IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සියදිවි නසා ගැනීමේ හත්වැනි තැන ලංකාවට

  23--pg17d--main-pgs

 

ප්‍රශ්න හමුවේ සියදිවි හානි කර ගන්නේ නම් ලෝකයම මේ වන විට සුසාන භූමියක් වනු නොඅනුමානය. මන්ද ප්‍රශ්නක් නැති මිනිසුන් ලොව කොහේවත් නැති නිසාය.

 


ප්‍රංශ අධිරාජ්‍යයකු වූ නැපෝලියන් බොනපාට් වරක සඳහන් කර තිබුණේ මරණයට වඩා වැඩි එඩිතර කමක් ජීවත්වීමට තබා ගත යුතු බවය. සැබවින්ම අප ආදරය කළ යුත්තේ මරණයට නොව ජීවිතයටය.

5
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වසරකට ලක්ෂ 8ක් 9ක් පමණදෙනා සියදිවි හානි කර ගැනීම නිසා මරණයට පත්වෙති.


සෑම තත්ත්පර හතළිහකට වරක්ම සිය දිවි හානි කරගැනීමක් සිදුවන වන අතර ලෝකය පුරා සිදුවන මරණ අතුරින් සියයට 1.3ක්ම සිදුවන්නේ සියදිවි හානි කර ගැනීමෙන් බව වාර්තාවේ.


කෙසේ නමුත් ගෙවී ගිය සතියක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද ප්‍රකාශ කරනු ලැබූවේ ලෝකයේ සියදිවි නසා ගැනීමෙන් ඉදිරියෙන් සිටිනා රටවල් අතර ශ්‍රී ලංකාවද සිටින බවයි. ඒ නිසාම එහි තතු සොයා අපි ගියෙමු.


රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්.වී.ජී.ඒ. හේමන්ත කුමාර මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වේ.


“මැරෙන බව ස්ථීර වශයෙන්ම දැන ගෙන මරණයට පත්වන පුද්ගලයා විසින්ම යොදා ගනු ලබන ක්‍රියාවක් මගින් සිදුවන මරණය සියදිවි නසා ගැනීමක්, ලෙසට සමාජ විද්‍යාත්මකව විස්තර කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය 2012 වසරේදී නිකුත් කළ වාර්තාවට අනුව සියදිවි නසා ගැනීම් අනුව ලංකාව සිටින්නේ තුන්වැනි ස්ථානයේ.


එහි ඉදිරියෙන්ම සිටිනා රටවල් වන්නේ ග්‍රීන් ලන්තය සහ දකුණු කොරියාවය.


නමුත් 1985 වසරේ සිට 2015 වසර දක්වා වසර 30ක් තුළ ලෝකයේ සියදිවි නසා ගැනීම්වල සංඛ්‍යා දත්ත ඇසුරින් “විකි පීඩියාව” දක්වන්නේ රටවල් 107ක් අතුරින් ලංකාව 7 වැනි තැනට පත්ව ඇති බවයි.


ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමට බලපානා හේතූන් ගණනාවකි.


ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම2
විරැකියාව
දුගී භාවය
ණය ගැති භාවය
විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම
යම් යම් ඇබ්බැහි වීම් විලන් මිදීමට නොහැකිව ඇති වන කළ කිරීම
විභාග අසමත් වීම
රැකියාවෙන් ඉවත් කිරීම
අපේක්ෂාවන් කඩ වීම


අපේක්ෂාවන් කඩ වීම නිසා ඇතිවන මානසික පීඩනය හා වෙනත් මානසික හේතූන් පදනම් කරගෙන ද සියදිවි නසා ගැනීම් ලංකාවේ බහුලව සිදුවේ.
ක්ෂණිකව ඇතිවන ආවේගකාරී හැඟීම් හේතුවෙන් සුළු ප්‍රමාණයක් සියදිවි නසා ගන්නා බව වාර්තා වූවත් මෙරට සංඛ්‍යා දත්තයන් පිරීක්සිමේදී පෙනී යන්නේ සැලසුම් සහගතව සිදු කර ගන්නා සියදිවි හානි කර ගැනීම ඉහළ අගයක් ගන්නා බවය.


