IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සල්ලි ගරන දිසාපාමොක්ලා

17_SLMA_P6_Back

 

ප්‍රධාන පෙළේ පාසල් තුනක විදුහල්පතිවරුනට චෝදනා එල්ලවී ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාට ඇති චෝදනා පිළිබඳව විගණන පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඔහු මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කර සිටී. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පතිව සිටි ඩී. එම්. දිසානායක මහතා පළාත් කාර්යාලයට අනුයුක්ත කර සිටින අතර පරීක්ෂණ පැවැත්වේ. මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සිටි පී. ජී. එස්. බණ්ඩාර මහතා සේවයෙන් ඉවත්කර සිටින අතර ඔහුට විරුද්ධව ඇති මූල්‍ය චෝදනා පිළිබඳව පරීක්ෂණ පැවැත්වේ.

 


මෙම විදුහල්පතිවරුනට අමතරව කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර බදියුදීන් ජාතික පාසල හා නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඞ්ස් හා සංඝමිත්තා බාලිකා විද්‍යාල, හෝමාගම මහින්ද රාජපක්ෂ පාසල, කොළඹ ඉසිපතන විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, යන පාසල් පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.


ඇතැම් විදුහල්පතිවරුන් අයථා ලෙස මුදල් හම්බ කිරීමට තරම් තත්ත්වයට පත්වීමට හේතුවූ කරුණු කාරණා පිළිබඳවද මෙහිදී ප්‍රථමයෙන් සාකච්ඡා කළ යුතුව ඇත. අප දන්නා තරමට පාසල බෙහෙවින් ගෞරවයට පාත්‍රවූ සමාජ පිළිගැනීමට ලක්වූ ආයතනයකි. “ලොකු ඉස්කෝල මහත්තයා” ගමේ ප්‍රභූවරයෙකි. මේ ප්‍රභූවරයා අද ඇතැම් අවස්ථාවල ශත පහකට ගණන් නොගන්නා තත්ත්වයට ඇද දැමුවේ දේශපාලනයයි. 


දේශපාලනඥයන් තම දේශපාලන ප්‍රචාරක කටයුතුවලට ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සම්බන්ධකර ගැනීමත් සමඟම පාසලට තිබූ ගෞරවය එන්න එන්නම හීන විය. තමන්ට උදව් උපකාර කළ ගුරුවරුන්ම විදුහල්පතිවරුන්ට සුදුසුකම පළපුරුද්ද නොසලකා තනතුරු ලබාදීම, මාරු කිරීම, උසස් කිරීම ආදි හේතූන් නිසා විදුහල්පති සේවයේ සුදුස්සාට සුදුසු තැන අහිමි විය. ඇතැම් ජාතික පාසල්වල විදුහල්පති තනතුරුවලට පත් කිරීමේදී ලකුණු ලබාදීමට අනුගමනය කළ ක්‍රමවේදය මෙයට හොඳම උදාහරණය ලෙස දැක්විය හැකිය.


සුදුස්සන් සිටියදී ඇතැම් අවස්ථාවල නුසුදුස්සාට උසස්වීම් ලැබීම නිසා විදුහල්පතිවරයාට තිබූ ගෞරවය ක්‍රමයෙන් හිනවී ගොස් ඇත. දේශපාලනඥයාට අවශ්‍ය පරිදි පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමත් ඒ මගින් ඇතැම් විදුහල්පතිවරුන් මුදල් අල්ලස් ගැනීමටත් පෙළඹී ඇති බව වාර්තාවේ.


විදුහල්පතිවරුන් සියලුම දෙනා නුසුදුස්සන් බව හෝ මුදල් අල්ලස් ගන්නා පුද්ගලයන් ලෙස මෙහිදි සඳහන් නොකරමි. අවංකව, නීති ගරුකව විදුහල් මෙහෙයවන ජාතික පාසල් විදුහල්පතිවරුන් හා විදුහල්පතිනියන් සිටින බව අපි අවිවාදයෙන් පිළිගන්නෙමු. එහෙත් සියල්ලන්ම එලෙස යැයි කෙසේ නම් සටහන් කරන්නද? 


