IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සරස්වතී අභිනන්දන ගීය සිංහල ගීයක්ද?

රති සුඛ සාරේ ගතමභිසාරේ මදන මනෝහර වේෂම්
න කුරු නිතම්බිනි ගමන විලම්බන මනූසර තං හෘදයේෂම්
ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී
ගෝපී පීන පයෝධර මර්දන චංචල කර යුග ශාලී

අනුප්‍රාසයෙන් අලංකෘත වූ, එනිසාම, ශ්‍රවණ රමණීය වූ මේ ගීතගෝවින්ද පද්‍යය ශ්‍රී ජයදේවයන්ගේ වාග් අමෘතයක් වැනිය. මේ පද්‍ය කියවන කල හෝ අසන කල සිංහල රසිකයෙකුට එය සංස්කෘත භාෂාවෙන් රචිත වූවක් බව වහා වැටහෙයි.

එහෙත්, ශ්‍රී චන්ද්‍රරත්න  මානවසිංහයන් විසින් රචිත මේ සරස්වතී අභිනන්දන ගීතය කියන විට හෝ අසන විට සිංහල අපට  හැඟෙන්නේ එය සිංහල භාෂාවෙන්ම රචිත වූවක් ලෙස නොවේද?

ජගන්මෝහිනී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
අමර භූෂිණී - මන්ද හාසිනී
විජය රංජනී - ශාස්ත්‍ර ධාරිණී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා
මීන මකර පංකජ රූපාකුල අංකිත  කුංකුම රේඛා
පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මූර්ති ධර සුරකුලවර අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ ශුභ මංගල මුද්‍රා

මේ ගීතය සංස්කෘත ව්‍යාකරණානුකූලව විරචිත වූවක් බව බොහෝ අය නොදන්නා කරුණක් යැයි සිතමි. හුදෙක්, මෙමගින් ප්‍රකට වන්නේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සතුව පැවති උභය ශූරත්වයකි. එකක් නම් ඔහු තුළ වූ සංස්කෘත භාෂා ඥානයයි.

අනික වූ කලී මිශ්‍ර සිංහලයේ නිතර ව්‍යවහාර වන සංස්කෘත වාංමාලාව සිංහල ස්වරූපයට ගැළපීමයි. අපට මෙය සිංහල ගීතයක් ලෙස හැඟෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙහි ඇතුළත් සංස්කෘත ව්‍යාකරණ ප්‍රයෝග වටහා ගත හැක්කේ ඒ බස දත්තන්ට පමණි. ඒ ප්‍රයෝග කවරේදැයි දැන ගැනීම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සංස්කෘත භාෂා ඥානය අවබෝධ කර ගැන්මට රුකුලක් වෙතියි සිතමි.

මේ ගීතයෙන් උපුටා පහත දැක්වෙන සියලු යෙදුම් සංස්කෘත ව්‍යාකරණානුකූලව ගළපා ඇති බව දත යුතුය.

 

ජගන්මෝහිනී

මෙය ‘ජගත්’ සහ ‘මෝහිනී’ යන වචන දෙක සන්ධි  වී සෑදී ඇත. විසන්ධි වූ කල ජගත්+මෝහිනී ලෙස සිටියි. මෙහි පළමු පදයේ අග ඇත්තේ ‘ත්’ ශබ්දයයි. දෙවැනි වචනයේ මුල ඇත්තේ ‘මෝ’ ශබ්දයයි. ‘ම’ නාසික්‍ය ශබ්දයකි. නාසික්‍ය ශබ්දයක් සන්ධි විය යුත්තේ තවත් නාසික්‍ය ශබ්දයක් සමගය. එය සංස්කෘත සන්ධි නීතියකි. පළමු පදයේ ‘ත්’ ශබ්දයට අයත් නාසික්‍ය ශබ්දය ‘න’ කාරයයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ජගත්+මෝහිනී විසන්ධිය ජගන්මෝහිනී ලෙස සන්ධි වූයේ එකී සන්ධි නීතිය අනුවය.

 

වන්දේ

මෙය සංස්කෘතයේ උත්තම පුරුෂ, ඒක වචන, වර්තමාන කාල ආඛ්‍යාත පදයයි. ‘වඳිමි’ යනු එහි අර්ථයයි.

