනිති. එවැනි ඇසුරකට යොමුවන වැඩිහිටි පිරිමියකු කාන්තාවක සමඟ විවාහ ජීවිතයට ඇතුළත් වුවද පැරැණි සමලිංගික ඇසුරු ගැන මතක් වී යළි ඒ සඳහා යොමු වීමටද පිළිවන.


ලංකාවේ නීතිය අනුව විවාහ වී සිටින දෙදෙනකු පවත්වන ලිංගික සබඳතා මගින් එක් අයෙකු අනෙකාට හිංසනකාරී ලෙස හැසිරුණහොත් හෝ සංසර්ගය නිසා හටගන්නා දරු ගැබෙහි වගකීම ප්‍රතික්ෂේප කළ හොත් (බොහෝවිට පිරිමියා විසින්)  එවැනි ප්‍රශ්න නීතිය හමුවට පැමිණෙති. ඒවා පිළිබඳ අපට නොයෙක් තොරතුරු අසන්නටද ලැබේ. කෙසේ වෙතත් සමලිංගික සේවනය සම්බන්ධ ඒ ආකාරයේ ප්‍රශ්න නීතිය ඉදිරියට පැමිණෙන්නේ ඉතා කලාතුරකිනි. ඇතැම්විට නොඑන තරම්ය. සමලිංගික සේවනය අපේ සමාජයේ “වැබු” කර තිබීම (ඒ ගැන කතා නොකර වසා තැබීම) ඊට එක් හේතුවකි. කෙසේ වෙතත් කුඩා පිරිමි දරුවන් මේ සඳහා යොදා ගන්නා සිදුවීම් පිළිබඳ තොරතුරු වාර්තා වුවහොත් ඒවා නීතිය ඉදිරියට  පැමිණවිය හැකිය. මන්ද එම කුඩා දරුවන්  නොදන්නාකම නිසා ඊට ගොදුරු වන නිසාත් වැඩිහිටි පිරිමින් හෝ සංචාරකයන් හෝ එම දරුවන් රැවටීම මගින් ඒ සඳහා යොමුකරවා ගන්නා බැවිනි. ඒ ආකාරයට දරුවන් රැවටීමට ලක්කරමින් එවැනි කටයුතු සඳහා යොදාගන්නා අයට විරුද්ධව පවරා ඇති නඩු පිළිබඳවද අපට තොරතුරු අසන්නට ලැබී තිබේ. එබැවින් මෙම සමලිංගික සේවනයට අදාළ නීතිමය පැතිකඩක්ද තිබෙන බව සැලකිල්ලට ගතයුතුය. මේ සේවය නීතිගත කළහොත් ඇතැම් සංචාරකයන් ඒවා ලබා ගැනීමේ අරමුණින්ම මෙරටට පැමිණීමටද ඉඩ තිබේ.


 සමලිංගික සේවනය ලංකා සමාජයේ “වැබූ” කර තිබෙන බැවින් ඊට අදාළව සමීක්ෂණ සිදුකිරීම තරමක අපහසු කර්තව්‍යයකි. කෙසේ වෙතත් ලංකාවේ සමලිංගික සේවනයෙහි යෙදෙන ප්‍රතිශතය ඉතා අඩු අගයක් ගනියි. ඒ අතරින්ද සමලිංගික සේවනයෙහි යෙදෙන්නන් අතරින් සියයට විස්සක් තිහක් (20%-30) අතර පිරිසක් තරුණ ප්‍රජාව නියෝජනය කරන්නෝ වෙති. මේ ආකාරයට ලංකාවේ සමලිංගික සේවනයෙහි යෙදෙන්නන්ගේ ප්‍රතිශතය ඉතා අඩු අගයයක් ගැනීමට බලපාන එක් හේතුවක් නම් තරුණ ප්‍රජාව අතර ප්‍රේම සබඳතා බහුල ලෙස පැවතීමය. එවැනි සබඳතා පවත්වන්නන් සමලිංගික සබඳතාවලට යොමුවන ඉඩකඩ ඉතා සීමාසහිතය. අනෙක් අතර අපේ රටේ විවාහවන්නන්ගෙන් බහුතරයක් දෙනා විවාහවන්නේ ප්‍රේම සබඳතා මගින්. එබැවින් මේ තත්ත්වය වෙනස් කිරීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එමගින් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ ගැඹුරින් සිතා බැලිය යුතුය. එම ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගේ මත විමසමින් අවශ්‍ය පර්යේෂණ සිදුකරමින් සුදුසු තීරණයක් ගැනීම ඉතා වැදගත්ය.