මේ මොහොත වනවිට ප්‍රධාන පෙළේ පාසල්වල විදුහල්පතිවරු කීප දෙනෙකුටම එරෙහිව පරීක්ෂණ පැවැත්වේ. ඔවුන් තාවකාලික දඬුවමකට යටත්කර ඇත. පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබඳව දැන් සඳහන් කළ නොහැක. එහෙත් මේ වැඩි දෙනාට ඇති චෝදනා අතර මුදල් ගසා කෑම පවතී.


කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර මහතාට ඇති ප්‍රධානම චෝදනාව අවසරයකින් තොරව ,7-ඵ, නමැති පන්තිය පවත්වාගෙන යාමයි. මෙම අමතර පන්තියට ඇතුළත්කර ගෙන ඇති සිසුන්ගේ මව්පියන්ගෙන් විශාල මුදලක් අයකර ඇති බවට ඔහුට චෝදනාවක් නැගී ඇත.

 

SLMA-06.qxd

 


මෙම චෝදනා සම්බන්ධයෙන් මුදල් අයකර ඇතැයි කියන චෝදනාව මෙහිදි සාධාරණීකරණය කිරීමට නොහැක. ඒ පිළිබඳව පරීක්ෂණවලින් සත්‍ය අනාවරණය වනු ඇත. එහෙත් “ඉරිදා ලංකාදීප”යට දැන ගන්නට ඇති පරිදි රාජකීය විද්‍යාලයීය විදුහල්පතිවරයාට මෙම අමතර පන්තිය ආරම්භ කිරීමට හේතුවී ඇත්තේ හිටපු ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ බිරිඳ විසින් කරන ලද බලපෑම නිසා බව කියති. 


ඇගේ හිතවතුන්ගේ දරුවන් ගණනාවක් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අසමත්වීම නිසා රාජකීය විද්‍යාලයට ඇතුළත්වීමට නොහැකිවූ බව කියති. ඒ හේතුව නිසා විකල්පයක් වශයෙන් හත්වැනි ශ්‍රේණියේදීවත් මෙම දරුවන්ට රාජකීය විද්‍යාලයට ඇතුළත්විමේ අවස්ථාව සැලසීම සඳහා හත්වැනි ශ්‍රේණියට අලුතෙන් පන්තියක් ආරම්භ කර ඇති බව දැන ගන්නට ඇත.


මෙම ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් හා අලුතෙන් පන්තියක් ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු බලධාරියකුගේ අවසරය ලබාදි ඇති බව සඳහන්වේ. මීට අමතරව අයථා මුදල් ඒකරාශී කිරීම් පිළිබඳව පැමිණිලි රාජකීය විදුහල්පතිවරයාට එරෙහිව ඉදිරිපත්වී තිබෙන බව දැන ගන්නට ඇත. මීට පෙර රාජ්‍ය සේවා කොමිසම මගින් ඩී. එස්. සී./ ඩී. අයි. එස්. 262/2012 පරීක්ෂණ අංකය යටතේ රාජකීය විද්‍යාලයීය හිටපු විදුහල්පතිවරයාට එරෙහිව පරීක්ෂණ පවත්වා ඇත. එම පරීක්ෂණයට සාක්ෂි දුන් ගුරුවරුන් මාරුකර යැවූ බවටද චෝදනා ඇත. අල්ලස් කොමිසම මගින්ද බී සි /471/2013 අංකය යටතේ පරීක්ෂණයක් පවත්වා ඇත. ඒ පරීක්ෂණ කිසිවක් අවසන්වූ බවත් වාර්තා නොවේ.


මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටි පී. ජී. එස්. බණ්ඩාර මහතා 2016 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බව කියමින් රුපියල් 36 ලක්ෂයකට වැඩි මුදලක් මාපියන්ගෙන් ලබා ඇති බවට චෝදනා ලබා සිටියි. 


අද අධ්‍යාපන අමාත්‍යංශයට හා විගණක අංශවලට ඇතැම් විදුහල්පතිවරු මුදල් එකතු කරන බවට කෙතරම් පැමිණිලි ඉදිරිපත් වී තිබුණත් ඒවා ඔප්පු කිරීමට නොහැකිවීම බරපතළ ප්‍රශ්නයක් වී ඇත.


බොහොමයක් විදුහල්පතිවරුන් ඉතා සූක්ෂමව ඇඟ බේරා ගෙන කරනු ලබන මුදල් ගසාකෑම් නීතියේ ඇසට වැලි ගසමින් කරන තත්ත්වයන් පවති. ඇතැම් විදුහල්පතිවරු හිතුවක්කාරීව තමන්ගේ මතයට පමණක් ක්‍රියාකිරීම නිසාද ගැටලුවලට මුහුණ පා සිටිති. ගාලු කොටුවේ පෞරාණික වටිනාකමට හානි කරමින් පාසල් සීමාව තුළ අනවසර තාප්පයක් ඉදිකර පසුව එය ඉවත් කිරීමට සිදුවූ බව වාර්තාවේ.


මිට අමතරව විවිධ කරුණු කාරණා මත සියලුම පාසල්වල පාහේ මුදල් හා වෙනත් භාණ්ඩ රැස් කිරීමේ කටයුතුවල පාසල් ප්‍රධානීහු යෙදි සිටිති. 


වයඹ පළාතේ ප්‍රධාන පෙළේ පාසලක පළමු වසරට සිසුන් ඇතුළත් කරන සෑම වර්ෂයකදීම එහි විදුහල්පතිවරයාව ප්‍රධාන රැස්වීම් ශාලාවට පුටු නොමැති ප්‍රශ්නය ඇතිවේ. මාපියන් තම දරුවා ඇතුළත් කර ගැනීම සඳහා පුටු පරිත්‍යාග කළත් රැස්වීම් ශාලාව පුටුවලින් පිරවිය නොහැක. එයට හේතුව ලැබෙන පුටු පිළිබඳව කිසිම තොරතුරක් නොවීමයි. මාපියන් පුටු ලබාදුන් පසු ඒවා පිළිබඳව පසුවිපරමක් කිරීමටද නොහැක. බොහෝ විට මුදල් ගෙවන්නේ පුටු අලෙවි කරන ස්ථානයටය. පාසලට පුටු ලැබුණු බවක් කොහේවත් සඳහන්ව නැත. දරුවා පාසලට ඇතුළත් කිරීමෙන් පමණක් මාපියන් සෑහීමකට පත්වේ.


තවත් පාසලක පන්තිකාමරවල සිවිලිම් පිළිසකර කිරීම සඳහා මුදල් අවශ්‍යව ඇත. ඒ සඳහා මව්පියන්ගෙන් අමතර මුදල් එකතු කෙරෙයි.


මෙහිදි සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. බොහොමයක් ආදි ශිෂ්‍ය සංගම් මගින් විදුහල්පතිවරයා හෝ විදුහල්පතිනිය පාලනය කිරීමට උත්සාහ ගන්නා චෝදනාවයි. ඇතැම් ආදි ශිෂ්‍ය සංගම් හා විදුහල්පතිවරුන් අතර නොහොඳ නෝක්කාඩු පවතින බව වාර්තාවේ. 


පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදි ආදි ශිෂ්‍ය සංගමයට අවශ්‍ය පරිදි මෙහෙයවිය නොහැකි විදුහල්පතිවරුනට විවිධ චෝදනා ඉදිරිපත් කර ඔවුන් මාරුකර යැවීමට එම සංගම් ක්‍රියාකර ඇති අවස්ථා ඇත. තවත් ස්ථානවල විදුහල්පතිවරයා බේරා ගැනීමට ආදි ශිෂ්‍ය සංගම් ඉදිරිපත්වන අවස්ථා ඇත.


