IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


සියලූම පව් ජනතාව කරමත

 

ජිනීවා යෝජනා, විදෙස් ණය බර, ජීවන වියදම ඉහළ යාම හා තමන්ගේ බල මූලස්ථානයක් වූ තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාවේ වත්මන් ඛේදවාචකය සම්බන්ධයෙන් මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාය.

 

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති

 

 

 ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා යෝජනාවල ඡුන්ද විමසීම 22 වැනිදා සිදුකිරීමට නියමිතයි. ඊට අදාළ කෙටුම්පත ඒකපාර්ශ්වීය හා අසාධාරණ එකක් බවට රජය චෝදනා කරනවා. ජවිපෙ මෙම කෙටුම්පත දකින්නේ කෙසේද?
අධිරාජ්‍යවාදී බලවේග ලංකාව දුර්වල කරන්න දීර්ඝ කාලීන වැඩපිළිවෙළක සිටීම ගැන අපි අමුතුවෙන් පුදුම වෙන්නේ නෑ. මොකද යටත්විජිත යුගයෙන් පස්සෙ මේ දක්වාම ඒක වරින් වර විවිධ ආණ්ඩු යටතේ ක‍්‍රියාත්මක වුණා. අද ඇතිවී තිබෙන තත්ත්වයට ජාත්‍යන්තර ප‍්‍රජාව ක‍්‍රියාත්මක වෙන්නේ ඉතාම පැහැදිලිව මෑතකාලීනව අපේ රටේ ආණ්ඩුව ගත් ක‍්‍රියාමාර්ගත් ප‍්‍රයෝජනයට අරගෙනයි. විශේෂයෙන් මානව හිමිකම් කඩකිරීම්, ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී තත්ත්වය, රටේ නීතිය අවනීතිය බවට පත්කිරීම, නීතියත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් මමය කියලා හිතල ශ්‍රේෂ්ඨාධිකරණය, උතුරු නැගෙනහිර සිවිල් ජනයාගේ නිදහස ආදී බොහෝ කාරණා  සම්බන්ධයෙන් කටයුතු කරපු ඒකාධිපති හා ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී ආකාරයේ ප‍්‍රතිපලය තමයි මේ. එනිසා ජාත්‍යන්තර ප‍්‍රජාව මේ ගන්න ක‍්‍රියාමාර්ගයට අපි විරුද්ධ වෙනවා වගේම මේකට සම්පූර්ණයෙන් ආණ්ඩුවත් වගකියන්න  ඕන. ජාත්‍යන්තරය අපට විරුද්ධව යෝජනා සම්මත කරගන්නවා කිය කියා බෙරිහන් දුන්නට වැඩක් නෑ. මොකද මීට කලින් ආණ්ඩුව මේවා ගැන හිතන්න තිබුණා. එක පැත්තකින් ආණ්ඩුවේ රාජ්‍යතාන්ත‍්‍රික දිළිඳුභාවයයි අනෙක් පැත්තෙන් ඒකාධිපති ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී පාලනයේ ස්වරූපයයි දෙකම මීට එකතු වී තිබෙනවා. 

 


