කැප්පෙටිපොළ මහ වලව්ව |
" කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි. "
1818 ජාතික විමුක්ති අරගලයේ වීර සෙන්පතියා වූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව දැයෙන් සමුගෙන ලබන නොවැම්බර් මස 26 වැනි දිනට වසර 195ක් පිරේ. 1817-1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සහ කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස ගසා දැමූ මොහොත පිළිබඳ පුවත ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.
මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සිය අවසාන කාලයේ දී ජීවත්වූ දැනට මාතලේ හුලංගමුවේ පිහිටි ‘‘කැප්පෙටිපොළ මහා වලව්ව’’ පෞරාණිකත්වය සුරැුකෙන අයුරින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.
ඓතිහාසික සිද්ධි රැසක ක්ෂේම භූමියක් වූ මාතලේ පුරවරයේ සෞන්දර්යාත්මක පරිසරයකින් යුතු හුලංගමුව ගම්මානයේ පිහිටි මේ මහ වලව්ව මොණරවිල
වීර කැප්පෙටිපොළ මහ දිසාව |
කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරද්දි ඉදිකරන ලද්දකි.
හුලංගමුව ගමේ පර්චස් 120ක පමණ භූමිභාගයක ඉදිකර තිබෙන මෙම වලව්ව කාමර 16කින් යුක්තය. හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපැයුම් මෙහි දක්නට තිබේ. 18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප‍්‍රදාය මෙහි පිළිඹිබු කරයි.
මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40 සහ 25 බැගින් වේ. බිත්තියක ඝණකම අගල් 16ක් පමණ වෙයි. සිමෙන්ති භාවිතයක් නොකර මැටි බදාම විශේෂයක් මගින් බිත්ති බැඳ තිබේ. වටිනා දැව යොදා වහලය සහ දොර ජනෙල් සාදා තිබේ. සුවිශේෂ ගෘහ නිර්මාණ රටාවකින් නිර්මාණය කර තිබෙන මේ වලව්ව දෙමහල් ගොඩනැගිල්ලකි.
වලව්වේ උඩුමහල සඳලූතල දෙකකින් සමන්විතය. උඩුමහලේ බිම දැවවලින් සාදා ඇත. එක සඳලූතලයක ආරක්ෂිත වැට නිර්මාණය කර ඇත්තේ වටිනා දැවවලිනි. ප‍්‍රධාන ගොඩනැගිල්ල දෙපසින් හා පිටු පසින් ඉහළ මහලයට පිවිසීමට පියගැට පෙළ දෙකකි. ඒවා ඉතාමත් සිත් ගාන්නා සුළුය.
මෙම ගොඩනැගිල්ලේ පිවිසුම අශ්වලාඩමක හැඩයෙන් සාදා නිමකළ ප‍්‍රධාන දොරටු දෙකකි. බරාදයෙන් විසිත්ත කාමරයට පිවිසීම සඳහා දැවයෙන් නිම කළ දෙපියන් දොරටු දෙකකි. විසිත්ත කාමරය දිගින් අඩි 40ක් සහ පළලින් අඩි 15ක් පමණය. මෙහි හරි මැදින් බිත්ති ආරුක්කුවක් නිර්මාණය කර තිබේ. ඒ අසල කෑම කාමරයක් වෙයි. දොරටු දෙකකින් කෑම කාමරයට ඇතුළු විය හැකිය. මේ කෑම කාමරේ දිග පළල විසිත්ත කාමරේ දිග පළලට සමානය.
කැප්පෙටිපොළ දිසාව මෙම කෑම කාමරේ දී අලි ඇතුන්ට ද ආහාර දී තිබේ. පළමු අදියරේ ගොඩනැගිල්ලේ දර්ශනීය වහල සහ මැද මිදුල නිසා කැප්පෙටිපොළ මහ වලව්වේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් පිළිබිඹු කරයි.
