සබරගමුවට හිරු පෑයූ තවත් එක් දිනයකි. හපුතලේ සිට බලංගොඩ, පැල්මඩුල්ල හරහා කහවත්තට සේන්දු වුණු අපි සීතල පොළොවෙන් මදක් ඔබ්බට ගිය දෙනියාය පාර ඔස්සේ රක්වාන නම් සුන්දර ග‍්‍රාමයකට පැමිණියෙමු. ඒ එන අතරමග වෙනස් වූ පරිසර පද්ධති මැද අපගේ අද දවසේ ගමනාන්තය ගැන සිතමින් ආවෙමු.
සිංහරාජයේ නැගෙනහිර මායිමේ පිහිටි එක්තරා සුවිශේෂි කුඩා බිම් කඩකි. තෙත් කලාපීය පරිසරයෙන් මදක් ගිලිහුණු රක්වාන හා දෙනියාය අතරින් යා හැකි හිමිදිරි පෙදෙස (Morning Side) යනු ඉතාමත් අලංකාර ස්ථානයකි. එම ප‍්‍රදේශය හිමිදිරි පෙදෙස ලෙස හඳුන්වන්නේ උදේ සිට සවස අඳුර එනතුරුම එම සීමිත ප‍්‍රදේශය හිමිදිරි උදය මෙන් පැවතීමය.
පරිසරයේ කාලගුණික හා වටපිටාව දහවලටත් සවසටත් එකම ලෙස දිස්වේ. නිතරම මීදුම් සළු අහස් වියනේ ගෙත්තම් කරගෙන සිටින සොඳුරු ඉසව්ව සොයා අප බොහෝ අය නොයන මාර්ගයකින් ඉතා දුෂ්කර හා අවදානමෙන් යුතු පාද චාරිකාවක යෙදුණු අත්දැකීම මෙයයි.
රත්නපුර සිට හෝ බදුල්ල ප‍්‍රදේශයේ සිට පැමිණෙන විට පැල්මඩුල්ලෙන් කහවත්ත හරහා රක්වානටත් ඉන්පසුව සූරියකන්දටත් පැමිණිය යුතුය. ගාල්ල ප‍්‍රදේශයේ සිට දෙනියාය හරහාද සූරියකන්දට පැමිණිය හැකිය. සූරියකන්ද ප‍්‍රදේශයේ දකුණු පෙදෙසට වන්නට සම්මත මගක් තිබෙන අතර එයට වන ජීවි සංචාරක බංගලාව ආශ‍්‍රිතයටම පහසුවෙන් යා හැකිය. එහෙත් රක්වාන සිට පැමිණෙන විට මාර්ගයේ දකුණු පසින් කුඩා තේ වත්තක් මැද හිමිදිරි පෙදෙස ගැන නාම පුවරුවකි. එතැන් සිට ඉතා අබලන් දුෂ්කර කඳුකර මගක් ඔස්සේ කි.මී. 7ක් ගෙවමින් හිමිදිරි පෙදෙසට ළඟා විය හැකිය. අප තෝරා ගත්තේ එම දුෂ්කර මාර්ගයයි.
මීටර 500ක් පමණ යතුරුපැදිවල ගිය පසු තවදුරටත් ඉදිරියට යතුරුපැදිවල යෑමට තරම් මගක් එහි නොවීය. එබැවින් මාර්ගයේ අසබඩ යතුරුපැදි නැවතූ අපි කදමලූ රැුගෙන අඩි 5ක් පමණ පළල ගල් වැටි, පස් බොරළු පිරි මාර්ගයේ යෑමට පටන් ගත්තෙමු. ඉදිරියෙන් සුවිසල් කඳු වැටියක් පෙනෙන අතර ගම් වැසියෙකුගෙන් දැනගත් පරිදි අප මෙම මාර්ගයේ එම කඳු මුදුනටම යා යුතුය. එතෙක් මේ සමස්ත කන්දම තරණය කළ යුතුය. කඳු මුදුනට ගිය පසු තැනිතලාව මෙන් මාර්ගය තිබෙන බවත් ඉන් එහාට නිලට නිලේ විවෘත කඳු මිටියාවතක් තිබෙන බවත් ඔහු පැවසීය.