 හැබැයි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරන්නේ එහෙම වුණත් රට බිලිදෙන්න විපක්ෂයට බෑ කියලයි. ඒ වගේම ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑමෙන් නිදහස් වන්නට උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමෙන් හැකි බව කියන එම නායකත්වය ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට වුවත් එළඹෙන්නට සූදානම් බව රජයට ප‍්‍රකාශ කළා?
අද රටට අත්වී ඇති ඉරණමට එක්සත් ජාතික පක්ෂයත් සම්පූර්ණයෙන් වගකිවයුතුයි. එජාප පාලන සමයේදීත් රට බේරගන්න කවදාවත් කටයුතු කරල නෑ. එනිසා යූඑන්පී එක මේ කතාකරන්නේ රට බේරගන්න නෙවෙයි. මහින්ද රාජපක්ෂ බේරගන්නයි. මහින්ද රාජපක්ෂ බේරගන්න තිබෙන යූඑන්පී එකගතාවට අනුව මත්තලට නෙවෙයි තූත්තුකුඩියට වුණත් යාවි. අනෙක් කාරණය මේ සැසිවාරයේ සිදුවන දේ මගින් මහ අමුතු දෙයක් වෙන්නේ නෑ. මොකද ජාත්‍යන්තර ප‍්‍රජාව තව ඉදිරියේදී මේ ආණ්ඩුව දුර්වල කරලා යටත් කරගන්න තියෙන කි‍්‍රයාමාර්ගවලට යද්දී එකවර යන්නේ නෑ. ආර්ථිකමය සමාජමය දේශපාලන කොන්දේසිවලින් දුබල කරවීම සඳහා වන පියවර ඔවුන් ගන්නේ ක‍්‍රමානුකූලවයි. ඉතින් ලබන සැසිවාරයේදි ගන්න තිබෙන ක‍්‍රියාමාර්ග මේ සැසිවාරයේදි ගන්නෙ නෑ. මේක ආණ්ඩුව බියවද්දන එක පියවරක් විතරයි. යටත්වීමට සීමාවකුත් නෑ.

 


​ ආණ්ඩුව කියන්නේ දැන් තමන්ට විදේශ ණය අනවශ්‍ය බවයි. එහෙත් වාර්තා වන්නේ ප‍්‍රධාන පෙළේ රාජ්‍ය වාණිජ ආයතන උපයෝගී කරගනිමින් ණය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එවැනි ණයගැනීමක් රටට කෙසේ බලපායිද? 
ආණ්ඩුවට ණය දෙන්නෙ නෑ කියන එක ඉතාම පැහැදිලියි. විශේෂයෙන්ම ආණ්ඩුව මහා පරිමාණ ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළා. ඒවායෙන් නාස්ති කරල හොරකම් කරල කොමිස් ගහල අවසානයේ ඒවා සුදු අලි ව්‍යාපෘති බවට පත්වෙලා තිබෙනවා. ලකුණු දාගන්න හරි ඒවා විවෘත කරන මට්ටමට ගේන්න නම් විදේශ ආධාර අවශ්‍ය වී තිබෙනවා. ඒක නිසා තමයි ඔය ජපානයට ගිහිල්ලත් වැඩි පොලියට ණය ගන්නේ. ණය මත පුළුවන් උපරිම සීමාවට ගියාම ආණ්ඩුවට ඊළගට සිද්ධවෙන දේ තමයි ජනතාව මත බදු බර පටවන එක. දැන් තෙල් මිල වැඩි කළා. ඊ ළගට බස් ගාස්තු විදුලිය ගාස්තු වැඩි කර තවත් බොහෝ පීඩක අණ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න නියමිතයි. හෙට සිට ඉදිරිපත් කරන පණත් 21 ම ගත්තොත් ඒ සියල්ල ආණ්ඩුවට මුදල් ඉපැයීම ඉලක්ක කරගත් ඒවා. උදාහරණයක් හැටියට රේගු ආඥා පනත සංශෝධනය කරනවා. රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් ආණ්ඩුවේ දේශපාලන අතකොලු බවට පත්කිරීමේ වෑයමක් එතන තියෙන්නේ. අවසානයේ රේගු නිලධාරීන් කරන වැටලීම්වලට තෑගි දෙන්වද නැද්ද කියන එකත් ඇමැතිවරයා තීරණය කරන තැනට ඇවිත් තිබෙන්නේ. ඒ නිසා ඉතාම පැහැදිලියි ඉස්සරහට තිබෙන්නේ සුබ අනාගතයක් නෙවෙයි බදු අනාගතයක්. 