මහනුවර කිංස්වුඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඉදිරිපත්වී ඇති මූල්‍ය චෝදනාවලින් නිදහස්කර ගැනීමට ආදි ශිෂ්‍යයකු හා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවා පවත්වා ඇත.


කෙසේ වෙතත් මාපියන්ගෙන් මුදල් එකතු කිරීමට ඇතැම් විදුහල්පතිවරුනට අවස්ථා දෙකක් පහසුවෙන් සැලසී ඇත. ඉන් පළමු වැන්න පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමයි. දෙවැන්න පාසල තුළ කෙරෙන ඉදිකිරීම් හා නඩත්තු කටයුතුය.


පිහිණුම් තටාක සංදර්ශන, උත්සව, ගොඩනැගිලි, නේවාසිකාගාර ඉදිකිරීම් හා පවතින ගොඩනැගිලි අලුත්වැඩියාවට පින්තාරු කිරීම වැසිකිළි ඉදිකිරීම ආදිය සඳහා මුදල් එකතු කිරීමට බොහොමයක් විදුහල්පතිවරු පෙලඹී සිටිති.


පාසලක කීර්ති නාමය රඳවා ගැනීමේ වගකීම පැවරෙන්නේ විදුහල්පතිවරයාටය. ඒ සඳහා අංග සම්පූර්ණ විදුහලක් නිර්මාණය කිරීමේ වගකීම විදුහල්පතිවරයා වෙත පැවරේ. පාසලේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අමාත්‍යංශයෙන් නොලැබෙන විට ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරයාට සිදුවන අවස්ථා ඇත. මාපියන්ගෙන් මෙන්ම ආදි ශිෂ්‍ය සංගම්වලින් සහ පරිත්‍යාගශිලින්ගේද ආධාර උපකාර පැතීමට සිදුවන අවස්ථා ඇත.


එහෙත් විදුහල්පතිවරු අයථා ලෙස මුදල් ඉපයීමට කරනු ලබන බලපෑම අද මව්පියන්ගේ බලවත් කලකිරීමට හේතුවි ඇත. දරුවා පාසලේ ඉගෙනුම ලබන නිසා ප්‍රසිද්ධියේ විරෝධය දැක්වීමට මව්පියෝ පසුබට වෙති.


මීට අමතර අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් මගින් :ීරැ2015* මුදල් අයකර ගැනීමට විදුහල්පතිවරුනට බලය පවරා ඇත.
“පාසලේ වියදම් ඇස්තමේන්තුවක් සකස්කර එම ඇස්තමේන්තුවට අනුව අමාත්‍යංශයෙන් හෝ වෙනත් රාජ්‍ය ආයතනවලින් ලැබෙන මුදල් අතර හිඟය පාසලේ සිසුන් සංඛ්‍යාවෙන් බෙදා එක් සිසුවකුට අදාළවන මුදල ගණනය කර දෙමාපියන්ගෙන් අය කර ගැනීමට අවස්ථාව සලසා ඇත. එසේ මුදල් අයකර ගැනීමට අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබිය යුතුව ඇත. 


එම චක්‍රලේඛයට අදාළව බොහෝ ජාතික පාසල්වල වියදම් ලැයිස්තුව අති විශාලය. පාසලට ලැබෙන මුදල් ප්‍රමාණය අවමය. ඒ අනුව පාසලේ වියදම ශිෂ්‍ය සංගමයෙන් බෙදා අය කළ යුතු මුදල ගණනය කිරීමට විදුහල්පතිවරුනට සිදුවී ඇත.