මෝනින් සයිඞ්හි පරිසරය
උදෑසනින්ම තේ කූඩය පිට බැඳ ගෙන මිරිවැඩි නොමැති දෙපයින් ගල්වලට පදම් වූ දෙපයින් යුහුසුළුව දළු නෙළන කාන්තාවන් බොහෝමයක් මේ අපට දැකිය හැකිය. විටින් විට තැනින් තැන ගස් පඳුරු අතරින් චිරි චිරි හඬින් ගලා යන වතුර පහරවල් බොහෝමයක් තිබෙන අතර අතරමග අපට මුණගැසුණු පුද්ගලයකු වංගු ගසා යන මීටර් 500ක පමණ මාර්ගය ඍජුවම කැලෑව හා පඳුරු අතරින් කන්දක් නගිමින් අපව කෙටි මගකින් ගෙන ආවේය.
පසුව තෙහෙට්ටුව මකාගනු වස් නැවතී පරිසරයේ චමත්කාරය ද බලමින් අසල ඇති වැටි මත වාඩි වුනෙමු. එහිදී අප ප‍්‍රථම වරට කූඩැල්ලන්ගේ ප‍්‍රහාරයට ලක්විය. මේ වන විට තේ වගාව පිරි ප‍්‍රදේශය අවසන් වී ඇත. මග දෙපස ඇත්තේ කැලය පමණි. යන්තම් හිරු එළිය තිබුණු නිසා වනාන්තරය යම් දුරකට දැකිය හැකිය. ක‍්‍රමයෙන් අවට තිබූ ගෙවල් කිහිපයෙනුත් ඈත් වුණු අපි අප දැඩි පාළු පරිසරයක් මැදින් ගමන් කළෙමු. වංගු ගැසී ඉහළට ඇදෙන මාර්ගයේ අපගේ තනියට ඇත්තේ හරිත පැහැ ගැන් වූ පරිසරය පමණි. මෙසේ කි. මී. 3ක් පමණ යන විට ප‍්‍රදේශයේ ඉහළ ස්ථානයකට අප ආ බව වැටහුණි. එනම් කන්දේ මුදුනත ආසන්නයටය. ඒ අසල විශාල නිවසක් තිබුණු අතර එහි කිසිවකු සිටියේ නැත. මෙතැන් සිට ඉහළටම යන මාර්ගය එලෙසම පළලින් යුක්ත විය.
ප‍්‍රධාන නාම පුවරු සවිකර ඇති ස්ථානය
තවත් මීටර් කිහිපයක් ගිය පසු අපට පෙරකී තැනිතලා මග හමුවිය. නමුත් දෙපස ඇත්තේ කැලෑව පමණි. මාර්ගය තරමක් පටු වූ අතර මාර්ගය පුරා තණකොළ වැවී තිබිණි. ගල් කුළු දෙකක් මැදින් ඉදිරියට ගිය පසු වෙනමම ලොවකට ඇතුළු වූවා වැනිය. මිනිස් වාසයෙන් තොර වූ මේ ප‍්‍රදේශය සිංහරාජයේ මායිමයි. මාර්ගයේ ඉදිරියටම යන විට අපට විශාල ගැටලූවකට මුහුණ දීමට සිදුවිය. එනම් අඩියෙන් අඩිය තම ජනාවාස ඉදිකරගත් කූඩැල්ලන්ය.
මේ ප‍්‍රදේශයේ වුව දිවියා, ගෝනා, මුවා මෙන්ම අධික විෂඝෝර සර්පයන්ගේද අඩවියක් වේ. ලාහිරු එළිය තිබුණද කූඩැල්ලන් එයට බිය වී ඇති වගක් අපට දක්නට නොතිබිණි. කෙසේ හෝ එය ඉක්මන් කොට ඉදිරියට ඇදුණු අපට බියකරු දසුනක් නෙත ගැටුණි. එනම් අඩි 5කට වඩා දිගු ඉතා විශාල සර්ප හැවකි. හැව මාර්ගය පුරා වැටී තිබිණි. හැව මෙලෙස නම් තවත් කොතරම් සර්ප ගහනයක් මේ ප‍්‍රදේශයේ ඇත්දැයි අපට සිතුනි. එමනිසා අප ඉතා අවධානයෙන් යුතුව ගමන් කළේ සර්පයින්ට අපගේ දෙකකුල් නිරාවරණය වී තිබුණු හෙයිනි.