සියදිවි නසා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියම ක්‍රමය වස පානය කිරීමයි.


වස පානය කිරීමට අමතරව ගෙල වැළලා ගැනීම, ජලයට බිලිවීම, ගඟේ මුහුදේ පැනීම, වෙඩි තබා ගැනීම, කැපීම් කර ගැනීම සහ සිරුරට වෙඩි තබා ගැනීම සිදු කර ගැනේ. කෝච්චියට පැනීම, කනේරු ඇට කෑම, ඖෂධ අධික මාත්‍රාවෙන් ගැනීම ද සිදු කරති. අප රට තුළ තත්ත්වය මෙසේ වූවත් ඇමෙරිකාව වැනි රටවල සියදිවි හානි කර ගැනීම වැඩියම සිදුවන්නේ වෙඩි තබා ගැනීම් සහ බටහිර ඖෂධ වර්ග වැඩිපුර භාවිතා කිරීම මගින්ය.


බටහිර රටවල නාගරික ප්‍රදේශ වල සියදිවි නසා ගැනීම් වැඩි අතර අර්ධ නාගරික ප්‍රදේශ වල සියදිවි නසා ගැනීම් අඩුය.


නමුත් ලංකාවේ තත්ත්වය ඊට හත් පසින්ම වෙනස්ය. මෙරට ග්‍රාමීය ප්‍රදේශ වල සියදිවි නසා ගැනීම් ඉහළ අගයක් ගන්නා අතර නාගරිකව සිය දිවි නසා ගැනීම් සාපේක්ෂව අඩුය.


1990 දශකය මැද බාගයේදී මෙරට කම්කරු පන්ති සහ ගොවි ජනතාවට අයත් පවුල් වල සමාජිකයන් අතර සියදිවි නසා ගැනීම් ප්‍රවණතාව ඉහළ අගයක් ගත්තේය. ණය තුරස් ගෙවා ගැනීමට නොහැකිව රටට බත සැපයූ ගොවියන් බොහෝ දෙනෙක් සියදිවි නසා ගත් බව ශ්‍රී ලාංකික අපට තවමත් මතකය.
උතුරු-නැගෙනහිර යුදමය වාතාවරණයක් සහිත කාලයේදී  දෙමළ ජනතාව අතර සියදිවි නසා ගැනීම් ඉතා ඉහළ ගොස් තිබුණි. ජන වර්ග අනුව සියදිවි නසා ගැනීමෙන් දමිළ ජනතාව එදා ඉදිරියෙන් සිටියත් අද වන විට සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් ඇත්තේ සිංහල ජනයා අතරය.


සියදිවි හානි කර ගැනීම් වයස හා බැලීමේදී 1980 වසර සහ ඊට පෙර වසර වලදී වයස අවුරුදු 17-25 අතර වයස් කාණ්ඩයන් අතර සියදිවි නසා ගැනීම් ඉහළ අගයක් ගෙන තිබේ.


නමුත් 2000 වසරේ සිට වයස අවුරුදු 21-35 අතර වයස් කාණ්ඩයන් අතර සියදිවි නසා ගැනීම් ඉහළ ගොස් තිබේ. මේ අදහසට මීට වෙනස් අන්දමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ ලංකාවේ වයස 15-44 කාණ්ඩයන් අතර සියදිවි නසා ගැණීම් ඉහළ බවය.


රටෙහි තත්ත්වය මෙසේ වූවත් ලෝකයේ බොහෝ රටවල සියදිවි නසා ගැනීම් ඉහළින්ම වාර්තා වෙන්නේ මහලු ජනතාව අතරය. නමුත් අප රටේහි ශරීර සෞඛ්‍ය සහිත තරුණ පිරිස් සියදිවි නසා ගැනීම මෙම ප්‍රශ්නයේ බැරෑරුම්කම පෙන්වනු ලබයි.