මේ ඓතිහාසික වලව්වේ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ පරපුරේ 6 වැනි පරම්පරාව අදත් ජීවත් වෙයි. 6 වැනි පරපුරේ මිණිබිරියන් තිදෙනෙකි. සුජාතා වජිරා කුමාරි කැප්පෙටිපොළ මහත්මිය 1989 දී මියගොස් ය. මන්ත‍්‍රිනී මැණික් කුමාරි කැප්පෙටිපොළ (69) සහ ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ (68) යන අක්කා නගෝ දෙදෙනා ජීවතුන් අතර සිටිති.
ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ මහත්මිය සිය සැමියා වන වින්ඞ්සර් හුලංගමුව මහතා සමග මේ මහ වලව්වේ අද ජීවත්වෙති. මේ පරපුරෙන් බිහිවුණු ඥාතීහු දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සහ විදේශගතව සිටිති.
ඌවxවෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොළ මහදිසාව අනුරාධපුර පිහිටි බි‍්‍රතාන්‍යයන්ගේ යුද කඳවුරේ සිටි ලෙප්ටිනන්ට් විලියම් ඕනිල්ට ඔත්තුවක් ලැබී කහල්ල ගම් පියසේ දී 1818 ඔක්තෝබර් මස 23 වැනිදා බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අත්අඩංගුවට පත්විය. නොවැම්බර් මස 26 වැනිදා කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ නිළමේ බෝගම්බර වැව අසල දී හිස ගසා මරා දැමීමට නියම විය.
ලීයෙන් නිමකළ සඳලූතලය |
කැප්පෙටිපොළ දිසාව නිරතුරුව තම ඉණෙහි සඟවගෙන යන පුස්කොළ පොතක ලියන ලද කුඩා ධම්මපද ගාථාවක් භාවිත කළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. නොවැම්බර් මස 26 වැනිදා උදෑසන කැප්පෙටිපොළ දිසාව දළදා වහන්සේ වැඳපුදා සිය තුප්පොට්ටිය දළදා සමිඳුන්ට පූජා කළේය. කැප්පෙටිපොළ මහ දිසාව ධම්ම පදය අතට ගෙන එහි පේලි කීපයක් කියවා කඩුව අමෝරා ගෙන සිටි වධකයා දෙස බලා ‘‘බොල එක කඩු පහරින් මගේ ගෙළ සිඳ දමව’’ කියා ඉතිපිසෝ භගවා අරහං යන බුදුන් වැඳීමේ ගාථාව කියවූ බවත්, අරහං පදය ඔහුගේ මුවින් නිකුත්වත්ම කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස වධකයාගේ කඩු පහරින් වෙන් වූ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.
කැප්පෙටිපොළ දිසාවගේ හිස එංගලන්තයට ගෙන ගොස් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට හිස් කබල එඩින්බරෝ කෞතුකාගාරයේ තැන්පත් කොට තිබී 1954 නොවැම්බර් 26 වැනිදා යළි ලංකාවට ගෙනවිත් මහනුවර මහමළුවේ ශ්‍රී දළදා වහන්සේ අභියස තැන්පත් කර එහි ස්මාරකයක් ඉදිකර තිබේ.
කැප්පෙටිපොළ මහා දිසාවගේ ජන්ම භූමිය මාතලේ දිසාවේ උතුරු මාතලේ උඩුගොඩ උඩසිය පත්තුවේ මොණරවිල ග‍්‍රාමයය. කැප්පෙටිපොළ දිසාවගේ පියා රාජාධිරාජසිංහ රජු සමයේ දියවඩන නිලමේ ධුරය දැරූ ගොලහැල නිලමේ හෙවත් කැප්පෙටිපොළ නිලමේය. ගොලහැල නිලමේ මොණරවිල කුමාරිහාමි සමග විවාහ වී මේ දෙපළට දියණියක් හා පුතුන් දෙදෙනෙක් වූහ. දියණිය ඇහැලේපොළ කුමාරිහාමි ය. වැඩිමහල් පුත් මොණරවිල කැප්පෙටිපොළ ය. මොණරවිල නාමය කැප්පෙටිපොළ දිසාවගේ මව් පරපුරේ නාමයයි.