මෙම චක්‍රලේකයට අනුව 2014 වර්ෂය සඳහා පාසල් කීපයකට මාපියන්ගෙන් එකතු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් අනුමත කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා සඳහන් කරනු ලබන මුදල් ඉහත අංක 1 වගුවේ පරිදි වේ.


එම චක්‍රලේඛයේ සඳහන්වන ආකාරයට සමහර විදුහල්පතිවරුන් මුදල් අය කිරීමේ ක්‍රියාවලිය විධිමත් බවත් ප්‍රදර්ශනය කිරීම සඳහා පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, පන්ති කව, ශුභ සාධන සංගම් ආදි ව්‍යුහයන් නිර්මාණය කරමින් මුදල් අය කිරීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත. පාසලක විදුහල්පතිවරයකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත්කොට මුදල් අයකර ගත හැකි අවස්ථා දෙකකි. එනම් අනුමත පහසුකම් හා සේවා ගාස්තු එක් අවස්ථාවකි. අනිත් අවස්ථාව විදුලි බිල, දුරකථන බිල, ආරක්ෂක කටයුතු වැනි මූල්‍ය අවශ්‍යතා පියවා ගැනීම වෙයි. දෙවැනි ක්‍රියා මාර්ගය සඳහා එක් සිසුවකුගෙන් අදාළවන මුදල් ප්‍රමාණය ගණනය කළ යුතු ආකාරය ඉහත සඳහන් කර ඇත.


පහසුවෙන් පොහොසත් විය හැකි ක්‍රියාමාර්ගවල නියැලීමට අද බොහොමයක් රජයේ සේවකයන් පෙළඹී සිටින බව නොරහසකි. විදුහල්පතිවරු ඒ අතරින් ප්‍රධානය. මුදල් ගසා කෑමේ ක්‍රමවේදය ඔවුන්ට අමාත්‍යංශය විසින්ම සලසාදී ඇති බවද කිව යුතුය. ඒ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ බලය විදුහල්පතිවරුනට පැවැරී තිබීමයි.

 


 

විදුහල්පතිවරුන් වැරැද්දක් කරල තියෙනවා නම් දඬුවම් ලබා දෙනවා

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්

SLMA-06.qxd
විදුහල්පතිවරුන් වැරැද්දක් කරල තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් ලබා දෙනවා. තරාතිරම, පාසලේ ඉහළ තත්ත්වය දෙමාපියන්ගෙ ආදි ශිෂ්‍යයන්ගෙ බලපෑම්වලට අමාත්‍යංශය යටත් වෙන්නෙ නැහැ. ඒකට හොඳම උදාහරණය කොළඹ රාජකීය විද්‍යාලයෙ විදුහල්පතිවරයා. ඔහු අමාත්‍යංශයට අනුයුක්ත කළා. එයට හේතුව ඔහු පාසලේ රඳවාගෙන විමර්ශන කටයුතු හරියාකාරව කරගෙන යන්න බැහැ. මීට අමතරව මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඩී. එස්. සේනානායක විද්‍යාලයෙ විදුහල්පති මාරු කර තිබෙනවා.

තවත් විදුහල්පතිවරු ගණනාවක් පිළිබඳව ඇති චෝදනා විමර්ෂණය කෙරෙමින් තිබෙනවා. ඒ විමර්ශන කටයුතු කඩිනමින් සිදුකළ නොහැකියි. ඒවා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තියෙනවා. ලැබී ඇති පැමිණිලිවලට අනුව ප්‍රධාන පෙළේ පාසල් 15ක පමණ විදුහල්පතිවරුනට අයථා ලෙස මුදල් ලබා ගැනීමේ චෝදනා ඉදිරිපත්වී තිබෙනවා. එම චෝදනා පිළිබඳව විමර්ශනයෙන් පසු තිරණයක් ගන්නවා.