වර්ෂයකට මුලු ලෝක ජනගහනයෙන් මිලියනයක් පමණ ජීවිතය නසා ගැනීම් සිදු කරන අතර 2020 වන විට එය මිලියන 1.5ක් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.


රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු වාර්තා අනුව වසරකට 4000ක් පමණ ශ්‍රී ලාංකිකයන් සියදිවි නසා ගැනීම් සිදු කර ගන්නා බව වාර්තා වේ. 
දිනකට අප රටේ පුද්ගලයන් 11 දෙනකු සියදිවි නසා ගැනේ.


බෝ නොවන රෝග වලට ගොදුරුව අප රටේ වැඩිම මරණ සිදුවන අතර රිය අනතුරු වලින් මිය යන ප්‍රතිශතය මිය යන හේතූන් අතර දෙවැනි ස්ථානය ගෙන තිබේ. 


සියදිවි හානි කර ගැනීම ලංකාවේ මරණ වලට හේතුවන කරුණ ලෙසට හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වය ලංකාව වැනි රටකට එතරම් සුභදායක වන්නේ නැත.


රටක ජනගහනයෙන් ලක්ෂ 15ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සියදිවි නසා ගැනීම ප්‍රබල සමාජ ප්‍රශ්නයකි. 2014 වසරේ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ සියදිවි නසා ගැනීම ජනගහනයෙන් ලක්ෂයකට 28.8කි. 


2014 වසරේ සැප්තැබ්මර් මස නිකුත් කළ ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාව අනුව ලෝකයේ රටවල් 172 අතරින් සියදිවි නසා ගැනීම අතින් ශ්‍රී ලංකාව පවත්ව සිටියේ 4 වැනි ස්ථානයේය.


සියදිවි නසා ගැනීම සමාජ ප්‍රශ්නයක් ලෙස සමාජ විද්‍යාව තුළ හඳුනාගන්නේ සාමාන්‍ය දෘෂ්ඨි පථය අනුව නොවේ. ඒ සඳහා විද්‍යාත්මක නිර්ණායක තර්ක උපයුක්ත කර ගෙන තිබේ. ඒ අනුව සියදිවි නසා ගැනීම් සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගනුයේ කිසියම් රටක ජනගහනයෙන් ලක්ෂයකට 15 දෙනකු සියදිවි නසා ගන්නේ නම් එය සමාජ ප්‍රශ්නයකි. නමුත් රටේ සමස්ත ජනගහනයෙන් සෑම පුද්ගලයන් ලක්ෂයකට පස් දෙනකු සියදිවි නසා ගන්නේ නම් එය සමාජ ප්‍රශ්නයක් ලෙසට නොසැලකේ. නමුත් සමස්ත ලෝකයේම සියදිවි නසා ගැනීම සමාජ ප්‍රතිශතයක් ලෙස දක්වන්නේ ලෝක ජනගහනයෙන් ලක්ෂයකට 11.4ක් සියදිවි නසා ගන්නා බැවිනි.


පුද්ගලයකුට සියදිවි නසා ගැනීමට අයිතියක් තිබේද යන්න පිළිබඳව තොරතුරු සොයා යෑමට අපි උත්සාහ ගත්තෙමු.


පුද්ගලයන්ට අදාළ අයිතිවාසිකම් දේශපාලන අයිතීන් සහ සිවිල් අයිතීන් ලෙස වර්ග කිරීමේදී එම සිවිල් අයිතිවාසිකම් යටතට වැටෙන අයිතිවාසිකම් මාලාව අතර පුද්ගල ජීවිතයට ඇති අයිතිය හා ජීවිතයේ ආරක්ෂාවට ඇති අයිතිය වැදගත් වේ.


මෙලෙස පුද්ගලයන්ට ජීවත් වීමට ඇති අයිතිය මිනිස් අයිතිවාසිකමක් ලෙස විශ්ව මට්ටමින්ම පිළිගෙන තිබුණද සියදිවි නසා ගැනීමට කිසිවකුටත් අයිතියක් ලැබී නැත.