 


 ජපානයෙන් ණය ගන්නේ වැඩි පොළියට යැයි ඔබ කීවා. වාසි අවාසි කෙසේ වෙතත් ණය ගැනීමේ මූලාශ‍්‍ර වෙනස්වීමත් දිගින් දිගටම ණය ගැනීමත් තුළ මෙහි වැය බර දරන්නට වෙන්නේ ඉදිරි ආණ්ඩුවකට නේද?
මේ ණය ටික ගන්න එක`ග වෙන කොන්දේසි ඒ වෙනුවෙන් පවරලා දෙන දේශීය සම්පත් ප‍්‍රමාණය ඛනිජ සම්පත් ටික ඉඩම් ටික වැව් වනාන්තර ටික නැවත ලබාගන්න අපට බෑ. ඉතිහාසය තුළ එජාප ආණ්ඩු සමගි පෙරමුණු ආණ්ඩු පොදු පෙරමුණු ආණ්ඩු ණය කොන්දේසිවලට විකුණපු සම්පත් අද අපට නැවත අත්පත් කරගන්න බෑනෙ. උදාහරණයකට ගත්තොත් ඉන්දියාවත් එක්ක ගහපු අයි ඕසී ගිවිසුම අහෝසි කරනවාය කියල දැන් කවුරු හරි පම්පෝරි ගැහුවට ප‍්‍රායෝගිකව ඒක කරන්න අමාරුයිනෙ. ඒ ඉන්ධන හල් ටික නැවත ලබාගැනීම දුෂ්කරයි. ඇමෙරිකන් සමාගම්වලට පවරල තියෙන ඉඩම් ටික නැවත අත්පත් කරගන්න එක අපට අමාරුයි. ජපානෙ විතරක් නෙවෙයි ලෝකෙ  ඕන රටක් සමාගමක් එක්ක ඒ මොහොතට අදාළව ගැලපෙන්න ආණ්ඩුව දක්ෂයි. යුරෝපය විවේචනය කරල ජීඑස්පී ප්ලස් අයි.එම්.එෆ් ණය  ඕන නෑ අපට කියල කිව්වට හෙට ණය ගන්න අවශ්‍ය නම්  ඕන කොන්දේසියකට අවනත වෙලා දණ ගහල ණය ගන්න මේ ආණ්ඩුව සූදානම්. හෘද සාක්ෂියයි ලැජ්ජාවයි දෙක කපාගත්තට පස්සෙ මිනිහෙකුට කරන්න බැරි දෙයක් නෑ. මේ ආණ්ඩුවෙ තත්ත්වෙත් අද ඒක තමයි. රටේ ජනයා ණයකරන්න ආණ්ඩුව බය නෑ. මොකද ආණ්ඩුව දන්නවා මේ ණය ගෙවන්න වෙන්නේ තමන්ට නෙවෙයි කියලා. අද උපදින්න ඉන්න දරුවෙකුගේ පවා ණය බර රුපියල් ලක්ෂ තුන ඉක්මවලා තිබෙන්නේ. සමස්ත ණය රුපියල් බිලියන 6000 ඉක්මවලයි තිබෙන්නේ. ණය බර නිසා විපතට පත්වූ රටවල් ගැන ජාත්‍යන්තර උදාහරණ වුවමනා තරම් තිබියදී තමන්ගේ බල තණ්හාවට රට වළපල්ලට තල්ලූ කරමිනුයි මේ ආණ්ඩුව සිටින්නේ.

 

 මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද විවෘත කෙරෙනවා. එහෙත් ඒ හා සම්බන්ධ ප‍්‍රචාරණ කටයුතු ගැන ජවිපෙ තද විවේචනයකයි නිරතවන්නේ. මත්තල සම`ග මොකද්ද මේ වෛරය? යටිතල පහසුකම් වර්ධනය වුණොත් නේද සංවර්ධනය කඩිනම් වෙන්නේ?
ඇත්තටම අවශ්‍යතාව අනුව රටක යටිතල පහසුකම් සංවර්ධනය කරනවාට අපේ කිසිම විරෝධතාවක් නෑ. ප‍්‍රමුඛතාව විය යුත්තේ අවශ්‍යතාවයයි. නැතුව රාජපක්ෂ වරාය, රාජපක්ෂ ගුවන් තොටුපළ, රාජපක්ෂ ක‍්‍රීඩාංගණය, රාජපක්ෂ ර`ගහල, රාජපක්ෂ නැටුම් ශාලාව කියල හරියන්නෙ නෑ. විශාලත්වය අනුව ගත්තොත් ඉන්දියාව, චීනය,  ඕස්ටේ‍්‍රලියාව වගේ රටක ජාත්‍යන්තර ගුවන් තොටුපල දෙක තුනක් තිබුණට ප‍්‍රශ්නයක් නෑ. නමුත් ඉතාම පුංචි රටක් වූ ලංකාවට පිහිටීම අනුව කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමයි කළයුතුව ඇත්තේ. අපට අවශ්‍ය අභ්‍යන්තර ගුවන් තොටුපළවලූයි. දේශීය වශයෙන් තිබෙන සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට දැනට ගාල්ලේ තිබෙන කොග්ගල ගුවන් තොටුපළ සංවර්ධනය කර ඊට අමතරව මධ්‍ය කඳුකරයේ ගුවන් තොටුපළක් පිහිටුවීම ගැන සෙවීම කළහැකියි. ඒක වෙනම එකක්. මේක එහෙම නෙවෙයි. මත්තලට යන අය අලි එන්නෙ නැති වෙලාවක් බලල තමයි ගුවන් යානා වෙන්කරගන්න  ඕන. මොකද ඔය පාරෙ අලි ඉන්නවා. අලින්ගෙන් බේරිල වෙලාවට ගුවන් යානයට යෑමම අභියෝගයක්. පරිසරය වටපිටාව ගැන නොබලා කරපු වැඩක් මේක. කාට හරි තර්ක කරන්න පුළුවන් දකුණු පළාතෙන් මැදපෙරදිග ගියපු කාන්තාවන්ට ඉක්මනට ගෙදර යන්න පුළුවන් කියල. නමුත් රටේ මූල්‍ය තත්ත්වයයි දරපු වියදමයි අවශ්‍යතාවයයි බලනකොට මේක ඇත්තටම ගත්තොත් රට ඇතුළෙ තමන්ගේම හම්බන්තොට රාජධානියක් හදාගන්න දරන රාජ මානසික තත්ත්වයකුයි මේ තිබෙන්නේ.

 


 නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙන්වනු ලැබ රේගුවේදී අත්අඩංගුවට ගත් ස්ප‍්‍රීතු තොගය ගැන ජවිපෙ වැඩි අවධානයකින් කතා කරනවා. ඇයි මේ සිදුවීම පිළිබඳ මේ තරම් දැඩි අවධානයක් යොමුකරන්නේ?    
උතුරු මැද පළාතේ විසි දහසක් පමණ වකුගඩු රෝගයෙන් මිය ගොස් ඇති බව අපි දන්නවා. ඒ ආසනික් නිසා. නමුත් නීත්‍යනුකූල පර්මිට්වලට ස්ප‍්‍රීතු ගෙනැල්ලා ෆෝමලින් යූරියා එක්ක කලවම් කරලා පොවන හොර අරක්කු නිසා මිය යන සංඛ්‍යාව මීට වැඩියි. ඒක අපි කවුරුත් ගණන් හදල නෑ. උතුරු නැගෙනහිර හා වතුකරයේ ජනතාවට විවිධ නම්වලින් අද මේ ෆෝමලින් පොවන ව්‍යාපාරයක් තිබෙනවා. ඒ ව්‍යාපාරයේ ප‍්‍රධානීන් බවට පත්වෙලා ඉන්නේ දේශපාලකයෝ. ඊයේ පෙරේදා රේගුවෙන් ලක්ෂ ගණනක ස්ප‍්‍රීතු තොගයක් ගෙනාවා අපි දැක්කනෙ. ඒව ගේන්නේ විවිධ නම්වලින් විවිධ අවශ්‍යතා පෙන්වලා වුණත් ඒ සියල්ල යෙදවෙන්නේ බාල අරක්කු නිෂ්පාදනයටයි. අපි අහන්නේ මේවට අවසර දෙන්නේ කවුද? ඉතාම පැහැදිලියි මේ පසුපස ඉන්නේ ඇමැතිවරු හා ප‍්‍රසිද්ධ දේශපාලකයෝ. තාරුණ්‍යට තිබෙන හෙට ෆෝමලින්වලින් නසන්නේ කවුද? මැරිච්ච මිනිස්සුන්ට ෆෝමලින් ගැහිල්ලයි ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ෆෝමලින් පෙවිල්ලයි දෙකක්. 