කැප්පෙටිපොළ පරපුරේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය ග‍්‍රන්ථයෙහි සඳහන් වන අන්දමට මොණරවිල වලව්ව ඉංග‍්‍රීසීන් රාජසන්තක කර තිබේ. පසුව ඉංග‍්‍රීසින්ගේ උදහසට ලක් වී කැප්පෙටිපොළ මහ දිසාවගේ දේපල විනාශ කර දමා තිබේ. මොණරවිල ග‍්‍රාමයේ ඒ මහා වලව්වේ ගල් කණු කීපයක් පමණක් අදත් දක්නට තිබේ.
වලව්වේ ජීවත්වන ධනරංජනී කැප්පෙටිපොළ මහත්මිය සිය සැමියා සමග |
මේ ඓතිහාසික වලව්වේ වටිනාකම ගැන ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා රජයේ අවධානයට යොමු කර ඇත. නිවාස, ඉදිකිරීම් සහ මහජන උපයෝගිතා ඇමැති විමල් වීරවංශ මහතා ද මෙම වලව්ව පසුගියදා නිරීක්ෂණය කළේය. මේ මහ වලව්ව අනාගත පරපුර වෙත සංරක්ෂණය කර පෞරාණික තත්ත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කරන මෙන් ධනරංජනී රවීන්ද්‍ර කුමාරි කැප්පෙටිපොළ මහත්මිය වගකිවයුතු අංශවලින් ඉල්ලීමක් ද කරන්නීය.
මැද මිදුල |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංරක්ෂණය වන කැප්පෙටිපොල වළව්ව
සදුනි Saturday, 24 August 2013 05:13 PM
අපේ ජාතික වීරවරයෙකු පිළිබදව මෙසේ සිහිපත් කොට ක්‍රියා කිරීම ඉතා වටිනවා.මේ වලව්ව සංරක්ෂණය කළ යුතුව තිබුනේ කලකට පෙරයි. (නි)
වීර Monday, 26 August 2013 11:18 AM
අපේ කැප්පෙටිපොල තුමාව සුද්දන්ට පාවලා දුන්නේ මුස්ලිම් ජාතිකයෙක්. (ස)
ලක්මාලි Thursday, 29 August 2013 02:14 PM
මෙය හොඳ ලිපියක්. මගේ සුභ පැතුම්. (ස)
කසුන් Saturday, 24 August 2013 06:19 PM
සිංහල අපගේ අයිතීන් සුරැකීමට කටයුතු කල මෙවන් උත්තමෙකුගේ මතකයන් සංරක්ෂණය කිරීමට ක්‍රියා කරන සැමටම තුති (දී)
ලාල් ජකර්තා Saturday, 31 August 2013 12:59 PM
වර්තමායෙත් රට,ජාතිය,බෞද්ධකම ගැන වෙහෙසෙන වීර දූ පුතුන් නැතුව නොවේ.ඒත් සුද්දව අනුගමනයකර,උන්ගේ හැමදේම වැළදගෙන,උන්ගේ ඕනැම ජරාවක් කන්න ලැස්ති,සුද්දා නැත්නම් ලංකාවේ නොදියුනු ජනකොටසක් බිහිවන බවට වාහාසිබස් දොඩන තුප්පහි සිංහළ කලු සුද්දෝත් ඒ අතරේ යහමින් ඉන්නවා.(අ)
චන්ද්‍රා Friday, 30 August 2013 06:39 AM
සජිත්, තමන්ගේ ආගම ජාතිය විනාශ කිරීමට ඉඩනොදී රැකගැනීම ජාතිවාදය හෝ වෙන යමක් නොවේ. යුතුකමක්. ඇස් කන් පියාගෙන හිටියොත් අනාගත පරපුරේ ශාපයෙන් ගැලවීමක් නැත.අපේ මුතුන් මිත්තෝ ඔය විදියට ඇස් කන් පියාගෙන හිටියා නම් අපේ ජාතිය මොකද්ද? ආගම මොකද්ද? (නි)