බොහොමයක් විදුහල්පතිවරුනට එල්ලවී ඇති චෝදනාව වන්නේ පාසලට දරුවන් ඇතුළත් කිරීමේදී මුදල් ලබා ගැනීමයි. නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට ඉඩ දෙන්නෙ නැහැ. දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත්කර ගැනීම සඳහා මව්පියන් විශාල තරගයකට මුහුණදී සිටිනවා. ඒ තරගය අවම කිරීමට ළඟම පාසල හොඳම පාසල කිරීමට පියවර ගන්නවා. 


 

මුදල් අය කිරීමට බලය දුන් චක්‍රලේඛය අවලංගු කරන්න

 

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින්SLMA-06.qxd

 

ප්‍රථමයෙන් පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය  (S/2015) අවලංගු කළ යුතුව ඇත. මෙම චක්‍රලේඛයෙන් විදුහල්පතිවරුනට සිසුන්ගෙන් මුදල් අය කිරීමේ බලය ලබාදී ඇත. එනම් පාසලේ වියදම් ඇස්තමේන්තුව හා ලැබෙන මුදල අතර වෙනස ගණනය කර එම මුදල ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදා එක් ශිෂ්‍යයකුගෙන් අයවිය යුතු මුදල් ප්‍රමාණය ගණනය කිරීමයි.

 

මෙම චක්‍රලේඛයට අදාළව ප්‍රධාන පාසල් ගණනාවක් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇත. මෙම ක්‍රමවේදය මනාව වෙනස් කළ යුතුවේ.


මීට අමතරව කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම් හා අල්ලස් දූෂණ කොමිසමේ විභාගවූ පරීක්ෂණ යළි ආරම්භ කළ යුතුව ඇත.


මීට අමතරව විදුහල්පතිවරුනට මුදල් ඉපයීම සඳහා ලබාදි ඇති අවස්ථාවන් අවම කළ යුතුව ඇත. උදාහරණයක් වශයෙන් තර්ස්ටන් විද්‍යාලයේ පිහිණුම් තටාකය පෞද්ගලික සමාගමකට බාරය. එහෙත් භූමිය පාසලේය. පෞද්ගලික සමාගම මෙම ඉඩම වෙනුවෙන් අතිවිශාල මුදලක් මාසිකව පාසලට ගෙවිය යුතුවේ. පාසලේ රඟහලක් තිබියදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව නෙළුම් පොකුණ ආදි ස්ථානවලට අති විශාල මුදලක් වැයකර කුලියට ලබා ගැනීමට ඇතැම් පාසල් ප්‍රධානීන් පියවර ගෙන ඇත. මේ කුලිය ගෙවනු ලබන්නේ මාපියන්ය. රංගනයට සහභාගිවන දරුවන්ගේ ඇඳුම් පැළඳුම්වලට විශාල මුදලක් අය කරනවා වෙනුවට කුලියට ගනු ලබන ශාලාව සඳහාද මුදල් අය කිරීම බොහෝ විට සිදුවේ. මෙම මුදල් අය කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැක. විදුහල්පතිවරුනට අනියමින් මුදල් එකතුවීමේ ක්‍රියාවලියක් මේ තුළින් සිදුවේ. ඇතැම් පාසල්වලින් දින දර්ශන පවා මුද්‍රණය කර ඇත.


සමහර විදුහල්පතිවරුන් මව්පියන්ගේ මුදලින් පොහොසත් වෙලා​

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමිSLMA-06.qxd


අධ්‍යාපන අමාත්‍යංශය විසින්ම විදුහල්පතිවරු මුදල් සොයාගත යුතු තත්ත්වයට පත්කර තිබෙනවා. පාසලේ සංවර්ධනයට අවශ්‍ය මුදල් ප්‍රමාණවත්ව නොලැබෙන නිසා විදුහල්පතිවරු බොහෝ විට මාපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම කරනු ලබනවා. ඇතැම් විදුහල්පතිවරු මාපියන්ගෙන් ලැබෙන මුදල්වලින් පොහොසත් වී සිටින බවත් කිව යුතුයි.