හරිත පැහැ වෙළාගත් මුළු පෙදෙසම ඇත්තේ ඈතට විහිදුණු තුරුලතා පමණි. ලෝක උරුමයක් වන සිංහරාජ රක්‍ෂිතයේ එක් මායිමක අප ගමන් කරන්නේ කඳුකර හා තෙත් කලාපීය පරිසර පද්ධති දෙකක සුන්දරත්වය විඳිමිනි. ඈතින් ඈතට වංගු ගැසී යන පාර එකම මහඉලූක් තණකොළවලින් ගහන විය.
සමස්ත මාර්ගය පුරාම කූඩැල්ලන් සිටින නිසා අපි පය ඉක්මන් කොට ඉදිරිය බලා ඇදුනෙමු. මේ මාර්ගය සමතලා හෙයින් දෙපාවලට වෙහෙස දැනෙන්නේ නැත. මහන්සිය මකා ගනු වස් අසුන් ගැනීමට සුදුසු ස්ථානයක් හෝ පර්වතයක් අහල පහළක නොවීය. එමනිසා අවසන කරා යෑමේ අදිටනින් අපි ගමන් කළෙමු.
තවත් කි.මී. 2ක් පමණ ගිය පසු අපට විශාල එළිමහන් ප‍්‍රදේශයක් දක්නට ලැබිණි. හිමිදිරි පෙදෙස යනු හිරු එළියෙන් පෝෂණය වන හිමිදිරියේ තිබෙන මුකුලිත බව දවස පුරා රැුදී තිබෙන සුවිශේෂි පියසකි. හෙක්ටයාර ගණනක් පුරා විහිදුනු මේ දැවැන්ත රක්‍ෂිතයේ තිබෙන මේ කොටස එක් පාරිසරික වස්තුවක් පමණි.
මෝනින් සයිඞ් යාමට ඇති මාර්ගය
මෙසේ තවත් දුර යාමේදී අපට අදාළ සුන්දර ස්ථානයට ළඟාවීමට හැකි විය. මාර්ගය අලංකාර ලෙස සකස් වී තිබුණු අතර තවමත් මීදුම් සළු ඒ මේ අත සැරිසරමින් තිබිණි. මේ ස්ථානයේදී ගතට දැනෙන සංවේදී සීතල සහ නිදහස අප අතර සැරිසැරුවේ අප සියොතුන් කැලක් මෙන් සිතමිනි. අපගේ නිදහසට බාධා කරනු වස් කිසිදු සංචාරකයකු මේ වන විට පැමිණ සිටියේ නැති අතර අප හා මෙහි අසිරිය විඳින්නට සිටියේ කුරුල්ලන් කිහිපදෙනකු සහ ගෙම්බන් කිහිප දෙනකු පමණි.
මෙතැන් සිට ඉදිරියට මාර්ගය තරමක් පැහැදිලිය. බොහෝ පිරිස එන්නේ එම මාර්ගයෙනි. තවමත් දූෂිත වී නොමැති මේ වටපිටාව සොබාදහමේ විචිත‍්‍රත්වය හා මිත‍්‍රත්වය කියාපාන්නට කදිම නිදසුනකි. මෙහි මඳක් නැවතුණු අපි විවේක ගෙන අසල වූ කැලෑබද පරිසරයට නිකමට රිංගුවෙමු. විශාල පඳුරු හා සුළඟට ලෙළෙන දැවැන්ත රුක් අතර ආහාර සොයා ඇවිදින උරග විශේෂ කිහිපයක් අපි දුටුවෙමු.
