අස්ගිරි මහා විහාරයේ වැදගත්කම
ඉතිහාසය කරුණූ පිරික්සිමේ දී ගම්පහ පුරවරයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. විටෙක වර්තමාන ගම්පහ පුරවරය සියනෑ කෝරළය ලෙස හඳුන්වා ඇත. තවත් විටෙක එය ප්‍රේෂර් ආණ්ඩුකාරවරයාගේ නමින් ප්‍රේෂර් ටවුන් ලෙස නම්කර ඇත.
ගම්පහ ආසන්නයේම මිනුවන්ගොඩ නගරය වේ. කෝට්ටේ රාජ්‍ය සමයේ නටඹූන් රාශියක් එහි දක්නට ලැබේ. එනම් සකල කලා වල්ලභ රජු උඩුගම්පළ සශ්‍රීක රාජධානියක් ලෙස පාලනය කර ඇත්තේ කෝට්ටේ යුගයේදී බව මහාවංශ තොරතුරු වල සඳහන් ව ඇත. සුවිශේෂී භූවිෂමතා ලක්ෂණ වලින් හෙබි ප්‍රදේශයකි. ඒ යටගිය අතීතය සොයා යන ගමනේ මා පළමුව නැවතුණේ අස්ගිරි පුජා භුමියේය .එය රජමහා විහාරයකි. සියනෑ කෝරළයේ දාසියපත්තුවට අයත් පුදබිමකි.
උදාහිරු කිරණ අස්ගිරි පුජා භුමියටත් වැටි තිබුණි. මම තුරු සිදුරු අතරින් ගලා එන හිරු කිරණේ චමත්කාරය විඳගත්තෙමි. ගල් පඩි දෙසියක් තරම් වු දිගු පඩි පෙළක් අස්ගිරි කඳු මුදුනට වැටී තිබුණි. දෙපසටම හරිත වර්ණ වු තුරුලතාවෝය.
කන්ද මුදුන තරණය කිරිමට පෙර කඳු පාමුල පිහිටි පුජා භුමිය නිරික්ෂණය කළෙමි. අක්කර හතළිහක පමණ සංඝාවාසය නවීකරණය කරන ලද සංඝාවාසය යන ආරාම සංකීර්ණය එහි විය.
මම හිමින් හිමින් ගල් පඩි තරණය කිරිම ආරම්භ කළෙමි. කඳු ගැටය පළමු මහලේ ප්‍රතිමා ගෘහයකි. එය පියවර තුනකින් නිමවා ඇත. එනම් ප්‍රතිමා ගෘහයට ඇතුළු වන ස්ථානය බැතිමතුනට වන්දනාමාන කිරිම සඳහා අලුතෙන් එකතු කර ඇත.
සත් සතිය, විහාර වන්දනාව එහි ඇති සිතුවම් වලින් කොටසකි. ප්‍රතිමා ගෘහයේ අවසාන කොටස පිහිටා ඇත්තේ ගල්ලෙන තුළය. එය ප්‍රතිමා වලින් පරිපුර්ණය. ගෘහය මැද සමාධි බුද්ධ ප්‍රතිමාවකි. වම්පස හිටි පිළිමයකි. දකුණු පස අභය මුද්‍රාව සහිත බෝධී සත්ව ප්‍රතිමාවක් සහ විෂ්ණු දේව ප්‍රතිමාවකි. බිත්ති පුරාවට ජාතක කතා සිතුවම් කර ඇත. ප්‍රතමා ගෘහය නිරික්ෂණය කරන විට දැකගත හැකි වුයේ ජලය ලෙන අභ්‍යන්තරයට ගලා නොඑන ලෙස කටාරම් කොටා ඇති අපුරුවය.
මම තුරු සෙවණේ විඩා නිවා හරිමින් ඒ සොබාදහම රස වින්දෙමි. ගෘහයට ආසන්නව දේව පුජා පවත්වන තවත් ලෙනකි. මම ඉන් එහාට ඇවිද ගියෙමි. අශ්වයකුගේ රුව කොටා ඇති ගල්තලාවකි. එය ආරක්ෂා කිරිමට ලී වැටක් ගසා තිබුණි.
කුරුලු කුජනය හැරුණූ කොට මිනිස් කටහඬක් එහි නොවිය. මම අරලිය මල් පහස ලද ගල් පඩි තරණය කරමින් නැවතත් ගමන ආරම්භ කළෙමි.
දෙවන මහළ කිරිසුදු පාටින් බබළන චෛත්‍යය වේ. ඒ අසලම බුදු ගෙයකි. චෛත්‍යයට පිටුපසින් අනාදිමත් කාලයක සිට මහා වෘක්ෂයක් සේ නැගී සිටින බෝධී රාජයාණෝය.
එම නිහඬ පරිසරය භාවනාවට නම් කදිමය.පරිසරයේ සිතල තුරුලතාවන්ගේ ලත් තිළිණියකි. මම යළිත් ගල්පඩි තරණය කරන්නට වුවෙමි.