දර්ශන Wednesday, 28 August 2013 01:45 PM
වීරගේ කතාව හරි මමත් එය දන්නවා.වලව්ව සංරක්ෂණය කරමු. මෙය හොඳ සංචාරක ආකර්ෂණයක් වේ. (ස)
නිහාල් Saturday, 31 August 2013 05:47 AM
ඔවුන්ගේ පෞඪත්වය රැකෙන ආකාරය බලන්න. ඔවුන් රැකගත් දේවල් මිනිසුන්ගේ හදවත්වල ගෞරවයෙන් පවතිනවා (නි)
බි.පි. ගුණවර්ධන Thursday, 29 August 2013 04:25 PM
ඉතා හරවත් ලිපියකි. මෙහි රචකයා වන - මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න මහතා විසින් පහත දක්වා ඇති පාඨය මඟින් තවත් ඉතිහාසයේ සැගවී ගිය වස්තුවක් පිලිබදව හෝඩුවාවක් සපයා ඇත. එනම් "කැප්පෙටිපොළ පරපුරේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය ග‍්‍රන්ථයෙහි සඳහන් වන අන්දමට මොණරවිල වලව්ව ඉංග‍්‍රීසීන් රාජසන්තක කර තිබේ." යන්න යි. මෙතුමා විසින් තෙන්නකෝන් විමලානන්ද මහතාගේ උඩරට මහ කැරැල්ල පළමු කාණ්ඩය පරිශීලනය කර ඇති බව පෙනේ. අද වන විට මෙම පොත විශ්ව විද්‍යාල පුස්තකාල වලින් පවා සොයාගත නොහැකි වී ඇත. සෝමරත්න මහතා ව සම්බන්ධ කරගත හැකි ලිපිනයක් හෝ දුරකථන අංකයක් සැපයිය හැකිනම් කෘතවේදී වෙමි. (ස)
සෂිමාල් Wednesday, 28 August 2013 02:54 PM
ඉතා හොද ලිපියක්.මේ වෙනුවෙන් වැඩ කරපු සැමට පින්. (ස)
චන්ද්‍ර Thursday, 29 August 2013 10:28 AM
මෙන්න නියම සිංහලයෝ.ඒකට අද කලේ පැත්තක් කෑවත් කට හොල්ලන්නෙ නැහැ.නිවට නියලුකම.සිංහලයෝද හොත්ම්බුවෝද කියලා හිතාගන්න බැහැ.ආගම, ජාතිය විනාශ වෙනවා. ඔක්කොම මර නින්දේ.දෙවියන්ගේ හාල් කැවිලා. (ස)
රොෂාන් සංජීව Tuesday, 27 August 2013 01:09 AM
නිලමේතුමාට අප සැවොම ණයගැතියි.මෙතුමා වෙනුවෙන් මීට වඩා යමක් කළ යුතුයි (නි)
බංඩාර Wednesday, 28 August 2013 10:20 PM
ගොඩක් හොද වැඩක්.(නදී)
ටෙෂාන් Saturday, 24 August 2013 03:00 PM
මේක අනිවාර්යෙන්ම සංරක්ෂණය කරලා අපේ දරුවන්ට බලාගන්න තියන්න ඕනෑ. අපේ සිංහල ප්‍රෞඪත්වය ගැන තිබෙන සාක්ෂි මේවා (නි)
සජිත් Thursday, 29 August 2013 12:36 PM
ඔව් චන්ද්‍ර, දැනට ලංකාවේ ඉන්නේ ජාතිවාදය ක්‍රෝධය වෛරය වපුරන මිනිස්සු ටිකක් (නි)