“ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි.”
සැබෑ ආදරය තුළ ඇත්තේ පවිත්‍ර චේතනාවන්ය. ගැහැණියකගේ ළයට පෙම්බඳින සැබෑ ප්‍රේමවන්තයෝ ගැහැනියට ගරු කරති. ආරක්ෂා කරති. සිය මවත් ගැහැණියක් බව මතකයට නගමින් නිගා නොකරයි. එහෙත් එවැනි සැබෑ පෙම්වතුන් සජීවී සමාජයේ ජීවත්වන්නේ අතළොස්සකි. බොහෝ දෙනා ගැහැනියකගේ බාහිර ප්‍රතිරූපයට පෙම් බඳින අතර ඇගෙන් බලාපොරොත්තු වන්නේ කාමාශ්වාදයක් පමණි. එවැනි චේතනාවම සමාජ ප්‍රශ්න බොහොමයක ආරම්භය වෙයි. එනම් ස්ත්‍රී දූෂණ බොහොමයක් පිටුපස සිටින්නේ එවැනි තාවකාලික ගැහැනු තෘප්තියක් ළඟාකර ගැනීමට පිටුපස එන වනචාරි චරිතය.
එවැන්නන්ගෙන් පරිස්සම් වීම සඳහාත් එවැන්නන්ට නීතියෙන් ලැබෙන දඬුවම කුමක්ද යන්න විග්‍රහ කිරීම සඳහාත් මෙම සත්‍ය කතාව සටහන් කරමු.
රැලි වැටුණු සුදු ගවුමින් සැරසී කොණ්ඩ කරල් දෙකක් ගොතාගත් මයුරී පොත් ටිකත් දෑතට තුරුල් කරගෙනම මව්පියන්ගේ දෙපා වැන්දාය.
“මගේ දුවට තෙරුවන් සරණයි. පරිස්සමින් ගිහින් එන්න.” හීන් බණ්ඩා මයුරිගේ හිස අතගෑවේය.
“දුවේ ගෑණු ළමයෙකුගෙ ජීවිතයත් හරියට වීදුරුව වගේ. ඔපමට්ටම් කරලා ලස්සනට තියෙනකොට ගොඩක් ලස්සනයි. ඒත් මොන හේතුවකින් හරි බිම වැටිලා කැඩුනොත් ආයේ තිබ්බ තත්ත්වෙට ගේන්න බෑ. ඒ පළුද්ද එහෙමම තියෙනවා. මගෙ දුවට තේරෙනවා නේද මම කියන දේ?”
“ඔව් අම්මේ..... මම දන්නවා ඔයාලා මට උගන්වන්න කොච්චර මහන්සි වෙනවද කියලා. මම ඔයාලගෙ බලාපොරොත්තු ඉෂ්ට කරනවා. හොඳට
විභාගේ පාස්වෙනවා. මම මගේ අම්මයි අප්පච්චියි තරම් කවුරුවත් විශ්වාස කරන්නේ නෑ.”
උදේ සුපිපුණු කුසුමක් බඳු මයුරී නිවසින් පිටත් වී පාසල් යන යෙහෙළියන්ට එකතුවූවාය. හීන් බණ්ඩාත් රන්එතනාත් සෙනෙහෙබර දියණිය දෙස ආදරය පිරුණු දෙනෙතින් යුතුව බලා සිටියහ.
පාපැදියට නැගී සිරිමල් හීන්බණ්ඩාගේ නිවසට ඒමට පිටත්වූවේය. මද දුරක් එනවිට ඔහුගේ නෙත ගැටුණේ පියුමක් බඳු මයුරිය.
“මයුරි නංගි ඉස්කෝලෙ යනවා වගේ.” ඔහු මයුරිට ආමන්ත්‍රණය කළේය.
සිරිමල්ගේ නොහොබිනා කවටකම්වලටත් දරාගත නොහැකි බැල්මටත් බියවූ මයුරී යෙහෙළියන් අතර සැඟවී ගමන් ගත්තාය.
කට කොනකට සිනාවක් නගාගත් සිරිමල් “ඔහොම යන් නංගී.........” යනුවෙන් පවසා උරුවම් බාමින් යළිත් පාපැදියට නැගුණේය.
කිසිවක් නොදත් හීන් බණ්ඩා සිරිමල්ව ආදරයෙන් පිළිගත්තේය.