“මගේ ජීවිතය මට අයිතියි. එය විනාශ කර ගැනීම තමාගේ අයිතියක් බව යමෙක් සිතන්නේ නම් එය වැරදි අදහසකි.


රෝම නීතියේ යුතනේසියා අයිතිය ක්‍රියාත්මකව ඇති සීමිත රටවල හැරුණු විට කිසිදු රටක පුද්ගලයන්ට සියදිවි නසා ගැනීමට නීතියෙන් අවසර ලබා දී නැත. ඒ අනුව සියදිවි නසා ගැනීම  නීතිය  තුළ අපරාධයක් ලෙස සලකනු ලැබේ.


ලෝකයේ බොහෝ රටවල සියදිවි නසා ගැනීම උග්‍ර සමාජ ප්‍රශ්නයක් වී ඇත. සියදිවි නසා ගැනීමෙන් සමාජයට මිනිසෙකු අහිමි වනවා පමණක් නොව එම තැනැත්තා අයත් පවුල් ඒකකයට වෘත්තිය හෝ රැකියා සමූහයට වෙනත් සමාජ කණ්ඩායම් වලට සහ සමස්ථ සමාජයටම නිෂේදනීය බලපෑමක් ඇති කෙරේ.
යමෙක් සියදිවි නසා ගන්නේ නම් ඊට එම පුද්ගලයා පමණක් නොව ඔහු අයත් පවුල මිතුරු සමූහය සමස්ත සමාජයටම වගකිව යුතුය.


නීතිය ක්‍රියාත්මක කිරීම
රටේ පවත්නා නීතියට අනුව සිය දිවි නසා ගැනීම අපරාධයකි. 1998 වසර වන තෙක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඉන් බේරී සිටින පුද්ගලයන් පොලිස් පොතේ අත්සන් කිරීම අනිවාර්ය වූ නමුත්, ඒ නිසාම ඔවුන්ට වන මානසික අවමානය සලකා 1998 ශ්‍රී ලංකා රජය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්ති ඉවත් කර ඇත.


වාර්ෂිකව සියදිවි හානි කර ගන්නන්ගේ ප්‍රතිශතය සැලකිල්ලට ගෙන සියදිවි නසා ගැනීම් පිළිබඳ සොයා බැලීම සඳහා 1994 වසරේදී ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලදී. නමුත් එම කොමිසමෙන් නිකුත් කළ වාර්තාවන් රටේ සියදිවි නසා ගැනීම් ප්‍රතිශතය අවම කිරීමට කෙතරම් දුරට උපකාරී වූයේද යන්න ප්‍රශ්නාර්ථයකි.

 


වළක්වා ගැනීමට
සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීමට එක් නිශ්චිත ක්‍රමයක් පෙන්වා දිය නොහැක. නමුත් සියදිවි නසා ගැනීම වළක්වා ගැනීම සමාජයකට ඇති වගකීමක් වේ.


සියදිවි නසා ගැනීම නම් සමාජ ප්‍රශ්නය ඇති වීම වැළැක්වීම සඳහා පවත්නා ධනේෂ්වර සමාජ ක්‍රමය වෙනස් කර සමාජවාදී ක්‍රමයකට යා යුතුය යන්න මාක්ස්වාදී දැක්මයි. නමුත් ගෝලීය ධනවාදය තුළ මාක්ස්වාදී ප්‍රවේශය නොපෙනී ගොස් ලිබරල් සමාජ දෘෂ්ඨිය  මතු වී තිබේ. එම ලිබරල් දෘෂ්ඨි පථය අනුව සියදිවි නසා ගැනීම යන සමාජ ගැටලුව පවත්වා මෙම සමාජ ක්‍රමය ඇතුළතම විසඳා ගත යුතුය. එහිදී සියදිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම සමාජයෙන් ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා කළ හැකි යෝජනා පහත දැක්වේ.