පාද සරෝජේ - කටී තටාකේ - වර දායක හස්තේ

සංස්කෘතයේ සත්තමී විභක්තියෙහි (ආධාර විභක්තියෙහි) වැටෙන යෙදුම්  තුනකි මේ. පිළිවෙළින් ඒවායින් ‘පා පියුමෙහි’ - ‘උකුළු විලෙහි’ - ‘වරම් ලබා දෙන අතෙහි’ යන අර්ථ ප්‍රකාශ වෙයි.

 

කූජිත – කම්පිත - අංකිත

මේ  සංස්කෘතයේ අතීත කෘදන්ත පද තුනකි. පිළිවෙළින් ඒවා ‘හැඩැවුණු’ - ‘සෙලවුණු’ - ‘ලකුණුවුණු’ යන අර්ථ ප්‍රකාශ කරයි.

පූර්ණකුම්භමිව

මෙය විසන්ධි වූ කල ‘පූර්ණකුම්භං + ඉව’ ලෙස සිටී. ‘පූර්ණකුම්භං’ යනු පුන්කලසයි. ‘ඉව’ යනු ‘වැනි’ යන අර්ථය දෙන නිපාත පදයකි. ඒ දෙපදය සන්ධි වූ කල ‘පූර්ණකුම්භමිව’ යන සංස්කෘත සන්ධි පදය සෑදේ. එහි අර්ථය ‘පුන්කලස් වැනි’ යන්නයි. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එය යොදා ඇත්තේ පීනපයෝධර (පුන් පියයුරු) යන්නට උපමා වශයෙනි.

පූරිතාමෘත ධාරා

මෙය විසන්ධි වන්නේ ‘පූරිත+අමෘතධාරා’ ලෙසය. ‘පූජිත’ යනු ‘පිරුණු’ යන අර්ථය දෙන අතීත කෘදන්ත පදයකි. එය අන්ත වන්නේ ‘අ’ ස්වරයෙනි. ‘අමෘතධාරා’ යන සමාස පදයේ මුල ඇත්තේ ‘අ’ යන ස්වරයයි. එසේ ‘අ’ ඇති දෙපදයක් සන්ධි වෙද්දී අග මුල ‘අ’ ස්වර දීර්ඝ වෙයි. සංස්කෘතයේ මේ සන්ධිය හැඳින්වෙන්නේ ‘ස්වර්ණදීර්ඝ’ (සමාන ශබ්ද දික්වීම) යන නමිනි. මානවසිංහයන් අතින් ‘පූරිතාමෘතධාරා’ (අමාදහර පිරුණු) යන අනුප්‍රාස, සහිත සමාස පදය යෙදුණේ ඒ අනුවය.

දේහි දේහි

සංස්කෘතයේ ‘දෙන්න’ යන අර්ථය දෙන විධි ක්‍රියාව ‘දේහි’ යන්නය. මානවසිංහයන් මෙය දෙවරක් යොදා ඇත්තේද සංස්කෘත ආලංකාරිකයන්ගේ උපදේශයක් අනුවය. “අධික වචනමධිකාර්ථං ගමයති” යනු ඒ උපදේශයයි. “වැඩි වචන යෙදීමෙන් වැඩි අර්ථයක් හැඟවෙයි”  යනු එහි අර්ථයයි.



අදහස් (3)

සරස්වතී අභිනන්දන ගීය සිංහල ගීයක්ද?

නිමල් දිසානායක Wednesday, 30 June 2021 09:42 AM

අමරණීය ගීයක තතු හෙළි කරන අමරසිංහයෙනි අගයමි මේ වරුණ බසට මෙහෙවරකි මෙය වටනා-කියන තව ඉදිරියට මෙවැනිම ලිපි ලියනු මැන

:       0       4

තනුජ Wednesday, 30 June 2021 06:16 PM

මෙම සරස්වතී වැඳුම උත්කෘෂ්ට නිර්මාණයකි. අද්විතීය අමරදේවයන්ගේ භාවමය සමවැදුම කිසිදා මා මතකෙන් ගිළිහී නොයේ. අගේ ඇති පැහැදිලි කිරීමකි. ඔබට ස්තුතියි!!!

:       0       4

සිරි Saturday, 03 July 2021 10:12 AM

කරුණාරත්න අමරසිංහ මහතා ගීතයක ගැන අදහස් දක්වනු ඇසීම කියවීම යනු ආනන්දයෙන් ප්‍රඥාවට යාමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 789 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 378 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 129 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4278 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12689 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 691 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site