කෙසේ හෝ හිමිදිරි පෙදෙසින් සමුගෙන නැවතත් ආ මගේම යායුතු බැව් සිහිවන විට සිතට සැනසුමක් නම් නොවීය. මන්ද මිලියන ගණනක් වාසය කරන කූඩැල්ලන් නිසාය. විටෙක අපි එක එල්ලේ බොහෝ දුර ගමන් කළ පසු යම් තැනක නැවතී උන් සියල්ල ගලවා විසි කළෙමි. අකිල සමහර විටක තම අත්ලේ උන් දවටාගෙන සුරතල් කළේය. සමහරුන් දණ පමණට නැග තිබිණි. මේ ප‍්‍රදේශයට එන විට කූඩැල්ලන්ට පාවිච්චි කිරීමට සුදුසු සබන් වතුර, සිද්ධාලේප හෝ පොලිතින් ආවරණ රැුගෙන ඒමට අමතක නොකරන්න. එලෙසම මේ මාර්ගයෙන් පිටතට කිසිම විටෙක අඩියකුදු නොතැබීමට සිහි තබාගන්න. සංචාරක බංගලාව එම ප‍්‍රදේශයේ තිබුණු අතර අප ගිය වේගයට වඩා ඉක්මණින් නැවත ආ අතර ගල් පර්වත දෙබොක්කාව ළඟින් සමතලා පාර ඉවර වුණි.
දැන් අපට ඉතිරි කිලෝ මීටර ගණන බැසීමට සිදු වේ. මාර්ගයේ තැනින් තැන කුඩා දිය දහරා තිබුණු අතර ගල්වැටි, බොරළු නිසා සමහර විට ලිස්සීමට ලක් විය. සූරියකන්ද ප‍්‍රදේශයේ තිබෙන මෙම අවශේෂ කඳු, ලඳු කැලෑ මෙන් මෙහි වාසය කරන ඉතා සීමිත ජනතාව බොහෝ දුක් ගැහැට විඳ බරැුති ද්‍රව්‍ය ඉහළට තරමකින් රැුගෙන යති.
කිසිදු දුරකථන ජාලයක සන්නිවේදන හැකියාවක් මේ ප‍්‍රදේශයේ නොතිබුණු අතර ක‍්‍රමයෙන් පහළට එන විට සියල්ල යථා තත්ත්වයට පත්ව තිබිණි. දුර තියාම අපට අපගේ යතුරුපැදි දැකිය හැකි වූ අතර ඒ සඳහා තවත් කිලෝමීටරයකට වඩා ගමන් කිරීමට අපට තිබිණි.
තේ දළු නෙළීමේ යෙදී සිටින බොහෝ කාන්තාවන් තේ පානය කිරීමට තැනින් තැන රංචු ගැසී සිටි අතර සමහරුන් අසල විශාල පොට්ටනි දක්නට ලැබිණි. සමහර ස්ථානවල නිවී ගිය ගිනි මැල තිබුණු අතර අපට සිනහවකින් සංග‍්‍රහ කළ ඔවුන් අප ගිය ගමන ගැන විස්තර අසා සතුටු වූ බව අපට දැනුණි.
කෙසේ හෝ යතුරුපැදි කරා පැමිණි අප දෙනියාය හරහා සිංහරාජ මායිම දිගේ ඉදිරියට ඇදුනේ හත්මාලේ ඇල්ල නැරඹීමටය. හත්මාලේ ඇල්ල උඩ සිට සිහින්ව පැමිණ අවසානය වන විට බොහෝ පළලින් කඩා වැටේ. ඉතා පුළුල් ප‍්‍රදේශයක් ආවරණය කරගෙන කඩා වැටෙන මේ ඇල්ල මහල් සතකින් යුක්ත වේ. ඇල්ලේ එක් කෙලවරක සිට අනෙක් කෙළවරකට යාමට සිදුවන්නේ සැඩ දිය පහර මතින් ගල් තලාවන් ඔස්සේ දියට බැසීමෙනි. සිංහරාජය නම් මහා ධනස්කන්ධයට හිමි හත්මාලේ ඇල්ල සහ ධූලි ඇල්ල, බ‍්‍රහ්මණ ඇල්ල යනු වටිනා මාණික්‍ය කිහිපයකි. දිය ඇලි හිමිකාරීත්ව ප‍්‍රදේශයේ අවසන් දිය ඇලි කිහිපය මෙය විය හැකිය.