“සිරිමල් පුතේ අද අපි දෙන්නා පහළ කුඹුරේ නියර සුද්ද කරමු. ඊට පස්සේ උඹටයි මටයි බැරියැ තල ටික ඉහින්න.”
“ඔව්... ඔව්... මාමා... අපි දෙන්නට ඉස්සරහටත් කරන්න තව ගොඩක් වැඩ තියෙනවා.”
අහිංසක ගැමියෙක් වූ හීන්බණ්ඩාට සිරිමල්ගේ දෙකට කැපෙන කතා නොතේරුණේය. බුලත්කහට පිරුණු දත් විලිස්සා සිනාවක් නගා ගත් ඔහු සිරිමල් සමග කුඹුර දෙසට ඇදුණේය.
මයුරි පාසල් ඇරී නිවසට පැමිණියාය.
“දුවේ තාත්තයි සිරිමල් අයියයි කුඹුරේ වැඩ.......... මේ තේ ටික ගිහින් දීලා වරෙන්.”
රන්එතනා සිය දියණියට පැවසුවාය.
“සිරිමල් අයියා....” යන නම ඇසීමෙන්ම මුහුණ හකුළුවාගත් මයුරී
“අනේ අම්මා සිරිමල් අයියා ඉන්නවානම් මට යන්න බෑ....” යනුවෙන් පැවසුවාය.
මයුරිගේ මුහුණ දෙස බැලූ රන්එතනා “ඇයි මයෙ දුවේ... ඌ උඹට මොනාහරි කිව්වද?” දයාබරව විමසුවාය.
මයුරී සිරිමල් කරන කියනා නොහොබිනා කතා පිළිබඳව සියලු තතු සිය මවට නොවළහා පැවසුවාය. එය අසා සිටි රන්එතනා “උඹ ගෙදර හිටහන්... මම කුඹුරට යන්නම්...” යනුවෙන් පවසා නිවසින් පිටවූවාය.
“දූලා අප්පච්චී මෙහෙට ආවනන්... ඩිංගිත්තකට මට යමක් කියන්න ඕනෑ....”
රන්එතනා සිය සැමියාට කතා කළාය. කරමින් සිටි වැඩය නවතා දැමූ හීන්බණ්ඩා සිය බිරිඳ සිටි තැනට පැමිණියේය.
ඇය සිරිමල්ගේ නොහොබිනා විහිළු හා සටකපට වැඩසටහන පිළිබඳ පුවත් සිය සැමියාට පැවසුවාය. මොහොතක් කල්පනා කරමින් සිටි හීන්බණ්ඩා බිරිඳ ආපසු ගිය පසු සිරිමල්ට සමීප විය. කිසිදු තරහක් හිතේ නොපෙන්නූ ඔහු යළි සිය වැඩට උදව්වීමට ඒම අනවශ්‍ය බව දැන්වීය.
සිරිමල්ගේ කුරුමාණම වැරදී ඇති බව ඔහු තේරුම්ගත්තේය. එහෙත් කෙසේ හෝ මයුරී ලබාගනිමියි ඔහු සිතුවේය.
ඔහුගේ සිතිවිල්ල දරුණුවිය. මයුරි අයිති කරගැනීම සේම මයුරිගේ පවුලෙන් පළිගැනීමත් ඔහුගේ සිතේ නලියන්නට විය.
ඒ නිසාම මයුරිටත් ඇගේ පවුලේ උදවියටත් වරින් වර කරදර සිදුකළේය. ඒවා ඉවසිය නොහැකි තැන මයුරිගේ පියා ඔවුනට අයත් පොලිස් වසමට පැමිණිලි කළේය. ඒත් ඒවා පොතේ ලියවුණු පැමිණිලි පමණක්ම වූවේය.
දේශපාලන හයියක් තිබූ සිරිමල්ට අවවාදයක් දීමට තරම්වත් නීතිය පෙරට නොආවේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සුදු ඇඳුමින් සිටි මයුරී පැහැරගෙන ගොස් දූෂණය කිරීමය.