 සමලිංගික සේවනය සඳහා යොමුවීම කෙරෙහි ජානමය බලපෑමක් තිබේද යන්න පිළිබඳව මෙතෙක් ඊට අදාළව සිදුකර තිබෙන පර්යේෂණවලින් කරුණු අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් ඇතැම් පිරිමින් කාන්තාවන් සමග ලිංගිකව හැසිරීමට බියක් දක්වන බව නම් ප්‍රකටය. පිරිමින්ට ඒ සඳහා හොඳ ශාරිරික හා මානසික හැකියාවක්ද තිබිය යුතුය. එවැනි හැකියාවක් තමන්ට නැතැයි සිතන පිරිමි විවාහ නොවී සිටීමට උත්සාහ කරති. එවැනි කාන්තාවෝද සිටිති. ඔවුන් බොහෝවිට සමලිංගික සේවනය සඳහා යොමු වීමට ඉඩ ඇත.

m



අදහස් (0)

සමලිංගිකත්වයට නීතිමය පිළිගැනීමක් ලබාදීම භයානකයි

මාලක Thursday, 26 January 2017 02:40 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

එරන්ද Thursday, 26 January 2017 02:44 AM

මම නම් මේවට මොකුත්ම කියන්න යන්නෙ නැහැ (නි)

:       0       0

ශශික Thursday, 26 January 2017 03:39 PM

ඉතා අනගි ලිපියක්.මගේ මතකයේ හැටියට නම් ඒඩ්ස් වගේ රෝග ව්‍යාප්තිය ඉහළ ගියේ සමලිංගිකයින් තුළින්. (නි)

:       2       0

කුමාර Friday, 27 January 2017 10:08 AM

හොඳ ලිපියක්.(හේ)

:       2       0

කුමාර Friday, 27 January 2017 10:13 AM

මේ දේ නම් වැරදි.අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ.(හේ)

:       2       0

හිමාල් Thursday, 26 January 2017 04:55 AM

මෙතන දාලා තියෙන්නේ පුද්ගලික මතයක්. ඒත් වියයුත්තේ පරීක්ෂණාත්මක දත්ත එක්ක මේ කියන දේවල් සනාථ කරන එක. මේ ගැන දැනගත්තාම මිනිස්සු මේකට යොමුවේවි. සමලිංගිකයින්ගේ පවුල් අවුල්, සමලිංගික සබඳතා වලින් රෝග බෝවීම අඩුයි වගේ දේවල් කොහොමද ඔප්පු කරන්නේ? (නි)

:       2       5

ජීවා Monday, 30 January 2017 12:16 PM

සම ලිංගික කියන්නේ මානසික රෝගී තත්වයක් යන්න මගේ අදහස, මේ සදහා ප්‍රතිකාර කරයුතු වෙනවා. (ර)

:       5       0

පිටිගල Friday, 27 January 2017 01:17 PM

ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් වල නම් මෙම හැසිරීම සාමාන්‍ය දෙයකි. සමලිංගික සේවනයට කැමති දෙදෙනෙක් නීත්‍යානුකුලව එකතුවීම එවන් දෙයක වක්‍රාකාරව නියැලෙනවාට වඩා හොඳය. සමලින්ගිකත්වයේ සමාජයට අහිතකර පැතිකඩ ලෙස මම දකින්නේ ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල නේවාසිකාගාර වල සිටින දරුවන් ක්‍රමක්‍රමයෙන් මෙම හැසිරීමට යොමුවීමයි. මෙම පාසල්වල සමහර නේවාසික ගුරුවරුන් පවා ළමයින් සමග මෙවන් සබඳතා පවත්වනවා. මෙවන් පාසල් වලින් සමාජයට පැමිණෙන අය සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරමින් සමලිංගික සේවනයටද යොමු වේ.(හේ)