සියදිවි නසා ගැනීමේ චර්යාව පිළිබඳව ශ්‍රී ලංකා සමාජයෙහි පවත්නා දුර්මත ඉවත් කරමින් එවැනි මහජන මතයන් නිවැරදි කළ යුතුය.


පුද්ගලයන් හා සමාජය අතර පවත්නා අනුකලනය හෙවත් ඒකාබද්ධතාවය පුළුල් වන අන්දමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු වේ. එනම් පුළුල් සමාජ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය.


ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් ප්‍රජා මූල සංවිධාන පවත්වාගෙන යෑම සේම සියදිවි නසා ගැනීමට තැත් කරන අය ඉන් වළක්වා ගත හැකි ක්‍රම ගැන පාසල් මට්ටමින් හා ප්‍රජා මූල සංවිධාන මට්ටමින් දැනුවත් කිරීම ද කළ යුත්තකි.


පාසල් දරුවන් අතර ඇති වන මානසික කඩා වැටීම වළක්වා ගැනීමට, පාසල් සහ වෙනත් අධ්‍යාපන මධ්‍යස්ථාන වල රජය මැදිහත් වී උපදේශන සේවාවන් පවත්වාගෙන යෑම කළ යුතුය.


තරුණ පිරිස රටේ වැදගත්ම මානව සම්පත ලෙස හඳුනා ගනිමින් ඔවුන්ගේ විරැකියාව සඳහා පිළියම් යෙදීම මෙන්ම තරුණයන්ට ඔවුන්ගේ කුසලතාව ඔප්නංවා ගත හැකි අවස්ථා වැඩසටහන් සකස් කිරීම ඉතා වැදගත්ය.


අධ්‍යාපනික, සෞන්දර්යාත්මක හා සංස්කෘතික වැඩසටහන් වලට ප්‍රජාව යොමු කරමින් මිනිස් ජීවිතයේ වටිනාකම හා අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කිරීම ද සියදිවි නසා ගැනීම අවම කිරීම සඳහා කළ යුත්තක් වේ.

m



අදහස් (7)

සියදිවි නසා ගැනීමේ හත්වැනි තැන ලංකාවට

රංගන Wednesday, 27 January 2016 04:56 PM

ලංකාවේ නොමිලේ මානසික උපදේශනය ලබාදෙන සේවා වල නම්, ඒවායේ දුරකථන අංක දැනගන්න පුළුවන් නම් හොඳයි (නි)

:       4       6

අමිල Wednesday, 27 January 2016 07:04 AM

ලංකාවේ ඉන්න ගොඩක් දෙනාට, ඉන්නවට වඩා මරුනනම් හොඳයි කියල හිතුන අවස්ථා එකක් හරි ජීවිතයේ මතක ඇති. ඉතින් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ. (බ)

:       3       102

ඉන්දික Thursday, 04 February 2016 04:14 PM

මමත් මැරෙන්න හිතාගෙන ඉන්නේ. ජීවත්වෙන එක එපාවෙලා (නි)

:       0       0

අතුල මාලදිවයින Monday, 25 January 2016 06:48 PM

මේ ලිපියට වැඩිය ප්‍රතිචාර දාලා නැහැ. මේක දේශපාලන ලිපියක් වුණා නම් දාහක් විතර පණ්ඩිත අදහස් දාලා තියෙයි. (නි)

:       0       2

සඳකැලුම් Friday, 20 October 2017 12:26 PM

පාසල් මට්ටමින් කරන දැනුවත් කිරීම් වඩා වැදගත්...

:       0       1

Gamage Sunday, 02 February 2020 01:29 PM

ලෝකයේ සියදිවි හානි කරගැනීමට අවසර දුන් රට කුමක්ද?

:       0       0

Navodya hasanthi Tuesday, 04 February 2020 03:21 PM

මගේ යාලුවෙක්ට ප්‍රශ්නයක් තියෙනවා.. ඒක මෙහෙම කියන්න නම් අමාරුයි. මගේ ඊ මේල් එකෙන් ඔයාලව දැනුවත් කරන්න පුලුවන්ද මට..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 555 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 69 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 320 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 213 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site