හොඳින් විභාගය පාස්වී විශ්වවිද්‍යාලයට යාමට සිහින දුටු මල් කැකුළිය හඬා වැටුණාය. ඇගේ පැමිණීම ප්‍රමාද බැවින් ඇගේ මව්පියෝ පොලිසියට පැමිණිලි කළහ. අවසන් මොහොතේ පොලිසිය ක්‍රියාත්මක වුවද මයුරි දූෂණය කළ පාපතරයා අල්ලාගත නොහැකිවිය. ඔහු පළාගියේය. දැරිය පමණක් ආපසු රැගෙන ආ අතර ඇය වෛද්‍ය පරීක්ෂණයට යොමු කළාය. ඇය දූෂණයට ලක්වී ඇති බව ඉන් අනාවරණය වූවාය.
සති කීපයක් ගියද සැකකරු පොලිසියට හසුනොවීය. ගම අසලම සැඟව සිටි ඔහු විටෙක හීන්බණ්ඩාගේ අත කඩා දැම්මේය. තවත් විටෙක මයුරිගේ ආරක්ෂාව සැලසූ නැන්දණියට පිහියෙන්කොටා පැනගියේය. තවත් විටෙක ඇගේ මෑණියන්ට මිරිස්කුඩු ගසා ඇයව පැහැරගැනීමට තැත් කළේය. සිරිමල්ට විරුද්ධව පොලිස් පොතේ පැමිණිලි ගොඩ ගැසුණේය. එහෙත් ඔහු නීතියේ ඇසට වැලිගසා පැන ගියේය.
මෙම සිදුවීම පිළිබඳ රටේ ජනප්‍රිය මාධ්‍ය ආයතනයකට වාර්තා විය. ඔවුන් අනාවරණය කළ කරුණු ඔස්සේ ජීවේ කතුන් සංවිධානයේ සභාපතිනිය නීතිය දෙසට යොමුවූවාය.
කෑගල්ල උසාවියට නඩුව ඉදිරිපත් කළ අතර එවකට සිටි සබරගමු පළාතේ නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතාට සැකකරු ඇල්ලීම භාරවූවේය. ඔහු ළමා රක්ෂණ අධිකාරියත් සමග එකතුවී මෙහෙයුම දියත් කළේය. උත්සාහය සාර්ථක විය. සැකකරු නීතියට හසුවූ අතර මහේස්ත්‍රාත් උසාවියේ නඩුව ඇසුවේය. කිසිවිටෙකත් දේශපාලනයට හිස නොනමන අභීත විනිසුරුවරයෙක් වූ රශ්මි සිංගප්පුලි විනිසුරුතුමා යුක්තිසහගතව නඩුව ගොනු කළේය. දැරියක් දූෂණය කිරීම, පියාගේ අත කැඩීම, මවට පිහියෙන් කෙටීම ආදී චෝදනා ඊට නිමිත්ත විය.
මයුරි ඒ වනවිට නේවාසිකව පාසල් අධ්‍යාපනයේ නිරතවූවාය. ඇගේ එකම ඉල්ලීම වූයේ ඇගේ ජීවිතයට අසාධාරණයක් කළ අපරාධකරුට නිසි දඬුවම් ලබාදිය යුතු බවය. පාසල් සිසුවියක් වුවද නිර්භයව ඉදිරිපත්වී නිවැරදි තොරතුරු ලබාදෙමින් දිරිමත්ව කටයුතු කළාය.
එය ඇයට සාධාරණය ඉටුකිරීමට මූලිකම හේතුවක් විය.
අවසානයේ නඩුව මහ අධිකරණයට යොමුවිය. එහි විනිසුරුවරයා වූයේ වරාවැව මහතාය. ඔහු නිවැරදි තීන්දුවක් ලබා දුන්නේය.
“එක් එක් දේශපාලනඥයන්ට ගැතිවී සැලියුට් කරන්න එපා. නීතිය යුක්තිය සාධාරණව ඉටුකරන්න. මුලින්ම නීතිය හරියට ක්‍රියාත්මක කළා නම් මේ වගේ අපරාධ වෙන්නේ නෑ.” යන වදන් මාලාවෙන් ඔහු නීතියට හා යුක්තිය සාධාරණත්වයේ පණිවිඩය ලබාදුන්නේය. එමෙන්ම ස්ත්‍රී දූෂකයාට ස්ත්‍රී දූෂණය සඳහා බරපතළ වැඩ ඇතිව අවුරුදු 16ක සිර දඬුවමක් ලබාදුන් අතර ඔහුට විරුද්ධව ඇති අන් චෝදනාවලටද දඬුවම් නියම කළේය. වසර 16ක් හිරේ සිටිනවා යනු තරුණයෙකුගේ ජීවිතයේ හොඳම කාලය දුකින් ගත කිරීමය. ඔහුට එය දරාගත නොහැකි විය. ඔහු උසාවියටද අපහාස කරමින් නීතිඥවරුන් අතරින් පැන දුවන්නට වූවේය.