හත්මාලේ ඇල්ල
එලෙසම රක්වාන ප‍්‍රදේශය යනු ලංකාවේ උසම දිය ඇල්ලක් වන හඳපාන් ඇල්ල, ඩැල්වින් ඇල්ල සහ අරඹේ ඇල්ල වැනි සුන්දර දියඇලිවල තෝතැන්නයි. රක්වාන සහ දෙනියාය අතර ප‍්‍රධාන මාර්ගය පුංචි දහඅට වංගුව කියා හඳුන්වයි. ඉතා උස රූස්ස ගස් මැදින් වැලමිටි වංගු ගණනාවකින් සමන්විත ඉතා අලංකාරවත් හුදකලා මාර්ගයකි. කඳු වැටි, තේ වතු සහ හැංගි හැංගි එබිකම් කරන දිය ඇලි අතරින් ඉහළට ඇදෙන රක්වානxදෙනියාය මාර්ගයේ පිහිටි සූරියකන්ද යනු තවත් සුන්දර ගම් පියසකි.
කෙසේ හෝ රක්වාන හා දෙනියාය/නෙළුව ආදී ප‍්‍රදේශවල ක‍්‍රියාදාම චාරිකාවක යෙදීමෙන් පසු අප ඇදුණේ රත්නපුරxබදුල්ල මාර්ගයේ හපුතලේ නගරයටයි. හපුතලේ සිට වැලිමඩ නගරයට ගිය අප නුවරඑළිය බලා ඇදුණේ සුපිරි කාපට් පාරේ මිටින්හල කුරුල්ලන් මෙනි. එසේ නුවරඑළියට කිට්ටුවත්ම හග්ගල මල් උයනට පෙර මාර්ගයේ දකුණුපසට පිහිටි තද බෑවුමක් සහිත පාර දිවයන්නේ බෝඹුරු ඇල්ලට බව කියන පුවරු වේ. මෙතැන් සිට ඉතා දිගු පල්ලම් සහිත අවදානම් සහිත හෙල් පිහිටි තරමක් පටු නමුත් කාපට් මාර්ගයක් දිවයන්නේ පේරවෙල ග‍්‍රාමයේ පිහිටි මීටර 50ක් පමණ උස බෝඹුරු ඇල්ලටයි.
කොටකිතුල නම් කන්දේ දකුණු ප‍්‍රදේශයේ පිහිටි මේ ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇල්ලයි. බෝඹුරුඇල්ල ඔයෙන් වන මේ ජල කඳ ප‍්‍රදේශයේ කෙත්වතු සරුසාර කරමින් ඉතා වේගයෙන් ගලාගෙන යයි. බි‍්‍රතාන්‍ය යුගයේදී සුප‍්‍රසිද්ධ දඩ බිමක් ලෙස හැඳින් වූ ‘‘ෆෝට් මැක්ඩොනල්ඞ් රිවර්’’ නම් ඔය මෙයයි. මෙම ඇල්ල මාර්ගයේ දුරතියාම දැකගත හැකි අතර පේරවෙළකඩ මණ්ඩියේ සියලූම වාහන නවතා කි.මී. 3ක පමණ වනගත දුෂ්කර මාර්ගයකින් ඇල්ල සොයා යා යුතුය.
ප‍්‍රථම පියවරේ සිට මීටර 800ක් පමණ ලෙස ඇල්ලේ දියවර කෙත්වලට ගෙන එන දිය අගල දකුණු පසින් දැකගත හැකිය. වනයට ඇතුළු වූ පසු අඩි පාර දිගේ කන්ද ඉහළට ගමන් කළ යුතුය. විටෙක බාගෙට නැවී කටු අකුල් මතින් පැන ලිස්සන පස් මතින් අඩි 20-30 හෙල් අසලින් ඉතා දුෂ්කරව ගමන් ගත යුතුය.