:       0       3

ද සිල්වා Friday, 27 January 2017 01:18 PM

පුද්ගලයෙකු සමලින්ගිකයකු වෙන්නේ බොහෝ විට ඔහුගේ ජන අනුව උත්පත්තියේ සිටය , සමලිංගිකයකු සමග ඇසුරු කිරීමෙන් සාමාන්‍ය පුද්ගලයකු සමලිංගිකයකු බවට පත් නොවේ , (හේ)

:       0       3

නුවන් Thursday, 26 January 2017 07:33 AM

මේවට කතාකරන්න ගියොත් පහර වදින්නේ අපි නොහිතන පුද්ගලයන්ට (නි)

:       0       0

ලලින් Friday, 27 January 2017 02:06 PM

බටහිර රටවලත් මේක ප්‍රශ්නයක් වෙලා. ලොකුම ප්‍රශ්නය පවුල් ඒකකය බිඳ වැටීම. විශාල වශයෙන් විදේශිකයින් ඇවිත් පදිංචි වෙන නිසා ප්‍රශ්නය එලියට පෙනෙන්නේ නෑ.(හේ)

:       0       0

මැටිපහන Thursday, 26 January 2017 07:48 AM

මේක එයාලගේ නැහැදිච්චකමක් නොවේ. ඒක තමයි එයාලගේ ස්වභාවික හැසිරීම. වරද ඒ මිනිසුන්ගේ නොවෙයි, වරද ඇත්තේ සොබාදහම තුළයි. වසර දහස් ගණනක් සඟවාගෙන සිටියත් දැන් නම් එයාලත් මනුස්සයන් කියලා පිළිගන්න කාලය හරි. (නි)

:       0       6

ධම්ම Wednesday, 25 January 2017 06:03 PM

මගේ විශ්වවිද්‍යාල මිතුරන් දෙන්නෙක් හිටියා මෙවන් ඇසුරක වෙළී. අද විශ්‍රාම දිවිය ගතකරන ඒ දෙන්නාගෙන් කෙනෙක් ඉතා අමිහිරි විවාහ ජීවිතයක් ගතකරන අතර අනෙකා ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගතකරනවා.මෙවන් අයගේ විවාහ දිවියේ සාර්ථක අසාර්ථකභාවය රඳාපවතින්නේ තමාගේ කලත්‍රයාගේ හැසිරීම් හා ආකල්ප මතයි. (නි)

:       0       0

හේමන්ත Thursday, 02 February 2017 11:29 AM

අනේ අපිට නම් බැහැ ඕවට එකඟවෙන්න. (නි)

:       0       0

චින්තක Friday, 27 January 2017 04:07 PM

දැන් අලුත්ම දැවෙන ප්‍රශ්නය ‘සමලිංගිකත්වය‘ (නි)

:       0       0

නිමල්රජපක්ෂ Saturday, 28 January 2017 08:41 AM

විවෘත ආර්ථිකයත් සමඟ අපට ලැබුන හොඳ දේ වගේම නරකත් ඇත. නමුත් අපේ සමාජය දැන් බොහොම ජරාජීර්ණ වී ඇත. මේ සමලිංගිකත්වය ගැන කතා කිරීම තුළම සමාජය තුළ යම් මතයක් ගොඩනැගීමට අපි උපකාර කරන බව මගේ හැඟීමයි. මේ නිසා මේ ගැන කතාකිරීම පවා වහාම නතරකරන්න (නි)

:       0       0

රුචී Monday, 30 January 2017 06:58 AM

ඕක නීතිගත කරනවට වැඩිය හොඳ නැද්ද පළමු ශ්‍රේණියේ සිටම දරුවන්ට නිසි අධ්‍යාපනයක් මේ ගැන ලබාදීම. (නි)

:       0       0

අශාන් Thursday, 26 January 2017 12:59 PM

ඔබතුමාට අගෞරව කරනවා නොවෙයි. නමුත් ඔය ප්‍රශ්නයේදී අපි වගේ සංස්කෘතියේ හිරවෙලා නැති නිදහස් චින්තන ඇති දියුණු රටවල කියන්නේ තමාගේ ජීවිතය අයිති තමාට බවයි. එයයි නියම මානව හිමිකම කියන්නේ. එහිදී ආදරය, ලිංගිකත්වය, ආගමික ඇදහිලි වැනිදේට බලපෑම් කරන්න අයිතියක් නැති බවයි කියන්නේ. (නි)

:       0       24

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 584 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 56 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 166 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 206 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 145 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 215 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38819 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site