අස්ගිරි කන්ද මුදුනට සියනෑ පුරවරයම මනහර සිතුවමක් සේ දර්ශනය වේ. සිරි නැරඹීමට සේම රජ කාලයේ නම් ඔත්තු බැලීමටත් කදිම ස්ථානයකි. මම අවට පරිසරය නිරික්ෂණය කළෙමි. අලුතින් ඉදිකළ විවෘත බුදු කුටියකි. තවත් පසෙකින් නිදන් හොරුන් හාරන ලද ගල් කුහරයකි. එහි කුමක් හෝ රහසක් ඇතැයි මට සිතුණි.
වටාපිටාවේ සිරි අසිරි බලමින්ම කදු මුදුනත් බෝධියත් අතර වු අඩිපාර දිගේ පහළට ගමන් ගත්තෙමි. එහි සුවිශාල ලෙනකි. යමෙකුට සැඟවී සිටීමට කදිම ස්ථානයකි. එයද කටාරම් කොටා තිබුණි.
බාහිර පරිසරයෙන් මිදුණූ මා අස්ගිරි පුරාණ රජමහා විහාරයේ ඉතිහාසය සොයා ගියෙමි. එහිදි මහා වංශයේ සඳහන් තොරතුරු සේම ජනප්‍රවාද කතා ද බොහොමයක් දැන ගන්නට ලැබිණි.
අස්ගිරි කන්ද හා සම්බන්ධ තොරතුරු අනුරාධපුර , පොළොන්නරුව කෝට්ටේ සහ මහනුවර යන යුගයන් හා සම්බන්ධ වේ.
ජනප්‍රවාදයට අනුව වලගම්බා රජු සියනෑවේ සැගවී සිටිමින් සතුරාට එරෙහිව සේනා සංවිධාන කළ ස්ථානයක් ලෙස අස්ගිරිය හඳුන්වා ඇත. රජු සැඟවි සිටි ලෙන ලෙස මා නිරික්ෂණ චාරිකාවේ දුටු ලෙන හඳුනාගෙන ඇත.
පොළොන්නරුව අතර රහස් මාර්ගය පිහිටා තිබි ඇත්තේ අස්ගිරිය අසලය. මෙම රහස් මාර්ගය හඳුනා ගැනිම සඳහා හවස හා රාත්‍රි කාල වල අස්ගිරි කඳු මුදුනත පහනක් දල්වා ඇත.
අද වන විට නිදන් හොරුන් විසින් හාරා දමා ඇති ස්ථානයේ එම පහන දැල්වු කුලුන තිබෙන්නට ඇතැයි සැලකේ. මින් පසු අස්ගිරිය සම්බන්ධවන්නේ කෝට්ටේ යුගයටය. එනම් එකල අස්ගිරිය සකල කලා වල්ලභ රජුගේ රාජධානියට අයිති ප්‍රදේශයක් වී ඇත.
එක් පිරිසක් අස්ගිරි කන්ද බැලුම් ගලක් ලෙස නම් කරන අතර සකල කලා වල්ලභ රජු මෙම කන්දට පැමිණ සිරිපාදයට නමස්කාර කළ බවත් එය කෝට්ටේ යුගයේ සිටම පැවති ඓතිහාසික පුජා බිමක් බවත් හඳුන්වා දි ඇත. ජනප්‍රවාද මත එසේ වුවද මහාවංශයේ ද උඩුගම්පල රාජධානිය හා සකල කලා වල්ලභ රජු පිළිබඳ තොරතුරු දක්වා ඇත.
මහනුවර යුගය හා සම්බන්ධ තොරතුරු දක්නට ලැබෙන්නේ විහාරයේ නව ප්‍රතිසංස්කරණ හා චිත්‍ර හේතුවෙනි. එහි ඇති නිර්මාණ නිරික්ෂණයේදී ද එවා මහනුවර යුගයට අයත් බව පැහැදිලි වේ.
මෙවැනි ඓතිහාසික තොරතුරු රැසක් සහිත අස්ගිරි පුදබිමේ නම පිළිබඳව ජනප්‍රවාද කතා පවති.
අස්ගිරින් හිරු සැඟවී යන නිසා අස්තගිරි වු බව එකමතයකි. අශ්වයකුගේ රූපය සහිත වු ගිර අස්ගිරිය වු බව නව මතයක් වේ. මේ සියලු තතුසේම අස්ගිරිය යනු පුර්ව ඓතිහාසික යුගයට අයත් භුමියක් බවත් එය විවිධ රාජ්‍ය යුගයේ විවිධ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ බවත් ස්වභාව සෞන්ද්‍යයෙන් ආඪ්‍ය පිරි පුදබිමකි.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සියනෑ පුරාවත
ජයසේකර Monday, 28 December 2015 07:37 AM
අගනෙයි (ම)
සතිස් Wednesday, 09 December 2015 10:16 AM
ඉතා අගනා ලිපියක්. ඉස්සර අපි පාසල් යන කාලයේ "සමාජ අධ්‍යනය" විෂයට මේවා ඉගැන්නුවා. තමන් ඉපදුන ගම ගැන දැන ගන්න එක, කොච්චර වටිනවද?. ගම්පහ [සියනේ පුරවරය] දැන් නාගරිකකරණය වුනත් තවමත් ඉතා සුන්දර ගම් පළාතක්. (ම)