ඔහුගේ උත්සාහය අසාර්ථක විය. තමා කළ කර්මය ගොනා පිටුපස එන කරත්ත රෝදය සේ පසුපස එන්නේය. ඔහු නීතියට හසුවිය. සිරබත් කමින් වසර කීපයක් සිරගෙයි සිටි ස්ත්‍රිත්වයට නිගරු කළ, නීතියට නිගරු කළ, දේශපාලන බලයෙන් හිස උදුම්මාගත් අපරාධකරුවා බන්ධනාගාරයේදීම මීට වසර කීපයකට පෙරදී ඇති වූ ගැටුමකින් ජීවිතක්ෂයට පත්වූවේය.
ඔහු ඔහුගේ ඉරණම ඔහු කළ පින පව අතර විසඳාගත්තේය. දූෂණයට ලක්වුවද මයුරි යනු මව්පියන්ට කීකරු යහපත් දියණියකි. ඇය සැබැවින්ම නිවැරදි කාරියකි. මිනිස් ජීවිතයේ අගනාකම් හඳුනන, ස්ත්‍රිත්වයට, මාතෘත්වයට ගරු කරන අවංක තරුණයෝද අහඹුවකින් හෝ සිටිති. එවැන්නෙක් මයුරි සිය මනාලිය කරගත්තේය. වරදකරුවා කළ වරද නිසා වේලාසනම මරුතුරුළට යාමත් අවංකව ජීවත් වූ මයුරී සිය සැමියා සමග සතුටින් ජීවත් වීමත් යන සත්‍ය මුළු මහත් සමාජයටම ආදර්ශයක් වන්නේය.
නම් ගම් මනඃකල්පිතයි.
“ස්ත්‍රී දූෂණ නඩු වසර හය හත ඇදෙනවා. නඩු කල්යාමම තව තවත් අපරාධ කිරීමට හේතුවක් වෙනවා. ඒ නිසා ළමා අපයෝජන හා ස්ත්‍රී දූෂණ නඩු කල් නොයවා අවසන් කිරීම වඩා වැදගත් වෙනවා. ඉන් සමාජයේ ඇතිවන අතුරු ප්‍රශ්න ගණනාවක් විසඳෙනවා.”
“ඒ වගේම යම් සිදුවීමක් වුණාම මුලින්ම පැමිණිලි කරන්නේ පොලිසියට. ඇතැම් පොලිසිවල සේවාව අකාර්යක්ෂමයි. මේ ප්‍රශ්නයේදීත් වේලාසන කරපු පැමිණිලි ගැන සොයා බැලුවා නම් මෙච්චර ලොකු විනාශයක් වෙන්නේ නෑ. නීතිය දේශපාලනීකරණය නොවෙන තරමට සමාජයට යුක්තිය සාධාරණය ඉෂ්ට කරන්න පුළුවන්.
ඒ වගේම සිංගප්පුලි, වරාවැව වැනි විනිසුරුවරු වර්තමාන සමාජයට අත්‍යවශ්‍යයි. කිසිදු බලපෑමකට යටත් නොවී මාස 6ක් වැනි කෙටි කාලයකින් මේ නඩුව අවසන් කළා.
එයයි වර්තමානයට අත්‍යවශ්‍ය. බොහෝ විට මාධ්‍ය තුළින් සිදුවීම් වාර්තාකරණය වෙනවා. සිදුවීම වගේම ඒවාට ලැබෙන දඬුවමත් සමාජගත විය යුතුයි. මිනිස්සුන්ට අපරාධකරන්න බියක් ඇතිවෙන්නේ දඬුවම පිළිබඳ දැනෙන කොටයි.
කොහොම වුණත් අපරාධකරුවාට නීතිය වගේම සොබා ධර්මයත් දඬුවම් කරන බව මේ සිදුවීමෙන්ම ඔප්පු වෙනවා. එය අවබෝධකරගෙන ජීවත්වීමයි වැදගත් වෙන්නේ.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුවඳ මලේ පෙති කඩා හිරේ ගිය සිරිමල්