කිලෝ මීටර 25ක පමණ ඉතා දුෂ්කර වනගත පා ගමනකින් පසු බෝඹුරු ඇල්ලේ පළමු දිය කඩා හැලූම පිහිටි දිය පහර අසලට ළඟා විය හැකිය. එතැන විශාල ගල්තලා තිබෙන අතර ස්නානය කිරීමට ද ඉතා සුදුසු වටපිටාවකි. නමුත් ඉන් තවත් මීටර 200ක් පමණ වනයෙන් ඉහළට ඇදුනු පසු ඔබට ඒ දැවැන්ත සහ ප‍්‍රචණ්ඩ දිය කොමලියව සම්පූර්ණයෙන් දැක ගත හැකිය. වැසි කාලයට මේ දියවර ඉතා ප‍්‍රචණ්ඩ වන අතර මීටර 50කටත් දුරට පින්න විසිරෙයි.
මෙම වනයේ කූඩැල්ලන් ඉතා බහුල අතර ඉන් පරෙස්සම් වීමට සැලකිය යුතු සුවිසල් ගල් බිත්තිවලින් වට වී තිබෙන ඇල්ලේ බිත්තිය ඉහළ කඳු මුදුණේ පිහිටි තැනිතලා බිමකි. තරමක් දුර හා දුෂ්කර මාර්ගයකින් ඇල්ලේ මුදුනට ළඟා විය හැකි අතර වැසි කාලයේ එය ඉතා අවදානම් කාර්යයකි.
කඳුකරයේ පිහිටි ඉතාමත් ලස්සන සහ ළඟාවීමට අපහසු දියඇල්ලක් ලෙස බෝඹුරු ඇල්ල නම් කෙරේ. කෙසේ හෝ අද ක‍්‍රියාදාම චාරිකාව හිමිදිරි පෙදෙසේ සිට බෝඹුරු ඇල්ල දක්වා දිවයන ඉතා පුළුල් වපසරියක පිහිටි එකිනෙකට වෙනස් සොබාදම් වස්තූන් දෙකකි. නමුත් මේ දෙකෙහිම සමානත්වය නම් අනන්තවත් කූඩැල්ලන් මේ වනගත පරිසර පද්ධති දෙකෙහිම සිටීමයි. ඒ කෙසේ නමුත් අප මේ බාධක සියල්ල මැඩගෙන උරගයින්ගේ ඉතා අවදානම් තත්ත්ව මැද්දේ මේ චාරිකාව කළෙමු.
හිමිදිරි පෙදෙස (Morning Side) නම් සොඳුරු ඉසව්වක ඇත්දැකීමක් පේරවෙල ග‍්‍රාමයේ පැරැුණි දඩ බිමක ගාම්භීරව කඩා හැළෙන බෝඹුරු ඇල්ලේ අත්දැකීමත් අපට අමතක නොවෙයි. සොබාදම් මාතාවගේ දායාදයන්ගේ උපරිම ප‍්‍රතිලාභ ගන්නා එම ප‍්‍රදේශවල ජනතාව ඉතා සුහදශීලි හා ආචාරශීලි පිරිසකි. දිවයිනේ නන් දෙස සංචාරය කරන අපට බොහෝ විට මගතොට සොයා ගැනීමට එවන් යහපත් උදවිය හමුවන අතර ඔවුන්ගේ නිවැරදි මාර්ගෝපදේශකත්වය. අපගේ ගමන්වලට ඉතා වැදගත්ය.
මේ වසරේද Travel in Sri Lanka - Sobasiri මුහුණු පොතේ කවර ඡුායාරූපයේ පරිදි අපට යා යුතු ක‍්‍රියාදාම චාරිකා බොහෝමයකි. ඒ අතර මිනිස් පහස ඉතා අඩුවෙන් ලද අතිශය අවදානම් ගමන් කිහිපයක් ඇති අතර සමහර ස්ථාන පිළිබඳ මීට පෙර ගිය කිසිවෙකුගේ සටහනක් දක්නට නොලැබේ. විශේෂයෙන් කඳුකරයේ අපට ඉතිරිව ඇති සොඳුරු ඉසව් සොයා පියමං කිරීමත් එම ක‍්‍රියාදාම චාරිකා පිළිබඳ තොරතුරු ඔබට කීමටත් අප සූදානම්ය.