 


 ලෝක වෙළෙඳ පොලේ ඛනිජ තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා විදුලිය ගාස්තු ඉහළ දමන බව විදුලි බල අමාත්‍යංශය පවසනවා. එහෙත් ලෝක වෙළෙඳ පොලේ බොර තෙල් මිල ඉහළ ගොස් නෑ. එහෙත් නැවතත් විදුලි බිල ඉහළ යනවා. එය සිදුවන්නේත් සාමාන්‍ය පාරිභෝගිකයාට වැඩි බලපෑමක් එල්ල වන ලෙසයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ප‍්‍රාමාණික දැනුමක් ඇත්තෙකු ලෙස ආණ්ඩුවේ මේ ආර්ථික විද්‍යාව ඔබ දකින්නේ කෙසේද ?
ඇත්තටම මේක ලෝක වෙළෙඳ පොළත් එක්ක සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙවෙයි. එහෙම්පිටින්ම තනිකරම මෑත කාලයේ බාල පෙට‍්‍රල් ගෙනැල්ලා හෙජින් ගනුදෙනු සිදුකරලා තෙල් නල පිපිරිලා ඉන්දියන් තෙල් සමාගමට ෂෙඞ් පවරල දීලා වූ බොහෝ කාරණාවලින් සිදු වූ ඛනිජ තෙල් සංස්ථාවේ මහා දැවැන්ත පාඩු නිසා තමයි අද මේ තත්ත්වය උද්ගත වී තිබෙන්නේ. ඒ නාස්තිය දුෂණය හොරකම රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකරල සියලූ බර ජනතාව මත පටවලා තිබෙන්නේ. අප කියන්නේ මේකයි. ඒ කිසිවක් ජනතාව කරපු දේවල් නෙමෙයි. විදුලි බල මණ්ඩලේ කෑලි කෑලි කරල පෞද්ගලික සමාගම් හදල විදුලි බිල වැඩිකරද්දි ඒවායෙන් හම්බ කළේ ජනතාව නෙවෙයි. බලාගාරවලින් හම්බකළේ ජනතාව නෙවෙයි. නොරොච්චෝලේ කෙරවලපිටියට නාස්තියක් කළේ ජනතාව නෙවෙයි. නමුත් අවසානයේ මේ සියලූ පව් ගෙවන්න වෙලා තිබෙන්නේ ජනතාවට. ඒ ආයතනවලින් හොරකම් කරපු අයගෙන් නෙවෙයි ඒ මුදල් උපයාගන්නේ. ඉතින් මේ තත්ත්වය වළක්වගන්න අපි ගතයුතු පියවර කුමක්දැයි ඒ පව් ගෙවන ජනතාව දැන්වත් කල්පනා කළයුතුයි. 

 


 ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ප‍්‍රාදේශීය සභාවක බලය හිමිකරදෙමින් 2003 වසරේදී සුවිශේෂී ගමනකට ජවිපෙට පාර කැපුවේ තිස්ස ප‍්‍රාදේශීය සභාවයි. එහෙත් අද තමන් නිර්මාණය කළ එය වංචා දුෂණයෙන් පිරුණු පරාභවයට පත්වූ එකක් බවට ජවිපෙම චෝදනා කරනවා. කුමක්ද සිදුව තිබෙන්නේ?
ජනතා විමුක්ති පෙරමුණ කියන්නෙ මොකද්ද කරන්නෙ මොකද්ද කියල ලංකාවට අත්හදාබලන්න තිබුණු ආදර්ශය තමයි තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව. අපට පුළුවන් වුණා තිස්සමහාරාම ප‍්‍රාදේශීය සභාව වංචාවෙන් දුෂණයෙන් නාස්තියෙන් තොරව ලැබෙන ප‍්‍රතිපාදනවලටත් වැඩියෙන් හා ප‍්‍රාදේශීය සභාවක විෂය පථය ඉක්මවා ගිය වැඩකොටසක් ජනතාව වෙනුවෙන් කරන්නට. ආණ්ඩුව ඒක බලහත්කාරයෙන් කොමසාරිස් පාලනයට අරගෙන ජනතාවට විශාල බොරු පොරොන්දු තොගයක් දීල රවටලා බලය අත්පත් කරගත්තා. බලය අත්පත් කරගෙනත් මේ තාක් දුරක් හරි ඔවුන් එය පවත්වගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණු පාලන කාලයේ ඉතිර කර දුන් වත්කම්වලින්. ප‍්‍රතිපාදනවලින්. වාහන සම්පත්වලින්. අද වනවිට ඒ සියල්ල කාබාසිනියා කරලා නැවතත් අර ජනතාව රස්තියාදු කරන සුපුරුදු ආයතනය බවට එය පත්කර තිබෙනවා. තිස්සමහාරාමේ ජනතාව මේ වනවිට මේ පාලනයන් දෙකේ වෙනස අත්දැකල තිබෙනවා. මීට කලින් ඒ අයට ඉතිහාසයේ ඒ අවස්ථාව තිබුණේ නෑ. මොකද එකම වර්ගයේ පාලනයක්නේ තිබුණේ.
 

 

සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ

 

 



අදහස් (0)

සියලූම පව් ජනතාව කරමත

දම්මික Sunday, 24 March 2013 01:04 PM

මොනවා කරන්නද මහත්තයෝ ලබා උපන් හැටි කියලා හිත හදා ගන්නවා (දී)

:       0       0

සුමුදු Friday, 22 March 2013 07:05 AM

මෙයාලට දීලා දාමු. එතකොට ඔක්කොම හරි.(නදී)

:       0       0

සේජු Friday, 22 March 2013 08:21 AM

මොනවා වුණත් මේ දේවල් රජයට තේරුම් කරන්න හොද බලවේගයක් නැති එක රටේ අවාසනාවක්. (ත)

:       0       0

දුරන්දිකා Wednesday, 20 March 2013 04:23 PM

සහතික ඇත්ත. (නි)

:       0       0

ගමගේ Tuesday, 19 March 2013 04:55 PM

මොනවා කරන්නද මහත්තයෝ (දී)

:       0       0

සුනිල් Wednesday, 20 March 2013 05:54 PM

මොනවා කරන්නද ඉතින් (දී)

:       0       0

සරත් Thursday, 21 March 2013 10:29 PM

හැමදාම උනේ ඕකනේ (දී)

:       0       0

දිමුතු Wednesday, 20 March 2013 08:20 AM

ඒ කතාව ඇත්ත (දී)

:       0       0

චන්නද Wednesday, 20 March 2013 06:38 PM

නොපුරුදු දෙයක්යැ අපිට මේ වැඩේ (දී)

:       0       0

ජගත් Thursday, 21 March 2013 03:29 PM

අපිමනේ වැඩේ වරද්දාගත්තේ. (නි)

:       0       0

සුගත් Tuesday, 19 March 2013 02:24 PM

මේ සත්‍යය ජනතාව කවදා තේරුම්ගනීද? (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 24 March 2013 12:17 PM

අනේ මන්දා අපේ රටේ විචාරමත් බුද්ධිමත් ජනතාවට ඇත්ත කවදා තේරෙයිද කියලා.(නදී)

:       0       0

සුසන්ත Thursday, 21 March 2013 10:23 AM

කවදාත් උනේ ඕක තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල
2024 ඔක්තෝබර් මස 05 44 0

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5691 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 816 4

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1408 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 125 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 209 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site