ශ්රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට අටකින් වැඩිවී ඇතැයි පසුගිය දිනක මහ බැංකුව දක්වා තිබිණි. ඒ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා දැක්වූයේ මෙවන් අදහසකි. පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට අට ඉක්මවීමට අපට හැකිවී තිබේ. 2010 වර්ෂයේදී සියයට අටක් වූ ආර්ථික වර්ධන වේගය මේ වසරේ ගෙවුණු කාර්තුව තුළදී සියයට අටයි දශම තුන දක්වා වැඩි වී ඇත.මෙයට පෙර ඉතිහාසයේ කිසිම අවස්ථාවක වසර දෙකක් පිට පිටම සියයට අටක වර්ධන වේගයක් පවත්වාගත නොහැකි වී තිබේ. උදාහරණයක් ලෙස උද්ධමනය තනි ඉලක්කමක මාස 39ක් තිස්සේ පවත්වා ගෙන ගොස් තිබේ. ඉතිහාසයේ කවර අවස්ථාවකදීවත් මෙවන් අඩු උද්ධමන තත්ත්වයක් මෙයට පෙර ඇතිවී නොමැත. ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 2836 දක්වා වැඩිවී තිබෙන අතර දරිද්‍රතාවය සියයට අටක් දක්වා අඩුකර ගැනීමට හැකිවීම අප ලද ජයග‍්‍රහණයකි. ඩොලර් සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හයක් දක්වා වර්ධනය වී තිබීම රටට යහපත් තත්ත්වයකි. 2007 වර්ෂයේදී අප රටේ ඩොලර් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන තුනක් වූ අතර පස් වසරක් තුළ එය දෙගුණයක් දක්වා වැඩිවී ඇත. මේ වාසි සමගම අපේ රටේ ආර්ථිකය යම් මට්ටමක් දක්වා පවත්වාගත හැකිවී තිබේ. මේ අතරම යටිතල පහසුකම්ද සංවර්ධනය කිරීම් වේගයද ඉහළ අගයක් ගෙන ඇත. රටේ ජනගහනයෙන් සියයට අනූ දෙකකට පැය විසි හතරක් පුරා විදුලිය ලබාදීමට කටයුතු යොදා තිබේ. වෙනත් රටවල විදුලිය පැය දොළහක්වත් ලබාදීමට නොහැකි විටෙක අප රටේ විදුලිය පැය 24ම නොකඩවා ලබාදීමට හැකිව තිබේ. රටේ මහාමාර්ග, ගුවන් තොටුපළ හා වරායන් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින අතර ජාතික වශයෙන් පොදු යටිතල පහසුකම්වලට අමතරව ග‍්‍රාමීය ජන ජීවිතය සුව පහසු කරවීමේ ව්‍යාපෘතිද ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ ගම්මාන 14000ක එකවර ව්‍යාපෘතීන් 14000ක් සිදුවන අතර එමගින් ගමේ අඩුපාඩු ප‍්‍රශ්න විසඳාලීමට හැකිවී තිබේ. මේ ආකාරයේ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුවන අතරම ඩොලර් සංචිතයද ඉහළ මට්ටමක රඳවාගෙන තිබීම නිසා ජාත්‍යන්තර අවධානයක්ද ලංකාවට යොමුව තිබේ. විදේශ රටවල් ඩොලර් සංචිත සංසන්දනය කරන අතර එම තත්ත්වය රටට යහපතකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා අප මුදල් ලබා ගැනීම, විදේශ විනිමය හා කොටස් වෙළෙඳපොළ හරහාත් අප ඩොලර් සංචිතය වර්ධනය කරගන තිබේ. විදේශ ශ‍්‍රමිකයන්ගෙන් සෑහෙන ලෙස ආර්ථිකයට දායකත්වයක් ලබාදී ඇති අතර පසුගිය වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන පහයි දශම එකක විදේශ සංචිතයක් අපට ලැබී තිබේ. එය සියයට විසිතුනක වර්ධනයක් පෙන්වා තිබේ. සංචාරක ක්ෂේත‍්‍රයෙන් පසුගිය වර්ෂයේදී උපයා ගත් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන අටසියයද ඉක්මවයි. එම වසරේදී අප රටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය අට ලක්ෂ පනස් දහසද ඉක්මවා ගොස් තිබිණි. පළමු වතාවට පසුගිය වසරේදී විදේශ ඍජු ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියනය පසුකරන ලදී. එයද රටේ සමස්ත ආර්ථික වර්ධන වේගයට ඍජු ලෙස බලපෑවේය. මහ බැංකු හිටපු අධ්‍යක්ෂ, ආර්ථික විශ්ලේෂක මර්වින් වින්සන්ට් ප‍්‍රනාන්දු මහතාගෙන්ද ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගයේ වර්ධනය පිළිබඳව අපි විමසුවෙමු. මේ ඒ මහතාගේ අදහසයි. පසුගිය දෙවසරක කාලයේදී ආර්ථික වර්ධන වේගය සියයට අට ඉක්මවුවද මෙම වසර අවසන් වනවිට එය සියයට හතයි දශම දෙක දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂා කළ හැකිය. පසුගිය 2010 හා 2011 යන වර්ෂවලදී සියයට අටේ සිට අටයි දශම තුන දක්වා ආර්ථිකය වර්ධනය වීමට බෙහෙවින් ඉවහල් වූයේ සේවා අංශවලින් අප ලැබූ දියුණුවය. සේවා අංශය සියයට පනස් නවයයි දශම පහක දායකත්වයක් දැක්වූ අතර එය සියයට අටයි දශම හයකින් වර්ධනය වීම විශේෂත්වයකි. ඒ නිසාම ආර්ථික වර්ධන වේගය සියයට අටයි දශම තුන දක්වා වැඩිවීමට ලොකු දායකත්වයක් ලැබිණි. සේවා අංශයේ දියුණුව සාමාන්‍යයෙන් සියයට හැටක් යන ආර්ථික ක‍්‍රියාවලියේ වැදගත් ලක්ෂණයකි. එය දියුණුවන තරමට ආර්ථිකයට විශාල රුකුලක් ලබාදේ. කර්මාන්ත අංශයේ සියයට විසි නවයයි දශම තුනක දායකත්වයක් දක්වා ඇති අතර එය සියයට දහයකින්ද වැඩිවී ඇත. කෘෂි අංශය සියයට එකොළහයි දශම දෙකක් දායකත්වයක් සපයා ඇති අතර එය සියයට එකයි දශම පහකින් වැඩිවී ඇත. කෘෂි අංශයේ වැඩිවූ එකයි දශම පහ සමස්ත ආර්ථික වර්ධන වේගයට ඍජු බලපෑමක් එල්ල නොකරයි. ඇතැම් අය කෘෂි කර්මාන්තයේ වගා පාළුවීම්, වර්ෂාව නොලැබීම ආදිය නියඟය ආදිය නිසා කෘෂි අංශයට පාඩු සිදුවූ බව හුවා දක්වතත් කෘෂි අංශයේ වැඩිවීමක් හෝ අඩුවීමක් සමස්ත ආර්ථික වර්ධන වේගයට එතරම් ලොකු බලපෑමක් එල්ල නොකරයි. හේතුව එහි සාපේක්ෂ වැදගත්කම අඩුනිසාය. රටකට කෘෂිකර්මය අත්‍යාවශ්‍ය සාධකයක් වුවද එහි වර්ධනය සේවා අංශයේ වැඩිවූ සියයට අට තරම් බලපෑමක් රටේ ජාතික ආර්ථිකයට එල්ල නොකරයි. උදාහරණයක් ලෙස සුනාමි සිදුවූ අවස්ථාවේ ධීවර කර්මාන්තයට සුවිශාල පාඩුවක් සිදුවුවත් එය රටේ සමස්ත ආර්ථිකයට බලපෑවේ සියයට දශම පහකිනි. සමහර සිදුවීම් දෙස බලන විට එය ආර්ථිකයට කෙතරම් වැදගත්ද යන්න මත එය බලපානු ලැබේ. වැදගත්කම සාපේක්ෂව ගණනය කිරීම කළ යුතුය. 2012 වනවිට ආර්ථික වර්ධන වේගය අඩුවීමට කාරණා තුනක් බලපානු ලැබේ. එනම් ලෝක තෙල් අර්බුදය, යුරෝපා රටවල ඇතිවී ඇති ස්වෛරීත්ව ණය අර්බුදය හා විනිමය අනුපාතික අගය පහළ යෑම බලපෑම් කරනු ඇත. ස්වෛරීත්ව ණය අර්බුදය නිසා යුරෝපා රටවලට සියයට හැටක පමණ අපනයනයක් අප විසින් සපයන අතර එයද විශාල ලෙස අඩුවනු ඇත. එමෙන්ම මෙරට සංචාරක ක්ෂේත‍්‍රයේදී යුරෝපා සංචාරකයා ප‍්‍රධාන වන අතර එහි ආර්ථික අර්බුද නිසා නොසිතූ විරූ ලෙස එය සංචාරක කර්මාන්තයටද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත. අපනයනය අඩුවීම නිසා අප රටට භාණ්ඩ ආනයනයද අඩුවනු ඇත. 2011 දී විදේශ ශ‍්‍රමිකයන් ඉපැයූ ඩොලර් බිලියන පහ ජාතික ගිණුමට එකතු නොවන අතර එය සංක‍්‍රාම ඉපැයුමක් ලෙස දැක්විය හැකිය. විදේශ ශ‍්‍රමිකයන්ගේ ඉපැයීම් කිසිදු ලෙසක ජාතික ආදායමට එකතු නොවන බවද විශේෂයෙන් කිව යුතුය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීයට අටේ ආර්ථික වර්ධනය ඇත්තද?
ජයරත්න Tuesday, 15 May 2012 09:25 AM
ගොවීන්ට යම් සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ආර්ථිකය ඉහළ නංඩා ගන්න පුළුවන්
ගාමිණී Sunday, 13 May 2012 02:00 PM
සමස්ථ සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායමට වඩා හය ගුණයක් විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන බව දී ඇති දත්ත අනුව පෙනේ. ඒත් මේ විදේශගත ශ්‍රමිකයන්ට කිසි වරප්‍රසාදයක් නොලැබෙන්නේ මන්ද ?
නිශාන්ත Tuesday, 15 May 2012 11:56 AM
විදේශ ශ්‍රමිකයින්ට මීට වඩා දෙයක් කරන්න බැලුවොත් තමයි හොද
ජගත් Sunday, 13 May 2012 05:08 PM
මට නම් පෙනෙන්නේ ඇමතිතුමන්ලගෙයි ඉහළ නිලධාරීන්ගෙයි නම් ආර්ථිකේ වැඩි වෙලා වගේ
මර්වින් Thursday, 17 May 2012 06:35 PM
කරුණාකරලා විදෙස් රටවල අවුරුදු 10කට වඩා වැඩ කරපු අයට කාර්,වෑන්, ලොරි, ට්‍රක් රථ ආනයනය කර ගන්න වාහන බලපත්‍ර ලබා දෙන්න