ඊළඟට අපි නමුණුකුල කඳුවැටියේ ක‍්‍රියාදාමය සමඟ නුවර එළියේ ඉතිරිව ඇති ලංකාවේ ප‍්‍රධානතම කඳු කිහිපයක් තරණය කරමින් එහි විස්මය ඔබට ගෙන ඒම අපේ අරමුණයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සූරියකන්ද දුර්ගයේ සිට හිමිදිරි පෙදෙසට ගිය ගමන
භානුක Monday, 09 February 2015 10:36 AM
හරිම අපුරුයි. අහලවත් නැති ඇල්ලක් මේ තියෙන්නේ. (ර)
සචිත්‍ර පෙරේරා Thursday, 05 February 2015 11:25 AM
නියම ගමනක්. බෝඹුරු ඇල්ල මාර ලස්සනයි. (ර)
සුරංග ලක්මාල් Friday, 06 February 2015 10:36 AM
මම නම් හරිම අස පිටුවක් තමයි මේක, වෙන කිසිම පත්තරේක මේ වගේ හොද අර්ටිකල් එකක් යන්නේ නේ..(හේ)
දහමි Monday, 23 February 2015 03:40 AM
ඉතාම සතුටු වෙනවා රක්වාන ගම ගැන සහ සූරියකන්ද වැනි ගම ගැන සඳහන් කිරීම.කවුරුත් අමතක කරන ලස්සන ගම ඒවා . මම රක්වාන ගමේ ඉපදුනු කෙනෙක් . සැමට තෙරුවන් සරණ වේවා ! (අ)
අමල්ක ප්‍රනාන්දු Thursday, 05 February 2015 12:31 PM
අපිටත් බැරිද ඔයාල එක්ක එකතු වෙන්න, ඔය වගේ තැන්වලට යන්න අපිත් ආසයි.(හේ)
තිලක් Saturday, 07 February 2015 04:35 AM
අපේ ලංකාවේ මෙච්චර ලස්සන තැන් තිබෙන බව දැනගෙන හිටියේ නැහැ මෙතෙක්කල්. අපිට කියවන්නවත් මේ වගේ දේවල් ලැබෙන්නේ මේ පිටුවෙන් පමණි. අපි නොදන්නා ගොඩක් තැන් ඔයාලා බලලා ලියන එක ලොකු සේවයක්. සමහරවිට අපිට ඔය තැන් වලට යන්නත් බැරුව ඇති. ඔයාලට දිගටම මේ හොඳ වැඩේ කරගෙන යන්න ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)
චේතනාසපරමාධු Tuesday, 10 February 2015 09:48 AM
හරිම ලස්සනයි (දිල්)
දයාරත්න Thursday, 12 February 2015 04:00 AM
ඇත්තටම මේ පිටුවේ යන ලිපිය හරිම ලස්සනයි. අපේ රටේ මේ වගේ තැන් තියෙනවද කියලත් සමහර වෙලාවට හිතෙනවා. (නි)
චමින්ද Wednesday, 22 April 2015 11:56 AM
හරිම ලස්සන චාරිකා! මේවා බලලා තමයි අපිත් චාරිකා යන්නේ. සුබ ගමන්! අන්තර්ජාලයෙන් තමයි අපි මේ ලිපි කියවන්නේ. (නි)
චමින්ද Friday, 20 March 2015 10:01 AM
මේ ලිපි පෙළ දැන් ඉවර වෙලාද? ගොඩ කාලෙකින් ලිපියක් ගියේ නෑ. හරිම ලස්සන චාරිකා, මේවා බලලා තමයි අපිත් චාරිකා යන්නේ. සුබ ගමන්.(හේ)