මුදල් උපයා ගැනීමට හැකි ව්‍යාපෘතින් පාසල්වල බොහෝ විට ක්‍රියාත්මක කරනවා. එම ව්‍යාපෘතිවලට අවශ්‍ය මුදල් අමාත්‍යංශයෙන් නොලැබෙන නිසා උපයා ගැනීමට විදුහල්පතිවරුනට සිදු වෙනවා. මුදල් වංචා පිළිබඳ පැමිණිලි ඉදිරිපත්වන්නේ එසේ මුදල් උපයා ගැනීමෙනුයි. 


 

පරීක්ෂණයකින් පසු තීන්දුවක් දේවි

කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර

SLMA-06.qxd
ප්‍රශ්නය : ඔබට චෝදනා රාශියක් ඉදිරිපත්වී තිබෙන බව කියනවා
පිළිතුර :
ඔව්


ප්‍රශ්නය : අවසරයකින් තොරව ඔබ 7 ශ්‍රේණියට අමතර පන්තියක් පවත්වාගෙන ගිහිල්ල තියෙනවා.
පිළිතුර :
මම මේ වෙලාවෙ ඔය කිසි දේකට උත්තර දෙන්නෙ නැහැ. 


ප්‍රශ්නය : ඇයි ඒ.
පිළිතුර :
මම රජයේ සේවකයෙක්. මම වැරැද්දක් කරල තියෙනවා නම් ඒකට පරීක්ෂණයෙන් පසු තීන්දුවක් දේවි.


ප්‍රශ්නය : ඔබ දැන් අමාත්‍යංශයට අනුයුක්ත කරලා 
පිළිතුර :
ඔව්. මම මේ කතා කරන්නෙ අමාත්‍යංශයට යන ගමන් (දිනය 2016-1-13) 


ප්‍රශ්නය : ඔබ වැඩ භාර ගන්න ඕනෑ අද උදේ නේද?
පිළිතුර :
ඔව්. මට ලිපිය ආවෙ ඊයේ (12) හවස. මම නීත්‍යානුකූලව ඉවත් වෙන්න ඕනැ. ඒ වැඩ කටයුතු ඉවර කරල මේ යන ගමන්. 


ප්‍රශ්නය : චෝදනාවලට ඔබ නිවැරැදි කරුද?
පිළිතුර :
මම ඔය ගැන මොනවත් කතා කරන්නෙ නැහැ.

m

 

 

 

 

 

 



අදහස් (0)

සල්ලි ගරන දිසාපාමොක්ලා

අතුල Wednesday, 20 January 2016 01:26 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

මධුමාල් Monday, 05 December 2016 07:39 AM

හොඳ ලිපියක්.මෙවන් තොරතුරු තව දුරටත් සොයා බලා,ජනතාවට තොරතුරු ලබා දෙන්න.ගම්පහ පිරිමි පාසලකත් විදුහල්පති පිස්සු නටමින් සිටී.ඒ පිළිබඳවත් සොයා බලා ලිපියක් පල කරන මෙන් ඉල්ලා සිටිමි. මුදල් සම්බන්දව පමණක් නොව ළමුන්ගෙන් පළි ගනිමින්ද සිටී.මේ පිළිබඳව ඇමති තුමාට පවා දැනුම් දී ඇතත් තවමත් විසඳුමක් ලැබී නැත. (බ)

:       0       0

ප්‍රියන්ත. Monday, 25 January 2016 10:12 AM

ගම්පහ මීගමුව පැත්තේ පාසල් වල ඉලක්කම් හයෙන් එහාට අවමය ලක්ෂ හතරක් වත් නැත්නම් පළමු පන්තියට දාගන්න එක හීනයක් මේවා කාටවත් පෙන්නේ නෑ කියන්නෙත් නෑ දරුවන් ගැන හිතල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3213 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 366 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1009 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site